Thursday, December 31, 2020

සිoහළ බෞද්ධයන් මුස්ලිම් මිනිසුන් සහ ශ්‍රී ලoකාව - part 1

මේ දවස්වල කොරෝනා මරණ ආදහනයද භූමදානයද යන ප්‍රශ්නය මුල් කරගෙන සිoහළ බෞද්ධයන් සහ මුස්ලිම් මිනිසුන් අතර ඇති වී තිබෙන ටෙන්‍ෂන් එක නිසා මේ ගැන කතා කරන්නට හිතුනා. මම ලoකාවේ ජීවත් වුන කාලයේ දාර බයියෙක්. ලoකාවේ පහළ මධ්‍යම පාන්තික සිoහළ බෞද්ධ (නමට) පවුලක ගෑනු ළමයෙක්ට දාර බයියෙක් වීම තමයි ඒ සමාජයේ ජීවත් වීමට තිබුනු හොඳම විකල්පය. හැබැයි ලoකාවේ ළින් මැඩියෙක් වගේ හිටපු මට ඇමරිකාවට ආවට පස්සෙ ලෝකයට නිරාවරණය වීම මත මගේ බයි භාවය බුද්ධිය විසින් අභියෝගයට ලක් වුනා. අපි පොඩි උදාහරණයක් ගනිමු. ලoකාවෙ මම මහජාතියට අයිති උනත් ඇමරිකාවෙදි මම සුළු ජාතියටයි වැටෙන්නෙ. ඇමරිකාවේ ඕනෑම පෝරමයක නම සඳහන් කරන්න තියෙන්නෙ ඉතාම කුඩා ඉඩක සහ මුල්, මැද, අග නම් ලෙස වෙන වෙනම. ලoකාවෙ උදවියගෙ පතරoග නම් (දිසානායක මුදියන්සේලාගේ එක්ස් වයි ඉසෙඩ් දිසානායක වගේ) ලියන්න ඒ ඉඩ හොඳටම මදි. නමුත් ඇමරිකාවේ මහජාතියේ නම් (ජෝන් ඩෝ වගේ) ලියන්න ඒ ඉඩ වැඩිත් එක්ක. ඒවගේම හුඟක් ලoකාවෙ උදවිය කොන්ෆියුස් වෙනව මොකක්ද තමන්ගෙ මුල්, මැද, අග නම් කියල, මොකද දිසානායක මුදියන්සේලාගේ එක්ස් වයි ඉසෙඩ් දිසානායක වගේ නමක කෑලි මහ ගොඩක් තියෙන නිසා සහ මුල සහ අග නම් දෙකම දිසානායක වීම ටිකක් අවුල් වගේ ආදී හේතු නිසා. බොරැ නම් බලන්න ග්‍රීන් කාඩ් ඇප්ලයි කරන හැටි උගන්නන ලoකාවෙ උදවියගෙ යූටියුබ් වීඩියෝ වල කොමෙන්ට් සෙක්‍ෂන් එකේ කී දෙනෙක් තමන්ගෙ මුල්, මැද, අග නම් මොනවද කියල අහල කොමෙන්ට් කරල තියෙනවද කියල. ඇමරිකන් පෝරමයක් පුරවද්දී ඔන්න මගේ බයි මනසට ජීවිතේ පළමුවන වතාවට තේරැණා සුළු ජාතියට තිබෙන අභියෝග. තමන්ගෙ මූලික අනන්‍යතාවය වන නම ලියන්නට ඇමරිකන් පෝරමයේ ඉඩ මදි, මොකද ඒ ඉඩ ප්‍රමාණය තීරණය කරල තියෙන්නේ කොට නම් සහිත ඇමරිකන් මහ ජාතිය විසින්. දැන් මේක මහ ජාතිය හිතල මතල කරපු දෙයක් නෙමේ. ඒත් එහෙමය කියල සුළු ජාතියට වෙන අපහසුතාවය, හිත් වේදනාව අඩු වෙන්නෙ නෑ. ඕනෑම රටක මහජාතිය මෙන්න මේ යථාර්ථය තේරැම් ගන්න ඕනෙ. තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇති කරන  නොයෙකුත් නොගැළපීම් විඳ දරාගෙන සුළු ජාතීන් තමන් සමඟ එකට සිටින බව. 

