Saturday, September 19, 2020

ආදරයක් සාර්ථක අසාර්ථක වීම රැන්ඩම්ද?

මුහුණුපොතේ දුටු එක්තරා ලිපියක් මම මෙහි පළ කරනවා. එම ලිපියේ දැක්වෙන කරැණු අනුව ආදරයක් සාර්ථක අසාර්ථක වීම හෙන රැන්ඩම් සිද්දියක් වගේ පෙනුනට ඇත්තටම එහෙම නෑ. දෙදෙනෙක් හඳුන ගෙන ආදරය කරන කාලෙදි ක්‍රිටිකල් ප්‍රශ්න කතා කරන්නෙ කීයෙන් කී දෙනාද? අන්තිමට අවුරැදු දහයක් ලව් කරල බැඳල අවුරැද්දෙන් ඩිවෝස්. බලපුවම අර අවුරැදු දහය ලව් කරනව කියල කරල තියෙන්නෙ කාල බීල විනෝද වීම විතරයි, එකිනෙකාගෙ ආකල්ප, දුබලකම්, අවශ්‍යතා, සිහින හඳුනා ගැනීමක් වෙලා නෑ. සමහරැ ඒව කතා කරන්නටත් බයයි මොකද ඒක කෙළවර වෙන්නෙ හිත් අමනාපයකින්. හැබැයි කසාද බැන්දම එම කටුක යථාර්තයට මූණ දෙන්නම වෙනවා. 


මට මුණගැසුනු මා ගැන කැමැත්තක් පෙන්වූ පිරිමින් කීප දෙනෙක් ගේ යෝජනා මම ප්‍රතික්‍ෂේප  කලේ පහත  ක්‍රිටිකල් ප්‍රශ්න (for example) අසා ඔවුන් දුන් පිළිතුරැ මත ඔවුන්ගේ ආකල්ප මගේ ආකල්ප සමඟ නොපෑහීම නිසා. ඒ පිරිමි අතර සල්ලිකාරයන්, කඩවසම් සහ උගත්, දියුණු රටක පදිoචි, හොඳ පවුල් පසුබිම්, හොඳ  රැකියා ආදී මෙකී නොකී ආකර්‍ෂණීය දේවල් තිබුනා. ඒත් ඒවට වහ වැටී නොගැලපෙන අදහස් සහිත සහකරැවෙක් සමඟ විවාහ උනා නම් අද මගේ ජීවිතය අපායක් විය හැකිව තිබුනා.

Example 1

මගේ ප්‍රශ්නය - ඔයා කැමතිද මම රැකියාවක්  කරනවට?

පිළිතුර - නෑ මම කැමතියි ඔයා ගෙදර ඉන්නවට (මෙම පිළිතුර මගේ කැමැත්තට සතුටට පටහැනි නිසාත් career development එක මගේ ජීවිතයට ගොඩක් වැදගත් නිසාත් මෙම පිරිමියා ප්‍රතික්‍ෂේප විය)

Example 2

මගේ ප්‍රශ්නය - ඔයා දරැවන් ලැබීමට කැමතිද?   

පිළිතුර - අපෝ ඔව් මට කසාදයක අoක එක තමයි ළමයි, මට දුවෙකුයි පුතෙකුයි ඕනෙමයි.

මගේ ප්‍රශ්නය - බොහොම හොඳයි බැරි වලාවත් මගේ ශරීරයේ අඩුපාඩුවක් නිසා අපට  ළමයි නැති උනොත් මොකද කරන්නේ?

පිළිතුර -බුදු අම්මෝ ඔයා ඇයි එහෙම අහන්නේ ඔයාට එහෙම අඩුපාඩුවක් තියෙනවද (එදායින් පසු මේ මට  මෙම පිරිමියා කවදාවත් කතා කලේ නැත. මෙබඳු පිරිමින් සමඟ විවාහ වීම අති විශාල risk එකකි.)

බොහෝ කාන්තාවන් තම නියම වටිනාකමට වඩා අඩු ලoසුවකට විවාහ වෙළඳපොල්දී විකිනෙති. බේබද්දන්ගෙන් අඩුම බේබද්දා, පීඩකයන්ගෙන් අඩුම පීඩකයා, අමනයන් ගෙන් අඩුම අමනයා තෝරනවා මිසක මත්පැන් නොබොන, පීඩා නොකරන, අමනයකු නොවන පිරිමියෙක් සෙවීමට නොයති.  ඉතින් අරහෙම ප්‍රශ්න අසා කටුක යථාර්තය දැනගන්නවාට වඩා අවුරැදු ගනන් ලව් කරද්දී එවෙළෙට විනෝද වීම මෙම කාන්තාවන් තෝරා ගනී. අනතුරැව විවාහ වී සැමියා රැකියාවෙන් ඉවත් වන්නට බල කරන විට හෝ දරැවන් ලැබීම පමා වීමේදී යකා නටන විට රණ්ඩු වෙති, දික්කසාද වෙති.  Good marriage life is not a mistery, people who are brave enough to search for the right person will get it. People who are distracted by money, looks, status, etc and compromise compatibility will suffer at the end. 

 https://www.facebook.com/youmepage.lk/  

අවුරුදු දහයක් යාලු වෙලා ඉදල කසාද බැදපු දෙන්නෙක් බැදල අවුරුදු දෙකකට පස්සෙ ඩිවොස් වෙන්න යනව.

