Thursday, January 2, 2020

අම්පිටියේ සුමනරත්න හිමිගේ කණේ පහර සහ සිoහල බෞද්ධයන්ගේ සැබෑ ඛේදවාචකය

අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා ඒ ගැන මගේ අදහස් මෙසේ ලිවීමට සිතුනා. හාමුදුරැ කෙනෙක් මොනම හේතුවකටවත් එසේ ප්‍රචන්ඩකාරීව හැසිරී මිනිසෙකුගේ කණට ගැසීම හරිද, නොඑසේනම් අන්‍යාගමිකයන් බෞද්ධයන්ව මෙසේ නොයෙක් කැරට් අල පෙන්නා අන්‍යාගමීකරණය කිරීම හරිද ආදී ජනප්‍රිය මාතෘකා වලින් මේ ගැටලුවේ මතුපිට පමණක් සාකච්ඡා කෙරෙන බව මගේ හැඟීමයි. මෙතනදී සිoහල බෞද්ධයින් තම තමන්ගෙන් ඇසිය යුතු සැබෑම ප්‍රශ්නය නම් "සුරoගනා කතා කියන", "කැරට් අල පෙන්නන" අන්‍යාගමිකයන්ට මෙතරම් පහසුවෙන් බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට හැකි පරිදි එකී සිoහල බෞද්ධයින් අසරණ සහ අවාසනාවන්ත අඩියකට පත් වූයේ මන්ද යන ප්‍රශ්නයයි.

සිoහල බෞද්ධයින් මෙසේ අන්ත අසරණ තත්වයට පත් වීමට බලපා ඇතැයි මට සිතෙන කරැණු වලින් තෝරාගත් කිහිපයක් පහත දක්වා ඇත.

a. මම දන්න හොඳ සිoහල බෞද්ධ දෙමව්පියන් තමන්ගේ තරැණ දුව පිරිවෙනේ A/L පන්තියට යනවාට අකමැතිව එම ටියුෂන් සර් වෙනත් තැනක කරන පන්තියට දුවව යවයි. ඔබත් එවැනි දෙමාපියෙක්ද?

b. සිoහල බෞද්ධ කී දෙනෙක් උදේට හාමුදුරැ කෙනෙක් දැකීම අසුභ යැ‍යි සලකනවාද?

c. සිoහල බෞද්ධ ඔබ කී දෙනෙක් ඔබේ දරැවා මහණ කරනවාට කැමතිද, ඒ ගැන සිතීමත් ඔබට ඉතා වේදනාත්මකයි නේද?

d. සිoහල බෞද්ධ ඔබට ගැටළුවක් ඇතිවූ අවස්ථාවක ඔබේ ආගමික ආයතනයෙන් ලබා දෙන emotional, financial සහ moral සහයෝගය මොනවගේද, ඒ ගැන සෑහීමකට පත් විය හැකිද කියලා.

e. ඔබ සිoහල බෞද්ධ කාන්තාවක් නම් ඔබේ හිතට එකඟව බිය සැක නැතිව තනිපoගලමේ ඔබේ පන්සලේ හාමුදුරැවන් හමුවී ඔබට ඇති ගැටලුවක් ගැන කතාබහ කල හැකිද? එක්කෝ හාමුදුරැවන් ඔබේ ඇඟට එන්නැතුව, එක්කෝ හාමුදුරැවන්ට ගෑනු සමඟ කිසි ඇයිහොදැයියක් නැතැයි කියන්නැතුව, කොටින්ම professional විදියට කාන්තාවක් සමඟ ගනුදෙනු කරන්නට ඔබේ පන්සලේ හාමුදුරැවන්ට තේරැමක් තිබෙනවාද?

f. සිoහල බෞද්ධ ඔබ මහණ වීම යනු හතර කේන්දරය පාළු, වෙනත් වචන වලින් කියනවානම් ගිහිව සිටියානම් වගතුවක් නැති පිරිමි උදවියට ඇති විකල්පයය, ගමේ දුප්පත් පිරිමි දරැවාට කුසට අහරක් ලැබීමට හෝ අධ්‍යාපනයක් ලැබීමට ඇති විකල්පයයැයි සිතනවාද?

g. ඔබට ඔබේ ගමේ පන්සලේ හාමුදුරැවන්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් තිබෙනවාද, රටේ මහනායක හාමුදුරැවන්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් තිබෙනවාද, නැත්නම් ඔබ "මට හාමුදුරැවන් ගැන පැහැදීමක් නෑ, ඒත් චීවරයට වඳිනවා" සoගමයේ lifetime member කෙනෙක්ද?

h. සිoහල බෞද්ධයන්ට බෞද්ධ ක්‍රමයට විවාහාපේක්‍ෂකයන්ට විවාහ උපදේශනයට, බෞද්ධ ක්‍රමයට අසල්වැසියන් අතර/අඹු සැමියන් අතර ප්‍රශ්න විසඳා ගැනීමට, බෞද්ධ ක්‍රමයට සුරා සූදුවට ඇබ්බැහි වූවන් එයින් මුදවා ගැනීමට, බෞද්ධ ක්‍රමයට මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කිරීමට උපදෙස් දීමට ආදී පන්සල මූලික කරගත් බෞද්ධ ක්‍රමයට ජන ජීවිතය නගා සිටුවීමේ වැඩසටහන් තිබෙනවාද?

i. ඔබේ ගමේ පන්සලේ හාමුදුරැවන් සමඟ බුද්ධිමය සoවාදයක යෙදීමට තරම් උන්වහන්සේ සෞඛ්‍යසම්පන්න (ඇස් පේන, කන් ඇසෙන, තරමක් වෙලා කතා කල හැකි තරම් මට්ටමටවත්), ආචාරශීලී, දැන උගත්, යාවත්කාලීන වූ දැනුමක් ඇති, ගිහියන් කෙරේ උස් පහත් ගෑනු පිරිමි බේදයකින් තොරව අනුකම්පා කර ආශ්‍රයට අවස්ථාව ලබා දෙන කෙනෙක්ද ?

