Wednesday, October 27, 2021

wannakumethod - By Dr. Janaka Wannaku - හොඳටම දන්නා කිහිපදෙනෙකු ප්‍රතිඵල ලබා ගත් බර පාලනය කරන ක්රමවේදය

 පුංචි අත් පොතකට ගහන්න පුළුවන් ආකාරයට wannakumethod ලිවුවා. අළුතින් එන අයට ප්රයොජනවත් වෙයි.

ඒ වගේම දියවැඩියාවෙන් හෝ හෘදරෝග වලින් මිය ගිය ඔබේ නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් මේ පොත් පිංච මුද්රණය කර බෙදා හරින්න පුළුවන්.
#wannakumethod August - 2021
ආහාර ගන්නා ආකාරයේ සුළු වෙනසක් කිරීමෙන් පමණයක් දියවැඩියාව සනීප කරන්න පුළුවන් හැමදාම බෙහෙත් බොන්න ඔින වෙන්නේ නෑ. අඩුවෙන් කන්න ඔිනත් නෑ. බඩ පිරෙන්න කන්නත් පුළුවන්. කන ආහාර වර්ග සහ ආහාර ගන්න වෙලාව පොඩ්ඩක් වෙනස් කලාම ඇති.
ඒ කොහොමද ?
- July 2021
මේ ලිපිය දියවැඩියාව වලක්වා ගන්නට හෝ සමනය කරන්නට උපකාරී වන කරුණු කාරණා කිහිපයක් පියවරෙන් පියවර පිළිපදින්නට පහසු ආකාරයට සකසා සිංහල පාඨකයාට ඉදිරිපත් කරන්නට දරන උත්සාහයකි. බඩ ගින්නේ ඉනනේ නැතිව, ලංකාවේ ඇති සුලභ සහ ලාභ ආහාර වර්ග පදනම් කරගෙන දියවැඩියාවෙන් මිදෙන ආකාරය පෙන්වාදීම මෙහි අරමුණයි.
දියවැඩියාව යනු කුමක්ද ?
දියවැඩියාව යනු රුධිිරයේ සීනි ඉහල මට්ටමකට පත්වූ අවස්ථාවකි. සීනි බවට පත්වන්නේ අප ආහාරයට ගන්න කාබෝහයිඩ්රේට නැතහොත් පිෂ්ඨය සහිත ආහාරයි. සීනි මට්ටම ඉහල යන්නේ අප උවමනාවට වඩා පිෂ්ඨය සහිත ආහාර ගන්නා නිසාවෙනි.
ඇත්තෙන්ම අපේ සිරුරට පිෂ්ඨය බිඳක්වත් බාහිරින් ගන්නට අවශ්ය නැති බව ඇමරිකානු දියවැඩියා සංගමය ADA පවසයි. එනමි දියවැඩියාව යනු පිෂ්ඨය සහිත ආහාර සිරුරට විෂ සහිත මටිටමට ගැනීීම නිසා ඇතිවන තත්වයකි.
පිෂ්ඨය හෝ කාබෝහයිඩ්රෙිට සරුරට විස සහිත මටිටමට ගැනීම නැවැත්වූ විගසම දියවැඩියාව සමනය වෙයි.
නමුත් එය සිතන තරම් පහසු නැත. ඇයි ? මන්ද යත් ඔබ වටා ඇත්තේ මෙම විස සහිත ආහාර පිරුණු පරිසරයක් වීමයි. ක්රමාණුකූලව ඔබට එම විස සහිත් ජීවන රටාවෙන් මිදෙන ආකාරය පහදා දීම මෙම ලියවිල්ලේ අරමුණයි.
පියවර 1
# "චුට්ටක් කන්න එපා" "ඇති තරම් කන්න" . ප්රධාන ආහාර වේල් පමනක් ගන්න. කැලරි ගනන් කරන්න එපා.. නමුත්, අතරින් පතර - අනං මනං - චුට්ට චුට්ට - තිබුන පලියට - දැක්ක පලියට - කන්න එපා.
# උදෑසන ආහාර වේල ගන්නා තුරු වතුර පමණක් බොන්න. උදේම අවදි වූ විගස තේ බොන්න එපා. බිස්කට් කන්න ඒපා. උදෑසන ආහාර වේල හැකි තරම් පමා වී ගන්න.
# සෑම ආහාර වේලකටම පැය බාගයකට පලමුව වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. ආහාර ගෙන අහවරවී පැය බාගයක් යනතුරු වතුර බොන්න එපා.
# රාත්රී 10 ට පෙර නිදා ගන්න. රාත්රී අවම පැය හතක්වත් නිදා ගන්න. උදෑසන පහට පෙර අවදි වන්න එපා. ප්රමාද වී නිදා ගැනීම පමණක්, සහ ඇති පමණ නින්දක් නොලැබීම පමණක් වුවත් දියවැඩියාව වැළඳීමට ප්රමානවත්ය.
පියවර 2
මෙම පියවර තුලදී කරන්නේ ආහාර ගන්නා වේලාව දවසේ යම් කාලයකට සීමා කිරීම සහ ඉතිරි කාලය උපවාසයෙන් පසු වීමයි. මුලදී කියවන විට "බුදු අම්මෝ මේක කරන්න පුළුවන්ද? "කියලා හිතුනත් මිනිස් සිරුර උපවාසය කරන්න ඉතා හොඳින් හැඩගැසී තිබෙනවා.. එහෙම නැතිනම් මෙතරම් කලක් දුර්භික්ශ, නියං කාල සහ අසීරු කාලයන් තරණය කරන්නේ නැතිව ඩයිනෝසරයන් මෙන් මිනිසාද වඳවී යනවා නිසැකයි. ලෝකයේ දිගම උපවාසයට හිමි ලෝක වාර්තාව දරන්නා දින 382 ක් වතුර පමණක් පානය කරමින් සිට තිබේ. ඉතින් පැය 14 - 16 උපවාසයෙන් පසුවීම මහ ලොකු කජ්ජක් නොවේ.
වැදගත්ම පළමු පියවර නම් රාත්රී ආහාරය සවස 7.00 ට පෙර ගැනීමයි..
පියවර 2a. - 14/10 –
පළමු මාසය පැය දහයක් ඇතුලත ආහාර වේල් තුනක් පමණක් ගන්න.. ඉතිරි කාලය උපවාසයෙන් පසු වන්න.
අතර මැද අමතර ආහාර ලෙස අනං මනං කන්න එපා..
ආහාර ගන්න වෙලාව සහ දිනචරියාව පහත ආකාරයට වෙනස කර ගන්න.
උදේ පහට පෙර අවදි වන්න එපා. අවදිවූ විගස හිස් බඩ ලොකු ඇල් වතුර වීදුරුවක් හෝ දෙකක් බොන්න. උදේ ආහාරයට පෙර වතුර පමණක් බොනවා නම් වඩා හොඳයි.
නමුත් උනුවෙන් යමක්පමණක් බොන්නට අවශ්ය නම් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් සුදුසුය.
නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා. බිස්කට්, කිරි සහ කොළ කැඳ එපා.
උදේ ආහාරය උදේ නමය පසුවී කන්න. එනම් උදේ 9 - 10 අතර කන්න. උදේ ආහාරයට පෙර බිස්කට්, කිරිතේ, කොළ කැඳ ආදිය කන්න බොන්න එපා.
දවල් ආහාරය වනතුරු නැවත කිසිවක් කන්න එපා. දවල් ආහාරය දවල් 1 - 2 අතර කන්න.
නැවත රාත්රී ආහාරය වන තුරු කිසිවක් කන්න එපා.
රෑට පුළුවන් තරම් වෙලාසන ආහාර ගන්න. රාත්රී හතට පෙර රෑට කන්න. එනම් හත වන විට ආහාර ගෙන අවසන් වී තීබිය යුතුය. රාත්රී ආහාරය සවහ 6 - 7 අතරගන්න.
සවස 7 සිට පහුවදා උදේ 9 ට ආහාර ගන්නා තුරු වතුර පමනක් බොන්න.
මේ අතර තුර කාලයේදී වතුර වලට අමතරව යමක් බොන්න අවශ්ය ම නම් පමණක් තේ කහට, බෙලිමල් වතුර, කෝපි, කොත්තමල්ලි, රණවරා වැනි පානයන් ගන්න. . නමුත් සීනි, හකුරු, රට ඉඳි, මී පැණි, පැණි සහ කිරි එකතු කර ගන්න එපා.
කෙසේ වුවත් වඩා ඵලදායක ක්රමය නම් උපවාස කාලය අතර තුර ජලය පමණක් පානය කිරීමයි.
ආහාර පිඟාන බෙදා ගන්නා විට. පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්රෝටීන බෙදාගන්න. ආහාර පිඟාන බෙදා ගන්න ආකාරය පිළිබඳව පසුවට විස්තර කරනු ඇති. මේ පියවර අනිවාර්යයෙන් මාසයක් කරන්න.
පියවර 2b . - 16/8 –
2a පියවර මාසයක් පමන පුහුනුවීමෙන් අනතුරුව 2b පියවරට යන්න.
මෙම පියවරේ බලාපොරොත්තුව දවසේ ආහාර ගන්නා වෙලාව පැය අටකට සීමා කිරීමයි. ඉතිරි පැය දාසය කිසිදු ආහාරයක් ගන්නේ නැති නිසා සිරුරේ සීනි මට්ටම පහල ගොස් දියවැඩියාවට බෙහෙත් ගැනීම අවශ්ය නොවන මට්ටමට පැමිනේ. එසේම සිරුරේ නොයෙකුත් රෝග ඇති කරන්නට මුල් වන අතන මෙතන තැන්පත්ව ඇති මේදය; උපවාසයෙන් සිටිනා කාලය ඇතුලත සිරුරට අවශ්ය ශක්තිය ලබාගන්නට දහනය කර අවසන් කරයි. එවිට අනෙකුත් රෝග ගනනාවක් ඉබේම සුව වේ.
පැය අටක් ඇතුලත ආහාර වේල් දෙකක් පමනක් ගන්න. ඉතිරි පැය 16 වතුර පමනක් බොන්න උදේ ආහාර වේල මගාරින්න.
පලමු ආහාර වේල 11-12 අතර ගන්න. රාත්රී ආහාර වේල 6 - 7 අතර ගන්න.
