Wednesday, January 29, 2020

B&W නොහොත් හැට්ටර් - මේ විට්ටර්ගෙ මල්ලී සහ Healthy Communication Tips

B&W නොහොත් හැට්ටර් මේ විට්ටර්ගෙ මල්ලී නමින් බ්ලොග් ලියන සහෘදයා මගේ "පාරමී ගේ ලාoකික ආහාර විවේචනය ගැන ගුණ දොස්" ලිපියට දීර්ඝ විවේචනයක් කොමෙන්ටුවක් ලෙස සඳහන් කර තිබුනා. (මේ ලිපියේ පහළින් එය දක්වා ඇත) අපි අදහස් සන්නිවේදනය කිරීමේදී දක්වන අඩුපාඩු ගැන හැට්ටර්ගේ කොමෙන්ටුව උදාහරණයක් ලෙස අරගෙන මගේ අදහස් ඉදිරිපත් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නට හිතුවා. හැට්ටර්ගෙ අදහස් වලට උත්තරයක් නොවේ මෙය, හැට්ටර්ගේ කොමෙන්ටුවේ ඇති ඝෘනාත්මක සන්නිවේදනය (negative communication) ගැන මගේ අදහසක් පමණි තවදෙයක්, හැට්ටර් විතරක් නෙමේ හුඟක් අය කරන දෙයක් මේ ඝෘනාත්මක සන්නිවේදනය.

බ්ලොග් අඩවියක පමණක් නොවේ සාමාන්‍ය ජීවිතයේදීත් අපට එකිනෙකාගේ අදහස් සමඟ එකඟ වන්නට බැරි අවස්ථා උදාවෙනවා. එවිට සoයමයකින් යුතුව අදහස් හුවමාරැ කරගැනීම ශිෂ්ඨ සම්පන්න සමාජයක මිනිසුන් තුල දකින්නට පුළුවන් සාධනීය ලක්‍ෂණයක්. ශිෂ්ඨ සම්පන්න අදහස් හුවමාරැ කරගැනීමකදී පහත කරැණු හතරෙන් වැළකිය යුතුයි. (වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ලොව පිළිගත් psychologist කෙනෙකු වන Dr. John Gottman විසින් කරන ලද අධ්‍යයන වලිනුයි මේ කරැණු හතර ඝෘනාත්මක සන්නිවේදනයේ "බල කණු හතර" බව හඳුනාගෙන තියෙන්නේ. );

1. Criticism
2. Contempt
3. Defensiveness
4. Withdrawal

මෙතැනදී Criticism කියන්නේ කෙනෙකු විසින් කියන කරන ලද දෙයකට එම සිද්ධිය ගැන ඊට අදාලව කතා කිරීම වෙනුවට අදාළ පුද්ගලයාගේ සමස්ථ පෞරැෂයම සහ චරිතයම ඝාතනය වන පරිදි කතා කිරීමයි. Personal attack හෝ accusations භාවිතා කරනවා.

උදාහරණයක් ගත්තොත් මම මගේ ලිපියේ අතින් කෑම විවේචනය කිරීම, ලාoකික ආහාර වල අධික smell එකක් එන බව කීම නිසා හැට්ටර් මට හීනමානය ඇති බවට කොමෙන්ටුවේ ලිවීම ගත හැකියි. හට්ටර්ට තිබුන එයට මතවාදීව විරැද්ධ වන්න. එය මට ගැටළුවක් නෙමේ. මම පොඩ්ඩක් ඉහත කරැණ පැහැදිලි කරන්නම්. මම පර්‍යේෂකයෙක් ලෙස Bio Safety Level 2 and 3 විද්‍යාගාර වල වැඩ කරන කෙනෙක්. අපගේ රැකියාවේ ස්වභාවය අනුව රෝග කාරක ක්‍ෂුද්‍රජීවීන් සමග වැඩ කිරීමට සිදු වෙනවා, නොයෙකුත් රසායනික ද්‍රව්‍ය සමඟත් වැඩ කිරීමට සිදු වෙනවා. අපි gloves දාගෙන එම වැඩ කලත් අතින් කෑමේදී අවදානම වැඩියි මොකද glove එක compromise වෙච්ච වෙලාවක අතේ තැවරැණු රසායනිකයක්/ක්‍ෂුද්‍රජීවීන් කෑම සමඟ මිශ්‍ර වී ශරීරගත වීමට හැකි නිසා. මෙයට ඇත්තේ ඉතා කුඩා සම්භාවිතාවක් උනත් better to be safe than be sorry. රෝහල් ක්‍ෂේත්‍රයේ වැඩ කරන රෝගීන් සමඟ ගනුදෙණු කරන අය, අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය සමඟ කටයුතු කරන අය අතින් කෑම සුදුසුද? ඊටත් කෑමට පෙර/පසු අත් සේදීමට සින්ක් සහිත තැනකට යාමට වීම නිසා තමන්ගෙ office එකේ සැපට වැඩ/විනෝදාoශ වල යෙදෙමින්ම කෑම කෑමට බෑ. ඒමදිවට කෑම පැයේ ඕපාදූප වලට හවුල් වීමට සිදු වීමත් මම අකමැතිම දෙයක්. අතින් කෑම අනමින් කෑම ඔබට අප්‍රසන්න දර්ශනයක් නොවුනට බොහෝ විදේශිකයින්ට අප්‍රසන්න දර්ශනයක්. එයයි ඇත්ත. මටත් ඒක අප්‍රසන්න දර්ශනයක්. මොනතරම් සබන් දාල කෑමට පසු අත හේදුවත් ලාoකික කෑම නිසා අතේ පිළී ගඳක් ඉතුරැ වෙනවා. කටේත් එහෙමයි. අනිත් අතට සබන් ගාල අත හෝදන්නෙ කීයෙන් කී දෙනාද, අර හැට්ටර්ම කියන විදියට ෆින්ගර් බෝල් එකක් ඉල්ලන් යන්තම් ඉඳුල් හේදුව පමණින් තෙල් ගතිය අයින් වෙන්නේ නෑ, අල්ලන අල්ලන කොම්පියුටරය, මේසය, පුටුවෙ ඒ ඉතුරැ තෙල් රැඳෙනවා. හැට්ටර්ගෙ hygiene ස්ටෑන්ඩඩ් එක එච්චර පල්ලෙහා මට්ටමක තිබුනට අනිත් මිනිස්සු වෙනස්.
//ඇමරිකාවේ ගෙවල් air tight නිසා කෙසේ හෝ හොද්දෙන් එන හුමාලය පවා නිවසින් පිට කිරීමට අවශයි.// එම නිසා තමයි ආහාර වල smell එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ කියල ඔබට හිතුනෙ නැද්ද?
//මේවට සාමාන්‍යයෙන් කියන්නේ 'බයිලා' කියල.// Classic example of personal attack/accusation

හීනමානය සහිත මිනිසුන්ගේ ගතිගුණ කීපයක් සඳහන් කලොත්, අනිත් මිනිසුන්ගේ සුළු හෝ හොඳක් දකින්නට කියන්නට හරිම අකමැති උනත් සුළු හෝ "නොහොඳක්" දැක්කම පැන පැන ඒක උළුප්පා දක්වන්නට හැදීම (හැට්ටර් කවදාවත් එක අකුරක්වත් ටයිප් කරල නෑ මගේ බ්ලොගයේ එක වචනයකින්වත් සුළු ඇගයීමක් කිරීමට, හැබැයි වැරැද්දක් උළුප්පන්න නම් දීර්ඝ කොමෙන්ටු ලියන්න මැලි වෙන්නෙ නෑ), අපහාසාත්මක වාග් ශෛලියක් යොදාගෙන අනිකාව වැට්ටවිමට හැදීම, "වැරැද්දක්" දුටු විට lifting each other up approach වෙනුවට tearing each other apart approach එක අනුව යමින් අනිකා පෑගීම, තමන් සියල්ල දත් යැයි හිතන උද්දච්ච පොර මානසිකත්වය ආදිය.

එතකොට Contempt කියන්නේ වෙනත් මතයක් දරන්නාව මානසිකව අපහරණය කිරීමේ හෝ ඔහුට/ඇයට insult කිරීමේ චේතනාවෙන් සoවාදය මෙහෙයවීමයි. Contempt එකක් හඳුනාගැනීමේ ලක්‍ෂණ හතරක් තිබෙනවා;
1. Insults, name calling (//මේවට සාමාන්‍යයෙන් කියන්නේ 'බයිලා' කියල.//, පිස්සුද හැටිද, කටවහගන්නවා තමුසෙ කව්ද මට කියන්න, බල්ල, බූරැවා, මෝඩයා ආදී )
2. Sarcasm (හැට්ටර්ගෙ ලේඛණ ශෛලියේ ඇති අනුන්ව දෙකයි පණහට දමා කරන උපහාසය, //ඔහොම යං!
ජයවේවා!// )
3. Mockery (sarcastic remark, gesture, insult etc intended to demoralize the recipient (//5 ස්ටාර් එකක උනත් ෆින්ගර් බෝල් එකක් ඉල්ලගන්ඩ පුළුවන්. බය වෙන්ඩ එපා , ලැජ්ජා වෙන්ඩ එපා.//)
4. Negative body language (e.g. rolling eyes, ගැස්සීම, පිප්පීම, පිඹීම ආදී)

Defensiveness කොටස් තුනකට බෙදෙනවා, වගකීම පැහැර හැරීම සාධාරණීකරණය කිරීම (Denying responsibility), ප්‍රති පැමිණිලි කිරීම (cross-complaining),  සහ නිදහසට කරැණු කීම (Making excuses) වශයෙන්.
1. වගකීම පැහැර හැරීම සාධාරණීකරණය කිරීම- මම එහෙම හැසිරැනේ ඒවෙලාවෙ යකා නැගපු නිසා,  
ඒ ලිපියෙ අර වාක්‍යය නොතිබුනානම් මට ඒතරම් තද වෙන්නෙ නෑ, ඒක මගේ වැරැද්දක් නෙමේ අහවලාගෙ වැරැද්දක්, මම කිව්වෙ නෑනෙ මම ඒක කරනවමයි කියල ආදී
2. නිදහසට කරැණු කීම- මම  ඒක දැක්කෙ නෑ, මම කොහොමද එන්නෙ පාර වහලනෙ තිබුනෙ ආදී
3.  ප්‍රති පැමිණිලි කිරීම (here, in one move, you defend and attack) - e.g. X. ඔයා මට ඇහුම්කන් දෙනවද? Y. හොඳයි ඔයත් එහෙනම් මෙන්න මේ ටික අහගන්න.

Withdrawal කියන්නේ ප්‍රතිවාදියාව සම්පූර්ණයෙන් shut down කර දැමීම. මට තමුසෙ කියන දේ අහන්න ඕනෙ නෑ, මේ කතාව මෙතනින් ඉවරයි ආදී ලෙස කීමට හෝ ප්‍රතිවාදියාගේ කොමෙන්ටුව බ්ලොක්/ඩිලීට් කල හැකියි.


සිoහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතලොස්සක් වන බ්ලොග් කරැවන්ට කුඩා ඇගයීමක්හෝ ලබා දීමට හැට්ටර් වගේ අය කාරැණික වන්න. මගේ ලිපි වල හරි වැරැද්ද (ඔබට සාපේක්‍ෂව) මොකක් උනත් සමාජය තුල කතිකාවක් ඇති කරන්නට මම ගන්නා උත්සාහය අගය කරන්න තරම් ඔබට කෙළෙහිගුණයක් තිබීම ඔබට ප්‍රයෝජනවත්. මාව නිර්දය ලෙස විවේචනය කරන්නට ඔබට වේදිකාව හදල දුන්නෙ වෙන කවුරැවත් නෙමේ මමයි. මට ඉතාම පහසුවෙන් ඔබගේ කොමෙන්ටු මකා දමා filter එකක් යොදා අනාගත කොමෙන්ටු මට අවශ්‍ය පරිදි නියාමනය කරන්නට තිබුනා. නමුත් මට ඔබ කියූ පරිදි හිනමානයක් නෑ ප්‍රතිවිරැද්ධ අදහස් මර්ධනය කිරීමට හෝ වරදක් සිදු වූවානම් නිවැරදි කිරීමට. ඇයි අපට බැරි ප්‍රතිවිරැද්ධ අදහස් ලිවීමේදී බ්ලොග් ලිපිය ලියූ කෙනාට යම් අවම ආචාරශීලී බවක්වත් පෙන්වන්න? ප්‍රතිවිරැද්ධ අදහස් ලිවීමේදී "ස්තූතියි ඔබේ ලිපියට, ඒත් මේ කරැණ ගැන මගේ අදහස වෙනස් .." යනුවෙන් පටන් ගැනීමට? අකෘතඥ උද්දච්ච "පොරවල්" දකිනවිට මම හිතන්නේ තම අදහස්ම හරියැයි සිතන, වෙනත් අදහස් ඇති අය සමඟ ආචාරශීලීව සoවාදයකවත් යෙදෙන්නට බැරි ඔවුන් විද්‍යුත් ප්‍රකාශන මාධ්‍යවල හැසිරෙන්නේ මෙහෙම නම් සැබෑ ජීවිතයේ තම පවුලේ අය, අසල්වාසීන්, මිතුරන්, කාර්‍යාල සගයින් සමඟ ගනුදෙනු කරනවා ඇත්තේ කෙසේද කියා. ඔවුන්ගෙන් නිර්දය ලෙස ප්‍රතික්ශේප වීම මගේ යහපත් මානසික තත්වය ගැන මට ලැබුණු තත්ව සහතිකයක්. මට හිතෙන හැටියට සoවාදයක් කියන්නේ ජය පරාජයක් සහිත දෙයක් නොවේ, යම් දෙයක් ගැන තමන් මෙතෙක් නොහිතපු පැත්තක් දිහා බලන්නට විවර කරපු අගනා කවුළුවක්. සoවාද මගින් ඔබේ බුද්ධියේ නිම් වළලු පුළුල් වෙනවා, ඒ සම්බන්ධයෙන් සoවාදය ඇරඹූ පුද්ගලයාට, ඔබ එකඟ වුනත් නැතත්, කෘතඥ සහ ආචාරශීලී විය යුතුයි නේද?. 

හැට්ටර් මේ විට්ටර්ගෙ මල්ලීගේ කොමෙන්ටුව:



ඔබේ මේ ලියවිල්ලට මුලික උනේ පාරමී වන්නිආරච්චි ලියු දෙයක් නේ.
පාරමීම කියන විදියට 'ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක්... සිට ඊළඟ ඡේදය අවසානය දක්වා හොඳින් කියවුවොත් ඔබට තේරේවි ඇය කියන්නට උත්සාහ කරන ප්‍රධානම හේතුව එය කියා.

ඔබ, දශක කීපයකට පෙර ලංකාවෙන් ඇමරිකාවට ගිය ලෙසට ලියන බවක් පෙනේ , ලංකාවේ කාන්තාව අද සිටින්නේ දශක කිපයකට පෙර ලංකාවේ දුෂ්කර පෙදෙසක කාන්තාව සිටි විලසම යයි සිතාගෙන ලියුබවක් පෙනේ. 1980 තරම් ඈත කාලයේදී පවා නාගරික හා අර්ධ නාගරික කාන්තාව ඔබ දැන් කියන තරම් කට්ටක් කෑවේ නැති බව මම දනිමි.

කෙසේ වෙතත්;
ලoකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසගතයක් වෙලා. පොඩ්ඩක් යථාර්ථය දිහා බලන්න..
ඇයි ලංකාවේ විතරක්, ඇමරිකාවේ ඔය වසංගත නැද්ද?

පිරිමින්ගෙ තට්ටෙ පෑදිලා බඩ ඇවිත්, ගෑනුන්ගෙ ස්ථූලතාවය, දෙගොල්ලන්ටම හරිහරියට කොලස්ටරෝල්, ප්‍රෙෂර්, ඩයබටික්, හාට්, හන්දිපත් අමාරැ, අටෝරාසියක් ශාරීරික රෝග සමඟ මානසික අසමතුළිතතා.
ඔබ ග්‍රොසරි ස්ටෝස් එකකට ගියහම හොඳට බලන්ඩ ඇපල් දොඩම් වලට වඩා වෙනස් නේද කියල. ඒ වගේම ඔබ නොදන්නවාට අපේ දකුණු ආසියානු ජීන්ස් වලට ආවේනික හෝ වැළඳීමට ඇමරිකානුවන්ට වඩා වැඩි සම්භාවිතාවයක් තිබෙන රෝග තිබෙනවා. අනිත් එක ඔබ කියූ රෝග බොහොමයක් ඇමරිකාවෙත් බහුලව පවතිනවා.

චීනයේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගැන ඔබ ලියනවා.
නමුත් ඔබ ලංකාවේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගැන නොලියන්නේ අයි?. චීනේ විතරක් නෙවේ අනිත් රටවලින් පැමිණි වැඩිදෙනා වැඩ කරන්නේත් ඔය වාගෙම තමයි.
අතින් කන්නෙත් නෑ (ඔෆිස් වල අතින් කන්න ගියාම අප්‍රසන්නයි, සෞඛ්‍යයට අහිතකරයි, වෙලා යයි, කෑමෙන් පසු අත හරියට නොසෝදා ඔෆිස් එක අපවිත්‍ර කරයි.) මේවට සාමාන්‍යයෙන් කියන්නේ 'බයිලා' කියල. මට කොහෙන්හරි පෙන්වන්න අතින් කෑම සෞඛ්‍යයට අහිතකරයි කියල. කෑමෙන් පසු අත හරියට නොසෝදන වැඩිහිටි අය කොහෙද ඉන්නේ. ඕනෙම රෙස්ටුරන්ට් එකක අත සෝදන්ඩ ක්‍රමයක් තියෙනවා, 5 ස්ටාර් එකක උනත් ෆින්ගර් බෝල් එකක් ඉල්ලගන්ඩ පුළුවන්. බය වෙන්ඩ එපා , ලැජ්ජා වෙන්ඩ එපා.

සැන්විච් එකක් බර්ගර් එකෙක් ගෙනාවම හැන්දෙන් ගරුප්පුවෙන්ද කන්නේ. ප්‍රසන්න අප්‍රසන්න කතාව බොහොම සබ්ජෙක්ටිව්. ඒ වගේම ඒ අය වැසිකිලියට ගිහිං ඇවිත් ඔබ ලඟින් වාඩි උනාම ඔබ දන්නවා මේ කඩදාසියෙන් පිහිදාගෙන ඇවිත් ඉන්නේ කියල. මතක් කරලා බලන්ඩ මුලින්ම ඔබට කඩදාසියෙන් පිහින්ඩ උන දවස. කොහොමද ගෙදර යනකං හිටියේ, මොකක්ද ගෙදර ගිය ගමන්ම කලේ කියල.



