Saturday, January 25, 2020

පාරමී ගේ ලාoකික ආහාර විවේචනය ගැන ගුණ දොස්

පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්‍ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් මුහුණුපොතේ ලොකු කතිකාවක් ඇති කලා. එම පෝස්ටුව මම ගිය සතියේ මගේ බ්ලොග් අඩවියේ පල කලා. https://deepthidonkor.blogspot.com/2020/01/blog-post_19.html එම ලිපියට පක්‍ෂ හා විපක්‍ෂ පිළිතුරැ ලිපි ගණනාවක්ද මුහුණුපොතේ පල වුනා. එයින් එක විවේචනයක් පහතින් දක්වනවා මගේ අදහස් සමඟ;

ඇමරිකාව දියුණුවී ඇත්තේ පාන් කැබැල්ලක් සමග මස් පෙත්තක් කෑමෙන් හා චීනය දියුණුවුනේ නූඩල්ස් පමණක් කා කාලය ඉතිරි කිරීමෙන් යයි සිතන අයට.... (ඕනෑම රටක් දියුණු වීමට හෝ වළට යාමට හේතු අටෝරාසියක් බලපානවා. පාරමී පෙන්නුවේ එක දෙයක් පමණයි. ඒක එකම හේතුව ලෙස ඇය කිසිම තැනක කියා නෑ)
===============================

මේ දිනවල සමාජජාලා තුළ දේශීය කෑම හා පෝෂ්‍යදායි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම ගැරහීමට හා හාස්‍යයට ලක් කිරීමේ රැල්ලක් මතුවෙමින් එන බව පෙනෙන නිසා අසරණ මිනිසුන් රැවටීමට පෙර ඒ ගැන කතා කල යුතුව ඇත. 
එහෙම රැල්ලක් නම් මම දැක්කෙ නෑ, නමුත් පාරමීගෙ ලිපිය අපගේ ඇස් ඇරවීමට සමත් උන නිසා විශාල ප්‍රතිචාරයක් ලැබුවා, විශේෂයෙන්ම මුලුතැන්ගෙයි වැඩ වලින් හෙම්බත්වු රැකියා කරන, කරන රැකියාව හරියට සහ සාර්ථකව කරන කාන්තාවන්ගෙන්. අනිත් කාරණය තමයි ලoකාවේ කෑම පමණක් නෙමේ රසවත් සහ පෝෂ්‍යදායී, අනිත් රටවල කෑමත් රසවත් සහ පෝෂ්‍යදායී ඒවා තමයි. මෙක්සිකෝවේ මිනිසාට තම ටැකෝ සහ බුරීටෝ තරම් කෑමක් තවත් නැත, ජපන් මිනිසාට සුෂීද නයිජීරියන් මිනිසාට ජොලෝෆ් බත්ද ඉතාලි මිනිසාට පීට්සා සහ පැස්ටාද තරම් වෙන කිසිම කෑමක් රස නැත.

 ලoකාවේ කෑම පෝෂ්‍යදායී වෙන්නෙ ඒවා හදන්න ගන්න අමුද්‍රව්‍ය වල කොලිටිය මත. බෙහෙත් ගහපු පළා වලින් මැල්ලුම්, කැඳ හදන් කනවට වඩා නොකා ඉඳීමයි සුදුසු. ලoකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසගතයක් වෙලා. පොඩ්ඩක් යථාර්ථය දිහා බලන්න. එක්කෝ මේ කෑම තම ගෙවත්තේම වස විස රහිතව වගා කරන්න. අසරණ මිනිසුන් රවටන්නේ මෙවැනි වස විස එකතුවූ අසමතුළිත ආහාර පෝෂ්‍යදායීයැයි කියමින් කන්නට මිනිසුන්ට උපදෙස් දෙන ලියුම්කරැ වැන්නන් මිස ඒ ගැන ප්‍රශ්න කරන බුද්ධිමත් තරැණ දරැවන් නොවේ.

ලෝකයේ මිනිසුන්ගේ ආයු අපේක්ශාව අනුව ලoකාව  68 වෙනි තැනයි ඉන්නේ.https://statisticstimes.com/demographics/countries-by-life-expectancy.php ඒකත් යන්තම් හතලිහ පනිද්දි ජීවිතයේ ජවය ඉවරයි, පිරිමින්ගෙ තට්ටෙ පෑදිලා බඩ ඇවිත්, ගෑනුන්ගෙ ස්ථූලතාවය, දෙගොල්ලන්ටම හරිහරියට කොලස්ටරෝල්, ප්‍රෙෂර්,  ඩයබටික්, හාට්, හන්දිපත් අමාරැ, අටෝරාසියක් ශාරීරික රෝග සමඟ මානසික අසමතුළිතතා. ඔන්න පෝෂ්‍යදායී, ඉන්දියාවෙන් අරන් ශ්‍රී ලාoකික කරගත්ත විකෘති ආහාර වේලේ (වස විස යහමින් දැමූ තඩි බත් ගුළියක් සමඟ චුට්ටන් එළවලු සහ මස් මාලු ප්‍රමාණයක් යෙදූ ආහාරයක්) ප්‍රතිපලය.

පාසල් ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ ළමයි පීසා හා හොට්ඩෝග් කන අය අත උස්සන්න කියා එය නොකා ඇති දරුවා ගෙන්වා ඒවා දෙමව්පියන් අරන් දෙන්නේ නැද්දැයි පෞද්ගලික කාරනා විමසමින්, fast food දරුවන්ට අරන්දී මේ දරුවා මෙන් නොසාදන්නයැයි සමාජජාලා තුළ මත ගොඩනගයි. (This is not relevant to Parami's post. I don't comment on irrelevant stuff here. Also Parami's post has nothing to do with this. If you don't have anything to attack her, then you build these conspiracy theories to confuse readership) දරුවන්ට චිත්‍ර අඳින්නට කියූ විට අන් දරුවන් සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වැනි කාටුන් චිත්‍ර අඳිනවිට ගෙවත්තක් ඇඳි දරුවා ගෙන්වා ඇයි ඔයාට දෙමව්පියන් tv බලන්න දෙන්නේ නැද්දයි අසමින් දරුවාව අන් ළමුන් ඉදිරියේ අපහසුතාවට පත් කරමින්, සමාජජාලා තුළ දරුවන්ට කාටුන් බලන්න දෙන්න එවිට ඔබේ දරුවන් ගෙවත්තක් වැනි පරිකල්පන ශක්තියක් නැති චිත්‍ර නොඅඳිනු ඇතැයි මත ජනගත කිරීමට උත්සාහ කරයි.(This is not relevnt to Parami's post. I don't comment on irrelevant stuff here) මෙවැනි ආකාරයෙන් මත ගෙඩනගමින් ඔබේ දරුවන්ගේ කායික මානසික නීරෝගීතාව විනාශ කිරීමට උත්සාහදරන්නන්ට විරුද්ධවීමට සමස්ථ දෙමව්පියන්ම එකාවන්ව එකමුතු විය යුතුයි. (Again, not relevant to FOOD, your main topic!)

එතනිනුත් එහාට යමින් ඖෂධීය ගුණයෙන් යුතු කුළුබඩු හා තුනපහ වර්ග යොදා සාදන පෝෂ්‍යදායී දේශීය ආහාර වේල විවේචනය කරන්නේ එය කාලය කා දමන ක්‍රියාවක් බව පවසමිනි. එහි හාස්‍යයජනකම කොටස නම් ඔවුන්ට අනුව ලංකාවට දියුණුවීමට නොහැකිවී ඇත්තේ මෙම දේශීය ආහාර වේල නිසාය. ඔවුන් දියුණු රටවල නම්ද ඈඳා ගනිමින් තමන්ගේ මෙම විකාරරූපී මතය නිවැරැදියැයි කියන්නට උත්සාහ කරයි.

