Saturday, August 31, 2019

Zenzele-A letter for my daughter - මා කියැවූ ඉතා විශිෂ්ඨ කෘතියක් (විචාරයේ පළමු කොටස)





පියවරැ සහ මව්වරැ විසින් දියණිවරැන්ට ලියන ජීවන අත්දැකීම් සහ ඔවදන් සහිත ලිපි සෑම ජන කොටසකම සාහිත්‍යයේ පොදු ලක්‍ෂණයක් විය හැකියි. ඒ අතරින් ඉතා විශිෂ්ඨ ලිපි මාලාවක් සහිත මේ කුඩා පොත් පිoච ඔබට හදුන්වා දෙන්නට කැමතියි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ස්නායු ශල්‍ය වෛද්‍යවරියක ලෙස පුහුණුව ලැබූ සිම්බාබ්වේ ජාතික විශේෂඥ වෛද්‍ය ජේ. නොසිපෝ මරයිරේ (J. Nozipo Maraire) නම් අසාමාන්‍ය ලේඛිකාවගේ කුළුඳුල් කෲතිය වන මෙය විචාරක අවධානය ඉතා දැඩිව දිනාගත්තා. අනිකුත් බොහෝ ලිපි/ඔවදන් මගින් දියණියන්ට මතක් කරන්නේ අනුන් වෙනුවෙන් තමාගෙන් ඉටුවිය යුතුයැයි බලෙන් පැටවූ යුතුකම් සහ වගකීම් ලැයිස්තුවක්, විශේෂයෙන්ම දියණියගේ විවාහයේදී දෙන උපදෙස් වලදී. උදාහරණයකට විශාඛාවගේ පියාගේ ඔවදන් දැක්විය හැකියි. නමුත් දියණියගේ පැත්තෙන් මෙම වැඩිහිටියන් සිතුවාද? උදාහරණයකට, ඇය විවාහයට පෙර එහි වගකීම් කන්දරාව දැක බියවී, ඇගේ රෑසපුවේ සහ වෙනත් අඩු ලුහුඬුකම් ගැන තැවෙමින්, නුහුරැ නුපුරැදු පරිසරයක තනි වී, අභියෝග රැසකින් හෙම්බත්වී සිටිනු දුටුවාද? මෙම ලිපි වලට මම ඉතා කැමති ඒවායේ දියණියට යුතුකම් සහ වගකීම් ලැයිස්තු පිටින් දීමක් නොව ඇයට තමාවත් අනුන්වත් ලෝකස්වභාවයත් පෙන්වාදී ඇයව ශක්තිමත් සාර්ථක යහපත් කාන්තාවක් කිරීමට මගපෙන්වීම නිසා. ලේඛිකාවගේ නැන්දම්මා විවාහයට පෙර ඇයට දුන් ඔවදනෙහි සාරය "කාන්තාවක් ඇය කාන්තාවක් වීම ගැන සැමවිටම ආඩම්බර වියයුතුයි, එමෙන්ම තමාව හොඳින් රැකබලාගත යුතුයි" යන්නයි. ඔබට තරැණ වියට පාතබන දියණියක් සිටී නම් මේ පොත කියවීම ඉතා ප්‍රයෝජනවත් වේවි. ඉතාමත් සෞන්දර්‍යාත්වකව ලියැවුනු මෙම කෘතිය පරිවර්ථනයට අසීරැයි. මම පරිවර්ථනයට එතරම් දක්‍ෂ නැති වුනත් ඔබ වෙනුවෙන් මගේ උපරිම හැකියාව යොදවා එහි ඇතැම් සිත් ගත් තැන් ඔබට සිoහල බසින් ඉදිරිපත් කරන්නම්.

"මගේ විවාහ උත්සවයට පෙර, විසිවෙනි වතාවටත් තැති ගැනීමෙන් යුතුව මoගල ඇඳුම හැඳ පැළඳ ගනිද්දී, ඔබේ පියාගේ මව්තුමිය මගේ නිදන කාමරයට සෙමින් ඇතුළු වී දොරගුළුලෑවා. එකල මoගල උත්සව පවත්වනු ලැබුවේ විවාපත්වන කාන්තාවගේ දෙමාපියන්ගේ නිවසෙහි නිසා මම චකෝවා ගමට පැමිණුණේ  විවාහයට දින තුනකට කළින්, ඒ සාම්ප්‍රදායක ලෙස උත්සවයට පෙර පවත්වනු ලබන භෝජන සoග්‍රහයන් සහ නැටුම් ගැයුම් වලට සහභාගී වීමට. ඒ වනවිටත් මම අපහසුවෙන් සිටියේ, නමුත් මේ මොහොතේ මගේ අනාගත නැන්දම්මාගේ ආගමනය කොතරම් බියජනකද යත්  සෙලවීමටවත් බැරි ලෙසට  මම අඩපණ වුනා. ඇය දොර ලඟ සිටගෙන, සැරයටියට වාරැ වී, ඉතා තේජාන්විත හිස්පළඳනාවකින් ඇගේ සුදු කෙස් වැටිය බැඳගෙන, ප්‍රභාමත් මල් වැටුනු ෆ්ලැනල් රාත්‍රී ඇඳුමකින් සැරසී මා දෙස ඇසිපිය නොහෙලා බලාගෙන සිටියා. පුරා මිනිත්තු දෙකක් තිස්සේ ඇගේ මුහුනේ කිසිම හැඟීමක් හෝ සිනාවක් තිබුනේ නෑ. අනතුරැව අමාරැවෙන් මා අසලට පැමිණි ඇය මගේ අත අල්ලාගෙන ඇඳ වෙතට එක්කගෙන ගියා. "එන්න, මගේ දරැවා, මෙහෙන් ඉඳ ගන්න. මට ඔබට පෙන්වන්නට යමක් තිබෙනවා." මගේ හිස කැරකෙන්නට ගත්තා. මේ මොහොත දක්වා ඇයත් මාත් ඇසුරැ කර තිබුනේ ඉතාම අඩුවෙන්. ඇය කුප්‍රකටවී සිටියේ දරදඬු, ඉක්මනින් කේන්තියන, නොසඟවා කේන්තිය තදින් පිටකරන නමුත් පහසුවෙන් කේන්තිය නිවී නොයන වයසක ගැහැනියක ලෙසින්. මේ සුවිශේෂ රාත්‍රියේ මට කිසිම අනපේක්ශිත කරදරයක් අවශ්‍ය කලේ නෑ. මම බියෙන් ගල්වී ගියේ අනිකුත් බොහෝ නැන්දම්මාවරැන් මෙන් ඇයත් මට විශ්වාසය, බැඳීම, දරැපල ආදිය පතා කල ගුරැකමක් හෝ බෙහෙත් පැලෑටි නිස්සාරණයක් දේවියැයි කියා. මා කුමක් කළ යුතුද? මම කෙසේද ගෞරව පූර්වකව නමුත් ස්ථිරසාර ලෙස එවැන්නක් ප්‍රතික්ශේප කරන්නේ, ඇයට මා මහ උද්දච්ච නාගරික කෙල්ලක් යැයි නොසිතෙන පරිදි? මම අසරණ ලෙස ලින්ඩාවත් ලඟපාතක සිටීදැයි විපරම් කලා, ඇය මට මoගල ඇඳුම ඇඳීමට උදව් වීමට පැමිණිය යුතුවයි තිබුනේ, ඒත් සෑම විටකම පාහේ සිදුවුනාක් මෙන් මගේ කුඩා සොහොයුරිය මට අවශ්‍යම වෙලාවේ පෙනනතෙක්මානයකවත් සිටියේ නැහැ. මාව තව තවත් භීතියට සහ පුදුමයට පත් කරමින් මෙම වයස්ගත කාන්තාව ඇයගේ වියපත් වීම නිසාත් හන්දිපත් ඉදිමීම නිසාත් රළුවී ඇදවී තිබුනු ඇඟිලිතුඩු වලින් සෙමින් සෙමින් සහ වේදනාවෙන් නිරාවරණය කලේ වසා සඟවා තිබුනානම් වඩාත් සුදුසුයැයි හැඟෙන  යමක්. මම අපහසුවෙන් අහක බලා ගනිද්දී යන්තමින් නෙත ගැටුනු එය අන්කිසිවක් නොව එල්ලා වැටෙන, විශාල කළු වේලුනු ප්ලම් ගෙඩි මෙන් රැලිවැටී වැහරැණු ඇයගේ ළැමයි. ඒවා ඇගේ ඇට පෑදුනු සිරැරෙහි එල්ලෙමින් තිබුනා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-https://img0.etsystatic.com/000/0/5365982/il_570xN.134008914.jpg (8.31.2019)

