Wednesday, March 20, 2024

ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබුන ඉමෝජි වල ස්වභාවය ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තියෙන අවබෝධය සහ කැමැත්ත තරමකට හෝ පෙන්වන බව මම හිතනවා.



එතන බහුතරයක් දෙනාට ඒකට හරි සතුටුයි. මේ, තමනුත් හිතුවක්කාර නායකයෙක් යටතේ දුක් විඳින ගමන්, එම නායකයා ඡන්දය හරියට නොපවත්වතැයි බිය වී සිටින ජනතාවකගේ ප්‍රතිචාරය කියල හිතනකොට ඇත්තටම හරි පුදුමයි. රනිල්ගේ හැසිරීමට වඩා දහස් වරක් ඒකාධිපති හැසිරීමක් පෙන්වන පූටින් විපක්‍ෂ නායකයව මරල ඡන්දය පස් වන වතාවට දිනල (ඔයින් දෙතුන් වතාවක් වත් හොරට දිනල) කියන නිවුස් එකට බහුතරයකට ආතල්. කොහොමද රනිල් අනුරව මරල සජිත්ව හිරේ දාල 87.34% ක් ලබා ගනිමින් නැවත ජනපති පුටුව ගන්න හැදුවොත් උඹලට ආතල්ද බන්? 

තමන් ලබන්න කැමති දේ අනුන්ටත් ප්‍රාර්ථනා කරපල්ල, තමන් ලබන්න අකැමති දේ අනුන්ට වෙනකොට ආතල් වෙන්නෙ පට්ට කුහකයන්ට. ඒ වගේ කුහක බහුතරයක් ඉන්නතාක් රටක් දියුණු වෙන්නෙ නෑ. මොකද ඊලඟට උන් තමන්ගෙ පවුළට හරි ගිහින් අනුන්ගෙ පවුල් හැඳි ගෑවෙන්නයි ප්‍රාර්ථනා කරන්නෙ. කවදාවත් බයිපෝලර් වෙලා චරිත දෙකක රඟන්න බෑ සදහටම, එක චරිතයක් මිය යනවා. 

කවදාවත් බයිපෝලර් වෙලා චරිත දෙකක රඟන්න බෑ සදහටම කියන එක ගැන හොඳ උදාහරණයක් මතක් වෙනවා.

මම ලන්කාවෙදි වැඩකරපු ආයතනයකට එකපාරටම අර ජපන් 5 එස් සකල්පය ගෙනාවා. ඉතින් වාඩි වෙන පුටුවට පවා ඒකෙ කකුල් හතර තියෙන තැන් පොළොවෙ මාක් කරගෙන ඒ තරම් පිළිවෙල කරන්න හැදුවේ. ලොක්කො අර ටොයෝට වේ පොත අදහන්න ගත්ත බයිබලේ වගේ. ගෙවල් වල අපිලිවෙලට අපිරිසිදුවට ඉන්න ගමන් වැඩ කරන තැනදි පැය අට වාඩි වෙන පුටුවට පවා ඒකෙ කකුල් හතර තියෙන තැන් පොළොවෙ මාක් කරගෙන තිතට පිළිවෙලට ඉන්න ගිය එක සාර්තක වුනේ නෑ, හැමෝම වගේ ඒ පැය අටේදි රඟපෑවා. වර්ක් ප්ලේස් බුලීස්ල සෙට් එක මේ 5S ඉස්සරහට දාල පුදුම විදිහට අනිත් අය බුළි කලා, මේසෙ චුට්ටක් හැඩි උනත් ඇති පත කම්ප්ලේන්, බැණුම් කෝටියයි. අන්තිමේ වැඩ නොකර හරි 5S පිළිවෙල රැකගෙන ඉන්න සිදු උනා.

