Tuesday, June 3, 2025

මිස් වර්ල්ඩ් පසු වදන

 කවුරු හරි කෙනෙක් හරි, කණ්ඩායමක් හරි, මොකක් හරි තරගයක් හරි, මොනවා හරි දෙයකින්, යම්කිසි විදිහක කැපී පෙනෙමින් ඉදිරියට එනකොට සමාජ මාධ්‍ය අරව මේවගෙන් ඒ තරග ලෝක මට්ටම ගැන කිසි අවබෝධයක් නැතුව මිනිස්සු උසිගන්වන්න අමුතු රැල්ලක් හදනවා (තමන්ගෙ ජරා පේජ් වල රීච් ගන්න, පේජ් කාරයො අනුදිව පෙන්නල..අනුදිට ලයික් දාන්න කිව්වම මුන් උඩ පැනගන දාල උන්ට රීච් හදල දෙනව).

ඊට පස්සේ බලාපොරොත්තු වෙච්ච තැනට ආවෙ නැතුවම ඒ කෙනා හරි ඒ කණ්ඩායම් හරි ඒගොල්ලන්ගේේ දක්ෂතා පහත් කරලා කතා කරනවා (ඒකත් කරන්නෙ තමන්ගෙ ජරා පේජ් වල රීච් ගන්න). 

ඉහල මට්ටමේ රටවල් ජයග්‍රහණ, පරාජයන් දෙකේදීම ඕනෑවට වඩා කියවන්නෙ නැහැ. කල්ට් හදන් විරැද්ද මත වලට රෙදි කරේ තියන් රිපෝට් කරන් නටන්ෙත් නැහැ.. තමන් කරන දෙයින් තමන් උපරිමය කරනවා. අපේ රටවල් වෙන කෙනෙක් කරන දේවල් වලින් සතුටු වෙන්න බලන්නෙ. හැබැයි රට ඉස්සරහට ගෙනියන්ඩ තමන් කරන දෙයක් නෑ. අනුන්ගේ අඩුපාඩු හොය හොය ඉන්නවා.

අනුදි මේ තරඟයට හොඳ ස්ටෑන්ඩඩ් මුහුණුවරක් ගෙනාව. මීට කළින් මේවට ගෑණු තේරැවෙ පිම්පියො සහ ගණිකාවො. මේවට ගියේ සල්ලි සහ කන්ටෑක්ට් තියෙන පොෂ් ගෑණු. සමහර ගෑණු ලංකාව නියෝජනය කලාට අමු සුද්දියො, අර 2021දී ලංකාව නියෝජනය කරපු Sade Greenwood කියන කෙල්ල පට්ට කොකේසියන් එකියක්. ඉතින් එතන ලංකාව නියෝජනයක් වෙලා නැහැ. ඒ කෙල්ල ක්‍රවුන් එක ගත්තත් ඇති වැඩේ මොකක්ද? මම කියන්නෙ දිනන්න හරි පරදින්න හරි රටක් ඉදිරිපත් කරන්න ඕනෙ තමන්ගෙ දේශීය ලස්සනේ නියෝජනයක්. 

අනුදිගේ කොස්ටියුම් හරි නැත්නම් අපි තේරැම් ගන්න ඕනෙ අපේ කෙනාට හොඳ අනුග්‍රාහකයො නැති වීමේ ගැටළුව ඉස්සරහට හදා ගන්න. මොකද ඒක රටක් වශයෙන් තියෙන අඩුවක් මිසක අනුදිගෙ පෞද්ගලික අඩුවක් නෙමේ.

මම මීට කළින් අනුදිගෙ තාත්ත ගැන ලියපු වෙලේ අනුදිව ලස්සනයි කියල උඩ දැම්මෙ නැහැ, මොකද හිතට එකඟව අනුදිට අන්තර්ජාතික තරඟයකට තියෙන්න ඕනෙ පෙනුම මදි නිසා. මේඝ සූරියආරච්චි මිස්ටර් වර්ල්ඩ් යනකොටම අඩි පහයි අඟල් අටක උස විසාල අවුලක් බව රටේ මිනිස්සු තේරැම් ගන්න ඕනෙ. මොකද උස, බර, දත් ටික, වයිටල් ස්ටැට්, මූණෙ බෝන් ස්ට්‍රක්චර් එක වගේ ඒව අනිවා බලනව කියල  රටේ මිනිස්සු තේරැම් ගන්න ඕනෙ. එහෙම නැතුව තමන්ගෙ බබල් එක ඇතුළෙ ඉඳන් එයා තමා ලස්සනම ගගා වැළලුනාම වෙන්නෙ යන එකාටත් අධික පීඩනේ, පැරදුනාම කුණු කතා. 

