Monday, April 20, 2020

බේබදු පීඩකයෙක් කසාද බැඳල ඔබේ සතුට නැති කරගන්න ඔබ තුමියට මෝඩ උපදෙස් ලබා දුන්නේ කවුද

Image may contain: one or more people

නැවතත් අසමි, බේබදු පීඩකයෙක් කසාද බැඳල ඔබේ සතුට නැති කරගන්න ඔබ තුමියට මෝඩ උපදෙස් ලබා දුන්නේ කවුද? 

Sunday, April 19, 2020

පීඩකයා සමඟ නොව පීඩිතයා සමඟ හිටගන්න

Image may contain: 6 people, text that says 'වේදනාවෙන් ගැලවෙන්න තමන්ටම හානි කරගන්න මිනිස්සු ඔබ ABUSER එක්ක හිටගන්න එපා VICTIM එක්ක හිටගන්න Gray'

අළු (https://www.facebook.com/srikankanpeople/photos/a.1611154379158073/2581643065442528/?type=3)  යනු බුකියේ තිබෙන හොඳ අදහස් සහිත තැනක්, මම නිතර යන එන. ඉන් මේ ලිපිය උපුටාගන්නට හිතුනා.


"වේදනාවෙන් ගැලවෙන්න තමන්ටම හානි කරගන්න මිනිස්සු .....


ඔබ දැකල ඇති සමාජයට පිළිගන්න බැරි ජීවිත ගත කරන මිනිස්සු. සමහර මිනිස්සු ලෝක පූජිතයි. හැබැයි ඔවුන් මත්ද්‍රවය ගන්නවා, එක්කෝ දුරාචාරී ජීවිත ගෙවනවා, එහෙමත් නැත්නම් කෙළවරක් නැතිව විකාර වැඩ කරනවා. ඒවා නිකන් එලියට පෙනෙද්දී මහා විකාර.


“මයිකල් ජැක්සන්” ගෙවුවේ අමුතු ජීවිතයක්. පෙනුම වෙනස් කරන්න නොකරපු දෙයක් තිබ්බේ නැහැ. “එමිනම්” ලෝකේ වැඩිම ගානක් ඇල්බම් විකුනපු ගායකයා වෙලා මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වුණා. ඒ ගත්තු දහ ජරාව ඔහුගේ පෙනුම පවා උදුරා ගත්තා. “ඇන්ජලිනා ජොලී” තරුණ කාලේ ගෙවපු ජීවිතේ ගැන ඔබ දන්නවා ඇති. “මාරියෝ Puzo” ලෝකයේ වැඩිම අලෙවි වාර්තා තිබ්බ ලේඛකයෙක් වෙලා ( God father ලියපු කෙනා) සූදු කෙලීමෙන් ඒ මුදල් සේරම වියදම් කරා. හොලිවුඩයේ ඉහල නමක් දිනාගත්තු “ලියනාඩෝ කැප්‍රියෝ” අදටත් අවිවාහක ස්ත්‍රී සේවනය ජීවිතේ කරගත් මිනිහෙක්.


මේ සේරම පුද්ගලික ජීවිත වල කුණු ලිවුවේ ඔවුන්ට අපහාසයකට නෙවේ... අපි දකින්නේ ප්‍රතිපලය විතරයි. ඒ නිසා අපි ඔවුන්ට ගහන්න ලේසියෙන් ගල් මුගුරු අතට ගන්නවා. නමුත් මේ මිනිස්සු හැමෝගෙම ජීවිත වල ළමා කාලේ ලොකු අඳුරක් තියෙන මිනිස්සු.


මට මතකයි එක දවසක මයිකල් ජැක්සන් කඳුළු හලමින් Interview එකකදී කියනවා ඔහුගේ පියා ඔහුට කුඩා කාලේ දුන්න දැඩි වේදනාව. ඔහුට පහර දුන්න හැටි. එහි ප්‍රතිපලයක් විදිහට ඔහු කවදාවත් ඔහුගෙන් සෑහීමට පත් වුනේ නැති ආත්ම විශ්වාසය බින්දුවටම බැහැපු පුද්ගලයෙක් වුණා. අධිකව බෙහෙත් වලට සහ සැත්කම් වලට ඇබ්බැහි වුනේ මෙන්න මේ වේදනාව cope කිරීමට mechanism එකක් විදිහටයි. ඔහුට approval එක ලැබුනේ Perform කිරීමෙන් විතරයි. ඔහුගේ ළමා කාලය කියන්නේ "දරුණු වනේ වන හතුරෙක්ටවත්" ලැබෙන්න ඕනේ නැති ළමා කාලයක්. එමිනම්, ලියනාර්ඩෝ ඔය හැමෝගෙම ළමා කාල කියන්නේ දෙමාපියෝ අතින් දරුණු ලෙස අපයෝජනයට ලක් වුන කාල. අපයෝජනය කියන්නේ ලිංගික අපයෝජනය නෙවේ.


දරුවෙක්ට හැදෙන්න ඕනේ ආදරය, කරුණාව, රැකවරණය , අගය කිරීම, ආරක්ෂාව. ඒ දේ තමන්ගේ primary caregivers ලා දෙදෙනා නොදෙනවා නම් පුංචි දරුවෝ අසීමිතව මානසිකව තැලෙනවා. ඔවුන් ඒ trauma එක පාස් කරලා ලොකු වුනාට වැඩිහිටි වියේදී ඒ දරුණු වේදනාව එක්ක තමා හැම මොහොතම ගෙවන්නේ. ඒ වේදනාව නිවා ගන්න ඔවුන් මත්ද්‍රව්‍ය , අපරික්ෂාකාරී හැසිරීම් , භයානක සිරිත් වලට හුරු වෙනවා. සමාජය ඔවුන්ගේ නරක කියල හංවඩු ගැහුවට ඒ මිනිස්සු ඇතුලෙන් දැවී දැවී ජීවත් වෙන්නේ. විසෙන් විස නසනවා වගේ තමයි ඒ තමන් දැවෙන වේදනාව සමනය කරගන්න ඔවුන් භයානක මිනිස්සු වෙනවා.


මොනවා ලැබුනත් අසන්තෝශය ඔවුන්ගේ ජීවිත හඹාගෙන එනවා.


මේ අතරේ තව පිරිසක් ඉන්නවා ටික දෙනෙක්....