"දැන් නම් ඔබට තාරැණ්‍යයේ  සුරෑපීබව මොනවට පිහිටා තිබෙනවා, ඒ නිසා මගේ රැලිවැටුණු පපුව දිහා බැලීමත් ඔබට බියෙන් සලිතවන්නට තරම් කාරණාවක්." ඇය පැවසුවා, තමන් සමගම සිනහසෙමින්. ඒ සිනහව තවත් කැපී පනුනේ ඇගේ මුවෙහි රෝස සහ දුඹුරැ තිත් වැටුනු ඝනකම් විදුරැමස් අතරින් පතර එල්ලෙමින් තිබූ දත් කිහිපයෙන්. ඇයට කෙලස ප්‍රතිචාර දක්වන්නදැයි මට සිතාගත නොහැකියි. ඇය නැවත හඞ අවදි කලා. "නමුත් ඔබ බලා සිටින්න, සෘතුවෙන් සෘතුව ගෙවී යන විට, ඔබේ ඉඟටියත් මහත් වේවි, ඔබේ උකුළත් රවුම් වී සඳමඬල මෙන් පිරී යාවි, ඔබේ ළැමත් පහත්වී හරියට ගහේම ඉදී වේලීගිය පළතුරැ ගෙඩි වගේ වේවි." දැන් ඇයගේ ළැම සම්පූර්ණයෙන්ම මට නිරාවරණය වී තිබෙන නිසා මට අවශ්‍යවුනේ ඇයගේ සිත නොරිදෙන පරිදි අහකබලා ගැනීමට. නමුත් ඇය මගේ සුරත ඇගේ අතින් තදින් ග්‍රහනය කර ගත්තා. එපමණකින් නොනැවතී අනතුරැව ඇය මගේ සුරත ඇගේ රැලිවැටුණු කම්මුල් මත තබා එම රැළි එකින් එක මගේ සුරතින් පිරිමැදීමට සැලැස්වූවා. ඇය මගේ සුරත මෘදු ලෙස අල්ලාගෙන ඇයගේ මුහුණේ සමෙහි රළු බව, ඇහි බැමි කූප වල සිනිඳු බව සහ නළලේ උස් පහත් වූ  තැන් හොඳින් දැනෙන පරිදි  මුළු මුහුණ පුරාම ගෙනගියා. ඒ අතරතුර ඇය මෘදු හඬින් කතා කිරීමට  පටන් ගත්තා. 

"මෙය (රැල්ලක්) ඇතිවුනේ ඔහු උපත ලබද්දී මා හැඬූ කඳුළු වලින්. Here hamuna we! (පුදුමය හඟවන කියමනක්). එය අතිශයින් වේදනාකාරීයි. මහ ගස් දෙබෑකරවන අකුණක් මෙන් වේදනාකාරීයි. එම වේදනාව නිසා මට එකවර හැඬීමටත් සිනාසීමටත් ඕනෑ කලා. මෙන්න මෙතන- මේ රැල්ල ඇති වුනේ ඔහු බහ තෝරන්නට පටන් ගත් විට, අනේ මම සිනාසුනා, හොඳටම සිනාසුනා. එතකොට මෙන්න මෙතන ඇතුලට එබී ගියේ- ඔව් මෙතන- තේරෙනවද එය මොනතරම් ගැඹුරැද කියා. එය ඇතිවුනේ ඔහු ගොවිපලින් සමුගෙන අරගලයට එකතුවුනු වෙලාවේ. අහෝ දෙවියනි, මම ඒගැන සිතා මොනතරම්නම් කරදර වුනාද? ආ..ඒවගේම මෙන්න මේ නැම්ම, එය ඇතිකලේ ඔහුගේ සාර්ථකත්වය මතක් වෙන සෑම සුන්දර මොහොතක් පාසා නැගෙන මදහසින්. එතකොට මෙන්න මේක- අපොයි, එය තාමත් ඇදුම් කනවා, ඒක නිසා හයියෙන් තද කරන්නට එපා- ඒක ඇතිවුනේ උන් ඔහුව හිරේ විලoගුවේ දාපු වෙලාවෙ, එසේ කර නොනැවතී උන් ඔහුට පහරදුන් වෙලාවෙ, ඒමොකද ඔහු අපේ නිදහස වෙනුවෙන් සටන් කල දරැවන් රැකගැනීමට උරදුන් නිසා." ඇය ඟැඹුරැ සුසුමක් හෙළුවා. මම හිතුනේ ඇයට හැඬුම් ආ බව. නමුත් ඇය කලේ දුකෙන් හිස සලා මගේ අත ඇයගේ ලෙදර් මෙන් ඝන, රැලිවැටුනු පපුව මත පරිස්සමට තැබීම පමණයි. 


"මෙන්න මෙතනින් තමයි ඔබේ සැමියාට ඒ හැමදේකටම ශක්තිය ලැබුනේ. ඔහු දනගාමින්  මගේ හැට්ටයේ එල්ලී කිරි ඉල්ලා හඞමින් පැමිණියේ මෙන්න මෙතැනට. මම දරැවන් හය දෙනෙකුට මව්කිරි දී තිබෙනවා, මගේ ආදරණීය දරැවා. ඒ හැමෝම කෑදර සහ හරි ශක්තිවන්තයින්. හ හා." එසේ පවසමින් ඇය ඒවා මෘදු ලෙස පිරිමැද්දා. අනතුරැව මට මහත් අස්වැසීමක් ලබා දෙමින් ඇය මගේ අත මුදාහැර ඇයගේ සිරැර වසා ගැනීමට පටන් ගත්තා.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://img1.etsystatic.com/054/0/5160743/il_570xN.707961523_mru4.jpg (8.31.2019)

