මේකෙ නීලගෙ චරිතෙ ලියනකොට ඇල්ප මෝල් නිමේශ් මණ්ඩලවත්තව තමා හිතේ උන්නෙ. ධනාට බුද්ධදාස විතානච්චියි රනීට උදාරියි සුනිමල්ට ප්‍රදීප් ධර්මදාස හරි බැද්දට සඳ ඩ්‍රාම එකේ වෙද මහත්තයට හිටපු නළුව හරි සුදුසුයි.
සුනිමල් සමඟ පෝය කිහිපයකට පෙර
සිට ඇති කර ගත් ආදර අන්දරය සුදුසු වේලාවක තම පියාට පැවසීම සඳහා අවස්ථාවක් පැමිණෙන තෙක්
කල් යල් බලමින් රනී හුන්නාය. එක් උදෑසනක දියණිය සහ පියා ස්නානය සඳහා දිය බුබුළ වෙත ගමන්
කරන අතර තුර සුපුරැදු පරිදි මලින් බර වූ බකිණි ගස යට මදක් නැවතී අවට සිරි නරඹන අතරවාරයේ
රනී මදක් ලැජ්ජාශීලීව වුවද කතාවට මුළ පිරැවාය.
"අප්පුච්චා, මම
තරම් අප්පුච්චෙක්ට ගින්දර දෙන කෙල්ලක් තවත් නැතිව ඇති මේ අහළ ගම් හතකවත් නේද?"
මදක් සිනාසී රනී දෙස බැලූ ධනා
අසළ වූ කොටයක ඈඳි ගනිමින් පිළිවදන් දුන්නේ සංසුන් ලෙසය.
“පුතේ උඹ අහල තියෙනවැයි කියමනක්
වැලේ ගෙඩි වැලට බර නැතිය කියල? උඹේ අප්පුච්චටත් ආන්න ඒ වගේ උඹලව බර නෑ. ඇයි මයෙ පුතා
මේ හිත් වේදනාවකින් වගේ ඉන්නෙ?”
තම පියාණන්ගේ එම ආදරණීය වදන්
හමුවේ රනීගෙ දෙනෙතින් සට සට ගා කඳුළු වෑස්සෙන්නට විය. රනී විසින් මෙතෙක්
කල් හිතේ හිර කරගෙන සිට මෙවෙලේ කඳුළු සළමින් පැවසූ පෝය තුන හතරකට පෙර සුනිමල් සමඟ ඇය
විසින් ඇති කර ගන්නා ලද පෙම් පළහිළව්ව පිළිබඳ විස්තරය ඇයට කිසිදු බාධාවක් නොකොට සාවධානව
අසා සිටි ධනා අවසානයේ දිගු සුසුමක් හෙලා මද වේලාවක් නිහඬව සිට තම කටහඬ අවධි කලේය.
"උඹ ඔය කියපු හැම කාරණයක්ම
මම දැනටමත් දන්නව පුතේ. මම ඒත් බලන් හිටියෙ කවදද උඹ මේ ගැන මට කෙලින්
කටින් කියන්ට හිත හදාගන්නෙ කියල. මම මගෙ කර්ණමුණ්ඩෙට උපදෙස් දීලයි තියෙන්නෙ උඹ ගැන
ඇහැ ගහගෙන ඉන්ට. උඹ රැහෙන් පළා ගිහින් ආපහු රැහැට එකතු උනාට පහු මට එහෙම කරන්ට සිද්ද
උනා, කාගෙ කාගෙත් හොඳට"
සිය පියා පැවසූ මෙම අනපේක්ශිත
පිළිතුරෙන් ඇය වික්ශිප්ත වූයේ සුනිමල් හා තමා අතර හුවමාරැ වූ ආදර බස් මෙන්ම සිප වැළඳගැනීම්ද
කර්ණමුණ්ඩය විසින් ඔහුගේ කණෙහි තබන ලද බව හැඟී ඇති වූ බලවත් අසීරැතාවය නිසාය.
"අප්පුච්ච ඇයි මට මේ ගැන
හාංකවිසියක්වත් නොකීවෙ? එහෙම උනා නම්..." යැයි ඇය පවසත්ම ඇයව නිහඬ කළ ධනා නැවත
කතා කිරීමට පටන් ගත්තේය.