j. ඔබේ හාමුදුරැවන් අන්‍ය මත සහ තර්ක විතර්ක ඉවසන කෙනෙක්ද නැතිනම් තරහ ගොස් කණේ පාර දෙන කෙනෙක්ද, ඔබේ ගැටලුවකට intelligent පිළිතුරක් දෙන කෙනෙක්ද නැත්නම් බොහෝ යල් පැන ගිය උත්තරයක් දෙන කෙනෙක්ද, ඔබේ ගැටලුවකට ත්‍රිපිටකය ආදී බුද්ධ භාෂිතයෙන් උපුටාගත් විසඳුමක් දෙන කෙනෙක්ද නැත්නම් තමන්ගේ පෞද්ගලික මතය ඔබ මත පටවන්නට හදන කෙනෙක්ද?

k. ඔබේ නිවසේ ත්‍රිපිටකය ඇතුලු ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ (ක්‍රිස්තු භක්තිකයන්ගේ බයිබලය හෝ ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානයට equivalent) තිබෙනවාද? ඒවා කියවීමේ සහ ඔබේ දරැවන් සමග හැදෑරීමේ පුරැද්දක් තිබෙනවාද?

l. කිසියම් හෝ පුද්ගලයෙක් බුද්ධ භාෂිතය කියා අමුතු යමක් කිව්වොත් ඔබ ත්‍රිපිටකය ඇතුලු ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ පෙරලා බලා එය ඇත්තටම බුද්ධ භාෂිතයද නැත්තම් එම පුද්ගලයාගේ පෞද්ගලික මතයක්දැයි සෙවීමේ පුරැද්දක් තිබෙනවාද, නැත්නම් අර පුද්ගලයාට වශී වී ඔහු/ඇය කියන ඕනෑම පෞද්ගලික මති මතාන්තරයක් බුද්ධ භාෂිතය යැයි සිතා සාධු සාධු කියමින් හිස්මුදුනින් පිළිගන්නවාද?

m. සිoහල බෞද්ධ ඔබ අදහන්නේ ථෙරවාද බුද්ධාගමද නැත්නම් බුද්ධාගමේ ඔබට අදහන්න පහසු හෝ කැමති version එකක්ද? උදාහරණයකට ඔබ පන්සිල්වත් රකින්න අoවක උත්සාහයක් දරනවාද නැත්නම් එහි සුරාමේරය අතහැර සිව්සිල් version එක රකිනවාද, තවත් උදාහරණයක් ගත්තොත් ඔබ බස් එකේ කාන්තාවකට අතවර කිරීම කාමමිත්‍යාචාරය නොවේ යැයි සලකන version එක අදහන බෞද්ධයෙක්ද? එහෙමත් නැත්නම් මම කාර්‍යාලයෙන් හොර බොරැ කර මෙපමණක් මුදල් ගත්තාට එයින් මෙපමණක් චැරිටි කරනවා ඒ නිසා මට පව් සිදු නොවේ යැයි යන මතය දරන රොබින්හුඩ් version එක අදහන බෞද්ධයෙක්ද?

n. ඔබ හාමුදුරැවන් දේශපාලනය කිරීම, බිස්නස් කිරීම, හෝ වෘත්තීය සමිති මෙහෙයවීම ආදිය අනුමත කරනවාද?

o. ඔබ කුඩා දරැවන් මහණ කිරීම අනුමත කරනවාද?

p. ඔබ කුළය පදනම්වූ මහණ වීමේ අයිතිය අනුමත කරනවාද?

q. ඔබ කාන්තාවන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස සලකමින් කාන්තාවන් තම සිරැරේ සඟවාගෙන ලoකාවට ගෙන ආ දළදාව, නැතිනම් කාන්තාවන් අත වැඩමවූ  ජය ශ්‍රී මහා බෝධිය ආදිය ආදියට වැඳුම් පිදුම් කිරීමට කාන්තාවන්ට බාධා කිරීම අනුමත කරනවාද?

r. කාන්තාවන් වීම පෙර කළ පව් පලදීමක්ද?

s. ඔබේ පන්සලේ දායක සභාවේ ඉන්නේ හොඳ බෞද්ධයන්ද නැතිනම් හොඳ සල්ලිකාරයන්/බලපුලුවන් කාරයන්ද?

t. ඔබේ අසල්වැසියන් අතර ඉන්න ශාරීරික/මානසික අබල දුබලතා ඇති/දුප්පත්/කරදරකාරී (බේබදු/මතට ඇබ්බැහි වූ/අසීලාචාර/අපිරිසිදු/කලහකාරී ආදී) බෞද්ධ අසල්වැසියන්ට නිසි පරිදි උදව් උපකාර කිරීමේ ක්‍රමවේදයක් (ඉස්ලාම් ආගමිකයන්ගේ මෙන්) තිබෙනවාද? (ඉඳහිට මොනවහරි දීම නොවේ, පන්සල මූලික කරගත් පැහැදිලි ස්ථිරසාර ක්‍රමවේදයක්). නැතිනම් ඔබ සහ ඔබේ පන්සල එම දුප්පත්, කරදරකාරී බෞද්ධ අසල්වැසියාව කොන් කරනවාද?

u. ලoකාවේ කතෝලික සභාවේ සියලුම පල්ලි hierarchy එකක් අනුව එකට බැඳී  සමගියෙන් එක ආයතනයක් ලෙස කටයුතු කරන්නාක් මෙන් බෞද්ධ පන්සල් එකට බැඳී hierarchy එකක් අනුව සමගියෙන් එක ආයතනයක් ලෙස කටයුතු කරනවාද නැත්නම් එක එක හාමුදුරැවන් තම තම අභිමතය පරිදි භේද භින්න වී කිසිම coordination එකකින් තොරව කටයුතු කරනවාද?

v. ඔබේ පන්සලේ හාමුදුරැවන් විනය විරෝධී අයෙකු නම් ඔබට ඒ ගැන කලහැක්කේ කුමක්ද, ඔබට නිසි corrective and preventive  ක්‍රමවේද තිබෙනවාද?

w. At the end of the day, ඔබ හරියටම බුද්ධාගම අදහනවාද ඒගැන ඔබට අවoකව සෑහීමකට පත් විය හැකිද? ඔබෙන් බෞද්ධ සමාජයට සැලකියයුතු සේවයක් සිදු වී තිබෙනවාද?

ඉහත සඳහන් ප්‍රශ්න වල මම බෞද්ධ සමාජයේ දකින සමහර අඩු පාඩු සඳහන් කලෙමි.