"ඔබ වැනි තරැණ දූවරැ අප වැනි කේශාන්තයේ සිට පාදාන්තය දක්වා වැසෙනසේ තදට හිස්පළඳනා ගසා දිග සායවල් ඇඳගත් වයසටගිය උදවිය දෙස බලා හිතනවා අපි හරියට පූජකවරියන් වාගේ අපේ සිරැරැ නිරාවරණය කිරීම මහ පවක් යැයි සිතා එසේ කිරීමට බිය වන බව. නමුත් එය එසේ නොවේ. ඒ මොකද අපි ස්වභාවධර්මයාගේ ස්වභාවය තේරැම් ගත්ත අය. අප සොබාදමත් සමග ඈත ඈත වනන්තරේ දිගු කලක් ජීවත් වුනා. ඇයත් අප වගේම ගැහැනියක්. මගේ රෑසපුව දැන් තියෙන්නේ මෙන්න මෙතැනයි." ඇය එසේ පවසා ඇයගේ මුහුනේ රැළි සහ පපුව දෙසට ඇඟිල්ල දිගු කලා. "මේ සමහර සලකුනු උපන්ලප, අනික්වා හා- හා-  මේ අනිත්වා ජීවිතයේ සලකුනු. මගේ මුහුණ, මේ දැන් තියෙන විදියටම ගත්තාම, හරියට මගේ ජීවිතයේ දුක හා සැප පෙන්වන සිතියමක් වගේ. එය මට බොහොම වටිනවා, හරියටම ඔබේ සිහින් ඉඟ සහ පිරැණු ළමැද ඔබට බොහොම වටිනවා වගේ. මේ සළකුණු මම මගේ පවුල වෙනුවෙන් කල කැපවීම හා දුන් ආදරයේ සoකේතයයි. මෙයින් එක සළකුණක්වත් මගේ නොවේ. ඒවා අයිති බාබා වා ටපිවා, චිපෝ, ෆරායි, ටවෝනා, සහ සියානායිට. මගේ සිරැර ආදරයට කැපවුනු සිරැරක්. ඔබට එය පෙනෙන්නේ වයසට ගිය, වියළි, ජීවගුණයක් නැති දෙයක් ලෙසට උනත් කවදහරි ඔබට වැටහේවි සියලුම ලස්සන දේවල් වලට ඒවාට වෙන්වුනු සෘතුවක් තියෙනබව. හරියට පොතු ගැහුනු රළු පොල් ගෙඩිය එහි ඇතුලේ ඇති මෘදු මස සහ මිහිරි යුෂ රකිනවා වගේ. තාරැණ්‍යයේ සිරැර එයට අයිති සෘතුවේදී උපරිමයෙන් විඳිය යුතුයි. ඒවගේම අස්වනු දරන සිරැරටත් අයිති සෘතුවක් තිබෙනවා, හරියට මගේ සිරැර වගේ. මගේ සිරැර ගස්වල හටගත් ඵල නෙලා පස පෙරළා අස්වනු නෙලා ඒවා එකතු කරගත් එකක්. එක දවසක එය මිහිකතගේ සිරැරට එක් වේවි, අවසාන සදාකාලික සිරැර, කිසිදු හැඩතලයක් හෝ නිම්හිම් නැති, අප සියළු දෙනාටම පෙරලා ආපසු යෑමට සිදුවන... දුවේ, අද රාත්‍රියේ මම ඔබව දැකීමට ආවේ මීට බොහෝ කලකට ඉහත, මගේ මoගල දින රාත්‍රියේ, මගේ නැන්දම්මා මට පැවසූ මේ කථාව ඔබට පැවසීමටයි, එමගින් අප මුතුන් මිත්තන්ගේ නුවණ අප පරම්පරාවේ පිපෙන සෑම නැවුම් මල් කැකුළක් සමගම මෝරා වැඩී එහි අක්මුල් වඩ වඩා ගැඹුරට විහිදී අපේ වදන් කිසිදින මිය නොයනු පිණිසයි." ඇය තම මියපරලොව ගිය නැන්දම්මා සිහි කරද්දී කුරැසය ඇඳ මඳ වේලාවක් නිහඬව සිටියා. ඇය නැවත සිය ඇඳුම් හැඳ පැළඳ ගනිද්දී කොඳුරමින් කතා කලේ වඩාත් උද්‍යෝගීමත්  ආකාරයෙන්.


"මම බියෙන් තැතිගත් මීයකු සේ හිඳගෙන සිටින විට, හරියටම දැන් ඔබ සිටින අයුරින්, මගේ නැන්දම්මා මට පැවසුවා, 'ලඳකගේ සිරැර චන්ඳ්‍රයා මෙන් වෙනස් වෙන දෙයක්, එය පිරිමියකුගේ මෙන් නිශ්චල සහ හැඩිදැඩි එකක් නොවේ. ඇයගේ දුක සහ සතුට විවිධ ආකාර වලින් එයින් පෙන්නුම් කරනවා. සෑම දිනකම ඇගේ ආලෝකයේ ප්‍රභාවත් ඇගේ අභිරහස් ඟැඹුරැ තැන් සහිත සෙවනැළිත් වෙනස් වෙනවා. මහපොලොවට කිට්ටු වුනත් ඇය වඩාත් සමීප දිව්‍යලෝකයට.  ඇය කාලයත් සමග අස්වනු මෙන් වැඩෙනවා, පළතුරැ මෙන් රසවත්ව ඉදෙනවා. ඔබට දරැවන් ලැබුනු පසු මගේ පුතා ඔබ දෙස බලා ඇසුවොත් කොහේද ඔබගේ තාරැණ්‍යයේදී  තිබූ රෑසපුව කියා, මෙම වදන් පවසන්න ඔහුට. ඔබගේ තාරැණ්‍යයේ රෑසපුව ඔබේ තාරැණ්‍යය සමග රැඳී තිබෙන බවත්, ඔබේ පසුකාලීන සිරැර ඔබේ පලදාව සහිත අස්වැන්න බවත්. සොබාදහම දෙස බලන්න. කෙසේද ඇය සෑම සෘතුවකදීම ලස්සනට සැරසෙන්නේ කියා. ගිම්හානයේ ඇය රෝස සහ ළා තැඹිලි පැහැති මල් පුබුදනවා, පීච්, අඹ, සහ දෙහි පලදාවන් සමගින්. ඍතුව ක්‍රමයෙන් සිසිල්වන විට ඇයත් වඩාත් තද පැහැති දුඹුරැ, මෙරෑන්, සහ රන්පැහැ සළුපිළි හැඳපැළඳ ගන්නවා. වැසි සමයේදී ඇය සියොලඟම අළුපැහැ තුෂාරයෙන් සහ කුණාටු සහිත නිල් පැහැයෙන් පොරවගෙන. එබැවින් කාන්තාවක් ඇය කාන්තාවක් වීම ගැන සැමවිටම ආඩම්බර වියයුතුයි, එමෙන්ම තමාව හොඳින් රැකබලාගත යුතුයි.' මේ අප අනුගමනය කරන මූලික සිද්ධාන්තයක්. ඔව්.. වයසට ගිය අපද ඇතුළුව." මෙසේ පවසා ඇය හඬනගා සිනාසුනා. ඇය හඬනoවමින් බිම තැබූ සැරයටියට වාරැවී ආයාසයෙන් නැගිටින අතරතුර මෙසේද පැවසුවා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- http://cdn.shopify.com/s/files/1/2005/1531/products/Afro1_grande.jpeg?v=1504760022 (8.31.2019)

"සුභ රාත්‍රියක් මගේ ආදර දියණිය, ඔබ මගේ පුතාව සතුටින් තබාවි, මම දන්නවා, ඒවගේම ඔබ අපට ආඩම්බර විය හැකි දියණියක් වේවි." මෙසේ පැවසූ ඇය දොරගුළු හැර මගේ ඉටිපන්දමත් රැගෙන කාමරයෙන් පිටවී ගියේ මා ඝනඳුරේ තනිකරමින්. මම වික්ශිප්තවී සිටිවනම බලා සිටියා. ඒ ඇයගේ ලස්සන වදන් වලට වශීවී එමෙන්ම ඒවායේ සඟවුනුු ඟැඹුරැ තේරැමට බියවී .. ඇය මට එසේ ළo වීමට බාධාකල ඇගේ ආඩම්බරය, වත් පිළිවෙත් සහ සම්ප්‍රදායයන් වැනි බාධක සියල්ල බිඳදමා එදා රෑ මා වෙතට පැමිණීම තුලින් ඇය කෙරේ විශාල ගෞරවයක් මා තුල හටගත්තා. ඇය සිය වියපත් සිරැර මට ප්‍රදර්ශනය කලේ සෑම දුක් කම්කටොල්ලක්ම පරයා මිනිස් ආත්මය ජයගන්නා බව පෙන්වාදෙන අභිමානනීය ප්‍රතිමූර්තියක් ලෙසටයි. එදා සිට මම මොනතරම් ප්‍රාර්ථනා කලාද මගේ සිරැරත් කුදුවී රැළිවැටී ගිය දිනෙක.. අප හැමෝටම නිසැකවම උදාවන එවැනි දිනක.. ඇයගේ මෙන් එම ලප කැළැල් හා රැළි මගේ ජීවිතයේ ජයග්‍රහනයන් මගේ සිරැර මත අපූරැවට පින්තාරැ කරන්නේනම් කියා. මමත් කවදාකහෝ වියපත්ව කුදුවී හැඩවැඩ මැකී ගිය දිනක ඇය කලාක් මෙන් එම රැළි ආදරයෙන් පිරිමැද, මාගේ එල්ලාවැටෙන සම් මස් ජීවිතය උපරිමව විඳීම නිසා ලද තේජාන්විත කබායක්සේ අතදරා සිටින්නට ඇත්නම් කොතරම් අගනේද යැයි කියා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://afremov.com/images/product/image_3618.jpeg (8.31.2019) 