"එහෙම උනා නම් උඹට ඒ ආදරණීය
මොහොතවල් ලැබෙන්නෙ නැහැනේ රනී. මමත් හොඳට ආදරය කරපු, ආදරය විඳපු මිනිහෙක්. මම කැමතියි
මගේ දරැවනුත් හොඳට ආදරය කරපු, ආදරය විඳපු උන් වෙනවට. නුමුත් උඹේ අප්පුච්ච විදියට උඹේ
ආරක්ශාව ගැන බලන්නත් එපෑ, ඒ නිසා මම අර මං බැඳගෙන වැඩ ගන්න ගිරි වත් උඹ පස්සෙන්ම යවනව
උඹ ආපහු රැහැට එකතු උනාට පහු, කාගෙ කාගෙත් හොඳට"
කර්ණ මුණ්ඩයේ කේළම් මදිවාට
පියා විසින් බැඳගෙන වැඩ ගන්නා යක්‍ෂයෙකු වූ ගිරිද තමා හා සුනිමල්ගේ හුදකලා හමුවීම්
වල නරඹන්නෙකු වී ඇති බව දැන ගත් රනීට ඉහිළුම් නැති විය. ඒ සමඟම ඇයට මතක් වූයේ සුනිමල්
ඇයගේ ආදර පහසට නතු වී එහි වඩ වඩා ඇළී ගැලී යන සෑම වාරයකම වාගේ නොයෙකුත් අකරතැබ්බයන්
වලට මුහුණ දී පෙම්වතුන් දෙපසට වූ බවයි. එවැනි මොහොතවල් වල කීප වරක් විශාල වළසෙකු ලෙස
ලෙනට ඇතුළු වූයේත්, තනියා ලෙස කෑ ගසා පෙම්වතුන් බියපත් කලේත්, තම පිට පහුරැ ගෑවේත්
ගිරියාම බව ඇයට සිතිනි.
"ඉතින් ඇයි අප්පුච්ච මගෙයි
සුනිමල් ඇත්තොගෙයි පළහිළව්ව දැනගත්ත ගමන් දුර දිග යන්ට පෙර මට අප්පුච්චගෙ කැමැත්ත අකමැත්ත
නොකියා එක එකා ලව්වා ඔත්තු බැලෙව්වෙ?” යැයි ඇය නෝක්කඩු ස්වරයෙන් කීවය.
“හොඳා බැරිවෙලාවත් මම අකමැතිය
කියල මුළදිම කීව නම් පුතා සුනිමල් එක්ක තියෙන සම්බන්දෙ නවත්තනවද? නැත්තම්
තව වංගියක් රැහෙන් වහුං වෙලා යනවද?”
රනී කිසිවක් නොපවසා බිම බලා
ගත්තාය.
“සුනිමල් කියන්නෙ හොඳ ගුණ යහපත්,
පෙනුමෙනුයි හැම අතින්මයි උඹට හොඳට ගැළපෙන පුරැසයෙක් බව හැබෑව උනාට ගම්මු අපි වගේ රොඩියන්ව
ගේකට වැද්ද ගන්නෙවත් නැති බව මයෙ පුතා හොඳාකාර දන්නව නෙව. ඊටත්
වඩා සුනිමල්ගෙ පරම්පරාවයි අප්පොච්චයි රොඩියන්ව පිළිකුල් කොරන බව මයෙ පුතා හොඳාකාර දන්නව
නෙව.”
"ඒ උනාට සුනිමල් ඇත්තො
මට ඉර හඳ වගේ විස්සාසයි අප්පුච්චා, එයැයි කවදාවත් වෙනස් වෙන්නෙ නෑ”
ඉකි ගසන රනීව තම ළයෙහි හොවා
ගත් ධනා ඇගේ හිස පිරිමදින්නට විය.
