Wednesday, March 30, 2022

මේ වෙලාවෙ රට ගොඩ දාගන්න ලන්කාවෙ මිනිස්සුන්ට තනි තනිව කරන්නට පුළුවන් දේවල් මොනවාද?

 අද වන විට ලන්කාවෙ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි මේ ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට උත්තර හොයන්න හරි අමාරැයි. කෑම ස්ටොක් කර ගන්න, අරක ස්ටොක් කර ගන්න, මේක ස්ටොක් කර ගන්න  වගේ සිල්ලර උත්තර වළින් තමුන් ටික කාලයකට ගොඩ දාගන්න පුළුවන් උනාට ඒක ඉතින් ගිලෙන නැවක වීණා වාදනය කිරීමක් වගේ. සිල්ලර උත්තර වළින්  පිටතට ගිහින් ඊට වඩා දෙයක් ගැන හිතල බලන්න ඕන කියල මට හිතුනා. මට හිතෙන හැටියට අපි මේන මේව කල යුතුයි.

1. මුළින්ම අපි මේ ගැටලුව තේරැම් ගන්න ඕනේ. ඒකෙ ගැඹුර තේරැම් ගන්න ඕනේ. 

බාබා වැන්ගගෙ හරි ඥානක්කගෙ හරි සාස්තර බැලිල්ලට වඩා හොඳට,  පිළිගත් ආර්ථික විශේෂඥයින් කාලෙකට කළින් පුරෝකථනය කරපු දේවල් මේ දැන් වෙන්නෙ.  බලන්න මේ යූ ටියුබ් වීඩියෝස්, මාස කිපයකට කළින් ආර්ථිකය ගැන දන්න මිනිස්සු කියපු දේවල්. මේ කීපයක් පමණයි, තව බොහෝ හොඳ අදහස් දැක්වීම් සෑම සමාජ මාධ්‍යයකම පළ වුනා.

1. මන්ජු නිශ්ශන්ක- 1. https://www.youtube.com/watch?v=Q1Klyyo6YpQ,  2.https://www.youtube.com/watch?v=BeVt5-k2FVA 3. https://www.youtube.com/watch?v=JB74r_okvYw&t=337s

2. මහාචාර්ය රොහාන් සමරජීව- https://www.youtube.com/watch?v=HwUoEHlV1ZY

3. ආචාර්‍ය නිශාන් ද මෙල්- 1. https://www.youtube.com/watch?v=x8SV_Qr8GiY, 2. https://www.youtube.com/watch?v=qkldB8feLHc&t=1453s

4. ආචාර්ය W. A. විජේවර්ධන- https://www.youtube.com/watch?v=K1RsAUROCtw

තව ගොඩක් දෙස් විදෙස් වල ආර්ථික විද්‍යාව උගතුන් කට කැඩෙනකම් මේක කිව්ව. රසික ජයකොඩි වගේ මාධ්‍ය ක්‍රියාකාරීන් මේක කිව්ව. හැබැයි ඔබ බොහෝ දෙනෙක් මේක ගණන් ගත්තෙ නෑ. සුපුරැදු ආතල් ගත්ත. මගේ ඥාති මල්ලි කෙනෙක් ජයට මඟුල් කෑව. මම ඒත් කියන්න බැලුව මේ වෙලාවෙ අනවශ්‍ය වියදම් කරන්න එපා, විවාහය චාමෙට ගෙදර අරගෙන මුදල ආයෝජනය කරන්න කියල, මොන පිස්සුද?

මීට මාස කීපයකට කළින් මගේ ආයතනයේ කටයුත්තකට මනුස්සයෙක් මාව මුණගැහෙන්නට ආව. මෙක්සිකන් වගේ පෙනුමකුයි, අමුතු ඇක්සන්ට් එකකුයි තියෙන. වැඩේ ඉවර කරල මේ මනුස්සය ටිකක් සාමීචියේ යෙදුන, ඒ අතර ඇහුව මම මොන රටෙන් ඇමරිකාවට ආව කියලද ඔබ හිතන්නේ කියල. මම කිව්ව මෙක්සිකෝවෙන්ද කියල. මේ මනුස්සය කිව්ව නෑ මම වෙනිසියුලාවෙන් ආවෙ කියල. ඊට පස්සෙ මම ඇහුවෙත් නැතුව වක්කඩ කැඩුව වගේ පැයකටත් වඩා කියෝගෙන කියෝගෙන  ගියා, ඒ මනුස්සයට සමහර විට කාටහරි මේක කියල හිත හෑල්ලු කර ගන්න ඕන වෙලා තියෙන්න ඇති. පුදුම වැඩේ කියන්නෙ මේ කාලේදිම මට මේ මනුස්සය මේක කියපු එක. ඒ කියපු දේවල් සමහරක් කියන්නම් මේ අර්බුදයේ භයානක කම ගැන අදහසක් ගන්න. මම මේ කියන්නෙ වෙනිසියුලාවෙන් පිට වෙන්නට වාසනාව තිබුන ඔරිජිනල් වෙනිසියුලාවේ  මිනිහෙක් කියපු දේවල්, පිළිගත් මූළාශ්‍ර සමඟ හොයල තහවුරැ කරගෙනයි.  (https://www.cfr.org/backgrounder/venezuela-crisis, https://www.theguardian.com/global-development/2021/jun/21/latin-america-will-never-be-the-same-venezuela-exodus-reaches-record-levels

 වෙනසුවෙලාව කියන්නෙ ලෝක රෑ රැජිනන් බිහි කළ, ස්වභාවධර්මයෙන් අනූන, ලෝකයේ විශාලම තෙල් නිධිය සහිත දකුණු ඇමරිකානු රටක් වේ. 


Angel falls- Venezuela (https://www.planetware.com/tourist-attractions/venezuela-ven.htm)



Morrocoy National Park - Venezuela (https://www.planetware.com/tourist-attractions/venezuela-ven.htm)

ඒවගේම කලකට පෙර වෙනසුවෙලාව කියන්නෙ දකුණු ඇමරිකාවෙ පෝසත්ම රටක්. රටේ පිහිටීම අනුව වෙනසුවෙලාවේ මධ්‍යම පන්තියෙ මිනිස්සු  සති අන්තයට ඇමරිකාවේ ෆ්ලොරීඩාවට විනෝද වීමට නිතර ආව ගියා. බලන්න එහෙ දුම් රිය මාර්ග එහෙම මොන තරම් හොඳද කියලා.

Caracas Metro - Venezuela (https://www.google.com/url?sa=i&url=https%3A%2F%2Fwww.railway-technology.com%2Fprojects%2Fcaracas-metro%2F&psig=AOvVaw1Pgkub4cTo0nsCBUYg3OB5&ust=1648755008766000&source=images&cd=vfe&ved=0CAsQjRxqFwoTCIiUt5jJ7vYCFQAAAAAdAAAAABAD)

වෙනසුවෙලාව බන්කොළොත් වීම කෙටියෙන් මෙතනදී කියන්නේ, මේ ගැන ඕනෑ තරම් හොඳ ලිපි සමාජ මාධ්‍ය වල තියෙනවා.

හියුගෝ චාවේස්ගෙ පාලනය කාලයේදී ගත්ත අන්තනෝමතික තීරණ වෙනසුවෙලාවේ ආර්ථික අර්බුදයට ගොඩක් බලපෑවා. පුදුම වැඩේ කියන්නෙ චාවේස් ගෙයි ගෝඨාබයගෙයි සමාන කම් ගොඩක් තියෙනව, උදාහරණයකට දෙන්නම හිටපු හමුදා නිළධාරීන්, දෙන්නම  ජාතිකවාදය ඡන්ද තුරැම්පුව ලෙස යොදා ගත්තා, දෙන්නම උද්දච්ච ලෙස හොයන්නෙ බලන්නෙ නැතුව එක රැයින් දරැණු මෝඩ තීරණ තම හිතුමතයට අරගත්තා, දැන්  ගෝඨාබය කාබනික පෝර වලට එක රැයින් කෘෂිකර්මය මාරැ කලා වගේ චාවේස්  එක රැයින් සියලු විජාතික තෙල් සමාගම් වලට යන්න අණ කලා, එහි අරමුණ උනේ වෙනිසියුලාවේ තෙල් නිපදවීම දේශීය සමාගම වන state-owned Petroleos de Venezuela, S.A. (PDVSA) යටතට ගැනීමයි. මෙතනදි තව දෙයක් කියන්න ඕනෙ. චාවේස් කියන්නෙ සමාජවාදී කඳවුරේ සපෝටර් කෙනෙක්. ඒ නිසා ප්‍රතිවිරැද්ධ ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ ඇමරිකාව හා බටහිර එක්ක ගැටුමක් ඔහුට තිබුනා. ඒකත් මේ තීරණයට බලපෑවා. 