අවුරුද්දක පුංච් පැටියෙකුත් ඉන්නවලු.

ප්‍රොපෝසල් එකකින් සෙට් වෙලා යන්නම් මාස තුනක් ආශ්‍රය කරල කසාද බැදපු දෙන්නෙක් තමයි අරුන් දෙන්නව ආයෙම එකතු කරල තියන්න ට්‍රයි කරන්නෙ.උන් බැදල දැන් අවුරුදු දහයක්ලු.අදටත් ගොඩක් සතුටින් ඉන්නව කියන්නෙ.

පලාතෙම තිබ්බ හොදම හෝල් එක බුක් කරල වෙඩින් එක අරන් හනිමුන් වලට මැලේසියා ගිහින් හෝම් කමින් එක ඊටත් වඩා ලොකුවට ගත්තු කපල් එකක් එකම ගෙදර තට්ටු දෙකේ වෙන වෙනමලු දැන් ඉන්නෙ.ඩිවෝස් වෙන්න ඕනිලු ඒත් ඊට පස්සෙ සමාජයට මූණ දෙන්න බැරි නිසා මෙහෙම ඉන්නවලු.

ගැබ් ගන්නෙ නැති ප්‍රශ්නයක් හින්ද බෙහෙත් වලට හැම  සේසතක්ම වියදම් කරපු ගැහැණු කෙනෙක් අන්තිම පාරට ට්‍රයි කරල බලන්න කියල ගේ උගස් කරල ඉන්දියා යනවලු.  " මට නම් හිතහදාගෙන ඉන්න පුලුවන්, ඒත් යාලු වෙලා ඉද්දි මට ඔයාව විතරයි ඕනි හැමදාම කියල කියපු එයා දැන් මට වෙනස් කම් කරනව."

දන්න එකෙක් තමයි කිව්වෙ,ගෙවල් උගස් ගන්න කවුරු හරි ඉන්නවනම් කියන්න කියල.

කේන්දර ප්‍රශ්නයක් හින්ද බදින්න බැරිවෙච්ච නැන්ද කෙනෙක් මගේ හොදම යාලුව යාලු වෙලා ඉන්න කෙල්ලගෙ ගෙදර ඉන්නවලු." කේන්දර එහෙම ගැලපෙනවද දැන් මේ ලමයින්ගෙ " කියල ගෙදර ගිය වෙලාවෙ ඉස්සරලම ඇහුවෙ එයාලු.බොහොම අමාරුවෙන් තමයි යාලුව හිනාව තද කරන් ඉදල තියෙන්නෙ.

දිසානායක අංකල් ගෙයි ආන්ටිගෙයි 25 වෙඩින් ඇනවසරි එක ලගදි ලොකුවට ගත්ත.දරු , මුණුපුරන් එක්ක.ඇනවසරි එකක් සැමරුවට එයාල වෙඩින් එකක් ගත්තෙ නෑලු.පැනල ගිය දවසලු ඒ සමරන්නෙ.පස්සෙ කාලෙක ස්ටූඩියෝ එකකට ගිහින් ෆොටෝ එකක් ගත්තලු.අදටත් ඒ ෆොටෝ එක විතරලු තියෙන්නෙ.

වැඩිහිටි දීමනාව ගන්න පෝලිමේ අත් අල්ලගෙන ඉන්න ආච්චි කෙනෙකුයි,සීය කෙනෙකුයි මොනාද කියෝ කියෝ හයියෙන් හිනාවෙනව.

ලමයෙක් කිහිල්ලෙ ගහගත්තු අම්ම කෙනෙක් තමන් අතෑරල ගිය  මිනිහ වන්දි සල්ලි දෙන්නෙ නෑ කිය කියා ඕ. අයි. සී මහත්තය ලග හඩා වැලපෙනව.

විවාහය කියන්නෙ එහෙම එකක්.

සමහරු විදිනව, සමහරු විදවනව.

සමහරුන්ට ලැබෙනව.සමහරුන්ට මගහැරෙනව.

සමහරු පරිස්සම් කරනව, සමහරු අත් හරිනව.

සමහරු ගලපගන්නව, සමහරු නොගැලපීම් හොයනව.

ඒත් හැමෝම ඒ වෙනුවෙන් හීන දකිනව.

Tuesday, September 8, 2020

The bitter truth

 සියලුම පාහේ දේශපාලකයින් විසින් ජනතාව පත් කර ඇති අන්ත කාළකන්නි තත්වය පහත පෝස්ටුවේ මනාව පෙන්වා ඇත. දුප්පත්කම, නූගත්කම, අසරණකම, සහ අනේකවිධ දුක, වේදනාවෙන් පෙළෙන මේ මිනිසුන්ව රැවටීම ඉතා පහසුය. තමුන්ට තමුන්වවත් හරියට කළමණාකරනය කර ගන්න බැරි ගෑනු මිනිස්සු මිනීමරැවන් පාර්ලිමේන්තු යවන එක පුදුමයක්ද?

