මම පහුගිය දවසක දැක්ක රෝහල් අතපසුවීමක් නිසා දරැවෙක් මිය ගිය බවට සැක කරල ගමක මිනිස්සු සෙට් එකක් රෝහලට පහර දීමට ඇවිල්ල. ඒක නිතරම ලන්කාවෙ වෙන දෙයක්. හැබැයි, කවදාවත් තමන්ගෙ නොසැළකිල්ල නිසා දෙමාපියො අතින් ළමය මිය ගියාම ගමේ එකාලට ඒ ආවේගෙ එන්නෙ නෑ. මේ ලඟදි ළදරැවෙක්ට තාත්ත බේත් පෙත්තක් දීල ඒක පිට උගුරෙ ගිහින් ළමය මළා. ඒ වයසෙ ළමයින්ට බේත් සිරප් ආකාරයට දිය යුතු උනාට පෙත්තක් දීල ක්‍රිමිනල් නෙග්ලෙජන්ස් එකක් කරපු තාත්ත ගැන ගමේ එවුන්ට මාර අනුකම්පාවයි. මීට පෙරත් ඕනෑ තරම් සේෆ්ටි ජැකට් නැතිව ඇළ දොළ ගංගා වල එක්ක ගිහින් ළමයි ගිලිල මළාම, ගෙවල් වල අනතුරැදායක විදුළි රැහැන්, වැඩ (එක සිද්ධියක් මතකයි වැසිකිළි වලට කාබයිඩ් දාල ඒක පුපුරල ලඟ හිටපු දැරිය මළා), ළදරැ සීට් නැතිව වාහන වල ළමයි ගෙන ගොස් එක්කො බීල වාහන පදවල ඇක්සිඩන්ට් වෙලා මළාම, කෝ ඔය ගම් වල ආවේගෙ?
මට පේන්නෙ ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ මගේ ළමය මගේ අතින් ක්‍රිමිනල් නෙග්ලෙජන්ස් එකක් වෙලා මැරෙන එක අවුළක් නැතිය කියල වගේ මතයක්. එක අතකින් මේ වගකීම් විරහිත සහ වගවීමට බැඳී නැති ස්වභාවය තුළ විවාහක ජෝඩු තමන්ට ළමයි හදන්න අවම ශාරීරික, මානසික, ආර්ථික හෝ වෙන කිසි සාධකයක් නැති බව දැන දැනම ඔහේ ළමයි හදනව. මම යෝජනා කරන්නෙ විවාහයට පෙර යුවළකට රජය මෙන්න මේව අනිවාර්‍ය කළ යුතුයි.
1. ප්‍රී මැරීටල් කවුන්සලින් කෝස් එකක්'
2. මුදල් කළමණාකරණය කෝස් එකක්
3. ළමයි හදනව නන් ළමයි හැදීමේදී තිබිය යුතු ස්කිල්ස් උගන්නන කෝස් එකක්. ළමයට නැපිය ඇන්දීමේ, පිට උගුරෙ ගිය යමක් සඳහා ප්‍රථමාධාර දීමේ, කෘතිම ශ්වසනය දීමේ ඉඳළ ටීනේජ් කාලෙ ඇට්ටර ලෙස හැසිරෙනකොට දෙමාපියන් ලෙස හැසිරෙන්න ඕනෙ කොහොමද වගේ ඔක්කොම.
මේකප්, ඇඳුම්, හෝටල් වගේ මෙලෝ වැඩකට නැති එව්ව අවුරැදු ගණන් ප්ලෑන් කරන එකේ මේ තුනත් එකතු උනාට අවුළක් නෑනෙ. ඊට පස්සෙ ළමයි හදල ළමය නොසැළකිල්ල නිසා මළොත් හරි අනතුරක් කර ගත්තොත් හරි සාපරාධී නොසැළකිල්ල යටතේ රජය දෙමාපියන්ට නඩු දැමිය යුතුයි.