ගෝටාබයගෙ කාබනික පෝර තීරණය වගේම චාවේස්ගෙ  තෙල් නිපදවීම දේශීය සමාගමට ගැනීම බැලූ බැල්මට හොඳ තීරණ වගේ පෙනුනට ඒවා දුර දිග නොබලා හදිස්සියේ ඒ ක්‍ෂේත්‍ර වල ප්‍රවීනයන්ගෙන් නොඅසා ගත්ත උද්දච්ච ඒකාධිපති තීරණ. ඒ වගේ විශාල බලපෑමක් සහිත තීරණ ගන්නකොට කල යුතු රිස්ක් එක සොයා බලල උවමනා කාලය දීල කාවවත් තරහ කර නොගෙන කරන උපක්‍රමශීලී ක්‍රමයක් තියෙනවා. නමුත් බලයෙන් උමතු වූ විට ඕව අදාළ නෑනෙ. අනික ගෝටාබයගෙ කාබනික පෝර තීරණය ඩොලර් නැති නිසා මිසක සැබෑ උවමනාවකින් ගත්ත එකකුත් නොවේ. චාවේසුත් තෙල් ලබා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය ගැන නොදැනයි ඕක කලේ. ඉතින් අර සමාගම් රටෙන් පිට උනාට පස්සෙ තමා මෑන්ට කල්පනා උනේ තාක්‍ෂණය ගැන. ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ රටවල් එක්ක තරහ නිසා උදව්වට හිටියෙ සමාජවාදී රටවල් නමුත් තාක්‍ෂණය සහ මානව සම්පත් හිඟය (අර තෙල් කොම්පැනි වල හිටපු පුහුණු සේවකයන් සියල්ලම දැන් නැති නිසා) නිසා සැළසුම අසාර්ථක වෙලා විශාල ආර්ථික අර්බුදයක් දිහාට රට තල්ලු වෙනවා. මේ අතර අර තෙල් කොම්පැනි වල බිල්ඩින් ආදී ඇසෙස්ට්ස් ආදියත් චාවේස් අල්ලා ගන්නවා. තෙල් කොම්පැනි නඩු කියනවා අලාබය අය කර ගන්න. ඔය අතරෙ චාවේස් සහ ඔහුගේ මරණයෙන් පසු ආ අනුප්‍රාප්තිකයාගෙ ආඥාදායී ක්‍රියා කලාපය නිසා රටේ කලබළත් ලෝක වෙළඳපොලේ තෙල් මිළ පහල යාම නිසා රජයේ ආදායම් අඩු වීමත් බලෙන් අල්ලපුවගේ වන්දි ගෙවීමට වීමත් ආර්ථික සම්බාධකත් ආදී දේවල් නිසා රට කඩා වැටෙනවා. රටේ ව්‍යුහය කඩා වැටෙනවා. මිනිස්සු රටින් පලා යන්නට පටන් ගන්නවා.

පහතින් පෙන්නල තියෙන්නේ වෙනසුවෙලාවෙ මිනිස්සු අතට අහු උන දේවල් අරන්  රටින් පලා යන හැටි සහ ඒ අවට රටවලට පලා ගිය ප්‍රමානයන්. දළ වශයෙන් මිලියන තිහක ජනගහණයක් හිටපු රටෙන් මිලියන පහයි දශම හයක් (පනස් හය ලක්ශයක්, හැට නමයට චුට්ටයි අඩු) ඒ අවට රටවලට පලා ගියා (මේ වන විට). 








https://www.rotary.org/en/exodus-venezuela

අර වෙනිසියුලානු මනුස්සය කියපු හැටියට රටේ තත්වයෙන් ටිකක් පහලින්මතක හැටියට  දක්වන්නම්.

වෙනිසියුලානු මුදල් ඒකකය කඩා වැටුනා. බඩු මිළ අහස උසට ගියා. කළු කඩ බිහි උනා. ජනතාව කෝළාහල කර ගන්නට පටන් ගත්තා. රටේ නීතිය සහ ව්‍යුහය කඩාගෙන වැටුනා. මිනිස්සු කන්න බොන්න නැතුව අපා දුකට වැටුනා. වහල දාපු ගෙවල් ආදි ගොඩනැගිලි රජයට හෝ මිනිස්සු බලෙන් අල්ල ගත්තා තැන තැන මැර කල්ලි වල පාලනයට නතු උනා. ඒ මනුස්සය කියපු විදියට මිනිස්සුත් පොලීසියට වඩා මැර කල්ලි වල පාලනයට කැමතියි, මොකද පොලීසිය මැරයින්ට අන්තයි. කොටින්ම පොලිස් කාරය ගෙ හිරිහැර වලින් තමනව බේරා දෙන්න කියල මැර කල්ලි වල ට කියන තැනට මිනිස්සු පත් වෙලා, මොකද උන් පොලිසියට වඩා සාධාරණයි. සියලුම උගතුන් රටෙන් ගිය නිසා සුදුසුකම් නැති අයට රස්සා කරන්නට උනා, ඒකත් සොච්චම් පඩියකට නිසා රස්සා කරන්නේ පිනට වගේ. උදාහරණයකට පාැසැළක සුදුසුකම් සහිත ගුරැවරැ නැති නිසා දහය වසරෙ ළමයා පහේ පන්තියට උගන්නන්න දාන්න වෙනව. කිසිම බඩුවක් ලේසියකට හොයා ගන්න නෑ. 

More than three million Venezuelans have fled the country in the years since the crisis began, and those who remain have seen their quality of life deteriorate to previously unthinkable levels. Photograph by Federico Rios / Bloomberg / Getty

https://www.newyorker.com/news/news-desk/venezuelas-food-crisis-reaches-a-breaking-point

ඕගොල්ලො කැමතිද එදා කිරිබත් උයන් කාපු හන්දියෙ යූ එන් එකෙන් බතුයි පරිප්පුයි උයල ඕගොල්ලො පිඟන් අරන් පෝළිමේ ගිහින් බත් හැන්දයි පරිප්පු හැන්දයි ඉල්ල ගන්න? ඕගොල්ලො මොන ලොකු ලොක්කො උනත් රටේ කෑම නැත්නම් හම්බ කරපු සල්ලි, රත්තරන්, ඉඩම් කන්න බෑනෙ. ලන්කාවෙ සුපිරිම දනපතියො ටික ඇර අනිත් හැමෝටම ඕක වෙනව තව දුරටත් බකන් නිලාගෙන හිටියොත්. තාමත් පරක්කු නෑ, හැබැයි දැන්ම ඇහැරෙන්න, සුරන්ගනා ලෝක වලින් එළියට එන්න, සඳළු තල වලින් බිමට බහින්න. අර අන්තිම පින්තූරෙ හොඳට බලන්න, එතැනට නොවැටෙන්න නම් දැන්මම වෙනස් වන්න.

More than three million Venezuelans have fled the country in the years since the crisis began, and those who remain have seen their quality of life deteriorate to previously unthinkable levels. 

2. දෙවනුව හිත ශක්තිමත් කර ගන්න, බය වෙන්න හෝ පැනික් වෙන්න එපා. ඔබ උත්සහ කලොත් මේ ව්‍යසනයෙන් වසර කීපයකින් ගොඩ ආ හැකියි. මාස කීපයකින් හැම දෙයක්ම හරි යයි වගේ බොරැවට හිත රවට්ටා ගන්න එපා, ඇත්තට මුහුණ දෙන්නට හිත හදා ගන්න.

