Sunday, June 8, 2025

සුපර් පවර්ස් තිබේ නම් පාවිච්චියට පෙර හරියට මැනේජ් කරන්න ඉගෙන ගන්න

අපි සුපර් හීරෝල එතකොට ඔය හොල්මන් පේන එක වගේ අමුතු හැකියාවල් තියෙන උදවිය  ඉන්න චිත්‍රපටි හරි සීරීස් හරි බලනකොට අනිවාර්‍යයෙන්ම වගේ දකින දෙයක් තමයි ඒ අය මුළදි තමන්ගෙ සුපර් පවර් එක අඳුරගන්නයි පාලනය කරන්න නොදැන විසාල ගැටළු වලට මූණ දෙන බව. පස්සෙ පස්සෙ තමන්ට සුපර් පවර් එකක් තියෙන බව තමන් ඇක්නොලේජ් කරල ඒක පාලනය කරන්න ඉගෙන ගත්තට පස්සෙ තමා ඒකෙන් හරියටම තමන්ටයි ලෝකෙටයි යහපතක් වෙන විදිහට වැඩ ගන්නෙ. මේ වෙලාවෙ stranger things කතා මාලාවෙ 11ව, the fifth element ලීලෝ, the last air bender එකේ පොඩ්ඩා එහෙම මතක් වෙනව. 

අපි සමහරැන්ටත්  සුපර් පවර් තියෙනව. ඒව චිත්‍රපට වල වගේ විචිත්‍ර, පිටත දේවල් වෙනස් කල හැකි සුපර් පවර් නොවේ. නිහඬ, තමන් ඇතුළතට යොමු වූ පවර්ස්. ඒව හරියට මැනේජ් නොකර පාවිච්චි නොකලොත් තමන්ව විනාස වෙනව.

සහකම්පනය කියන්නෙ එහෙම සුපර් පවර් එකක්. දැඩි සහකම්පනයක් සහිත, ඒක සුසර කරන ලද පුද්ගලයෙක් walking talking lie detector එකක්. ඔවුන් තමන් ඉස්සරහ රඟපාන අයව හඳුන ගන්නව. ඒකට හේතුව ඔවුන්ට පුළුවන් අනෙකාගේ ශරීර භාෂාවේ ඉතාම සියුම් වෙනස්කම්, වචන වල ස්වරයේ, ඇස් වල බැල්මේ සහ වෙනත් ආකාර වල ඉතාම සියුම් වෙනස්කම් හඳුනා ගන්නට. ඒ නිසා අපතයන්ගෙන් ගැළවීමේ පුදුමාකාර හැකියාවක් ලැබෙනව සහකම්පනය සුසර කර ගත්තොත්. සහකම්පනය සුසර කර ගත් උදවිය empowered empathල කියල හඳුන්වනව.

සහකම්පනය කියල කියන්නෙ සුසර කර නොගත්තොත් මහ විනාසයක් විය හැකි පවර් එකක්. මම පෙර ලිපියක සඳහන් කලා හොඳ ගෑනුන්ට නරක පිරිමි උදවිය සෙට් වෙන්න මූළිකම හේතුවක් කියල මෙම සුසර කර නොගත් සහකම්පනය කියන්නෙ. උදාහරණයකට, එවැනි වංචනික පිරිමි සහකම්පනයක් සහිත ගෑනුන්ට තමන්ගෙ දුක කියල ඒ ගෑනු තමන්ගෙ උගුළට හසු කරගෙන, තමන්ගෙ වැඩේ කරන් මාරැ වෙනව. මේ නිසා සහකම්පනයක් සහිත ගෑනුකෙනා මුළු ජීවිත කාලෙම සෆර් කරනව.