චීනය මේ වනවිට ලොව ආර්ථික බලවතා වෙමින්, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් වන විට ලොව දියුණුම රටක් බවට පත්ව ඇත. නමුත් ඒ ලබාගත් දියුණුවේ රහස චීන කාන්තාවන් ලේසියට නූඩල්ස් කා කාලය ඉතුරුකර ගැනීම නොවෙයි. දරුවන්ට ඩිස්නිලන්ත කාටුන් රූප copy කරන්න කියා පීසා හොට්ඩෝග් කන්න දීමෙන් නොවෙයි. චීනයේ දියුණුවේ ප්‍රධාන රහස නම් සිය රට දේ අගය කරන මානව ප්‍රාග්ධනයක් තිබීමයි. ඔවුන් උත්සාහවන්තයි දැඩි කැපවීමෙන් වැඩ කරයි. චීනයේ එකම කෑම නූඩල්ස් නෙමෙයි, එය කන්නේ කම්මැලිකමට ලේසියට බඩපුරවා ගන්නත් නෙමෙයි. බිලියන 1.5කට ආසන්න ජනගහනයක් සිටින චීනය සාම්ප්‍රදායික මෙන්ම, නූතන කෘෂිතාක්ෂනයත් විශාල වශයෙන් භාවිතා කරන රටක්. චීන මිනිසුන් බත්, මස්, මාළු සමග එළවළු වර්ග විශාල ප්‍රමාණයක් ආහාරය ගන්නා අතර නාගරික නොවන බොහෝ දෙනෙක් නිවසට අවශ්‍යය එළවළු පලතුරු ඔවුන්ම වවාගනියි. චීනය දියුණු වුනේ නිෂ්පාදන හා අධ්‍යාපනය ක්ෂේත්‍රයන්ගේ දියුණුව තුළිනුයි. ඒ සඳහා නීරෝගී මානව ප්‍රජාවක් අවශ්‍යයයි එනිසා එරට රජය විසින්ම පෝෂ්‍යදායි ආහාරවේලක් ගැනීමට මිනිසුන් යොමු කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ද භාවිතාකරයි.

බොහොම හොඳ කතිකාවක්. චීනයේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගණනාවක් සමඟ මම සමීපව අශ්‍රය  කරල තියෙනවා. ඒ මිනිස්සු ඉතාමත්ම කඩිසරයි, උද්‍යෝගීමත්, සහ කාලය කළමණාකර ගැනීමේ අති දක්‍ෂයින්. ඔවුන්ගේ කෑම වල බත් සහිත ආහාර තිබුනත් ඒවා හදාගන්නට සහ කන්නට පහසුයි, ලොකු කාලයක් වැය වෙන්නෙ නෑ, අතින් කන්නෙත් නෑ (ඔෆිස් වල අතින් කන්න ගියාම අප්‍රසන්නයි, සෞඛ්‍යයට අහිතකරයි, වෙලා යයි, කෑමෙන් පසු අත හරියට නොසෝදා ඔෆිස් එක අපවිත්‍ර කරයි), සීනි අවමයි, කිරි අවමයි, තේ වලට ග්‍රීන් ටී වඩාත් කැමතියි, ඌරැ මස් අධිකව ආහාරයට එකතු කර ගනියි. ඔවුන් ගේ කඩිසර ජීවිතයට සමගාමී ආහාර රටාවක් පවත්වාගෙන යයි. 

චීන මිනිස්සුන්ගේ වැදගත්ම ගුණයක් නම් ගෑනි තනියම උයද්දී අත් පා අකුළගෙන ටී වී බලන පිරිමි වෙනුවට උයන්නට, ළමයි බලන්නට ආදී ගෙදර හැම වැඩකටම සප් එක දෙන පිරිමි සිටීමයි. එවිට ආහාරය මොනතරම් සoකීර්ණ උනත් බිරිඳ හෙම්බත් නොවේ. අනික චීනය දියුණු රටකි. කුස්සි‍යේ මවළම් නවීනය. වැඩ කිරීම පහසුය. කොන්ද කඩාගෙන වළo හේදීම වෙනුවට ගෘහනිය ඒවා dish washer එකට දමා බොත්තමක් එබීම සෑහේ. ලoකාවේ ගෑනුන්ට එවැනි හොඳ කලක් පේනතෙක්මානයක උදා වෙන පාටක් නැත.

ඇමරිකාව ලොව දියුණුම රටක් වුනේ ලොවපුරා සිටින උගතුන් බුද්ධිමතුන් විශාල වශයෙන් ඒකරාශී කරගැනීම තුලිනුයි, එසේ නොමැතිව ඇමරිකානු ජාතික කාන්තාවන් පාන් පෙත්තක් සමග මස් පෙත්තක් කා ඉතුරුකර ගන්නා කාලයෙන් නෙවෙයි. බුද්ධිමත් මිනිසුන් බිහිවීමට පෝෂ්‍යදායි ආහාර ඉතා වැදගත් බව හොඳින් දන්නා ඇමරිකානු රජය අධ්‍යාපනික ආයතන සඳහා ඒ වෙනුවෙන්ම නීතිද සකස්කර තිබෙනව. ඇමරිකාව යනු ලොව ඕනෑම රටක ඕනෑම ආකාරයක ආහාර මිලදී ගැනීමට හැකි තැනක්. ඔවුන් ඒ තුලින් විවිධ රටවල පෝෂ්‍යදායි ආහාර තමන්ගේ ආහාරයට එකතුකර ගන්නව. පීසා, හොට්ඩෝග් වැනි fast food ‍ඇමරිකාවේ සුපිරි කෑම නොවේ. පීසා හට්, මැක්ඩොනල්ඩ් ‍යන්නේ ඉතාමත් දුප්පත්, නිවාස නොමැති යාචකයන් වැනි මිනිසුන් බඩගින්න නිවාගැනීමටයි. ඇමරිකාවේ කාබනික සුපිරි කෑම තිබෙන අවන්හල් ඇත. ඒවා එක් වේලක් $100ට එහා වන අතර එවැනි තැනකින් වේලක් කෑමට ලංකාවේ බොහෝ දෙනෙක්ට තම වැටුපත් මදිවනු ඇත. ඔබ මස් කන්නට කිරි බොන්නට හොයනාවිට ඇමරිකානුවන් පරිසරයත් සෞඛ්‍යයත් ගැන සිතා ඒවා ප්‍රතික්ෂේප කරමින් සිටියි. Silicon Valley, Wall Street, NASA හැදුවේ කම්මැලිකමට පාන්පෙත්තක් කා ඉතුරුකරගත් කාලයෙන් නොවේ.