තනි තනිව කල හැකි ලොකුම දෙයක් තමයි ඕනැවට වඩා සරළව හෝ ඕනැවට වඩා දරැණුවට මේක ගැන හිතීම. අපි මේ වගේ අර්බුදයකට මූණ දුන්න පලවෙනි හෝ අන්තිම රට නෙමේ. බය උනා කියල වැඩක් නෑ, අටලෝ දහම අනුව හිත හදා ගන්න. හැබැයි අවම කාලයකින් මේකෙන් ගොඩ එන්නට පුරවැසියෙකු වශයෙන් උපරිම දායකත්වය රටට දෙන්නට අදිටන් කර ගන්න. 

ඒක කරන්නෙ කොහොමද?

ඊලඟ ලිපියෙන් කියන්නම්. දැනට තුන් වෙනිදා එලියට බහින්න please.- මන්ජුගෙ යූ ටියුබ් එකේ  කතාවට පසු මමද ඉල්ලා අස් කර ගන්නට කැමතියි. 

3 වෙනිදා විරෝධය පරිස්සමින් .. යන්න කලින් අනිවාර්යෙන් අහන්න Manju Nishshanka #NOWorNEVER

https://www.youtube.com/watch?v=NZPfr22MBx8

 භාරත මහත්තයගෙ මේ කතාව අනිවාර්‍යයෙන් අහන්න. 

https://www.youtube.com/watch?v=1vnM54O4PrU&t=650s


ඔබේත් මගේත් දේශපාලනෙන් වැඩක් නැත. මේ පාලනය ව්‍යවස්ථානුකූලව වෙනස් වෙන්න තව සෑහෙන්න කල් තිබේ. ඒ වෙනකන් මේ විදිහට ගියොත් අපිට රටක් ඉතිරි වෙන්නෙ නැත.

 

වෙන කරන්න දෙයක් නැත. අප්‍රේල් 3, හවස 3 ට, රටම පාරට බසිති.


මේ වැඩේ සංවිධානය කරන්නේ ඔබයි සහ මමයි. අපි හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියෙන්න පුලුවන්. ඒක ඒ විදිහටම තියා ගනිමු. ඒත් මේ වෙලාවෙ අපිට තියෙන්නෙ ජීවිතය ගැන ප්‍රශ්නයක්. අපි වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් අපේ අනාගතේ වෙනුවෙන් පාරට බසිමු.


ඒ සඳහා whatsapp group කීපයක් ගොඩක් නගර වලට සාදා තිබේ. තමන්ට අදාල නගරයට අදාල group එකට joint වෙන්න. පහත links වලින් ගැලපෙන එකට යන්න. ඒවාගෙන් කතා වෙන්න, තමන්ගෙ නගරයේ තමන් එකතු වෙන්නෙ මොන ස්ථානයටද කියන එක. 


⋆ හැමෝම පෝස්‍ටර් එකක් අරන් එන්න. තමන් ලියාගත්ත එකක්. පුළුවන් නම් කළු කොඩියකුත් අරන් එන්න. 

⋆ ඒ කිසිම පෝස්ටර් එකක දේශපාලන පක්ශයක නමක් සඳහන් කරන්න එපා. මේක දේශපාලන පක්ෂයකින් කරන වැඩක් නොවෙයි.

⋆ දන්නා හැමෝම එක්කගෙන එන්න. 

⋆ දරුවන්වත් රැගෙන එන්න. තමන්ගෙ අයිතීන් වෙනුවෙන්, වැරදි දේට එරෙහි වෙන්න තමන්ගෙ දරුවන්ටත් කියා දෙන්න. ඒ වෙනුවෙන් කොන්දක් ඇති කර ගන්න දරුවන්ට කියා දෙන්න. අරගලයක් යනු වැරැද්දක් නොවන වග කියා දෙන්න. 

⋆ මේ group වලට කඩාකප්පල්කාරීන් එකතු වෙයි. ඒ කිසිම දේකට සැලෙන්න එපා. 

⋆ මොනවා වුනත් අප්‍රේල් 3, හවස 3 ට මිනිස්සු පාරට බහිනවා. 



 

මිනිස්සු පාරට බහිනවට ආන්ඩු බයයි. අපිට මේක විහිලුවක් වෙන තාක් කල් උන් මේක ගණන් ගන්නෙ නෑ. හොඳට මතක තියා ගන්න, අප්‍රේල් 3, හවස 3 ට. 


"යුගයක ඛේදවාචකය අයහපත් මිනිසුන්ගේ අයහපත් ක්‍රියා නොව, යහපත් මිනිසුන්ගේ නිහඬතාවයයි" 


මහනුවර

https://chat.whatsapp.com/KwhWnRFdWbmE1Xpo4a5qwu


කොළඹ 

https://chat.whatsapp.com/BK1MqvhVAc25MQDbFIYoMY


කුරුණෑගල 

https://chat.whatsapp.com/Dx4Aec1x2Pm1MIGxLp3tEd


අනුරාධපුර

https://chat.whatsapp.com/EpdGETwPVqAKPMjtTPnuZe


ගාල්ල

https://chat.whatsapp.com/DTMjkbiLdobHVWxhRR6OzC


ගම්පහ

https://chat.whatsapp.com/I1fhSiblMfPGwrgS5dHOL7


දඹුල්ල

https://chat.whatsapp.com/FWGjJ9P2weK0qWbuDF5Zrm


නුවරඑළිය

https://chat.whatsapp.com/GF11S9rntTLIRBdsrYtucj


කළුතර

https://chat.whatsapp.com/Fz3U1TGQXbGKo7uMtS7rAG


මාතර

https://chat.whatsapp.com/JfqmACsk2Dz7vcMNPurcOg


රත්නපුර

https://chat.whatsapp.com/CQDkmu8EqUx9rybOAC8u0t


අවිස්සාවේල්ල

https://chat.whatsapp.com/GDrgCMjjYDlExInkZLoaW6


හම්බන්තොට

https://chat.whatsapp.com/Cqq3TreSLaXAunpdrPzGw0


කුලියාපිටිය

https://chat.whatsapp.com/IDPwYFdu97gDCBHXQcpNi3


කිරිබත්ගොඩ

https://chat.whatsapp.com/JA3oOEcKQziFwN0rkhXjgG


පොලොන්නරුව

https://chat.whatsapp.com/ITAg7mExPFLIVusMUW1yOG


මාතලේ

https://chat.whatsapp.com/GnNEWsPWIi4Gp0Lok0f57b


මොණරාගල

https://chat.whatsapp.com/C1AIywSExV4LlvGgggSSkz


යාපනය Jaffna

https://chat.whatsapp.com/BM08UqOaykG0CR67BiuMty


අම්පාර Ampara 

https://chat.whatsapp.com/LGNKXHUMC0J7Jt8AJL8Lr1


කෑගල්ල

https://chat.whatsapp.com/IUMwWjxbzK5KAyRdKsLNC5

Muditha Jayasuriya ගේ ලිපිය පහළින් පල කරනවා මේ මාතෘකාවට අදාළ නිසා. 

අපි ඉස්සරහට කතා කරන්න අවශ්‍ය වෙන්නේ ළිඳේ පතුලේ නොගිලී ජීවත්වෙන එක ගැන. 

ආහාර අර්බුධය සහ පොසිබල් බෙහෙත් හිඟයන් විසින් අපිව මරණය සහ මරාගැනීම් දක්වා රැගෙන යාම වලක්වා ගන්නේ කොහොමද කියන එකයි අපි ඉස්සරහා තියෙන මාතෘකාව. ආපහු කලින් හිටියා වගේ සැපේ සොමියේ ඉන්නේ කොහොමද වගේ හීන පැත්තකින් තියලා කරන්න පුලුවන් දේවල් තමයි හිතන්න ඕන.