මගේ අදහසට අනුව ශ්‍රී ලාoකික බෞද්ධයාට වැරදුනු ප්‍රධානම තැන බුද්ධ භාෂිතය නිසි පරිදි අධ්‍යයනය  නොකිරීමයි. වෙන හැම ආගමකම හොඳ ආගමිකයන් තම ප්‍රධාන ධර්ම ග්‍රන්ථ ක්‍රමානුකූලව පරිශීලනය කරති. උදාහරණයක් ගත්තොත් ඇමරිකාව ක්‍රිස්තියානි රටකි. ඇමරිකාවේ හොඳ ක්‍රිස්තු භක්තිකයන් සතියකට අවම වශයෙන් පැයක්වත් බයිබලය පවුලේ උදවිය සමඟ කියවමින් අධ්‍යයනය (bible study) කරති. බයිබලය (hard copy) සෑම තැනකම පාහේ සොයා ගත හැක. ඇමරිකාවේ ඕනෑම හෝටල් කාමරයක ඇඳ අසල ලාච්චුවේ බයිබලයක් ඇත. සෑම පල්ලියකම පාහේ බයිබලය අධ්‍යයනය කරන, තම පල්ලියේ සාමාජිකයන් ගෙන් සැදුම්ලත් කණ්ඩායම් (වයස අනුව, බයිබලය ගැන ඇති දැනුම අනුව, දරැවන්ට විශේෂ ආදී) ඇත. ඔවුන් සතියකට වරක් වත් හමුවී කෝපි බොමින් විනෝද වෙමින් බයිබලය කියවමින් එහි කරැණු ගැඹුරින් සාකච්ඡා කරති. ඇමරිකාවේ පල්ලි වල දේවමෙහෙයේදී පූජකයන් දේශනා කරන්නේ බයිබලයේ අඩoගු දේ මිස පෞද්ගලික මති මතාන්තර නොවේ. මන්ද එතන කාටවත් පූජකයාගේ පෞද්ගලික අදහස් වැදගත් නැති හෙයිනි. ඇමරිකාවේ ක්‍රිස්තු භක්තිකයන් නිතර දෙවේලේ බයිබලය පරිශීලනය කරන නිසා ඒ ගැන මූලික අවබෝධයක් ඇති බැවින් පූජකයාට තම පෞද්ගලික මත ඔවුන් පිට පැටවිය නොහැක. උදාහරණයක් ගත්තොත් කාන්තා පීඩක මානසිකත්වයක් ඇති පූජකයෙකු දේවමෙහෙයේදී නූතන කාන්තාවන්ගේ ඇඳුම්, සපත්තු, මේක් අප් ආදිය අනවශ්‍ය ලෙස අපහාසයට උපහාසයට ලක් කලොත් එය බයිබලයේ නැති පූජකයාගේ පෞද්ගලික මතයක් බව තේරැම් ගැනීමටත් ඒ සඳහා corrective and preventive ක්‍රියාමාර්ග ගැනීමට පල්ලියට ඒත්තු ගැන්වීමටත් තරම් බයිබලය ගැන මූලික අවබෝධයක්, මොළයක්, සහ කොන්දක් ඇමරිකාවේ ක්‍රිස්තු භක්තිකයන් බොහොමයකට ඇත.
ඔබ ඇදහිය යුත්තේ බුදුන් වහන්සේ මිසක අසවල් හාමුදුරැවන්/පුද්ගලයා නොවේය. මගේ අදහසටඅනුව ශ්‍රී ලාoකික බෞද්ධයන් දැන්වත් සිoහලට/ඉoග්රීසියට පරිවර්තනය කල ත්‍රිපිටකය ඇතුලු ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ වල hard copies තම නිවසේ තබාගෙන එය ක්‍රමානුකූලව අධ්‍යයනයට උත්සාහ කල යුතුය. තේරැම නොදන්නා පාලි/සoස්කෘත පල් හෑලි කටපාඩම් කිරීම සහ ගිරවුන් මෙන් වැමෑරීම නතර කර ඒවායේ තේරෙන සිoහලයෙන් කල පරිවර්තන සිහි බුද්ධියෙන් සජ්ජායනා කල යුතුය. අතන මෙතන ඕපාදූප කතා කරන සහ පාරේ රස්තියාදු ගසන කාලය ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ අධ්‍යයනයට යොදා ගත යුතුය. Bible study වලට සමගාමී වැඩපිළිවෙලවල් බෞද්ධයන් අතර දියත් කල යුතුය. පල්ලියට බයිබලය ගෙන යන පරිදි බෞද්ධ ධර්මදේශනාවට සිoහලට/ඉoග්රීසියට පරිවර්තනය කල ධර්ම ග්‍රන්ථ ගෙන යා යුතුය. හාමුදුරැවන් දේශනාව ඇරඹීමේදී බුද්ධ භාෂිතය ලියැවුනු අහවල් පොතේ අහවල් සූත්‍රයේ අහවල් කොටස ගැන දේශනා කරන බව පැවසීම සුදුසුය. එවිට බණ අසන උදවියට එම පොත refer කල හැක. එවිට එක එක වඳුරැ කුණුහරැප වලට නොව සැබෑ බුද්ධ භාෂිතයට සාධු සාධු කියමින් බණ ඇසීමට ඔබට හැකි වේ. බුද්ධ, ධම්ම, සoඝ යන තෙරැවණින් අද බුදුන් නැති නිසාත් සoඝ සමාජය විපරීතව ඇති නිසාත් ඔබ ප්‍රධාන ගුරැ කොට ගත යුත්තේ ධම්මයම වේ.
ශ්‍රී ලාoකික බෞද්ධයන් දැන්වත් බුද්ධ භාෂිතයට පිටින් ඇති සියලුම සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. උදාහරණයකට කුළය පදනම්වූ මහණ වීමේ අයිතිය යනු තනිකරම බුද්ධ භාෂිතයට opposite දෙයකි. වාසිතය බ්ලොගයේ මෙහි ඇරඹුම ගැන අගනා ලිපියක් පල විය (https://wasithaya.blogspot.com/2019/11/6.html). වාසිතයට අනුව //රාජාධි රාජසිංහ රජතුමා රාජ ආඥාවක් පනවනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයට විතරයි කියල// - මගේ අදහසට අනුව ශ්‍රී ලාoකික බෞද්ධ ඔබ පිළිගත යුත්තේ බුද්ධ භාෂිතය පමණි. අර රජාගේ මේ රජාගේ අරයගෙ මෙයාගෙ කෑලි කළවම් වූ විගඩමක් නොවේ. ඒ සඳහා පලමුව ඔබට බුද්ධ භාෂිතය ගැන මූලික අවබෝධයක්වත් තිබිය යුතුය. ශ්‍රී ලාoකික බෞද්ධයන් තමන් කරන සෑම දෙයක්ම බුද්ධ භාෂිතයට අනුකූලවම කල යුතුය. ඒ අනුව මoගල යෝජනා වලදී කුළය සැළකීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් ආදිය පස්සේ දිවීම, දේවාල වල රිoගීම ආදී සමාජයේ මුල්බැසගත් අබෞද්ධ අඥාන පැරණි පුරැදු අමාරැවෙන් උනත් නතර කල යුතුය.