Monday, August 26, 2019

මපොගෝ සිoහ සන්ධානය (Mapogo lion coalition)



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://i.pinimg.com/736x/39/0e/b6/390eb68c0e3a 762ba87f4ec62c687b1f--mapogo-lions-blood-brothers.jpg (8/24/2019)

ශ්‍රී ලoකා ජාතික ධජයේ පවා සිoහයෙක් ඉන්න නිසා කුඩා කාලයේ සිටම සිoහයන්ට මම හරිම කැමතියි. කැලේ රජා සිoහයා කියලයි අපිට කියල දීල තියෙන්නේ. මම කුඩා කාලයේ මෙන්ම මෑතක් වෙනකල්ම හිතාගෙන හිටියේ පිරිමි සිoහයා හරිම කම්මැලි, අලස ජීවිතයක් ගත කරනවා කියලා, මොකද බොහෝ වේලාවට දඩයම් කරන්නේ රැළේ (pride) ඉන්න ගැහැනු සතුන් නිසා. ඒ විතරක් නෙමෙයි පැටවුන්ව බලා කියා ගන්නෙත් ගැහැනු සතුන්. සිoහයාට අභියෝග කිරීමට කළේ සිටින අනිත් සත්තු බයයි.  ඉතින් මම හිතුවේ මේ ලෝකේ සැපටම ජීවත් වෙන සතා පිරිමි සිoහයා කියලා. වැඩිදුරටත් හොයල බලද්දී තමයි මට තේරැනේ පිරිමි සිoහයාගේ ජීවිතය සතුන් අතර ඇති ඉතාමත් කටුකම ජීවිතයක් කියලා. මේකට හේතුව පිරිමි සිoහයන් අතර භූමිය සහ සිoහ ධේනුවන් අයිති කර ගැනීමට ඉතා විශාල සහ බිහිසුණු තරඟයක් තිබීමයි. මේ තරඟය කොතරම් තීව්‍රදැයි කියනවානම් කුඩා පිරිමි සිoහයන් යන්තම් ගැටවර වියට පත්වෙනකොටම පියා/පියවරැන් විසින් රැළෙන් පන්නා දමන්නේ ඔවුන් තම නායකත්වයට තර්ජනයක් ලෙස සළකමින්. අනතුරැව මෙම ගැටවර පිරිමි සිoහයන් වැඩිහිටියන් බවට පත්වෙනතුරැ ඉතා දුකසේ තැන තැන යමින් ජීවත්වන (nomadic) ජීවිතයක් ගත කරනවා. ගැටවර පිරිමි සිoහයන් කුළු හරකුන් වැනි ලොකු සතුන් දඩයම් කිරීමට තරම් ශක්තිමත් මදි වගේම ඔවුන්ට දඩයම් උපක්‍රම සහ අත්දැකීම් අඩුයි. ඒ නිසා බොහෝ විට නරක් වූ මළකුණු මත යැපෙන්නට සහ ඇතැම් විට හාමතේ සිටින්නටත් ඔවුන්ට  සිදු වෙනවා. වඩාත්ම නරකම දේ තමයි වැඩිහිටි සිoහයෙක්/සිoහයන් කිහිප දෙනෙක්ගේ අඩවියකට (territory) ඇතුළු වුනොත් දරැණුලෙස පහර කෑමට සිදු වීම. මේ පහරකෑම් වලින් සිදුවන තුවාළ සමහරවිට මාරාන්තික නොවුනත් දුබල ශරීරයක් සහිතව සතුන් දඩයම් කිරීමට අමාරැ නිසා හාමතේ මිය යෑමට පවා පුළුවන්, නැතිනම් හයිනාවන් ඇතුළු සතුරන් අතින් මියයාමට හැකියි. සිoහ ධේනුවන්ගේ අයිතියත් අඩවිය රකින වැඩිහිටි සිoහයා/සිoහයන් කිහිප දෙනාටයි. මේ සියළුම අඩවි මගහරිමින් පිටුවහලුන් ලෙස වසර කීපයක් ජීවත් වීම පහසු කරැණක් නෙමේ. ඔහොම සෑහෙන කට්ටක් කන ගැටවර පිරිමි සිoහයන් අතරින් නොමැරී ඉතුරැ වුන අය පසුව වැඩිහිටියන් බවට පත්වෙනවා. අනතුරැව ඔවුන් කිසියම් අඩවියක් රකින වැඩිහිටි සිoහයා/සිoහයන් කිහිප දෙනාට සටනට අභියෝග කරනවා. මෙහිදී අඩවිය රකින වැඩිහිටි සිoහයා/සිoහයන් කිහිප දෙනාට එක්කෝ අභියෝගය භාරගන සටන් කිරීමට නැතිනම් අඩවිය අතහැර ජීවිතාරක්‍ෂාව පතා පළා යෑමට පුළුවන්. සටනින් අලුත් සිoහයා/සිoහයන් දිනුවොත් අඩවිය සිoහ ධේනුවන්ගේ අයිතියත් සමගම  ඔවුන්ට ලැබෙනවා. ජීවිතාරක්‍ෂාව පතා පළා ගියොත් ගැටවර කාලයේ ජීවත්වූ පරිදි පිටුවහලුන් ලෙස ඉතා දුකසේ තැන තැන යමින් මහළුවිය ගෙවා දැමීමට සිදු වෙනවා. ඉතාම කණගාටුදායක කරැණ නම් මෙම අවස්ථාවේ අලුත් සිoහයා/සිoහයන් අඩවිය අත්පත්කර ගතහොත් පරණ නායකයාට දාව ඉපදුනු සියළුම පැටවුන් අලුත් නායකයන් විසින් සමූළඝාතනය කිරීමයි. මෙම හැසිරීමට හේතු ලෙස තම සතුරාගේ ජාන ඉදිරි පරම්පරාවට යාම වැලැක්වීමත් පැටවුන් සිටින සිoහ ධේනුවන්ගේ හෝමෝනමය වෙනස්කම් නිසා ප්‍රජනනයට ඇති අකමැත්ත පැටවුන් මරා දැමීමෙන් පසු නැතිවීමත් දැක්විය හැකියි. ඉතින් එහෙම බලනකොට  පිරිමි සිoහයාගේ ජීවිතයේ මුල හා අග කාලය ඉතාම ඛේදජනකයි නේද?

ආහාර අහේනියෙන් පෙළෙන මහළු සිoහයෙක් (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-https://i.dailymail.co.uk/i/newpix/2018/05/23/10/4C8C48F700000578-5761375-Photographer_Larry_Anthony_Pannell_said_he_was_deeply_moved_by_s-a-15_1527067143829.jpg (8.25.2019)