විදේශ සංචිත සහ බලශක්තිය භාවිතයට ප්‍රයෝරිටි ලිස්ට් එකක් අවශ්‍යයි. මේකෙන් අපේ සමහර ආතල් කුඩු වෙයි. ඒත් සමාජයක් විදියට නොමැරී,  මරානොගෙන ඉන්න මේක නොකර වෙන විදියක් නෑ. ඒ හින්දා ආහාර නිෂ්පාදනය, අත්‍යවශ්‍ය භාණ්ඩ, සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය, ඒ වගේම රට උකසට සින්න වීම නවත්තන්න ණය ගෙවන්න අවශ්‍යවෙන අපනයන කර්මාන්ත කරගෙන යන්න පුලුවන් වෙන විදියට ප්‍රයෝරිටීස් හදන්න අපිට සිද්ධ වෙනවා. මේවා නැතුව තාමත් පාරවල් පළල් කරනවා, හයිවේ හදනවා වගේ රෙද්දේ සංවර්ධන වැඩ වලට සල්ලි පාස් කරන ඒවට මිනිස්සු විරෝධය දක්වන්න ඕන. සංවර්ධන මේනියාව අපිව දාලා තියෙන අමාරුව හොඳටෝම ඇති.

රජයේ වියදම් වෙනුවෙන් සල්ලි අච්චු ගැහීම ධනපතියෝ ඇරෙන්න ඉතුරු ඔක්කොම එවුන්ට දරුණුම විදියට කෙලවීම අනිවාර්යයි. දැනටමත් පහල පන්තිවල මිනිස්සු මේකෙන් අප්‍රමාණ පීඩාවකට ගිහින් ඉන්නේ. සල්ලි තියෙන එවුන්ගෙන් බදු නොගෙන ඒ අමාරුව සල්ලි නැති එකා පිටින් යැවීම වහාම නතර කරන්න ඕන.

හැබැයි වසංගත, ආර්ථික අර්බුධ අස්සෙත් තමන්ගේ ධනය ඉහළ දාගත්තු ජාවාරම්කාරයන්ව, ධනපතියන්ව ටැක්ස් කරන්න මුන්ගේ කකුල් පණ නෑ. ඉහල ආදායම් ලබන වෘත්තිකයන්ගෙන් ටැක්ස් ගහගන්න බැරුව නැට්ට පස්ස පැත්තේ ගහගන්නවා. රාජ්‍ය සේවයේ ලොකු පුටුවල ලක්ෂ ගණන් පඩි කන එවුන්ගේ පඩියට සීලිං එකක් දානවා තියා ඒක ගැන හිතන්නත් මුන් බයයි.

අපිට අලුත් ආණ්ඩුවක් ඕනේ ඔය වැඩ කරන්න. ඒවා ලේසි නෑ. අමාරුයි. ඒවා අමාරු බව පිලිගන්න එක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. උස් තැන් දැකලා ඇකිලෙන මිටි තැන්වලට පුප්පන නිවටන්ට සහ උපන්ගෙයි හොරුන්ට ඒවා කරන්න බෑ. ඒක නිසාමයි බලයට එන්න ඉන්න පාර්ශව මේ දේවල් වලට අදාල ප්‍රතිපත්ති කියලා මිනිස්සුන්ගේ විස්වාසය ගොඩනගාගන්න සහ ඒවට මිනිස්සුන්ව එකඟ කරගන්න එක කරන්න ඕන. දේශපාලනේ නම් රාජපක්සලාටත් කරන්න පුලුවන් දේශපාලනික එළඹුමකින් වැඩ කරන එකයි අමාරු වැඩේ. ඒකට මිනිස්සුන්ව එකඟ කරගන්නේ නැති උනොත් ආයේ දුවන්න වෙන්නේ පරණ රවුමමයි.

"අපි මෙන්න මෙහෙම කරන්න එකඟයි. ඒවා කරන්න උඹලට බෑ. ඔළුවෙන් හිටගෙන මොනවා කිව්වත් අපි උඹලව විස්වාස කරන්නේ නෑ. ඒ නිසා උඹලා ගෙදර පලයව්" කියන එක තමයි මේ වෙලාවේ මිනිස්සුන්ගේ පැත්තෙන් එන්න අවශ්‍ය දේශපාලනික එළඹුම වෙන්නේ.

දේශපාලනික වීම මිනිස්සු වගේම මිනිස්සු සංවිධානය කරන පක්ෂත් මග අරින්න කැමති දෙයක්. ඒ වෙනුවට ආතල් ඉල්ලීම සහ ආතල් දීම තමයි දිගටම උනේ. ඒක ඉවරයි. ස' කියන්නේ ආතල් ඉල්ලීමේ සහ ආතල්දීමේ දේශපාලනයේ හාස්‍යජනක අවසානය. මේ අගාධේ කියන්නේ ඒක වෙනුවෙන් අපි ගෙවපු වන්දිය.

දේශපාලනික මිනිස්සු විදියට විරෝධය ගොණු කරමු.

සටහන - Muditha Jayasuriya

Monday, March 28, 2022

මනෝජ් රාජපක්‍ෂට කන් කෙඳිරි ගාන අයට...

 මේ දවස් වල සෑහෙන්න අහන්න ලැබෙන දෙයක් තමයි ගෝටාගේ පුතා මනෝජ්ට කරන ඉල්ලීම්, තාත්තව ඇමරිකාවට ගෙන්න ගන්න අරක මේක කියල. මෙහෙමයි, ලන්කාවෙ බයියො ගෝටා දේශපාලනයට ඇදගන්න කොට ඊට තදින්ම විැද්ධ උන කෙනෙක් තමයි මනෝජ්. ඒ නිසා ලන්කාවෙ බයියොන්ට දැන් මනෝජ්ට කන් කෙඳිරි ගාන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ.

ගෝටා ජනාදිපති වෙච්ච මුල් කාලෙ ලන්කාවෙ බයියොන්ට මාර ඇම්මක් තිබ්බෙ නාමල්, යෝෂිත, සහ චිචී වගේ මනෝජ් එක්ක හුරතල් වෙන්න. උදාහරණයක් කිව්වොත් ඒ කාලෙ මට මතකයි මුන් ටික මීම් හැදුව මනෝජ්වයි නෝනවයි චෙන්නායි එක්ස්ප්‍රස් හින්දි චිත්‍රපටයේ පෝස්ටරයකට එඩිට් කරල, බයියො මනෝජ්ට හුරතලේට කිව්වෙ පොඩි රාළහාමි කියල. මනෝජ් නෙමෙයි බයියන්ට අහු උනේ. තත්වෙ තියාගෙන පාඩුවෙ හිටිය.

අනික මනෝජ්ල සාමාන්‍ය රස්සා කරගෙන  ජීවත් වෙන මිනිස්සු මිසක බේබිල වගේ මිනිස්සුන්ගේ පිනට කකා ඉන්න අයත් නෙමේ.

මම මේකෙන් කියන්න උත්සහ කලේ ලන්කාවේ තියෙන කැතම ගතියක් වන තමන් වැරැද්දක් කලාම ඒකට වගකීම බාර අරගෙන ඒක හදන්න හදනව වෙනුවට කාටහරි බෝලෙ පාස් කිරීම නැවැත්විය යුතු බව යි.

මනෝජ්ගෙ තාත්තව එපා කියද්දි කරේ තියන් ගිහිල්ල රජ පුටුවෙ වාඩි කරවල කෙළවෙනකොට ඒකට සටන් කරන්න කොන්ද පණ නැතිව ඊසි බීසි සොලියුෂන් එක විදියට මනෝජ්ට කියනව තාත්තව ඇමරිකාවට ගෙන්න ගන්නලු. සෝක් නේ? 

Monday, March 7, 2022

මුහුණත් සමඟ තරහා වී නහය කපා ගැනීම නොහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු නිසා ඒකාධිපතිවාදය ඉල්ලූ බයියන්ගේ ඛේදවාචකය

 




මේ  වන විට ලoකාව බයියන් ගේ තීන්දු තීරණ නිසා විශාල මෑන් මේඩ්, නැතහොත් මිනිස්සු විසින් ඇති කරන ලද-  විනාශයක් කරා තල්ලු වී යමින් පවතී. මේ අර්බුදයේ මුල් අදියරේදී බයියන් රට හැදීමට නම් ඒකාධිපතියෙකු අවශ්‍ය බව කියමින් මහ විශාල කැම්පේන් එකක් කළ බව ඔබට මතක ඇතැයි සිතමි. ඇතැම්විට ඔබ ඒ කාලයේ එය අනුමත කරන්නටද ඇත. වෙඬරැවේ උපාළි චීවරධාරියා රටට **ලර් කෙනෙක් අවශ්‍ය බව ප්‍රසිද්ධියේම කීවේය. **ලර් උපන් රට නියෝජනය කරන ජර්මන් තානාපති කාර්‍යාලය එය හෙළා දැක්ක අතර බයියන් එය හිස් මුදුනින් පිළිගත්තේය. එපමණක් නොව ඒ කාලයේ බයියන්ට අවුන් සාන් සුකීට වඩා වීරවරියක් හිටියේ නැත. 