ලාoකික අපේ ලන්ච් බොක්ස් එක ඇරියාම දැඩි smell එකක් එනවනෙ, ඒ smell එකට අපි කැමති උනාට බොහෝ රටවල මිනිස්සු හරිම අකමැතියි, ඒ නිසා පිටරටවල පොදු lunch room වල ලාoකික බත් මාලුපිණි කන්න එපා කියල තමයි ඇමරිකාවට ආපු අළුත ලoකාවෙ පරණ උදවියගෙන් උපදෙස් ලැබුනෙ'
එවුන්ගේ හීනමානය ඔබත් එලෙසම වැළඳගෙන.
මම විශ්ව විද්‍යාලයේ, රැකියා ස්ථානයේ හෝ වෙන ඕනෑම තැනකට මගේ බත් එක ගෙනිහින් බොහෝවිට කන්නෙත් අතින්.
මම දවාලට බත් ගෙනියන එක අඩු කලේ එක්කෝ බත් දෙකක් ගෙනියන්ඩ වෙනවා නැත්තන් බාගයක් යුරෝපිය කෑම කන්ඩ වෙනවා. අපේ smelly කෑම වගේම අනිත් උන්ගේත් smelly කෑම තියෙනවා. නමුත් tolerance කියල දෙයක් මේ නවීන සමාජයේ තියෙනවා. හීනමානය - ඒක නැති කරගන්න එක ඔබේ වැඩක්.

ලංකාව දියුණු වෙමින් පවතින රටකි. කුස්සි‍යේ මවළම් එතරම් නවීන නැති උනත් වැඩ කිරීමත් එතරම් අමාරුත් නැත. බොහෝ නිවෙස් වල ගෑස් ලිප් තිබෙන නිසා දැන් කොන්ද කඩාගෙන වළo සෝදන්ඩ අවශ්‍ය නැත. (ඕනෙම නං දර ලීපේ උයාගෙන කොන්ද කඩාගෙන හෝදන එක ඒ අයගේ කැමැත්තක්)
ඔබ කියන විදියට චීනේ හැම නිවසකම (හෝ ඇමරිකාවේ හැම නිවසකම) dish washer ඇත්තෙත් නැත. dish washer එක මිලදී ගත්තත්, එයට, ජලය, විදුලිය සහ ඩිටර්ජන්ට් ගැනීමට තවත් මුදලක් අවශ්‍යයි. (රෙපයාර් අමතක කරමු දැනට)
කුස්සියේ තියෙන ඇති නවීන මෙවලම්... ඔය එක් මෙවලමක් 'සාමාන්‍ය' අමරිකානුවකුගේ මාසේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද, 'හොඳ' පඩියක් ලබන ලංකාවේ කෙනෙක්ගේ පඩියෙන් කොපමණ ප්‍රතිශතයක්ද. අන්න එකත් කියන්ඩ.
මා දන්නා තරමට Fume Hood තිබෙන්නේ ලැබ් වල හා Range Hood තිබෙන්නේ නිවෙස් වලය. ප්‍රශ්නේ ලංකාවේ වගේ නෙවේ ඇමරිකාවේ ගෙවල් air tight නිසා කෙසේ හෝ හොද්දෙන් එන හුමාලය පවා නිවසින් පිට කිරීමට අවශයි. ඇමරිකාවේ බොහොමයක් ගෙවල් ලී වලින් සාදා ඇති නිසා, අපේ වගේ දර ලිප් කෙසේ වෙතත් දර දමන furnace එකක් තිබෙනං ඔබගේ home insurance එක එහි චිමිනිය දිගේ යන හැටිත් බලන්ඩ තිබුනා.

ඔබ නොදන්නවාට, ඕනේ නං baby boomer කෙනෙක් ගෙන් අහල බලන්ඩ, දශක කීපයකට පෙර තෙක් උතුරු ඇමරිකාවේ ආහාරය උනේ අල, මස් සහ ගිම්හාන කාලේදී පමණක් එළවලු. ඔවුන් ආහාරය රසකර ගත්තේ ලුණු හා ගම්මිරිස් වලින් පමණයි. සති අන්තේ පාන් හදනවා මුළු සුමානෙටම.
දැන් නං ඉක්මනට කෑම හදාගන්ඩ රෙඩි මේඩ් දේවල් තියෙනවා. පොඩ්ඩක් බලන්ඩ ඒවායේ ingredient list එක දිහාත්. උදාහරණ වශයෙන් පාන් වලට අවශ්‍ය පිටි, යිස්ට්, ලුණු සහ ජලය පමණයි. කියවන්ඩ පාන් බෑග් එකේ කවරේ තියෙන අමුද්‍රව්‍ය.

ඔය මොනවා උනත් ඔබ ලොකු වැරැද්දක් කරනවා. ඉතාම healthy ආහාර රටා සහිත අප්‍රිකාව ගැන මෙළෝහසරක් දන්නැති අපට ඇමරිකන් ආහාර ක්‍රම ගැන කියමින් ඉතාම healthy ආහාර රටා ගැන නොකියන එක.


ප . ලි : ඇමරිකාව ඉතා විශාල රටක්. එහි සිටින සියලුම දෙනා ඔබ ආශ්‍රය කරන සුළු නියැදිය ලෙසටම වීමේ සම්භාවිතාවය ඉතා කුඩායි. එම නිසා එක්කෝ තව ටිකක් සොයා බලන් නැතුව හිතූ හිතූ පලියට generalize කරන එක වැරදියි. අනික Feminism කියන්නේ කාන්තාව කුස්සියට හිරවෙලා ඉන්න එකට වඩා බොහොම පුළුල් මෙන්ම බලගතු දෙයක්. ඒක අවතක්සේරු කරන්ඩත් එපා. දැන් ඉතින් 'බොහෝ' කෑල්ල ඉස්සරහට දාල මම එහෙමයි කිව්වේ කියල කියන්ඩත් එපා.

ඔහොම යං!
ජයවේවා!










Saturday, January 25, 2020

පාරමී ගේ ලාoකික ආහාර විවේචනය ගැන ගුණ දොස්

පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ "අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි" යන ශීර්‍ෂයෙන් ලියූ ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන පෝස්ටුවක් මුහුණුපොතේ ලොකු කතිකාවක් ඇති කලා. එම පෝස්ටුව මම ගිය සතියේ මගේ බ්ලොග් අඩවියේ පල කලා. https://deepthidonkor.blogspot.com/2020/01/blog-post_19.html එම ලිපියට පක්‍ෂ හා විපක්‍ෂ පිළිතුරැ ලිපි ගණනාවක්ද මුහුණුපොතේ පල වුනා. එයින් එක විවේචනයක් පහතින් දක්වනවා මගේ අදහස් සමඟ;

ඇමරිකාව දියුණුවී ඇත්තේ පාන් කැබැල්ලක් සමග මස් පෙත්තක් කෑමෙන් හා චීනය දියුණුවුනේ නූඩල්ස් පමණක් කා කාලය ඉතිරි කිරීමෙන් යයි සිතන අයට.... (ඕනෑම රටක් දියුණු වීමට හෝ වළට යාමට හේතු අටෝරාසියක් බලපානවා. පාරමී පෙන්නුවේ එක දෙයක් පමණයි. ඒක එකම හේතුව ලෙස ඇය කිසිම තැනක කියා නෑ)
===============================

මේ දිනවල සමාජජාලා තුළ දේශීය කෑම හා පෝෂ්‍යදායි ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම ගැරහීමට හා හාස්‍යයට ලක් කිරීමේ රැල්ලක් මතුවෙමින් එන බව පෙනෙන නිසා අසරණ මිනිසුන් රැවටීමට පෙර ඒ ගැන කතා කල යුතුව ඇත. 
එහෙම රැල්ලක් නම් මම දැක්කෙ නෑ, නමුත් පාරමීගෙ ලිපිය අපගේ ඇස් ඇරවීමට සමත් උන නිසා විශාල ප්‍රතිචාරයක් ලැබුවා, විශේෂයෙන්ම මුලුතැන්ගෙයි වැඩ වලින් හෙම්බත්වු රැකියා කරන, කරන රැකියාව හරියට සහ සාර්ථකව කරන කාන්තාවන්ගෙන්. අනිත් කාරණය තමයි ලoකාවේ කෑම පමණක් නෙමේ රසවත් සහ පෝෂ්‍යදායී, අනිත් රටවල කෑමත් රසවත් සහ පෝෂ්‍යදායී ඒවා තමයි. මෙක්සිකෝවේ මිනිසාට තම ටැකෝ සහ බුරීටෝ තරම් කෑමක් තවත් නැත, ජපන් මිනිසාට සුෂීද නයිජීරියන් මිනිසාට ජොලෝෆ් බත්ද ඉතාලි මිනිසාට පීට්සා සහ පැස්ටාද තරම් වෙන කිසිම කෑමක් රස නැත.

 ලoකාවේ කෑම පෝෂ්‍යදායී වෙන්නෙ ඒවා හදන්න ගන්න අමුද්‍රව්‍ය වල කොලිටිය මත. බෙහෙත් ගහපු පළා වලින් මැල්ලුම්, කැඳ හදන් කනවට වඩා නොකා ඉඳීමයි සුදුසු. ලoකාවෙ පිළිකා, වකුගඩු රෝග, සහ ළමා දියවැඩියාව වසගතයක් වෙලා. පොඩ්ඩක් යථාර්ථය දිහා බලන්න. එක්කෝ මේ කෑම තම ගෙවත්තේම වස විස රහිතව වගා කරන්න. අසරණ මිනිසුන් රවටන්නේ මෙවැනි වස විස එකතුවූ අසමතුළිත ආහාර පෝෂ්‍යදායීයැයි කියමින් කන්නට මිනිසුන්ට උපදෙස් දෙන ලියුම්කරැ වැන්නන් මිස ඒ ගැන ප්‍රශ්න කරන බුද්ධිමත් තරැණ දරැවන් නොවේ.

ලෝකයේ මිනිසුන්ගේ ආයු අපේක්ශාව අනුව ලoකාව  68 වෙනි තැනයි ඉන්නේ.https://statisticstimes.com/demographics/countries-by-life-expectancy.php ඒකත් යන්තම් හතලිහ පනිද්දි ජීවිතයේ ජවය ඉවරයි, පිරිමින්ගෙ තට්ටෙ පෑදිලා බඩ ඇවිත්, ගෑනුන්ගෙ ස්ථූලතාවය, දෙගොල්ලන්ටම හරිහරියට කොලස්ටරෝල්, ප්‍රෙෂර්,  ඩයබටික්, හාට්, හන්දිපත් අමාරැ, අටෝරාසියක් ශාරීරික රෝග සමඟ මානසික අසමතුළිතතා. ඔන්න පෝෂ්‍යදායී, ඉන්දියාවෙන් අරන් ශ්‍රී ලාoකික කරගත්ත විකෘති ආහාර වේලේ (වස විස යහමින් දැමූ තඩි බත් ගුළියක් සමඟ චුට්ටන් එළවලු සහ මස් මාලු ප්‍රමාණයක් යෙදූ ආහාරයක්) ප්‍රතිපලය.

පාසල් ගුරුවරයෙක් තමන්ගේ පන්තියේ ළමයි පීසා හා හොට්ඩෝග් කන අය අත උස්සන්න කියා එය නොකා ඇති දරුවා ගෙන්වා ඒවා දෙමව්පියන් අරන් දෙන්නේ නැද්දැයි පෞද්ගලික කාරනා විමසමින්, fast food දරුවන්ට අරන්දී මේ දරුවා මෙන් නොසාදන්නයැයි සමාජජාලා තුළ මත ගොඩනගයි. (This is not relevant to Parami's post. I don't comment on irrelevant stuff here. Also Parami's post has nothing to do with this. If you don't have anything to attack her, then you build these conspiracy theories to confuse readership) දරුවන්ට චිත්‍ර අඳින්නට කියූ විට අන් දරුවන් සුපර්මෑන්, ස්පයිඩර්මෑන් වැනි කාටුන් චිත්‍ර අඳිනවිට ගෙවත්තක් ඇඳි දරුවා ගෙන්වා ඇයි ඔයාට දෙමව්පියන් tv බලන්න දෙන්නේ නැද්දයි අසමින් දරුවාව අන් ළමුන් ඉදිරියේ අපහසුතාවට පත් කරමින්, සමාජජාලා තුළ දරුවන්ට කාටුන් බලන්න දෙන්න එවිට ඔබේ දරුවන් ගෙවත්තක් වැනි පරිකල්පන ශක්තියක් නැති චිත්‍ර නොඅඳිනු ඇතැයි මත ජනගත කිරීමට උත්සාහ කරයි.(This is not relevnt to Parami's post. I don't comment on irrelevant stuff here) මෙවැනි ආකාරයෙන් මත ගෙඩනගමින් ඔබේ දරුවන්ගේ කායික මානසික නීරෝගීතාව විනාශ කිරීමට උත්සාහදරන්නන්ට විරුද්ධවීමට සමස්ථ දෙමව්පියන්ම එකාවන්ව එකමුතු විය යුතුයි. (Again, not relevant to FOOD, your main topic!)

එතනිනුත් එහාට යමින් ඖෂධීය ගුණයෙන් යුතු කුළුබඩු හා තුනපහ වර්ග යොදා සාදන පෝෂ්‍යදායී දේශීය ආහාර වේල විවේචනය කරන්නේ එය කාලය කා දමන ක්‍රියාවක් බව පවසමිනි. එහි හාස්‍යයජනකම කොටස නම් ඔවුන්ට අනුව ලංකාවට දියුණුවීමට නොහැකිවී ඇත්තේ මෙම දේශීය ආහාර වේල නිසාය. ඔවුන් දියුණු රටවල නම්ද ඈඳා ගනිමින් තමන්ගේ මෙම විකාරරූපී මතය නිවැරැදියැයි කියන්නට උත්සාහ කරයි.

චීනය මේ වනවිට ලොව ආර්ථික බලවතා වෙමින්, මහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් වන විට ලොව දියුණුම රටක් බවට පත්ව ඇත. නමුත් ඒ ලබාගත් දියුණුවේ රහස චීන කාන්තාවන් ලේසියට නූඩල්ස් කා කාලය ඉතුරුකර ගැනීම නොවෙයි. දරුවන්ට ඩිස්නිලන්ත කාටුන් රූප copy කරන්න කියා පීසා හොට්ඩෝග් කන්න දීමෙන් නොවෙයි. චීනයේ දියුණුවේ ප්‍රධාන රහස නම් සිය රට දේ අගය කරන මානව ප්‍රාග්ධනයක් තිබීමයි. ඔවුන් උත්සාහවන්තයි දැඩි කැපවීමෙන් වැඩ කරයි. චීනයේ එකම කෑම නූඩල්ස් නෙමෙයි, එය කන්නේ කම්මැලිකමට ලේසියට බඩපුරවා ගන්නත් නෙමෙයි. බිලියන 1.5කට ආසන්න ජනගහනයක් සිටින චීනය සාම්ප්‍රදායික මෙන්ම, නූතන කෘෂිතාක්ෂනයත් විශාල වශයෙන් භාවිතා කරන රටක්. චීන මිනිසුන් බත්, මස්, මාළු සමග එළවළු වර්ග විශාල ප්‍රමාණයක් ආහාරය ගන්නා අතර නාගරික නොවන බොහෝ දෙනෙක් නිවසට අවශ්‍යය එළවළු පලතුරු ඔවුන්ම වවාගනියි. චීනය දියුණු වුනේ නිෂ්පාදන හා අධ්‍යාපනය ක්ෂේත්‍රයන්ගේ දියුණුව තුළිනුයි. ඒ සඳහා නීරෝගී මානව ප්‍රජාවක් අවශ්‍යයයි එනිසා එරට රජය විසින්ම පෝෂ්‍යදායි ආහාරවේලක් ගැනීමට මිනිසුන් යොමු කරන නවීන තාක්ෂණික ක්‍රමවේදයන්ද භාවිතාකරයි.

බොහොම හොඳ කතිකාවක්. චීනයේ සිට ඇමරිකාවට ආපු මිනිස්සු ගණනාවක් සමඟ මම සමීපව අශ්‍රය  කරල තියෙනවා. ඒ මිනිස්සු ඉතාමත්ම කඩිසරයි, උද්‍යෝගීමත්, සහ කාලය කළමණාකර ගැනීමේ අති දක්‍ෂයින්. ඔවුන්ගේ කෑම වල බත් සහිත ආහාර තිබුනත් ඒවා හදාගන්නට සහ කන්නට පහසුයි, ලොකු කාලයක් වැය වෙන්නෙ නෑ, අතින් කන්නෙත් නෑ (ඔෆිස් වල අතින් කන්න ගියාම අප්‍රසන්නයි, සෞඛ්‍යයට අහිතකරයි, වෙලා යයි, කෑමෙන් පසු අත හරියට නොසෝදා ඔෆිස් එක අපවිත්‍ර කරයි), සීනි අවමයි, කිරි අවමයි, තේ වලට ග්‍රීන් ටී වඩාත් කැමතියි, ඌරැ මස් අධිකව ආහාරයට එකතු කර ගනියි. ඔවුන් ගේ කඩිසර ජීවිතයට සමගාමී ආහාර රටාවක් පවත්වාගෙන යයි. 

චීන මිනිස්සුන්ගේ වැදගත්ම ගුණයක් නම් ගෑනි තනියම උයද්දී අත් පා අකුළගෙන ටී වී බලන පිරිමි වෙනුවට උයන්නට, ළමයි බලන්නට ආදී ගෙදර හැම වැඩකටම සප් එක දෙන පිරිමි සිටීමයි. එවිට ආහාරය මොනතරම් සoකීර්ණ උනත් බිරිඳ හෙම්බත් නොවේ. අනික චීනය දියුණු රටකි. කුස්සි‍යේ මවළම් නවීනය. වැඩ කිරීම පහසුය. කොන්ද කඩාගෙන වළo හේදීම වෙනුවට ගෘහනිය ඒවා dish washer එකට දමා බොත්තමක් එබීම සෑහේ. ලoකාවේ ගෑනුන්ට එවැනි හොඳ කලක් පේනතෙක්මානයක උදා වෙන පාටක් නැත.

ඇමරිකාව ලොව දියුණුම රටක් වුනේ ලොවපුරා සිටින උගතුන් බුද්ධිමතුන් විශාල වශයෙන් ඒකරාශී කරගැනීම තුලිනුයි, එසේ නොමැතිව ඇමරිකානු ජාතික කාන්තාවන් පාන් පෙත්තක් සමග මස් පෙත්තක් කා ඉතුරුකර ගන්නා කාලයෙන් නෙවෙයි. බුද්ධිමත් මිනිසුන් බිහිවීමට පෝෂ්‍යදායි ආහාර ඉතා වැදගත් බව හොඳින් දන්නා ඇමරිකානු රජය අධ්‍යාපනික ආයතන සඳහා ඒ වෙනුවෙන්ම නීතිද සකස්කර තිබෙනව. ඇමරිකාව යනු ලොව ඕනෑම රටක ඕනෑම ආකාරයක ආහාර මිලදී ගැනීමට හැකි තැනක්. ඔවුන් ඒ තුලින් විවිධ රටවල පෝෂ්‍යදායි ආහාර තමන්ගේ ආහාරයට එකතුකර ගන්නව. පීසා, හොට්ඩෝග් වැනි fast food ‍ඇමරිකාවේ සුපිරි කෑම නොවේ. පීසා හට්, මැක්ඩොනල්ඩ් ‍යන්නේ ඉතාමත් දුප්පත්, නිවාස නොමැති යාචකයන් වැනි මිනිසුන් බඩගින්න නිවාගැනීමටයි. ඇමරිකාවේ කාබනික සුපිරි කෑම තිබෙන අවන්හල් ඇත. ඒවා එක් වේලක් $100ට එහා වන අතර එවැනි තැනකින් වේලක් කෑමට ලංකාවේ බොහෝ දෙනෙක්ට තම වැටුපත් මදිවනු ඇත. ඔබ මස් කන්නට කිරි බොන්නට හොයනාවිට ඇමරිකානුවන් පරිසරයත් සෞඛ්‍යයත් ගැන සිතා ඒවා ප්‍රතික්ෂේප කරමින් සිටියි. Silicon Valley, Wall Street, NASA හැදුවේ කම්මැලිකමට පාන්පෙත්තක් කා ඉතුරුකරගත් කාලයෙන් නොවේ.