මගේ අදහසට අනුව ශ්‍රී ලාoකික බෞද්ධයාට වැරදුනු දෙවන ප්‍රධානම තැන බුද්ධාගම වෙනුවට බුද්ධාගමේ තමන්ට අදහන්න පහසු හෝ කැමති version එකක් ඇදහීමයි. දේවවාදී ආගම් වල මෙන් supreme entity එකක් ඔබ හරියට ධර්මානුකූළව ජීවත් වන්නේදැයි බලා නොසිටින නමුත් ඔබට කැමති කැමති ලෙස බුද්ධාගමේ නීති රීති කඩ කල නොහැක. පන්සිල්වත් රකින්න අoවක උත්සාහයක් නොදරන "බෞද්ධයා" මගේ අදහසේ හැටියට ඇත්තටම බෞද්ධ වෙසින් සිටිනා නිරාගමිකයෙකි. හොඳ නිරාගමිකයෙක් නොව නරක, කුහක, කපටි, ආත්මාර්ථකාමී, තමන්ගේ වාසියට ඕනෑම පහත් දෙයක් කරන නිරාගමිකයෙකි. බුද්ධාගමේ versions නැත. බොහෝ බෞද්ධයින් පුලන්නන් වී විනාශ වී අනාථ වී නන්නත්තාර වී යාමට මූලික කාරණයක් වන බේබදුකම පන්සිල්වත් නොරැකීමේ direct ප්‍රතිපලයකි. සුරාමේරය අතහැර සිව්සිල් version එක ඇදහීමේ ප්‍රතිපලයකි (ඉතුරැ සීල හතරත් බොහෝ විට කිසි ගානක් නැතිව කඩා කෙසේහෝ justify කරගනිති).  ශ්‍රී ලoකාව තවත් හයිටියක් නොවී මෙපමණකින්වත් බේරී තිබෙන්නේ කාන්තාවන් මහා පරිමාණයෙන් සුරා සූදුවට ඇබ්බැහි කර ගැනීමට තාමත් බැරි වූ නිසා බවයි මගේ අදහස. බොරැ කීම, කේලාම් කීම, සොරකම, හින්සනය වැනි බුද්ධාගමේ මූලිකම හර පද්ධතියටවත් නොගැළපෙන ක්‍රියාවල් බෞද්ධ සමාජයේ මෙතරම් අරටු බැස තිබීම පුදුමයට කරැණකි. බෞද්ධ යැයි කියන බොහෝ මිනිසුන් hypocrite ලා බවට හොඳ සාක්‍ෂියකි. දැන්වත් බුද්ධ භාෂිතයට අනුකූලව මේවායින් හැකි තරම් ඈත් නොවුනොත් බුද්ධාගම  විනාශ වී යාම වැළැක්වීමට බැරිය. ඉස්ලාම් භක්තිකයන් යන යන තැන ප්‍රබලව වර්ධනය වීමට මූලික කාරණයක් ලෙස මත් පැනින් වැලකීම මම දකිමි. අනිකුත් ආගමිකයන් එසේ විනයක් සහිතව කටයුතු කරමින් තම දියුණුව සලසා ගන්නා විට ඊට ඊර්ශ්‍යා කිරීම වෙනුවට ස්වයo විවේචනය මගින් තම වැරදි නිවැරදි කර ගැනීම ශ්‍රී ලාoකික බෞද්ධයාට වඩාත් ප්‍රතිපලදායක වනු ඇත.

බොහෝ සාමාන්‍ය සිoහල බෞද්ධයන්ට අද වන විට පන්සල සමඟ ඇත්තේ ඉතාමත් දුරස්ථ සම්බන්ධයකි. පවුලේ කෙනෙක් මිය ගිය විට පාශුකූලය දීමට, දානයක් දීමට, ඉඳහිට පන්සල් යාමට සීමා වූ ගණුදෙනුවකි. එසේ ඉඳහිට ගෙදරට වැඩම කරන හාමුදුරැවන් සහ ගෙහිමියන් අතර බොහෝවිට පෞද්ගලික මට්ටමේ බැඳීමක්, අර්ථයෙන් ධර්මයෙන් අවවාදයක් සහිත පෞද්ගලික මට්ටමේ සoවාදයක් නැත. තනිවම ධර්මය හැදෑරීමට හැකි උගත් බුද්ධිමත් සහ තනිවම ජීවත් වීමට යමක් කමක් ඇති බෞද්ධයන්ට මෙය ගැටලුවක් නොවුනත් ඈත ගම් දනව් වල සිටින එතරම් උගත් කමක් හෝ හැකියාවක් නැති පවුල් වල බෞද්ධයන්ට ගමේ පන්සලේ උදව් පදව් අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය වේ.

අවාසනාවකට, විශේෂයෙන්ම බෞද්ධ කාන්තාවන් සමඟ professionally ගනුදෙනු කරන්නට බොහෝ හාමුදුරැවරැ නොදනී, වෙනත් පෝස්ටුවක මම ලියූ මගේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය ගැන සිද්ධිය එයට උදාහරණයකි. අපට උපාධි ප්‍රදානය කලේ එවකට උපකුළපති පදවිය දැරෑ ප්‍රකට බෞද්ධ හාමුදුරැ කෙනෙක්. එතුමා උපාධි ප්‍රදානයේදී උපාධිධාරී පිරිමි පක්‍ෂයට පමණක් garland එක පලන්දවා උපාධිධාරී කාන්තාවන්ට දෙවනිපෙල පුරවැසියන් ලෙස හෑල්ලුවට ලක් කර garland එක අතට දුන්නේය. බොහෝ විට බෞද්ධ කාන්තාවන් ඉන්නේ දානය උයන්නත් දානයෙන් පසු "සුමධුර කාලීන ධර්මදේශනාවේ"දී බයිට් එකට ගන්නත්ය. මේවායින් කළකිරීමට පත් බෞද්ධ කාන්තාවන්  අන්‍යාගමීකරණය කිරීම එතරම් අපහසු නොවේ.