එහෙම නැතිනම් රාත්රී ආහාර වේල මගාරින්නත් පුලුවන්. පලමු ආහාර වේල 8-9 අතර අරගෙන දෙවන් ආහාර වේල 2-4 අතර ගන්න උනත් පුලුවන්.... පිගානෙන් 1/5 ක් පිශ්ඨය 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්රෝටීන බෙදාගන්න.
ඔබේ රැකියාව සහ ජීවන රටාවට ගැලපෙන ආකාරයට ආහාර ගන්නා වේලාව සකස් කර ගන්න.
මෙහි ඇති වැදගත් කම නම් ඔබ දවසින් පැය දහසයක් නිරාහාරව (උපවාසයෙන්) ගත කිරීමයි. උපවාස කාලය තුල වතුර පමණක් බොන්න. මේ කාලය තුල ඔබේ සිරුරට ඉන්සියුලින් ප්රතිරෝධය සමනය කර ගන්නට සහ ඔබේ සිරුරේ කාලයක් තිස්සේ ගොඩ ගැහෙමින් තිබූ වැඩිපුර මේදය ඇතුළු නොයෙකුත් අපද්රව්ය ශක්තිය බවට හරවා දහනය කර දමන්නට සිරුරට නිදහස ලැබෙනවා.
16/8 ආරම්භ කල විගසම ඔබේ දියවැඩියාව තත්වය වේගයෙන් සමනය වන්නට පටන් ගන්නවා. ඉක්මනින්ම ඖෂධීය ප්රතිකාර නැතිවම රුධිරයේ සීනි මට්ටම පාලනය වනවා. නිරතුරුවම රුධිර සීනි මට්ටම පරීක්ෂා කරන්නත් ඔබේ වෛද්ය වරයා සමග නිතර සාකච්ඡා කිරීමත් මෙම කාලයේදී ඉතා වැදගත් වෙනවා.
උපවාසයට හුරු වන්න ප්රායෝගිකව ලෙහෙසි ක්රමය නම් උදෑසන ආහාරය කෙමෙන් ප්රමාද කිරීමයි. එනම් මුලදී සතියකට පැය භාගය බැගින් උදෑසන ආහරය පමා කරමින් ගොස් දිවා ආහාරය දක්වා කල් දමන්න...
මමත් අපේ බොහෝ දෙනෙකුත් අනුගමනය කරන ක්රමය මෙයයි. දවල් දොලහට පෙර කිසිම ආහාරයක් නොගනිමි ලෙස අදිටන් කර ගන්නේ නම් උපවාසය ඉතා පහසු කරුණකි.
සාමාන්යයෙන් පාතරාසය ( උදේ ආහාරය )අපි තනිවම ගන්නා ආහර වේලකි. උපන්දින සාද මගුල් ගෙවල් ප්රිය සම්භාශන සියල්ල යෙදෙන්නේ දිවා ආහාරය සහ රාත්රී ආහරය මුල් කරගෙනය...බොහෝ විට නිවසේ සියලු දෙනා එකට ආහාර ගන්නේත් මෙම ආහාර වේල් දෙකයි.
ඉතින් රාත්රී ආහාරය අතහරින්නට ලෙහෙසි නැත. නමුත් උදේ ආහාරය කවුරුවත් ඔබත් සමග කන්නට එන්නේ නැත.
පාසල් ගුරුවරුනට නම් උපවාසය ඉතා පහසු කරුණකි. පාසැලේ දිවා විවේකය වේලාව වන තෙක් නිරාහාරව සිට 10.30 ට පලමු ආහාර වේල ගත් විට සහ දෙවන ආහාර වේල සවස්වී ගත් විට උපවාසය ඉතා පහසු වේ.
පියවර 3
ආහාර පිඟාන බෙදා ගන්නේ කෙසේද ?.
# පිගානෙන් 1/5 ක් පිශ්ඨය, 1/5 පිශ්ඨය රහිත එලවලු සහ පිශ්ඨය රහිත පලතුරු .ඉතිරි 3/5 මේදය සහ ප්රෝටීන බෙදාගන්න. ආහාර ප්රමානයට වඩා ආහාර අතර අනුපාතය වැදගත් බව සලකන්න. 1; 1; 3. ඔබට කන්නට පුළුවන් නම් බත් බාල්දියක් වුවත් කන්න. නමුත් ඒ් සමග කොළ ඒලවළු බාල්දියකුත් මස් හෝ ඊට සමාන දේ බාල්දි තුනකුත් බැගින් කන්න.
# පිඟානෙන් 1/5 පමණක් පිෂ්ඨය සහිත ආහාර ගන්න.
( පිෂ්ඨය අඩංගු ආහාර පිඟානෙන් පහෙන් පංගුවකට පමණක් සීමා කරන්න)
එම කොටසට හැකි සෑම විටම කඩල, කවුපි, මුන් ඇට,තම්බපු හාලේ බත් සහ පොලොස් කන්න.
බත්. කොස් දෙල් දේශීය අල වර්ග බතල මයියොක්කා කුරක්කන්, කැරට්, බීට්, වට්ටක්කා සහ අළුකෙසෙල් වැනි එලවළු වර්ගත් අයත් වනනේත් පිඟානේ මේ කොටහටමයි.
පැණිරස පළතුරු කන්නම ඒපා. එනමි ; අඹ අන්නාසි ගස්ලබු කෙසෙල් කොමඩු මිදි , වැනි පළතුරු.. මේ පළතුරු වලින් සෑදූ (ෆෘට් ජූස්) පළතුරු බීම වර්ග සීනි නොදා වත් බොන්න එපා. මෙම පළතුරු වල ඇති අධික සීනි සහිත ස්වභාවය නිසා ඉන්සියුලින් ප්රතිරෝධය ඉහල නංවයි.
# මතක තබා ගත යුතු වැදගත් කරුණ නම්
පිෂ්ඨය සහිත ආහාර නිසා තමයි දියවැඩියාවේ සීනි හැදෙන්නේ
# පිඟානෙන් 1/5 පමණක් පිශ්ඨය රහිත එලවලු වර්ග කන්න.එ එනම් පිඟානෙන් තවත් පහෙන් පංගුවක් කොළ පාට එළවළු පළතුරු බෙදා ගන්න.. පලා වර්ග, මැල්ලුම් වර්ග,. කොල පැහැති එලවලු වර්ග එනම් ; කරවිල, තිබ්බොටු, බණඩක්කා, බෝංචි, මෑකරල්, පතෝල, වැටකොළු සහ තවත් ඒවැනි ඒලවළු වර්ග. කොළ පැහැති නොවන පිෂ්ඨය රහිත ඒලවළු; තක්කාලි, ගෝවා, කැකිරි පිපිඤා.කරවිල, තුඹ කරවිල, තිබ්බටු, අඹරැල්ල, වෙරලු,නංනං,පේර,ලොවි,උගුරැස්ස ,දිවුල්,බෙලි ආදිය මෙම කොටහට අයත් වෙනවා.එසේම කොළ කැඳ වර්ග අයත් වනනෙත් මේ කොටසට මයි. කොළ කැඳ සාදන විට පොල් කිරි වැඩියෙන් සහ බත් අඩුවෙන් යොදා ගන්න.
# ඉතිරි පිඟානෙන් 3/5 ක් මේදය සහ ප්රෝටීන ගන්න. එනම් පිඟානෙන් පහෙන් තුන් කොටහක් පහත ආහාර බෙදා ගන්න.
පොල් සම්බෝල ගොඩාක්, එක දවසකට කහ මදය සමග බිත්තර හතරක් ( 4 )කන්න, මාලු, මස්, මී කිරි, අලිගැටපේර, හතු, ටෝෆු, බටර්, පොල්තෙල්, එලගි තෙල්.කජු, රටකජු ,කොට්ටම්බා මද, පිඟානෙන් බාගයකට වඩා මෙම ආහාර අඩංගු විය යුතුය. මෙම කාණඩයේ ආහාර නිසා දියවැඩියාව සනීප වෙනවා.
# තෙල් සඳහා හොඳ පිරිසිදු පොල්තෙල් සහ බටර් හොදා ගන්න. මෙම වර්ග දෙක අඩුවෙන් පාවිච්චි කල යුතු නැත. ඔබට ඇති තරම් කන්න පුළුවන්.
# ලුනු අඩුවෙන් පාවිච්චි කල යුතු නැත.
# චුට්ටක් කන්න එපා. අඩුවෙන් කන්න ඒපා. කන වෙලාවට ඇති වෙන්න බඩ පිරෙන්න කන්න.නමුත් අතරින් පතර, අනං මනං, චුට්ට චුට්ට, කන්න එපා
.
# අඩු කරනවානම් අඩු කල යුත්තේ පිෂ්ඨය සහිත ආහාරයි අනිත් ආහාර වර්ග වැඩි කරන්න.
තෙල් වලට බය වෙන්න එපා. තෙල් සහිත ආහාර නිසා රුධරයේ කොලෙස්ටරෝල් වැඩිවී ඉන් හෘද රෝග වැලඳෙන බව යල් පැන ගිය ඔප්පු නොකල මතයකි.
අදහස තමා පුලුවන් තරම් තෙල් සහ ප්රෝටීන් ආහාරයට එක්කර ගැනීම. ඔය දෙකම ස්වභාවයේ එකට තියෙන හොදම ආහාරය තමා මස් සහ මාලු.
මස් වර්ග වලින් මේදය අධිකව පවතින රතු මස් වර්ග (හරක් මස් සහ ඌරු මස්) වඩා ගුණයි. යම් හේතුවක් නිසා ඔබ මේ මස් වර්ග ආහාරයට ගන්නට අකමැති නම් සුදු මස් වරග ( කුකුලු මස් )වල අවශ්ය පමණට මේදය අඩංගු නොවන නිසා ඒ් සමග නොවරදවා පොල් සම්බෝල හෝ බටර් ආහාරයට ඒක් කර ගන්න.
අපේ රටේ බහුලව ඇති පොල් සහ පොල් තෙල් වල සිරුරට අවශ්ය මේදය මස් මාළු වලටත් වඩා හොඳින් තිබෙනවා.මී කිරි සහ අලිගැට පේරත් අපට අමතක වූ නමුත් ඉතාමත් ඉහල පෝෂණ ගුණයක් සහිත ආහාර වර්ගයි.දිනපතා උදේ ආහාරයට ලොකු පොල් සම්බෝලයක් අණිවාර්යයෙන් එකතු කර ගන්න.
ලොකු පොල් සම්බෝලයක්, මුං ඇට පොඩ්ඩක්,ලොකු මැල්ලුමක්,බිත්තර දෙකක් සහිත ආහාර පිගානක් කියන්නේ දියවැඩියාවට අඩු වියදම් දිව ඔසුවකි.අප නිර්දේශ කරන ආහාර පිඟාන බත් අඩු, කොළ එළවළු අඩු, ලොකුම ලොකු පොල්සම්බෝලයක් හෝ පොල් ගොඩාක් වරදින්නේ නැති, බිත්තර දිනපතා හතරක්වත් කන, මස් මාළු බහුල, මී කිරි බත් වගේ කන ආහාර වේලකි. ඔබ කැමති නම් ඒක වේලකට මීකිරි හට්ටියක් පමණක් කෑවත් කමක් නැත. හැබැයි සීනි, පැණි, හකුරු හෝ පැණිරස සමග මීකිරි කන්න එපා.
පියවර 4
සිරුරට විස සහිත "තහනම් ආහාර" කන්නම එපා.
