Monday, December 9, 2024

ළමයි දුප්පත්කමට ඇදල දාන ටොක්සික් ෆැමිලි කල්චර් එක

 අස්වැසුමේ කතාවෙ තරැණ ගෑනු දෙන්න ස්වයං රැකියාවක් ඉගන ගන්න එක ප්‍රතික්ශේප කරල රජයෙන් සහනාධාර ඉල්ලපු සීන් එක ගැන මම තවත් ගැඹුරට හිතන්න ගත්ත. ලන්කාවෙ නා නා ප්‍රකාර යූ ටියුබ්, ෆේස්බුක්, ටික් ටොක් ආදී සමාජ මාධ්ය වල නා නා ප්‍රකාර  ගෙස්ට්ල ගෙන්නුවත්, ඒ එකම තැනකවත් නොදැකපු හෝ කතා නොකරපු, මේ වෙලාවේ නිතැතින්ම මතකයට ආපු අග්‍රගන්‍ය විද්වතෙක් ඉන්නව. එතුමගෙ නම ගනනාත් ඔබේසේකර. ලන්කාව එතෙක් මෙතෙක් නිපදවපු යුග පුරැෂයන් අතර දැනට ජීවත් වන සහ එකම මානව විද්‍යා ශාස්ත්‍රඥයා මහාචාර්‍ය ගනනාත් ඔබේසේකර. හැබැයි එතුම වගේ අයට ලන්කාවෙ කිසිම තැනක් ලැබෙන්නෙ නෑ, අවාසනාවකට. එතුමාව මතක් කලේ  අස්වැසුමේ කතාවෙ තරැණ ගෑනු දෙන්න පෙන්වා දෙන සමාජමය ගැටළුව විසඳන්න අපට අවශ්‍ය වන්නේ මහාචාර්‍ය ගනනාත් ඔබේසේකරල වැනි සමාජ විද්‍යාඥයන් මිසක ගැටළුව උඩින් බලල ඒ ගෑනුන්ව ස්වයං රැකියා වලට දාන්න හදන අය නෙමේ. ඒ ගෑනු දෙන්නගෙ මම කැමති ගතිය තමා අර උන්ව ස්වයං රැකියා වලට දාන්න හදපු ගෑනිට කෙළින්ම බෑ කියපු එක (බොරැවට එවෙලෙ ෂේප් වෙන්න හා කියනවට වඩා ), ඒවගේම අහපු පෞද්ගලික ප්‍රශ්න වලට ඩෝන්ට් කෙයා කෙටි උත්තර දීම - පෝලිමේ හිටපු ගෑනු දෙන්න තරැණ නිසා prejudice කරල උන්ගෙ පෞද්ගළිකත්වයට ගරැ නොකර උන්ව අනවශ්‍ය ලෙස ප්‍රශ්න කරල බුළි කරන්න ආපු නෝනහාමු නොකවුට් උනා ඒකෙන්.

මේ අස්වැසුම කතාව ලියපු කෙනාගෙ ඇටිටියුඩ් එකෙන්ම මේ ප්‍රශ්නෙ සමාජ විද්‍යාත්මක ගැටළුව කතා කරමු. ඔතන අස්වැසුම ගන්න ආපු සෙනඟ පෝලිමේ වයසක ගෑණු, වයසක පිරිමි, තරැණ ගෑණු සහ තරැණ පිරිමි කියන කණ්ඩායම් හතරෙන්, අස්වැසුම කතාව ලියපු කෙනා එක ටාගට් කලේ තරැණ ගෑණු කියන කණ්ඩායම.  "නිකමට වගේ අස්වැසුම පෝලිම පැත්තට එබිල බලනකොට බැලූ බැල්මටම ඒ හැටි වයසක් නොපෙනෙන තරුණ ගෑණු ළමයි දෙන්නෙක් පෝලිමේ බර කතාවක. නිකමට ඒ පැත්තට ගියෙ විස්තර ටිකක් කෝකටත් අහල බලන්න හිතාගන." කියල කතාව පටන් අරගෙන තියෙන්නෙ. මෙතන වගේම හැමතැනම වයසට යෑම ඕනෙ දේකට බේරෙන්න පාස් එකක්.  ඒ නිසා වයසක උන්දැල ආධාර ගත්තට කමක් නෑ.

ඇයි  වයසක ගෑණු, වයසක පිරිමි, තරැණ ගෑණු සහ තරැණ පිරිමි කියන කණ්ඩායම් වලින් ඔය ප්‍රශ්න ඇහුවෙ නැත්තෙ? සරළම හේතුව තමා එයාට පෙරලා එල්ලවන ප්‍රතිරෝධය (බැනීම, පහර දීම වැනි) අවම තරැණ ගෑණු කියන කණ්ඩායමේ වීම. වෙනත් වචන වලින් කිව්වොත්, කන්ඩායම් හතරෙන් most vulnerable තරැණ ගෑණු කියන කණ්ඩායම වීම.  මොකක්හරි ගැටලුවක් විසඳන්න ඕනෙ නම් ඒ ගැටළුවට අදාළ vulnerebleම කණ්ඩායම අල්ලගෙන මුවහමට තඩි බෑම සමාජයක් ලෙස අපි කරන වරදක්. 

මම දකින දෙවන සමාජමය ගැටලුව මේකයි. අපේ සමාජ වල හුඟක් දෙමව්පියො අපට පොඩිකාලෙ ඉඳල උගන්වන්නේ පුළුවන් තරම් අධි පාරිභෝජනවාදී වෙන්න.  උදාහරණයකට, දරැවෙක් ලොකු රස්සාවකට ගියාම හුඟක් දෙමව්පියො බල කරන්නෙ ලොකු ගෙයක්, ලොකු වාහනයක්, ලොකු වෙඩින් එකක් වගේ අනුන්ට පෙන්වීම සඳහා ලොකු දේවල් වලට ළමයි ලවා ණය වෙලා හරි ලොකු  වියදම් කරවන්න.එහෙම නැතුව අවශ්‍යතාවයට ගැළපෙන පොඩි  ගෙවල්, පොඩි වාහන, චාම් වෙඩින් අරහං. ගොඩක් දෙමාපියො ළමයින්ට මුදල් වියදම් කරන හැටි මිසක ආයෝජනය කරන හැටි උගන්නන්නෙ නෑ. අරපිරිමැස්ම උනත් ඔය කුස්සියෙ චූටි චූටි දේවල් වගේ ඒව හැරැණම ලොකු ඉම්පැක්ට් එකක් තියෙන අරපිරිමැස්මවල් කියල දෙන්නෙ නෑ. ආකල්ප අතිනුත් හරිම දුර්වලයි. උදාහරණයකට, පාරම්පරිකව සල්ලි ඉඩකඩම් නැති, අමාරැවෙන් රන් කරන ගෙවල් වල දෙමාපියො ලොකු ගෑනු ළමයින්ව රස්සාවල් වලට නොයවා ගෙවල් වල දාගෙන ඉන්නව, ඒ කෙල්ලොත් පට්ට අභිමානෙන් ගෙවල් අස්සෙ ඉන්නවා රාජ කුමාරයෙක් අශ්වය පිටේ ඇවිත් ගෙනියනකම්, මොකද උන්ගෙ ඔළු වලට දාල තියෙන්නෙ එහෙම. මේ ජාතියෙ කෙල්ලො හුඟදෙනෙක් හිතන්නෙ උන්ගෙ කොල්ලො පවුල් තුනක (කෙල්ලගෙ දෙමාපියො, කොල්ලගෙ දෙමාපියො සහ කෙල්ලයි ළමයිනුයි) බර අදින්න බැඳිල ඉන්නව කියල.  මේ වගේ පවුල් වල සමහර කෙල්ලො රස්සා කරන්න කැමතියි නමුත් දෙමාපියො කැමති නෑ. කොටින්ම, ලන්කාවෙ බහුතර දුප්පත් දෙමාපියො ළමයින්ට එකපැත්තකින් අධිපරිභෝජනය උගන්නල තවපැත්තකින් ඉපයීමේ හැකියාව නැති කරල, ළමයිනුත් තමන් වගේම දුප්පත් කරන්න මාර ට්‍රයි එකක් දෙන්නෙ. ලන්කාවෙ මිනිස්සු වේගයෙන් තමන්ගේ generational wealth එක විනාශ කර ගන්නව මිසක build කරන්නෙ නෑ. 