 නමුත් ජපන් මිනිස්සුන්ගෙ කල්චර් එකේම ඒ අසාමාන්‍ය පිළිවෙල තියෙනව, ගෙදරයි ඉස්කෝලෙයි වැඩ කරන තැනයි. ඉතින් ජපානෙ 5S සාර්තකයි. ඕකෙන් මොන තරම් බ්‍රේන් වොෂ් වුනාද කිව්වොත් මම ඇමරිකාවට එද්දි හිතුවෙ ඇමරිකාව හැමතැනම 5S ඇති කියල. ආහමයි දන්නෙ උන් 5S ගැන මෙලෝ අල බෝලයක් දන්නැති බව. අමාරැවෙන් 5S ගැන දන්න එකෙක්ගෙන් ඇහුවම කිව්වෙ ඒක ඇමරිකාවට ගැළපෙන්නෑ මොකද මෙහෙ මිනිස්සු නිදහසට ගරැ කරනවා. මේස පුටු ඔළුව උඩ තියාගෙන හරි ඉන්න ඕනෙ නම් බාධාවක් නෑ. ඉතින් දෙපිටකාට්ටු ලෙස බොරැවට රඟනවට වඩා ඒක නොකර ඉන්නව කියල. එදා කාර්‍යාලෙ 5S එස් කරපු එකෙක්වත් එතනින් අයින් උන්ට පස්සෙ ඒක කලේ නැහැ, මම ඇතුළුව. 

ඇත්තම කතාව ලන්කාවෙ ප්‍රජාතන්ත්‍රවාදයත් එහෙමයි, කෘතිමව කරපල්ල කියනව. ඒත් ලන්කාවෙ උන් රජෙක් ඉල්ලනව, හි..ර් ඉල්ලනව, පූටින් ඉල්ලනව, ඒ ගමන් රනිල්ට බණිනව. පූටින්ට හි..ර්ට රජෙක්ට කැමති වෙලා රනිල්ට අකමැති ඇයි? බොහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රඟපානවා මිසක ඇඟෙන්ම එන ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පවුල් ඇතුළෙ ඉන්නෙ ඒකාධිපතියො, ආයතන වලට අරක්ගෙන ඉන්නෙ ඒකාධිපතියො, දේශපාලනය කරන්නෙ ඒකාධිපතියො, බිස්නස් කරන්නෙ ඒකාධිපතියො, නමුත්  නමට ප්‍රජාතන්ත්‍රවාදීයි. 

 බටහිර රටවල ගොඩක වගේ ලන්කාවෙ මිනිස්සු රාජාණ්ඩුවකින් මට්ටු වෙලා මහජන ආණ්ඩුවක් පිහිටෙව්වෙ  නැහැ, යටත්විජිතයක් වෙච්ච නිසා. ඒ නිසාමදෝ තවම රජකාලය උත්කර්‍ෂයට නඟමින් ඉන්නවා. ඒ වගේම රජ කාලෙ ගැන හිතද්දි රජාගෙ වටේ හිටපු වරප්‍රසාදිත ප්‍රභූ මානසිකත්වයෙන් මිසක ඌණ වරප්‍රසාදිත ජන මානසිකත්වයෙන් නොවේ හිතන්නෙ.  බයබෝයි උතුමාණනි කියල දෙකට නැමිල ගෑණිව වරප්‍රසාදිත ප්‍රභූ වළත්තයෙකුට දීල අවුරැද්දෙ මාස ගණනක් රජාට නොමිළේ කඹුරල තමන්ගෙ කුළේ කර්මාන්තෙ හැර වෙන මොන මළදානයක්වත් කරන්නට තබා ගෙදර හුණු ගාන්න පවා රාජ අවසරය ලැබිය යුතු ඌණ වරප්‍රසාදිත රටවැසියො ගැන හිතන්නෙ නෑ මම හිතන්නෙ. ඔය රජ කාලෙ කතා සියල්ලම ෆෝකස් කරල තියෙන්නෙ වරප්‍රසාදිත ප්‍රභූ පවුල් වලට මිසක කිසිම රජ කාලෙ ටෙලියක චිත්‍රපටයක කවදාවත් ඌණ වරප්‍රසාදිත ජනයා අතරින් කෙනෙක් ප්‍රධාන චරිත වෙලා නැහැ.

ඇත්තම කතාව ලන්කාවෙ බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදයට කැමති නැහැ ඒ මොකක්ද දන්නෙත් නෑ දැනගන්න උවමනාවකුත් නෑ.      

මැදපෙරදිග ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.  මැදපෙරදිග යන ගෑනුන්ට ඇණ ගහල කන්න නොදී පඩි නොදී රේප් කරල වධ දීල සමහරිවිට මරල ලන්කාවට එවන කොට උන්ගෙ පවුල්වල අය සහ රටම අඬ අඬා වොයිස් කට් දුන්නට, නැටුවට, බහුතරය මානව හිමිකම් කියන වචනයටවත් කැමති නැහැ. උන්ට තේරෙන්නෙ නැහැ එතන වෙලා තියෙන්නෙ මානව හිමිකම් කඩ වීමක් කියල. මෙතනත්, පූටින් දෙන ආදර්ශය රනිල් ඇතුලු ලෝකෙම ඒකාධිපති දූෂිත දුෂ්ඨ නායකයො ගන්න බව මේ හරකුන්ට තේරෙන්නෙ නැහැ.  

