Wednesday, July 28, 2021

ප්‍රාථමික වලි විශ්ලේෂණය - Part 1

 සමහර ප්‍රාථමික ප්‍රශ්න වලට ලoකාව තුළ එකම උත්තරය හැමදාම එකතැන පල්වෙමින් පවතින පරම්පරාගත වෛරීය වළි මිසක ඒවා දශමයක්වත් විශ්ලේෂණය කරල අර මූළික ප්‍රශ්නයෙන් අඩියක්වත්  ඉස්සරහට  යෑම නොවේ. හැමදාම අර නරාවලේම එකතැන පල්වෙමින් රණ්ඩු වෙවී හිඳීම එහි ප්‍රතිපලයයි. 

උදාහරණයක් ගත්තොත් "දොස්තරල බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන ස්ට්‍රයික් කිරීම/රට හැර යාම/ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම වැරදියි" කියන මතය අපේ අම්මලත් කිව්ව, අපේ සමකාලීනයොත් කියනව, අපේ ඊළඟ පරම්පරාවත් කියාවි. කිසිම යාවත්කාළීන වීමක් නැහැ. දොස්තරල විතරක් නෙමේනෙ මහජනතාවගෙ මුදලින් ඉගෙනගන්නෙ, අපි හැමෝම ඉගෙන ගත්තෙ මහජනතාවගෙ මුදලින්. දොස්තරලගෙ දෙමව්පියොත් බදු ගෙවන මහජනතාවට අයත්නෙ. බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන (ඇත්තටම හුඟදෙනෙක් ඉගෙන නොගෙන ඒ මුදල් නාස්තිකරල) දේශපාලකයො වගේ අළුගුත්තේරැවො උනාට දොස් කියන්නැත්තෙ ඇයි? මෙන්න මේවගේ අපේ ආච්චිල සීයල අම්ම තාත්ත ගෙ අදහස් දශමයක්වත් විශ්ලේෂණය කරල අර මූළික ප්‍රශ්නයෙන් අඩියක්වත්  ඉස්සරහට ගිහින් "දොස්තරල බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන ස්ට්‍රයික් කිරීම/රට හැර යාම/ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම වැරදියි" කියන මතය යාවත්කාළීන කරල එක්කො  "බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගෙන බදු ගෙවන දුප්පත් මහජනතාවට කෙළින සියලුම නිළධාරීන් වැරදිය", නැත්නම්  "බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙන නොගෙන බදු ගෙවන දුප්පත් මහජනතාවට බරක් වූ  දේශපාලුවන් ආදී කළකන්නින් වැරදිය", වගේ මතයක් දක්වා වත් මේ වෙනකොට ඒ පරණ මතය නිවැරදි ලෙස ඉදිරියට යා යුතුව තිබුනා. නමුත් අප තවමත් දෙපිළ බෙදී හද්ද පරණ ගෝත්‍රික මුල් මතයට තාම වළි. අපේ රට අදහස් අතින් එකතැන පල් වෙන බව කියන්නට මීට අමතරව නිතරම වළි යන පහත  මතද බලන්න; පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරැද්ධ වීම,  රජෙක් ඕනෑ යැයි සිතීම, වෙජිටේරියන් සහ මීට් ඊටර්ස්ලගේ වලිය, විද්වතුන් රට හැර යාම  දේශද්‍රෝහී කමකි, දොස්තරට පොඩ්ඩ ඇත්නම් බදු ගෙවන දුප්පත් මහජනතාවගෙ මුදලින් ඉගෙනගත්තු හැටි මතක් කර කර ගේම ඉල්ලන ගමන් තමන්ට මහ පරිමාණයෙන් අරින දේශපාලකයාට වැඳ වැඳ ඡන්දය දීම ආදිය පරම්පරාගතව පැවත එන එබඳු ගෝත්‍රික මත වේ.


අපට මූළික ගෝත්‍රික මතයෙන් අඩියක්වත් මතවාදීව ඉස්සරහට යන්නට බැරි වුනේ ඇයිද යන්න සොයා බැලීමත් හරිම වැදගත්. මට තේරෙන ආකාරයට ඒකට හේතු මෙන්න මේවායි;

1. අධික ඊර්‍ෂ්‍යාව හා කුහකකම. 