 අපේ සමාජයේ තියෙන තුන්වෙනි අවුළ තමා බොහෝ දෙමාපියො තමන් වයසට යන්නේ කිසිම ඉතිරියක් නැතිව සබ්බ සකළ මනාවම ළමයින්ගෙ ලොකු වෙඩින් වගේ තනිකර නාස්තිකාර බොරැ පුරාජේරැ වළට වැය කරල බන්කොළොත් වෙලා. එහෙම ඉඳගෙන ළමයින්ට උන් ඉතිරි කරන මුදල් වියදම් වෙන demands කර කර පාට් දානව, උදාහරණයකට,අපේ මිතුරෙක්ගෙ මෙහාට වෙලා ඉන්න එහෙම තාත්තෙක් එයාගෙ පුතාට පාට් දානව "මම මළාම මට ඇමරිකාවෙ වැළළෙන්න බෑ, මගේ මව් රටේ මාව වළදාපල්ල (ඒක නයිජීරියාවෙ, අප්‍රිකානු රටවලත් ෆැමිලි කල්චර් එක දකුනු ආසියාවට හරි සමානයි)" කියල. මේ තාත්ත තේරැම් නොගන්න දේ තමා එයාගෙ දේශප්‍රේමයටත් ලොකු මිළක් තියෙනව කියන එක. මළමිණියක් ෆ්ලයිට් එකේ ඇමරිකාවෙ ඉඳල නයිජීරියාවට ගෙනියන්න අවම ඩොළර් දහ පහළොස්දාහක් යනව. නමුත් ඒ තාත්ත ලඟ එවැනි මුදලක් නෑ. නමුත් ඒ තාත්ත පුතාට ඒකට බල කරනව.ඊට අමතරව ඔය මනුස්සය මැරෙන්න කළින් හොස්පිටල් හිටියොත් ඒ වියදම, අවමඟුලෙ වියදම ආදියත් එක්ක තමන්ගෙ ළමයින්ට එහෙම පාට් දාල දඩ බිල් දැමීම හරිද? ඒ පුතා මේ තාත්තට ඇමරිකාවෙ හැම සැප පහසුකමක්ම දීල බලා ගන්නවා මාසිකව සෑහෙන වියදමක් දරාගෙන. මම කියන්නෙ දරැවො තමන්ගෙ දෙමව්පි්‍යන්ව බලා ගැනීම ගොඩක් හොඳයි. ඒක තමයි වෙන්න ඕනෙ. නමුත් මම දන්න ගොඩක්්පවුල් වල දෙමාපියො අසීමිතව කිසි හිතක් පපුවක් නැතිව අණ දිදී දරැවන්ට බර පටවනවා. ඒගොල්ලන්ගෙ මූළික උවමනා එපාකම් ඉෂ්ඨ කළ යුතු බවට විවාදයක් නෑ, නමුත් එයාලගෙ මිළ අධික ආසාවල්, ඇජෙන්ඩා සහ ෆැන්ටසි වලට ළමයි උපයන මුදල් සහ මදිපාඩුවට ණය තුරැස් වෙවී වැය කලොත්මම ඒක දකින්නේ එක පරම්පරාවක දුප්පත්කම තව පරම්පරාවකට පටවමින් දිළිඳුකමේ විෂම චක්‍රය ඉදිරියට ගෙන යෑමක් ලෙස. 

 මේකට ලන්කාවෙනුත් උදාහරණයක් ගත්තොත්මම දන්න ලන්කාවෙ දෙමාපියො සමහරැන්ගෙ ළමයි පිටරටවල ඉඳන් සුව දුක් විමසනකොට කටේ තියෙන්නෙම "කවදද ලන්කාවට එන්නෙ" යන ප්‍රශ්නය. රැකියාවෙ නිවාඩු ගන්න එක, ගුවන් ටිකට් පත් මිළ ආදිය ගැන ඔවුන්ට කිසිම සංවේදීතාවයක් නැහැ.සමහරැ රට ඉන්න ළමයි ගෙන් කොයි වෙලෙත් සල්ලි ඉල්ලනවා, ඒ සල්ලි අරපිරිමැස්මෙන් පාවිච්චියක් නැහැ. කොතරම් සල්ලි එව්වත්් දවසින් දවස අගාධයට යනවා. හැම මාසෙම මොකක්හරි අමතර වියදමක්. ළමයි මැදපෙරදිග, කොරියාවේ මොනතරම් දුක් විඳිනවද කියල අදහසක් නැහැ හුඟ දෙනෙක්ට. මැදපෙරදිග, කොරියාවේ බ්ලූ කොළර් රස්සා කරන මිනිස්සුන්ගේ ඩයස්පෝරාවේ ධනය 70%කට වඩා ලන්කාවට යනව උනාට ලන්කාවේ කිසිම දියුණුවක් නැහැ. දේශපාළන සාධකය පසකින් තබල ඒ ඒ පවුල් ඒ මුදල් මැනේජ් කලේ කොහොමද කියල බැලුවොත් රට ගිය කාන්තාවන්ගේ ලන්කාවේ ඉන්න පිරිමින්ගේ බීමට සහ වෙනත් දුරාචාර වලටත්, පවුලේ අය ගේ අධිපරිභෝජනයටත් එයින් සෑහෙන කොටසක් වැය වෙනවා. Generational wealth හදා ගන්නෙ ටික දෙනයි. 

මේ ඇස්වැසුම ඉල්ලපු ගෑනු දෙන්නත් එවැනි පවුල් වල වෙන්න පුළුවන් (නොවෙන්නත් පුළුවන්). 

රටක් වශයෙන් අපි මේ පාරිභෝජනවාදී හැසිරීම් වෙනස් කර ගෙන අපේ පවුල් වල gen. wealth ඉහළ දා ගන්න ඕනෙ.  

Sunday, December 8, 2024

අස්වැසුමේ තවත් කතාවක් ටිකක් ගැඹුරින් ඇනලයිස් කරමු

 අස්වැසුමේ තවත් කතාවක් - මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ හෂිනි යශාරා විසින් පහත විස්තරය සමාජ මාධ්‍යයේ පළ කරල තිබුන. ඒක මේ ටිකේ වෛරල් උනා. මේ ගෑනුන්ට නිකම් කනව කියල කුණු බැනුම් ලැබුනා. විස්තරය පහතින්.

================

නිකමට වගේ අස්වැසුම පෝලිම පැත්තට එබිල බලනකොට බැලූ බැල්මටම ඒ හැටි වයසක් නොපෙනෙන තරුණ ගෑණු ළමයි දෙන්නෙක් පෝලිමේ බර කතාවක. නිකමට ඒ පැත්තට ගියෙ විස්තර ටිකක් කෝකටත් අහල බලන්න හිතාගන.

👩ඔයාල අස්වැසුම ගන්නද?

👭ඔව් මැඩම්

👩ඉතින් දරුවො ඔයාලට මහ ලොකු වයසක් වත්, අසනීපයක් වත් පේන්න නෑනෙ. වයස කීයද?

👭මට 25 යි. මෙයාට 30 යි. 

👩දෙන්න යාලුවොද?

👭නෑ මේ මගෙ ලොකු අම්මගෙ දුව. ලොකු අම්මත් ආව. මේ ඉන්නෙ ලොකු අම්ම

👩ඔයාල බැඳලද?

👭ඔව්. දෙන්නම බැඳල.

👩තව කවුද පවුලෙ ඉන්නෙ

👭බබයි මායි මහත්තයයි. අක්කගෙ බබාල දෙන්නයි මහත්තයයි

👩මහත්තුරු දෙන්න මොකද කරන්නෙ?

👭මොකුත් නෑ

👩ඇයි අසනීපෙන්ද එයාල?

👭අපෝ නෑ

👩කෝ එයාල දැන්?

👭ගෙදර

👩ඉතින් ඔයාල ආව අස්වැසුම ඉල්ලන්න?

👭අපිට මේ වෙනකම් රජයෙන් කිසි දෙයක් නිකම් දීල නෑ මැඩම්. ඒ නිසා අපිට ඕක ගන්න අයිතියක් තියනව

👩හ්ම්ම්.... දරුවො ඔයාලට අවු.18 ක් රජයෙන් ඉගැන්නුවෙ නිකම් නෙමෙයිද එතකොට? ඒවට ඔයාලගෙන් කීයක් හරි අය කලාද? ඒකෙ පල ප්‍රයෝජන නොගත්ත වරද රජයෙද?අනික අම්ම ඔයා අස්වැසුම ඉල්ලන් ආව එක වෙනයි. ඒත් මේ වයසෙ දරුවෙක්වත් ඉස්සර කරන් එන එක හරිද. දෙමව්පියො දරුවො තමුන්ට වඩා හොඳ තැනකට යවන්න නේද හරිනම් මහන්සි වෙන්න ඕනෙ. 

හැමෝටම එක වගේ ඉගෙනගන්න බෑ. හැමෝටම කැම්පස් යන්න බෑ. ඒත් දරුවො වෘත්තීය පුහුණු කියල ජාතියක් තියනව. මේ ඔෆිස් එකේ සර්ල, මිස්ල ඕනෙ තරම් ඉන්නව ඔයාලට ස්වයං රැකියා පුහුණුවක් ඕනෙ නම් දෙන්න. දැනුත් අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක් තියනව උඩ. යමුද ආව එකේ ඔය ඇප්ලිකේශන් එක පුරවල බාර දීල උඩට?

👭අනේ බෑ මැඩම්

👩ඇයි ඒ

👭නිකම්. බෑ

👩ඔයාලට ඔය තරුණ වයසෙ ඉඳන් ආධාර ගන්නවට වඩා නරකද තමුන්ගෙම ව්‍යාපාරයක් පටන් අරන් දියුණු වෙලා හොඳ ආදායමක් ගන්න එක. එහෙම ආස නැද්ද? අනික බැරිවෙලා වත් අස්වැසුමට නොතේරුනොත්.....?

👭අනේ බෑ 

👩ඇයි ඒ

👭බබාල ඉස්සරහ ගෙදර දාල ආවෙ. යන්න ඕනෙ

👩ඔයාලට ලැබුණ අංකෙ කීයද අස්වැසුම පෝලිමේ

👭174

👩බැරිවෙලා ඔයාලට 250 වගේ ලැබුණ නම් බබාල ඉස්සරහ ගෙදර කියන එක තව පැය එකහමාරකට වගේ මතක් වෙන එකක් නෑ නේද. යන්න ගිහිං අස්වැසුමම ගන්න 🤷‍♀😒

ප.ලි: ලැබිය යුතුම වූවන්ට අස්වැසුම ලබාදීමේ ගැටලුවක් නැත.නමුත් මේ යැපුම් මානසිකත්වය???? 😔

හොඳයි දැන් අන්ඩර් ඩෝග් ගේ පැත්තෙනුත් මේ ගැන කල්පනා කරමු.