එනම් සීනි, පාන්පිටි, කිරි, එළවළු තෙල් සහ පැකට් කරන ලද ආහාර. ඒවා පහතින් සවිස්තරාත්මකව දක්වා ඇත.
තහනම් ආහාර නම් - සීනි, පැනි රස, සහ මේවා යොදා සකස් කරන ලද ආහාර, පැණිරස ආහාර වර්ග - හකුරු, පැණි, කිතුල් පිටි. රට ඉඳි, යොදය රහිත කිරි වර්ග, කෘත්රිම රස කාරක, කැලරි රහිත ආහාර සහ පානයන් වර්ග, සීනි රහිත ආහාර වර්ග (sugar free products, fat free products. calorie free products.) කොකා කෝලා, පෙප්සි කෝලා, පැණි බීම වර්ග, පැකට් කලල බීම වර්ග, චොකලට් බීම සහ පැකට් කල කිරි වර්ග,
පාන්පිටි හාල්පිටි සහ පිටි වර්ග යොදා සාදන ආහාර වර්ග. ඉඳි ආප්ප රොටී පිට්ටු පාන් රෝස් පාන් වන්ඩු තෝසේ වඩේ කේක් ආප්ප බිත්තර ආප්ප මාළුපාන් හැලප පෑන් කේක් කැවුම් කේක් කොකිස් ආසමීී දොදොල් අයිස් ක්රීම් වටලප්පම් චූන් පාන් සහ ඒ වගේ දේවල් කන්න එපා.
පරිප්පු. පපඩම් අල සෝයා මීට්.
කිරි වර්ග එනම් නෙස්ටොමෝල්ට්, වීවා, මයිලෝ, ඇන්කර්, බොන්ලැක්, ඇනිලීන්, විටාජන්, සස්ටජන්, රත්ති, නෙස්ප්රේ, සහ කිරි වර්ග. කිරි පැකට් වර්ග. මාමයිට්.
එලවලු තෙල්, සන්ෆ්ලවර් ඔයිල්..කෝන් ඔයිල්..වෙජිටබල් ඔයිල්,මාගරින්, ඇස්ට්රා මාගරින්,
(පොල් තෙල් සහ බටර් කෑවාට කමක් නැත)
රූපවාහිනියේ දැන්වීම යන ආහාර, - processed food, සකස් කල ආහාර .රස කාරක, පැකට් කල ආහාර, නූඩල්ස්, සෝයා මීට්, මේවා පොඩිත්තක්කත් කන්නේම නැතිව ඉන්න උත්සාහ කරන්න.
බිස්කට් වර්ග - .බ්රෑන්ක්රැකර්, ක්රීම් ක්රැකර්. බිස්කට් වර්ග,
එපා කිවුවාම පොඩ්ඩක්කත් කන්න එපාම තමා. ආපහු බේත් බොන්න ආස නම් කෑවට කමක් නෑ.
අවවාදයයි. සෑම විටම ඔබේ වෛද්ය වරයාගේ උපදෙස් පිළිපදින්න.
දියවැඩියාවට බෙහෙත් නැවැත්තුවත් අනිවාර්යයෙන්ම දිවි ඇතිතෙක් මාස තුනකට වරක් HbA1c පරීක්ෂාව කර ගත යුතු වනවා. එසේම එහි අගය 5.6 ට වඩා පහතින් තබා ගත යුතු වනවා.
එසේම වසරකට වරක් නොවරදවා ඔබේ සර්වාංගයම, එනම් මුලු සිරුරම ඔබේ වෛද්ය වරයා ලවා පරීක්ෂා කරවා ගත යුතු වනවා. ඒ සමග පහත සඳහන් රුධිර පරීක්ෂාවන් කර ගත යුතු වනවා. මීට අමතරව වෙනත් අවශ්ය රුධිර පරීක්ෂාවන් ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරනවා ඇත.
Lipid profile
SGPT/ SGOT
Serum creatinine
Microalbuminuria
HbA1c
පියවර 5
සතියට දෙවරක් විනාඩි විස්ස බැගින් ව්යායාම කරන්න.
WorkoutA
1.Squats 13
2.Push ups 9
3.Bridge 7
4.Rowing 9 (or Pull ups 5 )
As many rounds as possible in 20 minutes.
දිනපතා විනාඩි 20 ක් භාවනා කරන්න.
මේ පිළිබඳ වැඩි විස්තර පහල දිගුවෙන් ලබා ගන්න.
නිතර අහන ප්රශ්ණ - FAQ
හැමදාම මෙහෙම කන්න වෙයිද ?
නැවත වතාවක් ඔබට දියවැඩියාව වැළඳුනු ආකාරයේ ආහාර රටාවකට ගියහොත් නැවත දියවැඩියාව හිස ඔසවනු ඇති.
මෙම ආකාරයෙන් ආහාර ගැනීම ෆැටි ලිවර් තියෙන අයට හොඳයිද ?
ෆැටි ලිවර්, කොලෙස්ටරෝල්, පොලිසිස්ටික් ඔිවරි සිනඩ්රෝම්, අධි රුධිර පීඩනය සහ අධික රබාරුව ආදී ඉන්සියුලින් ප්රතිරෝධය නිසා ඇතිවන රෝග ගනනාවක් මෙම ආහාර රටාව මගින් සුව කරන්නට පුළුවන්.
මෙම ආකාරයෙන් ආහාර ගත්තාම කොලෙස්ටරෝල් වැඩි වෙනවාද ?
කොලෙස්ටරෝල් වල හෘද රෝග වලට බලපාන කොටස වන TGL කොලෙසටරෝල් මට්ටම පහත යයි. එසේම හෘද රෝග වලින් ඔබ ආරක්ෂා කරන HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහල යයි. මෙම දෙකේ අනුපාතය දෙක හෝ දෙකට වඩා අඩු නම් ( TGL/HDL = 2 ) ඔබේ හෘද රෝග අවදානම අවම වනවා පමනක් නොව ඔබේ දියවැඩියාවේ හේතු කාරකය වන ඉන්සියුලින් ප්රතිරෝධය ප්රශස්ත මට්ටමට පැමිණ තිබේ.
සමහර අයෙකුගේ LDL මට්ටම සහ සම්පූරණ කොලෙස්ටරෝල් මට්ටම TCH ඉහල යන්නට පුළුවන් වුවත් එය හෘද රෝග වලට බල පාන්නේ නැති බව නවීන සමීක්ෂණ වාර්තා පෙනවා දෙයි.
පැය දාහතරක් හෝ දාසයක් උපවාස කිරීමෙන් ( නොකා සිටීමෙන් ) ගෑස්ට්රයිටිස් හැදෙන්නේ නැද්ද ?
අලුතින් සෑදෙන්නේ නැත. ඔබට ගැස්ට්රයිටිස් වැළඳී ඇතිනම් එය වැළඳුනේ ඇයි ? උපවාස කිරීමෙන්ද ? නැත. ගැස්ට්රයිටිස් ලෙස පොදු වහරේ හඳුන්වන තත්වය ඇතිවීමට ප්රධාන හේතුව සීනී, පාන්පිටි, කිරි, එළවළු තෙල් වර්ග සහ සකස් කල ආහාරයි. එම ආහාර නැවැත්වූ විගස ගැස්ට්රයිටිස් සුව වන්නට පටන් ගනී.
මෙම උපවාස ක්රමයත් කාලෙන් කාලෙට එන රැල්ලක් විතරද ?
මෙම උපවාස ක්රමය අපේ රටට නම් අලුත් දෙයක් නොවේ. ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා අවුරුදු 2500 තිස්සේ දන් වලඳන්නේ දවසේ පැය හයක් පමණි එනම් සූරිය උදාවේ සිට දහවල් ඉර හැරෙන තුරු පමණි. ඉතිරි පැය දහ අටම උන් වහන්සේලා කිසිදු අහරක් වලඳන්නේ නැත. බුදු රජානන් වහන්සේ දන් වැලඳුවේ දිනකට එක් වරකි. අදත් ආරන්ය වාසී සමහර භික්ෂූන් වහනසේලා දන් වලඳන්නේ එක වේලක් පමණි. එයට ඒකාසනිකාංග ශීලය ලෙස හඳුනවති.
අපේ බුදුරජානන්වහන්සේ එතෙක් මෙතෙක් විසූ දක්ෂම වෙදතුමා වනසේක.
වගකීමෙන් මුක්ත වගන්තිය
මෙම ලිපියේ හෝ පොතේ අඩංගුව ඇති උපදෙස් එලෙස අනුගමනය කිරීම නිසා ඇතිවන ඇති වූ හෝ ඇතිවිය හැකි සෘජු හෝ වක්ර කිසිදු අහිතකර බලපෑමකට වෛද්ය ජානක වන්නකු වන මම කිසිදු වගකීමක් දරනු නොලබයි. මෙම කරුණු හුදු මාර්ගෝපදේශයක්ම වන අතර ඔබේ වෛද්ය වරයා සමග සාකච්චා කර අදාල තීරණය ගත යුතු බව සලකන්න.
වෛද්ය ජානක වන්නකු
MBBS/SL
SLMC reg number - 16507
Website - drwannaku.lk
අපේ මුහුණු පොතේ දියවැඩියාව සඳහා වන සමූහය සමග සම්බන්ධ වන්න කියා ආරාධනා කරනවා.
Face book group - දියවැඩියාව සමනය - Diabetes Reversal Sri Lanka
Face book group - බඩට තිත - wannakumethod
Face book page - wannakumethod
Face book page - Dr Janak Wannaku
ඔබට දියවැඩියාව සමනය කරගන්නට අවශ්ය සියලු කරුණු මෙම ලිපියේ නොමිලයේම සඳහන්ව තිබේ.
කෙසේ වුවත් තව දුරටත් මගේ සේවය අවශ්ය නම් දිනයක් වෙලාවක් වෙන් කර ගැනීම ස්ඳහා පහත whatsapp අංකයට පනිවිඩයක් ලබාදෙන්න. කරුණාකර කතා කරන්න එපා.
Private consultations -
whatsapp පණිවුඩ පමණයි කතාකරන්න එපා.- 0714485994
ඔබට wannakumethod මගින් ලැබෙන සේවාව අගය කිරීමක් ලෙස
හෝ
wannakumethod ප්රවර්ධනය සඳහා අතහිත දීමක් සඳහා කරන මුදල් පරිත්යාග
පහත අංකයට බැර කරන්න පුලුවන්.
BOC
acc number 77376179
Dr.W.R.J.P. Wannaku
Ratnapura Hospital Branch - 315