ඊයෙ රෑ 11 ය් කට්ටියක් ඇවිත් දොරට ගහනවා..
දොර ඇරියම අපේ කුනු ලොරියෙ යන ගෑනු කෙනා..ඉන්නෙ රේල්පාර අයිනෙ ගෙදරක..
මම ඔෆිස් එක ඇරියා..
අනේ මැඩම් අපේ දූ නිසා ආයෙත් කරදරයක් ..
හෙට උදේම පොලිසි යන්න ඕන ඉන්ක්වයරි එකට , රිමාන්ඩ් කරය් කියලා බයයි..
අනේ මැඩම් එන්න පුලුවන්ද අහනවා..
ඔය කියන දුවට මාස 2ට කලින් අවුරුදු 18 පිරුනෙ..
දැන් අවුරුද්ද ක් වයස දරුවෙකුත් ඉන්නවා..
අවුරුදු දෙකකට කලින් මේ අම්මම මගේ ලගට ආවා , මැඩම් අපේ දුවට අවුරුදු 16,මේ අවුරුද්දේ OL කරන්න ඉන්නෙ , ඒත් ගෙවල් ගාව ළමයෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් එයත් එක්ක යන්න හදනව කියලා..
මම ගෑනු ළමයටය් පිරිමි ළමයටය් දෙන්නට එන්න කියලා තදින් අවවාද කලා..
ඉගෙන ගෙන ඉන්න, පිරිමි ලමයටත් රස්සාවක් හොයා ගන්න , ජීවිතේ පිලිවෙලක් කරගෙන විවාහ වෙන්න, ආදරේ කලාට ඕක කසාද බදින්න වයසක් නෙමෙය් කියලා...
බණ අහන් ඉන්නව වගේ දෙන්නම අහනගෙන හිටියා..
මමත් හිතුවා කියූ දේ තේරුම් ගත්තා කියලා..
මාස 2ට පස්සෙ අම්ම එනවා මැඩම් මුන් දෙන්නා පැනලා ගියා ..
අත් අරින්න බෑ කියනවා..අපි පොලීසි යන්නෑ පරිවාසෙට දාය් කියලා බයය්..ඒ නිසා ගෙදරට ජෝඩුවම බාර ගන්නවා කියලා..
ඒ දෙන්නා එතනින් නතර නොවී ළමයෙකුත් හදලා..ළමයට අවුරුද්ද ය් දැන් වයස..
මාස 2ට කලින් වයස සම්පූර්ණ උන නිසා දැන් විවාහ වෙලා..
මේ ගෑනු ළමයගෙ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නෙත් ඒ මට්ටමේම අය..
එතනත් අවුරුදු 17 ගෑනු ළමයෙක් දරුවෙක් එක්ක..
මේ ගෙවල්දෙකේ කෙල්ලො දෙන්නා කලින් යාලුවො..කේලමක් නිසා දෙන්න රණ්ඩු වෙලා..අල්ලපු ගෙදර කෙල්ලය් එයාගෙ මහත්තයය් නෑදෑයොය් එකතු වෙලා මගේ සේවාදායිකාවගෙ දුවට ගහලා..
එයා දැන් රෝහල් ගත වෙලා..
කකුලක් කැඩිලා..ඇහැ ගාව මැහුම් 6ක තුවාලයක්..
අද කට්ටියම උදේ පොලීසියෙ....
අවුරුද්ද ක් වයස ළමය් 3ක් කට්ටිය එක්ක පොලීසියෙ..
කීප දෙනෙක්ම මත් ද්රව්ය වෙළදාමෙත් ඉන්නවා..
කට්ටියම උසාවි දාලා ඇප දුන්නා තදින් අවවාද කරලා..
මේ තමයි අපේ රටේ ජන්දදායකයා..
බාලවයස්කාර විවාහ සිදු කරන..
ළමයින් දරුවන් වදන ...
තාමත් දියුණු සංස්කෘතියකට එන්න හිතලවත් නැති මේ මිනිස්සුන්ට ..
ආණ්ඩුක්රම ව්යවස්ථාව ..
නීතියෙ පරමාධිපත්ය..
පරිසර සංරක්ෂණය ...
කතා කිරීමේ නිදහස..
මානව අයිතිවාසිකම් ..
ප්රජාතන්ත්රවාදය ..
කියන වචනවත් තේරෙනවද...
20 සංශෝධනයෙන් මොකක් උනත් මේ මිනිස්සුන්ට වැඩක් තියනවද..