“මෙතන තියෙන පුරස්නෙත් ඒකම
තමා පුතේ. සුනිමල් ඇත්තො ඉර හඳ වගේ වෙනස් නොවී උඹ ගැනම හිතන් ඉන්නව. ඒ හන්ද සුනිමල්ගෙ
අප්පොච්ච උඹට වෛර බඳිනව. ඒ හන්ද සුනිමල් ඇත්තො උන්දැගේ අප්පොච්ච එක්ක ගැටෙනව. අන්තිමේ
සුනිමල් ඇත්තොයි උන්දැගේ අප්පොච්චයි අතර බැඳීම උඹ හන්දා නැති වෙනව. ඔන්න ඔය ටික තමා
වෙන්නෙ ඉදිරියට. ඔය සුනිමල් ඇත්තො මව් මරාගෙන උපන් එකෙක්. සුනිමල් ඇත්තො උපන් දා ඉඳල
හදා වඩා ගන්න උන්දැගේ අප්පොච්ච නැහුන නැහිල්ල තාම මට මතකයි. වෙද ඇත්තො සුනිමල් ඇත්තො
වගේම රෑප සෝබාව තිබුණ ගජ ඉළන්දාරිය ඒ කාලෙ. කොච්චර හැඩ වැඩද කියනව නම් ගමේ ගෑණු බොරැ
ලෙඩ අරගෙනත් වෙද ඇත්තො බැහැ දකින්ට යනව. නුමුත් දරැවට වෙනස්කමක් වේය කියන බයට වෙද ඇත්තො
නැවත ගෑණියක් සහේට ගත්තෙ නෑ, හරියටම උඹලෑ මව් මිය පරලොව ගියාම මමත් නැවත ගෑණියක් සහේට
ගත්තෙ නැහැ වාගේ. ඒ වගේ සංසාරෙ පතන් ආපු තාත්තල පුතාල වෛරක්කාරයො කරන්න උඹ සම්මාදම්
වෙන්ට එපා මයෙ වස්තුවෙ."
දිග සුසුමක් හෙළා ළය සැහැල්ලු
කර ගත් ධනා නැවත තම හඬ අවදි කලේය.
“මේ පළහිලව්ව තව දුරටත් දුර
දිග ගෙනියන තරමට උඹට විඳින්ට වෙන වේදනාව වැඩියි. මම කියන දේ පිළිගන්ට උඹ කැමති නැති
නම් දිගටම සුනිමල් ඇත්තො ආස්සරය කලාට මම විරැද්ද නැහැ රනී. හැබැයි හැම දේකටම සීමාවක්
තියා ගන්ට, මොකද මගේ සාස්තරේට අනුව මේ ආස්සරේ හිත් තැවුළකින් කෙළවර වෙන්ට තියෙන හැකියාව
බොහොම වැඩි නිසා. මතක තියා ගන් කර්ණමුණ්ඩයෙන් උඹ ගැන මට සෑම තොරතුරක්ම ලැබෙනව. ගිරිය
උඹ ලඟම බළල් පැටියෙක් වගේ දැවටීගෙනයි ඉන්නෙ. මේ පළහිලව්ව ආරංචි වෙලා උඹට අතුරැ ආන්තරාවක්
කරන්න සුනිමල් ඇත්තොගේ අප්පොච්ච හරි වෙන මොනම ජගතෙක් හරි උත්සහ කළොත් උන් මේ ධනාගෙන්
මැරැම් කනව, ඒකෙ දෙකක් නැහැ.”
“අනේ අප්පුච්ච, උඹට බැරිද වශියකින්
හරි සුනිමල් ඇත්තොගේ අප්පොච්චගෙ කැමැත්ත ඇරන් දෙන්ට?”
“රනී, මේ සාස්තර තියෙන්නෙ එහෙම
ගුරාට අනිත් මිනිස්සු රෑකඩ වගේ අල්ලෙ නටවන්ඩ නොවේ. සුනිමල් ඇත්තොගේ අප්පොච්චට වශියක්
කොරනවට වඩා පහසුවෙන් මට උඹට ගුරැකමක් කොරල සුනිමල් ඇත්තොව උඹට වහ කදුරැ ගානට එපා කරවන්න
තිබ්බ. වඩුග රජාට ගුරැකමක් කොරල රජකම ගන්ටත් තිබ්බ. නමුත් ඒ එකක්කත් නොකරන්නෙ අපට වරම්
දීල තියෙන්නෙ අනුන්ගෙ විපතේදී පිහිට වෙන්ට මිසක තමුන්ගෙ උවමනා එපාකම් වලට සාස්තරේ ආත්මාර්තකාමී
විදියට යොදා ගන්ට නොවන නිසා. මේ රැහැටම අඩු කුළේ නිසාය කියල අනිත් ගම් දනව් වල මිනිස්සුන්ගෙ
පිළිකුළ එල්ල වෙලා තියෙන්නෙත් රත්නවල්ලිව වශී කොරන්ට රැහේ ආරම්භකයා ගෝපාලන් සාස්තරේ
යොදා ගත්ත සාපෙ වැදිල.”