ඇමරිකාවේ බොහෝ පල්ලි වල සුභසාධන කටයුතු ක්‍රියාත්මක වේ. අඩු ආදායම්ලාභී පවුල් වලට පල්ලියේ සාමාජිකයන් එකතු වී නිවාස තනා දෙන habitat for humanity වැඩසටහන, තම නගරයේ විශ්වවිද්‍යාලයට එන අන්තර්ජාතික සිසුන්ට අවශ්‍ය උදව් කිරීම, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයට පුනරැත්ථාපන වැඩසටහන්, ශාරීරික/මානසික අබල දුබලතා ඇති අයට ස්වයo රැකියා පුහුණුව ඇතුළු විවිධ වැඩසටහන් ඉන් සමහරකි. ඊට අමතරව විවාහාපේක්‍ෂකයන්ට විවාහ උපදේශනය, අසල්වැසියන් අතර/අඹු සැමියන් අතර ප්‍රශ්න විසඳා ගැනීමට මැදිහත් වීම, මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කිරීමට උපදෙස් දීමට ආදී පල්ලි මූලික කරගත් ක්‍රිස්තියානි ක්‍රමයට ජන ජීවිතය නගා සිටුවීමේ වැඩසටහන් ගණනාවක් තිබේ. ශාරීරික/මානසික අබල දුබලතා ඇති/දුප්පත්/කරදරකාරී (බේබදු/මතට ඇබ්බැහි වූ/අසීලාචාර/අපිරිසිදු/කලහකාරී ආදී) සාමාජිකයන්ට නිසි පරිදි උදව් උපකාර කිරීමේ ක්‍රමවේද ක්‍රිස්තියානි ආගමික සමාජ වල ක්‍රියාත්මක වේ. ඇති මිනිස්සු නැති මිනිස්සුන්ට ගොඩ ඒමට උදව් කරති. ඔවුන්ව කොන් නොකරයි. ඔබ මනුශ්‍යත්වයේ නාමයෙන් තම ගමේ, පාසලේ, කාර්‍යාලයේ මිනිසුන්ව කොන් කරන්නට එපා. මිනිසුන්ව කොන් කිරීම බරපතල සමාජ ගැටලු ඇති කරයි. සමාජයට වෛර කරන මිනීමරැවන්, ස්ත්‍රී  දූෂකයන්, පාතාල නායකයන් ආදී අපරාධකරැවන් බිහි කරයි. පූජකයන් අන්‍ය මත සහ තර්ක විතර්ක ඉවසන අය වීම තරැණ පරපුරත් සමඟ කටයුතු කිරීමේදී බොහෝ වැදගත් වේ. නොඑසේනම් කළකිරීමට පත්, බෞද්ධ සමාජයෙන් කොන් කල බෞද්ධයන් මෙන්ම උගත් බුද්ධිමත් බෞද්ධ තරැණ පරපුරද  අන්‍යාගමීකරණය/නිරාගමික කිරීම/වීම එතරම් අපහසු නොවේ.

Out of the box හිතන්නට හැකි, උගත් බුද්ධිමත්, ලෝකය ගැන යාවත්කාලීන වන, hypocrite ලාව පෙන්නන්න බැරි බෞද්ධ තරැණ තරැණියන්ව මහා පරිමානයෙන් නිරාගමිකත්වයට තල්ලු වී යාමට නොදී රඳවා ගැනීමට අසමත් වීම ගැන බෞද්ධයන් ගැඹුරින් සිතා බැලිය යුතුය. හාමුදුරැවන් කියන කියන දේට අන්ධ භක්තියෙන් වැඳගෙන සිටින, ඒවා ගැන මළාට ප්‍රශ්න නොකරන, මෝඩ පහේ, රැවටීමට පහසු උපාසක උපාසිකාවන්ගේ යුගය වේගයෙන් අවසන් වීගෙන යයි. ඉදිරියට එළඹෙන්නේ කලින් කියූ පරිදි out of the box thinking උපාසක උපාසිකාවන්ගේ යුගයයි. ඊට සමගාමීව බුද්ධාගම ප්‍රතිසoස්කරණය වී තිබෙනවාද? හාමුදුරැවන් සමඟ බුද්ධිමය සoවාදයක යෙදීමට තරම් උන්වහන්සේ සෞඛ්‍යසම්පන්න, ආචාරශීලී, දැන උගත්, යාවත්කාලීන වූ දැනුමක් ඇති, ගිහියන් කෙරේ උස් පහත් ගෑනු පිරිමි බේදයකින් තොරව අනුකම්පා කර ආශ්‍රයට අවස්ථාව ලබා දෙන කෙනෙක්ද? යැයි මා ඇසුවේ එබැවිනි.
කාන්තාවන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස සලකමින් කාන්තාවන් තම සිරැරේ සඟවාගෙන ලoකාවට ගෙන ආ දළදාව, නැතිනම් කාන්තාවන් අත වැඩමවූ ජය ශ්‍රී මහා බෝධිය ආදිය ආදියට වැඳුම් පිදුම් කිරීමට කාන්තාවන්ට බාධා කිරීම යල්පැනපු හණමිටි කමට ඇති classic උදාහරණයකි. උගත් බුද්ධිමත් උපාසක උපාසිකාවන්ගේ ගැටලුවකට බොහෝ යල් පැන ගිය උත්තර නොව  intelligent පිළිතුරැ අවශ්‍ය වේ. ලඟදී මුහුණු පොතේ දුටු domestic violence ඉතාම ඉහල ගොස් ඇති රටේ බෞද්ධ "ධර්ම දේශනාවක" මෙසේ සඳහන්ව තිබෙනවා දුටුවා. තම සැමියා අඩත්තේට්ටම් කරන විට බිරිඳ මම ගිය ආත්ම වල domestic abuser කෙනෙකියැයි සිතා ඒවා ඉවසිය යුතුය කියා. ඒ තර්කයට අනුව ඔබේ නිවසේ සොරකමකට සොරෙකු ආ විට මම ගිය ආත්ම වල සොරෙක් විය හැකිය කියා ඉවසීමටත්, ස්ත්‍රී දූෂණයකදී වින්දිත කාන්තාව සහ ඇගේ පවුලේ උදවිය ගිය ආත්ම වල වින්දිත කාන්තාව ස්ත්‍රී දූෂකයෙක් විය හැකිය කියා ඉවසීමටත්, මිනීමැරැමකදී වින්දිතයා ගිය ආත්ම වල murderer කෙනෙක් විය හැකිය කියා ඉවසීමටත් හැකි විය යුතුයි. කාන්තාවන් වීම පෙර කළ පව් පල දීමක්ද? ලoකාවේ මුඩුක්කුවක ඉපදුනු පිරිමියෙකුට වඩා යහපත් පොහොසත් පවුලක ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත වන අතර ආබාධිතව ඉපදුනු පිරිමියෙකුට වඩා නීරෝගීව ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත බව ඔබට පහසුවෙන් තේරැම් ගන්න පුළුවන් උදාහරණ දෙකක්.