Saturday, September 5, 2020

ලංකාව වගේ ආසියාතික රටකට Living Together ගැලපෙන්නේ නැත්තේ ඇයි? By Reshika Dissanayake Godakanda

Sanjaya Srikanth මහතා (ලoකාවේ) එකට ජීවත්වීමේ හොඳ  ගැන කලකට පෙර ලියූ ලිපියක් දැකල මමත් ඒ ගැන මගේ අදහස් සහිත ලිපියක් ලිව්ව (https://deepthidonkor.blogspot.com/2019/09/o-living-together.html). අහම්බෙන් රෙශිලා සොයුරිය ඒ ගැන ලියූ ලිපියක් දැකල ශෙයා කරන්නට හිතුනේ මගේ ලිපියටත් වඩා හොඳට කරැණු දක්වා තිබෙන නිසා. 

https://www.facebook.com/groups/473897536298933/permalink/761526227536061

 ලංකාව වගේ ආසියාතික රටකට Living Together ගැලපෙන්නේ නැත්තේ ඇයි?

මගේ ලිස්ට් එකේ ඉන්න..මම බොහොම කැමති ලේඛකයෙක් වුන Sanjaya Srikanth මහතා ලඟදි විවාහ නොවී එකට ජීවත් වීමේ කියන සංකල්පයේ සුන්දරකම ගැන සටහනක් ලියා තිබුනා. සනජය කියූ කරුණු වලට එකඟ වෙන අතරේ මට හිතුනා මගේ අදහස ලියා පල කරන්නට.

.......................................................................................

මා හිතනවා ලංකාව වගේ දකුණු ආසියාතික ආකල්ප , වටිනාකම් ඇති රටකට ඒ දේ ගැලපෙන්නේ නැහැ කියල. ඒකට හේතුත් කිසියම් උදාහරණ දෙක තුනකුත් ලියා දක්වන්නම්.

ජෝන් එබ්‍රහිම් සහ බිපාෂා බාසු අවුරුදු 9 ක් එකට ජීවත් වුනා

අපි දන්නවා ජෝන් එබ්‍රහිම් සහ බිපාෂා බාසු දෙන්නා බොලිවුඩයේ සිටි හොඳ ආදරවන්තයෝ. ඔවුන් වසර 9 ක් එකට හිටියා. ජෝන් ඇයව විවහා කර ගත්තේ නැහැ. මොකද ඔහු හිත යටින් බලාපොරොත්තු වුනේ ගොඩක් ඉගෙනගත්තු කාන්තාවක් විවහා කර ගන්න. නමුත් බිපාෂා ගේ සිරුරට ඔහු බෙහෙවින්ම ඇලුම් කළා. ඔහු කීවේ " සැබෑ ආදරයට කොලේකින් වැඩක් නැහැ . අපි දෙන්නා හොඳින් ඉන්නවා. එච්චරයි. ඒ වගේම විවාහයකට පෙර දෙදෙනෙක් එකට ඉන්න ඕනේ. " අනේ බිපාෂත් මේ වචන හොඳින් විස්වාස කරා. නව වෙනි වසර අවසානයේ ඔහු ඔහු පතපු අන්දමේ හාවර්ඩ් වල ඉගෙන ගත්තු ප්‍රියා රන්චාල් හමු වුනා....

අනේ අර කලින් වැඩක් නැති කොලේ, අවබෝධය, ආදරේ , වටහාගැනීම සේරම තියල හමු වෙලා මාස නවයකින් ඔහු වසර 9 ක් එක වහල යට සිට ඔහුගේ Career එක උස්සල දුන්න, නලුවෙක් වෙන්න පාර කපපු බිපාශාව අතහැරලා නීතියෙන් විවාහ කර ගත්තා. හදිස්සියේ ඔහුට කොලේ වැදගත් වුණා. එකට ඉඳල හඳුනාගැනීමක් කරන්න ඕනේ නැති වුනා.

පස්සේ බිපාෂා පුවත්පතකට කියනවා. "මගේ ජීවිතේ ගෙවුන කාලේ ආයේ ගන්න බැහැ. ඒ කාලේ මම රඟපාන වැඩේ ඉවර කරලා , ජිම් ගිහින් එතනින් කෙලින්ම ගෙදර යනවා. ආයේ වෙන පිරිමියෙක් දකින්නවත් හමු වෙන්නවත් බලාගෙන උත්සවවලට , ඩෙට් වලට යන්නේ නැහැ. ඒ නිසා මට වෙන කෙනෙක් එක්ක විවහා වෙන පරමාර්ථයෙන් ඇසුරු කරන්න බැරි වුණා. මගේ තරුණ කාලේ හොඳම හරිය ජෝන් ගේ කොලේ නැති ගෑනි හැටියට ගෙවුනා. ......"

................................................................................

බටහිර රටවල දරුවෝ හැමෝම යාලු වෙලා ඉක්මනින් එකට ජීවත් වෙනවා. ඔවුන් හැමෝම විවාහ වෙන්නේ අවුරුදු දෙක තුනක් එකට ඉඳල. සමහරු හරි නොයද්දී වෙන් වෙනවා. එහෙම වෙන් වුනා කියල කවුරුත් ඒ කාන්තාවට බඩුව කියන්නේ නැහැ. ඒ කාන්තාවගෙන් අයුතු ප්‍රයෝජන ගන්න යන්නේ නැහැ. තව කෙනෙක්ව විවාහ වෙන්න බැරි කමක් ඒ සමාජ වල නැහැ. ඒ වගේම නොගලපෙනවට වෙන් වුනාට ඒ රටවල ගොඩක් මිනිස්සු තමාගේ පෙම්වතිය ටික කලක් තියාගෙන ඉඳල වෙන ඊට වඩා හොඳ උගත්කෙනෙක්, සල්ලි තියන කෙනෙක් හම්බ වුනාම අතහරිනවා කියන සංකල්පයේ නැහැ.