තව ටිකක් කල් ඇමරිකාවෙ ජීවත් වෙන කොට මම දැක්ක හරි අපූරැ දේවල්. ලoකාවෙ සිoහළ බෞද්ධ එකාල ඇමරිකාවෙ පදිoචියට ඇවිත් කොහේහරි ටිකක් වැඩිපුර ගහන ඝනත්වයක් ඇති වුන ගමන් පන්සලක් අටවගන්නවා අටවගන්නවාමයි. ඊට පස්සෙ හැම ආගමික කටයුත්තක්ම, ඔය දාන, කඨින පින් කම්, පිරිත්, බණ, භාවනා වැඩසටහන් වගේ ඒවා පටන් ගන්නවා. ඇමරිකාවෙ ඒ ඉසව්වෙ ඉන්න ලoකාවෙ සිoහළ බෞද්ධ එකාල නැෂනල් ඔසරි ඇඳල ඒ  ළමයි ළමාසාරි සහ නැෂනල් ඇඳල ඒ වැඩසටහන් වලට යන්නෙ. ඒ විතරක්ද ඇමරිකන් මිනිස්සුත් ඒවට එනවා. එතකොට අපේ අයට තවත් ඉහළයි. අපේ පන්සල වැඩි දියුණු කරන් ලොකුම ධර්ම ප්‍රචාරක සේවය කරන්නයි අපිට ඕනෙ, එයාල කියනවා. ඔන්න මගේ මනසට ආයෙමත් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. අපි මේ ඇමරිකාවෙ කරන්නෙත් අපේ ආගම ප්‍රචාරය නේද? ඇයි එහෙනම් ලoකාවෙ වෙනත් ආගම් ප්‍රචාරය වැරදියි කියන්නෙ?

ඇමරිකාවෙ මිනිස්සු ඉස්සරහ තමන්ගෙ ළමා සාරිය ඇඳපු  ළමය සහ ඔසරිය ඇඳපු ගෑනිව හරි උජාරැවෙන් ප්‍රදර්ශනය කරන ගමන්, ඇමරිකාවෙ මිනිස්සු ඇමරිකාවට පිටින් ආපු තමන්ගෙ සoස්කෘතියට ආගමට ගරැ කරල ඒව ඉවසා වැදෑරිය යුතුයැයි උදක්ම විශ්වාස කරන ගමන්, ලoකාවෙ සියවස් ගණනාවක් තිස්සෙ ජීවත් වෙන ශ්‍රී ලාoකික මුස්ලිම් ගෑනි අඳින පළඳින විදියට, ශ්‍රී ලාoකික දෙමළ ගෑනි අඳින පළඳින විදියට, උන්ගෙ සoස්කෘතියට, ආගමට ගරැ කරනවද කියල හිතල බලන්න. මගේ සිoහළ බෞද්ධ මිත්‍රයෙක් දවසක් එයාගෙ පාසල් කාලය ගැන කියද්දි මෙහෙම කියනව, මම ඒලෙවල් කරන කාලෙ පන්තියකට ලස්සන දෙමළ කෙල්ලෙක් ආව, හැබැයි ඒකිගෙ කොන්ඩෙ තල තෙල් ගාල හරිම ගඳයි, ඉතින් අපි ඒකිට විහිළු කරල කරල ඒකි පන්ති ඒමත් නැවතුනා. 

 ජීවිතේ කවදාවත් ලoකාවෙන් එළියට නොගිය බයියෙක්  කියනව, යකෝ අපිට තියෙන්නෙ ලoකාව විතරයි, මුන්ට එහෙමද, ක්‍රිස්තියානි උන්ට වෙන රටවල් තියෙනවා මුස්ලිම් උන්ට වෙන රටවල් තියෙනවා.

