Wednesday, August 30, 2023

ගහලා වදනකල් හොඳටම කුලප්පු - දරුවෙක් හැදුනාම නිවනට කුලප්පු (පුර්ණිමා හේරත්) : බුද්ධාගමට අවශ්‍ය ප්‍රතිසන්ස්කරණ ගැන කතා කරමු



 ඉහත අප්‍රිකානු ප්‍රස්ථා පිරැළ සෑහෙන්න වැදගත් එකක්. කුඩා දරැවෙක්ව සමාජය විසින් ආදරයෙන් පිළිගෙන වැළඳ නොගතහොත් ඒ දරැවා කෙදිනක හෝ එම සමාජය විනාශ කොට ගිණිතබා එහි උණුසුමෙන් සැනසෙනු ඇත. ලන්කාව නොයෙකුත් ආකාර වලට ගිනි තබා විනාශ කරන හැමෝම ඇතුලෙ අගතියට පත් වෙච්ච ළමයෙක්ගෙ කතාවක් තියෙනවාමයි. ඒකත් කල්පනාවට අරන් මාතෘකාවට බහිමු. 

ඇතැම් සාදුලගේ විනය විරෝධී, සමාජ විරෝදී, ජනතා විරෝදී, සහ නීති විරෝධී වැඩ අටෝරාසියක් නිතිපතාම අසන්නට ලැබීම සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා තිබෙනවා. ඒකට හැමදාම ලන්කාවේ බෞද්ධයන් මීම් හදල, ජෝක් කරල, බැනල, ගහල ප්‍රතිචාර දක්වල ටික කාලයකින් සුපුරැදු ජීවිතයට යනව. ඒ චක්‍රයේ කැරකෙනවට අමතරව අපි වඳින්නෙ චීවරයටය, බුද්දාගම නෙමේ බුද්ද දර්ශනය තමා අම්මටසිරි එක වගේ තක්කඩි තර්ක කර කර ප්‍රශ්න මඟහැරල හිටිය. මම මීට කළිනුත් ලියල තියෙනව බුද්දාගමට දැවැන්ත ප්‍රතිසන්ස්කරන අවශ්‍ය බව. ලෝකයේ අනිත් ආගමුත් එසේ දැවැන්ත ප්‍රතිසන්ස්කරන වලට ලක් උනා සහ ලක් වෙමින් පවතිනවා. අපේ එක තමයි හොඳම එක, අපි තමයි හොඳටම කලේ යන මන්ද මානසිකත්වය තියෙන ලන්කාවේ බොහෝ බෞද්ධයන් ඒක මදිකමක් ලෙස දකින නිසා තක්කඩි තර්ක දදා තවත් මේ කුණුහරපය ඇදගෙන යනවා. බුද්ධ දේශනාවට සම්පූර්ණ පටහැණි කුළවාදය, දේවාල, කට්ටඩි, හදි හූනියම්, තොවිල් පවිල්, මිත්‍යා මත, අන් ආගම් ජාතීන් සහ මත නොඉවසීම, ටොක්සික් පුරැෂාධිපත්‍යය, සත්ව හින්සනය, ළමා හින්සනය උත්කර්ශයට නගන, හොඳ හාමුදුරැවන් පවා විනාස කරන දුස්සීල, තන්හාධික, අවස්ථාවාදී,   ලින්ගික ඇරියස් ඇති, තමන්ගෙ ප්‍රොපගැන්ඩා වලට හාමුදුරැවන් බලෙන්හෝ යොදා ගන්නා  ගිහි සමාජයකුත් හැදිල තියෙනවා. මේ ජාතියෙ කුණුහරපයක් පවතිනවට වඩා නැති වීම ලෝකයට ලොකු සේවයක්. 

මේ ගැන කල්පනා කරනකොට මම දකිනව ජනප්‍රිය බුද්ධාගම සහ බුද්ධ දර්ශනය යන දෙකම ආගමක් වශයෙන් අසාර්ථක වීමට හේතු කීපයක්.    

මම දන්න තරමින් ලෝකෙ ප්‍රධාන ආගම් අතරින් ආගමිකයා සහ ආගම අතර අති විශාල පරතරයක් තියෙන්නේ - ආගමත් එක්ක ලව් හේට් රිලේෂන්‍ෂිප් එකක් තියෙන්නෙ- බුද්ධාගමට පමණයි. මේ පරතරය කොතෙක්ද කියනව නම් බෞද්ධයන් අති මහත් බහුතරය ගත කරන්නෙ දෙබිඩි ස්ප්ලිට් පර්සනැලිටි ජීවිත. බෞද්ධ පර්සනැලිටි එක පන්සිල්  උදේ හවා කියනකොට, කරදරයක්/ඉවෙන්ට් එකකදි, පන්සල ඇතුලේ වගේ සීමිත ස්කෝප් එකකදීත් ඒවා හැර අන් සෑම වෙලාවකම  කිසිම අණක් ගුණක් නැතිව, පවට බය සැකක් නැතිව, පව නෝමලයිස් කරගෙන, තමන්ට ඕනෙ හැටියටත් ජීවත් වෙන එක නෝමල් තත්වය වෙලා. 