ඇමරිකාවේ මිනිස්සු ආහාර ගන්නා ආකාරය මෙම ලියුම්කරැට වඩා හොඳට මම දනිමි. ඇමරිකානුවන් ආහාර අධිකව පිසීමට, කුලුබඩු දමා ස්වභාවික රසය වෙනස් කිරීමට, හෝ අනවශ්‍ය ලෙස සoකීර්ණ කිරීමට ඉතාම අකමැතිය. එය පාරමීගේ විස්තරය සමඟ බොහෝ දුරට සමපාත වේ. පාන් හෝ ඕනෑම කාබ් එකක්, මස් හෝ ඕනෑම ප්‍රෝටීනයක්, එළවලු සහ පළතුරැ මගින් විටමින් ලබා ගන්නා සරල ආහාර ලබා ගනී. වන් පොට් මීල්ස් වන ජම්බලායා බත් ආදියද කන නමුත් ඒවා සියල්ලම ඉතා සරළය. ඇමරිකන් පිරිමිද උයන්නට, ළමයි බලන්නට ආදී ගෙදර හැම වැඩකටම සප් එක දෙති. චීනය මෙන්ම කුස්සි‍යේ මවළම් අති නවීනය. වැඩ කිරීම පහසුය. සෞඛ්‍යයට මුල් තැන දෙයි. ලoකාවේ ගෑනු දුම් කකා උයද්දී ඇමරිකාවේ ලිපට ඉහලින් දුම් උරාගන්නා fume hoods සවිකර ඇත. මේ දුමට නිරාවරණය වීම හානිකර බව සොයාගෙන ඇත.  කොන්ද කඩාගෙන වළo හේදීම වෙනුවට ගෘහනිය ඒවා dish washer එකට දමා බොත්තමක් එබීම සෑහේ. ලoකාවේ ගෑනුන්ට එවැනි හොඳ කලක් පේනතෙක්මානයක උදා වෙන පාටක් නැත. 

ඒමදිවාට ඒගැන හැමදාම මේ ඉහුම් පිහුම් යුද්දය කරන ගෑනියෙක් කතාකලොත් එක දවසක්වත් උයා නැති පිරිමි ටිකක් අවි අමෝරාගෙන අර ගැහැනියගේ කට වැසීමට දත කති. මොකද ලoකවේ ගෑනුන්ගේ ඇස් ඇරැණු දාට ලoකවේ ගෑනු මඩවමින් තමන් ෆුල් ෆන් එකක් ගැනීමට තිත තැබෙන බව මෙබඳු පිරිමි දනී.

ඔබේ අලසබව බව හා නූගත්කම සාධාරණීකරණය කරගැනීමට දියුණු රටවල් ගැන ඔබේ මනෝවිකාර සමාජගත කිරීමෙන් වලකින්න. රටක් දියුණු කිරීමට අවශ්‍ය ලේසියට අතට හසුවන කුමන හෝ දෙයක් බඩටදමා කාලය ඉතුරුකර ගැනීම නම් අද ලොව දියුණුම රටවල් විය යුත්තේ සුඩානය වැනි අප්‍රිකානු රටවල්ය. එනිසා මෙවැනි විකෘති අදහස් වලට නොරැවටී ඔබත් බුද්ධිමත්ව සිතා බලන්න.

අප්‍රිකාවට ආදරය කරන, එහි වටිනාකම දන්නා මම ලියුම්කරැගේ වර්ගවාදී ප්‍රකාශය දැඩිව හෙලා දකිමි. ඉතාම healthy ආහාර රටා සහිත අප්‍රිකාව ගැන මෙළෝහසරක් දන්නැති තමන්ද කලු සමක් සහිත නමුත් කලු මිනිසුන්ට ගරහන මානසික රෝගින්ගෙන් මීට වඩා කුමක් බලාපොරොත්තු වෙන්නද?

හැමදාම මේ ඉහුම් පිහුම් යුද්දය කරන ගෑනියෙක් කතාකලොත් එක දවසක්වත් උයා නැති පිරිමි ටිකක් අවි අමෝරාගෙන, නිකමටවත් අර ගැහැනිය වේදනාවෙන් කෑගසා කියන දෙයට සහකම්පාවක් නොදක්වා, ඇය අළස යැයිද නූගත් යැයිද එතැනින් නොනැවතී ඇය විදේශීය කුමන්ත්‍රණකාරියකයැයිද අවලාද නගති. ඉහුම් පිහුම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් වෙනස් වෙනවාට හරිම අකමැති මේ පිරිමි උදවිය සම්ප්‍රදායිකව එන තමන් විසින් තම ගෙවල් සෑදීම හලා බාස්වරැ දම්මා ගෙවල් හදන්නේ ඇයි? සම්ප්‍රදායිකව එන පවුල රක්‍ෂා කිරීම හලා ගෑනුන්ව රැකියාවට යවන්නේ ඇයි? එසේ රැකියාවට යවන ගෑනුන්ට ගෙදර වැඩත් තනිවම අදින්න දී හොද්දට ලුණු ටිකක් වැඩිනම් පහර දෙන්නටද පසුබට නොවන මෙබඳු පිරිමින් ගැන ඇතිවන්නේ කණගාටුවකි.

Sunday, January 19, 2020

අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි....පාරමී වන්නිආරච්චි

පාරමී වන්නිආරච්චි මුහුණුපොතේ ලියූ පෝස්ටුවක් දුටු විට කාලයකට පෙර විපාගෙ අඩවිය ලියන විපුලගෙ කොමෙන්ටුවක් මතක් උනා, ලoකාවේ අපගේ සoකීරණ ආහාර පුරැදු ගැන. මේ අතරතුර මුහුණුපොතේ ලඟදි පෝස්ටුවක් දැක්කා මහලු නිවාසයකට දානය ලබා දෙන්න කල ඉල්ලීමක්. දානෙ වේලවල් මෙසේයි. උදේ තේ වේළ, උදේ කෑම වේළ, දහයට තේ වේළ, දවල් කෑම වේළ, හවස තේ වේළ, හවස පහට සුප් වේළ, රෑ කෑම වේළ. ව්‍යායාමයක නොයෙදෙන මහලු මිනිසුන්ට මේ තරම් ආහාර ප්‍රමාණයක්  දීම සුදුසුද, ඔය තේ වේළ වල තේකට සීනි හැඳි දෙකක් දැම්මොත් තේ වේළ වලින්ම මොන තරම් සීනි තොගයක් ඇඟට යනවද? අනිත් එක ප්‍රධාන වේළ වලට බත් වගේ බර ආහාර සුදුසුද? එම දැන්වීමත් පාරමීගෙ පෝස්ටුව ගැන ගැඹුරින් හිතන්නට මාව යොමු කලා.

පාරමීගෙ පෝස්ටුව පහතින්;

ඇමරිකන් ජාතිකයින් තම ආහාර වේලට පාන් පෙති දෙකක් මස් පෙත්තක් එළවලු සලාදයක් හා පළතුරු යුශ වීදුරුවක් ලබා ගනිති.ජපන් ජාතිකයින් සුදු බත් ගුලියක් රාබු අච්චාරු ස්වල්පයක් හා මාළු පෙත්තකින් සැනසෙති.චීන ජාතිකයින් නූඩ්ල්ස් අනුභව කරති.
මේ සියලු රටවල් අතිශය දියුණු රටවල් වෙති.

ලංකාවේ වේලක් ඉවීම දෙවනි ලෝක යුද්ධය සිහිපත් කෙරෙන රාජකාරියකි.හාල් කඩයට දිව ගොස් හාල් ගෙනෙන ගෘහණියෝ ඒවා සෝදති ගරති ලිපේ තියා පිස ගනිති.
පොළේ ගොස් ගෙනෙන එළවලු ලේසියකට උයන්නට බැරිය.පොල් ගා කිරි මිරිකා තුනපහ මිරිස් යොදා මදි හරියට තෙම්පරාදු කර ඉවිය යුතුය.නැත්නම් කන උන්දලාගේ හිත හොඳ නැත.
කිරට එකක් තෙලට එකක් මිරිසට එකක් යනාදියෙන් අපේ ආහාර වේල පිරිපුන්ය පොහොසත්ය.අම්මෝ හරි රසය.කාගෙන කාගෙන යා හැක.
වේල පිළියල කරන්නට කාලයත් ඒ අයුරින්ම කත හැක.
උදේ හයට ගෙදරින් පිටවෙන සැමියාට බත් මුල සකසා දෙන්නට බිරින්දෑවෝ උදේ හතරට ඇහැරෙති.නැතුව බැරිය.එළවළු මාළු උයන්නට වෙලා මදිය.
කලින්දා රෑවේල තෙලට කිරට මිරිසට උයා තෙල් දැලිබැඳුනු වළං හෝදා රෑ එකොළහට දොළහට නිදාගත් බිරින්දෑ පහුවදා උදේ හතරට නැගිට වේල පිළියල කරන්නෝය.ඒ අතර නින්ද මඳිකමින් රෝගී වන්නෝය.අටෝරාසියක් හට්ටි මුට්ටි හෝදා අතපය රුදා හදා ගනිති.
වේලක් උයා කෑ පසු ඒ ඒ බාජන හට්ටි මුට්ටි හේදීමත් ලේසි නැත.එකක් තෙල්‍ ය අනෙකේ කිරිය තවකෙක දැළිය හොදිය.කුස්සිය පුරා පොල් කුඩුය ළූණු පොතුය.ඔය ඔක්කෝම එක වේලක හපන්කම්‍ ය.

විදේශික දරුවන් පුටුවක වාඩි වී අල ගෙඩියක් මස් කැබැල්ලක් කැරට් අලයක් බටර් තැවරූ පාන් පෙත්තක් සමඟ පළතුරක් අපූරුවට වදයක් නැතුව තනිව කති.
ලාංකික දරුවන්ගේ අම්මලා පැය ගනන් ගතකොට කිරට තෙලට උයා බත් සමඟ අනා පොඩි කර චුරුප්පන් කර පස්සෙන් දුවමින් පොඩි එකාගේ කට ඇතුලට එබීමට වෙර දරති.බත් අප්පිරියා පොඩි එකා පසු නොබලා දුවයි."අනේ අපේ එක්කෙනා බත් කන්නෙම නැ"අම්මලා නාහෙන් අඬයි.
විදේශික කුඩා ළමුන්ට පවා තමන්ගේ සරල ආහාර වේල පිළියල කර ගත හැකි වෙද්දී ලාංකික දරුවෝ අම්මා ලෙඩවූ දාට බඩගින්නේ හිදිති.නැත්නම් කඩෙන් කති.අපේ වේල හැදීම ඒ තරම් සංකීර්ණ කාර්‍යයකි.කුඩා උන්ට තියා සමහර වැඩුණු උන්ටද නොකල හැකි කාර්‍ය්‍යයකි.
පිටරට කාර්‍යාලවල සේවය කරන්නන් වැඩ අතර තුරේදීම මස් හා එළවළු යෙදූ පාන් පෙත්තක් කා පළතුරු යුශ වීදුරුවක් බොයි.ඒ ඔවුන්ගේ දිවා ආහාරයයි.
හපොයි ලංකාවේ එහෙම බැරිය.ඒ කෑම එහෙම ලේසියකට කන්නට බැරිය.කන්න කලින් විනාඩි දහයක් අත් හේදිය යුතුය.බත් මුල දිග ඇරගෙන මාළු කටු තෝරමින් කරපිංචා අහක් කරමින් කන්නට පැය බාගයක්වත් ගතවේ.කා බී අවසානයේ අතකට හෝදන්නටද ලේසියකට බැරිය.හොඳි මාලු නියපොතු අස්සේ පවා නැංගුරම් ලාගෙන ඇත්තෝය.
ඉතින් ඔයින් මෙයින් කාර්‍ය්යාල වල කෑමට උදේට දවල්ට පැය දෙකක් වත් දිය යුතුය.
බත් සමඟ හරි හරියට කාලයද කන්නෝය.

ලාංකිකයන්ගේ මසක පඩියෙන් වැඩි කොටස වියදම් වෙන්නේ කෑමටය.ලේසි නැත.කීයක් ගත යුතුද.හාල් පොල් එළවළු මාළු වලින් නොනැවතී තුනපහ කහ මිරිස් කුරුදු රම්පෙ කරපිංචා සිට ගොරකා සියඹලා දක්වා ගත යුතුය.එකත් පොඩ්ඩක් බැරිය.බඩ පැලෙන්නට කන්නට බත් කන්දක් හා හායි හූයි ගාන්නට හොදි ගඟක් තිව යුතුය.
නැත්නම් බඩට කෙසේ වෙතත් හිතට මදිය.

වැඩියෙන් බත් කා අඩුවෙන් එළවළු කා ලෙඩ්ඩු වෙන්නටද ලාංකිකයෝ හරි හපන්නුය.
කවුරු හරි ඇහුවොත් පුරාජේරුව කියවන්නේ "අපෝ අපි තුන් වේල බත් කන මිනිස්සු" කියාය.
බත්වලට වඩා කන්නේ කාලය හා මුදල් බව නොහිතන්නෝය.

ලෝකයේ දියුණු රටවල් කාලය අඩුවෙන් වැයවෙන සරල ආහාරයක් අනුභව කර මුදල් හා කාලය ඉතිරි කරගෙන පෙරට යද්දී අපි එක් වේලකට පැය ගනනක් කාලය වැය කොට පසුම්බිය හිඳෙන තුරු මුදල්ද වැය කරමින් එක තැන පල්වෙන්නෙමු.

සැබැවින්ම අපේ ආහාර රටාව පිළිබඳ කල්පනා කර යුතු කාලය එළඹ ඇත.අපි වේලකට වැය කරන මුදල හා කාලය ගැන සිතූ විට අප තවමත් දියුණු වෙමින් පවතින රටක් වී ඇත්තේ ඒ නිසාමදැයි ඇතිවන සැකය සාදාරණය.මෙය කියවන ඔබත් ලියන මාත් ඇතුළු අප සියල්ලෝම ලාංකික ආහාර රටාව තුල සිරවුණු සිරකරුවෝ වෙමු.
එයින් මිදෙන දවසක් ඇත්නම් එදිනට ලංකාව තවත් අඩියක් මෙතනින් පෙරට යනු ඇත.

පාරමී වන්නිආරච්චි
2020.01.18
https://www.facebook.com/paramee.wanniarachchi?__tn__=%2CdCH-R-R&eid=ARCB8p9dEJpceQ3y6ihCoYNfHRuaFUiO_dOcxHlKT-Ha1lE6jdxBbrF3FICpnkesXivYA3nsXqoIRWvf&hc_ref=ARRMgpDEL2FMXsjpmPMaybBex6q_zW-t9DVhkxBFchKMjN0oOcQohz2RHZZyljJp1jk&fref=nf

පාරමීගෙ අදහසට මමත් මගේ අත්දැකීම් කීපයක් එකතු කලොත් ලoකාවෙ ආයතනයක වැඩ කරපු කාලෙ දිවා විවේකයේදි එක කාන්තාවක් හඬමින් කියනවා ඇය වැඩ අධික නිසා ඊයෙ පරක්කු වී නිවසට ගිය නිසා ගෙදර අය රෑට කෑවෙ පාන්ලු. තුන් වේලට බත් කෑම එතරම් අරටු බැහැල තියෙන්නෙ. ඇයි කිරි තේ මිසක ප්ලේන් ටී බීමත් දුප්පත් බවේ ලක්‍ෂණයක්. මම ඇමරිකාවට ආවම දැක්ක මෙන්න මෙහෙ අය බත් කන්නෙ කලාතුරකින් ප්ලේන් ටී (විශේෂයෙන්ම කූල් කරපු අයිස් ටී එක) සහ ග්‍රීන් ටී හරිම ජනප්‍රියයි. ගොඩක් අය කිරි බොන්නෙ ඉතාම අඩුවෙන්, මොකද වැඩිහිටියන්ට කිරි බීම එතරම් ගුණ නැහැ. එම ආයතනයේම පරණ විධායක නිලධාරියෙක් දවසක් lunch එකේදි නෝනා උයපු පොළොස් ඇඹුලෙ මොකක්ද අඩුයි කියල යකා නැගල ඒ මේසෙ වාඩි වෙලා ආහාර ගනිමින් හිටපු අපත් සමඟ නෝනට පළු යන්න බැණල අපිට කන්න පුළුවන්නම් කන්න කියල පොළොස් ඇඹුල දාපු භාජනය දුන්න. අනේ මටනම් මහලොකු අවුලක් නෑ ඒකෙ. මෙහෙම වෙන්න එපා මම කියන්නෙ. මුළින්ම බිරිඳට/සැමියාට අනිත් අය  සමඟ බනින්න එපා, දෙවනුව සුළු අඩුපාඩු ඉවසන්න ඉගෙන ගන්න. ඔය ගුණාoග දෙක බොහෝ ඇමරිකන් මිනිස්සු හොඳටම ප්‍රගුණ  කරල තියෙන්නෙ.

ලාoකික අපේ ලන්ච් බොක්ස් එක ඇරියාම දැඩි smell එකක් එනවනෙ, ඒ smell එකට අපි කැමති උනාට බොහෝ රටවල මිනිස්සු හරිම අකමැතියි, ඒ නිසා පිටරටවල පොදු lunch room වල ලාoකික බත් මාලුපිණි කන්න එපා කියල තමයි ඇමරිකාවට ආපු අළුත ලoකාවෙ පරණ උදවියගෙන් උපදෙස් ලැබුනෙ. ඉතින් මුලදි ගස් ගල් යට වාඩිවෙලා බත් මාලුපිණි කෑව, ටික කාලයක් යනකොට ඒක මල කරදරයක් නිසා බත් මාලුපිණි අතඇරල සතියෙ දවස්වල ඇමරිකන් විදියට සැහැල්ලු දිවා ආහාර ගන්න පටන් ගත්ත. එතකොට තමයි තේරැණේ තුන්වේළට බත් නොකෑම ශරීර සෞඛ්‍යයටත් හොඳයි කාලයත් ඉතිරියි කරදරත් අඩුයි කියල.