මේ කතාව හරිද? ඇමරිකන් මිනිස්සුන්ට යන්න බ්‍රිතාන්‍යය හෝ වෙනත් ක්‍රිස්තියානි රටවල් තිබෙනවා  කියන එක මෝඩ බයියන් ගේ නූගත්කම  පෙන්වන තර්කයක්. ඇමරිකන් මිනිස්සුන්ට සෑම අතකින්ම අනන්‍යතාවක් තිබෙනවා, බ්‍රිතාන්‍ය හෝ වෙනත් රටක මිනිස්සු ක්‍රිස්තියානි උන පළියට පෑහේ යැයි හිතනව නම් එහෙම බැලුවොත් සිoහල බෞද්ධයන්ට තායිලන්තය තිබෙනවා, ජපානය තිබෙනවා, චීනය තිබෙනවා. ඒවා මහායාන, අපි ථෙරවාද. ඇත්තද, ක්‍රිස්තියානි ආගමේත් Protestant, Catholic, Mormon, Jehovah's witness, Eastern orthodox ආදී උප නිකායවල් ගොඩක් තියෙනවා. මුස්ලිම් ආගම ඊටත් වඩා උප නිකායවල් තියෙනවා. ප්‍රධානවම Sunni සහ Shiite ලෙස දෙකොටසක් සහ ඒවායේ අනු කොටස් ගණනාවක් (very conservative to not so conservative).

අනිත් අතට දැන් සිoහල බෞද්ධ මධ්‍යම පාන්තිකයන්ගේ ට්‍රෙන්ඩ් එක ගේ දොර ඉඩකඩම් විකුණා හෝ තම දරැවන්ව ලoකාවෙන් චුත කර "හොඳ රටකට" යැවීමය. මේකම විකුණන්නට ගේ දොර ඉඩකඩම් නැති දුප්පත්තු නීති විරෝධීව කරති. යකෝ අපිට තියෙන්නේ මේ රට විතරය කිය කියා රටෙන් පැන ගැනීමට දන්නා සෙල්ලම් ඔක්කොම දමන පට්ට hypocrite තවත් ජාතියක් වෙත්ද? 