මේ හේට් එක පැහැදිලි වෙන තැන් තමා වෙන ආගම් වල උදේට ඒ ආගමේ පූජකයෙක් දකින එක අසුබ නැතත් බුද්දාගමේ අසුබයි, පන්සල් වල දේවාළ හදන් ඒවට රින්ගන එක. බුදු හාමුදුරැවන්ට කල හැකි ඉහළම අපහාසය මට නම් බුදු හාමුදුරැවන්ගේ පන්සලේ බුදු හාමුදුරැවන්ගේ ධර්මයට ඉඳුරාම පටහැණි දේවාළ හදල ඒවට යන එක. ක්‍රිස්තියානි පල්ලියෙ පන්සල් කෝවිල් දේවාළ නැහැ, මොකද උන්ට තමන්ගෙ ආගම ශුවර්, හින්දු කෝවිලේ පන්සල් පල්ලි දේවාළ නැහැ  මොකද උන්ටත් තමන්ගෙ ආගම ශුවර්, මුස්ළිම් පල්ලියෙ පන්සල් කෝවිල් දේවාළ නැහැ  මොකද උන්ට තමන්ගෙ ආගම ශුවර් ලෝකෙ විජ්ජාත්මකම රෙද්ද අදහන බෞද්දයොන්ට විතරයි ඒක ශුවර් නැත්තෙ.   වෙන ආගම් වල ආගමික උත්සව වලදී ඒ ආගමිකයන් පිස්සු කෙළින්නෙ නැති උනාට වෙසක් එකට කෙළින පිස්සු (ගියපාර එකෙත් මම දැක්ක නළපාන ජාතකේ කියල යකෙක්ට ඇඳපු එකෙක් නටනව, කොමෙන්ට් වල තිබ්බ යකෝ මෙච්චර ආතල් එකේ හිටපු යකෙක්ටනේ වඳුරැ රන්චුව කරදර කලේ කියල. තව තැනක කොක්කු ටිකක් නටනව, ඒ ජාතකය මොකක්ද කියල ජාතක පොතේ නැතත් කොමෙන්ට් එකක හඳුන්වල තිබ්බෙ ඒක "කොක්කු පටන ජාතකය" කියල. දන්සැල් කියල කියන්නෙත් කිසිම ආගමික චේතනාවක් නැතුව තනිකරම වෙනත් අරමුණු වලට කරන මගඩි. වෙන කිසිම ආගමක මිනිස්සු මේවගේ ආගමේ නාමයෙන් පිස්සු කෙළින්නෙ නෑ) වගේ ඒව.

 

මේ නිසා බෞද්ධයන් අති මහත් බහුතරයකට ප්‍රතිපත්තියක් නැති, ඒ නිසාම සැනසීමක් නැති, ගිල්ටි  ජීවිත තියෙන්නෙ. ස්ප්ලිට් පර්සනැලිටි කාලයක් දිගටම නඩත්තු කරනකොට ඒක මානසික රෝගයක් ලෙස ඉස්මතු වෙනවා. තමන් හදාගත්ත බොරැව තමන්ටම ඇත්තක් වෙනවා. ඒ බොරැවේ ජීවත් වෙන්න ගන්නවා. සමන්තබඩ්ඩ සහ මේ වෙද්දි හතු පිපෙන්නාක් මෙන් පීදෙන බුදුන් රහතන් වහන්සෙල බෝධිසත්වයෝ රාවණාල ආදී මෙකී නොකී මානසික ලෙඩුන් සහ හොරකම් කර කර මිනී මර මරා කුඩු පාතාළ බිස්නස් කර කරා තමන් හොඳ බෞද්ධයො කියල අදහන ගිහියොත් මේ ගනයට අයත්. තව ගිහි සෙට්ටෙකක් ඉන්නව වැරදි වැඩ නොකළත් ගිණිකන වැටුන වගේ මේ පිස්සො පස්සෙ වැටීගෙන ඉන්න කොන්ෆෝමිස්ට්ල. ඒකට එක හොඳම උදාහරණයක් තමා සමන්තබඩ්ඩ ඇමරිකාවට ගෙන්නගෙන තමන්ගෙ ගෙවත්ත පෙන්නල හරි සෝක් කියල අහගත්ත පී එච් ඩී ජෝඩුව. "දෙන්නම ආචාර්යවරු, ගේ ඇතුළට වැදිලා ඉන්නැතුව ලස්සන ගෙවත්තක් හදලා - https://www.youtube.com/watch?v=DV6bvaribCs " ලන්කාවෙ ඉපදිච්ච නිසා මුල් ළමා විය සන්වර්ධනය නොවී, වැඩිහිටි වෙලා මොන උපාධි පාස් කලත්, මොන දියුණු රටකට ගියත්, ලන්කාවෙදි ඔළුවට ගිය කවුරැහරි "පොර වෙච්ච ලොන්තයෙක්ගෙන්" ඇෆර්මේෂන් එකක් හිඟා කන පට්ට හීනමාන වහල් චින්තනය අතහැරගන්න ගොඩ දෙනෙක්ට බැහැ.  