අන්තිමේ බයියන් පැතූ පරිදිම තනි සිoහළ ආණ්ඩුවක් හදා කිරිබත් කා රතිඤ්ඥා දල්වා සතුට සැමරීය. මගේ ප්‍රශ්නය නම් **ලර් කෙනෙක් අවශ්‍ය වූ බයියන් දැන් තෙල් පෝළිමේ සිට, ගෑස් පෝළිමේ සිට, කිරිපිටි පෝළිමේ සිට, පෝර නැතිව, බේත් නැතිව, විදුළිය නැතිව වොයිස් කට් දිදී අඬන්නේ ඇයිද කියාය. හත්වලාමේ, ඒකාධිපතියෙක් කරන දරැණු වැඩ වළින් සීයට දහයක් වත් මේ ආණ්ඩුව තවම කළේ නැත. මේක හරියට කොටියෙක් ඉල්ලා සැර බළලෙක් හම්බ වී ඌ පිඹිනවාය, සූරනවාය කියා හඬන්නාක් වැනිය. සාමාන්‍යයෙන් ඒකාධිපතියන් රටක් පාලනය ක්‍රමය නම් රට තමන්ගේ බූදලය ලෙස හිතා ඒකෙ ජනතාව තමන්ගේ ප්‍රාණ ඇපයට ගෙන වැඩ කිරීමයි. පූසා වෙනුවට ඉල්ලූ කොටියා ආවා නම් ඔය වොයිස් කට් දෙන එවුන් එතනම වෙඩි තබනු ඇත. දෙතුන් පාරක් එහෙම කලාම මොනවා කලත්  කවුරැවත් මීක් කියන්නේ නැත. පූසා වෙනුවට ඉල්ලූ කොටියා ආවා නම් කැමති උනත් අකමැති උනත් ඔබවද ඔබේ බිරිඳ හා පවුලේ දහ අට පැනපු සාමාජිකයන්  කිසියම් අවම වැටුප් සහිත රස්සා වලට බළහත්කාරෙන් දමා උදේ ඉඳන් රෑ වෙනකන් මරවමින් වැඩ කර ගනු ඇත. පූසා වෙනුවට ඉල්ලූ කොටියා ආවා නම් අවට රට වලටද ගොන් පාට් දා ඉල්ලන් කනු ඇත, එවිට ජාත්‍යන්තරව වැටෙන සම්බාධක නිසා ඔබට කැඳවත් නැති වනු ඇති අතර වෙන රටකට පළා යන්නටවත් බැරි වනු ඇත. මේ සඳහන් කලේ කීපයක් පමණි. ඒ කීපය දෙස බැළුවත් ඔබට පේනවා ඇති හරිනම් ඔබ වත්මන් රජයට මල් තබා වැඳිය යුතු බව. මොකද ඔබ හරකෙක් නම්, ඔබ කලේ වසා තිබූ මස් කඩයක් ඉස්සරහට ගොස් ඒක වහාම විවෘත කරන ලෙස උද්ගෝශණය කිරීමයි. හරකුන් වන ඔබ මස් කඩය විවෘත කිරීම ඔබේ විනාශයට හේතුවන බව නොසිතුවේද? මෙතන මම හරකාට උපමා කලේ ඒකාධිපතියෙක් ඉල්ලූ ලoකාවේ ඡන්ද දායකයන් සහ මස් කඩ කරැට උපමා කලේ ලෝකය විසින් වසා දැමූ ඒකාධිපති වාදයයි. අද වන විට මස් කඩ කරැ තාම කඩය පිළිසකර කර පිහිය මුවහත් තබනවා පමණි. ඒකවත් හරක් රැළට දරා ගන්නට බැරිය. හඬති දොඩති. 

හරක් රැළ මෙසේ හැසිරෙන්නේ ඇයි?  ඇත්තටම හරක් රැළට රහසින් අවශ්‍ය වූයේ "සිලෙක්ටිව්   **ලර් කෙනෙක්" ය. එනම් ඔවුන්ගේ අසහාය වීරවරිය වූ අවුන් සාන් සුකී මෙන් එක ජන වර්ගයක් පමණක්, එක ආගමික කණ්ඩායමක් පමණක්  ඉළක්ක කරගත් **ලර් කෙනෙකි ඔවුන් ඉල්ලුවේ. දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්න. තෙල් පෝළිමේ සිට, ගෑස් පෝළිමේ සිට, කිරිපිටි පෝළිමේ සිට, පෝර නැතිව, බේත් නැතිව, විදුළිය නැතිව ඉන්නට වෙන්නේ දෙමළ සහ මුස්ළිම් මිනිස්සුන්ට විතරයි නම්, ඔය ඕනෑම පෝළිමක හැඳුනුම්පතේ නම සිoහළ බෞද්ධ නම් ප්‍රමුඛතාවය ලැබෙනවා නම්, එහෙම තෙල් ගහගෙන වාහනේ යද්දි දෙමළ සහ මුස්ළිම් මිනිස්සු ෂෙඩ් වල පෝළිමේ අඬ අඬා ඉන්නව දකිද්දි මාර සතුටක් රහසින් දැනෙනකොට...කොහොමද ගැම්ම? ආන්න ඒක තමයි හරක් රැළ "සිලෙක්ටිව්   **ලර් කෙනෙක්" ගෙන් බලාපොරොත්තු උනේ.  දැන් අර  පෝර නැතිව, බේත් නැතිව, විදුළිය නැතිව ඉන්න දෙමළ සහ මුස්ළිම් මිනිස්සු බලන් ඉඳලා වෙන කරන්නම දෙයක් නැති තැන,  මේක ජාත්‍යනතරයට අරගෙන යනවා. එතකොට වරප්‍රසාද විඳින සිoහළ මිනිස්සු කියනවා, යකෝ එහෙම නෑ, මුන් බොරැ කියන්නේ. මුන් අපේ රට කනවා, මුන්ට කෙළෙහි ගුණයක් නෑ අරක මේක. 

ව්‍යවස්ථාවේ බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙනවා කියන්නේ එක අතකින් ඉහත උදාහරණයේ පෝළිමේ ප්‍රමුඛතාවය දෙනවා වගේ වැඩක්. මේක කියවන කවුරැහරි මට උදාහරණයක් දෙන්න අසාධාරණයෙන් තොරව බුද්ධාගමට ප්‍රමුඛතාවය දෙනවා කියන එකට. ඊලඟට අර පෝළිමේ බලන් ඉඳලා වෙන කරන්නම දෙයක් නැති තැන,  මේක ජාත්‍යනතරයට අරගෙන ගිය දෙමළ සහ මුස්ළිම් මිනිස්සු වගේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධිය, ඒ වගේම කළු ජූලිය ආදිය. හරකුනේ දැන්වත් තේරැම් ගනිල්ල මෙතන ගැටළුව අන්‍ය ජාති ආගම් වල නෙමයි, මුදල් හා බලය බෙදීමේ විෂමතාවයයි. නීතිය හරියට බලාත්මක නොවීමේ ගැටළුවයි. දැන් ප්‍රමුඛතාවය ලැබෙන්නේ මුදල් හා බලය තිබෙන උදවියට බව ඇස්පනාපිට පෙනුණත් (පෝළිම් වල ඉන්නේ හැම ආගමකම ජාතියකම දුප්පත් බලය අඩු මිනිස්සු බව පේනවනේ) ඉස්සර ඕක හරියට පෙණුනෙ නෑ වගේම මුදල් හා බලය තිබෙන උදවිය ආගම ජාතිය පෙන්නලා දුප්පත් බලය අඩු මිනිස්සු කොටවල, තමුන්ට එල්ල විය යුතු විරෝධය, පීඩනය, එක්කෝ එක ජාතියකට නැත්නම් ආගමක් දිහාට හරවලා, තමන්ගෙ මුදල් හා බලය රැස්කලා. ඇත්ත තේරැම් අරගෙන ලoකාවට හැදෙනවනම් හැදෙන්නට මීට වඩා හොඳ කාලයක් තවත් නෑ. මම ඔබට ආරාධනා කරනවා අපි වෙනස් වෙමු, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී වෙමු, ජාති ආගම් බේදයකින් තොරව අනිත් කෙනාගේ ප්‍රශ්න වලට සoවේදී වෙමු කියල. දෙමවපියන්, පරිසරය සහ පාසැල ආදියෙන් ඔළුවට දාපු සමහර ආකල්ප ඉගැන්වීම් අන් ලර්න් කරන්න, නිදහස්ව හිතන්න දැන් තමයි හොඳම කාලය.