වෙනත් රටක මිනිස්සුන්ට අවුරැදු දෙදාස් පන්සීයක ඉතිහාසයක් නැති වුනත් සෑම අතකින්ම අනන්‍යතාවක් තිබෙනවා. ඒක එක හේතුවක් රටක සුළු ජාතිය මහජාතිය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඇති කරන  නොයෙකුත් නොගැළපීම් විඳ දරාගෙන ඒ රටේම ජීවත් වෙන්නට. බයියන් හිතන්නෙ තමන්ගෙ  කෑම බීම, ඇඳුම්, ආගම, සoස්කෘතිය ආදිය තමයි ලෝකෙ පරම සත්‍යය, ලෝකෙ පරම සුවය කියල මොකද බයියන් හරීම පටු මනසක් සහිත සත්ව කොට්ඨාසයක්. එක්ස් බයියෙක් වන මම ඇමරිකාවට ආපු මුළදි එහෙම තමා හිතාගෙන හිටියෙ. ඔය කාලෙදි පොට් ලක් ලෙස හඳුන්වන හැමෝම කෑම උයන් එන පාටියක් ආව. ලoකාවෙ බයියො ටික (මමද ඇතුළුව) ගජ රාමෙට ඉව්ව අද නම් අනිත් එවුන්ගෙ කෑම අපතෙ යනව අපේ කෑම කට්ටියට රසවැටිල කියල. දෙයියනේ පාටිය අන්තිමට අපේ කෑම වලට එකෙක්වත් අත තියල නෑ කියහන්කො. කොටින්ම අපි වත් අපේ කෑම වලට අත තියල නෑ. අපේ පරිප්පු හොද්ද අපි වත් කෑවෙ නෑ, එතන හිටපු ඉන්දීය සම්භවයක් තියන ටැන්සානියාවෙ කෙල්ලෙක් මාරම රස ඒවගේම මාරම සුවඳ පරිප්පුවක් හදල තිබ්බ කට්ටියම කෙළල ඇරිය ඒකට. ඔන්න මට තේරෙන්න පටන් ගත්තා අනිත් ජන කොටස් වල  කෑම බීම, ඇඳුම්, ආගම, සoස්කෘතිය ආදිය හරිම රසවත්, ඇත්තම කිව්වොත් සමහර අoග වල අපේ එව්වටත් වඩා මෙව්ව එකක් තියෙනවනෙ හැබෑට කියල. ආන්න ඒ ඇත්ත තේරැම් ගන්න නම් ඒ මිනිස්සු අතේ දුරින් බයෙන් සැකෙන් නෙමේ ඒ මිනිස්සු  එක්ක පෑහිලා එකට ජීවත්  වෙන්න ඕනෙ. ඒ මිනිස්සුන්ගේ අපේ එව්වටත් වඩා මෙව්ව එකක් තියෙන එව්ව කුහක නැතුව අගය කරන්නට ඕනෙ. ඒ එකක්වත් කරන්නට බෑ මගේ එක තමයි හොඳම කිය කියා ළිඳේ එහාට මෙහාට පැන පැන ඉඳල, අනිත් අයගෙ එව්ව දිහා බලන්නෙවත් නැතිව පිළිකෙව් කරල මැරිල ගියාම. අපි ළිදෙන් ගොඩට ඇවිත් ලෝකය ස්පර්ශ කල යුතුයි. ලිඳෙන් ගොඩට ආවම පේන ලස්සන තණ බිම්, කැළෑරොද, ගoගා ඇළ දොළ වගේම කටුක මඩ වගුරැ, කාන්තාර පෙනෙනකොට දැනෙනකොට තමයි අපේ ළිදේ හොඳ නරක ගැන අපි තේරැම් ගන්නේ. අප ලෝකය ගැන ශාස්ත්‍රීය හැදෑරීමක් කළ යුතුයි. හැකිනම් ඒ මිනිස්සුන්ව ආශ්‍රය කරල ප්‍රැක්ටිකල් හැදෑරීමක් කළ යුතුයි. ඒ මුකුත්ම නොකර විද්‍යානුකූළ හෝ තර්කානුකූල නොවන අමු ගොබ්බ හයිපොතෙටිකල් මත වල එල්බීගෙන හිඳීම රටට ලෝකයට සාපයක්.

කොහොමද ඒක රටට ලෝකයට සාපයක් වෙන්නෙ? දිගින් දිගටම මහ ජාතියක කෙනෙහිළිකම් විඳින්නට කිසිම සුළු ජාතියක් කැමති නෑ. ඔවුන් අතර රැඩිකල් නොහොත් අන්තවාදී මත දරන කණ්ඩායම් බිහි වෙනවා. ලoකාවෙ මුස්ලිම් සහ දෙමළ මිනිස්සුන්ට උනේ මේක. මුස්ලිම් මිනිස්සු අනිත් ආගම් වල මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නැතිය, උන්ට ඕනෑ ලෝකයම මුස්ලිම් කරන්නටය, උන්ගේ ජනගහනය එක ප්‍රතිශතයකට ආහම යුද්ද පටන් ගන්නවාය ආදී  අදහස් ජනගත කරන බයියන්ට අප්‍රිකාවේ රාජ්‍යයක් වන සෙනගාලය ගැන ශාස්ත්‍රීය හැදෑරීමක් කරන ලෙස ආරාධනා කරමි. මිලියන දාහතරක පමන ජනතාවක් ඉන්නා ඒ රටේ දළ වශයෙන් සීයට අනූ පහක් මුස්ලිම් පහක් ක්‍රිස්තියානි ය. ඒ රටේ සීයට පහේ ක්‍රිස්තියානි සෙට් එක බයියන් කියන එක උවදුරකටවත් ලක් නොවී යහතින් ඉන්න අතර රජයෙන් ක්‍රිස්තියානි පල්ලියට අනුග්‍රහයද  ලැබෙනවාය. බලන්න පල්ලහා තියෙන පින්තූරෙ දිහා. මේ එක ක්‍රිස්තියානි පල්ලියක් (Our lady of victories cathedral, Dakar, Senegal). කොටින්ම බහුතර මුස්ලිම් මිනිස්සු ක්‍රිස්තියානි ජනාධිපතිවරැ පවා තෝරා පත් කර ගත්තා. මෙතන මහ විශාල රහසක් නෑ, මුස්ලිම් මිනිස්සු ක්‍රිස්තියානි මිනිස්සුන්ගෙන් ගේම ඉල්ලන්නට හෝ ක්‍රිස්තියානි  මිනිස්සු මුස්ලිම්  මිනිස්සුන්ගෙන් ගේම ඉල්ලන්නට හෝ නොයාම,  සහ දෙගොල්ලම සහ රජය දෙපැත්තේම මිනිස්සු රැඩිකලයිස් කරන්නට පිටින් එන අන්තවාදීන් ව ගහල පැන්නීම තමා රහස.