ඔවුන් මේ ලැබෙන දරුණු අත්දැකීම්, ළමා කාලේ ජීවිතේ අත්දුටු වේදනාව එක්ක ලෝකෙට යහපතක් කරන මිනිස්සු වෙනවා. මහා ලේඛක "මැක්සිම් ගෝර්කි" කියන්නේ එහෙම කෙනෙක්. ඔහු තමන්ගේ ජීවිතේ ලද දුර්භාග්‍යය තුලින් මහා ලේඛකයෙක් වෙනවා. හැබැයි මම තර්ක කරනවා හැම දුකම අස්සේ ඔහුට හරි ශක්තිමත් ආදරයක් ඔහුගේ Primary caregiver වුන ආත්තම්මා ගෙන් තිබුණා. ඔහුගේ ලේඛකත්වයේ සැබෑ හිමිකම ඒ "අකුලිනා" කියන දුප්පත් සුන්දර ගැහැණියට සදාකල් හිමි වේවා.


හොලිවුඩ් නළු "Keanu Reeves" ඔහුගේ ජීවිතේ ලමාකාලේ ලද දුර්භාග්‍යය නිසා වැටුන මිනිහෙක් නෙවේ. ඔහු ඒ වෙනුවෙන් ලෝකයට මල් පුබුදුවනවා.


ඇමරිකාවේ වහල් මෙහෙය තුරන් කළ විශිෂ්ට ජනපති "ඒබ්‍රහම් ලින්කන්" තුමා ඔහුගේ පියාගේ මරණයට වත් නොයන තරමට ඔහුට අප්‍රිය කළා. නමුත් තමාගේ ජීවිතේ අභාග්‍යය, පහරදීමෙන් ඇතිවෙන පීඩනය සමනය කරගත්තේ වහල් මෙහෙය ලෝකයෙන් තුරන් කිරීමට මුල් ගල තබමින්. මනුස්සයෙක් තව මනුස්සයෙක්ගෙන් ගුටි කන එකේ අමිහිරි බව ඔහු වින්දේ ඔහුගේ ළමා කාලේ ඔහුගේ පියාගෙන් මයි.


ඇමරිකාවේ බලවත්ම කළු ජාතික ගැහැණිය "Oprah Winfre" අවුරදු 13 දී ළමයෙක් ලැබිලා, මත්ද්‍රවය වලට ඇබ්බැහි වුන කෙනෙක්. ඇය ජීවිතේ වෙනස් වුණා.


මේ ලිපියේ පණිවිඩ කීපයක් තියනවා.....


1) ඔබ ඔබේ තිබෙන කාමාශාව නිසා ගැහැනියක් මිනිහෙක් එක්ක එක් වෙලා මේ ලෝකෙට උපද්දවන දරුවන්ට මොනම විදිහකින් වත් හිංසා කරන්න බැඳිලා නැහැ. වැඩිහිටියා හැම විටම හරි කියන අපේ වගේ රටවල දරුවෝ දෙමාපියෝ අතින් අපේ රටේ ගොඩක් අවස්ථා වල අපයෝජනයට ලක් වෙනවා විතරක් නෙවේ.... ඒ ළමයා තමයි සමාජය මගිනුත් වැරදිකාරයා වෙන්නේ. මොකද මවු ගුණේ, පියගුනේ වමාරලා කාල ජීවත් වෙන මිනිස්සුන්ට එහෙම නැති abusive parents ලා ඉන්නව කියන එක පිළිගන්න බැහැ.


2) මනුස්ස්යයෙක් ජීවිතේ වැරදි වැඩක නිරත වෙද්දී එහි තිබෙනවා හඟවා ගත හේතු රැසක්. ඒ නිසා ඒ දෙස සානුකම්පිතව බලන්න. එක වරම Judgement pass කරන්න කරදර වෙන්න එපා. අසාර්ථක දරුවෙක්ගේ පිටිපස්සේ නිතරම සුදු රෙදි පොරෝගෙන ඉන්න දෙමාපිය වෙසින් ඉන්න යක්කු ඉන්නවා.


3) ඔබ ළමයෙක් ලෙස abuse වුනා නම් ඔබේ දෙමාපියන් අතින් ඔවුන් අතහැර දමන්නට ඔබට අයිතියක් තියනවා. මොකද ඔබේ ජීවිතේ ඉතුරු අර්ධය හරි සතුටින් ගෙවීමේ වගකීම තියෙන්නේ ඔබට. ඔබේ සතුට ගැන, ඔබේ හිතේ නිදහස ගැන ඔබ වගකීම ගන්න. ගින්දර ජීවිතේට කිට්ටු කරගන්න කරගන්න ඔබ පිච්චෙනවා.


"Sir Elton John" ගේ ජීවිත කතාව බැලීමේ කම්පනයෙක් මේ ලිපිය ලීවේ. ඔහු drug addict කෙනෙක් ලෙසට ජීවිතේ විනාස කරගෙන අවසානයේ මානසික රෝහලක නතර වෙලා therapy කරනවා. නැවත සමාජ ගත වෙනවා. ඔහුගේ වටේ ඉන්න ඔහුව කන්න බලාගෙන ඉන්න toxic දෙමාපියන්ගෙන් ඉවත් වෙනවා. ඔහු එහෙම නොකරන්න මේ වෙද්දී මියගිය තැනක ගසුත් පල දරලා තිබෙන්න තිබුණා. නමුත් ඔහු රැජිනගෙන් නයිට් පදවිය ලද කීර්තිමත් ගායකයෙක් ලෙස දරු දෙදෙනෙක්ගේ පියෙක් ලෙස ඔහුගේ ජීවිතය හොඳින් ගෙවනවා.


සමහර දෙමවුපියෝ දරුවන්ගේ ජීවිත කන්නේ මලකඩ විසින් යකඩ කනවා වගේ. හෙමින්ම දිරල වැඩක්ම නැති තැනට ගේනවා. මේ වගේ මිනිස්සු දුරු කරලා ඉද්දි "පවු ඩියර්, දෙමාපියන්ට කතා නොකර ඉන්න එපා, කොහොම කරත් ඉවසන්න" කියන එක කරන්න එපා. මොකද ඒ මනුස්සයෝ උඩින් OK වගේ හිටියට ඇතුලින් විඳින දුක ගොඩක් වැඩියි.


ඔබ abuser එක්ක හිටගන්න එපා. Victim එක්ක හිටගන්න.


දරුණු මතක ඔබේ හිත හොල්මන් කරනවා නම් මනො වෛද්‍ය සහය ගන්න. ඔවුන් ළඟ ක්‍රම තිබෙනවා ඔබව සුවපත් කරන්නට.