ඇමරිකාවේ මිනිස්සු ආහාර ගන්නා ආකාරය මෙම ලියුම්කරැට වඩා හොඳට මම දනිමි. ඇමරිකානුවන් ආහාර අධිකව පිසීමට, කුලුබඩු දමා ස්වභාවික රසය වෙනස් කිරීමට, හෝ අනවශ්‍ය ලෙස සoකීර්ණ කිරීමට ඉතාම අකමැතිය. එය පාරමීගේ විස්තරය සමඟ බොහෝ දුරට සමපාත වේ. පාන් හෝ ඕනෑම කාබ් එකක්, මස් හෝ ඕනෑම ප්‍රෝටීනයක්, එළවලු සහ පළතුරැ මගින් විටමින් ලබා ගන්නා සරල ආහාර ලබා ගනී. වන් පොට් මීල්ස් වන ජම්බලායා බත් ආදියද කන නමුත් ඒවා සියල්ලම ඉතා සරළය. ඇමරිකන් පිරිමිද උයන්නට, ළමයි බලන්නට ආදී ගෙදර හැම වැඩකටම සප් එක දෙති. චීනය මෙන්ම කුස්සි‍යේ මවළම් අති නවීනය. වැඩ කිරීම පහසුය. සෞඛ්‍යයට මුල් තැන දෙයි. ලoකාවේ ගෑනු දුම් කකා උයද්දී ඇමරිකාවේ ලිපට ඉහලින් දුම් උරාගන්නා fume hoods සවිකර ඇත. මේ දුමට නිරාවරණය වීම හානිකර බව සොයාගෙන ඇත.  කොන්ද කඩාගෙන වළo හේදීම වෙනුවට ගෘහනිය ඒවා dish washer එකට දමා බොත්තමක් එබීම සෑහේ. ලoකාවේ ගෑනුන්ට එවැනි හොඳ කලක් පේනතෙක්මානයක උදා වෙන පාටක් නැත. 

ඒමදිවාට ඒගැන හැමදාම මේ ඉහුම් පිහුම් යුද්දය කරන ගෑනියෙක් කතාකලොත් එක දවසක්වත් උයා නැති පිරිමි ටිකක් අවි අමෝරාගෙන අර ගැහැනියගේ කට වැසීමට දත කති. මොකද ලoකවේ ගෑනුන්ගේ ඇස් ඇරැණු දාට ලoකවේ ගෑනු මඩවමින් තමන් ෆුල් ෆන් එකක් ගැනීමට තිත තැබෙන බව මෙබඳු පිරිමි දනී.

ඔබේ අලසබව බව හා නූගත්කම සාධාරණීකරණය කරගැනීමට දියුණු රටවල් ගැන ඔබේ මනෝවිකාර සමාජගත කිරීමෙන් වලකින්න. රටක් දියුණු කිරීමට අවශ්‍ය ලේසියට අතට හසුවන කුමන හෝ දෙයක් බඩටදමා කාලය ඉතුරුකර ගැනීම නම් අද ලොව දියුණුම රටවල් විය යුත්තේ සුඩානය වැනි අප්‍රිකානු රටවල්ය. එනිසා මෙවැනි විකෘති අදහස් වලට නොරැවටී ඔබත් බුද්ධිමත්ව සිතා බලන්න.

අප්‍රිකාවට ආදරය කරන, එහි වටිනාකම දන්නා මම ලියුම්කරැගේ වර්ගවාදී ප්‍රකාශය දැඩිව හෙලා දකිමි. ඉතාම healthy ආහාර රටා සහිත අප්‍රිකාව ගැන මෙළෝහසරක් දන්නැති තමන්ද කලු සමක් සහිත නමුත් කලු මිනිසුන්ට ගරහන මානසික රෝගින්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?

හැමදාම මේ ඉහුම් පිහුම් යුද්දය කරන ගෑනියෙක් කතාකලොත් එක දවසක්වත් උයා නැති පිරිමි ටිකක් අවි අමෝරාගෙන, නිකමටවත් අර ගැහැනිය වේදනාවෙන් කෑගසා කියන දෙයට සහකම්පාවක් නොදක්වා, ඇය අළස යැයිද නූගත් යැයිද එතැනින් නොනැවතී ඇය විදේශීය කුමන්ත්‍රණකාරියකයැයිද අවලාද නගති. ඉහුම් පිහුම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙනවාට හරිම අකමැති මේ පිරිමි උදවිය සම්ප්‍රදායිකව එන තමන් විසින් තම ගෙවල් සෑදීම හලා බාස්වරැ දම්මා ගෙවල් හදන්නේ ඇයි? සම්ප්‍රදායිකව එන පවුල රක්‍ෂා කිරීම හලා ගෑනුන්ව රැකියාවට යවන්නේ ඇයි? එසේ රැකියාවට යවන ගෑනුන්ට ගෙදර වැඩත් තනිවම අදින්න දී හොද්දට ලුණු ටිකක් වැඩිනම් පහර දෙන්නටද පසුබට නොවන මෙබඳු පිරිමින් ගැන ඇතිවන්නේ කණගාටුවකි.

17 comments:

  1. අපේ ආහාර වේල සමබර නෑ. අපි සිරුරට අනවශ්‍ය ආකාරයට කාබෝහයිඩ්‍රේට් මහා කන්දක් ගිල දැම්මත් අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය මට්ටමට ගන්නේ නෑ. මේක අපි හිතනවට වැඩිය බරපතල ගැටළුවක්.ලංකාවේ තියන සැම ගැටළුවක් පිටුපස්සෙම අපේ මේ අහාර රටාවේ ඇති සමබර නොවිම කියන කාරණය තියනවා කියලයි මට හිතෙන්නේ.ආහාර වේල සමබල නැත්නම් අපේ කිසිම ඉන්ද්‍රියයක් නිවැරදි ආකාරයට වැඩෙන්නෙත් නැ. ක්‍රියා කරන්නෙත් නෑ.අපිට ලෝකයා එක්ක තරඟ කරන්ඩ බැරි ප්‍රධානම හේතුව ඒකයි.අනෙක් කාරණය තමයි අපේ සාම්ප්‍රදායික සුප කලාවේ තියෙන සංකීර්ණත්වය හේතුවෙන් අද පවතින අධිවේගි සමාජය තුල ගෘහණිය පත්වෙන දුෂ්කරතාවය.එයින් මා අදහස් කරන්නේ අපගේ සම්ප්‍රදායික කැම රටාවන් ප්‍රතික්ෂේප කල යුතු බව නොවේ.අද පවතින වේගවත් සමාජයට ගැලපෙන ඉක්මනින් පිස ගත හැකි ආහාර වට්ටෝරුද අප විසින් නිර්මාණය කරගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. විපුල ඔබ කලකට පෙර මේ ගැන පැවසූ අවස්ථාවේ මම එය එතරම් හිතුවේ නෑ. නමුත් පාරමීගේ දිගු පෝස්ටුවේ විස්තරය කියවූ පසුත් සහ මගේ ඇමරිකානු කුස්සියේ ඇති පහසුකම් සහ ආරක්‍ෂාව (Fume hood ආදී) ගැන කල්පනා කලාමත් ලoකාවේ ඉහුම් පිහුම් පිළිබඳ කතා කලයුතු බව හිතුනා. සමහර ලාoකිකයන්ට තුන් වේලටම බත් ඕනෙ හැබැයි උයන්නට කිසිම සහයෝගයක් දෙන්නෙත් නෑ, පොඩ්ඩ වරදින්නත් බෑ. ඒක එක ඛේදවාචකයක්. ඒ මදිවට හාල් එළවලු මස් මාලු තුනපහ සියල්ලේම වස විස. ඒ අනිත් ඛේදවාචකය. ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
  2. ආහාර වේල සකස් කර ගැනීම සඳහා මීටත් වඩා දුර ගිය කාලයක් මට යන්තම් මතකයි. සමහර දිනවල උදේ වී තම්බා දවාලට අව්වේ වේලා සවස් වරුවේ වන්ගෙඩියේ දමා මෝලෙන් කොටා ලබා ගන්නා සහල් වලින් රාත්‍රී බත පිළයෙල කළා. ඒ වගේ ගෙදර වත්තේ ගසකින් පොල් ගෙඩියක් කඩා ලෙලි ගසා පැරණි හිරමනයෙන් ගා පොල්කිරි ලබාගෙන මාළුපිණි සකස් කර ගත්තා. මෙය ඒ යුගයේ කාලය කා දැමීමක් ලෙස සැලකුවේ නැහැ.