 

ලන්කාවෙ බෞද්ධයන්ට මෙහෙම උනේ ඇයි? ඒකයි මගේ ප්‍රශ්නය. ඒ පී එච් ඩී ජෝඩුවම උදාහරණයකට ගත්තොත්, මම හිතන්නෙ නැහැ බුද්ධ දර්ශනය තේරැම් ගන්න බැරි ඌණ බුද්ධිකයන් කියල, මොකද භෞතික සහ රසායන විද්‍යාවටලු ආචාර්‍ය උපාධි දෙක තියෙන්නෙ. ඒ වගේම හොඳට සල්ලි බාගෙත් තියෙන බව පේනව. සමාජ තත්වයත් හොඳ ඇති. ඉන්නෙත් නිදහස්ව හිතන්න පතන්න ඉඩ තියෙන රටක නිදහස්ව හිතන පතන මිනිස්සු අතර. එහෙම වෙලත්,බුද්ධ දර්ශනයට, රටට කෙළවීමේ පුරෝගාමියෙක් වන මේ වගේ අපතයෙක්ව ගේ අස්සෙ දා ගන්න තරම් මුන් මුන්ගේ ලොජිකල් තින්කින් සයිඩ් එක ඕෆ් කලේ ඇයි? මුන් විතරක් නෙමේ, මහින්ද ඇතුළු හොර නඩයට කසාද වලට අත්සන් කරන්න ආරාධනා කරන එව්වො, මාගල්කන්දට ජපානෙ බණ කියන්න ආරාධනා කරපු එවුන්, ගිය වසරේ සමන්තබඩ්ඩ නවසීලන්තෙට ගෙන්නගත්ත එවුන් වගේ මෙකී නොකී එවුන් ලොජිකල් තින්කින් සයිඩ් එක ඕෆ් කලේ ඇයි? මම මෙතන කතා කරන්නෙ දුප්පත්කම මෝඩකම හෝ තක්කඩිකම නිසා පන්දම් අල්ලන සෙට්ටෙක නෙමේ, හැම දේම තිබිලත්, දුප්පත්/මෝඩ/තක්කඩි නොවීත් ස්ලේව්ස් බයි දෙයාර් චොයිස් සෙට්ටෙක ගැන. පී එච් ඩී ජෝඩුව නමට බෞද්ධ උනාට ඇත්තටම පට්ට මිත්‍යා දෘෂ්ඨිකයි, නිකම් මිත්‍යා දෘෂ්ඨික නොවේ ටොක්සික් මිත්‍යා දෘෂ්ඨිකයි.   නමුත් මේ දෙන්න හිතන් ඉන්නෙ තමන් පට්ට බෞද්ධ කියල. ඔන්න ඕක තමයි ස්ප්ලිට් පර්සනැලිටි කාලයක් දිගටම නඩත්තු කරනකොට ඒක මානසික රෝගයක් ලෙස ඉස්මතු වෙනවා, තමන් හදාගත්ත බොරැව තමන්ටම ඇත්තක් වෙනවා කියන්නෙ, ඒ බොරැවේ ජීවත් වෙන්න ගන්නවා කියන එකෙන් මම අදහස් කලේ. 


මට හිතෙන හැටියට මේකට එක ලොකු හේතුවක් තමා බුද්ධාගම/බුද්ධ දර්ශනය මගින් මනුස්සයෙක් තුළ බොහෝ දේවල් වලට විශාල තියරිටිකල් සහ ප්‍රැක්ටිකල් ගැප් එකක් නිර්මාණය කිරීම. සරළ  උදාහරණයක් ගත්තොත්  බුද්ධාගමේ මූළිකම හරය වන ඇළීම් ගැටීම් අඩු කරන් සසර කෙටි කර ගැනීම සඳහා තියරිටිකලි කළ යුතු ලිස්ට් එකේ ඉහළින්ම තිබිය යුත්තේ ළමයි නොහැදීම නොවේද? නමුත් ඒක ප්‍රැක්ටිකලි සෑහෙන්න අර්බුදකාරීනෙ, ළමයි නොහැදුවම බෞද්ධ සමාජය චකබ්ලාස් වෙනව, මේක හරියට ගෙට ගියොත් අඹුව නසී- මග හිටියොත් තෝ නසී වගේ ද්විකෝටිකයක්. ඒකයි මම කියන්නෙ බුද්ධ දර්ශනය යාවත්කාළීන කරල ඔතන මැදට ඇවිත් ළමයි හැදීමට ඇත්තටම කැමති (ඒ කැපකිරීම් වලට  ඇත්තටම ලෑස්ති සහ රිසෝසස් තියන) අය වගකීමෙන් තමන්ට දැරිය හැකි ගානට ළමයි හදන්නත්, සෝෂල් ප්‍රෙෂර්/එවෙලෙ විනෝදෙට වගේ ගොබ්බ හේතු වලට ළමයි නොහදන්නත් කියන්න ඕනෙ. මොන හාන්දුරැවොද ළමා අයිතිවාසිකම් ගැන බණ කියන්නෙ? හරියට ආදරය අවධානය දීල මුල් ළමා විය සන්වර්ධනය වෙන විදිහට ළමයි හදන යුතුකම ගැන මහඑවුන්ට බණ කියන්නෙ මොන හාන්දුරැවොද? හැමෝම  බණ කියන්නෙ වැඩිහිටියන්ටම සළකපල්ල කියල, බෞද්ධයන්ට කන්න නැතත් පඩිපෙළ වගේ ළමයි හදල ජාතිය ආගම රකින්න කියන්නෙත් භික්‍ෂූන්ය මේක වෙනස් විය යුතුයි. 