රෙශිකා දිසානායක ගොඩකන්ද මහත්මිය ලියන ලද ලිපියක් ඇසුරිනි ..

අළු හිතන මිනිස්සු කියවන පිටුව"


මම ඉතාමත්ම ස්තූතිවන්ත වෙනවා මේ ලිපියේ අදහස් වලට. ලoකාවෙ හුඟක් අය ඇන්ජලීනට, එල්ටන්ට, මයිකල්ට හෝ බටහිර සෙලබ්‍රිටීස්ලට දක්වන අනුකම්පාවෙන් දශමයක්වත් තමන්ගෙ මිනිස්සුන්ට නොදක්වන බව මතක් කල යුතුයි. උදාහරණයකට වික්ටර් රත්නායක ගනිමු. ඔහුට තම අභාවයට පත් පුත්‍රයා අරභයා අධික මානසික පීඩනයක් අසාධාරණ ලෙස ඔබ එල්ල කලා නොවේද, ඉහත ලිපියේ abusive දෙමව්පියන්ගෙන් ඉවත් වන ලෙස දරැවන්ට පැවසීම ඉතා සාධාරණ වන්නා සේම abusive දරැවන්ගෙන් ඉවත් වීමට  දෙමව්පියන්ටද පරම අයිතියක් ඇත. අනිත් අතට තම දරැවාගේ මරණයට නොගිය පමණින් ඔහු තම දරැවා ගැන දුක් නොවන බව කිව හැකිද? ඔබ සත පහක්වත් වියදම් නොකළ, ඔබට කිසි වරදක් නොකල මිනිසුන්ගේ ජීවිතවල අතිශය සoවේදී අවස්ථාවලදී කරැණු නිසි පරිදි නොදැන උඩ පැන පැන පහර දෙන්නට එපා. ඔය එක උදාහරනයක් පමණයි.  Oprahට වයස දහතුනේදී දරැවකු ලැබීම ගැන අනුකම්පා කළ හැකි ඔබ විවාහක නළුවෙක් ශලනි තාරකාට ඒ බව සඟවා සම්බන්ධ වී පසුව දිවිනසා ගත් විට ඇයට නිර්දය ලෙස පහර දුන්නේ ඇයි? කොටින්ම අළු මෙම පෝස්ටුවට ඇන්ජලීන, එල්ටන්, මයිකල්, Oprah වෙනුවට අපේ වික්ටර්, ශලනි, අනර්කලී ආදීන්ව ගත්තොත් ඔබේ අනුකම්පාව එලෙසම පවතීද?

Tuesday, April 14, 2020

ඔබේ ආදරය මින් කුමක්ද?

මේ ලෝකෙ බැඳීම් වර්ග තුනක් තියෙනවා.

1. Karmic relationships
2. Soul mate
3. Twin flame

අපි කොහොමද relationship එකක් හරියටම ඔතනින් කොයි catogery එකටද අයත් වෙන්නෙ කියලා හොයා ගන්නෙ.

මුලින්ම අපි බලමු karmic relationship එකක් කියන්නෙ මොකද්ද කියලා.

" උඹ රස්සාවට යනවා නම් මේ සම්බන්ධෙ මෙතනින් ඉවරයි කියලා හිතාගනින්... ! "
" උඹට යාලුවෝ එක්ක ට්‍රිප් යන්න දුන්නොත් හොඳට තියෙයි... ! "
" උඹ අඳින්න පළඳින්න ඕන මම කියන විදියට... ! "
" මම විතරක් හිටියම ඇති උඹ සමාජය ආශ්‍රය කරන එක නවත්තපන්... ! "

Karmic relationship එකක් හැමවෙලේම අපිව සැක කරනවා. ඒ අවිශ්වාසය මත දැඩි ලෙස අපිව පීඩනයට ලක් කරනවා... අපිව තළලා පෙළලා ඔවුන්ගෙ අවශ්යතාවයන් ඉටු කරගන්නවා. සරළවම කිව්වොත්... karmic relationship එකක ඉන්නකොට.. අපිව තනිකරම ගත යුත්තක් නැති හිස්ම හිස් රොඩ්ඩක් බවට පත් වෙනවා.

හැබැයි , ඔබට අයිතියක් නෑ කාටවත් ඇඟිල්ල දික් කරන්න. ඔවුන් ඔබේ ජීවිතය නැති නාස්ති කරා කියලා.

ඔබේ ජීවිතේ වටිනාම දේ වෙන්නෙ ඔබ ඔබ තුළින් ගොඩ නැගෙන එක මිස , දිනක ඔබ කායික මානසික ආධ්‍යාත්මික සුවතාවයෙන් යුතුව නොසැලී නැගී සිටින එක මිස , බාහිරින් කිසිවෙක්ට අත ගාලා අල්ලන්න දකින්න බැරි ශරීරයට කිසිම පල ප්‍රයෝජනයක් නැති පටලයක්වත්... මාස කිහිපයක් කාපු බීපු ස්පර්ශය විඳපු තැන් වල මතකයන්වත් , ඔවුන් එක්ක ඔබ පවත්වපු සබඳතාවය පිළිබඳව ලෝකයා කොච්චර දුරට දැනුවත් වෙලා හිටියද කියන එකවත් නෙමෙයි.

___________________________________________

Karmic relationship එක මානසික රෝගී තත්වයක්ද... ? Karmic වගේ ප්‍රේමයක් වෙනස් කරගන්න පුළුවන් වෙයිද... ???

මුලින්ම මම relationship වර්ග තුනේ ඉතිරි දෙක පොඩ්ඩක් පහදලා ඉන්නම්.

1. Karmic relationship
2. Soul mates
3. Twin flame

ජීවිතේ අපිට මුලින්ම ලැබෙන්නෙ karmic relationship එක. මේක බොහොම ගැඹුරු කාරණාවක්. Karmic relationship එකකදි අපි හිර වෙන්නෙ කොහොමද අපිට අපි නැති වෙන්නෙ කොහොමද කියන එක ගැන මම කලින් කතා කළා. ඕනම ගිම්හානයක් ඉවර වෙන්නම ඕන වසන්තය එන්න නම්. ඒ වගේ... ඕනම අපලයක් ගෙවෙන්නම ඕන හොඳ කාල අපේ ජීවිතේට එන්න නම්. Karmic relationship එකක් කියන්නෙ හැමවෙලේම ඔබේ සංසාර ණය පියවන තැනක්. " ප්‍රේමය කර්මයක ස්වරූපයෙන්ද පැමිණිය හැක " කියන concept එක apply වෙන්නෙ ඔන්න ඔතනදි. ඉතින් ඔබ කර්ම ගෙවිය යුතුමයි. ඔබට ඉන් පලා යන්න බෑ.