 මෙතන තියන බරපතළ සමාජ විද්‍යාත්මක ගැටළුව "අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක්" වගේ සිල්ලර දේකින් විසඳන්න බැහැ. අවාසනාවකට වගේ ප්‍රාදේශීය ලේකම්ලා හෝ රටේ වගකිවයුතු කිසිම කෙනෙක් මේ වගේ ගෑනු ඔය මොකක්හරි සුළු රස්සාවකට දම්මවල දුප්පත්කම නැති කරන්න හැදුවට ඒක වෙන්නෙ නෑ. හරි නම්, ඔය හැට හුට හමාරක් තියෙන විශ්ව විද්‍යාල වල සමාජ විද්‍යා පීඨ වල කාර්‍යභාරය තමයි මේ වගේ ගෑනු ගැඹුරට අධ්‍යයනය කරල මෙතන වෙලා තියෙන සංකීර්ණ සමාජ ගැටළුව හඳුන ගන්න එක. එතකොට විතරයි ස්ථිරසාර විසඳුමක් හොයා ගන්න පුළුවන්. (මම විද්‍යා අංශයෙන් (STEM) ඉගන ගත්ත කෙනෙක්. මම තරයේම විශ්වාස කරනවා විද්‍යා අංශය හා සමානව හෝ ඊටද වඩා කළා අංශයේ උපාධි වල අතිශයින්ම වැදගත් කමක් තියෙන බවට. මොකද සමාජයේ මිනිස්සුන්ගේ හැසිරීම් වගේ ඒව අධ්‍යයනය කරන එක ඒ සමාජයේ ප්‍රගමනයට හරිම වැදගත් නිසා.) 

අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ උගන්නන පුහුණුවක් මඟින් මේ ගෑනුන්ව ලොවෙත් ගොඩ දාන්න බැහැ. මේගොල්ලො ඇටෙන් පොත්තෙන් එළියට ආපු දා ඉඳල කර ගන්න තියන සියළුම නස්පැත්ති ටික කර ගෙන බර්න් අවුට් වෙලා, අර හදා ගත්ත ළමයි නිසා කර කියා ගන්න දෙයක් නැතුව ජීවත් වෙන්නන් වාලෙ ජීවත් වෙන අය.

අයිස්ක්‍රීම්, යෝගට් හදන්න නොමිලේ ඉගන ගත්තා කියමු, ඒක ව්‍යාපාරයක් විදියට කරන්නට අවශ්‍ය පරිසරයක් මෙයාලට තියෙනවද? ප්‍රාග්ධනය කෝ? අවම පිරිසිදු තත්වයේ කුස්සි කෑල්ලක්, ඒව ගබඩා කරන්න ශීතකරණයක් තියෙනවද? බීගෙන ඇවිත් යෝගට් ලෑල්ල පෙරලන අමනුස්සයෙක් වගේ මිනිහෙක්ව බැඳගෙන මේව කරතැකිද? ගැනුම්කාර මුදලාලිල හොයන්නෙ කොහොමද? ලොකු සන්නාම එක්ක හැප්පෙන්නෙ කොහොමද? මේ ගැටළු කීපයක් විතරයි.

යෝගට් හෝ කුමන හෝ ව්‍යාපාරයක් කරනව කියන්නෙ යෝගට් හරි වෙන මළඉලව්ව හරි හදන එක පමණක් නෙමේ. මූල්‍ය පරිපාළනය, රෝ මැටීරියල් කළමණාකරනය, පැකේජින්, මාකටින්, තොග මැනේජ් කිරීම, තත්ව පාළනය, තත්ව පරීක්‍ෂාව, ප්‍රවාහනය ආදී නොයෙකුත් දේ වල එකතුවක්. බිස්නස් එකක් කරනව කියන එක සෙල්ලමක් නෙමේ. විශේෂයෙන්ම අඩු අධ්‍යාපනයක්, සමාජ අවබෝධයක්, බුද්ධියක්, අරපිරිමැස්ම වගේ ඇටිටියුඩ් මොකවත් නැති,අඩු වයසෙන් ගෙවල් වල නිකම් ඉන්න (ගොඩ වෙලාවට පීඩක) පිරිමි බැඳගෙන ඒ මදිවට තව ළමයිනුත් හදා ගත්ත ගෑනු ටිකක් බිස්නස්  කරල සාර්ථක වීමේ සම්භාවිතාව කීයද?

මේ ගෑනුන්ගෙ පිරිමි ගෙදරට වෙලා ඉන්නවලුනෙ. අඩුම තරමේ අස්වැසුම පෝළිමටත් ගෑනිව එවන්නෙ. පොඩි ළමයි බබාල ඉස්සරහ ගෙදර දාල ආවෙ කියන්නෙ ගෙදරට වෙලා ඉන්න පිරිමි අඩුම තරමේ ළමයිව බලා ගන්නෙ වත් නෑ. බැරිවෙලා හරි මේ ගෑනු ස්වයං රැකියාවක් හරි කලොත්  මේ ගෑනුන්ගෙ පිරිමි කීයක් හරි හම්බ කරන එකත් නවත්තල මුන්ගෙන්ම යැපෙන එක අනිවා. ගෙදරක වැඩ ටික ඔක්කොම කරන ගමන්, ළමයින්ගෙ වැඩ ටිකත් ඔක්කොම කරන ගමන්, තව රස්සා කරල පවුළත් නඩත්තු කරන්න ඕනෙ මේ ගෑනුද? එක අතකට උන් ඒකට බෑ කියපු එක ස්මාට් මූව් එකක්. නැත්නම් ඒ වගකීමත් උන්ගෙ පිරිමි කර අරිනව.


Wednesday, December 4, 2024

සුපිරිම බිස්නස් මොඩල් එක

කොහේදො හිටියා

එකපාරට හාමුදුරුවෝ කෙනෙක් විදිහට පාත් උනා

බයියන්ව පොඩ්ඩක් චූන් කරා

සල්ලි හොයාගත්තා

බඩුවක් සෙට් කර ගත්තා

සිවුරු ඇරියා

වෙන රටකට පැන්නා

චිල් එකේ හිටියා.

ඒක නම් සුපිරිම බිස්නස් මොඩල් එකක්

දහ අටෙන් පටන් ගත්තොත් තිහේදි ලයිෆ් එක ගොඩ, හතර වරිගෙමත් ගොඩ.  

(වැඩේ ගැස්සුනොත් සල්ලි මදි පාඩු උනොත් ආපහු සිවුර දා ගන්න කිසිම බාදාවකුත් නැත. සිවුර දාගත්තෙත් අපි නිසාලු සිවුර ඇරියෙත් අපි නිසාලු ආපහු සිවුර දාගත්තොත් දාගන්නෙත් අපි නිසා කියල කියන්න තියෙන්නෙ. මම කැට තියල කියන්නම් එදාට අදටත් වඩා ලොකු දායක සබාවක් හැදිල මෙයාව පෙරහැරේ ගෙනියන්නෙ.)







Saturday, November 30, 2024

සිoහළ බෞද්ධ ඩයස්පෝරාවේ "අවුළ" - දෙවන කොටස

 මේ ලෝකයේ කිසිම රටක් හැම අතින්ම සර්ව සම්පූර්ණ නැත. ඕනෑම රටක හොඳ සහ නරක තිබේ. නමුත් ජීවත් වීම සඳහා රටක් තෝරා ගැනීමේදී සැළකියයුතු ප්‍රධානම නිර්ණායකය ලෙස මම දකින්නේ සමාජ සංචලනය (social mobilization) සඳහා ඇති හැකියාවයි. එය දළ වශයෙන් විස්තර කලොත් "අඩු" තැනක/සමාජ ස්ථරයක (දුප්පත්/කුළ හෝ වරප්‍රසාද හීන/නූගත්/අසරණ/නිදහස අඩු ආදී) සිට "වැඩි" තැනකට/සමාජ ස්ථරයකට (පෝසත්/කුළය බල නොපාන/වරප්‍රසාදලාභීන් අවම /උගත්/ශක්තිමත්/නිදහස වැඩි ආදී) උත්සහවන්තයෙකුට පහසුවෙන්සමාජය තුළ ගමන් කිරීමට ඇති හැකියාවයි. එනම්, සමාජ ධූරාවලියක් හෝ ස්ථරීකරණයක් හරහා පුද්ගලයන්, පවුල් හෝ කණ්ඩායම්වල ඉහළ පහළ යාමට ඇති හැකියාවයි. දෙවන ප්‍රධානම නිර්ණායකය ලෙස මම දකින්නේ  "වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීම" සහ "දෙවන අවස්ථාවක් නොදීම" මත පදනම් වූ සමාජයක් නොවීමයි. 

මේ කියන සමාජ සංචලනය ගැන අන්දෝසංසාරයක් නොදන්නා, දියුණු රටකට හොරෙන් පැන වැසිකිළි සෝදන ජීවිකාවේ යෙදෙමින් අඩු ආදායම්ලාභී දුෂ්කර ජීවිතයක් ගෙවන  ලාංකිකයෙක් පවා නැවත ලංකාවට නොඑන්නේ සමාජ සංචලනය ගැන ඇති මෙම "ඉව" නිසාය. වෙනත් වචන වලින් කිව්වොත්, දියුණු රටක වැසිකිළි සෝදන අඩු ආදායම්ලාභී දුෂ්කර ජීවිතයක් ගෙවන  ලාංකිකයා සමාජ සංචලනය ගැන තියරිටිකලි ඉගෙනගෙන උපාධි පාස් කර නැතත් ප්‍රැක්ටිකලි එය දනී. හෙතෙම තම දරැවන් ලන්කාවේ හිටියා නම් පරම්පරා හතකින්වත් යන්න බැරි "ලොකු" තැනකට දියුණු රටකදී එක පරම්පරාවක් හෝ ඊට අඩු කාලයක් ඇතුළත යන බව දනී. එමඟින් තමන්ගේ විශ්‍රාම දිවිය සතුටුදායක වන බවත් තම පරම්පරාව හොඳ තලයකට යන බවත් දනී.