මේක ජාත්‍යන්තර දේශපාලනයේ් ඒකාධිපතියන්ට බඩු බනිස් වුන කාළයක්. සුකීට මොකද උනේ? සුකී මුස්ලිම් මිනිස්සු එළවද්දි අද පූටින්ට චියර් කරනව වගේම මාර චියර් එකක් ලoකාවෙ බයියන්ගෙන් ලැබුනෙ. දැන් මියන්මාරයේ බයියො ටිකට සොරි ඩොට් කොම් සහ අපේ බයියො මීක් නෑ. බයියන්ගෙ අළත්ම ආතල් එක පුටින්. පුටින්ගේ කෙරැවාව මම සවිස්තරව ඊලඟ ලිපියකින්ම කතා කරන්න ඕන, මොකද පුටින්ගෙ පැත්තට තිෙන බයි ලොජක් ටිකට උත්තර දෙන්න ඕන නිසා. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි.  ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඉඳගෙන ප්‍රජාතන්ත්‍රවාදී රටවල තිබෙන වරප්‍රසාද බුක්ති විඳිමින් ඒකාධිපති පුටින්ට කඩේ යෑම හරිම තුට්ටු දෙකේ තුප්පහි වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු හදා ගැනීමයි ඒ වෙනුවෙන් හඬ නැගීමයි ප්‍රජාතන්ත්‍රවාදී රටවල මිනිසුන්ගේ පරම යුතුකම. ලoකාවට සූටිම සූටි ඒකාධිපතියෙක් එපා කියල අඬනවා, හැබැයි රැසියාවේ දඩ ඒකාධිපතිය පුටින්ට බොක්කෙන්ම ලව්. දොන් නම් දොන්, සිමන් නම්  සිමන් දෙකම බෑ හොඳේ. 





Friday, March 4, 2022

නූගත්කම යනු...

 


නූගත්කම යනු ඇත්ත කුමක්ද කියා නොදැනීම පමණක්ම නොව, ඇත්ත කුමක්ද කියා සොයා බැලීමට සහ සොයා බැලූ කරැණු විශ්ලේෂණය කර ගැනීමට නොහැකි කමයි. මෝඩකම යනු ඇත්ත මොන තරම් පැහැදිලිව ඇස් පනාපිට පෙනෙන්නට තිබුනත්, තමන්ගේ මතය සමඟ එය සමපාත නොවන නිසා එය පිළිගැනීමට මැළි වීමයි. අප කැමති වුවත් අකමැති වුවත් කොතරම් තිත්ත වුවත් ඇත්ත වෙනස් නොවේ. නමුත් ඇත්තට මුහුණදීමට අකමැතිව බොරැවෙන් ජීවත් වීමට උත්සහ කලොත් ලෙසටම කෙළවී යයි. 

ඔබට පේනවා ඇති බුක් කොලිෆිකේෂන්ස්, නැතිනම් උපාධි ආදිය සමඟ ඝෘජු සම්බන්ධයක් නූගත්කමටත් මෝඩකමටත් නැති බව. වෙනත් වචන වලින් කිව්වොත්, උපාධිධාරී නූගත් මෝඩයන් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ලoකාවේ අධ්‍යාපනය වගේ කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රම වලින් උපාධිධාරී නූගත් මෝඩයන් ගොඩක් බිහිවෙනවා. හැබැයි එහෙම කියල හරි හමන් අධ්‍යාපනයක් නැති අමුම අමු හරක්ට මොළ හතක් තියෙන බව හිතීමද විහිළුවක්, ඇත්තම කිව්වොත් ඇස් රතු වෙන විහිළුවක්. හරි හමන් උපාධියක් හරියට හදාරන මනුස්සයෙක්ට විෂය කරැණු වගේම ජීවිතයේ මනා පරිණත බාවයක්, සන්‍යමයක්, සහ බුද්ධියක් ලැබෙනවා. ඒ නිසා,  නූගත්කමටත් මෝඩකමටත් ඝෘජු සම්බන්ධයක් නැතත්, වක්‍ර සම්බන්ධයක් උගත්කම සමඟ තියෙනවා. 

Gayan Chamudya Sapuge ගේ පෝස්ටුව ඉදිරිපත් කිරීමට සිතුනේද ලoකාවේ මිනිස්සු දැන්වත් දේශපාලණ අඳබාලත්වයෙන් එළියට ආ යුතු නිසාත් මේ පෝස්ටුව එයට වැදගත් ප්‍රවේශයක් සපයන නිසාත් ය.

cmct1ion7t665olrh572d7  · 

වැඩ ගොඩක හිර වෙලා ඉන්න ගමන් ඩිඇක්ටිවේට් කරපු එකවුන්ට් එකත් ඇක්ටිව් කරගෙන ආවෙ මෙන්න මේක කියලා යන්න.

ඔය අද ඇමතිකම් වලින් අයින් කරපු උන් දෙන්නා ඉන්නවා නේද?

පහුගිය අවුරුදු පහළොව ඇතුළේ ලංකාවේ ආර්ථිකය නන්නත්තාර කරන්න ලොකුම දායකත්වයක් දුන්නු උන්ව පිළිවෙළට ලැයිස්තුවක් හැදුවොත් ඕකුන් දෙන්නා ඉන්නෙ කපුටාස්ටත් වඩා උඩින්.

ඕකුන් දෙන්නගෙන් අර මහ වාචාලයා තමයි IMF එක බිල්ලෙක් කියන තඩි බොරුව මේ රටේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න ලොකුම දායකත්වය දුන්නෙ.

"අපි IMF ප්ලග් එක ගලවනවා" 

කියලා ස්ටේජ් උඩ මයික් පැලුවේ ඕකා තමයි. IMF එක ලංකාවට යෝජනා කරපු අපේ රටේ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කරන යෝජනාව ලස්සනට ක්‍රියාත්මක කරගෙන එද්දී ඒ වැඩේ කඩාකප්පල් කළේ ඕකා තමයි.

"එක රස්සාවක්වත් දෙන්න බැරි ආණ්ඩුවකින් ඇති වැඩේ මොකක්ද?"

කියලා තාවකාලික දේශපාලන වාසි වෙනුවෙන් මුළු රටකම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති විනාස කළේ ඕකා තමයි.එහෙම  කරලා තුන් ලෝකෙටම වැඩක් නැති රස්සාවල් වලින් ආණ්ඩුවේ දෙපාර්තමේන්තු,සංස්ථා ලක්ෂ ගාණක් පුරවන්න මහින්ද රාජපක්ෂව ගයිඩ් කළේ ඕකා තමයි.අපේ අයවැය ලේඛණයට ඕකා කරපු ඒ විනාසය තව අවුරුදු විසි පහකට තිහකකටවත් නිවැරැදි කරන්න පුළුවන් වෙයි ද කියලා සැකයි.

අදටත්, අපි ආර්ථික අතින් නන්නත්තාර වෙලා තෙල් නැතුව,ගෑස් නැතුව,ලයිට් නැතුව කෙලවිලා ඉද්දිත් IMF යනව ද නැද්ද කිය කිය හැමිණි හැමිණි ඉන්න සිද්ධ වෙලා තියෙන්න ඕකා හදපු බොරු බටහිර විරෝධය නිසා තමයි. *ක කහන්න නියපොත්තක් නැති මේ හුණ්ඩුවක් වගේ රටකට විරුද්ධව කුමන්ත්‍රණ කරන එක ඇරෙන්න බටහිර රටවල් වලට වෙන වැඩක් නෑ කියලා රටේ එක පරම්පරාවකටම කන්වින්ස් කළේ ඕකා තමයි.