බලන්න ටිකක් උඩ පින්තූරෙ දිහා. මේව ඉහළම ගනයේ ළමා හින්සන. දෙමව්පිය රැකවරණය/ආදරය/පෝෂණය ලැබිය යුතු කුඩා දරැවෙක් අනාත කරල පැවිදි වෙන මේ ජෝඩුව බුද්දාගමේද, ඒවට සපෝට් කරන එවුන් බුද්දාගමේද? වැඳගෙන ඉන්න හැතිකරේ බුද්දාගමේද? රටක් වශයෙන් ලකේපන්කාවේ නීතිය මේ ගැන කරන්නෙ මොකක්ද? මේ ළමයා ලොකු වෙලා මේ සමාජය ගිනි නොතියයිද? ගහලා වදනකල් හොඳටම  කුලප්පු - දරුවෙක් හැදුනාම නිවනට  කුලප්පු (පුර්ණිමා හේරත්) මේ දරැවගෙ මූණ දැක්කම ආව වේදනාවට මම හැම වැඩේම පැත්තකට දාල මේක ලිව්වෙ. අයිය හෙඩ් සාදු, නන්ගියි මස්සිනයි අම්මයි නැන්දම්මයි එතන කළින් මහණ වෙච්ච දෙකකගෙ අම්මලයි තව පවුලෙ නෑයොයි ... පවුල් පන්සල් වෙනව ඇහුවට දැක්කෙ අද. 

බුදු හාමුදුරැවො කිව්වලු තමන්ට වඩා කොළිටිය/මනස උසස් අය ඇසුරැ කරන්න, නැත්නම් තනියම ඉන්න කියල. තමන්ට වඩා උසස් අයත් බෞද්ධයො නම් උනුත් හිතන්නෙ අපි වගේම නම් කවදාවත් අපට කාවවත් උසස් අය ඇසුරැ කරන්න වෙන්නෙ නෑ ඒ තර්කයට අනුව, මොකද අපිට උසස් එකාට අපව පහත් නිසා. සමාජයක හැමෝම තමන්ට වඩා මනස උසස් අය ඇසුරැ කරන්නත් මනස පහත් අය කොන් කරන්නත් මේ අදහස් හේතු වෙනවා, ඒක සමාජයටත් හොඳ නැහැ. මුස්ළිම් සමාජය ඒ ආකාරයට නොහැසිරෙන සමාජයක්. උසස් කෙනා තමන්ට වඩා පහත් කෙනාට අත දිය යුතුය යන අදහසයි ඒ ආගමෙන් ඔළුවට දාන්නෙ. මම දැකල තියෙන එකමුතුම සමාජය මුස්ළිම් සමාජයයි,  (මම අධ්‍යයනය කරේ ඇමරිකාවෙ මුස්ළිම් සමාජය මොකද මම වැඩි කාලයක් ජීවත් වෙලා තියෙන්නෙ ඇමරිකාවෙ නිසා). ඒ ගැන පොතක් ලියන්න පුළුවන් මගේ අත්දැකීම් වලින්. ඒකට සින්හල බෞද්ධ කාළකන්නි, තමන්ගෙ එකාට වළ කැපුවෙ නැත්නම් නින්ද යන්නෙ නෑ, ඒ ගැනත් පොතක් ලියන්න පුළුවන් මගේ අත්දැකීම් වලින්. 

මම දන්න තරමින් ලෝකෙ ප්‍රධාන ආගම් අතරින් ආගම ශක්තිමත් වෙද්දි ඒ ආගම අදහන සමාජය දුර්වල කරන්නේ බුද්ධ දර්ශනය පමණයි (ඉවක් බවක් නැතිව වයස් බේදයක් නැතිව උගත් බුද්ධිමත් එවුන්ගෙන් රටට වැඩක් ගන්නෙ නැතිව පැවිදි කරල හිඟා කන තත්වෙට දාන මේ කිසිම වැඩපිළිවෙලක් නැති මහණවීම් නිසා සහ වෙනත් අසාර්ථක ලක්‍ෂණ නිසා). මම ඒක පැහැදිලි කරන්න උදාහරණයකට මිනිස්සු සියයක් ඉන්න රටක්  උපකල්පනය කරනවා. මේ රටේ බුද්ද දර්ශනය/බුද්දාගම නැගල යනවා. ඒ අනුව වසරක් තුළ මිනිස්සු දහයක් පැවිදි වෙනව. මේ දහයෙන් පහක් විශ්‍රාමිකයන්, පහක් තරැණ උපාධිධාරීන් (දොස්තරල ඉන්ජො වගේ). මුලින් පනස් දෙනෙක් රස්සා කලා. වසර අවසානයේ දැන් රස්සා කරන්නෙ හතලිස් පහයි. මුලින් අත්‍යවශ්‍ය ශ්‍රම බලකායෙ තිහක් හිටිය, දැන් විසි පහයි. මුළින් යැපෙන්නො පනහයි දැන් පනස් පහයි. හොඳ පිරිමි පහක් විවාහාපේක්‍ෂක ගෑනුන්ට අහිමි වෙනවා, සමාජයේ හොඳම ජාන තිබ්බ පස්දෙනෙක්ගෙ ජාන ජීන්පූල් එකට අහිමි වෙනවා. ඒ රටේ ලස්සන ගස් ගල් ටිකක් නිදහසේ භුක්ති විඳීමේ ඉඩ මිනිස්සුන්ට ඇහිරෙනවා. උපයන මිනිස්සුන්ගෙන් (ඒ ගානත් කළින්ට අඩුයි මහණ වූ නිසා) සෑහෙන මුදලක් එක එක ආයෝජන නොවන කොන්ක්‍රීට් ප්‍රොජෙක්ට් වලට හිඟා කනවා. මහණ වෙච්ච දහයම සිල් රකින්නෙ නෑ, එකෙක් දෙන්නෙක් අසහනේ ගහල ළමා අපචාර ත්‍රී සම්මා ඩීල් පොලිටික්ස් බිස්නස් ආදිය කර කර සිවුරට මුවා වෙලා සමාජෙ වනසනවා.  රටට සතුරැ ආක්‍රමණයක් ආවොත් සටනට යන්න කළින් සීයක් හිටියට දැන් අනූවයි (වනවාසීව ඉන්නව නම් ඒ රටට ගහනව කියල දන්නෙත් පස්සෙ). මේක සමාජයකට පට්ටම අවාසි තත්වයක්. ලෝකෙ තේරවාද බෞද්ධ රටවල් කියන්නෙ හිඟනම අපතම රටවල් වෙලා තියෙන්නෙ ඒකයි. (කාම්බෝජය, ලාඕසය, තායිලන්තෙ නම් ගණිකා මඩම් දාල සල්ලි ටිකක් තියේ, ලකේපන්කාව, බුරැමෙ, භූටානෙ, වියට්නාමෙ), ඉතුරැ ඔක්කොම වඩාත් ප්‍රායෝගික සාර්ථක ශක්තිමත් සමාජ හදන ආගම් වලට යට උනා නැත්තම් නිරාගමික උනා යන්තම් ඔය හත තමයි ඉතුරැ දැනට (ඒවල මිනිස්සුත් නමට ආගම අදහන දෙපිටකාට්ටුවො, නැත්තම් ගණිකා සේවයට කප් ගහන, පොල්පොට්ල වගේ ඒකාධිපතියො හදන, හමුදා පාලනය කරන බන්කොළොත් හිඟන අසමත් රාජ්‍ය වෙයිද), ඒකෙන්ම පේනව ආගමේ අසාර්තකත්වය. 