හිතන්න අපේ රටක කෙල්ලෙකුයි කොල්ලෙකුයි විවාහ නොවී එකට ඉන්නවා. එහෙම ඉඳල විවාහ කරගනිද්දී කොල්ලගේ අම්ම කවදාවත් කියන්නේ නැහැ " අනේ පුතේ උඹ නිසා ජීවිතේ කැප වුන කෙල්ල. එහෙම කෙල්ලෝ එකට ඉඳල දාල එන්න එපා " කියල. ඒ වෙනුවට කියන්නේ. "දැන් වත් ඔය ගෑනිව අතහැරලා දාල අර අපි කියන ගොඩින් මෙච්චරක් , මඩින් මෙච්චරක් තියන අහවලාගේ අහවලාව බඳින්න " කියලයි. ආගම් අදහාගෙන පන්සල්, පල්ලි, කෝවිල් වල පදිංචි වෙලා හිටියට අපේ වැඩිහිටි පරපුරට moral ethics කියල දෙයක් ගෑවිලා වත් නැහැ. ඉතින් ඔවුන් හදන ළමයි ටත් ඒ දේවල් නැහැ.

හොඳයි එකට මිනිහෙක් එක්ක අවුරුදු ගානක් කොලේ නැතුව දීග කෑව ගෑනියෙක් අයින් වෙලා තනියම ඉන්න ගියොත් මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දේවිද? එදා ඉඳල කොල්ලගේ , බල්ලාගේ ඉන්දල හදන්නේ ඒ ගෑනිව ඇඳට ගන්න. බැරි වුනොත් රටේ තියන හැම කතාවම කියල බනිනවා.

" අරකිට අරු එක්ක මෙච්චර කාලයක් ඉන්න හොඳයි. අපිට තමා පත්තිනි අම්මා. ඕක අරු ජොලියට තියාගෙන හිටියේ . හොඳම වැඩේ. අරු නියම කෙල්ලෙක් සෙට් කර ගත්තා. නියම කෑල්ලක්. හොඳම වැඩේ "

ඒ වගේම වසර ගණනාවක් එකට ඉද්දි ආවස්ථික පිරිවැයක් තිබෙනවා. සම්බන්ධයක දී අපි කැපවීම් කරනවා. සමහර විට එක්කෙනක් උපයනවා. දේපොළ හිමිකාරීත්වය තිබෙන්නේ එක්කෙනෙක්ට. තරුණ කාලේ ගෙවිලා වෙන් වෙන්න තීරණය කරොත් මනුස්සකම සලකලා දෙපොලෙන් බාගයක් අවිවාහකව තමන් එක්ක ජීවත් වුන කෙනාට දෙන්න කවුද කැමති වෙන්නේ? මේ අපේ වගේ රටක.

ඒ වගේම දෙන්නෙක් එකට ඉඳල එක්කෙනක් මිය ගිහාම උන් හිටි තැන් නැති වෙනවා මේ වගේ රටක. මොකද නෑදෑයෝ සේරම ඇවිත් දේපොළ ටික කඩා ගන්නවා. අනේ අර අවිවාහකව ජීවිතේම එකට හිටිය කෙනාට ඒ දේවල් වලින් බිම් අඟලක් දෙන්නේ නැහැ. අපේ රටවල මිනිස්සු ඒ තරම් පරිත්යාගශීලියි.

...................................................................

ඒ නිසා සංජය සහෝදරයා විවාහ සහතිකේ නැතුව එකට ඉන්නවා කියන එක මේ වගේ කට්ට කයිරාටික, වටිනාකම් නැති මිනිස්සු ඉන්න රටක ගැහැණියකට ගොඩක් ආවාසි දායකයි.

මේ සටහන ලිවුවේ එකට අවුරුදු 20 ක් ජීවත් වෙලා( කොලේ නැතුව ) ..භාර්යාව මියගියාම ( අන්තිම අවුරුද්ද මල මුත්‍රා අදිමින් යහන ළඟ වැටිලා සාත්තු කරපු පිරිමියෙක්ට ) ඇගේ අවමගුලට සහභාගී වෙන්න පවුලේ මිනිස්සු ඉඩ නොදුන්නා මගේ දෙනෙතින් දැකල ඇති වුන කම්පනයට. ඔහු කනත්තට ඇවිත් වල ළඟ වැටිලා පස් කෑවා. මූණ බලන්න ඕනේ කියල අන්තිම වතාවට . (එච්චර කරුණාවන්ත මිනිස්සු ඉන්න රටක් මේක හොඳේ......)