 ඇමරිකන් වැඩිහිටියන්ගේ lunch boxes (https://www.blessthismessplease.com/wp-content/uploads/2016/06/PicMonkey-Collage9.jpg 1/19/2020)

Saturday, January 18, 2020

I will survive

මධ්‍යම පාන්තික ඇමරිකානු සමාජය සහ මධ්‍යම පාන්තික ලාoකික සමාජය අතර කැපී පෙනෙන වෙනස් කමක් නම් මධ්‍යම පාන්තික ඇමරිකානු වැඩිහිටියන් අනුන්ට, විශේෂයෙන්ම ළමයින්ට, සහකරැ/සහකාරිය සහ නෑදෑ හිතමිතුරන්ට, ගමට සහ රටට බරක් නොවන ලෙස ජීවත් වීමට දක්වන උත්සාහයයි. මෙතනදී "බරක්" යනුවෙන් අදහස් කලේ හුදෙක් ආර්ථිකමය බර පමණක් නොවේ, සමාජයට ඇණයක් නොවී, රටට කරැමයක් නොවී ජීවත් වීමද මීට අයත්.  

මේ ගැන කතා කිරීමේදී ඇමරිකානු මධ්‍යම  පාන්තිකයන් රජයට ගෙවන අධික බදු මුදල ගැන කතා නොකරම බැහැ. ලoකාව වගේ ඌණ සවර්ධිත රටවලට ආධාර ලෙස ඇමරිකාවෙන් දෙන මුදල්වල බහුතරය ඇමරිකානු මධ්‍යම පාන්තිකයන්ගේ ඉපයීම් වලින් අධික බදු අයකිරීමෙනුයි ලබා ගන්නේ. ඒ අනුව පහත ප්‍රස්ථාරය හැදෑරීමෙන් ඔබට පෙනෙනවා ඇති මධ්‍යම  පාන්තිකයන් ඉපයීම් වලින් දළ වශයෙන් දහයෙන් පoගුවේ සිට පහෙන් පoගුව දක්වා රජයට බදු ගෙවන බව. 

https://www.financialsamurai.com/wp-content/uploads/2016/11/middle-class-tax-hike.jpg (1/18/2020)

ඒකට හිළව්වට ඇමරිකන් රජයෙන් මිනිස්සුන්ට නොමිළේ අධ්‍යාපනය, සෞඛ්‍යය, විශ්‍රාම වැටුප්, හෝ වෙනත් දේවල් දෙනවාද? අපෝ නෑ. සියල්ලම ගිණි ගණන්. වෙනකක් තබා ඇමරිකාවේ මව්වරැන්ට මැටර්නිටි නිවාඩු වත් නැහැ. දැන් ඇයි මම මේ ගැන ලාoකික ඔබට කියන්නට අදහස් කලේ? ලාoකික ඔබ ඔබට නොමිළේ ලැබෙන වටිනා පහසුකම් ගැන සුළු හෝ අගය කිරීමක් කරන්නට හිතට ගන්න. අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය නිකම් දෙන නිසා අපතේ හරින්නට එපා. ඇමරිකාව හෝ වෙනත් රටවලින් ඔබට ලැබෙන ආධාර එකතු වුනේ මධ්‍යම පාන්තික ඇමරිකානුවෙකු තම දරැවන්ට අධ්‍යාපනයට, විනෝදයට, හෝ අනාගතයට වෙන් කරන්නට තබා ගත් මුදළින් නැත්නම් ඇමරිකානු මව්වරැ තම කුඩා දරැවා ඉපදී යන්තම් සති දෙකෙන් (ඒ සති දෙකත්  no pay නිවාඩුු) ගෙදර තබා බෝතලයකට මව් කිරි දොවා ශීතකරණයේ තබා රැකියාවට ගොස් ඉපැයූ වැටුපෙන්, ඇමරිකානු විදුලි කාර්මිකයන් ග්ලවුස් දමා live wires අල්ලා ඒවා repair කර ඉපැයූ වැටුපෙන් (ග්ලවුස් වල එක pin hole එකක් තිබුනොත් මැරිල රෝස්ට් වෙලා යනවා) බව අමතක කරන්නට එපා. ලoකාවෙ මිනිස්සු වේල් තුනක් කනකොට බොහෝ මධ්‍යම සහ පහල පාන්තික ඇමරිකානු මිනිස්සු කන්නෙ වේල් දෙකක් නැත්නම් එකක්. ඒවත් මිළ අඩු මැක්ඩොනල්ඩ්ස් වගේ fast food තැනකින්. විශ්ව විද්‍යාලයේ මම උගන්වපු පන්ති වල අසනීප වුනු ඇමරිකානු දරැවන් රෝහලට යන්න බෑ කියනවා, ඇයිද ඇසුවාම අනේ මිස් මට රෝහල් බිල ගෙවන්න වත්කමක් නෑ කියනවා. ලoකාවෙ ජලභීතිකා එන්නත නොමිලේ දෙනකොට ඇමරිකාවේ එහි මිළ ඩොලර් 1200-6500 අතර! මේ සියල්ලම ඔබට කියන්නේ ඔබට ලැබෙන කුඩා දෙයකට පවා කෘතඥ වන්නයැයි ආදරයෙන් ඉල්ලීමටයි. කිසිම දෙයක් නොලැබුනත් කිසිම දෙයක් නැති නොවීම ගැන කෘතඥ වන්න. යමක් නොලැබුනොත් ජීවිතය අහිමි නොවීම ගැන කෘතඥ වන්න. මන්ද ඔබ ජීවත්ව  සිටිනතුරැ ඕනෑම දෙයක් ලබා ගැනීමට ශක්තියක් ඔබට තිබෙන නිසා. 

ඒකට දැන් බලන්න ආදරයක් අහිමි උනාම නැත්නම් දරැපල නැතිවිට ලoකාවෙ බොහෝ ගෑනු මිනිස්සු හැසිරෙන විදිය. තමුන්ට තියෙන දේවල් ගැන කිසිම අගයක් නෑ, නැති දේ මත්තෙ මැරෙනවා. අනික මෙවැනි නැති දේවලට මොනතරම් ආදේශක තියෙනවද? මම ඇමරිකාවෙ හුඟක් මිනිස්සුන්ගෙ දැකපු සාධනීයම ලක්‍ෂණයක් තමයි අහිමි වීම්/නොලැබීම් හමුවේ ලැබුණු දේට කෘතඥ වීම. උදේ නැගිට්ටම කලින් දවසෙ රෑ මලේ නැති එකට කෘතඥ වෙනවා, මොනතරම් නීරස කෑමක් ලැබුනත් බඩගින්නේ නොසිටීම ගැන කෘතඥ වෙනවා, ආදී වශයෙන්. ඇමරිකාවෙ හුඟක් මිනිස්සු ආදර සම්බන්ධයක් අහිමි වීමේදී හිතන විදිය නම් වෙන්වූ පුද්ගලයා තමන්ගෙ වටිනා ආදරය නැතිකරගත් එක ඔහුට/ඇයට කරගත් බලවත් පාඩුවක්ය, මම වඩාත් හොඳ කෙනෙක්ව, නොඑසේනම් මගේ ආදරයට නියම වටිනාකමක් දෙන කෙනෙක්ව සොයා ගන්නවාය වගේ ධනාත්මක අදහස්. බලන්න මේ පරණ ඇමරිකානු  ගීතයේ වචන මොනතරම් ප්‍රබලද? https://www.youtube.com/watch?v=ZBR2G-iI3-I  මෙන්න මෙහෙමනේ විරහවකදි හිතන්න ඕනෙ.

I will survive - Gloria Gaynor

At first I was afraid I was petrified
Kept thinkin' I could never live without you by my side
But then I spent so many nights
Thinkin' how you did me wrong
And I grew strong, and I learned how to get along?

And so you're back from outer space
I just walked in to find you here with that sad look upon your face
I should have changed that stupid lock
I should have made you leave your key
If I'd've known for just one second you'd back to bother me

Go on now, go walk out the door
Just turn around now
'Cause you're not welcome anymore
Weren't you the one who tried to hurt me with goodbye
Did you think I'd crumble
Did you think I'd lay down and die?
Oh no, not I
I will survive
Oh as long as I know how to love I know I'll stay alive
I've got all my life to live
I've got all my love to give and I'll survive
I will survive

It took all the strength I had not to fall apart
Kept trying' hard to mend the pieces of my broken heart
And I spent oh so many nights
Just feeling sorry for myself
I used to cry

But now I hold my head up high
And you see me, somebody new
I'm not that chained up little person still in love with you
And so you feel like droppin' in

And just expect me to be free
Now I'm savin' all my lovin' for someone who's lovin' me

Go on now, go walk out the door
Just turn around now
'Cause you're not welcome anymore
Weren't you the one who tried to hurt me with goodbye
Did you think I'd crumble
Did you think I'd lay down and die?
Oh no, not I
I will survive
Oh as long as I know how to love I know I'll stay alive
I've got all my life to live
I've got all my love to give and I'll survive
I will survive

නමුත් කියන්න කණගාටුයි ලoකාවෙ ගොඩක් උදවිය ලද දෙයින් සතුටු වීම වෙනුවට මට තව ඕනෑ තවත් ඕනෑ යන අතෘප්තිය නිසා හටගත් අසහනයෙන් පීඩා විඳ විඳ ජීවිතය විඳවනවා. ආදරය කරන්නෙත් කසිකබල් හින්දි චිත්‍රපටි වල කියල දීපු ක්‍රමයට. ජීවිතයේ පොඩි පසුබෑමක් දරා ගන්න බෑ, එක්කෝ මත් පැන්, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ගෙදරට සමාජයට සහ රටටම කරැමයක් වෙනවා නැත්නම් කාළකන්නි වෙලා ජීවිතයම නාස්ති කර ගන්නවා. මගේ දරැපල නොලැබෙන රෝගී තත්වයක් සහිත ඇමරිකානු මිතුරෙක් විවාහ උනේ දරැවන් සිටින single parent කාන්තාවක් සමඟ. ඔහු හරිම සතුටෙන් ඉන්නේ තමන්ට දැන් දරැවන් ඉන්නව කියල. එතකොට ලෝ ප්‍රකට ගායිකා Dolly Parton තමන්ගේ පණස් දෙවර්ශයක විවාහයෙන් දරැවන් නැහැ. එහෙමයි කියල ඒ මනුස්සය මුලු ජීවිතකාලයම දුක් වෙවී හිටියෙවත් කසාදෙ bitter කර ගත්තෙවත් නැහැ. ලෝකයේ දරැවන් වෙනුවෙන් බොහෝ සේවය කරනවා.  බලන්න ඒ මිනිස්සු හිතන විදිය. අකෘතඥ මිනිස්සු නොලද දේට නිමක් නැතිව වේදනාවෙන් තරහෙන් ඊර්‍ෂ්‍යාවෙන් පුපුරා හැලෙනකොට කෘතවේදී මිනිස්සු වැඩ කරන්නෙ එහෙමයි.

එක්තරා බ්ලොග් ලියන සහෘදයෙක් තම ලිපියක ලියල තිබුන මෙන්න මේ වගේ අදහසක්. "මට පෙන්නන්නම බැරි කෙල්ලො ජාතිය තමයි අපි චුට්ටක්හරි බොනකොට නහය අකුලා ගන්න ජාතිය", තවත් සහෘදයෙක් කියල තිබුන "අරක්කු බොනකොට එලිපිට ආඩම්බරයෙන් බීපල්ලා, හoගගෙන ලැජ්ජාවෙන් බොන්නෙ නැතුව" කියලා. දැන් අරක්කු මත්පැන් දුම්වැටි බොන මහත්වරැන්ගෙන් මම මේ ප්‍රශ්න දෙක තුන අහන්න කැමතියි. ඔයාල සිරෝසිස්, පිළිකා වගේ දරැණු රෝග හැදුනමත් අරවගේම ආඩම්බරයෙන් කියනවද මට මේ අසනීප හැදුනේ අරක්කු මත්පැන් දුම්වැටි හින්දා කියල. මම නම් දැකල තියෙන්නෙ ඒ අය බොහොම බයෙන් වේදනාවෙන් ඉන්නව මිසක ආඩම්බරයෙන් ඉන්නව නම් නෙමේ. ඔයාලට බේත් හේත් වලට වැයවෙන්නේ මේ රටේ දියුණුව සඳහා වැය කරන්නට තිබුන මහජන සල්ලි. දොස්තරල මහජන සල්ලි වලින් ඉගෙනගෙන අරව කරනවා මේව කරනවා කියල වැළලෙන්න හදන අය මේ මහජන මුදල් නාස්තියට සද්ද නෑ. ඒ විතරක්ද වෙනද පලු යන්න දොස්තරලට බනින අය මත්පැන් දුම්වැටි හින්දා රෝගී වෙලා වාට්ටුවට ආවම දොස්තරට වඳිනව අනේ දොස්තර මහත්තයෝ මාව කොහොමහරි ගොඩදාල දෙන්න කියල. ඔන්න ඕකයි යථාර්තය, ඒක නිසා දුරාචාර වලට ඇබ්බැහි වීම ආඩම්බර විය යුතු දෙයක්ය වශයෙන් රැල්ලක් හදන්න උත්සහ කරන, විශේෂයෙන්ම සිoහල බෞද්ධ යැයි කියා ගන්නා අසිoහල අබෞද්ධ සෙට් එක තමන් ගැන ස්වයo විවේචනයක් කරගෙන එක්කෝ පන්සිල් වත් රකින්න උත්සහ කරන්න නැත්නම් කරැණාකර නිරාගමිකයැයි තමන්ව හඳුන්වාගන්න. ලoකාවේ ගැහැණු පිරිමින්ගේ බීමත්කම නිසා අධික හින්සනයකට ලක් වෙනවා. වමනය ඇදීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට මුහුණදීම, සමාජයේ ලැජ්ජාවට පත් වීම, ආර්ථික අර්බුද, දරැවන් අයාලේ යාම, සිරෝසිස් වගේ ලෙඩ හැදුනාම සාත්තු කිරීමට සහ විඳවීමට, සමාජයේ ජරා මිනිසුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එනවිට මුහුණ දීමට ආදී මෙකී නොකී කරැම වලට කරගසන්නේ බේබද්දාගේ බිරිඳයි. මෙය දන්නා හෝ තම පියා නිසා අත්දැකපු කෙල්ලෝ ඔබ බොනවානම් ඔබව පිළිකුල් කිරීම සාධාරණ නැද්ද මන් අහන්නේ? මත්පැන් හෝ දුම්වැටි ඇබ්බැහිය නිසා රෝගී වුනාම රෝහල් ගාස්තු ගෙවන්න වෙන්නෙ තමන්ගෙ සාක්කුවෙන් නොවන තාක්කල් ගෙදර ගෑනි නහයෙන් අඞ අඞා හරි වමනෙ ඇද ඇද සාත්තු කර කර ඉන්න බව දන්න තාක් කල් ආඩම්බරයෙන් බොන්න ඔබට පුලුවන්. ඔබ හරිම අකෘතඥයි නේද? මොකද කියන්නේ අපි වෙනස් වෙමුද නැත්නම් වෙනද වගේ  අනුන්ට දොස් කිය කිය ඉමුද?




Sunday, January 12, 2020

පිළිකා මාරයා පරදවමු

ප්‍රවීණ කලාකරැ ජයලත් මනෝරත්න මහතාගේ නික්ම යෑමට සමගාමීව සිදු කල සoවාදයක උපුටා ගැනීමකි.

ළමයින්ට හා කලාකරුවන්ට මේ දිනවල පිළිකාව හැදෙනවා වැඩියි... හරක් මස් කන අයට බඩවැලේ පිළිකා වැඩියි... සමහර කී‍්‍රඩකයන් පිළිකා රෝහලට කියලා ආධාර එකතු කළාට අපේක්‍ෂා රෝහලට වැසිකිළියක්වත් හදලා දීලා නෑ,....

- අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක කියයි

- සමහර කී‍්‍රඩකයන් පිළිකා රෝහලට කියලා ආධාර එකතු කළාට අපේක්‍ෂා රෝහලට වැසිකිළියක්වත් හදලා දීලා නෑ,....
- ලංකාවේ වැඩියෙන්ම වාර්තා වෙන්නේ මුඛ පිළිකාව...
- ළමයින්ට වැඩියෙන්ම තියෙන්නේ ලියුකේමියාව...
- රෙබෙකා නිර්මලී මැරෙනකොටත් මම ළ`ග’ හිටියා...


පිළිකා රෝගය වසංගතයක් බවට පත්ව තිබේ. මේ වන විට වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් ද පිළිකා රෝගයට ගොදුරුවීම සීග‍්‍රයෙන් වර්ධනය වී ඇත. ලොකු, පොඩි තරාතිරම කිසිවක් වලංගු නැති පිළිකා මාරයාට මෙරට කලාකරුවන් ද බහුල වශයෙන් ගොදුරු වෙමින් සිටින බව රහසක් නොවේ. මේ අවාසනාවන්ත තත්ත්වයට ප‍්‍රධාන හේතුව වැරැුදි ආහාර පුරුදු සහ මත්පැන්, දුම්වැටි භාවිතය බව මහරගම අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අප සමඟ පැවසීය.


‘‘මම මේ රෝහලේ අධ්‍යක්‍ෂ විදිහට වගේම නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධුරයේ වසර දහඅටක් සේවය කරලා තියෙනවා. මගේ සේවා කාලය තුළ වැඩිම ළමා පිළිකා රෝගීන් වාර්තා වී තිබෙන්නේ මෑත කාලයේදී. මේ වෙනකොට ළමයි එකසිය පනහක් විතර නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා. ඒ ළමයින්ගෙන් 90% ක් ලියුකේමියා රෝගීන්. ඒ වගේම කලාකාරයො පිළිකා රෝගයට ගොදුරුවීමත් වැඩිවෙලා තියෙනවා. සමහර කලාකාරයො පිළිකා රෝගයෙන්ම මිය යනවා. සමහර අය රෝගය මුලදි හඳුනාගෙන නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගෙන අදටත් සාර්ථක ජීවිත ගත කරනවා...’’ වසර දහඅටක වෘත්තීය අත්දැකීම් සහිත වසන්ත දිසානායක මහතා පිළිකාවේ අලූත් විත්ති රටට කියන්නට ප‍්‍රවේශයක් ලබාගත්තේය. එහෙත් වෛද්‍යවරයාගේ කතාවට මම බාධා කළෙමි.