ඒ වගේම මම හොඳට නෝට් කරපු තව හිපොක්‍රසි එකක් තමා කසාද බැඳපු පුතාව "මහ ගෙදර" තියාගන්න දත කන අම්මලගෙ හිපොක්‍රසි එක. මේ මහ ගෙදර කියන සංකල්පය හරියට ක්‍රියාත්මක වෙන්නෙ දකුණු ඉන්දියාවෙ ඇතැම් පාරම්පරික පවුල් වල. උදාහරණයකට, මළයාළම් නායර් වරැන්ගේ පාරම්පරික නිවසකට තරවඩු කියනව. ඓතිහාසික වශයෙන්, කේරළයේ සුවිශේෂී නාලුකෙට්ටු ගෘහ නිර්මාණ සම්ප්‍රදාය තරවඩුහි ඇත. එනම්, නාලුකෙට්ටු තාරවාඩ් එකක් ඉදිකරනු ලබන්නේ ශාලා හතරකින් වන අතර, ඒ සෑම එකක්ම වෙන් වී සහ නාඩුමුත්තම් ලෙස හඳුන්වන මැද මිදුළට ආවරණය වෙමිනි. ධනවත් හා වඩාත් කැපී පෙනෙන තාරවාඩ්වරු එවැනි යුනිට් ගොඩක් සහිත මන්දිර ඉදිකර ඇත, එනම් යුනිට් අටකින් යුත් එට්ටුකෙට්ටු, නාඩුමුත්තම් දෙකක් හෝ නාඩුමුත්තම් හතරක් සහිත ශාලා දහසයකින් යුත් පතිනාරුකෙට්ටු ආදියයි.
https://en.wikipedia.org/wiki/Tharavad#:~:text=Architecture&text=Inseparable%20from%20the%20traditional%20concept,a%20fire%20soon%20after%20construction.
මේක බලන කෙනෙක්ට පේන්න ඕනෙ මහ ගෙදරක මෙන්න මේව තිබිය යුතු බව.
1. ඒකෙ ඉන්න පවුල් ඒකක වලට වෙන වෙනම පෞද්ගළිකත්වය රැකෙන යුනිට් තිබිල තියෙනව
2. පවුලෙ පරම්පරා ගණනක් අනාදිමත් කාලෙක ඉඳල ජීවත් වෙනවා
3. මේව ඉඩකඩ සහිත විශාල ගෙවල්. උදාහරණෙකට කුස්සිය විසාලයි.
නමුත් ලංකාවේ ෆේක් මහ ගෙවල් සිංගල් ෆැමිලි යුනිට්. බැඳල මහ ගෙදර එන ජෝඩුව කාමරේකට ගාල් වෙනව. කුස්සියෙ දෙන්නෙක්ට හැරෙන්න බෑ. ඔක්කොමත් හරි ඒ අම්ම හුඟක් වෙලාවට තමන්ගෙ මනුස්සයගෙ මහ ගෙදර ඉන්න බැරැව වෙන ගෙයක් හදාගෙන අයින් වෙච්චි ඩයල් එකක්.තමන්ගෙ බෝයි ෆ්‍රෙඬ්ගෙ අම්ම බැන්දට පස්සෙ මහ ගෙදර ඉන්න බල කරනව කියපු දුවෙක්ට මම කීව හොයල බලන්න කියල ඒ අම්මගෙ නැන්දම්ම වෙනමද ඉන්නෙ කියල. බලාගෙන යනකොට ඔව්. කොහොමද වැඩේ.
මම දුවලට දෙන තවත් උපදෙසක් තමා බැන්දට පස්සෙ මහ ගෙදර ඉන්න බල කරනව නම් මුළ ඉඳන්ම වැඩ කෙරෙන විදිහත් කතා බහ කර ගන්න. අළුත් අවුරැද්දට නැන්දම්ම ලිප ගිනි මොලවද්දි ලේලිට කරබාගෙන පැත්තකට වෙලා ඉන්න වෙනව නම්, ගෙදර හැම වැඩේම ලේලිගෙ කරමතින් කර ගන්න බලන් ඉන්නව නම්, ඒ වගේ තැන් වලට යන්න එපා.
හැබැයි ඉතින් එහෙම කතාබහ කර ගන්න පෞරැෂයකුත් ඕනෙ. කසාදෙන් පස්සෙ පින්බත් ගිලින්න බලන් ඉන්නව නම් මේව කතා කරන්න බෑනෙ. දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්නයි වෙන්නෙ.
තුන් වෙනි කාරණේ තමා ආදායමක් නැතිව ගෙවල් වල ඉන්න ගෑණු උදාන ගී ගයන එක. එයාල කියනව අනී මගෙ මහත්තය හරි හොඳයි, මටයි බබාටයි හැමදේම කරනව. ඒ නිසා අපට රස්සා කරන්න ඕනෙනෑ කියන උදාන ගීය. මේ උදාන ගීය කියන ගෑණුන්ට තේරෙන්නෙ නැති දේ තමයි තමන් ඉන්නෙ මොනතරම් අස්ථාවර තත්වෙකද කියන එක. පරම්පරා හතකට හම්බකරපු දේවල් ති්‍යන පවුල් වල උදවිය නම් රස්සා කරන්න එපල්ල. නමුත් මනුස්සයගෙ වැටුපෙන් ජීවත් වෙන ගෑණු මේ ටික හිතන්න ඕන.