මහ පොළවේ ක්‍රියාත්මක කරන්න බැරි බොරු දේශීය ආර්ථිකයක් ගැන පම්පෝරි ගහලා, ජී මේල් එපා,කොකා කෝලා එපා කිය කිය ස්ටේජ් උඩ කටින් මලපහ කළේ ඕකා තමයි.

මහ වාචාලයා ඊයෙ කියනවා.

"අපිට ඩබල් පුරවැසිභාවක් නෑ" ලු. "මේක රටක්" ලු.

ඒ වුණාට පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගහපු ඩබල් පුරවැසියෙක්ව මේ රටේ ආර්ථිකයේ ලොකුම තනතුරට පත් කරන්න පාර්ලිමේන්තුව ඇතුළේ ඡන්දෙ දුන්නු පව්කාරකමට ඕකාත් දායක වුණා.එදා ඌට මතක් වුණේ නෑ මේක රටක් කියලා.

ඇමෙරිකන් ආණ්ඩුවෙන් සත පහක පොළියක් නැතුව අපිට දුන්නු ඩොලර් මිලියන 480 ක MCC Grant එකට විරුද්ධව රටේ මිනිස්සුන්ගෙ හිත් වල බොරු බිල්ලො මවා පෑමේ න්‍යායාචාර්‍යවරු ඕකුන් දෙන්නා තමයි.අර ලංකාව මැදින් ඇමෙරිකන් කොරිඩෝවක් යනවා කිය කිය අවුරුදු විස්සට අඩු අහිංසක ළමයින්ගෙ මොළ හෝදපු ටියුෂන් කාරයන්ගෙත් මොළ හේදුවෙ මුං දෙන්නා තමයි.

ඕකුන් දෙන්නගෙන් එකෙක් කොමස් කරලා ඒ ලෙවල් වලින් ලංකාවේ පළවෙනියා වුණු ඇත්තටම ඉකොනොමික්ස් ගැන අවබෝධයක් තියෙන එකෙක්.ආර්ථික අර්බුදයක් තියෙන කාලෙක රටේ වැදගත්ම අමාත්‍යාංශයක් පාලනය කරන්න ගිහින් ඒ වැඩේ කොච්චර අමාරුද කියලා දැන් ඌට සත්‍ය අවබෝධ වෙලා ඉන්නෙ.ඒ වුණාට පහුගිය ආණ්ඩුව කාලෙ කරපු ඉන්ධන මිල සූත්‍ර යෝජනාව,අතිරික්ත එළවළු ෆ්‍රීස් කරලා තියාගෙන එළවළු මිල පාලනයට කරපු යෝජනාව,ඉන්දියන් ගිලන් රථ ව්‍යාපෘතියට දොස්තර සංගම් එක්ක එකතු වෙලා කරපු අකුල් හෙළීම් කිසිවක් අමතක වෙන්න දෙන්න හොඳ නෑ.

හෙට අනිද්දට ඕකුන් ස්ටේජ් උඩ කියන කතා අහලා මයිල් කෙලින් වෙලා හැඟීම්බර වෙන්න කලින් මේ කියපුවා මතක් කර ගන්න.ඕකුන් දෙන්නා වගේ තක්කඩි දෙන්නෙක් දේශපාලනයෙන් සදහටම අතුගෑවෙන්න ඕනෑ මිස ඕකුන් හේත්තු වෙන හෝ උන්ව හේත්තු කර ගන්නා කිසිම ව්‍යාපාරයකට නිවැරැදි ප්‍රතිපත්ති එක්ක හරි ගමනක් යන්න බැරි බවත් මතක තියා ගන්න.

මේ කියල තියන දේත් හිතේ තියාගෙන අපි ලන්කාවේ දත්ත හෙවත් මහපොළොවේ යථාර්ථය දිහා පොඩ්ඩක් බලමු. 

පහත පෙන්වා ඇති දත්ත වල වර්‍ෂ 2020දී ලන්කාවේ ඇසයිලම් නොහොත් සරණාගත වීසා ඉල්ලූ පිරිසගේ විස්තර දැක්වේ. පුදුමයකි, (මොනතරම් පූටින්ට කඩේ ගියත්) තමන්ට කෙළ වූ විට ලන්කාවේ මිනිස්සු හඬාගෙන අනේ මාව බේරාගනියෝ කියා උදව් ඉල්ලන්නේ අර තමන් වෛර කරන බටහිර රටවලිනි, ඇමරිකාවෙනි, ඔස්ට්‍රේලියාවෙනි, කැනඩාවෙනි, ඊශ්‍රායලයෙනි, කොටින්ම මේ ලැයිස්තුවේ අම්ම මුත්ත කාලේවත් අහපු නැති නාවුරැ කියල වැඩියෙ කවුරැවත් දන්නැති රටෙනුත් 33ක් ඉල්ලලාය. හැබැයි තෙල් පෝළිමේ තැපල ගෙදර ඇවිත්, ලයිට් කපල කරැවලේ  ඉන්දැද්දී පවා පූටින්ට වර්ණනා ලියන මිනිස්සු ඉන්න, රැසියාවේ කතන්දර පොත් කියවල හැදුන වැඩුන, අර සේපාල් අමරසිoහ කියන්නා වගේ "රැසියාවට වඩා ලොකුයි ඉරිසියාව" කියල ඉඩියම් එකක්ද තියෙන රටේ, "අනී රැසියාව ලoකාවට පක්‍ෂව 2021 දී ජගත් මානව හිමිකම් සමුළුවේදී ඡන්දය දුන්නේ ඒ අපේ මිත්‍රයෝ අර බටහිර හා ඇමරිකාව අපේ හතුරෝ" කියන රටේ , එකෙක්වත් රැසියාවෙන් සරණාගත වීසා ඉල්ලලා නැත. හැබැයි ඒ අසළ ඇති යුක්‍රේනය, අසර්බයිජානය, ස්ලෝවෙකියා, ස්ලෝවේනියා සහ වැලේ වැල් නැති ලෙබනනයෙන්ද උදව් ඉල්ලා ඇත. හරි පුදුමයි නේද?  තමුන් එලෙස පූටින්ගේ ග්‍රහනයෙන් පුළුවන් තරම් ඈත් වී ඉඳගෙන, පුළුවන් නම් බටහිර රටකටද  පැනගෙන, ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, යස ඉසුරැ භුක්ති විඳින හො විඳින්නට සිහින දකින ගමන්, පූටින්ට සහ වෙනත් ආඥාදායක බටහිර විරෝධීන්ට වන්දනාමාන කරන මේ කුහක මිනිසුන්ගේ සැබෑ නිරැවත මෙයයි. ඈත ඉඳන් පුටින් දෙස බලාගෙන ස්වයo වින්දනයේ යෙදෙනවා මිසක මොවුන් ඒවායේ ගොස් රැසියාවේ මිනිස්සු, චිනයේ මිනිස්සු විඳින බලු දුක විඳින්නට ලෑස්ති නැත.  