බටහිර රටක කක්කුසියක් හරි හොදන්න වීසා එකක් ගන්න බැරිව ඉන්න ලංකාවේ  බොහෝමයක පුටින් දෙන්නේ පට්ටම ආතල් එකක්. පොදු අපේක්ෂක පුටින් හරි දාලා බටහිරට ගහන්න පුළුවන් කියලා හිතුවට, යූක්රේනයේ කෑල්ලක් අල්ලගන්න බැරිව, අවුරුදු 2කට වඩා ගිය යුද්ධය නිසා තරුණ රුසියානුවන්ගේ ජීවිත ලක්ෂ ගාණනින් ඒකාධිපති පුටින්ගේ යුද්ධයට පූජාකරල තියෙන්නේ.

මගේ රුසියන් යාලුවෝ  කියනවා පුටින්ට ජන්දය දීපු එකෙක් හොයාගන්න බැරිවුණාට, පුටින් හැම ජන්දයකින්ම අති බහුතරයකින් දිනන එක උන්ටවත් පුවුමයි කියලා. පුටින්ගේ පක්ෂය අමු අමුවේ හොර ජන්ද දාන වැඩ කරනවා.

මම දන්න හැමෝම කලින් පුටින්ට සෑහෙන්න ආදරය කරපු මිනිස්සු අද පුටින්ට හෙණ ඉල්ලනවා.

අද කිසිම media එකක තියා, රුසියන් කාරයෝ උන්ගේ යාළුවෝ යාළුවෝ අතරවත් පුටින්ට විරුද්ධව වචනයක් කතාකරන්නන බයයි. 

මිලියන 144ක් ජනතාවක් පොලීසිය, හමුදාව දම්මවලා වහල්ලු වගේ කටවල් වහලා යන ඒකාධිපති පාලනයනම් හරිම දුකයි.

හරිහමන් නායකයෙක් හිටියනම් අද බටහිර වගේ දෙගුණයක් රුසියාව පෝසත්.

ඒත් අද මුළු රුසියාවේ ආර්ඨිකය ඇමරිකාවේ නිව්‍ යෝර්ක් කාලපයේ ආර්ඨිකය ගාණටයි තියෙන්නේ.

ඒත් රුසියන් කාරයන්ව පුටින්ගේ TV, Radio channel වලින් උදේ රෑ දෙකේම පට්ටම ජාතිය ආලයකින් අන්ධ කරවලා තියෙන නිසා, උන්ගේ රටට වෙන විනාසය උන්ටම පේන්නේ නැහැ වගේ සීන් එකක් එහෙත් තියෙන්නේ. රුසියාවේ හිගන්නා හිතාගෙන ඉන්නේ ඌ හිගාකන්නේ ඇමරිකාව නිසා කියලා. ඒත් පුටින් ඇමරිකාව පෙන්නලා රට සූප්පු කරලා දාන එක ඌට පේන්නේ නැහැ. ලන්කාවෙත් ඒකමනෙ තත්වෙ.

බටහිර රටක කක්කුසියක් හරි හොදන්න වීසා එකක් ගන්න පුළුවන් එකා කොහොමහරි රටින් යනවා. බැරි එවුන් ලංකාවේ ඉදන් පුටින්ට හුරේ දානවා.






Thursday, March 7, 2024

ට්‍රැක් ලන්තයෙන් බිඳක්

 ඊයේ චාන්යා - 





අද චාන්යා - මිනිස්සු හරි ආත්මාර්ථකාමි.. තමන්ට සත පහක ප්‍රයෝජනයක් නැතත් කාව හරි එක බැල්මකින් එක වචනෙකින් හරි දමලා ගහලා මානසිකව වට්ටන්න තියෙනවා නම් ඒ අයට ඒක බොහොම විනෝදයක්,,, 