ඔබ karmic relationship එක අවසන් කරපු දවසට ඔබට මුණ ගැහෙනවා soul mate කෙනෙක්. Soul mate කියන්නෙ විවාහයකට සුදුසු relationship එකක් තමයි. හැබැයි ඔබේ soul mate ඔබේ හොඳම මිතුරිය , ඔබේ ගුරුවරයා , ඔබේ වෛද්යවරයා , කොටින්ම ඔබේ මව පියා ඔබේ දරුවා වෙන්නත් පුළුවන්... ! මොකද ආත්මයේ හොඳ සහකරුවෙක් වෙන්න ඕනම කෙනෙකුට පුළුවන්නෙ... ඉතින් soul mate කියලා කියන්නෙ විවාහය පදනම් කරගෙන ඔබ වෙනුවෙන් බිහි වුණ ඔබේ අනිකා කියන කෙනා නෙමෙයි.

නමුත් twin flame ඉන්නෙ එකයි.. ඒ කියන්නෙ ඔබේම අනිත් " ඔබ "
ඔබ අනිවාර්යයෙන්ම විඳිය යුතුම relationship එකත් ඒක. මොකද ඔබ සංසාරය අවසන් කරන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ආස්වාදයේ ආදීනවය දැකිය යුතුයි...
Twin flames හොඳම උදාහරණය සිද්ධාර්ථ යශෝධරා... ඔවුනොවුන් මුණ ගැහුණා. ඔවුන් මේ සසර කෙළවර කළා.

Twin flame කෙනෙක් නිතරම ඔබව පාරනවා. මේ කියන ක්‍රියාවලිය දරාගන්න හරි අමාරුයි.
මෙන්න මේ කියන situation එකේදි ඔබ හරියටම වටහගත යුතුයි. Karmic පෑරවිල්ලයි twin flame , soul mate පෑරවිල්ලයි සම්පූර්ණයෙන්ම දෙකක්.

Karmic relationship එකකදි පාරවන්න රණ්ඩු වෙන්න හේතුවක් අවශ්ය නැහැ. ඔවුන්ට තමන්ගෙ පෙම්වතා පෙම්වතිය යාලුවෙක් එක්ක කතා කළත්.. තමන්ගෙම සහෝදරයා එක්ක කතා කළත් රණ්ඩු... සමාජ මාධ්‍යය භාවිතා කරත් රණ්ඩු.. ඒ කිසිවක්ම නැතුව nokia 3100 භාවිතා කළත් ඔවුන් අතරෙ රණ්ඩු... karmic relationship එකක් හැමවෙලේම ඔබ තුළ ඉන්න ඔබව මරනවා.

හිතන්න ඔබ උසස් පෙළට මුහුණ දෙන කෙනෙක් කියලා. ඔබේ බලාපොරොත්තුව නීති විද්‍යාල ප්‍රවේශය , හැබැයි ඔබට උසස් පෙළ ලොකුවට සමත් වෙන්න උවමනාවක් නෑ. ඔබ අලසයි. ඔතැනදි twin flame ඔබව පාරනවා.

" නෑ... උඹ මේක කරන්නම ඕන. උඹ අනිවාර්යයෙන් rank එකක් දාන්න ඕන. උඹ මේ දැන් ඉඳන් අහවල් වෙලාව වෙනකල් පාඩම් කරන්න ඕන. "

Twin flame කෙනෙක් ඔබව පාරන්නෙ ඔබව වඩා හොඳ කෙනෙක් කරන්න. ඔබ තුළ ඉන්න ඔබව එළියට ගන්න. ඒ වගේම twin flame කෙනෙක් කවදාවත් ඔබ නොවන කෙනෙක් වෙන්න කියලා ඔබට බල කරන්නෙ නෑ.

නීතීඥයෙක් වෙන්න ආස ඔබව ගුරුවරියක් කරන්න karmic relationship එකක් උත්සාහ කරනකොට , නීතීඥයෙක් වෙන්න ආස ඔබව නීතීඥයෙක් කරලා එතනින් එහාට අධිනීතිඥයෙක් වෙන හීනයත් ඔබට පෙන්වනවා twin flame කෙනෙක්...

ඒ වගේමයි karmic relationship එකකදි ඔබ විඳවන හිරවීම soul mate , twin flame relationship එකක නැහැ. එතැන ඔබට උපරිමෙන් ඔබේ නිදහස ලැබෙනවා. ඔවුන් ප්‍රේමය දකින්නෙම ඒ නිදහස තුළින්මයි.

අවසාන වශයෙන් ,
Karmic relationship එකක් එක්ක විවාහයකට නම් එළඹෙන්න එපා. එහෙම වුණොත් ඔබට මරණය දක්වාම කර්මය ගෙවනවා සහ ඊළඟ භවයටත් ණය හදාගෙන සසර දිගු කරගන්නවා ඇරෙන්න සැනසීමක් නම් නැහැ.

ඔබ මේ කාරණාව හරි හැටි තේරුම් අරන් ඔලුව පාවිච්චි නොකළොත් ඔබටත් වෙන්නෙ...

"අනේ අයියා කැමති නෑනෙ මම ට්රිප් එක යනවට ඔයාලා යන්න අනේ... "
"අනේ අයියා කැමති නෑනෙ මම ඔය වගේ ඇඳුම් අඳිනවට..."
"අනේ අයියා කැමති නෑ අනේ මම කැම්පස් යනවට... "
"අනේ අයියා කියන්නෙ ලොකු ලොකු රස්සා ඕනෙ නෑ ටීච කෙනෙක් වෙන්න කියලනෙ..."

වගේ ගොබ්බ මානසිකත්වෙකින් karmic relationship එකක් ඇතුළෙම ජීවිතේ කිසිම විඳීමක් නැතිව මැරිලා යන්න... !

ඉතින් වරදවා වටහා ගන්න එපා... karmic කියන්නෙ මානසික රෝගී තත්වයක් නෙමෙයි. ඒ ඔබ පෙර සසර එක්කාසු කරපු කර්ම... හැකි පමණින් එය ගෙවා අවසන් කරන්න..