    ReplyDelete
    Replies
    1. දයාරත්න මහත්තය තරහ වෙන්නෙපා මේක කිව්වට, අපේ කාලෙ නම් ඔහොම නෑ මෙහෙමයි කියන තර්කය හරිම toxic සහ අසාධාරණයි. දයාරත්න මහත්තයගෙ තාත්ත මුත්තගෙ කාලෙ විදුලිය තිබ්බෙ නෑ බ්ලොග් ලියනව තියා පරිගණකවත් තිබ්බෙ නෑ කියල ඔබතුමා ඒව ප්‍රතික්‍ෂේප කරල නෑනෙ. ඔබතුමා කැමති ඔබතුමාගෙ දුව මළපොතේ අකුරැ ඉගනගෙන ගෙදෙට්ට වෙලා දවසම බත් තම්බ තම්බ ඉන්නවටද නැත්නම් ඉහුම් පිහුම් සමඟ ශාස්ත්‍රීය, සමාජයීය, සහ වෙනත් ඇය කැමති කටයුතු වල යෙදෙනවටද?කෑම වලට අනවශ්‍ය කාලයක් වැය කිරීම නුසුදුසු බව මගේ අදහසයි. කන්නෙ ජීවත් වෙන්න මිස ජීවත් වෙන්නෙ කන්න නෙමේනේ.

      Delete
    2. මා කීමට උත්සාහ කල දේ හරි හැටි තේරුම් අරගෙන නොවෙයි වගෙයි ඔබ අදහසක් ප්‍රකාශ කර තිබෙන්නේ. මා සඳහන් කලේ
      /මෙය ඒ යුගයේ කාලය කා දැමීමක් ලෙස සැලකුවේ නැහැ./ යන අදහසයි. එයින් මා ඉදිරිපත් කිරීමට උත්සාහ කලේ (දැනට දශක හත අටකට උඩදී) විශේෂයෙන්ම අපගේ පැරණි ගැමියාට තිබුණු සීමිත සම්පත් වලට තමන්ගේ ශ්‍රමයත් එකතු කර ගනිමින් 'යෝධ වැඩ' රාශියක් කිරීමේ හැකියාවක් තිබුණු බවයි. නවීන විද්‍යාවේ සහ තාක්ෂණයේ හාස්කම් කිසිම අවතක්සේරුවකට භාජන කිරීම කිසිසේත්ම මාගේ අරමුණ නොවුන බව නැවතත් කියනවා.

      Delete
  3. ඔබේ නිදහස් චින්තන රටාවට අතිශෝක්තියත් බොහේ සේ අඩංගු වී ඇති බව පෙනේ.

    ඔහොම යං!

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අතිශයෝක්තියට දෙන්නකො උදාහරණයක් දෙකක් බලන්න.

      Delete
    2. ඔබේ මේ ලියවිල්ලට මුලික උනේ පාරමී වන්නිආරච්චි ලියු දෙයක් නේ.
      පාරමීම කියන විදියට 'ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක්... සිට ඊළඟ ඡේදය අවසානය දක්වා හොඳින් කියවුවොත් ඔබට තේරේවි ඇය කියන්නට උත්සාහ කරන ප්‍රධානම හේතුව එය කියා.

      ඔබ, දශක කීපයකට පෙර ලංකාවෙන් ඇමරිකාවට ගිය ලෙසට ලියන බවක් පෙනේ , ලංකාවේ කාන්තාව අද සිටින්නේ දශක කිපයකට පෙර ලංකාවේ දුෂ්කර පෙදෙසක කාන්තාව සිටි විලසම යයි සිතාගෙන ලියුබවක් පෙනේ. 1980 තරම් ඈත කාලයේදී පවා නාගරික හා අර්ධ නාගරික කාන්තාව ඔබ දැන් කියන තරම් කට්ටක් කෑවේ නැති බව මම දනිමි.

      කෙසේ වෙතත්;
      ලoකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසගතයක් වෙලා. පොඩ්ඩක් යථාර්ථය දිහා බලන්න..
      ඇයි ලංකාවේ විතරක්, ඇමරිකාවේ ඔය වසංගත නැද්ද?

      පිරිමින්ගෙ තට්ටෙ පෑදිලා බඩ ඇවිත්, ගෑනුන්ගෙ ස්ථූලතාවය, දෙගොල්ලන්ටම හරිහරියට කොලස්ටරෝල්, ප්‍රෙෂර්, ඩයබටික්, හාට්, හන්දිපත් අමාරැ, අටෝරාසියක් ශාරීරික රෝග සමඟ මානසික අසමතුළිතතා.
      ඔබ ග්‍රොසරි ස්ටෝස් එකකට ගියහම හොඳට බලන්ඩ ඇපල් දොඩම් වලට වඩා වෙනස් නේද කියල. ඒ වගේම ඔබ නොදන්නවාට අපේ දකුණු ආසියානු ජීන්ස් වලට ආවේනික හෝ වැළඳීමට ඇමරිකානුවන්ට වඩා වැඩි සම්භාවිතාවයක් තිබෙන රෝග තිබෙනවා. අනිත් එක ඔබ කියූ රෝග බොහොමයක් ඇමරිකාවෙත් බහුලව පවතිනවා.

      චීනයේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගැන ඔබ ලියනවා.
      නමුත් ඔබ ලංකාවේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගැන නොලියන්නේ අයි?. චීනේ විතරක් නෙවේ අනිත් රටවලින් පැමිණි වැඩිදෙනා වැඩ කරන්නේත් ඔය වාගෙම තමයි.
      අතින් කන්නෙත් නෑ (ඔෆිස් වල අතින් කන්න ගියාම අප්‍රසන්නයි, සෞඛ්‍යයට අහිතකරයි, වෙලා යයි, කෑමෙන් පසු අත හරියට නොසෝදා ඔෆිස් එක අපවිත්‍ර කරයි.) මේවට සාමාන්‍යයෙන් කියන්නේ 'බයිලා' කියල. මට කොහෙන්හරි පෙන්වන්න අතින් කෑම සෞඛ්‍යයට අහිතකරයි කියල. කෑමෙන් පසු අත හරියට නොසෝදන වැඩිහිටි අය කොහෙද ඉන්නේ. ඕනෙම රෙස්ටුරන්ට් එකක අත සෝදන්ඩ ක්‍රමයක් තියෙනවා, 5 ස්ටාර් එකක උනත් ෆින්ගර් බෝල් එකක් ඉල්ලගන්ඩ පුළුවන්. බය වෙන්ඩ එපා , ලැජ්ජා වෙන්ඩ එපා.