Sunday, October 24, 2021

පැරණි හින්දි සිනමාවේ අතිශයින් වර්ණවත් ගීත

1.jane jigar duniya mein tu sabse haseen hai - Sunil Lazar said "THE FUSION OF THREE LEGENDS OF B'WOOD, R.D.BURMAN, KISHORE DA, AMIT JI; WITH THE TRIGGERING EFFECT PROVIDED BY CHEUBIC RANDHIR, VIVACIOIUS TINA, AND RAVISHING ZEENAT. THE RESULT, A CONTRAPTION THAT COULD MAKE THE A-BOMB FEEL LIKE A PRANK.", couldn't agree more


Link -  https://www.youtube.com/watch?v=ZqfCnBAcBlc  


2. bachke rehna re baba -  Abhi Desh said "A time when the songs were so meaningful and more importantly ORIGINAL .


Legends like Kishore Kumar ji , Mukesh ji , Burman sahab , Rafi Sahab are legends forever along with Lata Mangeshkar , Asha Bhosle and all 70s and 80s musicians 🙏


Even as a 26 year old I'm loving it more than today's songs ❤️" - very true


Link - https://www.youtube.com/watch?v=LV5BIGgfemM


3. dekho maine dekha hai ek sapna - Krishan Sharma said "These are not only the songs these are golden memories of 80's and 90's people they are connected by heart ❤💞❤💞 we also listen new songs today but after two Or three days we forget it but these song we can't forget never ever .😊🥰🥰 Am I right???" - indeed my friend, indeed!