“එතකොට අප්පුච්ච මට මොකාහරි
අවැඩක් වෙනකම් බලා ඉඳල මිනී මරනවට වඩා හොඳ නැද්ද අවැඩ වෙන්ට නොදී වශියක් කොරන එක?”
රනී කඳුළු සළමින් තර්ක කලේ තම පණ වැනි සුනිමල්ගේ ආදරය රැක ගැනීමටය.
“බැලූ බැල්මට එහෙම පේන බව ඇත්තයි
දරැවො. නුමුත් ගුරෙක් වශයෙන් මිනිහෙක්ට අණ විණ හෝ වශී බන්ධන කරන්නට මට කැප මොකාහරි
අවැඩක් කලොත් පමණයි. අවැඩක් වේය හිතල ඊට පෙර මොකුත් කරන්ට කැප නැහැ. මම පරලොව ගැනත්
හිතන්ට ඕනැනේ පුතේ. එතනිනුත් වශියක් කියන්නෙ මනුස්සයෙක් සදා කල් හිර කොරන්ට ඇහැකි බන්ධනයක්
නොවේ. හැම විටම වශියෙ බලේ ටික ටික බිඳෙනව, ඒකට කීප දොහක් යයිද වරැස ගණනාවක් යයිද කියල
තීරණේ වෙන්නෙ එක එකාගෙ ග්‍රහචාරෙයි හිතයි මත. පස්සෙ කාලෙක ඒ ඇත්ත තදබල රෝග වලට ලක්
වෙනව කියල
දැන දැන තමන් කාට හරි වශියක් කොරන්ට ඒ ඇත්තට මදන යක්කු යක්සනියො බන්දල තව කෑම වලට දමල
වස විස බඩට දෙනව නම් එතන කොහේද ආදරයක් රනී කෑදරයක් මිසක?”
බොහෝ වේලාවක් තිස්සේ හඬා වැළපීම
නිසා ඉදිමී ගිය රනීගේ දෙනෙත් සහ රතු වී ගිය ඇයගේ මුහුණ දෙස මහත් අනුකම්පාවෙන් බලා සිටි
ධනා "ඉතින් ඔයහැටි වැළපෙන්ට කාරි නෑ දරැවො, මම උඹට සුනිමල් ආස්සරේ කොරන්ට තහංචි
කොලේ නෑ නෙව? බාගදා කර්ම විපාක අනුව හැම දේම හොඳින් විසඳෙන්ටත් පිළිවන්. උඹ කැමති කාලයක්
ඇරන් සුනිමල්ට කියාපන් මාව හදි ගැහිල මේක එකලාසයක් කොර ගන්ටයි කියල.” මෙසේ පැවසූ ධනා
මදක් සිනාසී “ඒවගේම ගිරියයි කර්ණමුණ්ඩයෙ සුමන ප්‍රේතයයි උඹල දිහා ඇසිපිය නොහෙලා බලා
ඉන්න බව හොඳට මතක තබා ගනින්” යැයි පවසමින් හුනස්නෙන් නැඟී සිටියේය.
එදින සවස ධනාට වරිග සභාවේ නඩු
කටයුත්තකට සහභාගි වීමට සිදු විය. රැහේ එකෙකු විසින් අයියණ්ඩිය හා දීග ආ එකියකට වශියක්
කවා ඇය සමඟ එකගෙයි කෑමට මළයණ්ඩියට උදව් කළ බවට කන්දේ රාළ විසින් චෝදනා ගොනු කර තිබිණ.
ධනා චෝදක කුටියට ඇතුළු වී චූදිතයා තමා හමුවට ගෙන එන ලෙස නියම කල පසු නීලාව ඔහු ඉදිරියට
පමුණුවන ලදී. නඩු කටයුත්ත විභාග වන අතරතුර එක් අවස්ථාවක නීලා පැවසූ කතාවක් නිසා ධනා
ගුරැන්නාන්සේ මදක් වික්‍ෂිප්ත විය.
"අපේ රැහේ එකීල පිටගං
කාරයින්ට රැවටෙන එක ගැන ගුරැන්නාන්සේ මොකෑ කියන්නෙ? පිටගං කාරය වශිය දීලද රැහේ එකී
වශිය දීලද බැළුවනම් නාකද? ඉස්සරෝම ගෙදර පුරස්න විසඳ ගත්තනම් නාකද ගුරැන්නාන්සේ?"