      සැන්විච් එකක් බර්ගර් එකෙක් ගෙනාවම හැන්දෙන් ගරුප්පුවෙන්ද කන්නේ. ප්‍රසන්න අප්‍රසන්න කතාව බොහොම සබ්ජෙක්ටිව්. ඒ වගේම ඒ අය වැසිකිලියට ගිහිං ඇවිත් ඔබ ලඟින් වාඩි උනාම ඔබ දන්නවා මේ කඩදාසියෙන් පිහිදාගෙන ඇවිත් ඉන්නේ කියල. මතක් කරලා බලන්ඩ මුලින්ම ඔබට කඩදාසියෙන් පිහින්ඩ උන දවස. කොහොමද ගෙදර යනකං හිටියේ, මොකක්ද ගෙදර ගිය ගමන්ම කලේ කියල.

      contd..

      Delete
    3. 'ලාoකික අපේ ලන්ච් බොක්ස් එක ඇරියාම දැඩි smell එකක් එනවනෙ, ඒ smell එකට අපි කැමති උනාට බොහෝ රටවල මිනිස්සු හරිම අකමැතියි, ඒ නිසා පිටරටවල පොදු lunch room වල ලාoකික බත් මාලුපිණි කන්න එපා කියල තමයි ඇමරිකාවට ආපු අළුත ලoකාවෙ පරණ උදවියගෙන් උපදෙස් ලැබුනෙ'
      එවුන්ගේ හීනමානය ඔබත් එලෙසම වැළඳගෙන.
      මම විශ්ව විද්‍යාලයේ, රැකියා ස්ථානයේ හෝ වෙන ඕනෑම තැනකට මගේ බත් එක ගෙනිහින් බොහෝවිට කන්නෙත් අතින්.
      මම දවාලට බත් ගෙනියන එක අඩු කලේ එක්කෝ බත් දෙකක් ගෙනියන්ඩ වෙනවා නැත්තන් බාගයක් යුරෝපිය කෑම කන්ඩ වෙනවා. අපේ smelly කෑම වගේම අනිත් උන්ගේත් smelly කෑම තියෙනවා. නමුත් tolerance කියල දෙයක් මේ නවීන සමාජයේ තියෙනවා. හීනමානය - ඒක නැති කරගන්න එක ඔබේ වැඩක්.

      ලංකාව දියුණු වෙමින් පවතින රටකි. කුස්සි‍යේ මවළම් එතරම් නවීන නැති උනත් වැඩ කිරීමත් එතරම් අමාරුත් නැත. බොහෝ නිවෙස් වල ගෑස් ලිප් තිබෙන නිසා දැන් කොන්ද කඩාගෙන වළo සෝදන්ඩ අවශ්‍ය නැත. (ඕනෙම නං දර ලීපේ උයාගෙන කොන්ද කඩාගෙන හෝදන එක ඒ අයගේ කැමැත්තක්)
      ඔබ කියන විදියට චීනේ හැම නිවසකම (හෝ ඇමරිකාවේ හැම නිවසකම) dish washer ඇත්තෙත් නැත. dish washer එක මිලදී ගත්තත්, එයට, ජලය, විදුලිය සහ ඩිටර්ජන්ට් ගැනීමට තවත් මුදලක් අවශ්‍යයි. (රෙපයාර් අමතක කරමු දැනට)
      කුස්සියේ තියෙන ඇති නවීන මෙවලම්... ඔය එක් මෙවලමක් 'සාමාන්‍ය' අමරිකානුවකුගේ මාසේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද, 'හොඳ' පඩියක් ලබන ලංකාවේ කෙනෙක්ගේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද. අන්න එකත් කියන්ඩ.
      මා දන්නා තරමට Fume Hood තිබෙන්නේ ලැබ් වල හා Range Hood තිබෙන්නේ නිවෙස් වලය. ප්‍රශ්නේ ලංකාවේ වගේ නෙවේ ඇමරිකාවේ ගෙවල් air tight නිසා කෙසේ හෝ හොද්දෙන් එන හුමාලය පවා නිවසින් පිට කිරීමට අවශයි. ඇමරිකාවේ බොහොමයක් ගෙවල් ලී වලින් සාදා ඇති නිසා, අපේ වගේ දර ලිප් කෙසේ වෙතත් දර දමන furnace එකක් තිබෙනං ඔබගේ home insurance එක එහි චිමිනිය දිගේ යන හැටිත් බලන්ඩ තිබුනා.

      ඔබ නොදන්නවාට, ඕනේ නං baby boomer කෙනෙක් ගෙන් අහල බලන්ඩ, දශක කීපයකට පෙර තෙක් උතුරු ඇමරිකාවේ ආහාරය උනේ අල, මස් සහ ගිම්හාන කාලේදී පමණක් එළවලු. ඔවුන් ආහාරය රසකර ගත්තේ ලුණු හා ගම්මිරිස් වලින් පමණයි. සති අන්තේ පාන් හදනවා මුළු සුමානෙටම.
      දැන් නං ඉක්මනට කෑම හදාගන්ඩ රෙඩි මේඩ් දේවල් තියෙනවා. පොඩ්ඩක් බලන්ඩ ඒවායේ ingredient list එක දිහාත්. උදාහරණ වශයෙන් පාන් වලට අවශ්‍ය පිටි, යිස්ට්, ලුණු සහ ජලය පමණයි. කියවන්ඩ පාන් බෑග් එකේ කවරේ තියෙන අමුද්‍රව්‍ය.

      ඔය මොනවා උනත් ඔබ ලොකු වැරැද්දක් කරනවා. ඉතාම healthy ආහාර රටා සහිත අප්‍රිකාව ගැන මෙළෝහසරක් දන්නැති අපට ඇමරිකන් ආහාර ක්‍රම ගැන කියමින් ඉතාම healthy ආහාර රටා ගැන නොකියන එක.


      ප . ලි : ඇමරිකාව ඉතා විශාල රටක්. එහි සිටින සියලුම දෙනා ඔබ ආශ්‍රය කරන සුළු නියැදිය ලෙසටම වීමේ සම්භාවිතාවය ඉතා කුඩායි. එම නිසා එක්කෝ තව ටිකක් සොයා බලන් නැතුව හිතූ හිතූ පලියට generalize කරන එක වැරදියි. අනික Feminism කියන්නේ කාන්තාව කුස්සියට හිරවෙලා ඉන්න එකට වඩා බොහොම පුළුල් මෙන්ම බලගතු දෙයක්. ඒක අවතක්සේරු කරන්ඩත් එපා. දැන් ඉතින් 'බොහෝ' කෑල්ල ඉස්සරහට දාල මම එහෙමයි කිව්වේ කියල කියන්ඩත් එපා.

      ඔහොම යං!
      ජයවේවා!

      Delete
    4. මුලින්ම මම අහන්න කැමතියි ඔබ කවදාවත් වේල් තුනම උයල තියෙනවද එකදිගට සතියක්වත්? එහෙම නැත්නම් ලoකාවේ ගෑනුන්ට තියෙන මේ ප්‍රශ්නය ගැන ලඝු කර කතාකරන්න සදාචාරාත්මක අයිතිය මොකක්ද?
      //පාරමීම කියන විදියට 'ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක්... සිට ඊළඟ ඡේදය අවසානය දක්වා හොඳින් කියවුවොත් ඔබට තේරේවි ඇය කියන්නට උත්සාහ කරන ප්‍රධානම හේතුව එය කියා.//මටනම් එහෙම පේන්නෑ. එහෙනම් ලංකාව තවත් අඩියක්වත් මෙතනින් පෙරට යනු ඇත කියන්නැතුව ලංකාව දියුණුවෙන් දියුණුවට පත් වනු ඇත කියන්න තිබ්බනෙ. කොහොමත් එය ආවේගශීලීව ලියූ ලිපියක් නිසා එම ලිපියේ සමස්ථ දළ අදහසයි මට වැදගත්, ඒ ලිපියේ වාක්‍යයෙන් වාක්‍යය වශයෙන් ගන්නවට වඩා.