Link - https://www.youtube.com/watch?v=q7iZe8GY8jw




4. jaana o meri jaana - Ads dymanic said " Kamal Hassan is really brilliant in this song.


Full of energy & enthusiasm, great entertainment.


RD Burman's singing & musical skills are beyond comparison." - How true is this?




Link - https://www.youtube.com/watch?v=IH-WEx_67oI




5. hum tum ek kamre mein band ho - Manny Gulliver said "I'm a 70's child, I grew up watching these great movies. 😁" - lucky you!




Link- https://www.youtube.com/watch?v=tBJj-3sgcd0


Friday, October 15, 2021

මෙවර ළමා දිනයේදී දරැවන්ගේ අනාගතය ගැන යථාර්ථවාදීව නැවත සිතමු

 තවත් ළමා දිනයක් ඔක්තෝබර් පළමු වෙනිදාට යෙදී තිබුනි. නමට පමණක් හොඳම දේ ළමයින්ටය කියමින් හැමදාම කරන බොරැ වලින් මදක් බැහැරව අප  ලoකාවේ දරැවන් ගේ අනාගතය ගැන යථාර්ථවාදීව මදක් සිතා බලන්නට එය අවස්ථාවක් කර ගනිමු. 

දිගින් දිගටම ළමයින් අගතියට පත් වීමත්, එසේ අගතියට පත් වීම් දෙමව්පියන් ගේ වැරදි ආකල්ප සහ හැසිරීම් නිසා සිදු වීමත්, ඒ සඳහා  නෛතික හෝ සමාජයීය මට්ටමින් දරැවන්ට සාධාරණය ඉටු නොවීමත්, එබැවින් දෙමව්පියන් අතින් දිගින් දිගටම  සිදු වන ළමා හින්සනයත් කැපී පෙනේ. මා මෙය ලියන කාලයේ සිදු වූ මතක ඇති සිදු වීම් නම් කුඩා ගෑණු දරැවෙක් වල් කපුවෙක් වෙත ගෙනගොස්  අතවර වන්නට සැළසීම, ළමයින් කීප දෙනෙක් සාරි ඔන්චිල්ලා පදිද්දී ගෙළ සිරවී හෝ වැටී මිය යාම, වැට මායිමට රණ්ඩු වී වෙඩි තබද්දී ඉලක්කය වැරදී වෙඩිවැදී ලඟදී මිය ගිය දරැවා, දරැවන් කීප දෙනෙක් සියදිවි නසා ගැනීම,දරැවෙක් මාමාගේ තණකොළ කපන මැෂිමට හසු වී කැපී මිය යාම, ඔන් ලයින් ගේම් ගසන නිසා පියා විසින්  දරැවට කොසු මිටෙන් පහරදී මැරීම, ගණං ටියුෂන් දෙන්න ගිය දැරියගේ මළ සිරුර වසා දැමූ නිවසක හමු වීම, දරැවන් අනාරක්‍ෂිතව  (හෙල්මට් නැතිව මෝටර් බයිසිකල් වල, ජීවිතාරක්‍ෂක ජැකට් නැතිව ජලාශ වල) ගෙන යාම් නිසා වූ මරණ, දරැවන් අනාරක්‍ෂිතව ගිණිකෙළි භාවිතය නිසා වූ අනතුරැ ආදී බොහෝ වළක්වාගත හැකිව තිබූ මරණ/අනතුරැ විය. මේවා ළමා අයිතිවාසිකම් සහිත දියුණු රටවල සිදු වූවා නම් දෙමාපියන්ට දැඩි දඬුවම් ලැබේ.  ඒ නිසාම දියුණු රටවල  මිනිස්සු කැලේට කොලේට ළමයි නොහදා ළමයි හදන්න තමන්ට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් පමණක් ළමයි හදයි. අනිත් අතට ළමයි හදන්න තමන්ට ඇත්ත අවශ්‍යතාවයක් තිබේ නම් ඒකට කසාද නොබැඳ කෘතිමව ගැබ් ගෙනද, තමන් සම ලිoගික නම් තෙවන පාර්ශවයක්  කෘතිමව ගැබ් ගෙනද ආදී වශයෙන් නොයෙකුත් ක්‍රම මඟින් ළමයි හදයි. සරළව කිව්වොත් ළමයි ඇත්තටම ඕනෑ එකාට ඒකට කසාදය, සමලිoගිකත්වය හෝ වෙන මොන කරැණක්වත් බාධා නොවන්නාක් සේම ළමයි ඇත්තටම එපා එකාට කවුරැවත් බල කරන්නේද නැත.  හරි නම් සමාජයක විය යුත්තේ මෙයයි. 

ඒත් ලoකාවේ ළමයි හැදීමේ හේතු විෂමය. දරැවන් හදන්නේ සමාජ පීඩනයෙන් ගැළවීමට, තමන්ගේ සරැ භාවය රටට ඔප්පු කිරීමට, ගෙදර බුදුන් ටයිටල් එක ලබා ගැනීමට, ගරා වැටෙන විවාහය බේරා ගැනීමට, දේපළ පිටට යාම වැළැක්වීමට, වයසට ගිය පසු සළකවා ගැනීමට, තමන්ට කරන්නට බැරි වූ දේවල් දරැවකු ලවා  කරවාගැනීමට ආදී හේතු වලට නම් ඔබ දෙමාපියන් වශයෙන් අසාර්ථක වන අතර ඔබේ දරැවා වැඩිහිටියෙකු වශයෙන් අසාර්ථක වේ. මේ අසාර්ථක වීම පිටතට නොපෙනෙන්නට පිළිවන. ඇතැම් විට භෞතික සම්පත් මඟින් වසා ගැනීමටද පිළිවන. නමුත්  අසාර්ථකත්වය ඔබේ ඇතුළාන්තය දන්නා අතර එය ඇතුළතින් ඔබව විඳවීමට ලක් කරයි. ඉහත ඊනියා හේතු වලට කෙනෙක් දරැවන් හදන්නේ නම් පහත ළක්‍ෂණ මඟින් එය පහසුවෙන් හඳුනා ගත හැක.

1. දරැවා ගේ සතුටට වඩා පිට මිනිසුන්ගේ  විනිශ්චය ලොකුය. ඒ නිසා නිතරම රටේ ලෝකෙ මිනිස්සු දැනගත්තොත් මොනව නොකියාවිද, අපි කොහොමද සමාජයට මූණ දෙන්නේ ආදී අඬපාළි කියයි. කාලයකට පෙර තරැණ තරැණියන් අතර ජනප්‍රිය වූ prank එකක් නම් තමන් සම ලිoගික බව  හෝ ගැබ් ගත් බව/තරැණියක තමා අතින් ගැබ් ගත් බව (බොරැවට)  මවට/පියාට කියා ප්‍රතිචාරය බැලීමයි. දියුණු රටවල තරැණ තරැණියන්ගේ දෙමව්පියන් එම අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් දකුණු ආසියාතික දෙමව්පියන් එම අවස්ථාවට මුහුණ දුන් ආකාරයත් අතර තිබූ ලොකුම වෙනසක් වූයේ බොහෝ දකුණු ආසියාතික දෙමව්පියන් ගේ කටින් මුලින්ම කියවුනු දෙයක් වූයේ අපි දැන් ලෝකෙට මුහුණ දෙන්නෙ කොහොමද යන්නයි. එම වීඩියෝ බලන ලද බටහිර මිනිස්සුන්ට එය විමතියට කාරණයක් වූ අතර ඔවුන් කොමෙන්ටු දමා තිබුනේ ඉතින් පිට මිනිස්සු මොනව හිතුවත් ඒක ගැන කරදර වෙන්නේ ඇයිද කියාය.  බොහෝ දකුණු ආසියාතික දෙමව්පියන්ට තම දරැවාගේ මානසිකත්වය ගැන වද වෙනවාට වඩා ලෝකයට මුහුණ දෙන්නෙ කොහොමද යන්න ගැන වද වෙන බව පෙනුනි. තවත් උදාහරණයක් ගත්තොත් විභාගයක් අසමත් වූ දරැවෙක් නැත්නම් විවාහය පමා වූ දරැවෙකුගේ මානසිකත්වය ඉහළ නැoවීම ගැන වද වෙනවාට වඩා ලෝකයට මුහුණ දෙන්නෙ කොහොමද යන්න ගැනයි එබඳු දෙමාපියන් හිතන්නේ.  