නමුත් ඔහුගේ වර්තමාන ජීවිතය දුක්ඛිතය (බොහෝ විට ටික කළකදී එය වෙනස් වී හොඳ ජීවන තත්වයක් ලැබීමට හැකිය). ඒ නිසාත් (සහ කල්චර් ෂොක් එක ආදී හේතු නිසාත්) ඔහු ලන්කාවේ උදවියට තමන් පිටරට දුක් විඳින බව කියයි. නමුත් ඔහු ලන්කාවේ උදවියට කියන්නට මැළි වන්නේ සංක්‍රමණයේ අවසන් ප්‍රථිපළය ලෙස ඔහුගේ ළමයි බොහෝ දුරට ඉතාම ඉහළ ආර්ථික සමාජයීය මට්ටමකට යන බවත් ඔහුට සුවපහසු විශ්‍රාම කාළයක් ලැබෙන බවත් ය. පිටරටවල සිට අඬමින් අනේ මෙහෙ එන්න එපා යැයි වැළලෙන තමන්ගේ ළමයි ඒ රටවල පුරවැසියන් කරපු බ.ල්ලන් දුටු තැන දුප් බ.ල්ලා කියා එලවිය යුතු වන්නේ එබැවිනි.

සමාජ සංචලනයක් අවශ්‍ය නොවන මිනිස්සු ලන්කාවෙන් පිට නොගියා කියා ගැටළුවක් නැත. ඔවුන්ට පිටරටකට ගියා කියා පරම්පරා හතක් පන්නන මට්ටමේ ගජ වාසියක් ලැබෙන්නේ නැත. කිෂූූ ගෝමස් කාරයා සහ දොස්තරලා හැට හුට හමාරක් ලන්කාව තරම් හොඳ රටක් තවත් නැතිය කියන්නේ ඒ කෝණයෙනි."වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීම" සහ "දෙවන අවස්ථාවක් නොදීම" යන කාරණාද ඔවුන්ට අදාළම නැත. ඇත්තම කිව්වොත් ඔවුන් එකී නීති හදන හා පවත්වාගෙන යන රෑලින් ක්ලාස් එක නියෝජනය කරයි. මුන්ගේ අවුළ තමන්ගේ පන්තිය සහ වරප්‍රසාද ගැන කතා නොකර ඒව මුකුත් නැති එදා වේළ සරි කර ගන්නා එවුන්ට ලන්කාව තරම් හොඳ රටක් තවත් නැතැයි කීම සහ එවැනි එවුන් රට යාම දේශද්‍රෝහීකමක් ලෙසද තමන් ලන්කාවේ (පිටරටවල නොලැබෙන) වරප්‍රසාදලාභීව ජීවත් වීම දේශප්‍රේමීකමක් ලෙසද හුවා දැක්වීමට යාමයි. 

සමාජ සංචලනයේ ඇති වැදගත්කම ගැන කතා කිරීමට  පැරණි ඉන්දියාවේ ඉතා තදින් මුල් බැස ගත් කුළ ක්‍රමය ගැන කෙටි හැඳින්වීමක් හෝ මෙහි සඳහන් කල යුතුය. ඉන්දියානු සමාජයේ ඇති කුළ ක්‍රමය අවම වශයෙන් ක්‍රිස්තු පූර්ව 1000 කට පෙර (අවම වශයෙන් අදින් වසර තුන් දහසකට පමණ පෙර) තරම් ඉතාමත්ම ඈත කාලයක සිට පැවත එන්නකි. මනුස්මෘති නැමැති හින්දු නීතිය පිළිබඳ වඩාත්ම වැදගත් ග්‍රන්ථය "සමාජයේ විධිමත්භාවයේ සහ පැවැත්මේ පදනම" ලෙස කුල ක්‍රමය සාධාරණීකරනය කර ඇත. හින්දු ආගමේ පෞරාණිකම පුස්ථක වන වේද ග්‍රන්ථ වලට අනුව, කුල ක්‍රමය මගින් හින්දු සමාජය දළ වශයෙන් ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදා ඇත, ඒව නම්, බ්‍රාහ්මණ, ක්‍ෂත්‍රිය, වෛශ්‍ය සහ ශුද්‍ර වේ. හින්දූන් විශ්වාස කරන්නේ මෙම කුළ නිර්මාණය සියළු නිර්මාණයන්ට අධිපති වන මහා බ්‍රහ්මයාගෙන් ආරම්භ වූ බවයි. ඍග්වේදයට අනුව, මහා බ්‍රහ්මයා මානව සමාජයක් නිර්මාණය කිරීම සඳහා පළමු මිනිසා මැවීමට තම ශරීරය භාවිතා කල අතර, බ්‍රාහ්මණයන් පළමු මිනිසාගේ හිසෙන් ද, ක්‍ෂත්‍රියයන් ඔහුගේ අත්වලින් ද, වෛශ්‍යයන් ඔහුගේ කලවාවලින් ද, ශුද්‍රයින් ඔහුගේ පාදවලින් ද නිර්මාණය වූ බව සැළකේ. ඊට අනුරෑප වන පරිදි ඔවුන්ගේ සමාජයීය කාර්‍යභාරය තීරණය විය. මේ අනුව බ්‍රාහ්මණයන් අධ්‍යාත්මික සහ අධ්‍යාපනික අංශයේ පූජකයන් සහ ගුරැවරැන් ආදී රැකියා වල නියුක්ත වූ අතර, ක්‍ෂත්‍රියයන් රාජ්‍ය පාලනය සහ යුධ කටයුතුද, වෛශ්‍යයන් වෙළ හෙළඳාම් සහ කෘෂිකාර්මික කටයුතු වල යෙදුනි. පහළම කුළය වූ ශුද්‍රයින් කම්කරැ වෘත්තීන්හි නිරත විය. ඉන්දීය සමාජය තුල මෙම “චාතුර් වර්ණ” කුළ ක්‍රමයේ සඳහන් නොවන කුළ රාශියක්ද වේ. චාතුර් වර්ණ කුළ ක්‍රමය තුල කුළ වද්දා නොගත් මොවුන්, ඉතාම පහත් යැයි සම්මත, ස්පර්ශ නොකළ යුතු (untouchable) කුළ ලෙස හඳුන්වන ලද අතර (දලිත් ලෙසද හඳුන්වයි), මෙම කුළ වල ජනයා එකල සමාජයේ ඉතාම පහත් යැයි සම්මත රැකියා (වැසිකිළි පවිත්‍ර කිරීම, කැළි කසල සුද්ධ කිරීම, මළමිනී ඉවත් කිරීම ආදී “කිළි වදින බැවින් අධ්‍යාත්මික වශයෙන් කිරීමට නුසුදුසු බවට සැළකූ” රැකියා) වල යෙදුනු, සමාජයේ ඌණ වරප්‍රසාදිත සහ ගර්භාවට ලක් වූ මනුෂ්‍ය කාණ්ඩයක් විය. ඔවුන් එසේ සමාජයේ ගර්භාවට ලක් වූයේ, පෙර ආත්ම වලදී සිදු කරන ලද පාප කර්ම වලට දඬුවම් ලෙස මේ ආත්මයේදී ඉතාම පහත් කුළයක උපත ලද පව්කාරයින් ලෙස සැළකූ බැවිනි. මෙකී ජනයාට වෙනත් කුළ වල මිනිසුන් සමඟ කුමන ආකාරයකට හෝ මිශ්‍ර වීම තහනම් විය. ඔවුන්ට ආහාර ගැනීමට සහ ජලය පානය කිරීමට වෙනම ස්ථාන තිබූ අතර කුළය තුල පමණක් ආවාහ විවාහ සිදු කර ගැනීමට අවසර ලැබිනි. ඔවුන්ට ආගමික ස්ථාන වලට ඇතුළු වීම හෝ අධ්‍යාපනය ලැබීම තහනම් විය. ඔවුන්ට කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ අතර ඔවුන් කුළවතුන්ගේ තාඩන පීඩන වලට නිතර ලක් විය. මේ ආත්මයේදී තමන්ගේ පාප කර්ම හැකි පමණ ගෙවා දැමුවහොත් ඊලඟ ආත්මයේ මීට වඩා හොඳ කුළයක උපත ලැබිය හැකි බවට වූ විශ්වාසය මත සියළුම දුක් ගැහැට විඳ දරාගෙන සිටීම හැර නීතිය, සංස්කෘතිය, ආගම ආදී සමාජ ක්‍රමයේ ප්‍රධාන අංග කිසිවක් මඟින් ඔවුන්ට පිළිසරණක් නොලැබිනි.

මෙවැනි කුලය මත පදනම් වූ සමාජ සංවිධානයක ඇති වැදගත් මූලධර්ම දෙකක් නම් සමාජ සංචලනයට ඉඩක් නොවීම සහ වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීමයි. ඉහත සඳහන් කරන ලද දලිත් ජනයා උදාහරණයකට ගෙන මෙම මූලධර්ම දෙක කෙටියෙන් පැහැදිලි කලොත්, ඔවුන් කොතරම් හොඳින් වැඩ කලත් තම ජීවිත කාලය තුල රැකියාවේ උසස්වීම් හෝ සමාජ තත්වයේ උසස්වීම් නොලැබේ. එමෙන්ම, ලේ නෑදෑකම්ද තම කුළයට පමණක් සීමා වේ. එබැවින් පළමු මූලධර්මයේ සඳහන් පරිදි සමාජ සංචලනය සඳහා කිසිදු ඉඩක් නැත. එමෙන්ම, දලිත් මිනිසෙක් ඉවසාගත නොහැකි පිපාසයක් හෝ අසනීපයක් වැනි ඉතා මානුෂීය හේතුවක් මත හෝ කුළවතුන්ට වෙන් කරන ලද ජල ප්‍රභවයකින් ජලය පානය කල හොත් එම "වරදට" දඬුවම වන්නේ ඊට කිසිසේත් නොගැළපෙන අසමානුපාතික වූ පහර දී ම.රා දැමීම වැනි දරැණු දඬුවමකි. තවද, මෙම දඩුවම යම් “අපරාධකරුවෙකුට” පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ පවුලට, කුළයට හෝ කුල කණ්ඩායමට වුවද ලබා දිය හැකිය. 