‘පිළිකාව’ මෙරට පමණක් නොවේ මුළු ලෝකයම වෙළාගෙන තිබෙන මාරාන්තික රෝගයකි. ලෝකයේ විවිධ රටවල දේශපාලන නායකයන්, ලෝක ප‍්‍රකට නළු නිළියන් පිළිකාවේ ගොදුරු බවට පත්වෙමින් මිය ගොස් සිටින බව සැබෑය. ඇමරිකාවේ සුප‍්‍රසිද්ධ රංගන ශිල්පියකු හා ගායකයකු වූ රොබට් මිචම් මිය ගියේ ද පෙනහලූ පිළිකා රෝගයේ ගොදුරුක් වෙමිනි. අසීමිත ලෙස දුම්පානයට ලොල් වූ රොබට් සිගරට් ප‍්‍රචාරක දැන්වීමකට ද පෙනී සිටියේය. සිගරැුට් ප‍්‍රවර්ධන වැඩසටහනකට පෙනී සිටි රොබට් දුම්වැටිය විසින්ම මරණයට ගොදුරු කරගැනීම දිට්ඨ ධම්ම වේදනීය කර්මය පඩිසන් දීමක් වැනිය. ව්‍යංගයෙන් දුම්වැටි ප‍්‍රචාරණයට පෙනී සිටින කලාකරුවෝ මෙරට ද සිටිති. ඇතැම් තරුණ නිළියන් රාති‍්‍ර සමාජශාලාවල සිගරැුට් පෙට්ටි පිටින් ළඟ තබාගෙන දුම්වැටි උරන අයුරු අපි දැක ඇත්තෙමු. ඒ එම නිළියන් වියදම් කර ලබාගත් සිගරට් නොවේ. දුම්වැටි ආනයනකරුවන් විසින් ලබාදෙන සිගරැුට්ය. එමෙන්ම එම නිළියන් දුම්වැටි බොනවට වෙනම දීමනාවක් සිගරැුට් ආනයනකරුවන් විසින් ගෙවන බව ද රහසක් නොවේ. ඒ ගැන වෙනම ලිපියකින් කතා කළ යුත්තකි. දැන් අපි වෛi වසන්ත දිසානායක මහතා කියන කතාවට සවන් දී සිටිමු.

‘‘පිළිකා වැළඳිලා ප‍්‍රතිකාර ලබාගැනීමට මහරගම අපේක්‍ෂා රෝහලට පැමිණි කලාකාරයො විශාල පිරිසක් මට මුණගැහිලා තියෙනවා. මුලින්ම මුණගැහුණේ මොනිකා රුවන් පතිරණ. ඊට පස්සේ එච්. ඒ. පෙරේරා, හෙන්රි ජයසේන, ටි‍්‍රලීෂියා ගුණවර්ධන, හෙන්රි කල්දේරා, ජනේශ් සිල්වා, සතිෂ් පෙරේරා, ෂේන් ගුණරත්න, සුනිල් පතිරණ, රෙබෙකා නිර්මලි. මේ සේරම නැති වුණේ පිළිකාව නිසා. රෙබෙකාට තිබුණේ ගැබ් ගෙල පිළිකාවක්. රෙබෙකාගේ හුස්ම යන මොහොතෙත් මම ළඟ හිටියා. රේඛාව චිත‍්‍රපටයේ රඟපෑ ළමා නළු, නිළියන් දෙපළ වන සෝමපාල ධර්මප‍්‍රිය, මර්ටල් ප‍්‍රනාන්දු දෙදෙනාම මිය ගියේ පිළිකාවට ගොදුරු වෙලා. මෑතකදී පිළිකා රෝගයට ගොදුරු වූ ජයලත් මනෝරත්න මේ වෙනකොටත් ප‍්‍රතිකාර ලබනවා. පිළිකා හැදිලා නිසියාකාරව ප‍්‍රතිකාර ලබාගෙන වෛද්‍ය උපදෙස් මත අදටත් ජීවත් වෙන කලාකාරයෝ විශාල පිරිසක් මෙරට ජීවත් වෙනවා. ඒ අය මේ වෙනකොටත් කලා කටයුතුවල පවා නියැළෙනවා. ඒ නිසා ඔවුන්ගේ නම් මතක් කිරීමට මම කැමති නෑ...’’

‘‘පිළිකා රෝහලේදී මට කතාබහ කරන්න ලැබුණු කලාකරුවන්ගේ අදහස්වලට අනුව ඔවුන් පිළිකාවට ගොදුරු වෙන්න ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ නරක ආහාර පුරුදු. නළු, නිළියෝ ෂූටින්වලට ගියහම වැඩිපුර කන්න ලැබෙන්නේ ෆ‍්‍රයිඞ් රයිස්, මස් වර්ග බහුල කෑම. දුම්වැටි, මත්පැන් වැඩිපුර පෙවෙනවා. ෂූටින් තියෙන කාලය තුළ ඒ අයගේ ඇඟට ව්‍යායාමයක් ලැබෙන්නේ නෑ. ගායකයො සංගීත ප‍්‍රසංගයකට ගියහම අනිවාර්යයෙන්ම කෑමට ලැබෙන්නේ තෙල් අධික ආහාර දුම්වැටි, මත්පැන් වැඩිපුර පෙවෙනවා. නිදිවරනවා. ඒ වගේම මානසික ආතතිය, තරබාරුකමත් පිළිකා වැළඳීමට ප‍්‍රධාන වශයෙන් බලපානවා. එහෙම වුණා කියලා තරුණ කාලේ ලෙඩ දුක් හැදෙන්නේ නෑ. වයසට යනකොට තමයි සියලූ ලෙඩ මතු වෙන්නේ. බහුල වශයෙන් පිළිකා රෝගයට ගොදුරු වෙන්නේ වයස අවුරුදු 40 සිට 60 දක්වා වයස් කාණ්ඩයේ පුද්ගලයන්. ජීවිතේ හොඳම කාලය. මට අද වගේ මතකයි, හෙන්රි ජයසේන මහරගම පිළිකා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනකොට මාත් එක්ක කතා කරන හැම වේලාවේම කිව්වේ එයා නැති වෙච්ච දවසකට මානෙල් තනි වෙනවා කියලා. මානෙල් තනිවීම ගැන හෙන්රි ලොකු වේදනාවකින් හිටියේ. ඒත් අන්තිමේ හෙන්රිට ඉස්සෙල්ලා මානෙල් නැති වුණා. ඒක තමයි දෛවය කියන්නේ. මැරෙන වේලාව කවුරුවත් දන්නේ නෑ. පිළිකාව උත්සන්න වෙලා මැරෙන්නම ගිහින් බේරුණු අය ඕන තරම් ඉන්නවා. ඒක තීරණය වෙන්නේ ඒ, ඒ පුද්ගලයන්ගේ දෛවය සහ රෝගය සම්බන්ධයෙන් දක්වන උනන්දුව මතයි. ඒ වගේම මිනිසුන්ට වැළඳෙන පිළිකාවේ වර්ගය මතයි. මුඛ පිළිකා, පියයුරු පිළිකා, අක්මාවේ පිළිකා බඩවැළේ පිළිකා, මොලේ පිළිකා, ගැබ්ගෙල පිළිකා විවිධ පිළිකා වර්ග තියෙනවා...’’

‘‘ප‍්‍රවීණ රංගන ශිල්පී හෙන්රි ජයසේනට වැළඳී තිබුණේ අන්ත‍්‍ර පිළිකාවක්. එවැනි පිළිකා තත්ත්වයක් හටගැනීමට ප‍්‍රධාන හේතුව අධික ලෙස මස් අනුභව කිිරීම. මේ වෙනකොට මුස්ලිම් ජනතාව බහුල වශයෙන් බඩවැලේ පිළිකා රෝගයට ගොදුරු වෙමින් සිටිනවා. ඒකට ප‍්‍රධාන හේතුව අධික ලෙස හරක් මස් අනුභව කිරීම. තුන්වේලටම හරක් මස් කෑම බඩවැලේ පිළිකා හටගැනීමට ප‍්‍රධාන හේතුවක්. කුකුළු මස් බහුලව ආහාරයට ගැනීමෙන් පිළිකා වැළඳෙනවා කියලා ඔප්පු කරලා නෑ. ඒත් කුකුළු මසුත් සීමාසහිතව ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට හිතකරයි. ඕනෑම මස් වර්ගයක් බහුල වශයෙන් ආහාරයට ගැනීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි. සොසේජස්, මීට්බෝල් කෑමෙන්ම සම්පූර්ණයෙන්ම වැළකී සිටින්න පුළුවන් නම් ඉතා හොඳයි. ඒ කෑම තනිකර පිළිකා කාරක. මාළු ශරීරයට අගුණයක් නෑ. ඒ නිසා මාළු කොපමණ කෑවත් ගැටලූවක් නෑ. හෘද වස්තුවේ ක‍්‍රියාකාරිත්වයට මාළු ඉතාම ගුණදායක ආහාරයක්. දවසකට එක බිත්තරයක් කෑම වේලට එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට යහපත්. එහෙම නොගත්තා කියලා ගැටලූවකුත් නෑ...’’

‘‘ගැඹුරු තෙලේ බදින සියලූම ආහාර වර්ග බහුල වශයෙන් කෑමට එකතු කරගැනීම ශරීරයට ඉතාම අහිතකරයි. ෆ‍්‍රයිඞ් රයිස්, තෙම්පරාදු කරන ලද කෑම දිනපතා ආහාරයට ගැනීම අගුණයි. කෑම පිසීමේදී අධික ලෙස තෙලේ බැදීම ශරීර සෞඛ්‍යයට අහිත කරයි. ඒ වගේම පිසින ලද තෙල් නැවත, නැවත පාවිච්චියට ගැනීම ඉතාම අගුණයි. රසකාරක, වර්ණකාරකවල පිළිකා කාරක බහුල වශයෙන් අඩංගු වෙලා තියෙනවා. විවිධ වර්ණ සහිත බීම වර්ගවල පිළිකා කාරක බහුලව තියෙනවා. ඒ වගේම ඒ බීම වර්ග බහුලව පානය කරන පුද්ගලයන්ට දියවැඩියාව, හෘදයාබාධ වැළඳීමේ ප‍්‍රවණතාව ඉතාම වැඩියි. අධික පැණි රස කෑම, විශේෂයෙන්ම කේක් වර්ග ආහාරයට ගැනීමත් ශරීර සෞඛ්‍යයට අහිතකරයි. එදිනෙදා කෑම වේලට හැකි තරම් තන්තුමය ආහාර, නිවුඩු සහිත සහල්, රසායනික පොහොර භාවිතයෙන් තොර පළා වර්ග, අලූත් එළවළු වර්ග එකතු කරගැනීම ශරීර සෞඛ්‍යයට ඉතාම යහපත්. ඒ වගේම දේශීය පළතුරු වැඩිපුර කෑමට එකතු කරගන්න පුළුවන් නම් ශරීර සෞඛ්‍යයට ගුණදායකයි...’’ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පිළිකාවේ ආදීනව හරි අපූරුවට විස්තර කරමින් සිටින විට මම කතාව මැදට පැන්නෙමි.

කෙනකුගේ ශරීරය තුළ පිළිකාවක් වර්ධනය වෙමින් තිබෙන බව කොහොමද දැනගන්න පුළුවන්...?

‘‘එක එක පිළිකාවට එක එක ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මුඛ පිළිකාවක් නම් කටේ තුවාල ඇති වෙන්න පුළුවන්. සුදු පාට පැල්ලමක්, සුදු පැහැති ගෙඩියක් මතුවෙන්න පුළුවන්. ගලනාලයේ පිළිකාවක් නම් කෑම ගිලින්න අමාරු වෙනවා. මුත‍්‍රාශයේ පිළිකාවට මුත‍්‍රා කරන විට දැවිල්ලක් දැනෙනවා. පුරස්ථි ග‍්‍රන්ථිවල පිළිකා තත්ත්වයක් නම් මුත‍්‍රා කරනකොට හිර වෙනවා. බඩවැලේ පිළිකාවකදී මළපහ කිරීමේදී වෙනසක් ඇති වෙනවා. සමහරවිට බඩ වේළෙනවා. සමහරවිට බඩ යනවා. පියයුරු පිළිකාවේදී ගෙඩියක් හෝ ගැටිත්තක් මතු වෙන්න පුළුවන්. හමේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. පියයුරු පිළිකාව කිහිල්ල දක්වා ගමන් කරනවා. ගැටිත්ත කිහිල්ලේ මතු වෙන්නත් පුළුවන්. අපේ රටේ කාන්තාවන්ට පියයුරු පිළිකාව වැළඳෙන ප‍්‍රවණතාව වැඩියි. ඒත් මුළු ජනගහනයෙන් වැඩිපුර වාර්තා වෙන්නේ මුඛ පිළිකාව. ඒකට ප‍්‍රධාන හේතුව බුලත්විට කනකොට කටේ බුලත් හපය තියාගැනීම. මත්පැන්, දුම්වැටි අධික ලෙස පානය කිරීම සහ අයහපත් මුඛ සෞඛ්‍ය තත්ත්වයත් මුඛ පිළිකාවට ප‍්‍රධාන වශයෙන් බලපානවා...’’

‘‘ඒත් දැන් පිළිකාව නිට්ටාවටම සුපවත් කිරීමට ප‍්‍රතිකාර තියෙනවා. අවශ්‍ය වන්නේ ශරීරය පුරා පිළිකාව වර්ධනය වීමට කලින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමුවීම. මීට අවුරුදු කිහිපයකට පෙර මෙරට ජනප‍්‍රියතම නිළියකට පියයුුරු පිළිකාවක් වැළඳිලා මගේ ළඟට ඇවිත් හඬා වැළපුණා. ඒත් රෝගයේ මුල් අවධියේම ප‍්‍රතිකාරවලට යොමු වෙච්ච නිසා පිළිකා තත්ත්වය නිට්ටාවටම සුවපත් වුණා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මුල් අවධියේම වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමුවීමෙන් කුඩා දරුවන්ට වැළඳෙන ලියුකේමියා රෝගී තත්ත්වය ඉතා පහසුවෙන් සුවපත් කරන්න පුලූවන්. මහරගම අපේක්‍ෂා රෝහලේ ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීමට සූදානම්. දැන් අපේ රෝහල පහසුකම්වලින් ඉතාම යහපත් තත්ත්වයක තියෙනවා. මේ වෙනකොට කිසිම නේවාසික රෝගියෙක් බිම නිදාගන්නේ නෑ. සියලූම රෝගීන්ට ඇඳන් තියෙනවා. පහුගිය කාලේ අත්‍යවශ්‍ය ඖෂධ තිස්හයක හිඟයක් තිබුණා. වර්තමාන රජය පත් වී නව අමාත්‍යවරිය පත්වීමත් සමඟ පිළිකා රෝහලට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට කෝටි සීයක් වෙන් කළා. ඒ මුදලින් 80% ක්ම වියදම් වුණේ පහුගිය ආණ්ඩුව කාලේ බෙහෙත් මිලදී ගැනීම්වල ණය ගෙවන්න. අලූතින් ඖෂධ මිලදී ගන්න ඉතිරි වුණේ 20% යි. ඒ සල්ලිවලින් අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග විස්සක් මිලදී ගත්තා. දැන් බෙහෙත් වර්ග දොළහක විතර අඩුවක් තමයි තියෙන්නේ. යථා කාලයේදී ඒ බෙහෙත් වර්ග ටිකත් ලබාගන්න පුුුළුවන් වෙයි. මේ වෙනකොට අපේක්‍ෂා රෝහලට තියෙන ප‍්‍රධාන අඩුපාඩුව තමයි අයිසොලෙසන් වාට්ටුවක් නැතිකම. පැපොල, වයිරස් උණ ආදී විවිධ බෝ වෙන රෝග වැළඳෙන පිළිකා රෝගීන්ව වෙන් කරලා තියන්න පුළුවන් වාට්ටුවක් සකස් කරගන්න ඕනෑ. සාමාන්‍ය පිළිකා රෝගීන් එක්ක ඒ රෝගීන් ඉන්නකොට මුළු වාට්ටුවටම රෝගය පැතිරෙනවා. දැනට අපි කරන්නේ බෝ වෙන රෝග වැළඳුණු පිළිකා රෝගීන්ව අයි.ඞී.එච්. රෝහලට මාරු කිරීම. ඒ රෝහලේ පිළිකාවට බෙහෙත් නෑ. නියම වෙලාවට පිළිකා බෙහෙත් ටික දෙන්න බැරි වුණහම ඒ රෝගීන්ගේ පිළිකාව වර්ධනය වෙනවා. ඒක විශාල ගැටලූවක්. මේ ගැටලූව විසඳන්න කෝටි ප‍්‍රකෝටි ගණන් සල්ලි ඕනෑ. කාමර පහ, හයක් සහිත වාට්ටුවක් හදලා දෙනවා නම් හොඳටම ප‍්‍රමාණවත්...’’

‘‘සමහර ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ පහුගිය කාලේ පිළිකා රෝහලට කියලා ආධාර එකතු කරනවා අපි දැක්කා. ඒත් කිසිම ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක් මේ වන තෙක් අපේක්‍ෂා රෝහලේ වාට්ටුවක් තියා වැසිකිළියක්වත් හැදුවේ නෑ. ඒත් අපි පිළිකා රෝහලේ අඩු පාඩු ගොඩගැහෙන්න ඉඩ දීලා නෑ. හැකි උපරිමයෙන් ඒ අඩුපාඩු සම්පූර්ණ කරගෙන තියෙනවා. පිළිකා රෝහලට උදව් කිරීමට කැමති ඔබට විශ්වාසවන්ත විදිහට ඒ පින්කම කරගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දීලත් තියෙනවා...’’ වෛi වසන්ත දිසානායක මහතා ළෙන්ගතු සිනාවකින් මුව හැඩකරගෙන අපේ කතාවට සමු දුන්නේය.

මහරගම අපේක්‍ෂා රෝහලේ මේ වන විට නේවාසික ප‍්‍රතිකාර ලබන රෝගීන් එක්දහස් පනහක් සිටිති. ඒ අතර ළමා පිළිකා රෝගීන් එකසිය පනහක් සිටිති. මෙය අතිශය භායනක තත්ත්වයකි. පිළිකා මාරයා මේ ගොදුරු බවට පත් කරගනිමින් සිටින්නේ රටේ අනාගතයයි. මිනීමරු පිළිකා මාරයාට තවදුරටත් මේ ආකාරයෙන් නිදහසේ සැරිසරන්නට ඉඩ හැරියොත් රටේ අනාගතය අතිශය ඛේදනීය තත්ත්වයකට වැටෙනු නියතය.