ඔබට මේ සක්වල කණපිට හරවන්න බෑ වගේම , karmic relationship එකක් twin flameට පරිවර්තනය කරන්නත් ඔබට බෑ... !

මොකද ,
ඔබ විශ්වාස කළත් නැතත් ,
මළ පෙරේතයෙක් ඇතුළෙ බුදුන් වහන්සේ කෙනෙක් නෑ.
බුදුන් වහන්සේ කෙනෙක් ඇතුළෙ මළ පෙරේතයොත් නෑ... ! ☘️

___________________________________________

අපි ප්‍රේමයට සහ කර්මයට මොන තරම් බැඳෙනවද කියලා පැහැදිලි කළොත් ,

අපි අපිට අපි වෙන්න දෙන්නෙ නැති බැඳීමක බැඳිලා ඉන්නවා. අපි හුඟක් වේදනා විඳිනවා. හැබැයි අපි හරි ආදරෙයි... පණ වුණත් දෙන්න ලෑස්තියි කියන මතේක අපි ඉන්නවා.

ඉතින් අපි අර හැම වේදනාවක්ම දරාගන්නවා.
හිතන්නකො ඔවුන් අපිට විනෝද චාරිකාවක් යන්න අවසර දුන්නෙ නැහැ.

" අනේ එයා මට යන්න නොදුන්නෙ මම ඔය ට්‍රිප් එක ගිහින් වැවකවත් ගිලෙයි කියලා බය වෙලානෙ.. අනේ ඒ අතින් බැලුවම එයා මට කොච්චර ආදරේද... මගෙම ආරක්ෂාවටනෙ එයා මට යන්න නොදුන්නෙ... "

එහෙම හිතලා අපි ඒක සාධාරණීකරණය කරගෙන ඔවුන් ළඟ ඉන්න හේතු හදාගන්නවා.

ඊටපස්සෙ යාලුවෝ චාරිකාවෙ පින්තූර ටික බුකී ගත කරහම අනේ අපරාදෙ කියලා හූල්ලනවා..
ඒකත් පිටට පෙන්නන්නෙ නෑ..
තනියම දරාගෙන ප්‍රේමය ඉස්මතු කරගන්නවා..

කොටින්ම ,
හිතන්නකො ඔවුන් අපිව මුලා කරලා මාස ගාණක් තවත් ප්‍රේමයක පැටලිලා ඉඳලා අපිට දැනගන්න ලැබුණා කියලා...
අපි මොකද කරන්නෙ...
ඒ සියලු නොපනත් කම් ඉවසලා.. හරි ආදරෙන් ඉවසුවා වගේ ලෝකයාට පෙන්නන්න ඕන කමට " අණ්ඩපාලයා " වගේ හරි හුරතල් අන්වර්ථ නාමයකුත් පට බඳිනවා... !

මිනිස්සු එහෙමයි... අපිට උවමනා වුණත් කර්මය නොගෙවා ඉන් පලා ගියා කියලා ඵලක් නැහැ...

හැබැයි.... අපිට karmic relationship එක වෙන කෙනා තවත් කෙනෙකුගෙ twin flame වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එතන තියෙන්නෙ පුද්ගලභාවය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. ඒ දෙදෙනාගෙ සිතුම් පැතුම් කොතරම් දුරට ඒකාත්මික වෙනවද කියන එක ගැන ප්‍රශ්නයක්.

වෙනකක් තියා අපිත් අපේ ජීවිතේ එක්තරා පරිච්ඡේදයදි karmic වෙලා ඉන්නවා. අපිත් නීති රීති බැමි වැටකඩුළු දානවා.

" අහවල් එකී එක්ක කතා කරලා අහු වෙන්නෙපා.. "
" අහවල් දේ කරලා අහු වෙන්න එපා... ! "

හැබැයි... twin flame relationship එක මුණ ගැහුණට පස්සෙ අපි වෙනස් වෙනවා.. එදාට අපිට ඒ දේවල් නීති රීති දාලා හදන්න තරම් මහා බක්ක හේතු සාධක නෙමෙයි.. මොකද අපි දන්නවා. හිර කරලා රකින්න තරම් ඒ බැඳීම දුර්වල නැහැ කියලා...

ඉතින්... මම කලින් කිව්වා වගේ ,
Karmic relationship එකක් කවදාවත් twin flame වෙන්නෙ නෑ. හැබැයි අපිට පුළුවන් karmic relationship එක twin flame කියලා හිතාගෙන හේතු හදාගෙන හිත සනසගෙන ජීවත් වෙන්න. මේ ලෝකෙ ඕන තරම් එහෙම කරන මිනිස්සු ඉන්නවා.

Karmic relationship එකක් ඇතුළෙ ඉන්න කෙනෙක්ට සමාජගත වෙන්නත් අවස්ථාව අඩු නිසා ඔවුන් දන්නෙ නැහැ ඔවුන් දකින සීමාවෙන් එහා ලෝකයක් තියෙන වග. ඉතින් ඔවුන් karmic relationship එක ඇතුළෙ ඔවුන් දකින සීමාව තමයි ලෝකය කියලා හිතාගෙන ජීවිත කාලෙම ළිඳක් ඇතුළෙ එහෙට මෙහෙට පැන පැන ඉඳලා... ණය ගෙවලා.. ඊළඟ භවයටත් ණය ගනුදෙනුවක් හදාගෙන මැරිලා යනවා... ! ☘️

උපුටාගැනීමකි.
https://www.facebook.com/maayakaraya/?__tn__=kCH-R&eid=ARBAOrjWSqSh0d1_-poOT9escw2C93IrcYwWrUDXIsinlmaKG7njFhJyKucy2qonYUghBNxvg2o5ATHZ&hc_ref=ART0Qy82nLQgi03Y3UA0RWp3xHJxgeAucKCj8NqN6bEzTR4IWN94WDADgJ2F90R5nDk&fref=nf&__xts__[0]=68.ARDDnnB2AkmsVi5yuD2TW3zwkLeNOKzOzWmM3R2ZBXE1ESBvBl4RxSaPCNgTbsLswLoGI6Xd6j02nT2xtW2MhJkAYJkMR-duwyDsrpETji2Getl2Yc2nc5pQwNE_t4zI6q0PIv8P4_Sr2r84iIourCIOWWF2aH6ynh_RrxwKep02JAXsmhdE5LqtbD4GaIbxXoaxK7OxaNmHxDhpIkC8IcwOl4uX3zU3bhzIvItDPUUIjciygAVVgz5P5YLrQCUTiFIcItrtIEZAJccBNx0sDMXa0OZEL7i29Lt1d4vPOd-0xFhDQtsIt8ZsXZE-75UDxQtPyKBqCxA7C7ZQ9IM