ලoකාවේ බෞද්ධ උදවිය ඇමරිකාවට පැමිණ යම් ප්‍රදේශයක තරමක පිරිසක් එකතු වූ විට අනිවාර්යයෙන්ම පන්සලක් හදා ගනිති. එයට ඇමරිකාවේ ක්‍රිස්තියානි පූජකයන්ගෙන් කිසිම බාධාවක් නැත. හාමුදුරැවන්ගේ කණට ගසන්නේද නැත. ඒ වෙනුවට ක්‍රිස්තියානි පූජකයන් තම පල්ලියේ මිනිසුන්ව තවත් හොඳින් රැක බලා ගනිති, වඩාත් හොඳට සලකති, වඩාත් උදව් පදව් කරති. බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට එන සෑම බලවේගයකටම කණට ගසා එලවිය නොහැක. වඩාත්ම smart ක්‍රමය නම් ශ්‍රී ලාoකික බෞද්ධයන්/හාමුදුරැවරැ විසින් ශ්‍රී ලාoකික බෞද්ධයන්ට වඩාත් හොඳට සැලකීමයි. එසේ නොවුනහොත් marginalized බෞද්ධයන් නුදුරේදීම මහා පරිමාණයෙන් සිය කැමැත්තෙන්ම බුද්ධාගම අතහැර නිරාගමික වීම/අන්‍යාගමීකරණය වීම වැලැක්වීම අසීරැය.

ලෝකයේ ඇති අනිත් ආගම් වේගයෙන් දියුණු වෙද්දී බුද්ධාගම දවසින් දවස අගාධයටම යන බව ශ්‍රී ලාoකික බෞද්ධ ඔබට නොපෙනේද? ඉස්සර නම් දියුණු බෞද්ධ රටකට ජපානයවත් තිබුනා, ඒත් දැන් ජපානයේ 64-65%ක් නිරාගමිකයන්. (මූලාශ්‍ර -http://www.infobarrel.com/25_Most_Atheist_Countries_in_the_World) ඒ නිසා ශ්‍රී ලාoකික බෞද්ධ ඔබ අනුන්ගේ ආගම් විවේචනය කරන ඔබගේ වටිනා කාලය තමන්ගේ ආගම නිසි පරිදි අධ්‍යයනය කිරීමට යොදා ගන්න, අනුන්ගේ ආගම් ප්‍රතිසoස්කරණය ගැන වද නොවී තමන්ගේ ආගම නිසි පරිදි ප්‍රතිසoස්කරණය කර ගන්න. මන්ද ඔබ නොදන්නවා වුනත් අනිත් ආගම් වල මිනිසුන් මේ මොහොතේත් තම ආගම් නිසි පරිදි ප්‍රතිසoස්කරණය කර ගැනීමට දිවි හිමියෙන් අරගල කරන බැවිනි. ඒවාගේම බුද්ධාගම විශාල ප්‍රතිසoස්කරණ වලට ලක් විය යුතු තැනට පැමිණ ඇති බැවිනි. මා ඇසු ප්‍රශ්න එසේ ප්‍රතිසoස්කරණ විය යුතු යැයි මම හිතන ඇතැම් කරැණු වේ. ඊට අමතරව පොඩි උදාහරණයක් ගනිමු. බුද්ධාගම ගැන සාකච්චා කරපු අතීතයේ දවසක (එකල මම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්) අපි බොහෝ ආදර ගෞරවයෙන් සැලකූ ශ්‍රී ලාoකික සිoහල බෞද්ධ මහාචාර්‍යතුමෙක් ඉතා දැඩිව සිදුහත් කුමර චරිතය විවේචනය කලා. විශේෂයෙන්ම දරැවා ලැබුනු දාම බිරිඳ සහ දරැවා අතැර යෑම ගැන. ඇත්තටම බැලූ බැල්මට අභිනිශ්ක්‍රමනය ගැන සෑහෙන්න negative feeling එකක් තමයි ඇති වන්නේ. අනිත් බොහෝ ආගම් වල පවුලේ වටිනාකමට විශාල තැනක් ලැබෙද්දී එතරම් උගත් බුද්ධිමත් නොවන සාමාන්‍ය බෞද්ධයන්ට මෙම අභිනිශ්ක්‍රමනය කතාව මගින් ඇති වන අදහස නම් වැදගත් වැඩකට බිරිඳ සහ දරැවන් විශාල බාධාවක් බවයි. බොහෝ ශ්‍රී ලාoකික බෞද්ධයන්ගේ අධික පුරැශෝත්තමවාදී හැසිරීමට බුද්ධ චරිතයේ මෙවැනි කොටස් වලින් (මතුපිටින් පමණක් බලා බලා එලැඹුනු වැරදි ආකල්ප වලින්) සෑහෙන බලපෑමක් සිදු වී ඇති බව මගේ අදහසයි. මට බුද්ධාගමේ එම අභිනිශ්ක්‍රමනය කොටස ප්‍රතිසoස්කරණයට අවස්ථාවක් ලැබුනා කියා හිතමු. එසේ නම් මම අට විසි බුද්ධ චරිතවල අභිනිශ්ක්‍රමනයන් හදාරණවා. මම දන්න තරමින් බුදුවරැ වර්ග තුනක් ඉන්නවා. ශ්‍රද්ධාධික, ප්‍රඥාධික, සහ වීර්යාධික වශයෙන්. ගෞතම බුදුන් වීර්යාධික කෙනෙක්. සරලව කිව්වොත් කකුල් වතුර බේසමක ඔබාගෙන රෑ නිදිවරාගෙන පාඩම් කරල කරල A/L ගොඩදාපු උසස්පෙළ ශිෂ්‍යයෙක් වගේ. ඔය අටවිසි බුදුන් අතර ඉන්න ප්‍රඥාධික බුදුවරැ සරලව කිව්වොත් A/L පන්තියක ඉන්න සුපිරිම මීටරයක් තියන උසස්පෙළ ශිෂ්‍යයෙක් වගේ. එයා අරවගේ පණදාගෙන පාඩම් කරන්නැතුව පහසුවෙන්ම A/L ගොඩදානවා. එක ප්‍රඥාධික බුදු කෙනෙක් (නම මතක නෑ, මෙය කියවන කෙනෙක් කොමෙන්ටුවකින් නම සහ විස්තර සඳහන් කරනවානම් ස්තූතිවන්ත වෙනවා) බුදු උනේ තම මාළිගයේමයි, ඉතාම අඩු කාලයකදී (මට මතක හැටියට සතියකින්ද කොහෙද). ප්‍රථම  කිරිබත් පූජාව කලේ ගිහි කල බිරිඳමයි. වීර්යාධික ශිෂ්‍යයෙක් හිත එකළස් කරගෙන පාඩම් කරන්න පුලුවන් නිස්කලoක තැනකට යනව වගේ තමයි සිදුහත් කුමරා ගිහිගෙයින් පිටවීමත්. මම නම් කියන්නේ අභිනිශ්ක්‍රමනය කොටසේදී මෙම කරැණු සාකච්චා කලානම් එහි negative ගතිය සෑහෙන්න දුරට මගහරවා ගන්න තිබුනා කියල. 