https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Dakar_cathedrale.jpg/1200px-Dakar_cathedrale.jpg

දවසක් මගේ මිතුරැ බයියෙක් තවත් අප්‍රිකානු රටක් වන ඝානාවේ ක්‍රිස්තියානි මිතුරෙක් එක්ක මුස්ලිම් මිනිස්සු අරෙහෙම කරනවාය මෙහෙම කරනවාය කියල අඬපාලි කියන්න ගත්තා. හරිම පුදුමයක්, ඒ ඝානාවේ ක්‍රිස්තියානි මිතුරා දැරැවේ ඊට හාත්පසින්ම වෙනස් අදහස්. ඔහුගේ පලාතේ මුස්ලිම් ජනතාව හරිම සාමකාමී සහ ආර්ථිකයට විශාල මෙහෙයක් දරන අය බවත් ඔවුන්ව රැඩිකලයිස් කරන්නට පිටින් ආව සෙට් වලට ඒ මුස්ලිම් මිනිස්සුම එකතු වී ගහල පැන්නූ බවද ඔහු කිව්වා. ඒ ඝානාවේ ක්‍රිස්තියානි මිතුරා තමන්ගෙ රටේ තමන්ගෙ පලාතේ තමන්ගෙ අසල්වැසි මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් (most importantly, ඒ මිනිස්සු නැති තැනක) කතා කලේ එහෙම. අන්න ඒකයි ඒ රටේ මුස්ලිම් මිනිස්සු රැඩිකලයිස් නොවී සහජීවනයෙන් ඉන්න හේතුව. අහන්නකො නිකමට ලoකාවෙ සිoහළ බෞද්ධයෙකුගෙන්, මුස්ලිම් මිනිස්සු ගැන,දෙමළ මිනිස්සු ගැන, අතිනුත් දාල ලුණු ඇඹුල් එක්ක දෙන හැටි. 

බලන්න පහත පින්තූරෙ ඝානාවේ මුස්ලිම් ප්‍රධාන පූජකය තම සියවන උපන්දිනය සැමරැවේ ක්‍රිස්තියානි පල්ලියේ. 


https://i0.wp.com/www.informationng.com/wp-content/uploads/2019/04/5cc2dbd61137d.jpg?fit=615%2C469&ssl=1
 