සිoහයාගේ ජීවිතය ගැන ඉහත කෙටි හැඳින්වීම කලේ එය මගේ ලිපියේ අරමුණ වන මපොගෝ සිoහ සන්ධානය ගැන තේරැම් ගැනීමට අත්‍යාවශ්‍ය නිසායි. කුඩා පිරිමි සිoහයන් රැළෙන් පන්නා දැමූූ පසු ඇතැම් විට ඉතිරි ජීවිත කාලය පුරාම එක කන්ඩායමක් ලෙස කටයුතු කරනවා. තනිව ජීවත් වෙනවාට වඩා එය ඉතා වාසිදායකයි. බොහෝ විට මෙවැනි කන්ඩායමක සිoහයන් සහෝදරයන්/අර්ධ සහෝදරයන්. මේ විදියට කන්ඩායමක් ලෙස කටයුතු කල සිoහ සහෝදරයන් හය දෙනෙකුගේ එකතුවකිනුයි මපොගෝ සිoහ සන්ධානය බිහි වෙන්නේ. මපොගෝ යනු Zulu ජාතිකයන්ගේ භාෂාවෙන් බිහිසුනු (rogue) යන තේරැම ඇති වචනයක් (වෙනත් වඩා සoකීර්ණ අර්ථදැක්වීම්ද ඇත). සිoහයා යනු ස්වභාවයෙන්ම බිහිසුනු සත්වයකු වුවත් මෑතකාලයේ ජීවත් වූ බිහිසුනුම සිoහයන් ලෙස සැළකෙන්නේ මපොගෝ සොහොයුරන්. කණ්ඩායමේ නායකයා මෙන්ම වැඩිමල්ම සොහොයුරා මකුලු (Makulu/Makhulu). ඉතිරි පස්දෙනාගේ නම් තමයි Rasta, Dreadlocks, Pretty Boy, Kinky Tail (KT) සහ Mr.T. මොවුන්ට වෙනත් නම්ද ඇති නමුත් මෙම නම් වඩාත් ප්‍රකටයි සහ පහසුයි, ඒ නිසා මෙම නම් මමත් පාවිච්චි කරන්නම්. මොවුන් ජීවත් වුනේ දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික උද්‍යානයට (Kruger National Park) අයත් Sabi Sand කළාපයේ. 2006 වසරේදී උතුරැ Sabi Sand කළාපයේ බලය අල්ලාගෙන සිටි සිoහයන් හතර දෙනෙකුට එරෙහිව යුධ ප්‍රකාශ කරන මපොගෝ සොහොයුරන් එම සටනේදී එයින් එක සිoහයෙකු මරා දමන අතර ඉතිරි සිoහයන් තිදෙනා පලා යනවා. මෙය ඔවුන්ගේ පළමු ජයග්‍රහනයයි. අනතුරැව දිගින් දිගටම වෙනත් අඩවි ආක්‍රමනය කළ මපොගෝ සොහොයුරන් අවසානයේ මුළු Sabi Sand කලාපයම දික්විජය කරනවා. අක්කර 170 000ක් විශාල මපොගෝ සොහොයුරන්ගේ බල ප්‍රදේශය වෙනත් සාමාන්‍ය සිoහයන්ගේ බල ප්‍රදේශ වලට වඩා ඉතා විශාලයි. සටන් වලින් සියයකට අධික සිoහයන් ප්‍රමානයක් ඔවුන් විසින් මරා දැමූ බවත් කෲගර් ජාතික උද්‍යානයේ සිoහ ගහනය 40% පමන අඩු වූ බවත් කියැවෙනවා. මේ සටන් වලදී ඉදිරියෙන්ම සිටි Mr.T සොහොයුරන් අතරින් වඩාත්ම නිර්භීත මෙන්ම සාහසිකම ඝාතකයා බව බොහෝ දෙනාගේ මතයයි.
Mr.T (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-https://i.pinimg.com/originals/cc/2f/11/cc2f111ebcc56179bf5ac16bc9737d58.jpg (8.26.2019))

සිoහයන් පමනක් නොව  කෲගර් ජාතික උද්‍යානයේ සිටින අනිකුත් දුර්ලභ සහ වෙනත් සිoහයන් මරා දැමිමට මැලි වන විශාල සතුන් (ජිරාෆ්, රයිනෝසිරස්, හිපපොටේමස් ආදී) මපොගෝ සොයුරන් විසින් නිතර මරා දමා තිබෙනවා. මේ නිසා කෲගර් ජාතික උද්‍යානයේ පාලකයන් මපොගෝ සොයුරන්ගැන එතරම් පැහැදීමකින් නොවෙයි ඉඳලා තියෙන්නේ.

මපොගෝ සොයුරන්ට අවාසනාවන්ත යුගය උදා වුනේ 2010 වසරේදී. මේ වනවිට ඔවුන් තම අඩවිය දෙකට බෙදාගෙන පාලනය කල බව කියැවෙනවා. (ඊට හේතුව ලෙස බොහෝ තැන්වල සඳහන් වන්නේ නායක මකුලු සහ දාමරිකයා වන Mr.T අතර නායකත්වය සඳහා ඇති වූ බල අරගලයක් බවයි). අඩවියේ එක කොටසක් මකුලු, Rasta, Pretty Boy සහ Dreadlocks විසිනුත් අනිත් කොටස KT සහ Mr.T විසිනුත් පාලනය කල මේ කාලයේ මැජින්ගිලේන්ස් (Watchmen යන තේරැම ඇති නමක්) යන නමින් හැඳින්වූ පස් දෙනෙකුගෙන් සමන්විත සිoහයන් කණ්ඩායමක් Mr.T සහ KTට අභියෝග කරනවා. හරියටම 2010 ජූනි 6 වෙනිදා මැජින්ගිලේන්ස්  සිoහයන්ගන් එකෙකු මරා දැමීමට දෙසොහොයුරන්ට හැකි වුනත් එදිනම රාත්‍රියේ ඉතිරි මැජින්ගිලේන්ස් සිoහයන් සිවුදෙනා KTව අතිබිහිසුනු ලෙස මරා දමනවා. KT සහ Mr.T හැමවිටම එකටම සිටි නිසාත් Mr.T සටන් වලදී හැමවිටම පෙරමුණ ගන්නා නිසාත් එදා සටනේදී KTව තනි කිරීම පුදුමයක් බව බොහෝ දෙනාගේ මතයයි. එක කට්ටියක් කියන්නේ එම අවස්ථාවේ Mr.Tට උද්‍යානයේ පාලකයන් විසින් කිසියම් හේතුවකට නින්දයාමට බෙහෙත් විඳ තිබූ නිසා Mr.Tට එවෙලේ හරි සිහිකල්පනාවක් නොතිබූ බවයි. කොහොමවුනත් එම සිදුවීමෙන් පසු Mr.T අනිත් හතරදෙනාට එකතු වෙනවා. ඊලඟ ඛේදවාචකයට ඔවුන් මුහුණපාන්නේ 2010 ජූලි 9 වෙනිදා මැජින්ගිලේන්ස් සිoහයන් මරා දැමීමට පිටත්වූ Rasta නැවත නොපැමිනීම නිසායි. ඔහු අතුරැදහන්වූ අතර මැජින්ගිලේන්ස් සිoහයන් විසින් Rastaව මරාදමන්නට ඇතැයි විශ්වාස කරනවා. 2010 දෙසැම්බර් මාසයේදී Dreadlocks අතුරැදහන් වෙනවා. ඔහුව මිනිසුන් විසින් මරාදමන්නට ඇතැයි විශ්වාස කරනවා. සෙලටි (Selati) සිoහයන් හතරදෙනෙකු විසින්  Mr.Tව බිහිසුනු ආකාරයට මරා දමන්නේ 2012 මාර්තු 16 වැනිදා.මකුලු සහ Pretty Boyමෙන්  අඩවිය අතහැර ජීවිතාරක්‍ෂාව පතා පළා යෑමට පුළුවන්කම තිබුනත් අවසානය දක්වා නිර්භිතව නිර්භිතව සටන්කොට මියයාම Mr.T තෝරාගන්නවා. මකුලු සහ Pretty Boy පිටුවහලුන් ලෙස දුකසේ තැන තැන යමින් තවත් ටික කාලයක් ජීවත් වෙනවා. මකුලුගේ මරණය 2013 වසරේ සිදු වෙනවා. Pretty Boy මියගිය වසර සඳහනක් නැහැ. මෙම පුරාවත සදා සිහිවීම පිණිස අහසේ තරැ හයක් ඔවුන් නමින් නම්කර තිබෙනවා. රජුන් අතර රජුන් ලෙස කිරැළු පැළඳි මපොගෝ සිoහ රජුනි, ඔබේ පුරාවත සදා අමරනීයයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEir3AIzjC-eyRKGcEZcSOmmc8tZF3rnStLVNQyKr6QirJmKsHrtBSj6mGyEGo8T_9F09iwxjTJtvlIWlM2gMlMsLFQz7MFfTs2HbJQmvXBQ-7laWEMR8piQSKujG_YnS6TDDms56-qQkGrs/s1600/14102329_1578282929139849_955700553801775980_n.jpg (8.26.2019)