චාන්‍යා ප්‍රිසිලගෙ ගවුම ගැන දන්නව උනාට ප්‍රිසිලගෙ උගත්කම ගැන දන්නවද මන්ද. හොර ලෝයර් කෙනෙක් නෙමේ මේ ඇත්තම ළමා රෝග විශේෂඥ දොස්තර කෙනෙක්. උපාධි අරගෙන තියෙන්නෙ හාවඩ් ඇතුළු ඉහළම වි වි වලින්. ඒ ඔක්කොටම වඩා ලෝකෙන්ම හතරවැනි පෝසතා එක්ක යසට දීග කාගෙන ඉන්න එකම මදෑ සමහරැ වගේ සොකඩයන්ව බැඳල උන් පැදුරටත් නොකිය ගිහින් දැන් කිළිටි රෙදි සමාජ මාධ්‍ය වල අපුල්ලන මළ හෝන්තු එක්ක බලනකොට. ප්‍රිසිල කාලෙන් කාලෙට එක එක දේශපාළකයන්ගෙ දේශපාළන ගණිකාවක් උනෙත් නැහැ, ණයත් නෑ බයත් නෑ. ඒ ඇඳුම විතරක් නෙමේ, ඒ ගෑනි කොණ්ඩෙට ස්ටයිල් දාලත් නෑ, තඩි ඉමිටේෂන් ආබරණ ද දාලත් නෑ, මේකප් තට්ටු උළලත් නෑ. ඒක තමයි කොන්ෆිඩන්ස් එක. 


 ප්‍රිසිල කසාද බැන්දෙත් ගේ පිළිකන්නෙ චාම් ලෙස මිසක ගිනස් වාර්තා හෝ තියල ඉහළ හෝටලයක නොවේ. එදත් ඒ මනුස්සය අද වගේම තමා. චාම්. ලෝකයේ ධනවතෙක්ගෙ ගෑනියෙක් වෙන්න කැතයි කියල කවුරැ කිව්වත් ඉන්ජෙක්ශන් ගහල සුදු උනේ වත්, ප්ලාස්ටික් සජරි කලේ වත් නෑ, කොටින්ම එයා එයාගෙ පෙනුම ගැන හෝ චාම් කම ගැන ලැජ්ජ උනේ නෑ. මම හිතුවෙ ලන්කාවෙ කාන්තාවො ඒ අර්ථයෙන් හිතල තමන් එම්පවර් වෙන්න, කොන්ෆිඩන්ස් වෙන්න බලයි කියල.


අද චාන්‍යගෙ හෑල්ලෙ තියෙනව "එක කොල්ලෙක්ට ඕනෙ උනා මන් මහත කෙල්ලෙක් වෙන්න තව කෙල්ලෙක්ට ඕනෙ උනා මම් කෙට්ටු කෙල්ලෙක් වෙන්න.. තව කොල්ලෙක්ට ඕනෙ උනා මං කොන්ඩෙ වවන්න තව එකෙක්ට ඕනෙ උනා දිගට වවපු කොන්ඩෙ කපන්න.. 

මන් වයින් කරපු බෝනික්කෙක් වගෙ එක එකාට ඕනෙ ඕනෙ තාලෙට වෙනස් උනා..  අන්තිමෙ වෙනස් වෙන්න පුරුදු උනා"


අන්න ඒක තමයි ප්‍රිසිල නොකරන දේ මෙතන. එක එකා සතුටු කරන්නට නොයෑම. ඉන්දියාව කියන අන්ත දුප්පත් මිනිස්සු ඉන්න රටේ ධනපතියෙකුගෙ සුපිරි මඟුලේ, උපරිමේට ස්ටයිල් කරපු සුරෑපී නිළියන් ඉස්සරහ සහ ලෝකය ඉස්සරහ චාම් ලෙස තමන්ව ප්‍රසන්ට් කරල කියන දේ මොකක්ද කියල තේරැම් ගන්න තරම් පරිණත මිනිස්සුත් ඉන්නව.


චාන්‍ය කියනව "ඔයා මහතයි ඔයා කැතයි ඔයා කලුයි කියන මිනිස්සු ඉස්සරහා ඔලුව නමන් හිනා වෙලා ගිහින් එන්නම් කියන්න නෙමෙ


" අපෝ ඔයා මටත් වඩා මහත් වෙලා / කෙට්ටු වෙලා "😝



කියලා ඒ මිනිස්සුගෙම තියරියෙන් උත්තර  දෙන්න ඔයා දැනන් ඉන්න ඕනෙ" කියල. 


ප්‍රිසිල නියෝජනය කරන්නෙ මම වගේ එක එකාගෙන් ඇෆර්මේෂන් නොගන්න ශක්තිමත් ගෑනු, අඩුතරමේ මෙතැනදී. චාන්‍යගෙ උපදෙස අනුව ඒකයි මේක ලිව්වෙ.




සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...