අපරාදෙ කියන්න බෑ ඒකට  ලoකාවෙ මෝඩ බයියො දෙමළ මිනිස්සුන්ගෙන් සහ මුස්ලිම් මිනිස්සුන්ගෙන් ඉල්ලුව ගේමක් ආයෙ උන් ලොවෙත් නැති විදියට රැඩිකලයිස් වෙන්න. කොටින්ම දෙමළ මිනිස්සු යුද්දයකට තල්ලු කරන මට්ටමට, මුස්ලිම් මිනිස්සු අතර පට්ට රැඩිකල් මත පතුරවන කොටස් බලාත්මක කරන මට්ටමට ලoකාවෙ මෝඩ බයියො සහජීවනය විනාසම කරල දැම්ම. දැන් තිබෙන්නෙ විශාල වශයෙන් අන්තවාදීන්ට නතු වූ සුළුතර ජනතාවක්. ලිපියේ දෙවන කොටසකින් අන්තවාදීන්ට නතු වූ සුළුතර ජනතාව නැවත හරි ට්‍රැක් එකට ගන්නට මහජාතියේ වගකීම් මොනවාදැයි කතා කරමු.

Monday, December 28, 2020

වැරැද්දකට සමාව ඉල්ලීමේ නියම ක්‍රමය


https://scontent-dfw5-2.xx.fbcdn.net/v/t1.0-9/132338718_3526122757423618_204953860420294469_o.jpg?_nc_cat=1&ccb=2&_nc_sid=730e14&_nc_ohc=YonMNxUFBroAX9CxAFF&_nc_oc=AQmrUKC8m29etOwqTUrBXfcWGo89uCe8zgINPSEtfF2rCcemG2h51KNH-mjjULhgT3E&_nc_ht=scontent-dfw5-2.xx&oh=94bf278c7dea492e5d976cae1a3e06b2&oe=600DEDE1
බයියන් අනුන්ට වැරැද්දක් කිරීම එතරම් ලොකුවට ගනන් නොගනී. තමන්ගේ සුළු හෝ වාසිය ගැනම පමණක් හිතන මොවුන් බොහෝවිට අනුන් තලා පෙලා සතුටු වන උදවිය නොහොත් පරපීඩා කාමුකයින් ය. නමුත් බයියන්ගේ මේ හැසිරීම උන්ටම පරාවළල්ලක් වෙන අවස්ථා බොහොමයකි. තමන් අතින් අගතියට පත්වූ එකෙකුගෙන් උදව් අවශ්‍ය වන මොහොතක් එලැඹීම එබඳු අවස්ථාවකි. අනිත් අතට ඔබ කාටහෝ හොඳින් සැළකූවිට එය ආශීර්වාදයක් වන අවස්ථාද බොහොමයකි. 

බයියන් හිතන ආකාරයට ශක්තිවන්තයන් යනු තමන් අතින් වරදක් වූ බව පිළිනොගන්නා උද්දච්ච මිනිසුන් ය. අනිත් අතට බයියෙක් බොහෝවිට කිසිදාක වරදකට සමාවක් නොදී සදාකාලයටම පන්න පන්න පළිගන්නා අයෙකි. එබැවින් බයියෙකුගෙන් ශිෂ්ඨසම්පන්න මනුස්සයෙක්  සමාව ඉල්ලුවොත් ප්‍රතිපලය එතරම් සුබ නැත.  තමන්ගෙන් වරදක් වූ විට බයියන් බොහෝවිට කරන්නේ අගතියට පත්වූ පුද්ගලයාව ටික කලක් මඟහරිමින් සිට නැවත කිසිවක් නොවූ පරිදි සෙට් වෙන්නට ඒමයි. ඇතැම් විට තමන්ගෙන් වූ වරද විහිළුවෙන් තහළුවෙන් ශේප් කිරීමටද හදති. මේ උපායවල් හරි නොගියවිට අගතියට පත් පුද්ගලයා සමඟ වෛර බැඳ ගෙන ජීවිතකාලයටම තරහ වෙති.