Monday, April 13, 2020

දරැවන්ව හදිසි අවස්ථා වලට මුහුණ දීමට හුරැ කරමු


උදේ පාන්දර ඉහත පෝස්ටුව මුහුණුපොතේ දැක්කම මේ සටහන ලියන්නට හිතුනා. මුලින්ම කියන්න ඕන කරැණාකරල ළමයින්ගෙ ඡායාරෑප දානකොට ඇස් ආවරණය කරල අනන්‍යතාව සඟවල දමන්න. මම මේ ඡායාරෑපය එසේ කලත් මුල් එකේ ළමයින්ගෙ මුළු මූණම තිබුනා. මේක හදපු මනුස්සය ඒක කරන්න ඇත්තෙ සද්භාවයෙන් වෙන්න ඇති. ඒත් මේ ළමයින්ගෙ මුළු මූණම දාල අනන්‍යතාව නොසැඟවීම අන්තිම වැරදී. මේ පෝස්ටුව මේ ළමයින්ගෙ දෙමාපියන්ගෙ අවසර ඇතුවද පල කරල තියෙන්නෙ? සයිබර් අපරාධකාරයන්ට පහසු ගොදුරක් මේ ළමයි දැන්. දෙමාපියන් ගෙදර නැති බවට රටටම අණබෙර ගහල ගෙදෙරට හොරැන්ට සහ බාල අපරාධ කාරයන්ට ආරාධනය කරල.   

දෙවන කාරණය තමයි කුඩා ළමයි ටිකක් රණ්ඩු උනාම දුවල ගිහින් අම්මට කේළම් කියනව වගේ ලoකාවෙ FB ඇඩ්ම්න්ල හැම රෙද්දම රටේ ජනාධිපතිට විසඳන්න කීම. මේ කාරණය ග්‍රාමසේවක පොළිසිය වැනි ආයතන වලට අදාළ දෙයක්. 

තුන්වන කාරණය තමයි දරැවන්ව හදිසි අවස්ථා වලට මුහුණ දීමට හුරැ කරමු කියන දේ. මේ දරැවන් ඉතා කුඩා දරැවන් නොවේ. හදිසියකදී බතක් හොද්දක් උයා ගන්න, තමන්ගෙ රෙදි ටික හෝද ගන්න, වළන් ටික හෝද ගන්න, ගේ දොර බලා කියා ගන්න ඔබේ දරැවන්ට, විශේෂයෙන්ම පිරිමි දරැවන්ට ඔබ හුරැ කර තිබේද? බටහිර රටවල නම් ගෑනු  පිරිමි බේදයක් නැතුව තමන්ගෙ වැඩ කර ගන්නට දරැවන්ව හුරැ කරනවා. මේ ගැන ටිකක් හිතන්න.



Saturday, April 11, 2020

වික්ටර් රත්නායකයන්ට සහ වැඩිහිටි පරම්පරාවට වැරදුන තැන මට හිතෙන හැටියට ...

මේ පෝස්ටුව ලියන්න හිතුවෙ ඉවසල බැරිම තැන. ලoකාවෙ ගෑනු මිනිස්සුන්ගෙ පටු අදහස් ගැන පුදුම හිතෙනවා. සoස්කෘතිය සදාචාරයට මුවා වී බලුකම් කරන ලoකාවෙ ඇතැම් මිනිසුන්ගෙ නියම ස්වභාවය පසුගිය කාලෙ නිරාවරණය වූ සිද්ධි කීපයක් අතුරෙන් වික්ටර් රත්නායකට මුහුණදීමට සිදුවූ ඛේදවාචකය එක සිද්ධියක්. 

මේ ගැන කතාකරන්නට මුළටම යන්න වෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල ළමයි හැදීමේ සහ ලoකාවේ ළමයි හැදීමේ ලොකු වෙනස්කම් තිබෙනවා. ඒ අතරින් වැදගත්ම වෙනසක් නම් බටහිර රටවල ළමයි හැදීමේදී ළමයින්ව ඕනවට වඩා කරට නොගැනීමයි. ඔබ ඇමරිකානු ගෙවල්වල ගෘහ නිර්මාණ ආකෘති දිහා බැලුවත් පෙනේවි අඹු සැමියන්ගේ නිදන කාමරය සහ නාන කාමරය ඉතා විශාල, සුව පහසුව වැඩි ඒවා බවත් ළමයින්ගේ නිදන කාමර සහ නාන කාමර හරිම සරල බවත්. ගෙදර run කරන්නේ දෙමව්පියන් මිස ළමයි නොවේ. ළමයින්ගේ schedules හදල තියෙන්නෙ දෙමව්පියන්ට නිදහසේ ඉන්න කාලය ලැබෙන විදිහට. හුඟක් ගෙවල්වල ළමයින්ගේ නින්දට යන වෙලාව රෑ අට. ඒ නිසා අටෙන් පස්සෙ දෙමව්පියන්ට තමන්ගෙ දේවල් කතාබහ කරගෙන වැඩිහිටියන්ට සුදුසු නාට්‍ය චිත්‍රපටි බලල (ලoකාවෙ සමහරැ හිතන් ඉන්නෙ වැඩිහිටියන්ට සුදුසු කියන්නෙ porn කියල උනත් මෙතන මම අදහස් කලේ ළමයින්ට නුසුදුසු වචන, දර්ශන සහිත යන්නයි). දැන් ලoකාවෙ තත්වය ගන්න. ළමයි ලැබුනම ගෙදර ගෑනියෙක් ඉන්නවද මිනිහෙක් ඉන්නවද මතක නෑ, ළමයින්ව කරේ තියාගෙන, ළමයි ගෙදර run කරන තත්වයට පත් කර ගන්නවා.  