2. දරැවන් හදන්නේ තම න්‍යාය පත්‍රයේ ඉත්තන් ලෙසට ය. තම න්‍යාය පත්‍රය අනුව දරැවන් හසුරවා ගැනීමට අධික ශාරීරික හා මානසික වධ හින්සා, තර්ජන, බ්ලැක්මේල්, අල්ටිමේටම්, ආදී මෙකී නොකී පහත් ක්‍රියා වල නිරත වේ. දරැවන්ගේ සතුටට,මානසික සුවයට හෝ සැනසීමට  කිසිම වටිනා කමක් නැත. දරැවන් න්‍යාය පත්‍රයට පිටින් වැඩ කල විට මාරාවේශ වේ. දරැවන් න්‍යාය පත්‍රයට පිටින් වැඩ කල විට දරැ කමින් නෙරපා හරී. උඹ විභාගෙ ෆේල් වෙලා ගෙදර එන්න එපා, කපල ගඟේ මූදෙ දැම්මත් ඌට උඹව දෙන්නෙ නෑ ආදී අදහස් උදාහරණ වේ.  

3. දරැවන් ගෙන් බලාපොරොත්තු වන්නේ සාර්ථක වීම් පමණි. First time right approach නොහොත් තීරණ වලදී පළවෙනි පාරම හරියට කළ යුතු බවට දරැවන්ට බල කරති. (පළවෙනි ආදරය කසාදය විය යුතුය, පළවෙනි කසාදය අන්තිම කසාදය විය යුතුය.) දරැවෙක් තාවකාළිකව හෝ පසු බහින විට දරැණු අවමන්, අපහාස උපහාස, නොසළකා හැරීම්, සන්සන්දනය කිරීම් ආදී අතිශය තිරශ්චීන ක්‍රම යොදාගෙන දරැවා තුළ ඊරිසියාව, ක්‍රෝධය, හීනමානය ආදී හැඟීම් ජනනය කර ඒ මඟින් දරැවා දඩ බල්ලෙකු සේ උසි ගන්වයි.  

4. දරැවන් හිත් පිත් සහිත ආත්ම ගෞරවයක් සහිත මානව හිමිකම් සහිත මනුශ්‍ය පැටවුන් නොව හිත් පිත් නැති කිසිම අයිතිවාසිකමක් නැති නිශ්චල දේපොළක් ලෙස සළකයි. මගේ ළමයින්ට ගහන්නට මට කාගෙන්වත් අවසර ඕනෙ නෑ, මගේ ළමයි වැඩ කරන්න ඕනෙ මම කියන විදිහට ආදී අදහස් දරයි.  ඒවගේම දෙමව් පියන්ට අසීමිත බලතල ඇති බවද ළමයි දෙමව්පියන්ගේ අයුතු තීරණ හෝ අයුතු හැසිරීම් (බේබදුකම, කොටු පැනීම, බැණඅඬගහ ගැනීම්) හිස පහත් කරගෙන පිළිගතයුතු බවද විශ්වාස කරයි.

5. මොනතරම් මතුපිටින් ළමයින්ට ආදරය කළත් ගැඹුරැ අර්ථයෙන් ළමයින්ට ආදරය නොකරති. පොඩ්ඩක් පැහැදිලි කලොත්, කසාද බඳින්න ඉන්න ගෑනු සහ පිරිමි දත කට මැදගෙන ළමයි හදන්නට බලාගෙන සිටියත් ඒ සඳහා සුදුසු සමාජ, ආර්ථික, ජීව විද්‍යාත්මය, මානසික, ශාරීරික අවශ්‍යතා අධ්‍යයනයක්වත් නොකරති. ඒවා හැකි පමණින් සපුරා ගැනීමට උත්සහයක් වත් නොගනිති.

සමාජයීය වශයෙන් සරළම උදාහරණයක්  ගත්තොත්, සමහර මිනිසුන්ට කා සමඟවත් හොඳින් ඉන්නට බැරිය. අසල්වැසියන්, නෑදෑයන්, මිතුරන් නැත. මෙවැන්නන්ගේ ළමයින්ට සමාජ සම්බන්ධතා නොමැති කමින් තනි වී උදව් නැතිව ලොකු දුකක් විඳීමටද ජීවිතයේ විවිධ කඩඉම් වලදී දෙමාපියන්ගේ හතුරන් මුණගැසී වධයට පත් වීමටද සිදු වේ. මේ ලියන මගේ අසල්වැසි පවුළක් සමග කළක පටන් තිබූ කිසිම අර්ථයක් නැති වැඩිහිටි ආරවුළක් විය. පසුකාළීනව විශ්වවිද්‍යාලයේ එක්තරා පාඨමාලාවක් ඉගැන්වීමට එකී අසල්වැසි පවුළේ "හතුරෙකු" පැමිණෙන බව අසා මගේ දෙළොව රත් විය. පෙර වාසනාවකට අන්තිම මොහොතේ එම පුද්ගලයාව පාඨමාලාව ඉගැන්වීමෙන් ඉවත් කෙරිනි. පසුව මා උපාධිය ගෙන යම් ආයතනයක උගන්වද්දී එම ආයතනයේම උගන්වන මේ  පුද්ගලයා මා දැක පුදුම වී "ඔයා කොහොමද මම නොදැන මේ අoශයෙන් උපාධියක් ගත්තේ" යැයි ඇසීය. මම ඇමරිකාවට යාමට අදාළ ආයතනයට මගේ අස්වීම බාර දෙද්දී මම ආචාර්‍ය උපාධියට ඇමරිකාවට යන බව ඇසූ ඔහුට ෆිට් එක මෙන් හැදී අත තිබූ පෑන හා ලියකියවිලි බිම වැටුනු අයුරැ අදටද මට මැවී පෙනේ. වැඩිහිටියන්ගේ අනවශ්‍ය අසල්වැසි වළියක් නිසා අඳුරැ වීමට තිබූ මගේ ජීවිතය අනූ නමයෙන් ගැළවුනත් හැමෝම එසේ වාසනාවන්ත නැත. වැට මායිමට රණ්ඩු වී වෙඩි තබද්දී ඉලක්කය වැරදී වෙඩිවැදී ලඟදී මිය ගිය දරැවා ඊට උදාහරණයකි. එසේ ලoකාවේ වැඩිහිටියන් සමාජයීය වශයෙන් අමනෝඥ තීරණ ගනිද්දී දරැවන්ට ඒවා බලපාන ආකාරය මදක් හෝ නොසිතති. දරැවෙකුට සමාජ සම්බන්ධතා අත්‍යවශ්‍ය වේ. එම නිසා දෙමව්පියන් වීමට පතන්නන් තම නෑදෑ හිත මිතුරන් අසල්වාසීන් තම ආගමික ආයතන ආදිය සමඟ හොඳහිත පවත්වා ගැනීමට අදිටන් කර ගත යුතු වුවත් එවැනි චර්‍යාමය වෙනසක්වත් කර ගැනීමට බොහෝ දෙනාට බැරිය. තවත් උදාහරණයක් ගත්තොත්, මම  එක්තරා බසයකට නගින පෝළිමක සිටිද්දී හැමදාම මවක් තම බාලාoශ දරැවා සමඟ පෝළිමට පිටින් සිටිනු දකිමි. අර කුඩා ළමයා හැමදාම පෝළිම පැන බසයකට නගින අතර තමාට සහ මවට අසුනක් අල්ලා ගනී. ළමයා කුඩා නිසා කවුරැවත් මුකුත් නොකියයි. මේ මව ළමයාට සමාජයේ හැසිරෙන ආකාරය ගැන දෙන පණිවිඩය කොතරම් කැතද? මදක් කළින් පැමිණ බස් පෝළිමේ සිට බසයට නගින චර්‍යාමය වෙනස කරනවාට වඩා දරැවා නොසණ්ඩාල කිරීම එම මවගේ තෝරා ගැනීමයි. 