ඒ වගේ රටක කොලේ ලියලම පවුල් වෙන එක කාගේ කාගේත් ඇඟට ගුණයි.

Friday, September 4, 2020

අකුරැ නොදන්නා ශල්‍ය වෛද්යවරයා

 

Hamilton Naki.jpg

කේප් ටවුන් හි නූගත් ශල්‍ය වෛද්‍ය හැමිල්ටන් මහතාට කියවීමට හෝ ලිවීමට නොහැකි නමුත් වෛද්‍ය උපාධිය පිළිබඳ ගෞරව උපාධිය පිරිනමන ලදී. මෙය කෙසේ සිදු වූවාද බලමු.

 කේප් ටවුන් වෛද්‍ය විශ්ව විද්‍යාලය වෛද්‍ය ලෝකයේ ප්‍රමුඛ ස්ථානයක් ගනී.

 ලෝකයේ පළමු බයිපාස් මෙහෙයුම මෙම විශ්ව විද්‍යාලයේදී සිදු විය.

 තම ජීවිතයේ කිසි දිනෙක පාසලට නොගිය නමුත් මෙන්ම එකදු ඉංග්‍රීසි වචනයක්  කියවිමට  හෝ  ලිවීමට නොහැකි වූ ඔහුට ගෞරව උපාධිය විශ්ව විද්‍යාලය  පිරිනමන ලදි.

  .....

 නමුත් 2003 දී එක් උදෑසනක, ලෝක ප්‍රකට ශල්‍ය වෛද්‍ය මහාචාර්ය ඩේවිඩ් ඩෙන්ට් විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙසේ ප්‍රකාශ කළේය: “අද අපි ලෝකයේ වඩාත්ම ශල්‍ය වෛද්‍යවරුන් බිහි කළ මිනිසාට වෛද්‍ය විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ප්‍රදානය කරමු.”  අසාමාන්‍ය ගුරුවරයෙක්, පුදුමාකාර ශල්‍ය වෛද්‍යවරයෙක්, වෛද්‍ය විද්‍යාව හැදෑරූ සහ මිනිස් මනස පුදුමයට පත් කළ අයෙක්.

 මෙම නිවේදනයත් සමඟ මහාචාර්යවරයා "හැමිල්ටන්" යන නම ප්‍රකාශකල අතර මුළු ශ්‍රවණාගාරයම සිටගෙන ඔහුට ආචාර කළේය.

 එය මෙම විශ්වවිද්‍යාල ඉතිහාසයේ විශාලතම පිළිගැනීමයි.

 හැමිල්ටන් උපත ලැබුවේ කේප් ටවුන් හි දුර බැහැර ගම්මානයක් වන සනිටානි හි ය.  ඔහුගේ දෙමව්පියන් ගොපල්ලන් වූ අතර, ඔහු එළු සමක් ඇඳ සිටි අතර, ඔහු දවස පුරාම පාවහන් නොමැතිව කඳුකරයේ ඇවිද ගියේය, කුඩා කාලයේදී ඔහුගේ පියා අසනීප විය, එබැවින් ඔහු බැටළුවන් හා එළුවන් අතහැර කේප් ටවුන් වෙත ගියේය.  ඒ දිනවල කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පැවතුනි.

 ඔහු කම්කරුවෙකු ලෙස විශ්ව විද්‍යාලයට බැඳුණි.  වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් පසු ලබා ගත හැකි තරම් මුදල් ඔහු ගෙදර යවන අතර ඔහු එළිමහනේ නිදාගත්තේ ග්‍රෑම් හපමින්ය.

 ඔහු කම්කරුවෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේය.  ඉදිකිරීම් කටයුතු අවසන් විය

 ඔහුට ටෙනිස් පිටිය කැපීමේ කාර්යය ලැබුණි, ........

 ඔහු සෑම දිනකම ටෙනිස් පිටියට පැමිණ තණකොළ කපන්නට පටන් ගනී.  ......

 ඔහු අවුරුදු තුනක් තිස්සේ මේක කළා ...

 එවිට ඔහුගේ ජීවිතයේ අමුතු හැරීමක් ඇති විය

 සහ ඔහු වෛද්‍ය විද්‍යාවේ වෙනත් කිසිවෙකු නොසිටි තැනකට පැමිණියේය.

 එය මෘදු උණුසුම් උදෑසනක් විය.  ජිරාෆ් පිළිබඳ පර්යේෂණ කරන මහාචාර්ය රොබට් ජොයිස්ට අවශ්‍ය වූයේ:

 "ජිරාෆ් කෙනෙක් වතුර බොන්න බෙල්ල නැමූ විට, එය අල්ලා නොගන්නේ ඇයි?"

 ඔවුන් මෙහෙයුම් මේසය මත ජිරාෆ් කෙනෙකු තබා සිහිසුන්ව ඔහුට තට්ටු කළ නමුත් සැත්කම ආරම්භ වූ වහාම ජිරාෆ් හිස ගසා දැමුවේය.  එබැවින් සැත්කම අතරතුර ජිරාෆ්ගේ බෙල්ල තදින් තබා ගැනීමට ඔවුන්ට ශක්තිමත් මිනිසෙකු අවශ්‍ය විය.