අනිත් එක තමයි අනිත් ආගම් වලට අතහිත දීමට ඒ ආගම් අදහන පොහොසත් බලවත් රටවල් ඕනෑ තරම් තිබෙනවා. අවාසනාවකට බෞද්ධයන්ට එසේ උදව්වට කවුරැත් නෑ. වෙනත් වචන වලින් කිව්වොත් උදව් අවශ්‍ය ඔබේ බෞද්ධ අසල්වැසියාට, කාර්‍යාල සගයාට, මිතුරාට, බෞද්ධ කාන්තාවන්ට සහ බෞද්ධ දරැවන්ට ඇත්තේ ඔබේ උපකාරයම පමණයි. ඒ නිසා ඔබ මානසිකව හා ආර්ථිකව ශක්තිමත් වීමට හිතට ගන්න. සුරා සූදුවට ඔබේ මුදල් වැය කරන්න එපා. ණය තුරැස් වී විශාල මoගල උත්සව ආදිය ගන්න එපා, ආයෝජන නොවන අනවශ්‍ය වියදම් හැකිතරම් කපා හරින්න. හැකිතරම් චාම් වෙන්න. දුප්පතුන්ට උදව් කරන්න. නූගතුන්ට ඥානය දෙන්න. බෞද්ධ කාන්තාවන්ට පාරේදී හෝ බස් වල අතවර කිරීම් නවත්වන්න. කුහක කම, ඊර්‍ෂ්‍යාව, ක්‍රෝධය, කේළාම් කීම ආදී ඉතාම ප්‍රාථමික හැසිරීම් ඔබ අදම නැවැත්වීමට අදිටන් කර ගන්න. පන්සිල්වත් රකින්න. කළවම් බුද්ධාගම නොව පිරිසිදු එක ඉගන ගන්න. උද්දච්ච නොවී නිහතමානී වෙන්න. අමාරැවෙන් උනත් මෙන්න මේ ටික කරද්දී එකවරම කෙසේ වෙතත් පරම්පරාවක් දෙකක් ඇතුලත යම් ප්‍රගතියක් ලැබේවි යැයි මම හිතනවා.

ඔබ සැමට සුභ නව වසරක් වේවා!






6 comments:

  1. සිංහල බෞද්ධයාගේ ඛේදවාචකය පිලිබඳ ඔබගේ විශ්ලේෂණය ඉතාමත් හරවත්.
    නිකාය භේදය සහ කුල භේදය අනුව දරුවන් මහණ කිරීම අද සමාජයට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. මෑත යුගයේදී මහන කිරීම සඳහා දරුවන් හිඟ වීමට එක්තරා හේතුවක් වනුයේ දැනට දශක හතරක පමණ කාලයේ සිට 'පුංචි පවුල රත්තරන්' සංකල්පය යටතේ අධික ලෙස උපත් පාලනය කිරීමයි.
    එසේම අධිකතර තරඟකාරී ලෝකයේ එකිනෙකා පරයා යාමේ බලාපොරොත්තුව සහිතව තම දරුවන් බුද්ධි මට්ටම ගැන නොතකා ඉහලම වැටුප් ලැබේයයි සිතන අංශ වෙත යොම කිරීමට
    සමහර දෙමාපියන් පෙළඹෙනවා. මේ නිසා දරිද්‍රතාවෙන් පෙලෙන අග හිඟ කම් සහිත වැඩි පිරිසක් සසුන් ගත වෙනවා. සමහරවිට ඔවුන් අතරින්ද බුද්ධිමත් සුපේශල භික්ෂූන් වහන්සේලා බිහි වෙනවා.
    මා දන්නා බෞද්ධ ආයතනයක් මගින් (විහාරස්ථානයක් නොවේ) ප්‍රාචීන භාෂා හැදෑරීම සඳහා
    විද්‍යායතන පිරිවෙන් වලින් සුදුසුකම් ලබන භික්ෂුන් වහන්සේලාට අධාර කිරීමේ ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක කරනවා. එහෙත් බොහෝ තරුණ භික්ෂුන් වහන්සේලා වැඩි කැමැත්තක් දක්වනුයේ පහසුම විෂයයන් තෝරාගෙන කළා උපාධියක් කිරීමටයි. ප්‍රාචීන උපාධිය උසස් අන්දමින් සමත් වන භික්ෂූන් වහන්සේලාට ඉංග්‍රීසි භාෂාව පිළිබඳවද හොඳ දැනුමක් ලබාදී විදේශවල ධර්ම ප්‍රචාර කටයුතු වලට සහභාගී කරවිම ගැන ඒ ආයතනය දැනට වැඩ සටහනක් සකස් කරනවා. මෙයට නම් සැලකියයුතු ප්‍රතිචාරයක් තිබෙන බව දැනගන්නට ලැබුනා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ දීර්ඝ අදහස් ඉදිරිපත් කිරීමට තුති. සමස්ථයක් ලෙස ඔබේ අදහස් වලට මමද එකඟ වෙනවා.ඔබ දන්නා බෞද්ධ ආයතනය වැනි ආයතන සහ යහපත් පුද්ගලයින්/හාමුදුරැවවරැ අතරින් පතර හුදකලාව බුද්ධාගම රැකගන්න හොඳ උත්සාහයන් තිබෙනවා, නමුත් ඒ මදි. 'පුංචි පවුල රත්තරන්' සංකල්පය උනත් බෞද්ධයන් අතර ප්‍රචලිත උනේ බෞද්ධයන් දුරාචාර වලට ඇබ්බැහි වී ධනයෙන් බලයෙන් සහ පවුල් ජීවිතයේ ගුණාත්මක බවෙන් පිරිහී ගිය නිසා නේද?