පහතින් දක්වා ඇත්තේ මපොගෝ සිoහයන්ගේ වීඩියෝ කිහිපයක ලින්ක්.
1. Most savage pack of lion brothers: https://www.youtube.com/watch?v=5yKacMaBxUg
3. Mapogo: The end of the mighty male lions: https://www.youtube.com/watch?v=6oRihvtj29U





Thursday, August 22, 2019

හුස්ම වැටෙන මල් - කාලයකින් බලපු අගනා ටෙලිනාට්‍යයක්




මේ දවස්වල ITN නාලිකාවෙන් විකාශනය වන හුස්ම වැටෙන මල් ටෙලිනාට්‍යය කාලයකින් නරඹන ඉතා අගනා නිර්මානයක්. ඊට දායක වුනු හැමෝටම ප්‍රනාමය! විශේෂයෙන්ම ජයප්‍රකාශ් සිවගුරැනාදන්ගේ නිර්මානාත්මක පරිකල්පනයට.


පාසල් ගිය කාලයේ සාහිත්‍යය පාඩමට විචාර ලිවූ යුගයෙන් පසුව හරිහමන් විචාර ලිවුවේම නැති තරම්. ඇත්තටම මේ blog අඩවිය පටන් ගන්නත් ඒක එක හේතුවක් තමයි. මම මේ විචාරය ලියන්නේ  Episode 39දී, ඒ නිසා සමහර කරැණු ඉදිරියේදී වෙනස් විය හැකියි. සියලුම නලු නිලියන් දක්‍ෂ  ලෙස රඟපානවා, විශේෂයෙන් මල්කාන්ති ජයසිoහ සහ ලූෂන් බුලත්සිoහල ඉතා විශිෂ්ඨ ලෙස රඟපානවා.

හරි දැන් ආපහු ටෙලිනාට්‍යයට යමු. ලාoකීය පවුල් වල ඇතිවන ගැටුම් හා බේදවාචකයන් ඉතා සියුම් හා තාත්විකව මේ ටෙලිනාට්‍යය තුළ දිගහැරෙනවා. මුලින්ම අපි මේ කතාවේ දෙමවුපියන් දිහා බලමු. මධ්‍යම පාන්තික ඔවුන් දෙදෙනාගෙන් පියා රැකියාවක් කරන අතර මව home maker කෙනෙක්. ඔවුන් දෙදෙනාම තම දරැවන්ට (නන්දානි, ඊශානි, හන්සානි) ඉතා ආදරේ නමුත් දරැවන් හදන්නේ දෙවිදියකට. අම්මා (මල්කාන්ති ජයසිoහ) දැඩි නීති දමන, සැරවැර කරන, එතරම් ඉවසීමක් හෝ understanding එකක් නැති කෙනෙක්. අනේ හැබැයි යකෙක් වගේ දරැනු නෑ, මේ අම්මා typical ලාoකීය මධ්‍යම පාන්තික අම්මා කෙනෙක් මට හිතෙන විදියට. තාත්තා  (ලූෂන් බුලත්සිoහල) ඉතා නිවුනු understanding චරිතයක්. මේ වගේ තාත්තලා නම් ලoකාවේ හරි අඩුයි. නන්දානි (ගයනි ගිසන්තිකා) තමයි මේ පවුලේ ලොකු දුව. එයා දෙමවුපියන්ගේ යෝජනාවකින් කැමිල් (සම්පත් ජයවීර) එක්ක විවාහ වුනත් දරැවන් නැති නිසාත් කැමිල්ගේ abusive behavior සහ infidelity නිසාත් අපා දුක් විඳිනවා, නමුත් පිටතට නොපෙන්වා. මෙවැනි පවුල් ඉතා සුළභයි නේද? දෙවැනියා ඊශානි (තිසුරි යුවනිකා) ප්‍රේම සම්බන්දයකින් විවාහ උනත් නොයෙකුත් හේතු නිසා පසුව දික්කසාද වෙනවා, ඒත් මුහුණපෑ ප්‍රශ්න මත මානසික රෝගී තත්වයක්ද කුඩා දියනියක්ද සමග. බාලම දුව හන්සානි (වොල්ගා කල්පනී) අවිවාහක නමුත් තදින් බීමට ඇබ්බැහි වූ රැකී (සරත් කරැනාරත්න) සමග ප්‍රේම සම්බන්දයක් පවත්වනවා දෙමවුපියන්ගේ අකමැත්ත නොසලකා. ඉතින් මේ පවුලේ ඇතිවන විවිධ හැළහැප්පීම් තමයි මේ කතාවේ ගලා යන්නේ. ඊට අමතරව ඊශානිගේ පෙර සැමියා, අවිනාශ් (සාරoග දිසාසේකර), සහ ඔහුගේ දැන් පෙම්වතිය, මල්ශානි (දිනක්‍ෂි ප්‍රියසාද්), මේ කතාවේ සෙසු වැදගත් චරිත.
මේ කතාවේ සියලුම චරිත ඉතා තාතවිකව ලාoකීය සමාජය නියෝජනය කරන නිසා හැම චරිතයක් ගැනම, විශේෂයෙන්ම ඔවුන්ට වැරදුනු තැන් ගැන,  මගේ අදහස් දක්වන්න හිතුවා.

1. දෙමවුපියන්: දරැවන්ට නිවසේ නීති දෙකක් (පියාගේ සහ මවගේ ලෙස) තිබීම ඉතා අහිතකරයි. මේ දෙමවුපියන්ගේ එකඟතාවක් නැතිවීම දරැවන් තුන්දෙනාම අසාර්ථක වැඩිහිටියන් කිරීමට දායක වෙනවා. උදාහරන ලෙස නන්දානි කැමිල් සමග විවාහ වුනේ මවට ඕනෑ නිසා, පියාට ඔහු ගැන පැහැදීමක් නෑ (එක අවස්ථාවක පියා කියනවා බේබදු රැකී කියන දේ කැමිල් කියන දේට වඩා ඔහු විශ්වාස කරන බව. මතක තියාගන්න කැමිල් කියන්නේ සහජාත බෑණා සහ රැකී කියන්නේ non-approved බෑණා. ඒකෙන්ම තේරෙනවා පියාට කැමිල් ගැන ඇති ආකල්පය.) තව උදාහරනයක් තමයි ඊශානිගේ ප්‍රේම සම්බන්දයට පියා ආශීර්වාද කලත් මව දැඩිසේ විරැද්ධ වීම. මෙසේ දෙමවුපියන්ගේ එකඟතාවක් නැතිවීම නිසා දරැවන් confuse වෙනවා වාගේම තමන් කැමති දේට support නොකරන parent ට disrespect කරනවා. මෙම දරැවන් පියා ඉදිරිපිටම මවට ඉතා අකාරැණික ලෙස කතා කරන අවස්ථා ගණනාවක් ඇති නමුත් ඒ කිසිම විටක පියා දරැවන්ව නිවැරදි කරන්නේ නෑ. 