ළමයින්ව කරේ තියාගෙන, ගෙදර run කරන තත්වයට පත් කර ගන්නවා. දෙමව්පියන්ට කතා බහ කරන්න තමන්ටම කියල film/tele drama බලන්න, කුඩා විනෝදයක් ලබන්න බෑ. මම ලoකාවෙ වැඩකරපු ආයතනයක දින කීපයක වැඩමුළුවක්  ඈත පළාතක පැවැත්වුනා විධායක නිළධාරීන්ට. මේක ලොකු වියදමක් දරල කරපු වැඩක් නිසා හැමෝටම සහභාගි වන ලෙස "අණ කරල" තිබ්බෙ, එක නිලධාරිනියක් කියනව එයාට එන්න දෙන්නෑලු O/L කරන වයසෙ දුවල දෙන්න, අම්ම නැතුව බෑලු. ඒ දුවලට බෑ හැමදාම තමන් මත්තෙ නැහි නැහී ගෙදර වැඩ කරන අම්ම පොඩි විවේකයක් ගන්න එකට සපෝට් කරන්න. අන්තිමේ ඒ මනුස්සයට ඒක ලොකු බ්ලැක් මාක් එකක් උනා වෘත්තීය ජීවිතයේ. මේක තමයි තත්වය. ළමයින්ව හදන්නෙ අන්තිම ආත්මාර්ථකාමී කරල, දෙමව්පියන් ඉන්නෙ තමන්ගෙ කුදු මහත් වැඩ කන්දරාව කරල දෙන්න කියලයි ළමයි හිතන්නෙ. ළමයට schedule එකක් නෑ, ඒ නිසා දෙමව්පියන්ගෙ ලෝකයයි ළමයින්ගෙ ලෝකයයි සමපාත වෙලා. පවුළෙ හැමෝම වැඩිහිටියන්ට සුදුසු ටෙලි එකට බලනවා, මට මතකයි ඒ කාලෙ අපේ ගෙදරත් එහෙමයි. අන්තිමේ ළමයි දෙමාපියන් මැද නිදා ගන්නවා.

දැන් මෙහෙම හදපු ළමයි ලොකු මහත් උනාම එයාල හිතන්නෙ දෙමාපියන් එයාලට ඕන විදියට කටයුතු කළ යුතුයි කියල. බොහෝවිට ඒ ක්‍රමය තමයි  එයාලගෙ ළමයින්ගෙ සර්වන්ට් කම කරගෙන, හතරපෝයට පන්සල් ගොස් ලෝකයට පේන්න හොඳ කරල, එයාලගෙ සියළු ධනය තමුන්ට දීල ඇණයක් නොවී චුත විය යුතුය යන්න. ලoකාවෙ ළමයින්ට සමගාමීව ගත්තොත් ජැක් මා ගෙ ළමයි විරැද්ද වෙන්නෝනෙ කෝටි ගණනක කොරෝනා සහන ද්‍රව්‍ය ලoකාවට ප්‍රදානය කිරීම ගැන, එතකොට බිල් ගේට්ස්ගෙ, ඇන්ජලීනා ජොලීගෙ සහ නොයෙකුත් දානපතීන්ගෙ ළමයි කැරළි ගසන්න ඕනෙ. තමන්ගෙ බූදලය පිළිකා රෝහලට ලියල දීපු මගේ අසල්වැසියගෙ දරැවො ඉගනගත්තෙ student loan අරන්, ඒත් ඒ ළමයි තරහ උනාද, ඇත්තටම එයාල සතුටු උනා.  

දරැවන්ට යුතුකම් ඉටු කළ (අතපය නොකඩා හදපු, කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, බේත් හේත්, අධ්‍යාපනය දුන්) දෙමව්පියන්ගෙ පෞද්ගලිකත්වයට හොට දැමීමට, නිදහසට වැට බැඳීමට, ධනයට කෙළ පෙරීමට දරැවන්ව පුරැදු කරන්න එපා.

රෙද්ද උස්සගෙන දුවන් ඇවිත් අනුන්ගෙ සදාචාරෙ ගැන කතා කරන අයට කියන්න තියෙන්නෙ කන්න අඳින්න දෙන්නැත්නම් චරිත සහතික දෙන්න එන්නත් එපා, තමුන්ගෙ ගෑනි/මිනිහ කොටු පනිනවද, ළමයි මතට කුඩට ඇබ්බැහි වෙලාද වගේ දේවල් ඒ කාලයේ හොයල බලන්න. පරාභව සූත්‍රය කතාකරන අයට කියන්න තියෙන්නෙ වික්ටර් කියන්නෙ දැනටත් දිනපු මනුස්සයෙක්, ලoකාවෙ කීයෙන් කී දෙනාද ඔහු ඉන්න තත්වයට වෘත්තීමය වශයෙන් තබා ධනය, බලය, ආයුෂ ආදී සම්පත්ති වලින් කිට්ටු කරල තියෙන්නෙ? පරාභව සූත්‍රයේ එක කරැණක් උඩදාගෙන කතාකරන අය බහුතරයක් එක්කො වික්ටර්ට වඩා අන්ත දුප්පත්, අන්ත දුරාචාරයේ හොරාට යෙදෙන, රෝගී, අවුරැදු අසූවක් තියා හැටක්වත් ජීවත් වෙයිද ෂුවර් නැති, කිසිම වෘත්තීය සාර්ථකත්වයක් නොලබපු, ඉතා දුක්ඛිත ජීවිත ගතකරන, හරිහමන් පවුල් ජීවිත නැති, කොටින්ම පරාභව සූත්‍රයටම ගැළපෙන අසාර්ථක ජීවිත බවයි මම දුටුවේ, ඒ නිසා එයාල පරාභව සූත්‍රයේ ඉතිරි කරැණු ටිකත් කියවල හැදෙන්න බලන්න.

The wicked are dear to him, with the virtuous he finds no delight, he prefers the creed of the wicked — this is a cause of one's downfall.

Being fond of sleep, fond of company, indolent, lazy and irritable — this is a cause of one's downfall.

Though being well-to-do, not to support father and mother who are old and past their youth — this is a cause of one's downfall.

To deceive by falsehood a brahman or ascetic or any other mendicant — this is a cause of one's downfall.

To have much wealth and ample gold and food, but to enjoy one's luxuries alone — this is a cause of one's downfall.

To be proud of birth, of wealth or clan, and to despise one's own kinsmen — this is a cause of one's downfall.

To be a rake, a drunkard, a gambler, and to squander all one earns — this is a cause of one's downfall.

Not to be contented with one's own wife, and to be seen with harlots and the wives of others — this is a cause of one's downfall.

Being past one's youth, to take a young wife and to be unable to sleep for jealousy of her — this is a cause of one's downfall.

To place in authority a woman given to drink and squandering, or a man of a like behavior — this is a cause of one's downfall.

To be of noble birth, with vast ambition and of slender means, and to crave for rulership — this is a cause of one's downfall.