      දරලිප් භාවිතය ගැන පර්‍යේෂණ දත්ත හොයාගන්න අඩු‍යි දැනගන්න කැමති අය මේ ලිපිය කියවන්න Biomass Fuel Use for Cooking in Sri Lanka: Analysis of Data from National Demographic Health Surveyshttps://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3319003/

      ලංකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසoගතයක් වෙලා කියන්නෙ මම නෙමෙයි ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයායි. ඒ ලිපිය හොයාගන්න බැරිඋනා හම්බ උනාම එක දාන්නම්. එතුමාම කියල තිබුනා අවාසනාවන්ත මව් පිය යුගය, එනම් දරැවන්ගේ ආයු කාලය දෙමාපියන්ට වඩා අඩු යුගය ලබා ඇති බවත්. ලකාවේ එළවලු පළතුරැ වලට අධිකව රසායනිකයන් දමන්නේ නැද්ද රසායනික ජලයට එකතු වීම නිසා රජරට වකුගඩු රෝග වසoගතයක් නැද්ද?

      //ඉතාම healthy ආහාර රටා සහිත අප්‍රිකාව ගැන මෙළෝහසරක් දන්නැති අපට ඇමරිකන් ආහාර ක්‍රම ගැන කියමින් ඉතාම healthy ආහාර රටා ගැන නොකියන එක.//කියවන්න මගේ පරණ ලිපියක් https://deepthidonkor.blogspot.com/2019/09/5-o.html

      //මා දන්නා තරමට Fume Hood තිබෙන්නේ ලැබ් වල හා Range Hood තිබෙන්නේ නිවෙස් වලය. ප්‍රශ්නේ ලංකාවේ වගේ නෙවේ ඇමරිකාවේ ගෙවල් air tight නිසා කෙසේ හෝ හොද්දෙන් එන හුමාලය පවා නිවසින් පිට කිරීමට අවශයි. ඇමරිකාවේ බොහොමයක් ගෙවල් ලී වලින් සාදා ඇති නිසා, අපේ වගේ දර ලිප් කෙසේ වෙතත් දර දමන furnace එකක් තිබෙනං ඔබගේ home insurance එක එහි චිමිනිය දිගේ යන හැටිත් බලන්ඩ තිබුනා.//නමුත් ඇමරිකාවේ එසේ වී ඇත්තේ ගෙවල් සුවපහසු ලෙස හදා ඇති නිසානෙ නේද?

      ඉතුරැ කරැණු ගැන සති අන්තයේ කතා කරන්නම්, අද කාල වේලාව මදි.

      Delete
    5. ඇට්ටර්ගෙ භාෂා විලාසයෙන්ම මේක ලියන්න ආස හිතුන. කමක් නෑනෙ නේද? ඇට්ටර් වළන් කඩේට පැන්න කුළප්පු හරකෙක් වගේ මෙතන හතර අතට නෙළලා තියෙන්නෙ ඇට්ටර්ගෙ බ්ලොගයේ සෑහෙන්න බරසාර ලිපි පළකරන නිසා කියල හිතල ඒ පැත්තෙ ගියාමයි දැක්කෙ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ පොරක් බව. කිසිම බ්ලොග් කරැවෙක් නොකරපු අනිත් බ්ලොග් කරැවන්ට කෙලින්ම මඩගසන කුජීත පෝස්ට් ලිය ලිය, ඒ මදිවට පැත්තක ඉන්න Skiz වගේ අහිoසකයන්ව ඒ මිනිස්සුන්ගෙ කිසිම අනුදැනුමක් නැතිව ඒවට ඈඳාගෙන, අනුන්ට ගේම් දීම මගින් ඇටෙන්‍ෂන් බලෙන් ගන්න හදන මානසික රෝගියෙක් බව.
      ඇට්ටර් කියපු පළවෙනි සීන් එකට මම කළින් පිළිතුරේ උත්තර දීල තියෙනවා.
      //ඔබ, දශක කීපයකට පෙර ලංකාවෙන් ඇමරිකාවට ගිය ලෙසට ලියන බවක් පෙනේ , ලංකාවේ කාන්තාව අද සිටින්නේ දශක කිපයකට පෙර ලංකාවේ දුෂ්කර පෙදෙසක කාන්තාව සිටි විලසම යයි සිතාගෙන ලියුබවක් පෙනේ. 1980 තරම් ඈත කාලයේදී පවා නාගරික හා අර්ධ නාගරික කාන්තාව ඔබ දැන් කියන තරම් කට්ටක් කෑවේ නැති බව මම දනිමි.//
      අනේ බන්, උඹේ මේ රිසර්ච් එකේ පබ්ලිෂින් ඩීටේල්ස් දීපන්කො අපටත් කියවන්න. ඒක හම්බුවෙනකන් අන්න අර උඩ පිළිතුරේ රිසර්ච් එකේ ඩේට යූස් කලාට කමක් නෑනෙ. උඹල වගේ ඔලුවෙ තියන මනස්ගාත ඇත්ත වගේ වමාරල නෙමේ උන් විද්‍යාත්මක ක්‍රමවේදයකට දත්ත එකතු කරල ඇනලයිස් කරල ලෝකෙ පිළිගත්ත ජර්නල් එකක පබ්ලිෂ් කරල තියෙන්නෙ. ඒකෙ conclusion එකේ කියනව
      Wood was the principal cooking fuel used in 78.3% and 78.5% of households in 2000 and 2007, respectively. In 2007, 96.3% of estate sector households used firewood as compared to
      84.2% in the rural and 34.6% in the urban sectors. Similar trends were noted in 2000 as well.
      ඒකෙ introduction පළවෙනි වාක්‍යයේ කියනව
      Exposure to indoor air pollution is estimated to account for more than 1.5 million deaths and 2.7% of the global burden of disease in year 2000 based on the deaths and DisabilityAdjusted Life Years (DALYs) from acute lower respiratory infections among children under five years of age, and chronic obstructive pulmonary disease and lung cancer among adults (WHO, 2007).
      එකේ ඉතුරැ ටිකත් කියවල දැනගනින් ඇත්ත මොකක්ද කියල බොරැ වපුර වපුර යන්නෙ නැතුව.

      Delete
    6. //ලoකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසගතයක් වෙලා. පොඩ්ඩක් යථාර්ථය දිහා බලන්න..
      ඇයි ලංකාවේ විතරක්, ඇමරිකාවේ ඔය වසංගත නැද්ද?//
      තියෙනව බo ඒත් මේකනෙ වෙනස, ඇමරිකන් එවුන් තැන් තැන් වල පොර ටෝක් දෙන්නෑනෙ උන්ගෙ කෑම තමයි ලෝකෙ හොඳම කෑම කියල, උන්ට උඹලට වගේ ඇම්මක් නෑ. අනික ඇමරිකන් එකෙක් unhealthy/healthy කෑම කෑම තනිකර උගෙ choice එක. ලoකාවෙ එහෙමද, අසරණ අම්මල ළමයින්ට වැඩි හොඳට කොළ කැඳ හදල පොවල ගෙදරින් වතුර බෝතලේ පවා දීල ඉස්කෝලෙ යවන්නෙ, ඒත් ඒ අසරණ අම්මල දන්නෙ නෑ ඒ පළා වල කෘමිනාශක, කොස් මදුලෙ හාපික්, කහ කුඩු වල කලරින්, පාන් පිටි වල ප්ලාස්ටර් ඔෆ් පැරිස්, තෙල් බාල කරල පිළිකා කාරක,භූගත ජලය දූෂණය වෙලා බැර ලෝහ සාඳ්‍රණය වැඩියි, උඹ මේව දන්නෙම නැද්ද, වෙනත් ආකාරයකට කිව්වොත් ඇමරිකාවෙ වගේ චොයිස් එකක් ලoකාවෙ නෑ, මිනිස්සු කැමති උනත් නැතත් කෑම වල තත්වය බාල කරල තියෙන්නෙ, ඒ නිසා පැරණි කාලෙ ගුණම කෑම අද කාලෙ නරකම කෑම වෙන්ඩත් පුළුවන්. උඹල වගේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව පරණ තැටියම ගහන එවුන් රටට කරන්නෙ මහ විනාසයක් කියල උඹට හිතෙන්නැද්ද?