මේ දෙමවුපියන්ගේ ඊලඟ වැරැද්ද තමයි ඉතා වැදගත් තීරන ගැනීමේදී දක්වන අසමත්කම. මේකට දෙමවුපියන්ගේ එකඟතාවක් නැතිවීම සෑහෙන්න බලපාන්න ඇති. ඊශානිගේ අසාර්ථක විවාහයට දෙමවුපියන්ගේ අසමත් තීරණ ගොඩක් බලපෑ බව මම හිතනවා. හරිනම් කලයුතුව තිබුනේ ඊශානිට ආර්තිකව සහ ශ්‍රමයෙන් උදව් කර කොහොමහරි උපාධිය සම්පූර්ණ කරවීම, දරැවා සෑදීමට පමා කරන ලෙස උපදෙස් දීම, අවිනාශ්ට රැකියාවක් ලැබෙනතුරැ ඔවුන්ට හයියක් වීම, කාත් කවුරැවත් නැති අනාථයකු වන අවිනාශ්ට සැමියකුගේ/පියෙකුගේ role model එකක් වීම ආදිය. මම මවගේ දැකපු තවත් වැරැද්දක් තමයි උද්දච්ච බාවය. ඇය අවිනාශ්ට අකමැති නිසා හිත යටින් ප්‍රාර්ථනා කලේම ඒ විවාහය විනාශ වීමයි, එහෙම නැතුව ඒක right track එකට ගැනීම නොවේ. ඒ විවාහය විනාශ වී ගිය පසු මo කිව්වා නේද මුලදීම යැයි කීම  ඒ විවාහය රැකගැනීමට වඩා ඇයට සතුටක් වුනා මොකද එයින් ඇයගේ ego එක satisfied වෙන නිසා. හැබැයි ඒ සතුට තිබුනේ හරිම සුලු කාලයකට. ඊශානිගේ රෝගී වීම, ඊශානිගේ දරැවා අසරණ වීම, අවිනාශ්ට මුදල් හා සාර්ථකත්වය ලැබීම ආදිය නිසා මව තේරැම් ගන්නවා ඇය අතින් වූ වරද, ඒත් එතකොට පමා වැඩියි. ඊශානිගේ අම්මා වගේ ego එක satisfy කරගන්න දුරදිග නොසිතා වැඩ කරන අය ලාoකික සමාජයේ හරිම සුළභයි. මම හිතනවා ඔවුන් මේ මවගේ චරිතයෙන් පාඩමක් ඉගෙන ගනීවි කියා.

උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

2. නන්දානි: නන්දානි වගේ තරැණ කාන්තාවන්ද  ලාoකික සමාජයේ හරිම සුළභයි. මේ වගේ අය  constant abuse වීමේ ප්‍රතිපලයක්. තමන් ගැන අවතක්සේරැ කිරීම, තමුන්ට නැති දේවල් ගැන නිතර දුක් වීම, තමුන්ගේ සාමාජයීය/ආර්ථික හා වෙනත් අවශ්‍යතා වලට සම්පූර්ණයෙන් අනුන් මත යැපීම මිස කිසිදු ආකාරයක ස්වාධීනත්වයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබීම, තම abuser ට ආකර්ශනය වී විචාර බුද්ධියකින් තොරව ජීවත් වීම etc. අවාසනාවකට ලoකාවේ සමාජය මෙවැනි කාන්තාවන්ට හරි කැමතියි සහ හොඳ wife materials ලෙස සලකනවා, මොකද මතුපිටින් බැලුවම මේ අය හරි අහිoසක, නිහඞ, ඕන දේකට ඔලුව පහත් කරන අය නිසා. ඒවුනාට මේ කාන්තාවන් ඉතා අසතුටින් සහ අසහනයෙන් ජීවත්වෙන අය. සමාජයේ යහපැවැත්මට මෙවැනි කාන්තාවන් බාධාවක්, මොකද ඔවුන්ගේ ශාරීරික හා මානසික සෟඛ‍්‍යය ඉතා ඉක්මනට පිරිහී විශාල ව්‍යසනයන්ට පත්විය හැකි නිසා. මේ කතාවේ නන්දානිත් එවැනි ව්‍යසනයක් සිදුකර ගන්නවා. ජීවිතයේ නියම සතුටක් නැති ඔවුන් බොහෝ විට සතුටු දායක ජීවිත ගත කරන, සාමාජයීය/ආර්ථික හා වෙනත්  ආකාර වලින්  ස්වාධීන කාන්තාවන්ට අධිකව ඉරිසියා කරනවා. නන්දානි වගේ කීපදෙනෙක්ම මට සැබෑ ජීවිතයේ හමු වෙලා තියෙනවා.

උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

3. ඊශානි: ඊශානිගේ චරිතයට ගොඩදෙනෙකුගේ අනුකම්පාව ලැබුනු බව පෙනෙනවා. අවිනාශ් සමග හිතුවක්කාර ලෙස විවාහ වී ගෙදරින් ඈත්වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන කුඩා රැකියා දෙකක් කරමින් එවකට රැකියාවක් නැති අවිනාශ්ව සහ කුඩා දියණිය රැකගත් ඇය එක්තරා අවස්ථාවකදී මවගේ උපදෙස් මත අවිනාශ්ව දික්කසාද කරනවා. නමුත් ඇය අවිනාශ්ට තවම ආදරෙයි. මේ සියලු ප්‍රශ්න නිසා ඇය මානසික රෝගී තත්වයට පත් වෙනවා. ඊශානිගේ චරිතයේ ලොකුම දුර්වලකම තමයි තමුන්ට ඇත්තටම ඕනෑ කුමක්ද යන්න නොදැනීම. ඇය අවිනාශ්ට ආදරය කලාද අනුකම්පා කලාද, ඇයට සෙසු දහසක් ප්‍රශ්න අතර දරැවකුත් ඉක්මනටම ඕනෑ  කලාද, අවිනාශ්ටත් කුඩා රැකියාවක් කිරීමට නොකියා රැකියා කීපයක් කරමින් තනිව breaking point එක එනතුරැ දුක් විඳිය යුතුද, අම්මා කියන නිසා දික්කසාද වීම නිවැරදිද, දික්කසාද වී අවිනාශ්ට දිගටම ආදරය කිරීම සුදුසුද, දික්කසාදයට සම්පූර්ණ වරද අම්මා පිට දැමිය හැකිද, එතරම් හොඳ පියෙකු උදව්වට සිටියදී  උපාධිය කඩාකප්පල් කර ගැනීම නිවැරදි තීරණයක්ද? විශේෂයෙන්ම ඊශානි වගේ තරැණ දරැවන්ට බුද්ධිමත් ලෙස දුරදිග බලා නිවැරදි තීරණ ගැනීමට මග පෙන්විමටත් දරැවන්ට තමන් ගැන තේරැම් ගැනීමට (likes, dislikes, strong points, weak points, breaking points, life goals, etc.) අවස්ථාවක් දීමත් දෙමවුපියන් කල යුතුයි. පුoචි උදාහරණයක් කියන්නම්. මම ජීවත් වන ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩක් අම්මලා දරැවන්ට ice cream, tacos එහෙමත් නැත්නම් sandwiches අරන් දෙනකොට එයාලා කැමති විදියට ඒවා පිළියෙල කරගැනීමට ඉඩ දෙනවා. ඒක නිසා සමහර වෙලාවට මේ කුඩා දරැවො order කරන කෑම දිහා බලන්න අමාරැයි එකිනෙකට නොගැලපෙන souses, toppings, flavors etc.  නිසා. සමහරවිට දරැවා ඒ කෑම ආසාවෙන් නොකාවි, නමුත් ඊලඟ වතාවේ ඊට වඩා සාර්ථකව ආහාර ඇනවුම් කරාවි. වැදගත්ම දේ තමයි දරැවාට තමන්ගේ රැචි අරැචි කම් ගැන තේරැම් ගැනීමට අවස්තාවක් ලැබීම. මේක ඉතා කුඩා තීරනයක්. නමුත් විශාල තීරණ ගැනීමේදී තමන් කවුදැයි හරියට තේරැම්ගෙන තිබීම වැදගත්.

උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

ඊශානිගේ මම දැකපු තවත් වැරැදී තමයි උද්දච්ච බාවය, හිතුවක්කාරකම සහ manipulating හැසිරීම. ඊශානිගේ ප්‍රේම සම්බන්දයට මව දැඩිසේ විරැද්ධ වීමට එකට එක කිරීමක් ලෙස කිසිම උදවුවක් ගෙදරින් නොගත් බවයි පෙනෙන්නේ. ඒකෙ ප්‍රතිපලය  ලෙස මුලින් අද්‍යාපනයත් දෙවනුව සැමියාත් තෙවනුව නීරෝගීබාවයත් ඇයට අහිමි වෙනවා.