Knowing well these causes of downfall in the world, the noble sage endowed with insight shares a happy realm.

Monday, April 6, 2020

දුප්පතුන්ගේ චක්‍රය

රත්නතිස්ස හාමුදුරැවො ලoකාවෙ දුප්පත් මිනිස්සුන්ගෙ ආකල්ප ගැන බුකියෙ ලියල තිබුන පෝස්ටුව වැදගත් එකක්. (පෝස්ටුව පහළින් දක්වා ඇත) ලoකාවෙ දුප්පත් මිනිස්සුන්ට ආපදාවක් උනාම ලoකාවෙ යහපත් මිනිස්සු හැමදාමත් පුළුවන් හැටියට උදව් කරනව. ආපදාව පහ වෙච්ච ගමන්ම මේ දුප්පත් මිනිස්සු යහපත් මිනිස්සුන්ට පයින් ගහල කවුරැහරි නසරානියෙක් තමන්ගෙ මන්ත්‍රී කර ගන්නව. ඕක චක්‍රයක් වගේ දිගටම වෙනව.

අපට මුකුත් ලැබුන්නෑ. කවුරුත් අපිව බලන්නේ නෑ,

නැති බැරි අය, අසරණ වූ පවුල්, අඩු ආදායම් ලාභී පවුල්, සමෘධි ලාභින් මේ දිනවල නිතර ඇසෙන වචනය. පසුගිය දින වල ඔවුන්ට ආධාර කිරීම සඳහා අප ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තුමිය සමඟ මා හට යාමට අවස්ථාව ලැබිණි. ඔවුන්ට එසේ වුයේ ඇයි? මේ මට හිතෙන හැටිය.

1) අපිරිසිදු කම.

බොහෝ නිවෙස් ඉතා අපිරිසිදුය. මිදුල් ගෙවල් කිසිදා අතු ගා නොමැත.බොහෝ අයගේ ඇඳුම් දින ගණනකින් හෝදා නැති බව පෙනුනි. පිරිසිදු කම හා අසරණ කම යනු දෙකකි. මිනිසුන් අසරණ වුවත් පිරිසිදුව සිටීමට බාධාවක් නැත.

2) අපිළිවෙල

බොහෝ නිවාස වල වැඩ ඉවරවී නැත. ඉවරවූ නිවාස වලත් කුමක් හෝ මඩුවක් බාගෙට හදා ඇත. ගල් ගොඩවල් යකඩ ගොඩවල් හා වෙනත් කෙදිනකවත් අවශ්‍ය නොවන කහල ගොඩවල් මිදුල පුරා ගොඩ ගසා ඇත. නිවාස තුලත් කිසි දෙයක් පිළිවෙලට නැත. සමහර නිවාස වල ඇති සෝෆා නිසා නිවස තුලට ඇතුළු වීමට අපහසුය. ඒවා මිලට ගෙන බොහෝ කාලයක් ගතවී ඇති බව පෙනුනත් තවමත් පොලිතින් වලින් වසා ඇත.

3) ප්‍රයෝජන වන දේවල් වගා කර නැත.

ඔවුන් සියල්ලන්ටම පචස් 15, 20 හෝ ඊටත් වඩා විශාල ඉඩම් ඇත. ඉබේ පැලවූ දේවල් හැර වෙනත් කිසිත් නොමැත. අඩුම තරමින් බොහෝ නිවෙස් වල මල් ගසක් වත් නොමැත.තාප්ප වලත් ඉබේ ගස් පැලවෙන රටක ඔවුනට ප්‍රයෝජනවත් දෙයක් වගා කළ නොහැක්කේ මන්දැයි මට ගැටලුවකි.

4)මත් ද්‍රව්‍ය

50% පමණ පවුල් වල අය මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇත. ග්‍රාම නිලධාරිනිය පැවසුවේ සමෘධ් ලාභීන් බොහෝ පිරිසක් මේවාට ඇබ්බැහි වී ඇති බවය. අවසානයේදී රජය සමෘධි ආධාර දෙන්නේ කුඩු ගැසීමටද?

5)සියළු දේ නොමිලේ බලාපොරොත්තු වීම

ඔවුන් බොහෝ පිරිසක් පැවසුවේ අපිට තාම කොහෙන්වත් මොකුත් හම්බ උනේ නැති බවය. ඉපදුනු දා සිට මේ දක්වා සියළු දේ නොමිලේ ලැබී ඇති බැවින් උපාධිධාරීන් ආණ්ඩුවෙන් රැකියා ඉල්ලනවා සේ ඔවුන් සිතන්නේ ඔවුන් ඉපදුන නිසා ආණ්ඩුවෙන් ඔවුන් නඩත්තු කළ යුතු බවය.

ඉහත සඳහන් කාරනා අඩු ආදායම් ලාභී පවුල් 80% කට පමණ අදාලය. සෑම මැතිවරණයකදීම දේශපාලකයින් පොරොන්දු දී රවටන්නේද ඔවුන්ය. මට පෙනෙන විදියට අප රටට ඇති ලොකුම අභියෝගය ඔවුන්ව ගොඩ ගැනීමය.

ප්‍රසංග අල්විස් මගේ මිත්‍රයාගේ සැබෑ අත්දැකීමකි.. ස්තූතිය ඔහුට

Copied
Geeth samaraweera

https://www.facebook.com/HeraliHamuduruwo?__tn__=%2CdCH-R-R&eid=ARCXPETmTO-pM_UgKS_E_oS37nq8rgEbPTQwccf_pHbbLtb6O3pFyUU-2jJliUcwzRstqsDLTfVGoRiK&hc_ref=ARTZ3LJC_Po25El_pIWwCuL6D5KK8hmC1_WSiGX5gXp5QNljioxTzqB-boI59r7GAtU&fref=nf

Wednesday, April 1, 2020

Coronavirus reveals...


See the source image

We fell asleep in one world, and woke up in another.Suddenly Disney is out of magic,Paris is no longer romantic,New York doesn't stand up anymore,the Chinese wall is no longer a fortress, and Mecca is empty.

Hugs & kisses suddenly become weapons, and not visiting parents & friends becomes an act of love.

Suddenly you realize that power, beauty & money are worthless, and can't get you the oxygen you're fighting for.


The world continues its life and it is beautiful. It only puts humans in cages. I think it's sending us a message:

"You are not necessary. The air, earth, water and sky without you are fine. When you come back, remember that you are my guests. Not my masters."



I don't know who wrote this, but it's beautiful.. ♥️

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...