මානසික, ශාරීරික වශයෙන් උදාහරණයක්  ගත්තොත්, දරැවෙකු පතන ගැහැනියක් හෝ මිනිසෙක් ඒ ළමයාට වයස දහ අට වත් පනින තුරැ ශාරීරික හා මානසික වශයෙන් ළමයාව පෝෂණය කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවක් හා මානසික සමබරතාවයක්  පවත්වා ගත යුතුය. නැතිනම් ළමයාට යන්තම් දහය ලබද්දී දෙමාපියන් ජරා ජීර්ණය වී ලෙඩවී අර කුඩා දරැවාට ගෙදර බර පැටවේ. ඊට අමතරව රෝගී දෙමව්පියන්ගේ දුක් විඳීමද හැමදාම දැකීමට සිදු වේ. මෙසේ දරැවෙක් කුඩා කාළයේ බැරි බර උසුළාගෙන අධ්‍යාපනය, විනෝද ක්‍රීඩා, හොඳ කෑමබීම, ප්‍රීතිමත් ආරක්ශාකාරී ගෙයක්,  හෝ ඒ හැමටම වඩා ශාරීරික සහ මානසික සෞබ්‍යයෙන් යුතුව දරැවා හරි මඟ යැවීමට හැකි දෙමාපියෙක් නැතිව  නන්නත්තාර වීම සිදු නොවන තැනට කටයුතු යෙදීමට මුලදීම දෙමව්පියන් වීමට පතන්නන් දැන ගත යුතුය. දියවැඩියාව ආදී රෝග මනාව පාලනය කර ගැනීම, මත්පැන් දුම්වැටි ආදී දුරාචාර වලින් මිදීම, අධික ස්ථූලතාවය පාලනය කර ගැනීම, ව්‍යායාම වල යෙදීම, සමබල ආහාර ගැනීම, පිරිසිදුකම ආදී ජීවිතයේ වෙනස්කම් ඇති කර ගත යුතුය. නමුත්  දෙමව්පියන් වීමට පතන්නන් බොහෝවිට එවැනි ජීවිතයේ වෙනස්කම් මුකුත් කරගන්නේ නැත.

මානසිකව දෙමව්පියන් වීමට පතන්නන් ඉන්නේ ඊටත් වඩා නරක තැනකය. දරැවෙක් ඇතිදැඩි කිරීමේදී තිබිය යුතු ඉවසීම සහ නොයෙකුත් ගුණ ධර්ම බොහෝ අයට නැත. කොසු මිටෙන් පහර දී තම ටීනේජ් පුතා පරළොව යැවූ තාත්තා එවැනි උදාහරණයකි. බැණීම, පහරදීමම මගින් මිස ආදර්ශය, සන්නිවේදනය සහ ආදරය මඟින් දරැවා හික්මවාගන්නා දෙමව්පියන් හිඟය. මන්ද යත් බොහෝ පියවරැ මව්වරැ දුරාචාරයේ යෙදෙති, බොහෝ පියවරැ මව්වරැ අධික මානසික පීඩනයකින් සිටිති, බොහෝ  දෙමව්පියන් දරැවන් ඉදිරියේම බොරැ, කේළාම්, පරැෂ වචන කියන, පස් පවෙහි යෙදෙන උදවිය බැවින් දරැවන්ට ආදර්ශයක් දීමට බැරිය. සන්නිවේදනයද බකල් වී ඇත්තේ බොහෝ  දෙමව්පියන් කට අරින්නේම බැනීමට අඬපාලි කීමට අවලාද වලට ඕපදූප වලට තර්ජනය කිරීමට සැක කිරීමට බල කිරීමට මිසක අගය කිරීමකට ස්තූති කිරීමකට සන්වාදයකට උදව්වකට හිත හැදීමකට වැනි ධනාත්මක දෙයකට නොවන නිසාය. ළමයෙක් දෙමාපියන් කෙර් විශ්වාසය තබා ඔවුනට කියූ රහසිගත දේවල් කිසිම හැඟීමක් නැතිව එළි පිට කියා ළමයා ලැජ්ජාවට පත් කරන හෝ ඒවා ළමයාටම විරැද්ධව පසුව පාවිච්චි කරන දෙමව්පියන්, ළමයාගේ ප්‍රශ්නයක් කියූ විට හිත හැදීම වෙනුවට බැණ වදින දෙමව්පියන්, ඒ සියල්ලටම වඩා නරක, ළමයා ගැන සොයා නොබලන දෙමව්පියන් බොහෝ දෙනෙකි. ඉතින් සන්නිවේදනයක් ගැන කවර කතාද?

ඉහත 1-5 කරැණු වලට අනුකූළව හදන දරවන් වැඩිහිටියන් වන්නේ මානසික රෝග ගණනාවක්ද සමඟිනි. ඒ අතරින් අධික හීනමානය, බොරැ කීම, ප්‍රතිපත්තියක් රහිත වීම, දුෂ්ඨ කුහක ඊර්ශ්‍යා පරවශ ගති, අධික සෘනාත්මක තරඟය, කෝපය පාලනය කළ නොහැකි කම, අතහැරීමට නොහැකි කම, සන්නිවේදනට නොහැකි කම, ප්‍රතික්ශේප වීමට ඇති අධික බිය, පරාජය දරා ගැනීමට නොහැකි කම, ජීවිතය විඳීමට නොහැකි කම, අධික සැකය/බිය ආදිය සමහරකි. ලoකාවේ බොහෝ ප්‍රශන වලට මුළ මානසිකව අසමතුළිත මිනිසුන් බහුල කමය යනු මගේ හැඟීමයි. 

 





Monday, October 4, 2021

යොහානි ඉගැන්වූ ලොකුම පාඩම

 යොහානි ගේ සoගීත දිවියට මුලින්ම සුබ පතනවා. ඒත් මට කියන්නට ඕනේ යොහානි ගේ සoගීතය ගැන නොවේ. යොහානිගෙන් අපට ඉගෙන ගන්න ලැබුනු අපූරැ පාඩම් ගැනයි.

ලoකාවේ සාම්ප්‍රදායික දෙමව්පියො සාමාන්‍යයෙන් දුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ සාරි ඇඳල, කොන්ඩෙ වවල, නැටුම් ගැයුම් නැති, සoවර ලෙස ගෙයි මුල්ලෙ ඉන්න චරිතයක්. ඒත් යොහානි ඒකෙ අනිත් පැත්ත. කොන්ඩය කපල, පාට කරල, අළුත් විලාසිතා වල ඇඳුම් ඇඳල, ස්ටේජ් වල නැගල නට නටා හයියෙන් හිනා වෙවී... කොටින්ම අර ස්ටෑන්ඩර්ඩ් සoවර ගෑනු චරිතය ප්‍රසිද්ධියේම ප්‍රතික්ශේප කරල සoකර ගෑනු ළමයෙක් ලෙස පෙනී හිටිනවා. දියුණු රටවල යොහානිගෙ ඉමෝ (Emo Music) ශෛලිය බොහොම සාමාන්‍ය වුවත් අන්තර්ජාතික Soprano ගායිකා කිශානි ජයසිoහගේ ගායනය පූසෙකුගෙ මර ළතෝනියකට සමාන කරල ගඩොල් බාගෙකින් ගහන්න කියපු නූගත් බයියන් ඉන්න කොමිටල් විජිතයක මේක ලොකු වෙනසක්. ගෑනු ළමයෙක් කරන්න තියා හිතන්නවත් බය වෙන වෙනසක්. ඒත් ඒ කුඩා ශරීරයක් හිමි කුඩා කෙල්ල යොහානි  ඒක කලා.

ලoකාවේ සාම්ප්‍රදායික රසිකයො කියන්නෙ බොහෝ විට මෙලෝ රහක් නැති, ලෝකයේ සoගීත ශෛලීන් ගැන මෙලෝ දැනුමක් නැති, නන්දා මාලනීගෙ හෝ වෙනත් ප්‍රබුද්ධ සoගීතඥයෙකුගෙ ගීතයක් දෙකක් අහල සoගීතය ගැන හෙන පොරවල් කියල හිතන් ඉන්න, දුක් විය යුතු ගීතයකට නටන, නැටියයුතු ගීතයකට කම්මුලේ අත තියාගෙන බලන් ඉන්න ජාතියක්, ගායිකාවකගෙන් "සුමට කාන්තා කටහඬක්" බලාපොරොත්තු වෙන. ඒත් යොහානිගෙ කටහඬ ඒ සම්ප්‍රදායික සුමට කාන්තා කටහඬ නොවේ, ඇයට අනන්‍ය "අමුතු"  කටහඬක්. ඇය රසිකයන්ගේ එම සාම්ප්‍රදායික රසිකත්වයත් අභියෝගයට ලක් කරා.

ලoකාවේ සාම්ප්‍රදායික දෙමව්පියො සාමාන්‍යයෙන් දුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ පාඩම් කරල දොස්තර කෙනෙක් බැරි නම් ටීචර් කෙනෙක්වත් වෙන්න, මොකද ගෑනුන්ට සුදුසු ඒ රැකියා. ඒත් යොහානි තෝර ගත්තේ පිරිමින්ටවත් ලෙහෙසියෙන් කළ නොහැකි රැකියාවක්. ගොඩක් වෙලාවට අවමානයට පහළට දාන රැකියාවක්. ඒත් යොහානි  ඒ රැකියාවට අළුත් වටිනාකමක්, ගෞරවයක් එකතු කලා. කෙල්ලෙක්ටත් තනියම හොඳ එන්ටර්ටේනර් කෙනෙක් වෙන්න පුළුවන් බව ඔප්පු කලා.