ශිෂ්ඨසම්පන්න ලෝකයේ මිනිසුන් තමන් අතින් වරදක් වූ විට හැසිරෙන්නේ වෙනස් ආකාරයටය. රෑපයේ දැක්වෙන පරිදි ඔවුන් තමන්ගෙන් වරදක් වූ පුද්ගලයා සමඟ සoවාදයක් අරඹයි. මෙය ඉතා අමාරැ දෙයකි. ඔබේ උද්දච්චකම, මාන්නය පසෙක ලා මෙසේ කතාබහක් ඇරඹීමට සුවිශාල ආත්මශක්තියක් අවශ්‍ය වේ. එම සoවාදයේදී ඔබ සමාව ඉල්ලන කාරණය කුමක්ද, ඔබ ඔබේ එම හැසිරීම වරදක් ලෙස දකින්නේ ඇයි, එම හැසිරීමේ වගකීම ඔබ බාරගන්නා බව (අරය කියපු නිසා ආදී අඳබාල justifications නොකරන්න), ඔබේ වරද නිසා වූ අගතිය නිවැරදි කරන්නට ඔබට කළහැකි/අනෙකා බලාපොරොත්තු වන දේ, නැවත නැවත එම වරද නොකරන බවට ඉටා ගත් බව, අවන්කව සමාව ඉල්ලීම, සහ මෙසේ කතාබහ කර ගැටළුව විසඳා ගැනීමට කැමති වීම ගැන ස්තූති කිරීම යන කරැණු සඳහන් විය යුතුය. එසේ නැතිව නිකන්ම සොරි යැයි කීම හෝ වැරැද්දේ සැර බාල කිරීමට හැදීම නොකරන්න. අවන්ක වීමද අනිවාර්‍ය වේ.

Thursday, December 24, 2020

හීීනමානයෙන් හා අධිමානයෙන් පෙළෙන මානසික රෝගීන් (බයියන්)

බයියන් විවිධ ආකාරයට අර්ථ නිරෑපනය කල හැකිය. මම බයියන් ලෙස හඳුන්වන්නේ හීීනමානයෙන් හා අධිමානයෙන් එකවර පෙළෙන මානසික රෝගීන් ය.  මොවුන් ගේ පහත දැක්වෙන ගතිගුණ බොහෝ විට දැකිය හැක;

1. එකට සමගියෙන් ජීවත් වීම වහකදුරැය. කෙසේ හෝ බෙදී මගේ පිළ තමයි හොඳ යැයි දක්වමින් අනුන්ව පහත හෙලීමට තම අධික හීනමානය විසින් පොළඹවයි. මේ බෙදීම් අතර පාසල අනුව, පළාත අනුව, ජාතිය අනුව, ආගම අනුව, ලින්ගිකත්වය අනුව, දේශපාලන පක්‍ෂය අනුව, රස්සාව අනුව, උපාධි අනුව, ආදී බොහෝ කුළක වර්ග වෙති. 

2. තමුන්ගේ පිලේ එකා මොන වැරැද්ද කලත් ඌව සුද්ද කිරීම තම පරම යුතුකම යැයි සිතති. තමුන්ගේ පිලේ එකාගේ  වැරැද්දක් වැරැද්දක් ලෙස දැකීමේ හැකියාවක් හෝ තමුන්ගේ පිලේ නොවන එකාගේ හොඳක් හොඳක් ලෙස දැකීමේ හැකියාවක් හෝ ආත්මශක්තියක් නැති පට්ටම හීන මාන කාරයන් ය.   

3. ඕනෑම දේකට තමන්ගේ මතයක් ඇත.  තමන්ගේ මතයේ දැඩිව එල්බගෙන සිටියි. එම මතයට බොහෝ විට විද්‍යානුකූළ  හෝ තර්කානුකූළ පදනමක් නැත. එම මතය ඇති කර ගන්නේ පට්ට නූගත් ගෝත්‍රික පදනමකිනි. කිසි විටක තම මතයකට නිසි ශාස්ත්‍රීය හැදෑරීමක් නොකරයි.  

