Monday, June 30, 2025

Send me on my way - පිරිමියෙක් (හෝ ගැහැණියක්) ආකර්ශනීයම ඔහු/ඇය හදවතින්ම ගයන/වයන/රඟන විටද?





Rusted Root - Send Me On My Way - 2/22/2016 - Paste Studios, New York, NY

රස්ටඩ් රෑට් ඉහත ගීතය මුල් වරට පටිගත කලේ අනූ දෙකේදි. ඉතාම සරළ වචන ටිකක්, සංගීත භාණ්ඩ ටිකක් සහ අව්‍යක්ත ලෙස උච්චාරණය කරන ඉංග්‍රිසි භාෂාව සහිත මේ ගීය ඉතාම ප්‍රාථමික මට්ටමේ (primal) අමුතු සතුටක් ඇති කරන ගීයක්. ප්‍රධාන ගායක මයිකල් ග්ලැබිකි මේ ගීය කියන හැඟීම්බර ආකාරය මට ඉතාම ආකර්ශනීයයි.  

මේ ගීතයේ අදහස කුමක්ද?

Well, I would like to hold my little hand
And we will run, we will, we will crawl, we will

"මගේ කුඩා අත මගේ අතින් අල්ලාගෙන, අපි දුවමු, අපි බඩගාගෙන යමු"

ගොඩ දෙනෙක් මෙය අර්ථ දක්වන්නේ මගේ වැඩිහිටි අවධිය විසින් මගේ කුඩා අවධිය බේරාගෙන, දුවමින් බඩගාමින් මගේ ටාගට් එකට මාව ගෙන යන ආකාරය ඉන් පවසන බවයි. උදාහරණයකට, ඔබ ඉපදුනේ නරක දෙමාපියන්, නරක පරිසරයක, හෝ එවැනි අවාසනාවන්ත තත්වයක නම්, ඔබ මහන්සි වී ඉගනගෙන, හොඳ තැනකට යාම කියන්නෙ මගේ වැඩිහිටි අවධිය විසින් මගේ කුඩා අවධිය බේරා ගැනීමක්. දුවමින් බඩගාමින් මගේ ටාගට් එකට මාව ගෙන යෑමක්.
අර ඉක්මනින් කියන්නෙ (Omabadee, seemoobadeeyah) ඇත්තටම  "you know what they say about young" කියන එකලු.

No comments:

Post a Comment

Send me on my way - පිරිමියෙක් (හෝ ගැහැණියක්) ආකර්ශනීයම ඔහු/ඇය හදවතින්ම ගයන/වයන/රඟන විටද?

Rusted Root - Send Me On My Way - 2/22/2016 - Paste Studios, New York, NY රස්ටඩ් රෑට් ඉහත ගීතය මුල් වරට පටිගත කලේ අනූ දෙකේදි. ඉතාම සරළ වචන ට...