එහෙයින් ඔබේ දරුවා පිළිකා මාරයාගෙන් බේරාගැනීමට නම් ආදරණීය මවුපියන් විසින් දරුවාට නිවැරදි ආහාර පුරුදු හුරු කළ යුතුය. තෙලේ බැඳෙන රයිස්, ගලේ තැලෙන කොත්තු, රසට හැපෙන මස් ගුලි, තිබහට බොන පැණි බීම ආදී විච්චූරණ ක්‍ෂණික කෑම ලබාදී දරුවා මාරා ගන්නවාද... හේනේ හැදෙන ඇට වර්ග, පළා වර්ග ඇතුළු සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර රටාවකට හුරු කර පිළිකාවෙන් දරුවා මුදාගෙන තමනුත් ආරක්‍ෂා වෙනවාද... යන්න තීරණය කළ යුත්තේ මවුපියන් විසිනි.

https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fdivaina.com%2F%3Ffbclid%3DIwAR2j4So14jBl5iZW_S7s2l-V_z3_nonJWKCqewwcb3bunCqiKU8mR9fXo9A&h=AT07pg9CKAEqCBB-Y2cdp13zQ_XjHNjl3TfTVEW5ESF6QeQQUGXCfAC9Sur0Qts2NSlbrcTbTau9HyqBh9HsPFftVoytBbVkDDdn1RWpGJZhjA3-78ud-axv01HUQSyS5bYO-kCNkT4WLMDpGAk8HdrtBI53UYA
තරංග රත්නවීර

Saturday, January 11, 2020

ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලා (stand-up comedians) සහ අපි

ඇමරිකාවේ ඉතාම ජනප්‍රිය කලා ශිල්පීන් පිරිසක් තමයි ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලා (stand-up comedians) කියන්නේ. මේගොල්ලෝ සජීවී ප්‍රේක්ශකාගාරයක් තුල නොයෙකුත් විහිලු තහලු කරමින් එම ප්‍රේක්ශකයින් හිනස්සනවා. ඇමරිකාවේනම් තියෙටර්ස්, ඔඩිටෝරියම්ස්, හෝටල්, සහ comedy clubs ආදියට පැමිණ මේගොල්ලෝ තමන්ගේ shows පවත්වනවා. මේ ගොල්ලන් අඳින පළඳින විදිය බොහොම සාමාන්‍යයි, කතා කරන්නේත් එදිනෙදා ජීවිතයේ අපට මුණගැහෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ, ඒත් එම කතාව තනිකරම script එකකට අනුව කරන හාස්‍යය පිරැණු කතාවක්. හොඳ stand-up comedian කෙනෙක්ට අති විශාල ආදායමක් උපය ගත්තහැකි. හැබැයි ඉතින් ගොන් ජෝක්ස් කරන ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලාට නම් වැඩිකල් ක්‍ෂේත්‍රයේ පවතින්නට අමාරැයි. මම පෞද්ගලිකව කැමති ශිල්පීන් අතර Trevor Nova, Jerry Seinfeld, Robin Williams, Richard Pryor ආදීන් ඉදිරියෙන් ඉන්නවා. සජීවී ප්‍රේක්ශකාගාරයක් තුල perform කරද්දී මේගොල්ලො මිනිස්සුන්ගෙ ආගම, ජාතිය, සoස්කෘතිය, දේශපාලනය, හැසිරීම, පුරැදු ආදී බොහෝ සoවේදී දේවල් උපහාසයට ලක් කරනවා. ස්ටෑන්ඩ්-අප් කොමීඩියන්ලාගේ සුවිශේෂත්වය ඒක. කොටින්ම ඔවුන් අපේ ගොන්කම් වලට අපට හිනාවෙනවා. යූටියුබ් එකේ එවැනි stand up comedy වල පටිගත කල කොටස් විශාල ප්‍රමාණයක් තිබෙනවා, ඔබට නරඹන්නට අවශ්‍යනම්. ලoකාවේ සුසිලා කෝට්ටගේ කලා ශිල්පිනියට සාර්ථක stand-up comedian කෙනෙක් වෙන්න පුළුවන් බව මගේ හැඟීමයි. ඒත් අවාසනාවකට ලoකාවේ මෙම ශිල්පීන් perform කරන shows නැහැ, මම දන්න තරමින්. ශ්‍රී ලoකාවේ මෙම ශිල්පීන්ගේ shows නැති උනාට ලාoකික සම්භවයක් සහිත සාර්ථක stand-up comediansලා ලෝකයේ වෙනත් රටවල ඉන්නවා, බ්‍රිතාන්‍ය-ලාoකික Romesh Ranganathan වගේ. (https://www.youtube.com/watch?v=iuaZ3fHXHmc

Stand-up comedy show එකකට ගිහින් එන ගමන් ලoකාවේ මේක ජනප්‍රිය  නැත්තේ මොකද කියන ප්‍රශ්නය මට ඇති වුනා. ලoකාවේ බොහොමයක් මිනිස්සුන්ට තමන්ගේ ආගම, ජාතිය, සoස්කෘතිය, දේශපාලනය, හැසිරීම, පුරැදු ආදී සoවේදී දේවල් වල ඇති වැරදි අඩුපාඩු ආදිය කවුරැහරි කෙනෙක් කෙනෙක් විහිලුවටවත් ප්‍රශ්න කලොත් ඒ දිහා සැහැල්ලුවෙන් බලලා හිනාවෙන්න නොහැකියි. පුදුම තරම් කේන්ති යනවා. stand-up comedianට ගුටි කන්නයි වෙන්නෙ. ඒත් දැන් බලන්න උඩ පරිච්ඡේදයේ ඇතුළත් කරපු රොමේෂ්ගෙ comedy එකේ විශාල ප්‍රේක්‍ෂකාගාරය පිරිල තියෙන්නෙ බ්‍රිතාන්‍ය සුදු ජාතික ප්‍රේක්‍ෂකයන්ගෙන්. මේ ප්‍රේක්‍ෂකයන් බහුතරය ක්‍රිස්තියානි ආගමිකයන් වෙන්න ඇති කියල educated guess එකක් කල හැකියි. රොමේෂ් බ්‍රිතාන්‍ය සoක්‍රමනිකයන්ගෙන් පැවතගෙන එන, සම කලු, හින්දු ආගමිකයෙක්. ඔහුගේ ඇතැම් විහිළු පාදක වෙලා තියෙන්නෙ නත්තල් කාලයේ  හින්දු  ආගමික රොමේෂ් කරන හෝ අත්දකින හාස්‍යජනක දේවල් ගැන. අර මිනිස්සු ඒවා අහල ආතල් එකක් ගන්නවා. මේක ලoකාවෙ කරන්න තියා හිතන්නවත් පුලුවන්ද? නත්තල ගැන හින්දු/බෞද්ධ stand-up comedian කෙනෙක් විහිලු කලොත්, දීපවාලී උත්සවය ගැන ඉස්ලාම්/බෞද්ධ stand-up comedian කෙනෙක් විහිලු කලොත්, නැත්නම් වෙසක් උත්සවය ගැන ඉස්ලාම්/හින්දු stand-up comedian කෙනෙක් විහිලු කලොත් මොනවායින් මොනවා වේවිද? ආගම් වලින් පරිබාහිර දේවල් ගැන උනත් තත්වය ඒකම තමයි. දේශපාලනය, සිරිත් විරිත්, සoස්කෘතිය වගේ ඕනෑම මාතෘකාවක් ගැන stand-up comedian කෙනෙක් විහිලු කලොත් දත් නැතුව බත් කන්න තමයි වෙන්නෙ. ඒ කියන්නෙ ලoකාවෙ මිනිස්සු සoවේදී දේවල් ගැන විහිලු තහලු අපහාස උපහාස කරන්නැති උදවියද?

ලoකාවෙ මිනිස්සු තරම් සoවේදී දේවල් ගැන විහිලු තහලු අපහාස උපහාස කරන උදවිය වෙන කිසිම රටක නැතුව ඇති. දැන් බලන්න අපි මිනිස්සුන්ගෙ ශාරීරික වෙනස්කම් වලට මොනතරම්නම් විහිලු තහලු කරනවද? කාර්‍යාලයේ ඉන්න ටිකක් විතර මහත කෙල්ලෙක්ට ඔබ මොනතරම් විහිලු තහලු කරනවද කියල හිතල බලන්න. ඒ කෙල්ල කන බොන වෙලාවට වැඩියෙ කන්න එපා කියල, වාහනයක යද්දි වාහනේ පැත්තක් පාත්වෙලා කියල, කසාද බඳින්න හොයනවනම් බුල්ඩෝසර් ඩ්‍රයිවර් කෙනෙක් හොයාගන්න කියල ආදී මොන තරම් නිර්මාණශීලී විහිලු තහලු කරනවද අපි? stand-up comedian කෙනෙක් කවදාවත් මිනිස්සුන්ගේ බාහිර පෙනුමේ අඩුපාඩු ගැන විහිලු කරන්නෙ නෑ. එහෙම බලනකොට stand-up comedianලටත් වඩා අපි ඉදිරියෙන් ඉන්නෙ. ඒකනෙ අපිට stand-up comedianල වැඩක් නැත්තෙ. ඇතැම් ලoකාවෙ මිනිස්සු ඉතාම උපක්‍රමශීලී විදියට තම පරපීඩක හෝ ආත්මාර්ථකාමී උවමනාවන් ඉෂ්ඨ සිද්ධ කරගන්න විහිලු කිරීම උපයෝගී කර ගන්නවා. දැන් බලන්න පාරේ/බස් එකක යන කෙල්ලෙක්ට වාචික අතවරයක් කරල ඒකිට මල පැන්නොත් කියන්නෙ අපෝ ඔයාට විහිලුවක්වත් තේරෙන්නෙ නෑනෙ කියල. මීට කාලෙකට කලින් වැලිවේරියේ ඇඟලුම් කම්හල් සේවිකාවකට බස් හෝල්ට් එකේ කාන්තා වැසිකිළිය අසලදී එලෙස ලිoගික අතවරයක් කරපු මිනිසාට ඇය පහරදුන් විට (එම viral වීඩියෝව බලා), බොහෝ ලාoකික ගෑනු සහ පිරිමි ඇයව විවේචනය කලා. ඇය එසේ විහිලුවකට react කිරීම වැරදිලු. වෙනත් දියුණු රටවල අපරාධ ලෙස සළකන දේවල් බොහෝ ලාoකික මිනිසුන්ට විහිලු. ඒ අතින් අපි හරිම advance.

See the source image
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSa5RsXAVuVZtbJFT_OiOmTDPrIvIzUOdYSaiW4T_FaHRc-TkOx8LN1XBtt__I9o3uxOrw_pKMb4D1va3h4qBtIe_GbXA9Fn4W7_SXRvN5Ptp8Zl8tyW2W0rwA5QufMf8NAw25Vg1M78s/s1600/Beaverton.jpg

තවත් පුoචි උදාහරණයක් ගනිමු. ඇමරිකාවේ frozen yogurt විකුනන කඩයක frozen yogurt වර්ග විස්සක් විසිපහක් තියෙනවා. ඉහත ඡායාරෑපයේ පෙන්වන පරිදි ඒවා තිබෙන්නේ එක එක stations වල. පාරිභෝගිකයන් එම stations වලට ගොස් තමන් කැමති වර්ගයේ කරාමය ඇරල තමන්ගෙ කෝප්පයට තමන් කැමති යෝගට් ප්‍රමාණයක් දමා ගන්නවා. වෙළඳසැලට ඇතුලුවන හැමෝටම කුඩා කෝප්ප හතරක් පහක් ලැබෙනවා මිළදී ගන්නට පෙර (අලුත් favors) කුඩා ප්‍රමාණයක් රස බලන්නට. ඇත්තම කිව්වොත් ඒ කුඩා කෝප්ප හතර පහ ගානට manage කර ගත්තොත් යෝගට් රාත්තලක් උනත් නිකම් කෑවහැකි. වෙළඳසැලේ කවුරැවත් බලන් ඉන්න එකක්යැ. ඒත් ඇමරිකන් මිනිස්සු කවදාවත් එහෙම මගෝඩි වැඩ කරන්නෑනෙ. සමහර මිනිස්සු කුඩා කෝප්ප එපා කියල කෙලින්ම තමන් කැමති ‍යෝගට් එක මිළදී ගන්නවා. සාම්පල් රස බලපු කිසිකෙනෙක් හිස් අතින් යන්නෙත් නෑ, මිළදී ගන්නවාමයි. දැන් මේක ලoකාවෙ තිබුනනම් වැඩි කාලයක් යන්න කලින් වැහෙනවා අපේ සමහර අයගේ වැඩ නිසා. අර කුඩා සාම්පල් කප් වලින් යෝගට් කිලෝ එකක් විතර කාල කිසිවක් මිලදී නොගෙන ගිහින් යාලුවො එක්ක මහත් ආඩම්බරයෙන් කියයි හපන්කම. බැරි වෙලාවත් අහු උනොත් නිදහසට කාරණය මොකක් වෙයිද? "අනේ අයියෙ අපි විහිළුවටනෙ කලේ".

ඇයි ඇමරිකන් මිනිස්සු එහෙම නොකරන්නෙ? ගොඩක් හේතු තියෙනවා. ඒ අතරින් එක වැදගත් හේතුවක් තමයි දුර දිග බලා වැඩ කිරීම. ඒ මිනිස්සු ඒ වෙළඳසලට කැමතියි. ඒක වැහිල ගියොත් යෝගට් කන්න  දුර යන්න සිදු වෙනවා. තමන්ගෙ අසල්වාසීන්ගෙ හොඳට කරගෙන යන හිතවත් කඩය සුරැකීම තමන්ටත් වාසියක් අනුන්ටත් වාසියක් ගමටත් වාසියක් රටටත් වාසියක්. තමන්ට වාසියක් වෙන්නේ කොහොමද? බැරි වෙලාවත් පර්ස් එක අමතක වෙලා ආව නම් අඳුනන නිසා කමක්නෑ පස්සෙ මුදල් දෙන්න කියල යෝගට් දෙනවා. ඊටත් නොදන්න තැනකට වඩා මොනතරම් හොඳද දන්න කියන තැන. අනික තමයි එවැනි විහිළු වලින් පාරිභෝගික නිදහස ඇහිරෙන බව නුවණින් තේරැම් ගැනීම. එවැනි විහිලු මර්දනයට කඩ හිමියාට පුළුවන්නේ සාම්පල් කප් නොදී ඉන්න, සේවකයෙක්ව දානවා stations වල හොර අල්ලන්න, තව සේවකයෙක් යෝගට් වක් කරල දෙන්න දානවා. දැන් මොකද වෙන්නේ. stations වල පෝළිම්, ඇයි අර සේවකය එපැයි හැමෝටම යෝගට් වක් කරල දෙන්න, මිළ වැඩියි අමතර සේවකයන්ගෙ පඩි නඩි ගෙවන්න, ඇයි ඔක්කෝටම වඩා එතන තිබ්බ නිදහස ඇහිරිලා, යන්න හිතෙන්නෙත් නෑ, අපි දිහා බලන්නෙ යෝගට් හොරැ විදියට මිසක් ගෞරවාන්විත පාරිභෝගිකයන් විදියට නොවේ. ඔන්න දැන් අපිටත් මල පැනල බනිනවා කඩේ මුදලාලිට customer service දන්නෙ නෑ කියලා. ලoකාවෙ මිනිස්සු customersල වශයෙන් මොනතරම් නින්දිත සැළකුමක්ද ලබන්නේ කියන එක තේරෙන්නේ දියුණු රටවල business කරන හැටි දැක්කම. කොටින්ම ලoකාවෙ වෙඩින් එකේ කුකුළු මස් බෙදන්නත් පඩි ගෙවල වෙනම සේවකයෙක්ව දාල. ලැජ්ජයි නේද? කාගෙද වැරැද්ද? පාරිභෝගිකයන් වන අපේම නේද?



Thursday, January 2, 2020

අම්පිටියේ සුමනරත්න හිමිගේ කණේ පහර සහ සිoහල බෞද්ධයන්ගේ සැබෑ ඛේදවාචකය

අම්පිටියේ සුමනරත්න හිමි බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට පැමිණි පුද්ගලයෙකුට ගැසූ කණේ පහර ගැන මේ වන විට විශාල කතිකාවක් සමාජයේ ඇතිවී තිබීම නිසා ඒ ගැන මගේ අදහස් මෙසේ ලිවීමට සිතුනා. හාමුදුරැ කෙනෙක් මොනම හේතුවකටවත් එසේ ප්‍රචන්ඩකාරීව හැසිරී මිනිසෙකුගේ කණට ගැසීම හරිද, නොඑසේනම් අන්‍යාගමිකයන් බෞද්ධයන්ව මෙසේ නොයෙක් කැරට් අල පෙන්නා අන්‍යාගමීකරණය කිරීම හරිද ආදී ජනප්‍රිය මාතෘකා වලින් මේ ගැටලුවේ මතුපිට පමණක් සාකච්ඡා කෙරෙන බව මගේ හැඟීමයි. මෙතනදී සිoහල බෞද්ධයින් තම තමන්ගෙන් ඇසිය යුතු සැබෑම ප්‍රශ්නය නම් "සුරoගනා කතා කියන", "කැරට් අල පෙන්නන" අන්‍යාගමිකයන්ට මෙතරම් පහසුවෙන් බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට හැකි පරිදි එකී සිoහල බෞද්ධයින් අසරණ සහ අවාසනාවන්ත අඩියකට පත් වූයේ මන්ද යන ප්‍රශ්නයයි.