 පූටින්ට ආවඩන එකෙක්වත් රැසියාවේ පී ආර් ගන්නට,  රැසියාවේ රස්සා කරන්නට, කොටින්ම අඩු මුදලකට ලාබෙට දොස්තර හෝ වෙනත් උපාධියක් ගන්නට හැර  රැසියාවේ හොඳ ජීවිතයක් සොයමින් මයිග්‍රේට් වන්නට හිතන්නේ නැත.  හිතුවත් උන්ගේ වීරයා පුටින් එහෙම කරන්නට දෙන්නේද නැත. ලන්කාවේ මානව හිමිකම් තිබුනත් නැතත්  පුටින් ට කමක් නැත. කාඩිනල් පාස්කු ප්‍රහාරයේ අවනඩුව කියන්නට ගියේ පුටින්  ලඟට නොවේ. ලoකාවේ එතෙක් මෙතෙක් ඇති වූ අවනඩු සියල්ලේම වින්දිතයන් අවනඩු කියන්නට ගියේ  පුටින්  ලඟට හෝ චීනයට නොවේ. පුටින් ලන්කාවේ මානව හිමිකම් වින්දිතයන් කාටවත් ඇසයිලම් දුන්නේද නැත. පූටින්ට ලoකාවේ වින්දිතයන් උන්නත් මළත් කමක් නැත. පූටින් ලoකාවට පක්‍ෂව 2021 දී ජගත් මානව හිමිකම් සමුළුවේදී ඡන්දය දුන්නේ ලන්කාව  මානව හිමිකම් රකින නිසා නොව තමන් මානව හිමිකම් තඹයකට මායිම් නොකරන නිසා සහ මම උඹට සප් එක  දෙන්නම් උඹ මට සප් එක දීපන් න්‍යායට අනුව බව නොතේරෙන්නට හේතුවක් නැත. පූටින් මෙන් අනිත් ලෝක නායකයන්ද හිතුවා නම් අද ලෝකයේ සියලුම රටවල්  මිහිපිට අපායවල්  මෙන් තිබෙනු ඇත. ලoකාවේ ඇති  දූෂිත මජර දේශපාලනය ලෝකයේ තිබුනා නම් තත්වය මඳක් හිතන්න. පූටින් ලෝක බලවතා වී අපේ ජොනියා ඉන්දියාවේද මයිනා සහ පවුල් සමාගම බ්‍රිතාන්‍යයේද මෝඩ පුතානෝ ඇමරිකාවේද ගොම්මන්පිළ ඔස්ට්‍රේළියාවේද ආදී ලෙස දූෂිත මෝඩ බලලෝභී මානව හිමිකම් යනු මොනවාද වත් නොදන්නා අමන රැළක් ලෝකය මෙහෙයවුවහොත් අවුරැදු කීපයකින් ලන්කාවට දැන් තිබෙන සවුබාගය ලෝකයටම උදා වී පෘථිවියම සෞරග්‍රහ මණ්ඩලයෙන්ද අතුගෑවි යනු ඇත. පූටින් ලoකාවට පක්‍ෂව 2021 දී ජගත් මානව හිමිකම් සමුළුවේදී ඡන්දය දී මානව හිමිකම් යෝජනා නිශේධ කරපු එකෙන් ලoකාවට සෙතක් උනාද කෙළඋනාද? ගෘහස්ථ ගෑස් ටැන්කි පුපුරා බල්ලන් බළළුන් මෙන් මිනිසුන් මැරෙන්නේ, පෝර නැතිව ගොවියන් හඬන්නේ, කෑම නැතිව දරැවන් හාමතේ නිසා තාත්තලා දිවි නසා ගන්නේ, පෙට්‍රල් ඩීසල් නැතිව රටම අඩපණ වෙනේනේ, කිසි ප්‍රමිතියක් නැති නිසා වස විස කෑමට එකතු වන්නේ මූළිකම මානව හිමිකම් පවා අහිමි වූ රටකය. එදා පුටින් නිශේධ බලය පාවිච්චි නොකර මානව හිමිකම් ක්‍රියාත්මක කරන්නට ඉඩකඩ  දුන්නා නම් ලoකාව බන්කොළොත් නොවීමට  තිබිනි. ඒත් එක අතකට එහෙම වෙච්ච එක හොඳය. නැත්නම් ලoකාව බන්කොළොත් නොවී මානව හිමිකම් දියුණු උනත් බයියන් අම්ම මෝ නැතිව බටහිර රටවලට බැන වදිනු ඇත.

අනිත් අතට බෞද්ධ රටක් වන ටිබෙටය, චීනය විසින් ආක්‍රමණය කරද්දී, චීනය තායිවානයට, හොන්කොන් වළට කෙණහිළිකම් කරද්දී ලoකාවේ අයට ගාණක්වත් නැත. ටිබෙටයේ අධ්‍යාත්මික නායකයාට තම රටට යන්නට අදටත් බැරිය. තවත් බෞද්ධ රටක් වන මියන්මාරයේ දැන් හමුදා පාලනයකි. ඒවා යක්ඛ පුත්තු නොදැක්ක ගානට හිඳී. පේන්නේ බටහිර වැරදි පමණකි. කොටින්ම මුස්ළිම් මිනිස්සුන්ට කෙළවපු නිසා සුකීව උඩදාගෙන හිටපු බයියන්ගේ මුදුන් මල්කඩ බඳු නළින් උන්නැහේ සුකි වෙනුවෙන් යමක් කරනු වෙනුවට ශේප් එකේ මියන්මාර තානාපතිකම අතහැර ගෙදර ආවේය. 

අදද ගෝඨාට බනින්නේ ඇමරිකන් කාරයා කියාය. ඇමරිකාව මුන්ට බලෙන් පුරවැසිකම දුන්නේ නැත. ලෝකයේ රටවල දේශපාළන වින්දිතයන් ආරක්‍ෂා කර ගැනිමට ඇමරිකාව සහ බටහිර දේශපාලන රැකවරණ ලබා දීම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට ලොකු සහයකි. රජ පැටියා හොරට නීති විභාග ලියා රෙකෝඩ් තබමින් පාස් වන විට ඒ ගැන හෙළි කල නිසා දඩයමට ලක් වූ  තුෂාර අද ඉන්නේ ස්විට්සර්ලන්තයේය. ඒ එකක් පමනි. එවැනි වැදගත් ක්‍රමවේදයක් අවභාවිතා කර බොරැ බේගල් දෙසා සරණාගත කාඩ් එකෙන් පුරවැසිකම ගත් දේශපාලකයන් ගේ ඕනෑතරම් රෙඩ් ෆ්ලෑග්ස් දැක දැක නොදැක්ක ගානට උඩදාගෙන ඡන්දය දී - ඒ කාලයේ ඇමරිකන් කාරයා හොඳ විය- අද කෙළවී බයියන් බනින්නේ ඇමරිකාවටය. 

මේ දීර්ඝ පැහැදිළි කිරීමෙන් මට අවශ්‍ය වූයේ ලoකාවේ බහුතරයක් මිනිසුන්ගේ ඇති උග්‍ර බටහිර විරෝධය, සහ විශේෂයෙන්ම කොමියුනිස්ට් ආඤාදායකයන් කෙසේහෝ සාධාරණීකරණය කරන්නට යාම ගැන අදහසක් දීමටයි. මේ මට්ටමට ලන්කාවේ මිනිසුන්ගේ මොළ ශෝධනය කිරීමට දායක වූ ප්‍රධාන සෙට් එකක් වන විමලේ ඇතුළු පිරිස ආණ්ඩුවෙන් එළියට ඇවිත් ගහන්නට හදන ප්‍රධානම තුරැම්පුව නම් ඇමරිකන් කුමන්ත්‍රණ තුරැම්පුවයි. ලන්කාවේ මිනිසුන් දැන් වත් වැරැද්ද වැරැද්දක් ලෙස මිසක ඒක කලේ කවුද යන්න දෙස බලා ඒ අනුව තීරණ ගැනීම නොහොත් පටන් ගැන්මේදී කියූ මෝඩකමේ නිර්වචනයට අනුව වැඩ කිරීම නැවැත්විය යුතුය. වඳ කොත්තු, වඳ යට ඇඳුම්, වඳ සැත්කම් ගැන කිය කිය මුස්ළිම් මිනිස්සු ඩීමනයිස් කර කර සින්හළ මිනිස්සු උසි ගැන්නුවාක් මෙන්ම අනාදිමත් කාලයක සිට බටහිර කුමන්ත්‍රණ කිය කියා  බටහිර රටවල්  ඩීමනයිස් කර කර සින්හළ මිනිස්සු උසි ගන්වා බඩ වඩා ගන්නා අපරාධ කාරයින් ය. 


 


https://www.thehindu.com/news/international/unhrc-adopts-resolution-against-sri-lankas-rights-record/article61923005.ece



https://www.worlddata.info/asia/sri-lanka/asylum.php#:~:text=3%2C996%20people%20from%20Sri%20Lanka,asylum%20applications%20have%20been%20rejected.






සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...