ලෝකයේ අනිත් බොහෝ ජාතීන්ට වඩා තරඟකාරී අධික ඊර්‍ෂ්‍යාපරවශ හා කුහක ජාතියක් ලoකාවෙ ඉන්නෙ. මගේ අත්දැකීමෙන් කියන්නෙ, වෙන රටවලත් අණ්ඩපාලයො හිටියට ලoකාවෙ අණ්ඩපාලයො ප්‍රතිශතය ඉතා ඉහළයි සහ උන්ගෙ වැඩ වල දරැණුකම ඉතා ඉහළයි. මේකට හේතුව දරැවන්ට මුල් ළමා වියේ සාර ධර්ම වෙනුවට විශය කරැණු මොළයට දැමීමත් අධ්‍යාපනයට තිබෙන කැත තරඟයත් වෙන්න ඇති. දොස්තරලට අර කළින් කියපු විදියට බනිණ අය තුළ බොහෝ විට තිබෙන ඇත්ත හේතුව අධ්‍යාපනයට තිබෙන කැත තරඟය නිසා ඇති වූූ අධික ඊර්‍ෂ්‍යාව හා කුහකකමයි. ඒක වෙනස් කර ගන්නෙ එක්කො තමුන්ගෙ ළමය මෙඩිකල් කොලේජ් සිලෙක්ට් උනොත් නැත්නම් තමුන්ගෙ ළමයට ඩොකෙක් කසාදෙට සෙට් උනොත් විතරයි.

2. බුද්ධාගම 

සමාවෙන්න බෞද්ධයිනි ඔබව ට්‍රිගර් කිරීම මගේ අරමුණ නොවේ. නමුත් මම ආශ්‍රය කරපු හොඳ දේවවාදී ආගමිකයන්ගේ (හින්දු, ක්‍රිස්තියානි, යුදෙව්, මුස්ළිම් ආදී) දැකපු ප්‍රධානම ලක්‍ෂණයක් නම් නිහතමානී කමයි. දියුණු වෙන්න වෙන්න, උගත් වෙන්න වෙන්න නිහතමානී කම වැඩියි. ඒකට ලoකාවෙ බෞද්ධයො, පට්ටම උද්දච්චයි, අන්තිම ආඩම්බරයි, දියුණු වෙන්න වෙන්න, උගත් වෙන්න වෙන්න උද්දච්චකම වැඩියි. මේකට හේතුව  මට හිතෙන හැටියට,දේවවාදී ආගම් අදහන මිනිස්සු තමන්ගෙ ඇචීව්මන්ට්වල ක්‍රෙඩිට් එක දෙන්නේ දෙවියනට. ඒකරල තමන්ට එසේ ආශිර්වාද කලාට ස්තූතිවන්ත වෙනවා. කුමන හෝ ආහාරයක් අනුභවයට පෙර තුති පුදනවා. මේ පුරැද්ද නිසා ඒ මිනිස්සු නොදැනුවත්වම නිහතමානී වෙනවා. මොකද ඇති එකා නිහතමානීව  නැති එකාට උදව් කරන අතර නැති එකා ඇති එකාව දකින්නේ දෙවියන්ගේ ආශිර්වාදය  නිසා ඉහළ ගිය එකෙක් ලෙසයි. එවිට ඌට ඊර්ශ්‍යා කිරීම වෙනුවට තව තවත්  දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට කැප වීම අරමුණු වේ. නමුත් බෞද්ධයන් තමන්ගෙ ඇචීව්මන්ට්වල ක්‍රෙඩිට් එක දෙන්නේ තමන්ටමයි සහ තමන්ට ලද දේට කෘතඥ නොවී නොලැබුනු දේට දුක් වෙවී අඩපාළි කියමින් ඉන්නයි වඩා නැඹුරැ. 

නොබල් තෑග්ග ගත්ත හෝ ඒ හා සමාන මහාචාර්‍යවරැ සමඟ කතාබහ කරද්දී ඒ මිනිස්සු බහුතරය පට්ටම නිහතමානී බව මම අත්දැකල තියෙනව වගේම ලෝකල් පීඑච්ඩී එකක් ගොඩදාගෙන  ලoකාවෙ මහාචාර්‍යවරැ වෙලා  ඉන්න එක හරිහමන් පර්‍යේෂණ පත්‍රිකාවක් නැති පට්ට උද්දච්ච ඇඟපුරාම බෞද්ධ පොරවල් එක්කත් වැඩ කරපු මම දන්නව මේක හොඳින්ම. ඉලන්චේලියන් විනිසුරැ තුමා ගේ නිහතමානී බව තවත් උදාහරණයක්.  