අනෙක් අතට, පුද්ගලයෙකු කුල ධූරාවලිය තුළ උසස් ලෙස ශ්‍රේණිගත කර ඇත්නම්, බරපතල අපරාධයට පවා දඬුවම් නොලැබිය හැකිය, නැතහොත් දඬුවම් වශයෙන් යම් ආකාරයක චාරිත්‍රානුකූල පවිත්‍ර කිරීම් පමණක් නියම විය හැකිය. ඊට අමතරව, කුළවතෙකුට කුළහීනයන්ට දඬුවම් කිරීමේ අසීමිත අයිතියක් තිබුණද, කුළවතුන් විසින් අසාධාරණයට ලක් වූ බවට ප්‍රකාශ කිරීමට කුළහීනයන්ට අයිතියක් නොතිබුණි. කුළවතුන්ට කුළහීනයන්ට විසින් පිළිපැදිය යුතු සියලුම නීති රීති පැනවීමට පරම අයිතිය තිබුණි. ඔවුන් කරන්නේ කුමන වැඩ රාජකාරිද, ඔවුන් ගේ ශ්‍රමය හා සේවා සූරාකෑමට හැකි ප්‍රමාණය, ඔවුන්ට ලැබිය යුතු ත්‍යාගය හෝ දඬුවම කුමක්ද, ඔවුන්ගේ ආවාහ විවාහ කටයුතු සහ ඔවුන් අඳින පළඳින ආකාරය ආදී සියලුම නීති රීති අයත් විය. කුළවතුන්ගේ දේපළ අයිතියට කුළහීන වැසියන් ඇතුළත් විය. යමෙක් අසාමාන්‍ය දඬුවම්වලින් ගැලවීමට නම් ගෙවිය යුතු මිල වූයේ නිරපේක්ෂ කීකරුකමයි (absolute submission). 

හොඳින් සිතා බැලුවහොත් ලන්කාවේ සමාජ සංචලනය සඳහා අද පවා හින්දු චාතුර් වර්ණ කුළ ක්‍රමයට අනුරෑප සමාජ සහ නෛතික බාධක ගණනාවක් ඇත. එබැවින් දියුණු රටක වැසිකිළි සෝදන අඩු ආදායම්ලාභී දුෂ්කර ජීවිතයක් ගෙවන  ලාංකිකයාට ඇති සමාජ සංචලන හැකියාවෙන් දහයෙන් පංගුවක්වත් ලන්කාවේ පහළ මධ්‍යම පන්තියේ "හොඳ" රස්සා කරන අයටවත් නැත.අනිත් අතට වරදේ ප්‍රමාණයට නොගැළපෙන ඉතා දැඩි දඩුවම් කිරීම් සිදු කිරීම ගැන ඕනෑතරම් උදාහරණ පාසැල්වල කාර්‍යාලවල පවුල් තුළ සහ සමාජයේ  ඇත. ජීවිතයේ වැරැද්දක් හදාගෙන ඉස්සරහට යෑමට දෙවන අවස්ථා ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. අසාමාන්‍ය දඬුවම්වලින් ගැලවීමට ගෙවිය යුතු මිල නිරපේක්ෂ කීකරුකම නිසායි අද පවා දේශපාළන සහ වෙනත් ආකාර වල වහලුන් සහ බත්බැළයන් සමාජයේ විශාළ ලෙස දකින්නට ලැබෙන්නේ.

මම සමාජ මාධ්‍ය වල නිතර දකින ප්‍රශ්නයක් වන්නේ අනේ මම රට ගියොත් මගේ අනාගතය ලන්කාවෙ ඉන්නවට වඩා හොඳ වේවිද යන පැණයයි. ඉතාම පුද්ගලානුබද්ධ වන මෙම පැණයට උත්තරයක් ලැබෙන්නේ ඔබට මොන තරම් දුරකට සමාජ සංචලනයක් අවශ්‍යද, ඒ සඳහා ඔබේ කම්ෆර්ට් සෝන් එක මොනතරම් දුරකට කැප කිරීමට ඔබ ලෑස්තිද යන කාරණා මතය. ජීවිතය නම් ප්‍රශ්න පත්‍රය එක් අයෙකුගෙන් තවෙකෙකුට වෙනස් එකකි. ඒ නිසා අනිකාගෙන් කොපි කර උත්තර ලිව්වොත් කෙළ වෙන බව අප තේරැම් ගත යුතුය. 


Thursday, November 28, 2024

සිoහළ බෞද්ධ ඩයස්පෝරාවේ "අවුළ"



සේපාල් අමරසිoහ සහ සමන්තබඩ්ඩ යනු නයා සහ මුගටියා මෙන් වුවත් මේ දෙදෙනාම කුහකකම වැනි සමහර කාරණා වලදී අමුඩය සහ පු.ක මෙන් පෑහීම  ගැන කතා කරන්නට කාරණාවක් යෙදුනේ සේපාළ විසින් සිoහළ බෞද්ධ ඩයස්පෝරාවේ මිනිස්සු "රටගිය ඇත්තෝ" සීරීස් එක යටතේ ඉන්ටවීව් කිරීමත්, සමන්තබඩ්ඩ විසින් තමන් අහසින් වඩින රටවල සිoහළ බෞද්ධ ඩයස්පෝරාවේ මිනිස්සුන්ගේ දානමාන වලට ගොස්  උන් ගේ රෙද්දවල් වල රින්ගා ඒවා පෙන්නීමත් නිසා සිoහළ බෞද්ධ ඩයස්පෝරාවේ "අවුළ" යම් තරමකට පෙන්නූ බැවිනි. වැදගත්ම කාරණය නම් මේ දෙන්නාම කරන්නට හැදුවේ සිoහළ බෞද්ධ ඩයස්පෝරාවේ අවුළ පෙන්නීම නොවුනත්, සමාජ විද්‍යාත්මකව ගත්තොත් ඒ ඉන්ටර්විව්ස් වචනයෙන් මිළ කල නොහැකි වැදගත් ඒවා වන්නේ සිoහළ බෞද්ධ ඩයස්පෝරාවේ මිනිස්සුනගේ "අවුළ" ස්වභාවිකවම ඒවායෙන් මතු වී පේන බැවිනි. 

මේ ඉන්ටර්විව්ස් වලට සාම්පල් තෝරා ගන්නේ සම්මත ක්‍රමවේදයකට නොව තමන්ගේ කන්ෆෝර්මිස්ට්ලා නොහොත් සුද්ද සින්හලෙන් කිව්වොත් "දායක සභා" වලිනි. මගේ ගෝල් එක වන ඩයස්පෝරාවේ අවුල ගැන සෙවීමට එයින් ගැටළුවක් නැත, ඇත්තම කිව්වොත් ඒක වඩාත් හොඳය. 

මේවාට එන රටගිය මිනිස්සු, විශේෂයෙන්ම සේපාල් අමරසිoහ ගේ රටගිය ඇත්තෝ පළමුවන ඉන්ටර්වීව් එකේ බුවා වැනි මන්දමානසික ඩෑල්, ඔස්ට්‍රේලියාවේ දුකෙන් සැප විඳිමින් ලන්කාවේ සැපෙන් දුක් විඳින හුදී ජනයාට තම දුක කියයි, ලන්කාවේ සැපෙන් දුක් විඳින හුදී ජනයා පස් වනක් ප්‍රීතියෙන් පිනා ගොස් ඔස්ට්‍රේලියාවේ වගේ ලන්කාවේ රේසිසම් නැතිය, දෙමාපියන් තනි වෙන්නේ නැතිය සෙකඬ් ක්ලාස් සිටිසන්ල විදිහට ඉන්නේ නැතිය  ආදී කොමෙන්ටු උඩ පැන පැන කොටති. 

සේපාල් අමරසිoහ ගේ රටගිය ඇත්තෝ  ඉන්ටර්වීව් වල හයිලයිට් කරන කාරණයක් වන්නේ ඒ රටවල මොනව තිබ්බත් නැති නොවන තනිකම පාළුවය. මහගම සේකර ගේ කවියකින්ම සේපාල් වැඩ අල්ලනනේ එබැවිනි.  