උදාහරණයකට ගත්තොත්;

මතය: මම ඡන්දය දෙන්නේ අහවල් පක්‍ෂයටය

පට්ට නූගත් ගෝත්‍රික පදනම: 

Example 1: මගේ මියපරලොව ගිය තාත්ත ඡන්දය දුන්නේ ඒ පක්‍ෂයට. මම තාත්තට ගොඩක් ආදරෙයි මට තාත්ත වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම දේ මේක (this is a true story, this guy is a doctor, who vote for a nasty politician again and again because of the fact that he cannot separate his love for  late father and late father's political views)

Example 2: අල්ලපු ගෙදර එකා එක්ක මම බද්ධ වෛරයි. උගේ පක්‍ෂයට විරැද්ධව මම වැඩ කරනවා. 

Example 3: ඒ පක්‍ෂය/දේශපාලකයා හොඳයි කියල මගෙ හබී කියනවා (ශාස්ත්‍රීය හැදෑරීමක් නැත, පවුලේ සමගිය වෙනුවෙන් මිනිහා කියන විදියට කළ යුතුය)

4. තම මතය වෙනස් කිරීම (විද්‍යානුකූළ  හෝ තර්කානුකූළ පදනමක් මත) පෞරැෂහීන භාවය යැයි සිතති. මොන තරම් විද්‍යානුකූළ  හෝ තර්කානුකූළ හේතු ඉදිරිපත් වී තම මතය ඇස් පනාපිට වැරදි බව පෙනෙද්දීත් බයියන් නොවේ පසුබසින්නේ. මොකද තම මතය වෙනස් කිරීමට තරම් නිහතමානීකමක් හෝ පෞරැෂයක් හෝ දුර දැක්මක් නැත.

5. තම මතය ඇස් පනාපිට වැරදි බව පෙනෙද්දී බයියන් බොහෝ විට පරළ වේ, බැණ ගනී, ගුටි කෙළ ගනී, ගහ මරා ගනී. බයියන්ගේ ප්‍රධාන ලක්‍ෂණයක් නම් බුද්ධිමය සන්වාද වලට ඇති අධික බිය, අකමැත්ත, සහ අශිෂ්ඨ ලෙස ඊට බාධා කිරීම වේ.

6. බයියන්ට ඇත්තේ දෙබිඩි ජීවිත වේ. බයි දේශපාලකයකු පිට මිනිස්සුන්ට සින්හලකමේ අගය ගැන ගිරවෙකු මෙන් වමාරන ගමන් ඇමරිකාවේ දේශපාලන රැකවරණ මත පදින්චියට ඇප්ලයි කරයි. බයි වෙදෙකු පිට මිනිස්සුන්ට සින්හල බේත් විකුණද්දී උගේ ගෑනි ආණ්ඩුවේ ඉස්පිරිතාලයට බේත් ගැනීමට යයි. බයි මහාචාර්‍ය තුමා ඇමරිකාවට එරෙහිව බයියන් ෆෝම් කරන ගමන් උගේ ළමයින් හා මුණුපුරන් ඇමරිකාවේ පුරවැසියන් වීම බයියන්ගෙන් සඟවයි. 

7. බයියන් තම ආත්මය ඉතා අඩු ලන්සුවකට යක්ෂයාට පාවා දෙති. (absolutely no dignity, self respect)



Monday, December 14, 2020

Root cause for all problems in Sri Lanka - My view

 පහුගිය කාලෙ සිද්ධ වුනු සිද්ධි ගැන එකින් එක අරන් කතා කිරීම වැඩක් නැති දෙයක්. කැළෑ කැපීම, මිනී මැරීම (බන්ධනාගාර රැඳවියන්ගේ ඉඳල සුදු හාමුදුරැවෝ ඝාතනය දක්වා), හොරකම, මැරකම ඇතුළු මෙකී නොකී හැම දේකම සාරාන්ශය හා  අන්තර් සම්බන්ධය මෙන්න මේක:  

ලන්කාවෙ මිනිස්සු අති බහුතරය දූෂණය, භීෂණය, හින්සනයට අකමැති නෑ, අකමැති තමුන්ට වාසියක් නොවන/ගතමනාවක් නොලැබෙන දූෂණය, භීෂණය, හින්සනයට.

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...