ඇඟපුරාම බෞද්ධ, මහරගම පිළිකා රෝහලේ පරිපාලක ලෙස කටයුතු කළ,අභාවප්‍රාප්ත, දොස්තර වසන්ත සේනානායක ගේ ඇදහිය නොහැකි තරම් පහත් භාෂාව බලන්න;

https://www.colomboxnews.com/2019/12/12/%E0%B6%B8%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8-%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A-%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D/


බොහොමයක් බෞද්ධයින් තම ඊගෝව යන්තම් පළුදු වෙච්ච ගමන් මෙසේ  එලෝ මෙලෝ සිහියක් නැතුව පරළ වෙන හැටි මම හරියට දැකල තියෙනව. 


ඊලඟට,

3. යමක් විශ්ලේෂණය කිරීමට උනන්දුවක් නැති තමන්ගේ ගෝත්‍රික මතයේම තරයේ එල්බ සිටීමේ නැඹුරැව 

4. අන්තයන් වලට යාම 

5. වහල් මානසිකත්වය 

ගැන පසුව ලියන්නම්.

Wednesday, July 7, 2021

දේශපාලකයාගේ භූමිකාව - නීතිවේදී ප්‍රමිත් ගනේආරච්චි

 







මං හිතන්නෙ මේ ඡායාරූපය ගොඩක් දෙනෙක් දැකලා තියෙන ඡායාරූපයක්. (ඇමෙරිකානු ඉතිහාසය අරගෙන බැලුවම මේක ඓතිහාසික ජායාරූපයක්! මෙහි ඇමෙරිකානු ජනාධිපතිවරු දෙදෙනෙක් සහ හිටපු ජනාධිපති වරයෙකුගේ බිරිඳක් සහ ජනාධිපති අපේක්ෂිකාවක් ඉන්නවා. මේ පින්තූරයේ ඉන්නේ සහකාර අණදෙන නිළධාරී, ප්‍රධානියා ඒ වෙලාවේ අදාළ බාරධූර කාර්යයේ නිරතවෙලා, මේ පින්තුරය ගත්තේ අපේ මිත්‍ර පීට්, පින්තූරයේ ඉඳපු නිලධාරීන්ගේ නම් ගම් පැහැදිළිව තේරුම් ගන්න පින්තුරයක් ඇමුණුවා!-commented by Sri Walpola to the original post)