සින්හල බෞද්ධ ඩයල් ලන්කාවේදී පුරැදු වී සිටියේ මැරීගෙන රස්සාව කරගෙන ළමයි හදාගෙන ගෙවල් දොරවල් බලන් ඉන්න ගමන් හොබී එක ලෙස ටී වී බැලීම, ඉඳහිට ට්‍රිප් යෑම, බෝතලේට සෙට් වීම, අනුන්ගේ ඕපාදූප සෙවීම වැනි සීමිත දේවල් ටිකකි. ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට ආ පසුද ඒ ජීවන රටාව මහලොකුවට වෙනස් වූයේ නැත. ඇමරිකාවේ ඉන්න  මිනිසෙකුට කරනවානම් දහස් ගණනක් හොබීස් ඇත, ක්‍රාෆ්ට් වලට කැමති අයට හොබි ලොබී ගිය පළමු දවසේ පිස්සු නොවැටුනා නම් පුදුමයකි. රෙසීන් ආට්, සෝප් මේකින්, කාඩ්ස්, පේපර් ආට්, බීඩ්ස්, ජුවෙලරි මේකින්, වුඩ් වර්ක්, චිත්‍ර ඇඳීමට රටේ නැති පාට වර්ග, කැන්වස්, කොළ, ගෙතීමට නූල්/වූල්, මල්, සැරසිළි ආදී මෙකී නොකී දෑ එතැන ඇත. ගාඩ්නින් වලට ආස අයට ලෝව්ස් වළ තණකොළ කපන මැෂිමේ සිට පෝර, ඉරිගේෂන් සිස්ටම් ආදී මෙකී නොකී දෑ ඇත. ලන්කාවෙ ඉන්න කාලෙ වවන එක පෙන්නන්න බැරි මට දැන් ගෙදර පිටුපස හයිඩ්‍රොපොනික් ගාර්ඩන් එකක්ද තිබේ. එයට මූළික හේතුව මගේ කම්මැළි විදිහේ වෙනසක් වීම නොව ගාඩ්නින් පහසු කරන යන්ත්‍ර සූත්‍ර උපකරන සියල්ලම මෙහි තියෙන නිසා ඩිසේබල් මනුස්සයෙකුට උනත් වැඩ ටික කර ගැනීමට හැකි වීමයි. ඔය කිව්වේ හොබීස් දෙකක් පමනි. ඉතිරි ඒවාද එසේමය. ලන්කාවේ කෙල්ලෙක් ෂෝටක් ගහන් හොබී එකට තනියම කැලේක හයිකින් යාම රේප් වී එළොව යාමට කාරණයක් වුවත් (මළකඳද ඇඳපු ෂෝටට, තනියම ගියාට, විසේට කියා  බැණුම් ඇසීමට හොඳටම ඉඩ ඇතත්) දෙයියනේ කියා මෙහෙ ඒ හොබීස් වලට බාධා නැත. ක්‍රීඩා සියල්ලම තිබේ, ඒවාට ඕනා උපකරණ සියල්ලම තිබේ, ජිම් වල වනචර ට්‍රේනර්ලා වෙනුවට ප්‍රොෆෙෂනල්  ට්‍රේනර්ලා ඇත (ලන්කාවේ ජිම් යාම එපා උනේ ට්‍රේනර් අතපත ගාන්නට හැදූ බැවිනි), කුකින් කැමති අය සඳහා ලෝකයේ ඕනෑම ඉන් ග් රීඩියන්ට් එකක් ඇත, රටේ නැති ගැජට් ඇත, විදුළි/ගෑස් මිළ ලාබය. පෙට්ලා ගත්තොත් උරගයන්ගේ කුරැල්ලන්ගේ හා වෙනත් සතුන්ගේ ලොකු චොයිස් එකක්ද උන්ට අවශ්‍ය හැම දේමද ඇත, හිඟන රටකින් මේ ඔක්කොම ඇති රටකට ආපු මනුස්සයෙක්ට ඇති විය යුත්තේ ගමයා දිව්‍යලෝකයේ ගියාක් වැනි හැඟීමකි. 

නමුත් අහෝ! ලන්කාවේ ඩයල් වලට ඕව මුකුත් අදාළ නැත. ලන්කාවේ ඩයල් උඩ පින්තූරයේ පූසා මෙන් ලන්කාවේ බේසික් ජීවිතයටම ෆෝකස් කරගෙන ඇත. ලන්කාවේදී නිර්මාණාත්මක රසවින්දනාත්මක වඩාත් කොග්නිටිව් සයිඩ් එක (මනුස්සයන්ට පමණක් තියෙන උසස් මානසික කොළිටිය) බලළාගේ කූඩුව මෙන් වැසී, ඉගන ගෙන රස්සාවට නැහී කසාද බැඳ ළමයි හදා ඉස්කෝලෙ යවා ගෙයක් හදා කාරෙකක් ගෙන අන්තිමේ ජීවිතේ දුකයි කියමින් ළමයින්ට මළ ඇණ වී  පන්සලේ පදින්චි වීම එකම ඔප්‍ෂන් එක උනත්, ඇමරිකාවේදී ඒ කූඩුව ඇරේ. ඒත් ගොන් බළලා ඒක නොදැන තාම දොරට ෆෝකස් කරන් කූඩුවේ ලගින්නාක් මෙන් සිoහළ බෞද්ධ ඩයස්පෝරාවද මේ චක්‍රයේම කැරකේ.  මුන්ට ඉස්පාසුවක් ලැබුනොත් කරන්නේ තව ළමයෙක් දෙන්නෙක් හදා ගැනීමයි. එහෙම නැතුව අළුත් කොග්නිටිව් ස්ටිමියුලේෂන් එකක්, ස්කිල් එකක් ඉගන ගැනීම නොවේ. කොටින්ම ලන්කාවේ ඩයස්පෝරාවේ මිනිස්සු ඕනෑම සතෙකු කරන ටික (කෑම සෙවීම, කූඩුවක් හැදීම, රමණය, ළමයි, ටෙරිටොරි ආරක්ශාව) කරන්නට ජීවිතේ සීයට අනූවක් නහිනවා මිසක මිනිසාට අනන්‍ය උසස් රසවින්දනාත්මක පැත්ත ස්ප්ශ කරනවා අඩුය. මිනිසාට අනන්‍ය උසස් රසවින්දනාත්මක පැත්ත ස්ප්ශ කරන්නට හුරැ වූ මිනිස්සුන්ට ඒ සඳහා ඇති ටූල්ස් යහමින් පවතින දියණු රටක කවදාවත් පාළුවක් නොදැනේ.  

උදාහරණයකට, මගේ ලාන්කික නොවන හොඳම මිතුරියන් කිහිපදෙනාගේ හොබීස් වන්නේ රට රටවල සංචාරය කිරීම, ලෝහ වර්ග වලින් ජුවලරි හැදීම, සෑන් ඩ් බ්ලාස්ටින් වලින් වීදුරැ මත නිර්මාණ කිරීම සහ ග්ලාස් පේන්ටින් වේ. මගේ ලාන්කික "මිතුරියන්" කිහිපදෙනාගේ හොබීස් වන්නේ ළමයි පස්සේ මළපෙරේතයන් සේ පැන්නීම, තම වැඩපොළවල් වල සහ සමාජ කව වල මිනිසුන් එකාට එකා කෙටවීම, හැම දෙයක් ගැනම කම්ප්ලේන් කිරීම, කාත් එක්ක හරි වළියක් දා ගැනීම ආදියයි. මේ හොබීස් කරන්නට ඇමරිකාවට ඒමට අවශ්‍ය නැත, ලන්කාවේදී හොඳටම කළ හැක. ඒ නිසා ඇමරිකාව මාර පාළුය.

මහගමසේකර ගේ කවිය ගත්තොත්, මහගමසේකර යනු අර කොග්නිටිව් ස්කිල්ස් උපරිමයට ගිය කෙනෙක්. ඔහු කවි ලියන්නේ සින්හලෙන් සහ ඔහු කවි ලියන්නේ සින්හල  සන්ස්කෘතියෙන් පෝෂණය වෙලා. ඉතින් ඒ මනුස්සයට ඇමරිකාවෙ වාසය සිර ගෙයක් යැයි සිතීම සාධාරණයි මොකද ඔහුගේ කවි ලිවීමේ හැකියාව, ඒව කියවන මිනිස්සු, ඒවට ඇති පිළිගැනීම ආදී සියළුම වටිනාකම් කේන්රද්වී ඇත්තේ ලන්කාව වටේ නිසා ලන්කාවෙන් පිටදී ඔහු දියෙන් ගොඩ දැමූ මාළුවෙකු වැනියි. 

නමුත් මහගමසේකර සහ හුදී ජනයා යනු අහසට පොලොව මෙනි. මහගමසේකරට මෙතුවක් කාලයකට යම් තරමකට හෝ කිට්ටු කලේ ප්‍රේමකීර්ති, කරැණාරත්න අබේසේකර වැනි දෙතුන් දෙනෙකි. එහෙව් මහගමසේකර ගේ අදහස් උදහස් හුදී ජනයාට පෑහීමට යාම තරම් අමන වැඩක් තවත් නැත, ඒක හරියට සේපාළව රවීඳ්‍රනාත් තාගෝර්ට පෑහීමට යාම මෙනි. 

 හේතු අoක දෙක:

ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට එන්නට පෙර සින්හල බෞද්ධ ඩයල් ලන්කාවේදී පුරැදු වී සිටියේ පට්ට එන්ටයිටල්ඩ්, අනුන්ව ඩිස්ක්‍රිමිනේට් කරන, ෆැන්ටසි බබල් එකක තිබූ ජීවිතයකටය. තමන්ගේ ආගම ලෝකයෙන්ම හොඳම සහ විද්‍යාත්මකම එක යැයි හිතන් (ත්‍රීසම්මා සාදු සල්ගාදු සහ තවත් අය මෙය මොනවට ඔප්පු කලහ) තමන්ගේ රට ලෝකෙන්ම උතුම් එක යැයි හිතන් (බන්කොළොත් වී ඔප්පු කලහ) තමන්ගේ මුතුන් මිත්තො තමයි හොඳටම කලේ  යැයි හිතන් (බන්කොළොත් වී ඔප්පු කලහ) තනි සින්හළ ආණ්ඩුවක් හදන්නට ගෝටාබයට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඡන්දෙ දී කෙළවාගත් මොවුන් සින්හල බෞද්ධ ඩයස්පෝරාව ලෙසද හිතන් ඉන්නේ එහෙමමය. ඒ උද්දච්චකම නිසා අනිත් සන්ස්කෘතියක්, ජාතියක්, ආගමක් එක්ක මුහු නොවේ. අනිත් සන්ස්කෘතියක්, ජාතියක්, ආගමක් ගැන උනන්දු නොවේ. එහෙම ඉන්න ගමන් ඒ රටේ එවුන් තමන්ව ඉහළින් පිළි අරන් ඔළුව උඩ තියා ගත යුතු යැයි හිතයි. මේක පැහැදිලි කරන්න පොඩි උදාහරණයක් ගත්තොත්, ඕනෙම චීන, කොරියන් අවන්හලකට ගියොත්, ඒවාට එන ඇමරිකන් මිනිස්සු සීයට අනූවක් චොප්ස්ටික් පාවිච්චි කර කෑම ගැනීමට දනිති (ගෑරොප්පුව ප්‍රතික්ශේප කර). ඇමරිකන් මිනිස්සු තමන් මහජාතිය උනත්  උද්දච්ච නොවී සුළු ජාතියක සන්ස්කෘතික අගයක් වන චොප්ස්ටික් පාවිච්චි කිරීම  ඉගෙන ගන්නේ  මම මුළින් කිව්ව අළුත් ස්කිල් එකක් ඉගනීමෙන් ලැබෙන කොග්නිටිව් ස්ටිමියුලේෂන් එක සඳහාත්, කල්චරලි  ඕපන්  මයින්ඩ් එක නිසාත් ආදී හේතු වලටය. සින්හල බෞද්ධ ඩයල් ඒවා ඉගෙනගැනීමට නොයති, ඒ වෙනුවට සුද්දන්ට අතින් කන්න හුරැකරවන්න හදති. අනිත් සන්ස්කෘති, ජාති, ආගම් වලට ගරැ කිරීමක් නැත, මගේ එක තමා හොඳම කියා බලෙන් ලෙක්චර්ස් දෙන්නට යති. (අඩු තරමේ සින්හල බෞද්ධ ඩයල්තමන්ගේ සහෝදර දෙමළ මිනිස්සුන්ගේ හෝ මුස්ළිම් මිනිස්සුන්ගේ සන්ස්කෘතිය එක සත පහකට මායිම් නොකරයි. මුස්ළිම් මිනිස්සුන්ගේ කොවිඩ් මළසිරැරැ ආදහනයට ඉඩ නොදීම හොඳම උදාහරණයකි.) සින්හල බෞද්ධ ඩයල් තරම් අනිත් සන්ස්කෘති, ජාති, ආගම් ඩිස්ක්‍රිමිනේට් කරන සෙට් එකක් තවත් නැත, කුළය රස්සාව ධනය බලය ඉස්කෝළය වගේ ගොන් පාට් වලට උන් උන් ඩිස්ක්‍රිමිනේට් කර ගන්නා ගමන් හමේ පාට, ජාතිය,රස්සාව ධනය බලය, ජාති, ආගම් වගේ දේවලට අනිත් සන්ස්කෘති වල මිනිස්සුන්ව තදබල ලෙස පහත් කරති. ඉතින් තමන්ම අනිත් මිනිසුන්ගෙන් කොන් වී  අනිත් මිනිසුන් සමඟ මුහු වීමට කිසි උත්සහයක් නොකර ඒ මිනිස්සු තමන්ගෙ දෙපතුළ ලඟට එනකම් බලන් ඉන්න ඇටිටියුඩ් එක තමන්ගේ ප්‍රශ්නයක් මිසක ඒ රටේ ප්‍රශ්නයක් නොවන බව මොවුන්ට නොතේරේ. 