සිoහල බෞද්ධයින් මෙසේ අන්ත අසරණ තත්වයට පත් වීමට බලපා ඇතැයි මට සිතෙන කරැණු වලින් තෝරාගත් කිහිපයක් පහත දක්වා ඇත.

a. මම දන්න හොඳ සිoහල බෞද්ධ දෙමව්පියන් තමන්ගේ තරැණ දුව පිරිවෙනේ A/L පන්තියට යනවාට අකමැතිව එම ටියුෂන් සර් වෙනත් තැනක කරන පන්තියට දුවව යවයි. ඔබත් එවැනි දෙමාපියෙක්ද?

b. සිoහල බෞද්ධ කී දෙනෙක් උදේට හාමුදුරැ කෙනෙක් දැකීම අසුභ යැ‍යි සලකනවාද?

c. සිoහල බෞද්ධ ඔබ කී දෙනෙක් ඔබේ දරැවා මහණ කරනවාට කැමතිද, ඒ ගැන සිතීමත් ඔබට ඉතා වේදනාත්මකයි නේද?

d. සිoහල බෞද්ධ ඔබට ගැටළුවක් ඇතිවූ අවස්ථාවක ඔබේ ආගමික ආයතනයෙන් ලබා දෙන emotional, financial සහ moral සහයෝගය මොනවගේද, ඒ ගැන සෑහීමකට පත් විය හැකිද කියලා.

e. ඔබ සිoහල බෞද්ධ කාන්තාවක් නම් ඔබේ හිතට එකඟව බිය සැක නැතිව තනිපoගලමේ ඔබේ පන්සලේ හාමුදුරැවන් හමුවී ඔබට ඇති ගැටලුවක් ගැන කතාබහ කල හැකිද? එක්කෝ හාමුදුරැවන් ඔබේ ඇඟට එන්නැතුව, එක්කෝ හාමුදුරැවන්ට ගෑනු සමඟ කිසි ඇයිහොදැයියක් නැතැයි කියන්නැතුව, කොටින්ම professional විදියට කාන්තාවක් සමඟ ගනුදෙනු කරන්නට ඔබේ පන්සලේ හාමුදුරැවන්ට තේරැමක් තිබෙනවාද?

f. සිoහල බෞද්ධ ඔබ මහණ වීම යනු හතර කේන්දරය පාළු, වෙනත් වචන වලින් කියනවානම් ගිහිව සිටියානම් වගතුවක් නැති පිරිමි උදවියට ඇති විකල්පයය, ගමේ දුප්පත් පිරිමි දරැවාට කුසට අහරක් ලැබීමට හෝ අධ්‍යාපනයක් ලැබීමට ඇති විකල්පයයැයි සිතනවාද?

g. ඔබට ඔබේ ගමේ පන්සලේ හාමුදුරැවන්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් තිබෙනවාද, රටේ මහනායක හාමුදුරැවන්ගේ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් තිබෙනවාද, නැත්නම් ඔබ "මට හාමුදුරැවන් ගැන පැහැදීමක් නෑ, ඒත් චීවරයට වඳිනවා" සoගමයේ lifetime member කෙනෙක්ද?

h. සිoහල බෞද්ධයන්ට බෞද්ධ ක්‍රමයට විවාහාපේක්‍ෂකයන්ට විවාහ උපදේශනයට, බෞද්ධ ක්‍රමයට අසල්වැසියන් අතර/අඹු සැමියන් අතර ප්‍රශ්න විසඳා ගැනීමට, බෞද්ධ ක්‍රමයට සුරා සූදුවට ඇබ්බැහි වූවන් එයින් මුදවා ගැනීමට, බෞද්ධ ක්‍රමයට මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කිරීමට උපදෙස් දීමට ආදී පන්සල මූලික කරගත් බෞද්ධ ක්‍රමයට ජන ජීවිතය නගා සිටුවීමේ වැඩසටහන් තිබෙනවාද?

i. ඔබේ ගමේ පන්සලේ හාමුදුරැවන් සමඟ බුද්ධිමය සoවාදයක යෙදීමට තරම් උන්වහන්සේ සෞඛ්‍යසම්පන්න (ඇස් පේන, කන් ඇසෙන, තරමක් වෙලා කතා කල හැකි තරම් මට්ටමටවත්), ආචාරශීලී, දැන උගත්, යාවත්කාලීන වූ දැනුමක් ඇති, ගිහියන් කෙරේ උස් පහත් ගෑනු පිරිමි බේදයකින් තොරව අනුකම්පා කර ආශ්‍රයට අවස්ථාව ලබා දෙන කෙනෙක්ද ?

j. ඔබේ හාමුදුරැවන් අන්‍ය මත සහ තර්ක විතර්ක ඉවසන කෙනෙක්ද නැතිනම් තරහ ගොස් කණේ පාර දෙන කෙනෙක්ද, ඔබේ ගැටලුවකට intelligent පිළිතුරක් දෙන කෙනෙක්ද නැත්නම් බොහෝ යල් පැන ගිය උත්තරයක් දෙන කෙනෙක්ද, ඔබේ ගැටලුවකට ත්‍රිපිටකය ආදී බුද්ධ භාෂිතයෙන් උපුටාගත් විසඳුමක් දෙන කෙනෙක්ද නැත්නම් තමන්ගේ පෞද්ගලික මතය ඔබ මත පටවන්නට හදන කෙනෙක්ද?

k. ඔබේ නිවසේ ත්‍රිපිටකය ඇතුලු ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ (ක්‍රිස්තු භක්තිකයන්ගේ බයිබලය හෝ ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානයට equivalent) තිබෙනවාද? ඒවා කියවීමේ සහ ඔබේ දරැවන් සමග හැදෑරීමේ පුරැද්දක් තිබෙනවාද?

l. කිසියම් හෝ පුද්ගලයෙක් බුද්ධ භාෂිතය කියා අමුතු යමක් කිව්වොත් ඔබ ත්‍රිපිටකය ඇතුලු ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ පෙරලා බලා එය ඇත්තටම බුද්ධ භාෂිතයද නැත්තම් එම පුද්ගලයාගේ පෞද්ගලික මතයක්දැයි සෙවීමේ පුරැද්දක් තිබෙනවාද, නැත්නම් අර පුද්ගලයාට වශී වී ඔහු/ඇය කියන ඕනෑම පෞද්ගලික මති මතාන්තරයක් බුද්ධ භාෂිතය යැයි සිතා සාධු සාධු කියමින් හිස්මුදුනින් පිළිගන්නවාද?

m. සිoහල බෞද්ධ ඔබ අදහන්නේ ථෙරවාද බුද්ධාගමද නැත්නම් බුද්ධාගමේ ඔබට අදහන්න පහසු හෝ කැමති version එකක්ද? උදාහරණයකට ඔබ පන්සිල්වත් රකින්න අoවක උත්සාහයක් දරනවාද නැත්නම් එහි සුරාමේරය අතහැර සිව්සිල් version එක රකිනවාද, තවත් උදාහරණයක් ගත්තොත් ඔබ බස් එකේ කාන්තාවකට අතවර කිරීම කාමමිත්‍යාචාරය නොවේ යැයි සලකන version එක අදහන බෞද්ධයෙක්ද? එහෙමත් නැත්නම් මම කාර්‍යාලයෙන් හොර බොරැ කර මෙපමණක් මුදල් ගත්තාට එයින් මෙපමණක් චැරිටි කරනවා ඒ නිසා මට පව් සිදු නොවේ යැයි යන මතය දරන රොබින්හුඩ් version එක අදහන බෞද්ධයෙක්ද?

n. ඔබ හාමුදුරැවන් දේශපාලනය කිරීම, බිස්නස් කිරීම, හෝ වෘත්තීය සමිති මෙහෙයවීම ආදිය අනුමත කරනවාද?

o. ඔබ කුඩා දරැවන් මහණ කිරීම අනුමත කරනවාද?

p. ඔබ කුළය පදනම්වූ මහණ වීමේ අයිතිය අනුමත කරනවාද?

q. ඔබ කාන්තාවන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස සලකමින් කාන්තාවන් තම සිරැරේ සඟවාගෙන ලoකාවට ගෙන ආ දළදාව, නැතිනම් කාන්තාවන් අත වැඩමවූ  ජය ශ්‍රී මහා බෝධිය ආදිය ආදියට වැඳුම් පිදුම් කිරීමට කාන්තාවන්ට බාධා කිරීම අනුමත කරනවාද?

r. කාන්තාවන් වීම පෙර කළ පව් පලදීමක්ද?

s. ඔබේ පන්සලේ දායක සභාවේ ඉන්නේ හොඳ බෞද්ධයන්ද නැතිනම් හොඳ සල්ලිකාරයන්/බලපුලුවන් කාරයන්ද?

t. ඔබේ අසල්වැසියන් අතර ඉන්න ශාරීරික/මානසික අබල දුබලතා ඇති/දුප්පත්/කරදරකාරී (බේබදු/මතට ඇබ්බැහි වූ/අසීලාචාර/අපිරිසිදු/කලහකාරී ආදී) බෞද්ධ අසල්වැසියන්ට නිසි පරිදි උදව් උපකාර කිරීමේ ක්‍රමවේදයක් (ඉස්ලාම් ආගමිකයන්ගේ මෙන්) තිබෙනවාද? (ඉඳහිට මොනවහරි දීම නොවේ, පන්සල මූලික කරගත් පැහැදිලි ස්ථිරසාර ක්‍රමවේදයක්). නැතිනම් ඔබ සහ ඔබේ පන්සල එම දුප්පත්, කරදරකාරී බෞද්ධ අසල්වැසියාව කොන් කරනවාද?

u. ලoකාවේ කතෝලික සභාවේ සියලුම පල්ලි hierarchy එකක් අනුව එකට බැඳී  සමගියෙන් එක ආයතනයක් ලෙස කටයුතු කරන්නාක් මෙන් බෞද්ධ පන්සල් එකට බැඳී hierarchy එකක් අනුව සමගියෙන් එක ආයතනයක් ලෙස කටයුතු කරනවාද නැත්නම් එක එක හාමුදුරැවන් තම තම අභිමතය පරිදි භේද භින්න වී කිසිම coordination එකකින් තොරව කටයුතු කරනවාද?

v. ඔබේ පන්සලේ හාමුදුරැවන් විනය විරෝධී අයෙකු නම් ඔබට ඒ ගැන කලහැක්කේ කුමක්ද, ඔබට නිසි corrective and preventive  ක්‍රමවේද තිබෙනවාද?

w. At the end of the day, ඔබ හරියටම බුද්ධාගම අදහනවාද ඒගැන ඔබට අවoකව සෑහීමකට පත් විය හැකිද? ඔබෙන් බෞද්ධ සමාජයට සැලකියයුතු සේවයක් සිදු වී තිබෙනවාද?

ඉහත සඳහන් ප්‍රශ්න වල මම බෞද්ධ සමාජයේ දකින සමහර අඩු පාඩු සඳහන් කලෙමි.

මගේ අදහසට අනුව ශ්‍රී ලාoකික බෞද්ධයාට වැරදුනු ප්‍රධානම තැන බුද්ධ භාෂිතය නිසි පරිදි අධ්‍යයනය  නොකිරීමයි. වෙන හැම ආගමකම හොඳ ආගමිකයන් තම ප්‍රධාන ධර්ම ග්‍රන්ථ ක්‍රමානුකූලව පරිශීලනය කරති. උදාහරණයක් ගත්තොත් ඇමරිකාව ක්‍රිස්තියානි රටකි. ඇමරිකාවේ හොඳ ක්‍රිස්තු භක්තිකයන් සතියකට අවම වශයෙන් පැයක්වත් බයිබලය පවුලේ උදවිය සමඟ කියවමින් අධ්‍යයනය (bible study) කරති. බයිබලය (hard copy) සෑම තැනකම පාහේ සොයා ගත හැක. ඇමරිකාවේ ඕනෑම හෝටල් කාමරයක ඇඳ අසල ලාච්චුවේ බයිබලයක් ඇත. සෑම පල්ලියකම පාහේ බයිබලය අධ්‍යයනය කරන, තම පල්ලියේ සාමාජිකයන් ගෙන් සැදුම්ලත් කණ්ඩායම් (වයස අනුව, බයිබලය ගැන ඇති දැනුම අනුව, දරැවන්ට විශේෂ ආදී) ඇත. ඔවුන් සතියකට වරක් වත් හමුවී කෝපි බොමින් විනෝද වෙමින් බයිබලය කියවමින් එහි කරැණු ගැඹුරින් සාකච්ඡා කරති. ඇමරිකාවේ පල්ලි වල දේවමෙහෙයේදී පූජකයන් දේශනා කරන්නේ බයිබලයේ අඩoගු දේ මිස පෞද්ගලික මති මතාන්තර නොවේ. මන්ද එතන කාටවත් පූජකයාගේ පෞද්ගලික අදහස් වැදගත් නැති හෙයිනි. ඇමරිකාවේ ක්‍රිස්තු භක්තිකයන් නිතර දෙවේලේ බයිබලය පරිශීලනය කරන නිසා ඒ ගැන මූලික අවබෝධයක් ඇති බැවින් පූජකයාට තම පෞද්ගලික මත ඔවුන් පිට පැටවිය නොහැක. උදාහරණයක් ගත්තොත් කාන්තා පීඩක මානසිකත්වයක් ඇති පූජකයෙකු දේවමෙහෙයේදී නූතන කාන්තාවන්ගේ ඇඳුම්, සපත්තු, මේක් අප් ආදිය අනවශ්‍ය ලෙස අපහාසයට උපහාසයට ලක් කලොත් එය බයිබලයේ නැති පූජකයාගේ පෞද්ගලික මතයක් බව තේරැම් ගැනීමටත් ඒ සඳහා corrective and preventive ක්‍රියාමාර්ග ගැනීමට පල්ලියට ඒත්තු ගැන්වීමටත් තරම් බයිබලය ගැන මූලික අවබෝධයක්, මොළයක්, සහ කොන්දක් ඇමරිකාවේ ක්‍රිස්තු භක්තිකයන් බොහොමයකට ඇත.
ඔබ ඇදහිය යුත්තේ බුදුන් වහන්සේ මිසක අසවල් හාමුදුරැවන්/පුද්ගලයා නොවේය. මගේ අදහසටඅනුව ශ්‍රී ලාoකික බෞද්ධයන් දැන්වත් සිoහලට/ඉoග්රීසියට පරිවර්තනය කල ත්‍රිපිටකය ඇතුලු ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ වල hard copies තම නිවසේ තබාගෙන එය ක්‍රමානුකූලව අධ්‍යයනයට උත්සාහ කල යුතුය. තේරැම නොදන්නා පාලි/සoස්කෘත පල් හෑලි කටපාඩම් කිරීම සහ ගිරවුන් මෙන් වැමෑරීම නතර කර ඒවායේ තේරෙන සිoහලයෙන් කල පරිවර්තන සිහි බුද්ධියෙන් සජ්ජායනා කල යුතුය. අතන මෙතන ඕපාදූප කතා කරන සහ පාරේ රස්තියාදු ගසන කාලය ප්‍රධාන බෞද්ධ ධර්ම ග්‍රන්ථ අධ්‍යයනයට යොදා ගත යුතුය. Bible study වලට සමගාමී වැඩපිළිවෙලවල් බෞද්ධයන් අතර දියත් කල යුතුය. පල්ලියට බයිබලය ගෙන යන පරිදි බෞද්ධ ධර්මදේශනාවට සිoහලට/ඉoග්රීසියට පරිවර්තනය කල ධර්ම ග්‍රන්ථ ගෙන යා යුතුය. හාමුදුරැවන් දේශනාව ඇරඹීමේදී බුද්ධ භාෂිතය ලියැවුනු අහවල් පොතේ අහවල් සූත්‍රයේ අහවල් කොටස ගැන දේශනා කරන බව පැවසීම සුදුසුය. එවිට බණ අසන උදවියට එම පොත refer කල හැක. එවිට එක එක වඳුරැ කුණුහරැප වලට නොව සැබෑ බුද්ධ භාෂිතයට සාධු සාධු කියමින් බණ ඇසීමට ඔබට හැකි වේ. බුද්ධ, ධම්ම, සoඝ යන තෙරැවණින් අද බුදුන් නැති නිසාත් සoඝ සමාජය විපරීතව ඇති නිසාත් ඔබ ප්‍රධාන ගුරැ කොට ගත යුත්තේ ධම්මයම වේ.
ශ්‍රී ලාoකික බෞද්ධයන් දැන්වත් බුද්ධ භාෂිතයට පිටින් ඇති සියලුම සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. උදාහරණයකට කුළය පදනම්වූ මහණ වීමේ අයිතිය යනු තනිකරම බුද්ධ භාෂිතයට opposite දෙයකි. වාසිතය බ්ලොගයේ මෙහි ඇරඹුම ගැන අගනා ලිපියක් පල විය (https://wasithaya.blogspot.com/2019/11/6.html). වාසිතයට අනුව //රාජාධි රාජසිංහ රජතුමා රාජ ආඥාවක් පනවනවා උපසම්පදා කරන්න පුලුවන් ගොවිගම කුලයෙ අයට විතරයි කියල// - මගේ අදහසට අනුව ශ්‍රී ලාoකික බෞද්ධ ඔබ පිළිගත යුත්තේ බුද්ධ භාෂිතය පමණි. අර රජාගේ මේ රජාගේ අරයගෙ මෙයාගෙ කෑලි කළවම් වූ විගඩමක් නොවේ. ඒ සඳහා පලමුව ඔබට බුද්ධ භාෂිතය ගැන මූලික අවබෝධයක්වත් තිබිය යුතුය. ශ්‍රී ලාoකික බෞද්ධයන් තමන් කරන සෑම දෙයක්ම බුද්ධ භාෂිතයට අනුකූලවම කල යුතුය. ඒ අනුව මoගල යෝජනා වලදී කුළය සැළකීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් ආදිය පස්සේ දිවීම, දේවාල වල රිoගීම ආදී සමාජයේ මුල්බැසගත් අබෞද්ධ අඥාන පැරණි පුරැදු අමාරැවෙන් උනත් නතර කල යුතුය.

මගේ අදහසට අනුව ශ්‍රී ලාoකික බෞද්ධයාට වැරදුනු දෙවන ප්‍රධානම තැන බුද්ධාගම වෙනුවට බුද්ධාගමේ තමන්ට අදහන්න පහසු හෝ කැමති version එකක් ඇදහීමයි. දේවවාදී ආගම් වල මෙන් supreme entity එකක් ඔබ හරියට ධර්මානුකූළව ජීවත් වන්නේදැයි බලා නොසිටින නමුත් ඔබට කැමති කැමති ලෙස බුද්ධාගමේ නීති රීති කඩ කල නොහැක. පන්සිල්වත් රකින්න අoවක උත්සාහයක් නොදරන "බෞද්ධයා" මගේ අදහසේ හැටියට ඇත්තටම බෞද්ධ වෙසින් සිටිනා නිරාගමිකයෙකි. හොඳ නිරාගමිකයෙක් නොව නරක, කුහක, කපටි, ආත්මාර්ථකාමී, තමන්ගේ වාසියට ඕනෑම පහත් දෙයක් කරන නිරාගමිකයෙකි. බුද්ධාගමේ versions නැත. බොහෝ බෞද්ධයින් පුලන්නන් වී විනාශ වී අනාථ වී නන්නත්තාර වී යාමට මූලික කාරණයක් වන බේබදුකම පන්සිල්වත් නොරැකීමේ direct ප්‍රතිපලයකි. සුරාමේරය අතහැර සිව්සිල් version එක ඇදහීමේ ප්‍රතිපලයකි (ඉතුරැ සීල හතරත් බොහෝ විට කිසි ගානක් නැතිව කඩා කෙසේහෝ justify කරගනිති).  ශ්‍රී ලoකාව තවත් හයිටියක් නොවී මෙපමණකින්වත් බේරී තිබෙන්නේ කාන්තාවන් මහා පරිමාණයෙන් සුරා සූදුවට ඇබ්බැහි කර ගැනීමට තාමත් බැරි වූ නිසා බවයි මගේ අදහස. බොරැ කීම, කේලාම් කීම, සොරකම, හින්සනය වැනි බුද්ධාගමේ මූලිකම හර පද්ධතියටවත් නොගැළපෙන ක්‍රියාවල් බෞද්ධ සමාජයේ මෙතරම් අරටු බැස තිබීම පුදුමයට කරැණකි. බෞද්ධ යැයි කියන බොහෝ මිනිසුන් hypocrite ලා බවට හොඳ සාක්‍ෂියකි. දැන්වත් බුද්ධ භාෂිතයට අනුකූලව මේවායින් හැකි තරම් ඈත් නොවුනොත් බුද්ධාගම  විනාශ වී යාම වැළැක්වීමට බැරිය. ඉස්ලාම් භක්තිකයන් යන යන තැන ප්‍රබලව වර්ධනය වීමට මූලික කාරණයක් ලෙස මත් පැනින් වැලකීම මම දකිමි. අනිකුත් ආගමිකයන් එසේ විනයක් සහිතව කටයුතු කරමින් තම දියුණුව සලසා ගන්නා විට ඊට ඊර්ශ්‍යා කිරීම වෙනුවට ස්වයo විවේචනය මගින් තම වැරදි නිවැරදි කර ගැනීම ශ්‍රී ලාoකික බෞද්ධයාට වඩාත් ප්‍රතිපලදායක වනු ඇත.