1. මනුස්සය මලොත් පවුලට යන කලදසාව මොකක්ද
2. මනුස්සය අසනීප උනොත් පවුලට යන කලදසාව මොකක්ද
3. මනුස්සය පිස්සුවක් කෙළියොත්- වෙන ගෑණියෙක් ගත්තොත් පවුලට යන කලදසාව
මොකක්ද
4. ලෝකය යන විනාශකාරී පාර ඇතුළෙ ඉස්සරහට එන අභියෝග වලට මූණ දෙන්න මුදල් අතින් මනුස්සයට සහයෝගයක් නොදී දඩ බිල්ම දදා ඉන්න එක හරිද? ඒ මනුස්සයගෙ පීඩනේ ගැන හිතන්න ඕනෙ නැද්ද?
5. ළමයින්ගේ උසස් අධ්‍යාපනේ වගේ දේවලට අවශ්‍ය මුදල් හිතන්න ඕනෙ නැද්ද?
මගේ ඥාති සොයුරියක් එක දවසක් මට කතා කලා හදිසියෙන්ම. ඇයට හස්බන් බණිනවලු රස්සාවට යන්න එපා කියල. මේ ජෝඩුව සමාජ මාධ්‍යයේ ලව් බර්ඩ්ල ලෙස රඟන ජෝඩුවක්. නමුත් ඇත්ත තත්වෙ ඕකයි. මේ දෙන්නම ලක්‍ෂ දහ පහළොවක් ගන්නා රස්සා කරන දෙන්නෙක්. ඒ නිසා ගෑනි රස්සාවට නොගිය කියල ගෙදර මුදල් අහේනියක් වෙන්නෙ නෑ. නමුත් මම කිව්ව කව් රැ කිව්වත් මම රස්සාවෙන් අයින් වෙන්නෙ නෑ, ඔයා කැමැත්තක් කරන්න කියල. මෙයත් දිගටම රස්සාවට ගියා. ඊට වසරකට විතර පස්සෙ හාට් ඇටෑක් එකක් හැදිල මනුස්සය මළා. ගෑණි එදා රස්සාවෙන් අයින් උනා නම් අද ලක්‍ෂ විස්සකට වැඩි දෙන්නගෙම මාසික ආදායමට කෙළ වෙලා. ඉගනගන්න දක්‍ෂ ළමයි තුන් දෙනාට වියදම් කර ගන්න බැරි වෙනව. දෙයියනේ කියල මගේ උපදේශෙ අහල ඒ ගොංකම නොකරපු නිසා අද ලක්‍ෂ දහයක ආදායමක් තියෙනව. සල්ලිම නෙමේ, මිනිහ මලාට පස්සෙ ගෑණියෙක්ට හොඳ සෝෂල් නෙට්වර්ක් එකක් ඕනේ, හොඳ සපෝට් සිස්ටම් එකක් ඕනේ, මොනවවහරි වැඩක යෙදිල හිත හිත දුක් වෙන එක නවත්තන්න ඕනේ, රස්සාව කියන්නෙ මාර හයියක්. ට්‍රිප් එකක් උනත් තනියම යනවට වඩා ඔෆිස් එකෙන් යන එක මාර පහසුයි.
තව කතාවක් කිව්වොත්, තරැණ දියණියක් කියනව මෙහෙම. "මගෙ හස්බන් මට රස්සාවට යන්න එපා කියල බනිනව. මමත් රස්සාවට නොයා ඉන්න කැමතියි. ඒත් මගේ ආදායම ැනැති උනොත් අපිට මේ දැන් ඉන්න ජීවන තත්වෙන් පහළ වැටෙන්න වෙනව. දැන් වාහනයක් තිබ්බට මගේ ආදායම ැනැති උනොත් අපිට මේක විකුණල බස් එකේ යන්න වෙනව. ගේ හදන එක පරක්කු වෙනව. මට තියෙන ප්‍රශ්නෙ ඒකයි"
ඒ නිසා ගෙවල් වල ඉන්න, මනුස්සයාගෙ පඩිය මතම ඩිපෙන් ඩ් වෙන ඉතිරි කරපු මුදල් දේපළ නැති කාන්තාවනි, අනවශ්‍ය ලෙස රඟන්නට එපා. ඔබ ඉන්න නරා වල ඔබට හොඳ ඇති, නමුත් අනිත් ගෑණු ඔය නරා වලට අදින්න එපා.
No comments:
Post a Comment