      Delete
  2. මිසී, අම්පිටියේ උන්නාන්සේ කෙසේ වෙතත් රටේ ලෝකේ ව්‍යවහාර නීතියට අනුව කෙනෙකුට එසේ පහර දීමට අවකාශයක් නැත. මෙතැනදී එයට අනෙකා පැමිණිලි කරන්නෙත් නැත, වීඩියෝ තිබුනාට අහිංසක පොලිසිය ඒවා දකින්නෙත් නැත. අනියමින් කියවෙන්නේ රටේ නීතියක් නැති බවද?

    බුද්ධාගම... හ්ම්ම්... මිසී නොදන්නවාට a,b, c ... ඇතුළු සියලු කාරනා ශ්‍රී ලාංකික පොපියුලර් බුද්ධාගමේ අංග වේ.

    සබ්බ පාපස්ස අකරනං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    එතං බුධ්ධනුසාසනං
    සමරි එක විදියට කියනවනං මිසී, ගෞතම බුදුන් දෙසූ ධර්මයේ බේසිස් එක මේක නේ. ශ්‍රී ලාංකික 'බුද්ධාගමේ' මේ මුලික හරයන් කොහෙද තියෙන්නේ?
    මගේ අදහස නම් ශ්‍රී ලාංකික බුද්ධාගම යනු ගෞතම බුදුන් දෙසූ ධර්මය නොවේ. ශ්‍රී ලාංකික බුද්ධාගම යනු පසු කාලීනව ඇතිවූ, ඔබ කියන පරිදි ' different version' එකකි, ආගමකි.

    ඇමරිකාවේ ක්‍රිස්තු භක්තිකයන් සියල්ලමත් ඔබ කියනා ආකාරයේම අය නොවේ. අන්න එකත් මතක තියාගන්ඩ.

    ජයවේවා!
    මිසීටත් නිරෝගී සුබ නව වසරක් වේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැට්ටර්. මම අම්පිටියේ හාමුදුරැවන් කල දේ අනුමත කරන්නේ නෑ, එම පහරදීම ලoකාවේ නීතියේ බලාත්මක වීම පිළිබඳ ගැටලුවක් ලෙසයි මම දකින්නේ. ඒක මගේ ලිපියේ පරාසයට පිට දෙයක්. ඔබ දක්වා ඇති ගාථාවේ අදහස "සියලු පාපයන්ගෙන් මිදීමද නිතර කුසල් දහම් වැඩීමද සිත පිරිසිදු කර ගැනීමද බුදුවරැන්ගේ අනුශාසනයයි". සියලු පාපයන්ගෙන් මිදීම කියන්න පහසු උනාට කරන්න ප්‍රායෝගිකද? මම කියන්නේ මේක වෙනස් විය යුතුයි. Achievable goals should be given to Buddhists.Otherwise, at the end of the day, Buddhists either feel remorse ("I should have done something different…I wish I could go back.”), or self-loathing/ bitterness.(Self-loathing:“I hate my life.” Bitterness: “This is all someone else’s fault.”). I feel you also have some bitterness under your jokes and sarcasm probably stemming from frustration (I am totally fine with that though! just saying). //.ඇමරිකාවේ ක්‍රිස්තු භක්තිකයන් සියල්ලමත් ඔබ කියනා ආකාරයේම අය නොවේ. අන්න එකත් මතක තියාගන්ඩ.//ඒකනේ ඉස්සරහට "බොහෝ" කියල විශේෂණ පදයක් දැම්මේ. ඇත්තටම නම් ඒක "බොහෝ මධ්‍යම පාන්තික" කියල කියන්න ඕනෙ. ජයවේවා!

      Delete
  3. මම හිතන හැටියට ලංකාවේ හොඳම හාමුදුරුවෝ තමයි පිටිදූවේ සමන්ත භද්‍ර. ඔයා කියන සාධනීය අංග බොහොමයක් එතුමා තුල තියෙනවා.

    ඊට අමතරව කියන්න තියෙන දේ තමයි. ක්‍රිස්තියානි පාස්ටර්ලා වගේ ලංකාවටත් ගනින්නාන්සේ සම්ප්‍රදායක් අවශ්‍යයි. බුද්ධාගමට අනුව ගිහි පැවිදි කියන්නේ ජීවන ක්‍රම දෙකක්. බේද්ධ සමාජයක ගිහියන් වෙනුවෙන් වෙනම සංවිධාන ජාලයක් තියෙන්න ඔ්නේ. ඒක හාමුදුරුවන්ගේ වැඩක් නෙමෙයි.

    සියම් නිකායේ මහනවීමට කුලය සැලකීමනම් වැදගත් දෙයක් නෙමෙයි. ඒක ගැටළුවක් වෙලා තියෙන්නේ සිංහල බෞද්ධයන්ට වඩා සිංහල බෞද්ධයන්ගේ වැරදිම හොයන අයටයි.

    අම්පිටියේ සුමන හාමුදුරුවන්ව විනිශ්චය කරන්න මම සුදුසු නෑ.
    එයා වැරදි නම් එයාට වඩා හොඳ විකල්පයක් එතෙන්ට ආදේශ විය යුතුයි.

    ReplyDelete

ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...