 මහාචාර්යවරයා  ශාලාවෙන් පිටතට පැමිණියේය 'හැමිල්ටන්' ඉදිරියෙන් තණකොළ කපමින් සිටිනූ , මහාචාර්යවරයා දුටුවේය. ඔහු ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න තරුණයෙක්.  ඔව්හු ඔහුට ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගන්නා ලෙස අණ කළහ.  "හැමිල්ටන්" ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගත්තේය.

 මෙහෙයුම පැය අටක් පැවතුනි.  මෙම කාලය තුළ වෛද්‍යවරයා දිගින් දිගටම තේ සහ කෝපි විවේක ගත්තේය, කෙසේ වෙතත් "හැමිල්ටන්" ඔහු ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන සිටියේය.  සැත්කම අවසන් වූ පසු ඔහු නිහඩව පිටතට ගොස් තණකොළ කපන්නට පටන් ගත්තේය.

 ඊළඟ දවසේ මහාචාර්යවරයා ඔහුට නැවත කතා කළ විට ඔහු පැමිණ ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන සිටියේය. පසුව එය ඔහුගේ පුරුද්දක් බවට පත්විය.  , ඔහු මාස ​​ගණනාවක්  වැඩ දෙකක් කළේය,

 ඔහු මෙම රාජකාරිය සඳහා අමතර මුදලක් ඉල්ලා නොසිටි  ඔහු පැමිණිලි කළේ ද නැත.

 මහාචාර්ය රොබට් ජොයිස් ඔහුගේ නොපසුබට උත්සාහය සහ අවංකභාවය ගැන පුදුමයට පත් වූ අතර “හැමිල්ටන්” ටෙනිස් පිටියේ සිට “විද්‍යාගාර සහායක” දක්වා උසස් කරනු ලැබීය.  ඔහු දැන් විශ්ව විද්‍යාලයට පැමිණ, ශල්‍යාගාරයට ගොස් ශල්‍ය වෛද්‍යවරුන්ට උදව් කළේය.  මෙම ක්‍රියාවලිය වසර ගණනාවක් තිස්සේ පැවතුනි.

 1958 දී ඔහුගේ ජීවිතයේ තවත් සන්ධිස්ථානයක් උදා විය.  මේ වසරේ වෛද්‍ය බර්නාඩ් විශ්ව විද්‍යාලයට පැමිණ හෘද බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කළේය.

 "හැමිල්ටන්" ඔහුගේ සහායකයා බවට පත් වූ අතර, මෙම මෙහෙයුම් අතරතුර ඔහු සහායක සිට අතිරේක ශල්‍ය වෛද්‍යවරයෙකු දක්වා ගියේය.

 දැන් වෛද්‍යවරුන් ක්‍රියාත්මක වන අතර සැත්කමෙන් පසු ඔහුට මැහුම් දැමීමේ කාර්යය පැවරී ඇත.  ඔහු විශිෂ්ට මැහුම් වැඩ කළා.  ඔහුගේ ඇඟිලි පිරිසිදු හා වේගවත් විය.  ඔහු එක් දිනක් තුළ පනස් දෙනෙකු මැහුම් දැමුවේය.  ශල්‍යාගාරයේ වැඩ කරමින් සිටියදී ඔහු ශල්‍ය වෛද්‍යවරුන්ට වඩා මිනිස් සිරුර තේරුම් ගැනීමට පටන් ගත්තේය.  එබැවින් කනිෂ්ඨ  වෛද්‍යවරුන්ට ඉගැන්වීමේ වගකීම ජ්‍යෙෂ්ඨ  වෛද්‍යවරු ඔහුට ලබා දුන්හ.

 ඔහු දැන් කනිෂ්ඨ වෛද්‍යවරුන්ට ශල්‍යකර්ම ශිල්ප ක්‍රම ඉගැන්වීමට පටන් ගත්තේය.  ඔහු ක්‍රමයෙන් විශ්ව විද්‍යාලයේ වැදගත්ම පුද්ගලයා බවට පත්විය.  වෛද්‍ය විද්‍යාවේ නියමයන් ඔහුට නුහුරු විය.  නමුත් ඔහු ලෝකයේ හොඳම ශල්‍ය වෛද්‍යවරයා විය.

 ඔහුගේ ජීවිතයේ තුන්වන හැරවුම් ලක්ෂ්‍යය වූයේ 1970 දීය. අක්මාව පිළිබඳ පර්යේෂණ මේ වසරේ ආරම්භ විය. 

ඒ එම ශල්‍යකර්මයේදී අක්මා ධමනි හඳුනා ගැනීමයි.  ..... අක්මාව බද්ධ කිරීම පහසු කළ ඔහුගේ ප්‍රකාශ වෛද්‍ය විද්‍යාව විශ්මයජනක කිරිමටත්  මවිතයටත් පත් කළේය.