මේඝ පළවෙනිය උනේ නෑ, පළමු දහය අතරට ආව. මල්ටිමීඩියා දින්න. ඒ හොඳටම ඇති. මේඝ දේශීය ප්‍රඩක්ට් එකක්. ඕනෙනම් ලංකාවෙ අම්මෙක් තාත්තෙක් සහ විදේශිකයෙක්ට දා උන කොකේසියන් නමක් සහිත සුදු කොල්ලෙක් යවන්න තිබ්බ ඒකටත්. නමුත් සත පහක වැඩක් තියේද? 

ඒ අස්සෙ එදිරිමුණි මාටිනික් කෙල්ලගෙ කොණ්ඩෙ මොප් බ්‍රෂ් එකක් වගේ කිව්ව නිසාම මම අන්තර්ජාතික බියුටි ස්ටෑන්ඩඩ් ටිකක් පෙන්නන්නම්.

මේ ඡායාරෑපේ ඉන්න මාටිනික් කෙල්ලගෙ දත් ටික බලන්න, දත් වල යට හරි පේළියට තියෙනව, ඉදිරියට නෙරල නෑ, හිනාව ලස්සනයි. හරිම ස්වභාවිකයි, මූණ එළිය වැටෙනව. හකු ඇට ලස්සනට පිහිටල තියෙන මූණක්. සමමිතික මූණක්. උස අඩි පහයි අඟල් දහයමාරක්.මේකප් නාල නෑ.
 
අනුදිගෙ මූණ සමමිතික නෑ, එක ඇහි බැමක් අනිකට වඩා වෙනස්.තොල් අසමමිතිකයි. Droopy eyelids, දත් වල ගැටළු තියෙනව. ඉස්සරහ දත් දෙක ලොකුයි, එක ඉස්සරහ දතක් අනිකට වඩා දිගයි, දත් කෙලවර සුමට නෑ, අනුදිගෙ ෆොටෝ 80%ක එයා කට වහන් පෙනී ඉන්නේ, මොකද හිනාව මූණට එළියක් නෑ. කෘතිමයි. මූණ දිගටි වැඩියි, හකු ඇටය ඉලිප්පිලා - මල්ටි මීඩියා වටයේ මේ ගතිය මාර වැඩියි, මේකප්ද මන්ද (යට පින්තූරෙ බලන්න). මේකප් නාල. ඉතින් මේව වලට ලකුණු කැපෙන බව දැන ගන්න ඕනේ. නමුත් මම විශ්වාස කරනව අනුදි තමා අපට හිටිය ඕවරෝල් කෙනා (ලස්සන විතරක් තියෙන මැටි හට්ටියක් යවනවට වඩා).



අපි විභාගෙකට ඒකෙ සිලබස් එක නොදැන සූදානම් වෙන්නෙ නැහැ. එහෙමනම් බියුටි පැජන්ට් එකක ලස්සන මනින මිණුම් දැනගෙන ඒක බලමු. එහෙම නැතිව අච්චර ලස්සන කෙල්ලට මොප් බ්‍රෂෙක කියන තරම් මරි මෝල් නූගත් මට්ටමට නොවැටී, අපේ කෙනා තමයි එතන ලස්සනම කියන මරි මෝල් නූගත් මට්ටමට නොවැටී, මීට පසු අනුදිව  ස්ටෑන්ඩඩ් එක ලෙස අරන් ඊට වඩා ලස්සන දක්‍ෂ උගත් කෙල්ලන්ව යවමු.

දත් වල ලස්සන වගේ ඒව හදිසියේ හදන්න බෑ. ඒවගේම ජාන වල බලපෑම තියෙන නිසා කලාතුරකින් තමා මුතු ඇට වගේ පිහිටන්නෙ. ඒ නිසා දෙමාපියො ළමය පොඩි කාලෙම දත් හරියට හදා ගන්න ඕනෙ. පසුකාලීනව යටින් එක ගණනට කපල වගේ දේවල් කරල දත් වල ලස්සන වැඩි කරන්න පුළුවන් නමුත් මූළිකවම ඒව ජානමය ලස්සනවල්.

No comments:

Post a Comment

Send me on my way - පිරිමියෙක් (හෝ ගැහැණියක්) ආකර්ශනීයම ඔහු/ඇය හදවතින්ම ගයන/වයන/රඟන විටද?

Rusted Root - Send Me On My Way - 2/22/2016 - Paste Studios, New York, NY රස්ටඩ් රෑට් ඉහත ගීතය මුල් වරට පටිගත කලේ අනූ දෙකේදි. ඉතාම සරළ වචන ට...