මෙවැනි නරක වයසේ සිටිනා කාන්තා
ආකර්ශනයක් නොලබන පිරිමින්ගේ ආවේගශීලී හැසිරීම් යනු ප්‍රවේශමෙන් කටයුතු කලයුතු අවස්ථා
බව දන්නා ධනා මද සිනාවකින් යුතුව නීලා දෙස බලා සිටියද රැහේ උන්ට රනී සහ සිරිමල්ගේ පළහිලව්ව
ගැන ඉව වැටීම සුබ ලකුණක් නොවන බැවින් ඔහු ඇතුළාන්තයෙන් තිගැස්සී ගියේය.
" වහෙන්
ඔරෝ නැතිව කතා කරපන්. රනී සුනිමල්ව යම් සීමා වලට යටත්ව ආස්සරේ කරන්නෙ මගේ අනුදැනුම
ඇතිව. ඒ ගැන ඒකිගෙ අප්පුච්ච වෙච්ච මට නැති අමාරැවක් බොට තියෙන්ට බැහැනේ නීලෝ"
"එතකොට ඒකි අනාත වෙන්ට
යන්නෙ උඹෙ අනුදැනුම පිට?"
"හහ්, රනී කියන්නෙ හටන්කාරියක්
බොල, ඒකි එහෙම එක එකාගෙන් සල්ලන් වෙන්න තරම් අණුවන නැහැ, ඇරත් ඒකි වටේ බළගතු ආරස්සා
දාල තියෙන්නෙ"
"ගුරැන්නාන්සේ මාමල තමන්ගෙ
දූල පිටට දෙන එකේ සාදාරණේ මොකක්ද? රැහේ පිරිමින්ට ගෑණු නැතිව ඉන්නැද්දි?"
"මම රනී පිටට දෙන්ට තැනුවෙ
නෑ බොළ, රනීම පිට එකාව තෝර ගත්ත. රැහේ පිරිමින්ට සෑහෙන්න රැහේ ගෑණු නැති නම් උඹත් ගම්
තුළානෙන් ගෑණියක් ගනින්. අපේ කිසි විරැද්දයක් නෑ"
“ගුරැන්නාන්සේ මාමට විළිසංගයක්
නැද්ද ගෑණුන්ට ඕන හැටියට නටන්ට? අපේ අත්ත මුත්තල ගෑණුන්ව දණිස්සෙන් උඩට ගත්තෙ නෑ”
“දැන් උඹට හිතට අමාරැ උඹේ අත්ත
මුත්තල ගෑණුන්ට සළකොපු තිරිසනුන්ට අන්ත විදියට අපේ දූලට සළකන්න අපි උඹලට ඉඩ නොදෙන එකටද?”
මෙසේ
ධනා සන්සුන් නමුත් දැඩි ස්වරයෙන් ඇසූ විට නීලා නිරැත්තර වී බිම බලා ගත් අතර ධනා නැවත
තම කටහඬ අවදි කලේය.
“යකෝ ගෑණු කියන්නෙත් හම් මස්
ඇට නහර හැඟීම් දැනීම් තියෙන මනුස්ස දූල, නැතිව උඹලෑ කෙළිබඩු නොවේ”
“මගේ දුවල මම දීග දෙන්නෙ උන්ව
දණිස්සෙන් ඉහළට ගන්නෙ නැති උඹල වගේ අසමජ්ජාතින්ට නෙමේ පරයො, උන්ව රැජිණියො වගේ රැක
බලා ගන්න, උන්ගෙ හැඟීම් දැනීම් තේරෙන, උන්ට ගරැ කරන පුරැසයන්ට. උඹලට සහේට ගන්න ගෑණු
රැහේ නැත්තෙ නාමී වගේ බුද්දිමත් කෙල්ලො ගෙදෙට්ට නාකි උනත් තිරිසනෙක් එක්ක සහේට යන්නෙ
නෑ කියන මතයෙ ඉන්න එකයි, රනී වගේ ලස්සන කෙල්ලො රැහේට පිටින් ගුණයහපත් පිරිමි හොයන එකයි
වැඩි වෙච්ච නිසා. උඹල උඹලෑ වැරදි හදා ගන්නව වෙනුවට ගෑණුන්ටයි උන්ගෙ අප්පුච්චලටයි දොස්
කියනව, තව ගෑණුන්ට වශී ගුරැකම් කොරනව, මොකද උඹලට ඒක බෝම පහසුයි උඹලෑ වැරදි හදා ගන්නවට
වඩා.”