      //ඒ වගේම ඔබ නොදන්නවාට අපේ දකුණු ආසියානු ජීන්ස් වලට ආවේනික හෝ වැළඳීමට ඇමරිකානුවන්ට වඩා වැඩි සම්භාවිතාවයක් තිබෙන රෝග තිබෙනවා. අනිත් එක ඔබ කියූ රෝග බොහොමයක් ඇමරිකාවෙත් බහුලව පවතිනවා.//
      අනේ බo උඹට වඩා හොඳට මම දන්නව ඒ ගැන. දැන් උඹ කියන්නෙ ලoකාවෙ එවුන්ගෙ ජාන වල ඔය ලෙඩ හැදෙන්න වැඩි නැමියාවක් තියෙන බවනෙ, එහෙනම් කරන්න ඕනම දේ කාබ් අධික කෑම සීමා කිරීමනෙ බo, නැතුව උඹල වගේ ඒක ප්‍රමෝට් කරන එක නෙමෙයිනෙ. ඊලඟට මිනිස්සුන්ට ව්‍යායාම කරන්න දිරි ගන්වන්න ඕන. ගෑනුන්ට සාරි අන්දන එක නවත්තල ක්‍රියාශීලි ඇඳුම් අන්දන්න ඕන. කොහෙද උඹල වගේ එවුන් ජාන ගැන දැනගත්තට ඒක පාවිච්චි කරන්නෙ ප්‍රශ්නෙ අඩු කරන්න නෙමේ ඔඩු දුවවන්නනෙ. වඳුරගෙ අතට දැළි පිහිය දුන්න වගේ තමයි උඹලට ජාන ගැන ඉගැන්වීමත්.

      උඹේ ඊලඟ පල් හෑල්ලට මගේ "හැට්ටර් - මේ විට්ටර්ගෙ මල්ලී සහ Healthy Communication Tips" ලිපියෙ උත්තරය කියවපන්.

      Delete
    7. //සැන්විච් එකක් බර්ගර් එකෙක් ගෙනාවම හැන්දෙන් ගරුප්පුවෙන්ද කන්නේ.//බත් කන හරකෙක්ට විතරයි සැන්විච්/බර්ගර් එකකයි බත් එකකයි වෙනස තේරෙන්නැත්තෙ. යකෝ සැන්විච්/බර්ගර් එක ටිෂූ එකකින් අල්ලගෙන කතහැකි, අතෙන් අල්ලල කෑවත් පිරිසිදු කරන්න ගේමක් නෑ කියුබිකල් එකේ වැඩ කරන ගමන්ම මුළු කියුබිකල් එකම ගඳගස්සන්නැතුව කෑහැකි.

      //ඒ වගේම ඒ අය වැසිකිලියට ගිහිං ඇවිත් ඔබ ලඟින් වාඩි උනාම ඔබ දන්නවා මේ කඩදාසියෙන් පිහිදාගෙන ඇවිත් ඉන්නේ කියල. මතක් කරලා බලන්ඩ මුලින්ම ඔබට කඩදාසියෙන් පිහින්ඩ උන දවස. කොහොමද ගෙදර යනකං හිටියේ, මොකක්ද ගෙදර ගිය ගමන්ම කලේ කියල.// ඇයි බන් උඹ පරණ තැටිම ගහන්නෙ, උඹ දන්නැති උනාට ඔය ගොන් කතා දැන් expire වෙලා බොහොම කල්.
      හරි දැන් උඹ කියන්නෙ උඹ මළපහ කරල ඒක අතෙත් ගාගෙන ඒ අත මගින් මළපහ තව හත්පොළකත් ගාන එක මහ වීර කමක් කියලද? මළපහ කරල යන්තම් අත හෝදන මිනිස්සු (දැන් කියන්ඩ එපා අපි අත හෝදනව කියල, යකෝ හරිනම් සබන් දාල කීප පාරක් හෝදල තව hand wash එකකිනුත් හෝදපල්ල) තමයි හෝටල් වල උයන්නෙ, උන්ට එළවලු කප කප ඉන්නැද්දි හදිස්සියෙ බරක් හැදිල වැසිකිළියට ගිහින් ආහම උඹ හිතන්නෙ උන් ඔක්කොම අතේ තැවරැණු මළපහ තිතට හෝදගෙන එනව කියලද? පවු බන් උඹල. ලoකාවෙ පොදු වැසිකිළි වල සබන්වත් තියා වතුරවත් හරියකට තියෙනවද බන්? උඹේ කටේ නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙද්දි ඒ මිනිස්සු පොදු වැසිකිළියට ගිහින් බස් එකේ පොල්ල අල්ලන්නෙ අත හරියට හෝදලද? ඇමරිකාවට ඕනෙ නම් ඔය සිස්ටම් එක පහසුවෙන්ම ඉම්ප්ලිමන්ට් කරතහැකිනෙ බන්, ඇයි උඹලට හිතෙන්නැත්තෙ උන් ටිෂූ වලින් පිහිදාන්නෙ හොඳ හේතුවකට කියල.
      උඹේ ඊලඟ පල් හෑල්ලට මගේ "හැට්ටර් - මේ විට්ටර්ගෙ මල්ලී සහ Healthy Communication Tips" ලිපියෙ උත්තරය කියවපන්.

      //අපේ smelly කෑම වගේම අනිත් උන්ගේත් smelly කෑම තියෙනවා. නමුත් tolerance කියල දෙයක් මේ නවීන සමාජයේ තියෙනවා.//

      අනුන්ගෙ tolerance test කරන්නැතුව තමුන්ගෙ tolerability එක වැඩි කර ගනින් බන්. උඹල වගේ එවුන් පිටරටවලට ඇවිල්ල ගම කනව. ඊලඟට එන ලoකාවෙ එකාටවත් යහතින් ඉන්න නෑ උඹල ලoකාවෙ එවුන් ගැන හදන negative impression එක නිසා.