මේකට හොඳම උදාහරණයක් තමා සීනත් අමාන්ට වෙච්ච දේ. සීනත් අමාන් කියන්නෙ පැරණි හින්දි සිනමාවේ හිටපු ඉතා සුන්දර, සෙක්සි, ජනප්‍රිය නිළියක්. එයාගෙ හොඳම කාලෙ ඕනතරම් කඩවසම් තනිකඩ පිරිමි සීනත්ට පිස්සු වැටිල හිටියත්, විවාහක චිත්‍රපට අධ්‍යක්‍ෂකයෙකු වූ සන්ජේ ඛාන් (රිතික්ගෙ එක්ස් සුසෑන් ඛාන්ගෙ තාත්ත) සමඟ සෙට් වෙනවා. සන්ජේ කාන් සීනත්ව සෙට් කර ගන්නේ ගෙදර ගෑනි මට සළකන්නෙ නෑ  බ්ලා බ්ලා බ්ලා තැටිය වාදනය කරල ඒ ගැන අනුකම්පා කරපු සුරෑපී සීනත්ව ක්‍රමයෙන් රවටගෙන. හරි ඒක කමක් නැහැ කියමුකො. සීනත් අතෙත් වැරැද්දක් තියෙනවනේ. සමහරැ කියනව සීනත්වත් බැන්දලු ටික කාලෙකට. නමුත් මේ මෘගයා ටික කාලෙකට පස්සෙ සීනත්ට මාර වැඩක් කරනව. පාටියකටය කියල සීනත්ව තැනකට ගෙන්නල ක්‍ෂේත්‍රයේ දෙනෝදාහක් ඉස්සරහ ගෙදර ගෑනි  එක්ක එතෙනට ඇවිත් ගෙදර ගෑනි එක්ක සෙට් වෙලා සීනත්ට අම්බානකට පහර දෙනව, විශේෂයෙන්ම සීනත්ගෙ මුහුණ විකෘති කරන්න මූණටත් පහර දෙනව. සීනත්ගේ අදටත් තියෙන එක ඇසක ස්ලීපි අයි තත්වය ඒ පහර දීමේ ප්‍රතිපලයක්. සංජේට සීනත් මොන තරම් ආදරය කලාද කියනව නම් මේක පොලීසි උසාවි නොයවා, අඩු තරමේ හොස්පිටල් නොගොස්, ඇය ගෙදර මාස ගණනාවක් රහසේ ප්‍රතිකාර ගන්නව. ඒ සිද්ධිය නිසා සීනත් මුළුමනින්ම බිඳ වැටෙනව. ඇය නෝමල් ජීවිතයක් ගත කරන්න උත්සහ කලත් මම හිතන්නෙ නෑ ඒක හරි ගියා කියල. මුළදි සීනත්ට ගෑනිගෙ වැරදි කියල, වැඩේ කරගෙන, පස්සෙ ක්‍ෂේත්‍රයේ දෙනෝදාහක් මැද, සීනත්ට ගෑනි එක්ක බරපතල ලෙස බිම දාන් පයින් ගහද්දී, උඹ මහ වල් ඒසියෙක් උඹ මගේ හොඳට තියෙන පවුල කඩන්න ආව කියල, සුරෑපී සීනත්ට අවලස්සන මෘග මිනිහ කියනකොට, සීනත් පරක්කු වැඩියි. සන්ජේ ඛාන් කර්මානුකූළව ගින්නකට හසු වෙලා සෑහෙන්න පිච්චෙනවා. 

පර්‍යේෂකයො දරැණු අපරාධ වලට හිරේ ඉන්න අපරාධකාරයන්ගෙන් තමන් අපරාධයක් කිරීමට පෙර ඒ සඳහා පුද්ගලයෙක්ව ටාගට් කරනවද කියල අහල තියෙනව. උදාහරණයකට, අපරාධකාරයා කාලෙන් කාලෙට මිනිස්සු පැහැරගෙන ගොස් වද දීල ම.රල ආතල් ගන්න මානසික රෝගියෙක් නම්, එසේ මිනිස්සු පැහැරගන්න සැළසුම් කරද්දි යම් පුද්ගල ස්වභාවයක් ටාගට් කරනවද කියල පර්‍යේෂකයො අහල තියෙනව. උත්තරය වෙලා තියෙන්නෙ, ඔව්. ඔවුන් ටාගට් කරන්නේ සහකම්පනයක් සහිත මිනිසුන්ව. (ඔවුන් තව සාධක බලල තියෙනව, වටපිට ගැන අවධානයක් නැති කම වගේ සාධක). 