4. මල්ශානි: මල්ශානිගේ චරිතයට ගොඩදෙනෙකු සෑහෙන්න දොස් පවරනු දුටුවා. එම චෝදනා වලට පිළිතුරැ දීම මගින් මල්ශානිගේ චරිතය විස්තර කිරීමට හිතුවේ ඒ නිසයි.

a. මල්ශානි, අවිනාශ්  සහ ඊශානිගේ පවුල කැඩූ බව- මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. ඊශානි අවිනාශ්ව දික්කසාද කල පසු මානසිකව වැටී හරි රැකියාවක් නැතිව කාත් කවුරැවත් නැතිව සිටි අවිනාශ් සමග සම්බන්ධ වීමම ඇගේ යහපත් බව සහ පරිත්‍යාගය පෙන්වනවා. මොකද ඇය අවිනාශ්ට ආදරය කරන්නේ අවිනාශ්ගේ weakest moment  එකේදී. ලoකාවේ ඇතැම් අය හිතන්නේ දික්කසාදයෙන් පසුවත් පැරණි spouseට අයිතියක් තමුන්ට ඇති බව. නමුත් එය ඉතාම වැරදි අදහසක්. ඊශානිට වගේ තමුන්ගේ පිටුපසින් හයියට සිටින පවුළක් අවිනාශ්ට නැති නිසයි දික්කසාදයෙන් පසු අවිනාශ් ඉක්මනට වෙනත් සම්බන්ධයකට යොමු වෙන්නේ. ඒක ඊශානිගෙ හොඳකම හෝ අවිනාශ්ගෙ නරකක් ලෙස අර්ථ දැක්වීම වැරදියි. තව දෙයක්, මල්ශානි අවිනාශ්ගේ මුදල් නිසා අවිනාශ් සමඟ ඉන්නවා නම් මල්ශානි ඉස්සර වෙලාම කරන්නෙ අවිනාශ්ව කසාද බඳින එක. ඒවගේම දරැවෙක් හදාගන්න එක. ඒ දෙකම නොකිරීම මල්ශානි අවිනාශ්ගේ මුදල් නිසා අවිනාශ් සමඟ නොසිටින බවට සාක්‍ෂි වේ.

b.මල්ශානි අවිනාශ්  සමග living together  සිටීම-  මල්ශානිට අවශ්‍ය වුනේ කාත් කවුරැවත් නැති අනාථයකු වන අවිනාශ්ට සවියක් වීම යැයි මම හිතනවා. පිරිමියකු අවශ්‍ය නම් ඇයට  broken and broke අවිනාශ්ට වඩා හොඳ පිරිමියකු පහසුවෙන්ම හොයා ගන්න තිබුනා. ඇගේ යහපත් බව සහ පරිත්‍යාගය පෙන්වන තවත් අවස්ථාවක් මෙය.

c. මල්ශානි අවිනාශ් හැර යාම- අවිනාශ් සහ ඊශානි අතර දික්කසාදයෙන් පසුවත් පවතින සoකීරණ relationship එක (මෙයට ඊශානිගේ මානසික රෝගයත් එක හේතුවක්) ගැන කළකිරෙණ මල්ශානි අවිනාශ් හැර යාමට තීරණය කරනවා. මෙයට මල්ශානිගේ පියා තදින්ම විරැද්ධ වෙන්නේ "වැඩ වරද්ද ගත්ත ගෑනියෙක්ට" නැවත සාර්ථක ජීවිතයක් ගත කල නොහැකි බව විශ්වාස කරන නිසා. මල්ශානි අවිනාශ් සමග සම්බන්ධ වුනේ ඔවුන් දෙදෙනා අතරට ඊශානි නැවත පැමිනේ යැයි නොසිතු නිසා. මම හිතනවා මල්ශානි ගත්ත තිරණය සාධාරනයි කියා. මොකද අවිනාශ් සහ ඊශානිගේ drama වලට මල්ශානි මැදි විය යුතු නැති නිසාත් අවිනාශ් සහ ඊශානි නැවත එකතු වීමට දැන් තියෙන එකම බාධාව තමන් බව ඇය දන්නා නිසාත්.

 උපුටා ගැනීම- ITN හුස්ම වැටෙන මල් YouTube නාලිකාවෙන් (8/21/2019)

ටිකක් හිතල බලන්න මල්ශානිගෙයි නන්දානිගෙයි වෙනස. නන්දානි වගේ මල්ශානි තමන්ගේ හිතට බොරැ කරන්නේ නෑ ස්වාධීනව ජීවත් වෙන තමුන්ගේ අවශ්‍යතා තේරැම් ගත්ත බුද්ධිමත් (නන්දානි වගේ ප්‍රශ්නය ඔඩු දුවනකම්ම මෙලෝ දෙයක් නොතේරෙන කෙනෙක් නෙමේ) කෙනෙක්. හැබැයි මල්ශානි ඉතා නිර්දය ලෙස ප්‍රේක්ශක විවේචනයට ලක් වී නන්දානි ප්‍රේක්ශක අනුකම්පාවට ලකවූ  බවයි පෙනෙන්නේ. මම කලිනුත් සඳහන් කලා වගේ ලoකාවේ සමාජය කැමති නන්දානි වගේ ගෑනු අයට මිස මල්ශානි වගේ ගෑනු අයට නෙමේ, මොකද මල්ශානිලාව සපත්තුවෙන් පාගන්න අමාරැ නිසා.

අවසාන වශයෙන් ලoකාවේ අපි පොදුවේ කරන වැරදි කීපයක් සඳහන් කිරීමට හිතුනා

1. කසාදයක් bitter වෙනකොට marriage counseling වගේ උපදේශනයකට යොමු නොවීම- අවිනාශ් සහ ඊශානි  ගේ විවාහය කැඩී ගියත් එය පහසුවෙන් වලක්වා ගැනීමට තිබුනා මෙවැනි ප්‍රතිකර්මයකට යොමු උනා නම්. YouTube වල පවා දැන් නොමිලේ ඔබට pre-marital/marriage counseling ලබා ගත හැකියි. විවාහ වීමට පෙර සිටම මේවා නරඹන්න පුලුවන්නම් ඉතා හොඳයි.

2. සම්‍යග් බොරැ- ලoකාවේ මිනිස්සුන් කරන "අනිත් කෙනා upset නොවීම පිනිස" යැයි sugar coating එකක් දමා බොරැ කීම/කිරීම.
a. නන්දානි විවාහයේ ප්‍රශ්න ගැන ඇත්ත නොකීම- අම්මා සහ අනිත් අය සතුටු කිරීමට, නමුත් අවසානයේ බරපතල බේදවාචකයකින් කෙලවර විය.
b. අවිනාශ්, ඊශානි (ඊශානිගේ මානසික රෝගය නිසා) තමන් පස්සෙන් එන බව මල්ශානිට නොකියා වෙන බොරැ කීම- මල්ශානි upset නොකිරීමට, නමුත් අවසානයේ ඒ නිසාම මල්ශානි අවිනාශ් හැර ගියා.
කවදා හෝ බොරැ එලි වී ඇත්තට මුහුණ දීමට සිදු වේ. මෙවැනි බොරැ වලට justification ලෙස "අනිත් කෙනා upset නොවීම පිනිස" යොදාගත්තත් ඇත්ත දැන ගැනීම ඔබේ සමීපතමයන්ගේ පරම අයිතිය මෙන්ම අපේක්ශාවයි. ඔබේ සමීපතමයන්ගේ විශ්වාසය සම්‍යග් බොරැ නිසා පලුදු වේ. ඔබේ සමීපතමයන්ගේ mental capacity එක අවතක්සේරැ නොකරන්න. ඒ නිසා මේ පුරැද්ද නවත්වමු.






සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...