මේ Photo එක අරන් තියෙන්නෙ 2011 මැයි 01 හවස 04.05 ට.
බැරක් ඔබාමා ඇතුළු ඔහුගේ ආරක්ෂක උපදේශක කණ්ඩායම ඔසාමා බිල් ලාඩන් අල්ලන මෙහෙයම සජීවීව නරඹන අතරවාරයේ තමයි මේ Photo එක අරන් තියෙන්නෙ.
ඇමරිකාව කියන්නෙ ජනාධිපති ආණ්ඩුක්රමය ක්රියාත්මක වෙන රටක්. එතකොට අපේ රටේ වගේම සේනාධිනායක වෙන්නෙ ජනාධිපති. මේ ඡායාරූපය ගන්න කාලෙ ජනාධිපති බැරක් ඔබාමා. ඒ කියන්නෙ ඔහු තමයි Commander in Chief.
දැන් ඔබට පේනවා ඇති මේ ඡායාරූපයේ මූලාසනය වගේ තියෙන ආසනයේ මනුස්සයෙක් වාඩිවෙලා ඉන්නවා. ඒ ඇවිල්ලා ලුතිනන් ජෙනරල් බ්රැඩ් වෙබ්.
හැබැයි තමන් ත්රිවිධ හමුදාවේ සේනාධිනායක කියලා ඔබාමා මුලසුනේ වාඩි වෙලා නැහැ.
ඇයි ඒ..??
මෙතන මේ වෙන්නෙ ලෝකේ ප්රධානතම ත්රස්තවාදී නායකයෙක් අල්ලන වැඩක්. . එතකොට ඔබාමා මුල් පුටුවේ වාඩි වෙලා අතනින් යන්න කියන්න, අර අතන Cover කරගන්න. ඔන්න දැන් වෙඩි තියන්න වෙඩි තියන්න කිය කිය උපදෙස් දෙන්න යන්නෙ නැහැ.වැඩේ දන්න අයට කරගෙන යන අයට කරගෙන යන්න දීලා ඔබාමා පැත්තකින් වාඩි වෙලා ඉන්නවා
මට මේක ලියන්න හිතුණේ අපේ රටේ පහුගිය දවස් ටිකේ ඇහුණ දැකපු දේවල් ටිකක් නිසා.
ආසන්නතම සිද්ධිය තමයි මම දැක්කා නාමල් රාජපක්ෂ ඇමතිතුමා මුලසුන දරමින් වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ රාජ්ය ඇමතිතුමිය ඇතුළු රාජ්ය අමාත්යවරුන් සමඟ එන්නත්කරණය කාර්යක්ෂම කරන විදිය ගැන තිබුණ සාකච්ඡාවක්.
මං කියන්නෙ නාමල් මහින්ද රාජපක්ෂගෙ පුතා වීම නිසාම අඤී අඤ්ඤ පඤුල් පාලඤේ ගාන්න ඕන නැහැ. මම ඒකට විරුද්ධයි.
තරුණ නායකයෙක් විදියට නාමල්ට පුළුවන් තමන්ට අත්දැකීම් තියෙන තමන් දන්න දෙයක් වෙච්ච ක්රීඩාව ගැන, තරුණ ගැටළු ගැන ඕන තරම් මුලසුනේ ඉඳන් සාකච්ඡා මෙහෙයවන්න. හැබැයි එන්නත්කරණය ගැන නාමල්ට මොකක්ද සුදර්ශනී ඇමතිතුමියට දෙන්න පුළුවන් උපදෙස?
තව ආසන්නතම දැක්ක දෙයක් තමයි අර නැවේ ගින්න. නැව ගිණි ගන්නවා කිව්ව ගමන් ඒ වගේ දෙයක් ගැන අබමල් රේණුවක අදහසක් නැති ඇමති එතනට ගිහින් නිළධාරීන්ට උපදෙස් දෙනවා වගේ එහෙට මෙහෙට අත දික්කරලා Photo ටිකක් අරන් ඇවිල්ලා ගින්න නිව්වා කියලා Facebook Page එකත් Update කරලා ඉවරයි. අන්තිමේ නැව නිකං පිච්චුන පපඩමක් වගේ කරකුට්ටම්.
ඒ සිද්ධියටම මම දැක්කා ජනාධිපතිතුමාත් උපදෙස් දීලා තිබ්බා නැව මුහුද මැදට අරන් යන්න කියලා. මං අහන්නෙ ඒක ජනාධිපතිතුමා කියන්න ඕන එකක්ද.??
ඒ විතරක් නෙවෙයි දවසක් අද දෙරණ News alert එකක් එනවා එන්නත්කරණය දිගටම කරගෙන යන්න කියලා ජනාධිපතිතුමා සෞඛ්ය අංශවලට උපදෙස් දුන්නා කියලා. ගෙනාපු එන්නත් ටික මිනිස්සුන්ට ගහන්න නැතුව ඒවයින් මූණ හෝදන්නයැ.
මං අහන්නෙ ඇයි මේ හැම එකක්ම මම තමයි කරන්න ඕන, හැම එකකටම මම තමයි උපදෙස් දෙන්න ඕන, හැම එකක්ම මම තමයි දන්නෙ කියලා හිතන් ඉන්නෙ..??
නායකයෙක් කියන්නෙ මේ ලෝකේ තියෙන හැම දේම ගැන පරතෙරටම දැනගෙන ඒ හැම දෙයක් ගැනම තමා පුද්ගලිකවම උපදෙස් දෙන්න ඕන කියලා හිතන් ඉන්න කෙනෙක් නෙවෙයි.
නායකයෙක් කියන්නෙ යම් නිශ්චිත වැඩකදි ඒ සම්බන්ධ ප්රවීණයෝ අති දක්ෂයො එකට එකතු කරලා ඔවුන්ගේ දක්ෂකම් අවශ්ය අරමුණක් වෙනුවෙන් මෙහෙයවන්න පුළුවන් මනුස්සයෙක්.
මේ රටේ මිනිස්සු කවදා එහෙම නායකයෙක් හොයාගනියිද මන්ද. පේන මානෙක එහෙම නායකයෙකුත් නෑ. මිනිස්සුන්ගෙ එහෙම සූදානමකුත් නැහැ.
මට ඇත්තටම තේරෙන්නෙ නෑ මේ රටට මොන කරුමයක්ද මේ පලදීලා තියෙන්නෙ කියලා..!!! 💔
- නීතිවේදී ප්රමිත් ගනේආරච්චි
https://www.facebook.com/PramithGanearachchi





සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...