 ගෝසිංග වන අරණට ගිය ඥාතීන් 13 දෙනෙක් එකවර පැවිදි දිවියට (https://www.gossiplankanews.com/2023/08/13-relatives-who-went-to-Arana-Gosinga-entered-the-monastic-life-at-the-same-time.html)

 


කොහොමද වැඩේ? මෙතන හොරේ තමයි මුන්ගෙ නෑයෙක් තමා ඒකෙ ලොක්කා. සින්හල බෞද්ධ  එවුන් තරම් වැඩ කරන්න අකමැති, සැපට නිකන් ඉන්න කැමති, ලේසියෙන් පෝසත් වෙන්න කැමති ජාතියක් තවත් නෑ, උන්ගෙ ආගමත් ඒකටම හරි යන එකක්. දැන් පවුළටම නිකන් ඉඳන් දානෙට තලපත් තෝර මාළු කකා කයියක් ගහන් මැරෙනකම් ආතල් එකේ ඉන්න පුළුවන්. බන්කොළොත් රටේ වැඩ නොකර දුක් නොවිඳ  සැපට ඉන්න හොඳම ක්‍රමේ තමා මේක. ගුඩ් චොයිස්.

බේසිකයො ටිකක් දුර්ලභ එන්ඩමික් ශාකයක මල් කඩල පූජ කරල අපිටත් අනුමෝදනා වෙන්නලු. ලස්සනම දේ තමයි බුදු හාමුදුරැවො කොතැනකවත් තමන්ට මල් පූජා කරන්නවත් කියල නෑ. මුන්ගෙ මරි මෝඩ ඔළු වලට දාල තියෙන්නෙ මල දුර්ලභ වෙන තරමට පින වැඩිය, වෙන වෙන පූජා සයිස් එක/ගාණ වැඩි වෙන කොට පින වැඩිය කියල. කැළෑ වල බඩ ගගා දුර්ලභ ගස් වලට වද නොදී වතුසුදු මල් හතක් පූජ කරත් ඒ පිනම ලැබෙන බව මුන් දන්නෑ නෙමේ අපි තමයි හොඳටම (මල් පූජ) කලේ කියන ඇෆර්මේෂන් එක මුන්ට ඕනෙ.  




මම දන්න තරමින් ලෝකෙ ප්‍රධාන ආගම් අතරින් බුද්ධිමත් මිනිස්සුන්ව ටාගට් කරන්නෙ බුද්ධ දර්ශනය පමණයි . ඕනෑම රටක සමාජයේ බුද්ධිමත් මිනිස් ප්‍රතිශතය ඉතා සුළුයි. ඒ අනුව ඒ මිනිස්සුන්ට තේරෙන, සාමාන්‍ය මිනිසුන්ට සහ මෝඩයන්ට නොගැළපෙන නොතේරෙන හෝ පිළිපදින්න අමාරැ ආගමකට කාලයක් යද්දි ඒ සමාජයේ  සාමාන්‍ය මිනිස්සු සහ මෝඩයෝ තමන්ගේ නැණ පමණින් අර්ථකතන දීගෙන තමන්ට ගළප ගන්නවා. එවිට ඒ ආගම් විශාල ලෙස විකෘති වී පිරිහී   ආගම විකුණා මුදල් කඩා ගන්නා ලාභ සත්කාර ගන්නා සෙට් එකක් බිහි වෙනවා.  අද වෙද්දි ලන්කාවෙ එහෙම ආගම විකුණා මුදල් කඩා ගන්නා ලාභ සත්කාර ගන්නා සෙට් එකක් පහතින්. මතක තියා ගන්න මේ හැමෝටම කලින් විස්තර කල පරිදි විශාල දායකයන් ගණනක් ඉන්නවා ඔයා කැමති උනත් නැතත්.