 අද, පුද්ගලයෙකුට ලෝකයේ යම් කොනක අක්මා සැත්කමක් කර රෝගියා දෑස් විවර කර ආලෝකය දකින විට මෙම සාර්ථක මෙහෙයුමේ සාර්ථකත්වයෙ ගෞරවය කෙලින්ම "හැමිල්ටන්" වෙත යයි.

 "හැමිල්ටන්" මෙම තනතුර ලබාගත්තේ අවංකව හා නොපසුබට උත්සාහයෙන්.  ඔහු අවුරුදු 50 ක් කේප් ටවුන් විශ්ව විද්‍යාලය සමඟ සම්බන්ධ වී සිටියේය.

 ඔහු හිමිදිරි පාන්දර  තුනට නිවසින් පිටත් වී විශ්ව විද්‍යාලයට සැතපුම් 14 ක් පයින් ගමන් කර හරියටම උදෑසන හයට ශාලාවට ඇතුළු විය.  මිනිසුන් ඔහුගේ කාලය සමඟ වේලාව දැනගැනීමට පුරුදුව සිටියහ.

 වෛද්‍ය විද්‍යාවේ කිසිවෙකුට මෙතෙක් නොලැබුණු ගෞරවයක් ඔහුට හිමි විය.

 ඔහු වෛද්‍ය ඉතිහාසයේ පළමු නූගත් ගුරුවරයා විය.

 ඔහුගේ ජීවිත කාලය තුළ ශල්‍ය වෛද්‍යවරුන් 30,000 ක් පුහුණු කළ පළමු නූගත් ශල්‍ය වෛද්‍යවරයා විය.

 2005 දී මියගිය ඔහු විශ්ව විද්‍යාලයේ තැන්පත් කරන ලදී.

 එම උපාධිය ලබා ගැනීමෙන් පසු ශල්‍ය වෛද්‍යවරුන්ට ඔහුගේ සොහොනට ගොස් පින්තූරයක් ගෙන ප්‍රායෝගික ජීවිතයට පිවිසීම අනිවාර්ය විය. ”

 * "ඔබ දන්නවා ඔහුට මෙම තනතුර ලැබුණේ කෙසේද කියා." *

 * “එක් අයෙක් පමණි.” *

 ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගැනීමට ඔහු ශල්‍යාගාරයට කැඳවූ දිනය ඔහු ප්‍රතික්ෂේප කළේ නම්, ඔහු එදින පවසා තිබුනේ නම්, මම බිම් නඩත්තු සේවකයෙක්, මගේ කාර්යය ජිරාෆ්ගේ බෙල්ල අල්ලා ගැනීම නොවේ යන්න

 එය ඔව් සහ අමතර පැය අටක වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් ඔහුට සාර්ථකත්වයට දොර විවර වූ අතර ඔහු ශල්‍ය වෛද්‍යවරයකු බවට පත්විය.

 "අපගෙන් බොහෝ දෙනෙක් අපේ ජීවිත කාලය පුරාම රැකියාවක් සොයමින් සිටියෙමු. අප රැකියාවක් සොයා ගත යුතු අතර."

 ලෝකයේ සෑම රැකියාවකටම එක් නිර්ණායකයක් ඇති අතර රැකියාව ලබා ගත හැක්කේ නිර්ණායක සපුරාලන අයට පමණි. ඔබට වැඩ කිරීමට අවශ්‍ය නම්, ඔබට ලෝකයේ ඕනෑම වැඩක් මිනිත්තු කිහිපයකින් ආරම්භ කළ හැකි අතර ලෝකයේ කිසිදු බලයක් නැවැත්විය නොහැක.  ඔබ.

 "හැමිල්ටන්" රහස සොයාගෙන ඇති අතර, ඔහු රැකියාවට වඩා වැඩ කිරීමට වැදගත් විය.  මේ අනුව එය වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය වෙනස් කළේය.

 සිතන්න, ඔහු ශල්‍ය වෛද්‍යවරයෙකුගේ රැකියාවක් සඳහා ඉල්ලුම් කළේ නම් ඔහුට ශල්‍ය වෛද්‍යවරයකු විය හැකිද?  කවදාවත් නැහැ, නමුත් ඔහු උදැල්ල බිම තබා ජිරාෆ්ගේ බෙල්ල අල්ලාගෙන ශල්‍ය වෛද්‍යවරයෙක් බවට පත් විය.

 රැකියා විරහිත පුද්ගලයින් අසමත් වන්නේ ඔවුන් රැකියාවක් සොයන නිසා මිස රැකියාවක් සඳහා සුදුසු නොවන නිසා නොවේ.

 ඔබ "හැමිල්ටන්" මෙන් වැඩ කිරීමට පටන් ගත් දින සිට ඔබට නොබෙල් ත්‍යාගය හිමිවන අතර ශ්‍රේෂ්ඨ  හා සාර්ථක මනුෂ්‍යයකු බවට පත්වනු ඇත.

උපුටා ගැනීමකි

https://www.facebook.com/sandaya.batugahage

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...