සුසර කර නොගත් සහකම්පනය නිසා වෙන්න පුළුවන් අවාසි අතර සීනත්ට උනා වගේ තමන්ට වඩා හැම අතින්ම පහත් තුච්ඡ පාට්නර් කෙනෙක්ට සෙට් වෙලා තමන්ව විනාස වීම, රටේ ඉන්න හැම එකාම දුක කියන්නට ඒම නිසා තමන්ගෙ වැඩ පාඩු වීම, අනුන්ගෙ දුක ඇබ්සෝබ් කර ගැනීමෙන් මනසට අධික වෙහෙසක් දැනීම, අපතයන්ට උදව් කරන්නට ගොස් නරක නාමය ලැබීම ආදිය දක්වන්නට හැකියි. සුසර කර නොගත් සහකම්පනය සහිත මිනිස්සු නොයෙකුත් ගෲප් වල පෝස්ට් දානව මම මේම මේම කරලත් මට උනේ මේකයි කිය කියා. 

සුසර කර නොගත් සහකම්පනය සහිත උදවියගේ මේ ලක්‍ෂණ තියෙනවා.

Energy vampires සහ narcissists ආකර්ෂණය කර ගැනීම

අත හැර දැමිය යුතු සහකරුවන් ආකර්ෂණය කර ගැනීම 

නිදන්ගත සෞඛ්‍ය තත්වයන්

ස්වයං ප්‍රතිශක්තිකරණ ගැටළු

ආහාර ජීර්ණ ගැටළු

මානසික අවපීඩනය සහ කාංසාව

චිත්තවේගීය කැළඹීම්

Disharmonious සිතුවිලි හෝ racing සිතුවිලි - අභ්‍යන්තර සාමය බිඳ වැටීම

නින්ද නොයාම

බර ගැටළු (අන් අයගේ ශක්තීන් රැගෙන යාම)

ජීවිතයේ තේරීම් කිරීමේ දුෂ්කරතා

සුසර කර ගත් සහකම්පනය සහිත උදවිය තද සීමා මායිම් පැනවීම සහ තමන්ගේ අවශ්‍යතා පිළිබඳව අවධානය දීම. උදාහරණයකට, ඔවුන් පුරැද්දට කම්ප්ලේන් කරන නෙගටිව් මිනිස්සුන්ට පව් කියල තම කාලය දෙන්නෙ නෑ. ඒ වගේම මනසට මහන්සියක් දැනෙනවනම් බාහිර සමාජයේ ප්‍රශ්න විසඳන්න කළින් විවේක අරන් ඉස්සරල තමන් සුවපත් වෙලා තමා අනුන් සුවපත් කරන්නෙ. මේ නිසා සුසර නොකල එම්පාත්ට ඇති වන දැඩි මානසික වෙහෙස සහ ශක්තිය හීන වීම වෙනුවට සුසර කල එම්පාත් මාර ජවයකිනුයි ඉන්නේ. ඔවුන් කිසිම වෙලාවක අනුකම්පාව ඉල්ලගෙන එන රට කපටින්ට හසු වෙන්නෙත් නැහැ. නැහැ බැහැ එපා කියන්න බැරි, අනුන් සතුටු කරන්නන්ද නොවේ. ඔවුන් තමන්ට කල හැකි සීමාව දනී. ඒ සීමාව තුළ උපරිමයෙන් අනුන් වෙනුවෙන් කැප උනත් අනුන්ට තමන් විනාස කිරීමට ඉඩ නොදේ.






No comments:

Post a Comment

Send me on my way - පිරිමියෙක් (හෝ ගැහැණියක්) ආකර්ශනීයම ඔහු/ඇය හදවතින්ම ගයන/වයන/රඟන විටද?

Rusted Root - Send Me On My Way - 2/22/2016 - Paste Studios, New York, NY රස්ටඩ් රෑට් ඉහත ගීතය මුල් වරට පටිගත කලේ අනූ දෙකේදි. ඉතාම සරළ වචන ට...