a. ඇපල් විජේ- ආගම් වාදී ජාති වාදී ගිහි සෙට් එක තමන්ගේ නැණ පමණින් ගළපගත් බුද්දාගම 

b. සමන්ත බඩ්ඩ-දූෂිත දේශපාලක ව්‍යාපාරික කලා නලා ගිහි සෙට් එකේ ප්‍රොපගැන්ඩා මුදලට බාර ගන්නා, ෆාමර් බිස්නස්මන් මනී ලොන්ඩරින් සහ බල්ලො මරල හරි සල්ලි හොයන,  නරැම, ටොක්සික් ගිහි සෙට් එක තමන්ගේ නැණ පමණින් ගළපගත්/තමන්ගේ වාසියට නඩත්තු කරන, ටොක්සික් මනී වර්ෂිපින් බුද්දාගම  

c. සල්ගාදු, ත්‍රී සම්මා, කොටුවේ පොඩ්ඩා- වනචර බුද්දාගම

d. වැළිමඩ සද්දාසීල - misogynist බුද්දාගම

e. මීවනපලානේ et al- Conspiracy theory based fantasy බුද්දාගම

f. සෝම, සුන්පිටියේ අමනරත්න et al- xenophobic බුද්දාගම

g. රාජාන්ගනේ- කුණුහරැප බුද්දාගම

h. රතන, කස්සප et al- ඩීල්  බුද්දාගම

i. නානසාර- Radicalized terrorist  බුද්දාගම

තව සිය ගණනක් ඉන්නවා.

මම දැක්ක රසික ජයකොඩි අහනව අච්චර සිල්වත් සාදුල ඉඳිද්දි සල්ගාදුවම ජපානෙට ගෙන්න ගත්ත ජපානෙ දායකයොන්ගෙ මොළේ හොඳ නැද්ද කියල. කතාව ඇත්ත උනාට ඒකට හේතුව තමා අද වෙද්දි බෞද්දයන්ට තමන් කැමති බුද්දාගම වර්ෂන් අවේලබල් වීම. ජාතිවාදී එවුන් ඇපල් විජේට සෙට් වෙනවා, වළත්ත ගෑනු පිරිමි වළත්ත සාදුල ගෙන්නන් ආතල් ගන්නව, බිස්නස් ඩීල් වලට සමන්ත බඩ්ඩට ටෝක් කරනව, දේශපාලන ඩීල් වලට කීයක් හරි දීල රතන, කස්සප et al ඉස්සරහට දානව ආදී වශයෙන්. ඒ මගින් "බුද්දාගම අදහන" ගමන්ම තමන්ගෙ වැරදි ආකල්පත් විවේචනයකින් තොරව නඩත්තු කරගෙන, ගිල්ට් එකක් නැතිව වැරදි කරන්න පුළුවන්.   

සමාජයේ මෝඩම මිනිහගෙ ඉඳල බුද්ධිමතා දක්වා ස්පෙක්ට්‍රම් එකම ලෝකයේ අති සාර්ථක වෙච්ච ආගම් ටාගට් කරල තියෙනව. ඉස්ලාම් ආගම (සහ දේවවාදී ආගම්) කියන්නෙ උඹල වැරදි කරන්න එපා උඩ දෙවියො බලාගෙන ඉන්නව කියල, ඕනෙ ගොනෙකුට ඒ කොන්සෙප්ට් එක තේරෙනව.  

බුද්ධාගමේ සමහර ආකල්ප සමාජයට ඉතාම හානිකරයි, බෞද්ධ සමාජය භේද කර බෞද්ධ ගැහැණු සහ දරැවන් අගතියට පත් කරයි. අඥේ ඕව බවුද්ද සාහිත්‍යයනේ  අඥේ පඥේ ගගා ෂේප් කර ගන්න හැදුවත් පට්ට ටොක්සික් කොන්සෙප්ට් ළමයෙකුගේ ඔළුවෙ පොඩි කාලෙදිම පැළ කරන්න ටොක්සික් බවුද්ද සාහිත්‍යයට පුළුවන්. වෙස්සන්තර, කුස පබාවතී, සිරිසඟබෝ වගේ කතා හැම බෞද්ධ ළමයෙක්ම පොඩි කාලෙම අහනව බ්‍රේන් වොෂ් වෙනකම්. ඒ වල වීරයො පට්ට මෝඩ ටොක්සික් චරිත, හරියට ගෝටාබය වගේ. වෙස්සන්තර මොන තරම් චාටර්ද? තමන්ගෙ රටේ වටිනාම වස්තුව කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතුව වෙන රටකට දීල තමන්ගෙ රටට කෙළවනව, ඊට පස්සෙ  අම්මගෙ කන්සෙන්ට් එකක් නැතුව ළමයි පිට එකෙක්ට දෙනව, නිකන් එකෙක්ට නෙමේ පට්ට ඇබ්‍යූසර් කෙනෙක්ට ඒ බව පෙනි පනී දෙන්නෙ, ය.කෝ ඔච්චර දන් දෙන්න අමාරැවක් තියේ නම් ජූජක බමුණට බැළ මෙහෙවර කරන්න තමන්ව දන් දීපන්කෝ - නෑ, තමන් ගෑනි ගේන පළවැල කකා කැළේ ආතල් ගන්න ගමන් කිරිසප්පයො දන් දීල තමන් හරි දානපතියය කියල අර ලොන්තයගෙන් ඇෆර්මේෂන් ගන්නයි (පී එච් ඩී ජෝඩුව කරන්නෙත් මේකනේ නේදපිනුත් ගන්නයි. මම කළිනුත් කියල තියෙනව ලන්කාවෙ දෙමව්පියො ළමයින්ට හරිම පහත් ලෙස සළකන එකට එක හේතුවක් මේ වගේ කතා වලින් බ්‍රේන් වොෂ් වීම. කුස ජාතකේ ඊටත් එහා, ගෑනියෙක්ව රවට්ටල කසාද බැඳගෙන ගෘහස්ත හින්සනයට ලක් කරන එක උත්කර්‍ෂයට නoවල. මේවගේ ගොබ්බ කතා එක්කො සන්ශෝධනය වෙන්න ඕනෙ එක්කො භාවිතයෙන් අයින් වෙන්න ඕනෙ. 