 හේතු අoක තුන:

ඔස්ට්‍රේලියාවට ඇමරිකාවට එන්නට පෙර සින්හල බෞද්ධ ඩයල් ලන්කාවේදී පුරැදු වී සිටියේ පෙන්‍ෂන් ප්ලෑන් එකට ළමයි හැදීමටය. පෙන්‍ෂන් ප්ලෑන් එකට ළමයි හැදීමේදී ළමයින්ගේ තටු කපා නිදහස් නිවහල් වීම පුළුවන් තරම් වළක්වනු ලැබේ.  ඒ කැත වැඩේ සන්ස්කෘතිය නම් අයිසින් වලින් ලස්සනට ඩෙකරේට් කරයි. මමාස් බෝයිලා හැදීමට ලන්කාවේ ගෑනු උපන් හපන්ය. දරැවන් කුඩා කාළයේ බේසික් ලයිෆ් ස්කිල්ස් සියල්ල උගන්නා වැඩිහිටි වන පළමු ඇසිල්ලේම කූඩුවෙන් සපුරා පිටමන් කිරීම/ඩිස්ටන්ස් එකකින් සිට ක්‍රමයෙන් පූර්ණ ස්වාධීන කිරීම  සත්ව ලෝකයේ මූළධර්මයයි. තටු හයි වූ තඩි කුරැළු පැටවුන් කූඩු වල දාන් කන්න දෙන කුරැල්ලන් ලෝකයේ නැත. දියුණු රටවල මිනිස්සු ආවාට ගියාට ළමයි හදන්නේ නැත. ළමයින් රජයට අයත් යැයි සළකන නිසා ළමයින්ගේ යහපැවැත්ම ගැන අතපසු කරන දෙමව්පියන්ට රජයෙන් දඬුවම් කරයි. ඊටත් කපල් වලට ලන්කාවේ මෙන් සරැ බාවය ඔප්පු කළ යුතු නැත. පෙන්‍ෂන් ප්ලෑන් ළමයි හදන්නේ බේසික් ස්කිල්ස් නැති මෙන්ටලි රිටාඩඩ් ආකාරයටය. එවිට මොන තරම් ඉගන ගත්තත් රස්සා කරත් දෙමාපියන් මත තදින් යැපෙති. තීරණ ගැනීමට අපොහොසත් ය. දරැණු ලෙස කා කොටා ගත්තත් අතෑර ගන්නට බැරිය. ඉමෝෂනල් බ්ලැක්මේලින් පහසුය. දෙමාපියන් වැඩිහිටි ළමයින්ගේ හැම රෙද්දටම ලැජ්ජ නැතිව හොට දායි. ආතල් එකේ කිසි ව්‍යායාමයක්, රෝග පාළනයක් නැතිව පිස්සු කෙළියි. ඩයබටික් දෙමාපියෝ හොරෙන් සීනි කති, එපා කියූ සේරම කරති. සිරෝසිස් තාත්තලා කොච්චර එපා කිව්වත් බොති. වෙන ලෙඩ වලදීද එසේමය, බේත් නොබොයි චර්‍යා වෙනස් නොකරයි. අන්තිමේ වළක්වා ගත හැකිව තිබියදී ලෙඩ ඇඳට  වැටී ළමයින්ට අපා දුක් වින්දවයි. 

දියුණු රටකට ආ පසු ඒ සෙල්ලම් සියල්ලම නැවැත්වීමට සිදු වේ. එය මුන්ගේ ලිසාඩ් බ්‍රේන් එකෙන් තේරැම් ගන්නේ ළමයි තමන්ගෙන් ඈත් වීමක් ලෙසය.

හේතු අoක හතර: ලන්කාවේ ලෝ කොළිටි ලයිෆ් එකට පත්තියම් වූ විට හයි කොළිටිය දිරවන්නේ නැත. 

උදාහරණයකට, ඇමරිකාවේ දී සෝයාමීට්, කිරිපිටි, කීල්ස් සොසේජස් රස හොයන ඩයස්පෝරාව ගනිමු. ඇමරිකාවේ ඔය දකුණු ආසියාතික කඩ වල හැර වෙන කොහේවත් සෝයාමීට් නැත. ඒකට හේතුව සෝයා කිරි අරගෙන ඉවත දාන සත්ව ආහාරයක් වන කිසි පෝෂනයක් හෝ රසක් නැති සෝයා පුන්නක්කු හිඟන රට වල රසකාරක දමා සෝයාමීට් ලෙස මිනිසුන්ට ගිල්ලෙව්වත් දියුණු රටවල ඕනෑ තරම් මස් මාළු කිරි බිත්තර චීස් බටර් ලාබෙට තිබේ. ඒත් පුන්නක්කු රසට පත්තියම් වී කහකඩයන්ගේ නිර්මාංශ අදහස් වලින් බ්‍රේන්වොෂ් කරගත් ඩයස්පෝරාව පුන්නක්කුම සොයති, මෙහෙ කෑම ලන්කාවේ තරම් රස නැතැයි හඬති. ලන්කාවේ සොසේජස්වල සෝයා සහ වෙනත් ෆිලර්ස් අධිකය. ඒ බාල රසට  පත්තියම් වූ අයෙකුට දියුණු රටක සෝයා සහ වෙනත් ෆිලර්ස් නැති සොසේජස් රස නැත. ඉතින් මෙහෙ කෑම ලන්කාවේ තරම් රස නැතැයි හඬති. රසේ වෙනසට හේතුව ස්මාට් ෆෝන් එකෙන් හොයා බලන්නට තරම් ස්මාට් නැත. 

දියුණු රටක් විවේචනය කරන ගමන් ඒ රටේම පැළපදියම් වෙලා ඉන්න, තමන්ගෙ ළමයි ඒ රටේ පුරවැසියන් කරන ඩයස්පෝරාව පිටරටවල ඉඳන් මෙසේ වැළපෙන්නේ ලන්කාවේ කටු කන එවුන් තමන්ගේ ළණු කා ලන්කාවේම නතර වී දුක් විඳියි යන කුහක බලාපොරොත්තුව හිතේ තබාගෙනය.  








  

Monday, November 25, 2024

ලංකා ඉතිහාසයේම වැඩිම ගවයන් ප්‍රමාණයක් නිදහස් කළ පෝය දිනය සහ තවත් අනම් මනම්

 ටික කාලයක් ලියන්න බැරි උනාම වෙන දේ තමයි අදහස් සීයක් විතර බැක්ලොග් වෙන එක. ඒ නිසා හිතට එන එකිනෙකට අසම්බන්ධ දේවල් කීපයක් කෙටියෙන් කියන්න හිතුනා.

පළමුවෙන්ම ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට හිස නමා ගරැ කරනව දේශපාළනයෙන් හොරැ, පිම්පියො, නළු බට්ටො, ගණිකාවො, තක්කඩි, වන්චනිකයො ආදී අපතයන්ව එළවීම ගැන. පක්‍ෂ පාට ජාති ආගම් අදාළ කර නොගෙන ඒක කරල තියෙනව (ජෙප්පො බලය අරගෙන මොනව කරයිද මම දන්නෑ, හුඟක් වෙලාවට සම්ප්‍රදායික පක්‍ෂ දෙකට වඩා නම් යමක් කරයි වගේ.  හැබැයි මිනිස්සු මිනිස්සුන්ගෙ පැත්තෙන් ගන්න පුළුවන්හරි තීරණය අරන් තියෙනව). ඒ තරම් ප්‍රෝග්‍රෙසිව් තත්වයට කෙටි කාළයකදී  ලන්කාවේ සාමාන්‍ය මිනිස්සු පරිණාමය වීම මට නම් පුදුමයක්. කියමනක් තියෙනව අමාරැ කාලවල් ශක්තිමත් මිනිස්සු බිහි කරනව කියල. සමහරවිට පසුගිය දුෂ්කර සමය ශක්තිමත් මිනිස්සු බිහි කරන්න අඩිතාළම දමන්නට ඇති. 