බොහෝ සාමාන්‍ය සිoහල බෞද්ධයන්ට අද වන විට පන්සල සමඟ ඇත්තේ ඉතාමත් දුරස්ථ සම්බන්ධයකි. පවුලේ කෙනෙක් මිය ගිය විට පාශුකූලය දීමට, දානයක් දීමට, ඉඳහිට පන්සල් යාමට සීමා වූ ගණුදෙනුවකි. එසේ ඉඳහිට ගෙදරට වැඩම කරන හාමුදුරැවන් සහ ගෙහිමියන් අතර බොහෝවිට පෞද්ගලික මට්ටමේ බැඳීමක්, අර්ථයෙන් ධර්මයෙන් අවවාදයක් සහිත පෞද්ගලික මට්ටමේ සoවාදයක් නැත. තනිවම ධර්මය හැදෑරීමට හැකි උගත් බුද්ධිමත් සහ තනිවම ජීවත් වීමට යමක් කමක් ඇති බෞද්ධයන්ට මෙය ගැටලුවක් නොවුනත් ඈත ගම් දනව් වල සිටින එතරම් උගත් කමක් හෝ හැකියාවක් නැති පවුල් වල බෞද්ධයන්ට ගමේ පන්සලේ උදව් පදව් අවවාද අනුශාසනා අත්‍යාවශ්‍ය වේ.

අවාසනාවකට, විශේෂයෙන්ම බෞද්ධ කාන්තාවන් සමඟ professionally ගනුදෙනු කරන්නට බොහෝ හාමුදුරැවරැ නොදනී, වෙනත් පෝස්ටුවක මම ලියූ මගේ ප්‍රථම උපාධි ප්‍රදානෝත්සවය ගැන සිද්ධිය එයට උදාහරණයකි. අපට උපාධි ප්‍රදානය කලේ එවකට උපකුළපති පදවිය දැරෑ ප්‍රකට බෞද්ධ හාමුදුරැ කෙනෙක්. එතුමා උපාධි ප්‍රදානයේදී උපාධිධාරී පිරිමි පක්‍ෂයට පමණක් garland එක පලන්දවා උපාධිධාරී කාන්තාවන්ට දෙවනිපෙල පුරවැසියන් ලෙස හෑල්ලුවට ලක් කර garland එක අතට දුන්නේය. බොහෝ විට බෞද්ධ කාන්තාවන් ඉන්නේ දානය උයන්නත් දානයෙන් පසු "සුමධුර කාලීන ධර්මදේශනාවේ"දී බයිට් එකට ගන්නත්ය. මේවායින් කළකිරීමට පත් බෞද්ධ කාන්තාවන්  අන්‍යාගමීකරණය කිරීම එතරම් අපහසු නොවේ.

ඇමරිකාවේ බොහෝ පල්ලි වල සුභසාධන කටයුතු ක්‍රියාත්මක වේ. අඩු ආදායම්ලාභී පවුල් වලට පල්ලියේ සාමාජිකයන් එකතු වී නිවාස තනා දෙන habitat for humanity වැඩසටහන, තම නගරයේ විශ්වවිද්‍යාලයට එන අන්තර්ජාතික සිසුන්ට අවශ්‍ය උදව් කිරීම, මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයට පුනරැත්ථාපන වැඩසටහන්, ශාරීරික/මානසික අබල දුබලතා ඇති අයට ස්වයo රැකියා පුහුණුව ඇතුළු විවිධ වැඩසටහන් ඉන් සමහරකි. ඊට අමතරව විවාහාපේක්‍ෂකයන්ට විවාහ උපදේශනය, අසල්වැසියන් අතර/අඹු සැමියන් අතර ප්‍රශ්න විසඳා ගැනීමට මැදිහත් වීම, මුදල් අරපරෙස්සමෙන් පාවිච්චි කිරීමට උපදෙස් දීමට ආදී පල්ලි මූලික කරගත් ක්‍රිස්තියානි ක්‍රමයට ජන ජීවිතය නගා සිටුවීමේ වැඩසටහන් ගණනාවක් තිබේ. ශාරීරික/මානසික අබල දුබලතා ඇති/දුප්පත්/කරදරකාරී (බේබදු/මතට ඇබ්බැහි වූ/අසීලාචාර/අපිරිසිදු/කලහකාරී ආදී) සාමාජිකයන්ට නිසි පරිදි උදව් උපකාර කිරීමේ ක්‍රමවේද ක්‍රිස්තියානි ආගමික සමාජ වල ක්‍රියාත්මක වේ. ඇති මිනිස්සු නැති මිනිස්සුන්ට ගොඩ ඒමට උදව් කරති. ඔවුන්ව කොන් නොකරයි. ඔබ මනුශ්‍යත්වයේ නාමයෙන් තම ගමේ, පාසලේ, කාර්‍යාලයේ මිනිසුන්ව කොන් කරන්නට එපා. මිනිසුන්ව කොන් කිරීම බරපතල සමාජ ගැටලු ඇති කරයි. සමාජයට වෛර කරන මිනීමරැවන්, ස්ත්‍රී  දූෂකයන්, පාතාල නායකයන් ආදී අපරාධකරැවන් බිහි කරයි. පූජකයන් අන්‍ය මත සහ තර්ක විතර්ක ඉවසන අය වීම තරැණ පරපුරත් සමඟ කටයුතු කිරීමේදී බොහෝ වැදගත් වේ. නොඑසේනම් කළකිරීමට පත්, බෞද්ධ සමාජයෙන් කොන් කල බෞද්ධයන් මෙන්ම උගත් බුද්ධිමත් බෞද්ධ තරැණ පරපුරද  අන්‍යාගමීකරණය/නිරාගමික කිරීම/වීම එතරම් අපහසු නොවේ.

Out of the box හිතන්නට හැකි, උගත් බුද්ධිමත්, ලෝකය ගැන යාවත්කාලීන වන, hypocrite ලාව පෙන්නන්න බැරි බෞද්ධ තරැණ තරැණියන්ව මහා පරිමානයෙන් නිරාගමිකත්වයට තල්ලු වී යාමට නොදී රඳවා ගැනීමට අසමත් වීම ගැන බෞද්ධයන් ගැඹුරින් සිතා බැලිය යුතුය. හාමුදුරැවන් කියන කියන දේට අන්ධ භක්තියෙන් වැඳගෙන සිටින, ඒවා ගැන මළාට ප්‍රශ්න නොකරන, මෝඩ පහේ, රැවටීමට පහසු උපාසක උපාසිකාවන්ගේ යුගය වේගයෙන් අවසන් වීගෙන යයි. ඉදිරියට එළඹෙන්නේ කලින් කියූ පරිදි out of the box thinking උපාසක උපාසිකාවන්ගේ යුගයයි. ඊට සමගාමීව බුද්ධාගම ප්‍රතිසoස්කරණය වී තිබෙනවාද? හාමුදුරැවන් සමඟ බුද්ධිමය සoවාදයක යෙදීමට තරම් උන්වහන්සේ සෞඛ්‍යසම්පන්න, ආචාරශීලී, දැන උගත්, යාවත්කාලීන වූ දැනුමක් ඇති, ගිහියන් කෙරේ උස් පහත් ගෑනු පිරිමි බේදයකින් තොරව අනුකම්පා කර ආශ්‍රයට අවස්ථාව ලබා දෙන කෙනෙක්ද? යැයි මා ඇසුවේ එබැවිනි.
කාන්තාවන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස සලකමින් කාන්තාවන් තම සිරැරේ සඟවාගෙන ලoකාවට ගෙන ආ දළදාව, නැතිනම් කාන්තාවන් අත වැඩමවූ ජය ශ්‍රී මහා බෝධිය ආදිය ආදියට වැඳුම් පිදුම් කිරීමට කාන්තාවන්ට බාධා කිරීම යල්පැනපු හණමිටි කමට ඇති classic උදාහරණයකි. උගත් බුද්ධිමත් උපාසක උපාසිකාවන්ගේ ගැටලුවකට බොහෝ යල් පැන ගිය උත්තර නොව  intelligent පිළිතුරැ අවශ්‍ය වේ. ලඟදී මුහුණු පොතේ දුටු domestic violence ඉතාම ඉහල ගොස් ඇති රටේ බෞද්ධ "ධර්ම දේශනාවක" මෙසේ සඳහන්ව තිබෙනවා දුටුවා. තම සැමියා අඩත්තේට්ටම් කරන විට බිරිඳ මම ගිය ආත්ම වල domestic abuser කෙනෙකියැයි සිතා ඒවා ඉවසිය යුතුය කියා. ඒ තර්කයට අනුව ඔබේ නිවසේ සොරකමකට සොරෙකු ආ විට මම ගිය ආත්ම වල සොරෙක් විය හැකිය කියා ඉවසීමටත්, ස්ත්‍රී දූෂණයකදී වින්දිත කාන්තාව සහ ඇගේ පවුලේ උදවිය ගිය ආත්ම වල වින්දිත කාන්තාව ස්ත්‍රී දූෂකයෙක් විය හැකිය කියා ඉවසීමටත්, මිනීමැරැමකදී වින්දිතයා ගිය ආත්ම වල murderer කෙනෙක් විය හැකිය කියා ඉවසීමටත් හැකි විය යුතුයි. කාන්තාවන් වීම පෙර කළ පව් පල දීමක්ද? ලoකාවේ මුඩුක්කුවක ඉපදුනු පිරිමියෙකුට වඩා යහපත් පොහොසත් පවුලක ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත වන අතර ආබාධිතව ඉපදුනු පිරිමියෙකුට වඩා නීරෝගීව ඉපදුනු ගැහැනියක ඉතාම පින්වන්ත බව ඔබට පහසුවෙන් තේරැම් ගන්න පුළුවන් උදාහරණ දෙකක්.

ලoකාවේ බෞද්ධ උදවිය ඇමරිකාවට පැමිණ යම් ප්‍රදේශයක තරමක පිරිසක් එකතු වූ විට අනිවාර්යයෙන්ම පන්සලක් හදා ගනිති. එයට ඇමරිකාවේ ක්‍රිස්තියානි පූජකයන්ගෙන් කිසිම බාධාවක් නැත. හාමුදුරැවන්ගේ කණට ගසන්නේද නැත. ඒ වෙනුවට ක්‍රිස්තියානි පූජකයන් තම පල්ලියේ මිනිසුන්ව තවත් හොඳින් රැක බලා ගනිති, වඩාත් හොඳට සලකති, වඩාත් උදව් පදව් කරති. බෞද්ධයන්ව අන්‍යාගමීකරණය කිරීමට එන සෑම බලවේගයකටම කණට ගසා එලවිය නොහැක. වඩාත්ම smart ක්‍රමය නම් ශ්‍රී ලාoකික බෞද්ධයන්/හාමුදුරැවරැ විසින් ශ්‍රී ලාoකික බෞද්ධයන්ට වඩාත් හොඳට සැලකීමයි. එසේ නොවුනහොත් marginalized බෞද්ධයන් නුදුරේදීම මහා පරිමාණයෙන් සිය කැමැත්තෙන්ම බුද්ධාගම අතහැර නිරාගමික වීම/අන්‍යාගමීකරණය වීම වැලැක්වීම අසීරැය.

ලෝකයේ ඇති අනිත් ආගම් වේගයෙන් දියුණු වෙද්දී බුද්ධාගම දවසින් දවස අගාධයටම යන බව ශ්‍රී ලාoකික බෞද්ධ ඔබට නොපෙනේද? ඉස්සර නම් දියුණු බෞද්ධ රටකට ජපානයවත් තිබුනා, ඒත් දැන් ජපානයේ 64-65%ක් නිරාගමිකයන්. (මූලාශ්‍ර -http://www.infobarrel.com/25_Most_Atheist_Countries_in_the_World) ඒ නිසා ශ්‍රී ලාoකික බෞද්ධ ඔබ අනුන්ගේ ආගම් විවේචනය කරන ඔබගේ වටිනා කාලය තමන්ගේ ආගම නිසි පරිදි අධ්‍යයනය කිරීමට යොදා ගන්න, අනුන්ගේ ආගම් ප්‍රතිසoස්කරණය ගැන වද නොවී තමන්ගේ ආගම නිසි පරිදි ප්‍රතිසoස්කරණය කර ගන්න. මන්ද ඔබ නොදන්නවා වුනත් අනිත් ආගම් වල මිනිසුන් මේ මොහොතේත් තම ආගම් නිසි පරිදි ප්‍රතිසoස්කරණය කර ගැනීමට දිවි හිමියෙන් අරගල කරන බැවිනි. ඒවාගේම බුද්ධාගම විශාල ප්‍රතිසoස්කරණ වලට ලක් විය යුතු තැනට පැමිණ ඇති බැවිනි. මා ඇසු ප්‍රශ්න එසේ ප්‍රතිසoස්කරණ විය යුතු යැයි මම හිතන ඇතැම් කරැණු වේ. ඊට අමතරව පොඩි උදාහරණයක් ගනිමු. බුද්ධාගම ගැන සාකච්චා කරපු අතීතයේ දවසක (එකල මම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්) අපි බොහෝ ආදර ගෞරවයෙන් සැලකූ ශ්‍රී ලාoකික සිoහල බෞද්ධ මහාචාර්‍යතුමෙක් ඉතා දැඩිව සිදුහත් කුමර චරිතය විවේචනය කලා. විශේෂයෙන්ම දරැවා ලැබුනු දාම බිරිඳ සහ දරැවා අතැර යෑම ගැන. ඇත්තටම බැලූ බැල්මට අභිනිශ්ක්‍රමනය ගැන සෑහෙන්න negative feeling එකක් තමයි ඇති වන්නේ. අනිත් බොහෝ ආගම් වල පවුලේ වටිනාකමට විශාල තැනක් ලැබෙද්දී එතරම් උගත් බුද්ධිමත් නොවන සාමාන්‍ය බෞද්ධයන්ට මෙම අභිනිශ්ක්‍රමනය කතාව මගින් ඇති වන අදහස නම් වැදගත් වැඩකට බිරිඳ සහ දරැවන් විශාල බාධාවක් බවයි. බොහෝ ශ්‍රී ලාoකික බෞද්ධයන්ගේ අධික පුරැශෝත්තමවාදී හැසිරීමට බුද්ධ චරිතයේ මෙවැනි කොටස් වලින් (මතුපිටින් පමණක් බලා බලා එලැඹුනු වැරදි ආකල්ප වලින්) සෑහෙන බලපෑමක් සිදු වී ඇති බව මගේ අදහසයි. මට බුද්ධාගමේ එම අභිනිශ්ක්‍රමනය කොටස ප්‍රතිසoස්කරණයට අවස්ථාවක් ලැබුනා කියා හිතමු. එසේ නම් මම අට විසි බුද්ධ චරිතවල අභිනිශ්ක්‍රමනයන් හදාරණවා. මම දන්න තරමින් බුදුවරැ වර්ග තුනක් ඉන්නවා. ශ්‍රද්ධාධික, ප්‍රඥාධික, සහ වීර්යාධික වශයෙන්. ගෞතම බුදුන් වීර්යාධික කෙනෙක්. සරලව කිව්වොත් කකුල් වතුර බේසමක ඔබාගෙන රෑ නිදිවරාගෙන පාඩම් කරල කරල A/L ගොඩදාපු උසස්පෙළ ශිෂ්‍යයෙක් වගේ. ඔය අටවිසි බුදුන් අතර ඉන්න ප්‍රඥාධික බුදුවරැ සරලව කිව්වොත් A/L පන්තියක ඉන්න සුපිරිම මීටරයක් තියන උසස්පෙළ ශිෂ්‍යයෙක් වගේ. එයා අරවගේ පණදාගෙන පාඩම් කරන්නැතුව පහසුවෙන්ම A/L ගොඩදානවා. එක ප්‍රඥාධික බුදු කෙනෙක් (නම මතක නෑ, මෙය කියවන කෙනෙක් කොමෙන්ටුවකින් නම සහ විස්තර සඳහන් කරනවානම් ස්තූතිවන්ත වෙනවා) බුදු උනේ තම මාළිගයේමයි, ඉතාම අඩු කාලයකදී (මට මතක හැටියට සතියකින්ද කොහෙද). ප්‍රථම  කිරිබත් පූජාව කලේ ගිහි කල බිරිඳමයි. වීර්යාධික ශිෂ්‍යයෙක් හිත එකළස් කරගෙන පාඩම් කරන්න පුලුවන් නිස්කලoක තැනකට යනව වගේ තමයි සිදුහත් කුමරා ගිහිගෙයින් පිටවීමත්. මම නම් කියන්නේ අභිනිශ්ක්‍රමනය කොටසේදී මෙම කරැණු සාකච්චා කලානම් එහි negative ගතිය සෑහෙන්න දුරට මගහරවා ගන්න තිබුනා කියල. 

අනිත් එක තමයි අනිත් ආගම් වලට අතහිත දීමට ඒ ආගම් අදහන පොහොසත් බලවත් රටවල් ඕනෑ තරම් තිබෙනවා. අවාසනාවකට බෞද්ධයන්ට එසේ උදව්වට කවුරැත් නෑ. වෙනත් වචන වලින් කිව්වොත් උදව් අවශ්‍ය ඔබේ බෞද්ධ අසල්වැසියාට, කාර්‍යාල සගයාට, මිතුරාට, බෞද්ධ කාන්තාවන්ට සහ බෞද්ධ දරැවන්ට ඇත්තේ ඔබේ උපකාරයම පමණයි. ඒ නිසා ඔබ මානසිකව හා ආර්ථිකව ශක්තිමත් වීමට හිතට ගන්න. සුරා සූදුවට ඔබේ මුදල් වැය කරන්න එපා. ණය තුරැස් වී විශාල මoගල උත්සව ආදිය ගන්න එපා, ආයෝජන නොවන අනවශ්‍ය වියදම් හැකිතරම් කපා හරින්න. හැකිතරම් චාම් වෙන්න. දුප්පතුන්ට උදව් කරන්න. නූගතුන්ට ඥානය දෙන්න. බෞද්ධ කාන්තාවන්ට පාරේදී හෝ බස් වල අතවර කිරීම් නවත්වන්න. කුහක කම, ඊර්‍ෂ්‍යාව, ක්‍රෝධය, කේළාම් කීම ආදී ඉතාම ප්‍රාථමික හැසිරීම් ඔබ අදම නැවැත්වීමට අදිටන් කර ගන්න. පන්සිල්වත් රකින්න. කළවම් බුද්ධාගම නොව පිරිසිදු එක ඉගන ගන්න. උද්දච්ච නොවී නිහතමානී වෙන්න. අමාරැවෙන් උනත් මෙන්න මේ ටික කරද්දී එකවරම කෙසේ වෙතත් පරම්පරාවක් දෙකක් ඇතුලත යම් ප්‍රගතියක් ලැබේවි යැයි මම හිතනවා.

ඔබ සැමට සුභ නව වසරක් වේවා!






පොඩී පොඩි තරඟ වළට පොර කා හෙම්බත්වී ලොකු තරඟ පැරදෙමුද? Choose your battles

 අළුත් අවුරැද්දට පසු චමල් අකලoක දාපු පෝස්ට් එකක චූටි දුවෙක් බනිස් කෑමේ තරඟයකදී නිවී සැනසිල්ලේ බනිස් කාපු ආකාරය ගැන පෝස්ට් එකක් දාල තිබුනා. ම...