ටොක්සික් බෞද්ධ සාහිත්‍යය බ්‍රේන් වොෂ් වෙච්ච එවුන් ඒව තමන්ට/අනුන්ට ගළප ගන්න හැටි ඔබ කොතෙකුත් දැක ඇති, මේ උදාහරණ කීපයක්;

1. තමන්ගෙ නoගි බැඳපු පො.නය ඩිවෝස් එක නොදී (මහණ වෙන්න යන්නෙත් ගෑනිව හිර කරල) මහණ වෙන්න යනව කියල පෝස්ට් එකක් දාපු මනුස්සයෙක්ට ලැබුන උත්තරයක් පහතින්. 

"Praveen Wickramasinghe
ඉස්සෙල්ලාම ඔයා ඒගොල්ලන්ගෙ ප්‍රශ්නයට මැදිහත් නොවී ඉන්ඩකො
ඔයාට මොකද්ද තියන අයිතිය ඒ ප්‍රශ්න වලට එන්ඩ .
මගෙ wife ගෙ ප්‍රශ්න වලට අත දැම්මොත් සහෝදරයෙක් මට ඉස්සෙල්ලාම එයාට තමා කියාදෙන්නෙ අනුන්ගෙ දේවල් හොයන්ඩ එපා කියල ..
ඒ මනුස්සය කසාද බදින්ඩම ඕනී ඇයි එයාහෙ මනුස්සය ගියේ වෙන කෙනෙක් ගන්ඩ නෙවෙයි පැවිදි වෙන්ඩ ඇයි තමන්ගෙ husband වෙනුවෙන් ජීවත් වෙන්ඩ බැරි .
Husband ගිය ගමන් තව කෙනෙක් එක්ක ජීවත් වෙන්ඩ හිත හදාගත්තා මරු
යශෝදාරා දේවිය වෙන මිනිස්සු හොයාගෙන ගියේ නෑ එයා සිද්ධාර්ථ කුමාරය ගිය දවසේ ඉදන් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් උනා
දැන් කියන්ඩ එපා එයා රජ මාලිගාවක කියල
දැන් ගැහැණු අයට ජීවත් වෙන්ඩ පිරිමි ඕනී නෑ තමන්ගෙම කියල රස්සවක් කරගෙන
ජීවත් වෙන්ඩ පුලුවන් අද්‍යාපනය හැම අයිතිවාසිකමක්ම ලැබිලා තියෙන්නෙ"

2. ගැබ්බර බිරිඳ කර් තියාගෙන කිලෝ මීටර් 22ක් ගිය මිනිහව දාල ගෑනි ගිහින් - උරේ පළල ලේ දුන්නත්, කරේ තියාගෙන පාරෙ ගියත්, ගෑනු ගෑනුම තමා- යූ ටියුබ් කාරයෙක්

3. උඩ ළමයගෙ දෙමව්පියො ගැන-
Amali Sureshika
Kumudu Perera කෙනෙක්ට දේවල් තේරුම් යන්නෙ ලබන අත්දැකීම් එක්ක.මට දැනෙන විදියට.😊රාහුල කුමාරයා ඉපදුණා වෙලේ සිදුහත් කුමාරයත් ඔහොම හිතුවනම් අද අපිට බුදු දහමක් නැත.

-to be continued

Wednesday, August 16, 2023

කුමාරවරුන්ගේ සංග්‍රාමය | @BharathaThennakoon 2023.08.16


එළහරකයි මීහරකයි වගේ උනත් මම දැකපු මේ අදහසත් මෙතනම ශෙයාර් කරන්නේ දෙකේ යම් සම්බන්දයක් තියෙන නිසා.


