Monday, February 21, 2022

වයස හොඳයි කාලෙ ජයයි මොකද කියන්නේ?

 1. ක්‍රිස්ටි ලෙනාර්ඩ් මහත්තය ගායනා කරන සල්ලිකාර මහත්තයෙක් ටිකිරි ළඳකට කරන ප්‍රපෝසල් සින්දුව කාලයකින් මතක් උනා (https://www.youtube.com/watch?v=Ogl7OYu8cUk). 

2. ඔබ දන්නවද මෙම මෙම වයස හොඳයි කාලෙ ජයයි  ගිතය දෙමළ ගීතයක කාබන් කොපියක් බව? (https://www.youtube.com/watch?v=hKf-AfTEEA4)

3. ඒ වගේම හැත්තෑ ගණන් වල යේසුදාස් මහත්තය ගායනා කරපු Gori thera gaon bada pyara ගීතයත් කාලයකින් මතක් උනා.  මොන තරම් මිහිරි ගායනයක්ද?https://www.youtube.com/watch?v=vejr2_PXVQo

4. Woyaya ගීතය - Woyaya යනු ඝානාවේ Ga භාෂාවෙන් "we are going" යන අදහස යි. 1971දී Ghanian Afro-rock band එකක් වූ "Osibisa" ගායනා කල මේ ගීතය මෑතකදී නව පරම්පරාවේ ගායිකාවක් වන Wiyaala විසිනුත් ගයනවා. පැරණි ගීතයත් අළුත් එකත් හරිම ලස්සනයි. ඒ තරම් සරළ වචන ටිකකින් ඒ තරම් ගැඹුරැ අදහසක් කියල තිබෙන ආකාරය විශ්මය ජනකයි.

Old version- https://www.youtube.com/watch?v=dIGD763mwL4

New version - https://www.youtube.com/watch?v=BwckMpR9V-Q

5. "Sylvia's mother says" - Dr. Hook & the Medicine Show Rock band  නම් විසින් 1972දී ගැයූ මේ ගීතයේ lyrics- Shel Silverstein  නම් ප්‍රකට කලාකරැවාගේ. මේක ටික කලකින් ඉතා ජනප්‍රිය වෙනවා මොකද ගීතය ලස්සනයි, හැඟීම්බරයි. මේ ගීතය තමයි ඔවුන්ගේ පළමු හිට් වුන ගීතය. හැබැයි රසවත්ම කොටස ඒක නොවේ. ඔවුන් පුදුමයට පත් කරමින් මේ ගීතයට පාදක වූ සිල්වියා ඔවුන්ව හමු වෙනවා.  ඒ ගීතයේ කියන සිදුවීම ඇත්තටම සිද්ද උන දෙයක් බව ගායකයාට සිල්වියා කියනවා, ඒ හැඟීම් බර කතාව පහළ ලින්ක් එකේ;

https://www.youtube.com/watch?v=7LXpnNKNxJI

Sylvia Pandolfi and Louisa Pandolfi (Sylvia's mother) tell the story of 'Sylvia’s Mother' by Dr. Hook & the Medicine Show, written by Shel Silverstein. 

https://www.youtube.com/watch?v=qZMUx2CfpXI

 මට අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ ඉහත ගීත සියල්ලම ලස්සනයි වගේම ලෝකයේ හැම සoස්කෘතියක්ම ලස්සනයි, හැම ජන කොටසකම රස විඳින්නට සහ ඉගන ගන්නට ගොඩක් දේ තිබෙනවා. 

ඒ වගේම පහත ගීත චැලෙන්ජ් එකත් කරමුද?

මේව ගැන කියවෙන සින්හල ගීත සඳහන් කරනන පුළුවන්ද?

1. අඳින පළඳින දෙයක් සඳහන් ගීතයක් - ගෙළ වට බැන්දාවූ මුතු පොටේ   

2. ස්ථානයක් සඳහන් ගීතයක් - කිරි වෙහෙරට ඉහළින් දඟ කරන සඳවතී 

3. සතෙක් සඳහන් ගීතයක් - රස ආහර කවලා රන් කූඩුවෙ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවී

4. අoකයක් සඳහන් ගීතයක් - මුතු මාල හතක් ගෙළ වට පලඳන්නම් 

5. පාටක් සඳහන් ගීතයක් - කහවන් ගොයමට රන් දිය වැහැලා 

6. ගෑල්ලමයෙක්ගෙ නමක් සඳහන් ගීතයක් - ටිකිරිමලී පාසල් යන සුදු වැළි පාරේ

7. පිරිමි ලමයෙක්ගෙ නමක් සඳහන් ගීතයක් - මෙහෙම ඒව නෑනෙ, අයිය කියනව මිසක නමින් කතා කරන සිරිතක් නෑනෙ. හැබැයි ලස්සන නම් නෑ පෙනෙන්නේ ගීතයේ එදා සොඳුරැ පිය දසුන් මෙදා සිහිනයකි කසුන් මතක් උනත් අමිළ සැපතකී කියල කියනවා

8. වෘත්තියක් සඳහන් ගීතයක් - මම ටැක්සි කාරයා 

9. සතියේ දවසක් සඳහන් ගීතයක් - මේ ඉරිදා ගිය ඉරිදා වාගෙ නොවන්න


සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...