ඒ හැර පසු ගිය කාලේ මම අධ්‍යයනය කරපු පොඩි දේවල් ටිකක් කෙටියෙන් හරි සඳහන් කරන්නට හිතුනා. කන්දෙ ගෙදර කියන එක්දහස් නමසිය අසූ අටේ විතර විකාශනය වෙච්ච ටෙලි නාට්‍යය ළඟදී නැවත නැරඹූ පසු මට ඒ ගැන අළුතෙන්  හිතන්නට බොහෝ දේ ලැබුනා. 

කුඩා කාළයේ කන්දෙ ගෙදර බලනකොට දැනුනු හැඟීමත් පරිණත මම අද කන්දෙ ගෙදර බලනකොට දැනුනු හැඟීමත් ගොඩක් වෙනස්. උදාහරණයකට, එදා දළ වශයෙන් මේ ගෙදර ප්‍රධානිය වෙච්ච බාල මහත්තයා වීරයෙක් ලෙසත් එයාගෙ නෝන ආතල් ලෝකයක් ලෙසත් ලොකු පුතා සෙනරත් පොරක් ලෙසත් එයාගෙ නෝන මයුරා දුෂ්ටයා ලෙසත් පෙනුනට අද මට පේන්නේ බාල මහත්තයා ආත්මාර්ථකාමී සම්ප්‍රදායික මනුස්සයෙක් ලෙසත් එයාගෙ නෝන ටොක්සික් ලෙසත් ලොකු පුතා සෙනරත් උද්දච්ච සහ තමන්ගෙ පවුලේ වටිනාකම් තමන්ගෙ ළමයින්ට ට්‍රාන්ස්ෆර් නොකල අමනයෙකු  ලෙසත් එයාගෙ නෝන මයුරා කට සැර නමුත් සාධාරණ කෙනෙකු ලෙසත්. 


කෝසල එදිරිසිංහ විසින් ලියපු ජීවිතේ කෝටා එක සහ ග්‍රේස් පීරියඩ් එක කියන ලිපිය මම පහතින් පළ කරනවා. ඒක අපූරැ ලිපියක්. 

මේක මේ ජීව විද්‍යාත්මක කතාවක් නෙමේ, විද්‍යාත්මක සංසිද්දියකුත් නෙමේ

ඔය අපේ මනුස්ස ජීවිතේට යම් කෝටා එකක් සහ ග්‍රේස් පීරියඩ් එකක් තියෙනවා කියල හිතෙනව..

දැන් බලන්න අරක්කු කෝටා එක. ඔය කෝටා එක ටික ටික අහවර කරන උන් ජීවිත කාලෙම ලස්සනට බීලා කරලා වයසට ගිහින් මැරිල යනව. එක දිගට ඩේලි ගහන උන් කෝටා ඉවර උනාම සිරෝසිස් හැදිල මැරෙනව. දැන් ඕකෙ ග්‍රේස් පීරියඩ් එක තමා ටිකක් කල් ඩේලි ගසන එකෙක් මම දැන් හැදෙනවා කියලා ඕක වයස තිහට තිස්පහට කලින්වත් නවත්තගත්තොත් අවම හානියක් යටතේ රිකවර් වෙලා ඉතුරු ජීවිත කාලෙ ඇදන් යන්න චාන්ස් එකක් දෙනවා. අන්න ග්‍රේස් පීරියඩ් එක

සිගරට් උනත් එමසේ.

කොලෙස්ටරෝල් උනත් කෝටා එක බෙදල කරල කන එකා ජීවිත කාලෙම ශේප් කාලා බීලා ඉන්නව. කෝටා එක කලොන්ම  ඉවර කරන එකා කෙලෝගන්නව.. ග්‍රේස් පීරියඩ් එකෙන් වැඩේ තේරුම් අරන් කෑම බීම ව්‍යායාම කරන එකා අව්ලක් නැතුව ඉතුරු ටික අදිනවා

දැන් ඔය භෞතිකයනේ,

අපේ හිත ගත්තොත් ස්භාවදර්මය අපිව ජජ් කරන්න කලින් අපිටත් මේ මිනිස්සු හැටියට පව් කරන්න පිං කරන්න ආදරේ කරන්න වෛර කරන්න ඊරිසියා කරන්න කුහකකම් කරන්න පොඩි කෝටා එකක් සහ ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා. දැන් ඔය අපි ට්‍රැක් එකට වටෙන්න යන වයස 25-30 රේන්ජ් එකේ අපිට විවිද අවස්තාවන් සහ සම්පූර්න වෙනස් සමාජ කොට්ටාශ වලට අපිව නිරාවරනය කරමින් අපිට හැදෙන්න අවස්තා සෑහෙන්න දෙනවා. හැබැයි 30න් පස්සෙ වගේ අපි ඇතිකරගන්න සමාජ ස්තාවර බව එක්ක මිනිස්සු මාරු කරන්න සමජෙ මාරු කරන්න කලින් වගේ බැරිවෙනවා. ඒ කියන්නෙ ග්‍රේස් පීරියඩ් එක ඉවරවෙනවා. ඒ අතර පුතේ කෝටා එකත් ඉවර කලොත් අන්න ස්භාවදර්මය/ කර්මය හෝ දෙවියන් වහන්සේ උබව ජජ් කරන ගන්නවා

විස්වාස කරනවනම් විස්වාස කරපන්...

35න් පස්සෙ ගෑනු මිනිස්සු ඉන්නේ 95%ක්ම උන් "ඩිසර්ව් කරන ලෝකේ".. උන්ට වෙලා තියෙන්නෙ "විය යුතුදේ". උන්ගේ මානසිකත්වය, උන්ගේ ඇටිටියුඩ්, උන්ගේ අදහස්, උන්ගේ ඊරිසියාව කුහකම තියෙන ලෙවල් එක අනුව උන්වම දවා අලුකරල දානවා. හරියට දවස ගානේ මත්ද්‍රව්‍ය භාවිතා කරපු හෝ දවස ගානෙම අහිතකර කෑම කාපුම එකාගෙ භෞතික ශරීරය 35න් පස්සේ උගේ කල්කිරියාවට වන්දි ගෙවනවා වගේ මානසික තත්වය සහ උන්ට ස්භාවය ලබාදෙන "ලක් එක" තීරනය කරනවා ඒ වෙනකන් උන් ඔලුවට දාගත්ත කුනු කන්ද, අනුන්ට දක්වපු ඊරිසියාව කුහකකම. ස්භාව දර්මය ජ්ජ් කරනවා. ඒ වගේම ස්භාවදර්මයේ තීරමය බොහෝවෙලාවට හරි. 

වයස විසි ගනන් වල හම්බ කරන්න විතරක් නෙමේ, උබට දැනෙන මට්ටමෙන් "හොද මිනිහෙක්" වෙන්න බලපන්. "අනුන්ට" නෙමේ "තමන්ට". "හොද" කියන්නෙත් අනුන්ට සබ්බ සකලමනාවම ණයට දෙන එකයි, අනුන් බලාපොරොත්තු වෙන ලෙවල් එකටම නැමෙන්න යන එකයි, සේරටම එහෙයි කියන එකයිත් නෙමේ ඈ. එහෙම උනොත් 35න් පස්සෙ ඉදගන්න අමාරු වෙනවා

හැකිතාක් ඊරිසියාව සහ විශේශෙන්ම කුහකකම අඩු කරගන්න. ඒකෙන් තමන්වම දවා අලුකරනවා. පොලිය එක්ක බඩු පත්තු වෙන්නෙ 35න් වගේ පස්සෙ... දෙන දේ දුන් දේ කල දේ 30 පස්සෙ තමා පොලිය ගනනය කරලා හම්බ වෙන්න පටන් ගන්නෙ.

ආයෙ කියනවා 30-35න් පස්සේ මිනිස්සුන්ට වෙන්නේ උන්ට "විය යුතු දේ". ග්‍රේස් පීරියඩ් එකේ කල වගාවේ අස්වැන්න. අබ වවපු උන්ට අබ.. තල වවපු උන්ට තල

මම මේ කිව්ව දේ වැරදී කියල හිතෙනවනම් "සමාජීයව" සහ "සමාජීය කාරනා මත" කෙලවෙලා අලවෙලා ඉන්න එකෙක්ට උදව් කරලා පස්සෙ තරහ කරන් බලපන්..

අර උඩ කිව්ව 95% අස්සේ මේ සේරම නැතත් බුද්දපූජාවක් තියන්න ගියත් කුනකටුවෙක් කන ජාතියේ ඩෑල් 5% විතර ඉන්නව. උන්ට වෙලා තියෙන එකනම් මට තේරෙන්නෑ..

කොල්ලනේ කෙල්ලනේ 20-30 වයස කියන්නෙ සෙල්ලමක් නෙමේ. ඕක අනාගන්නනම් එපා. මැරෙනකන් අඩන්නයි කඹුරන්නයි තියෙන්නෙ ඊට පස්සේ

(හැම වචනෙකටම තේරුමක් තියේ. නොතේරෙන උන්ට " " දාලම කියල තියේ. මොකෙක් හරි ගේම ඉල්ලන්න කලින් කිව්වෙ)

ළමයි දුප්පත්කමට ඇදල දාන ටොක්සික් ෆැමිලි කල්චර් එක

 අස්වැසුමේ කතාවෙ තරැණ ගෑනු දෙන්න ස්වයං රැකියාවක් ඉගන ගන්න එක ප්‍රතික්ශේප කරල රජයෙන් සහනාධාර ඉල්ලපු සීන් එක ගැන මම තවත් ගැඹුරට හිතන්න ගත්ත. ල...