      //ඔබ කියන විදියට චීනේ හැම නිවසකම (හෝ ඇමරිකාවේ හැම නිවසකම) dish washer ඇත්තෙත් නැත. dish washer එක මිලදී ගත්තත්, එයට, ජලය, විදුලිය සහ ඩිටර්ජන්ට් ගැනීමට තවත් මුදලක් අවශ්‍යයි. (රෙපයාර් අමතක කරමු දැනට)
      කුස්සියේ තියෙන ඇති නවීන මෙවලම්... ඔය එක් මෙවලමක් 'සාමාන්‍ය' අමරිකානුවකුගේ මාසේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද, 'හොඳ' පඩියක් ලබන ලංකාවේ කෙනෙක්ගේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද. අන්න එකත් කියන්ඩ.//උඹ මොනවද බන් මේ කියන වඳුරැ කුණුහරැප? උඹට common sense කියල එකක් නැද්ද උඹ ලoකාව ගැන කියද්දි (1980 තරම් ඈත කාලයේදී පවා නාගරික හා අර්ධ නාගරික කාන්තාව ඔබ දැන් කියන තරම් කට්ටක් කෑවේ නැති බව මම දනිමි) ලoකාවෙ වතුකරයේ එවුන්, මුඩුක්කු පැල්පත්වාසීන්, කම්කරැවන් හලලනෙ කතා කලේ. මමත් කතා කරන්නෙ මම නියෝජනය කරන ඇමරිකානු මධ්‍යම පන්තිය. ඇමරිකානු මධ්‍යම පන්තියට dish washer එකක් මහ කජ්ජක් නෙමේ. ඔය ගණන් හිළව් උඹම හොයාගනින්. මම කීයක්නම් දේවල් හෙව්වද, උඹ කියපු එකකටවත් උඹ මූලාශ්‍ර දීල නෑනෙ. අනුන්ට කියන්න කළින් තමන් කරල හිටපන්.

      Delete
    8. //ඔබ නොදන්නවාට, ඕනේ නං baby boomer කෙනෙක් ගෙන් අහල බලන්ඩ, දශක කීපයකට පෙර තෙක් උතුරු ඇමරිකාවේ ආහාරය උනේ අල, මස් සහ ගිම්හාන කාලේදී පමණක් එළවලු. ඔවුන් ආහාරය රසකර ගත්තේ ලුණු හා ගම්මිරිස් වලින් පමණයි. සති අන්තේ පාන් හදනවා මුළු සුමානෙටම.
      දැන් නං ඉක්මනට කෑම හදාගන්ඩ රෙඩි මේඩ් දේවල් තියෙනවා. පොඩ්ඩක් බලන්ඩ ඒවායේ ingredient list එක දිහාත්. උදාහරණ වශයෙන් පාන් වලට අවශ්‍ය පිටි, යිස්ට්, ලුණු සහ ජලය පමණයි. කියවන්ඩ පාන් බෑග් එකේ කවරේ තියෙන අමුද්‍රව්‍ය.//අනේ බන්, අපි අතීතයට හිර නොවී වර්තමානය සහ අනාගතය ගැන බලමු. අනිත් රටවල් දියුණු උනේ එහෙමයි. අතීතයෙන් පාඩම් ඉගනගෙන අනාගතය සැළසුම් කලා. වැරදි හදාගත්තා, හොඳ සරක්‍ෂණය කලා. ඒකට උඹල, වැරදි සාධාරණීකරණය කර කර හොඳ විනාශ කරනවා.
      //ඇමරිකාව ඉතා විශාල රටක්. එහි සිටින සියලුම දෙනා ඔබ ආශ්‍රය කරන සුළු නියැදිය ලෙසටම වීමේ සම්භාවිතාවය ඉතා කුඩායි. එම නිසා එක්කෝ තව ටිකක් සොයා බලන් නැතුව හිතූ හිතූ පලියට generalize කරන එක වැරදියි. අනික Feminism කියන්නේ කාන්තාව කුස්සියට හිරවෙලා ඉන්න එකට වඩා බොහොම පුළුල් මෙන්ම බලගතු දෙයක්. ඒක අවතක්සේරු කරන්ඩත් එපා. දැන් ඉතින් 'බොහෝ' කෑල්ල ඉස්සරහට දාල මම එහෙමයි කිව්වේ කියල කියන්ඩත් එපා.//

      උඹනේ බන් උඹට ඕනෙ විදියට ඇමරිකාව සහ ලoකාවේ ඇත්ත දත්ත නවන්න හැදුවෙ. උඹ නිකමටවත් කිසිම මූලාශ්‍රයක් දුන්නද උඹේ එක තර්කයක්වත් කරන්න? උඹ මොන විස්සවිජ්ජාලෙටද ගියේ එව්වයෙ හරියට ඉගැන්නුවෙ නැද්ද? අනුන්ට කියන්න කළින් තමන් හැදියන් බන්. මොකක්ද උඹේ ෆෙමිනිසම් කතාව ඒක මෙතෙන්ට අදාළ නෑ ගෑනු කරන වැරදි, පිරිමි කරන වැරදි, දෙගොල්ලම කරන වැරදි මම කතා කරනවා. ඔහොම යං!
      ජයවේවා!

      Delete
    9. Hand wash should be corrected as hand disinfectant

      Delete
    10. උඹේ බ්ලොගයේ මට බැනල පෝස්ට් එකක් දාපු එක ගැන මාර හැපී. අන්න එහෙම උඹේ ගොබ්බ අදහස් උඹේ ගොබ්බ බ්ලොගයේ ලියපන්. අනුන්ගෙ බ්ලොග් උඹේ අම්මගෙ බූදලේ කියල හිතාගෙන අනුන්ගෙ බ්ලොග් වල උඹට ඕන වඳුරැ කුණුහරැප ලියන්න ඕන කියල හිතාගෙන වැදගත් සන්වාද මැද්දට පැනල ඒව අල කරල පොර වෙන්න හදනවට වඩා ඒක බොහොම හොඳයි. ඔහොම යo ජය වේවා!

      Delete
  4. අනවශ්‍ය වාද වලට ගියොත් අපි මාතෘකාවෙන් පිට ගිහිල්ලා මේක වැඩකට නැති සංවාදයක් බවට පත් වෙනවා.අපගේ කැම වේල සමබර නෑ කියන එක විද්‍යාත්මකව පැහැදිලි කළ හැකි දෙයක්.මේ නිසා ඇතිවන ගැටළු අපි හිතනවට වැඩිය හුඟක් බරපතලයි.නමුත් බොහෝ දෙනෙකුට මේ ගැන අවබෝධයක් නෑ.ඒ අවබෝධය ඇති කිරීමයි කල යුත්තේ.සිරුරට අනවශ්‍ය ආකාරයට මහා බත් කඳු තුනක් දිනකට අපි ගිලිනවා කියන්නේ රටට අනවශ්‍ය සහල් ප්‍රමාණයක් අපිට නිශ්පාදනය කිරීමට සිදු වෙනව‍ා කියන එකයි.අපේ රට ඒ සඳහා කරන මුළු වියදමද බොරු වියදමක් වෙනවා.එවිට වන්නේ වෙනත් නිශ්පාදනයක් කිරිම සඳහා ඇති සම්පත් මේ අතිරේක අනවශ්‍ය සහල් නිශ්පාදනය කිරීමට වැය විමයි.එවැනි තත්වයක් අපි තවතවත් දුප්පත් කරනවා විනා වෙන දෙයක් වෙන්නේ නෑ.මේ එක උදාහරණයක් පමණයි.අපේ ආහාර වට්ටෝරු වල ඇති සංකීර්ණත්වය නිසා අපේ ගෘහණිය දැඩි විඩාවකට පත්වෙනවා.එයින් අදහස් වන්නේ අපගේ සම්ප්‍රදායික ආහාර වට්ටෝරු අත්හල යුතු බව නොවේ. අද පවතින වේගවත් රටාවට ගැලපෙන කරදරයක් නැතිව ඉක්මනින් පිස ගත හැකි නව පෝෂ්‍යදායි ආහාර වට්ටෝරුද අප විසින් නිර්මාණය කර ගත යුතුයි.

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...