 මම පුද්ගලිකවම දුටු දෙයක් තමා හැමදාම 'රටම කෑවෙ ගමෙන්' කියන එක. මේ රටේ තාමත් බහුතරය ග්‍රාමීය අඩු ආදායම් ලාභී ජනතාව. ඔවුහු ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් ඕනෑම මට්ටමක පාවාදීමකට සූදානම් අය වගේම පහසුවෙන් රැවටිය හැකි ජානගත හීනමානයකින් පෙලෙන්නෝ. මතක විදියට තෝමස් මේට්ලන්ඩ් ආන්ඩුකාරයා වෙන්න ඕනෑ මේ රටෙන් යද්දී කියල ගියේ "සර්වජන චන්ද බලය ලංකාවට දුන්නොත් ලංකාවේ පාලනය පවුල් දෙකතුනක් විසින් කරනු ඇති" කියල. ඒ පරම්පරාවල දරුවෝ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මධ්‍යම පංතියක් හදාගෙන රජයේ පරිපාලන යාන්ත්‍රනයට ඇවිත් කරන්නෙත් එවැනි වැඩම තමා. ඔවුන්ගේ තමා අර ආදර්ශ පාඨය "උගතමනා ශිල්පයමයි මතු රැකෙනා"

පුද්ගලික ලාභ ප්‍රයෝජනය වෙනුවෙන් තමන්ගේ තනතුර අවභාවිතා කිරීම ඔවුන්ට සාමාන්‍ය දෙයක්. එය ඔවුන් පතාගෙන එන දෙයක්. සමස්ථ පරිපාලන ව්‍යුහයම මේ පහත් චර්‍යාවෙන් වෙලාගෙන අදටත් බොහෝ කල්. මේ තත්වයට උඩගෙඩි සපයන ආයතන සංග්‍රහයකුත් සුද්දො යනකොට තෑගි කරල ගියා නොවැ. අපේ කලු සුද්දො තමා ඒකෙන් වැඩිපුරම වැඩ ගත්තෙ මයෙ හිතේ. අපිට ඒ ක්‍රමවේදෙ දීපු රටේ වත් එහෙම පහත් විදියට මහජනතාවට සලකන රාජ්‍ය සේවයක් නෑ.

සුද්දො සැරින් සැරේට පනවන විවිධ බදු ජනතාව විසින් ගනන් නොගෙන ඉන්නකොට ඔවුන් කලේ පරිපාලන යාන්ත්‍රණය තුලට අධික අධිකාරී, මර්ධනකාරී බලයක් ඇතුල් කිරීම. ඒකාලෙ ග්‍රාමසේවක නොහොත් ගම් මුලාදෑනියට ගැමියන්ට දඩුවම් කිරීමේ බලය දීල තිබුන. මුලාදෑනියගෙ ගෙදර දඩුකද තිබුන. දිසාපති සහ උප දිසාපතිට නඩු ඇසීමේ බලය දීල තිබුන. ඒගොල්ලො "හාන්දුරුවරු" උනේ එහෙමයි. සුද්දා අපිට නිදහස දීල ගියාට අපේ රටේ පරිපාලනයේ හිටි කේවට්ටයින්ටඒක මදි වුනා ඔව්හු හරියටම වෙනස් කලේ ආන්ඩු ක්‍රමේ උදෘතයයි තනතුරු වල නම් ටිකයි පමණයි "ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියල".

අදටත් රජයේ ආයතනයකට ගිහිල්ල හරි වැරදි කතාකරන්න මේ රටේ පුරවැසියකුට බෑ. එහෙම කලොත් රාජකාරියට බාධා කිරීම කියල එම පුද්ගලයාව අත්අඩංගුවට ගන්න හැකියාව තියෙනවා. සමස්ත පරිපාලන යාන්ත්‍රනයම රජා සහ වහලා සංස්කෘතියට අනුවයි හැඩ ගැසී තිබෙන්නේ. නාමිකව මේ රටේ උත්තරීතරම පාර්ශවය නිදහස් පුරවැසියා. නමුත් ඒ පුරවැසියාම ඔහුට සේවය සපයන රජයේ ආයතනයකට ගියාම ඔහුට සැලකිලි ලැබෙන්නේ වහලෙකුට වගේ. එන්න එන්නම මේ තත්වය කණගාටුදායකයි. හේතුව තමයි අර මුලින්ම කී ඊනියා උගතුන් පිරි මධ්‍යම පංතිය.

1900 ගණන්වල උපදිසාපති වරයෙක් හැටියට සුද්දා විසින් මේ රටට එවපු "ලෙනාර්ඩ් වුල්ෆ" කියන පුද්ගලයා සුද්දෙක් උනත් උග්‍ර මානව හිතවාදියෙක්. ඔහු විසින් රචිත බැද්දේගම කියන කෘතිය ඔහු මේ රටෙන් ගත් අත්දැකීම් තුලින් ලියූ එකක්. සුද්දා විසින් මේ රටට හදුන්වලා දුන් පරිපාලන නීතිරීති තම වර්ගයාටම එරෙහිව පුද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා රාජ්‍ය සේවකයා විසින් ම්ලේච්ච අයුරින් අවභාවිතා කරන අයුරු. ඔහු ඒ කෘතියෙන් ලොවටම හෙලි කලා. බොහෝ අය ඒ පොත කියවා ඇති. චිත්‍රපටයද නරඹා ඇති. නමුත් එමගින් දී ඇති පනිවිඩය නොහොත් ශ්‍රී ලාංකිකයාට සුද්දෙක් විසින් කියාදුන් පනිවිඩය නොහොත් සංස්කෘතික අතුල් පහර දැනුනා ද සැකයි.

1988 - 89 භීශණ සමය තුළත් මෑතක ගෝල්ෆේස් පිටිය තුල තිබූ අරගලය මර්දනය කිරීමේ ක්‍රියාවලිය තුළත් එකී පරිපාලන යාන්ත්‍රනය තුල තිබූ දුර්දාන්ත ස්වරූපය ජීවමානව ද නැවත දුටිමි.

Pasindu wijewardana

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...