 ලoකාවේ සාම්ප්‍රදායික මිනිස්සු ගැහැනුන්ට නොයෙකුත් මානසික දම්වැල් දමනවා, රෑට ගමන් යන්න එපා, තනියම යන්න එපා, අරෙහෙම අඳින්න එපා, අරෙහෙම හැසිරෙන්න එපා, සිනා නොමසෙන් දසන් දක්වා වගේ. යොහානි ඒ මානසික දම්වැල් සියල්ල කඩාගෙන ආපු කෙනෙක්. Chain breaker කෙනෙක්. 

යොහානිට එයාගෙම අනන්‍යතාවයක් තියෙනවා, එයා මේක් අප් දාන විදිහෙ ඉඳල කටහඬ, ඇඳුම්, හැසිරීම සියල්ලම ඒ අනන්‍යතාවයේ කොටස්. ඒ නිසාම යොහානිගේ වටිනාකම වැඩියි. යොහානි  ඒ අනන්‍යතාවය ලෝකයාට බයේ  විනාශ කරගත්තේ නැහැ, අද වන විට ඇයට එහි ප්‍රතිලාභ ලැබිල තියෙනවා.

යොහානිගෙ ඇටිටියුඩ් එකත් හරිම විශේෂයි. ඉහත සියළුම විශාල පෙරළි කලේ  හරි සැහැල්ලුවකින් හරිම සාමාන්‍ය දෙයක් කරනව වගේ. ඒ නිසා නලින් සීය ඇතුළු හේටර්ස්ලට යොහානිව වට්ටන්න බැරි උනා.

යොහානි එසේ බැබලෙන කාලෙමයි අම්මලගෙ තාත්තලගෙ බලකිරීමට දොස්තරල වෙච්ච ගෑනු ළමයි කොරෝන නිසා නන්නත්තාර උනේ. සල්ලි හොයන්නයි තත්වය හොයන්නයි දොස්තරල වෙච්ච ගෑනු ළමයි අමාරැවෙන් අකමැත්තෙන් බයේ ගැහි ගැහී වැඩට යද්දි, රෝගීන්ගෙ අප්‍රසන්න අත්දැකීම් -  ලේ සෙම් සොටු මළ මුත්‍රා විළාප මැද රෝහල්වල දුක් විඳිද්දි මෙන්න යොහානි අර අවමානයට පහළට දාන රැකියාව කරල එක රැයින් කෝටියතිනියක් වෙලා, ලෝකය පුරාම ජනප්‍රිය වෙලා, සැප සම්පත් මැද සතුටින් තමන්ගෙ රස්සාව කරගෙන ඉන්නවා. යොහානිගෙ බොස් යොහානිමයි. කාටවත් ඔළුව නවන්න බැනුම් අහන්න ඕනෙ නෑ.

දෙමව්පියන්ගෙ බල කිරීමට කොන්ඩෙත් වවන් සාරිත් ඇඳන් අම්මල හොයල දුන්න කසාදයකුත් කරන් ඩොකෙකුත් වෙලා අකමැත්තෙන් අසතුටෙන්ජීවත් වෙන "යොහානිල" කොච්චර මේ රටේ ඇත්ද? ඒක නිසා තමන්ගෙ දරැවන්ගෙ සහජ දක්ශතා මරල දාල ඔවුන් බලෙන් වෘත්තිකයන් කරන්න හදන්න එපා. ඒවගේම දරැවන්ගේ පෞරැෂය ලෝකයට බයේ මරල දාන්නත් එපා. දරැවන්ට එයාලගෙ අනන්‍යතාවය සොයා ගන්නට උදව් කරන්න.

https://i.scdn.co/image/b6fb8adc4d8b7ddfda3779800b577d9a503e8e5b

බයියෙකුගේ සොරි ලයිෆ් එක ගැන glimpse එකක්

 බයියා නම් විපරීත ජීවියාගේ සොරි ලයිෆ් එක ගැන කුඩා අදහසක් ගැනීමට කසුන් පෙරේරා නමින් ගොසිප් ලoකාහි කුළියට කොටන ජීවියාගේ හිනා යන කොමෙන්ටු කීපයක්;

1. සුසන්තිකාට 55 වනතුරුම ක්‍රීඩා අමාත්‍යාංශ උපදේශක ධූරය  ලිපියට කොමෙන්ටුව - සුදුස්සා සුදුසු තැනට....ආඩම්බරයි රාජපක්ෂ වරුනි....කවුරු කෙසේ කීවත් නුබලා තරම් අප රටේ සන්වර්දනයට ඉඩ දුන් රටක් තවත් නැත.......නාමල් පුතේ යෝෂිත පුතේ, රෝහිත පුතේ තාත්තගෙන් පසු මේ දිවයිනේ සැබෑ අයිති කාරයො නුබලයි.....එන්න මේ රට බාර ගන්න අපව බේර ගන්න....නුබලට චිරන් ජයතු ......

2. රෝහිත රාජපක්ෂ වයඹ මහඇමති තරග සටනට එන කතාව හා නැතිවී හමුවූ පූසා ලිපියට කොමෙන්ටුව

ආඩම්බරයි පුතේ.....! තිස් වසරක යුද්දය අවසන් කල නුබෙ පියා නොහිටින්න අපි අද ජීවතුන් අතර නෑ....රාජපක්ෂ යුගය යනු අප රට සන්වර්දනයෙ හිනි පෙත්තට නැගි යුගයයි....පියාගෙන් පසු ඔබලා පමනයි මේ රට ජාතිය වෙනුවෙන් නැගී සිටින්න අපට ඉතුරු වෙලා ඉන්නෙ..හිමින් සැරේ නාමල් අයියා වගේ ඉදිරියටම එන්න..පුතාට බුදු සරනයි..! මගේ රටට ජය වේවා..!!!

3. අවම බස් ගාස්තුව රු.25ක් විය යුතුයිලු ලිපියට කොමෙන්ටුව

රාජපක්ෂ වරු තරම් රට ජාතිය වෙනුවෙන් අපමන සේවයක් කල පිරිසක් තවත් නැත...අහස පීරන ගොඩ නැගිලි, අදිවේගි මාර්ග..කවදාවත් ලාන්කිකයකුට බලන්න අවස්තාවක් නොලැබුනු නෙලුම් කුලුන...මෙවන් විස්කම් පෑ රාජපක්ෂ යුගය කිසිදා අමතක නොකල යුතුයි.....කොරෝනා නිසා එයාලට ටිකක් අමරුයි රට ගෙනියන්න...එ නිසා බස් ගාස්තු වැඩි කරලා හරි අප සහයෝගයක් ලබා දිය යුතුයි......රාජපක්ෂ වරුනි අප ඔබ සමගයි

4.ඉන්දීය විදේශ ලේකම් ත්‍රි‘මලේ තෙල් ටැංකි නිරීක්ෂණය කළේ ඇයි?ලිපියට කොමෙන්ටුව

 දැවැන්ත සන්වරදනයෙ මන් පෙත් ශ්‍රි ලන්කිකයන්ට විවර කර දුන් රාජපක්ෂ යුගය අපට කිසිදා අමතක නොවේ අහස පීරන ගොඩ නැගිලි අපට ලබා දුන්නෙ නුබලායි..නාමල් රෝහිත යෝෂිත පුතේ මේ නුබලගෙ කාලයයි....රට බාර ගන්න අපව රැක ගන්න....! අප නුබලා සමගයි...චිරන් ජයතු

5. යළි දිවයිනට ආ ජනපති නිවසේදී යුරෝපා දූත පිරිසක් හමුවෙයි ලිපියට කොමෙන්ටුව

රාජපක්ෂවරුනි නුබලාගෙ අගය මේ පාපතර මිනිසුන්ට තෙරෙන් නෑ....නුබලා නිසා තමයි අද අපි අසහ පීරන ගොඩ නැගිලි දකින්නෙ..ගුවන්තොටුපලවල් දකින්නෙ.....ඉතාමත් අලන්කාර කුලුනු දකින්නෙ......ඉතින් රාජපක්ෂවරුන් නිසා තමා අද මෙ පින් බිම මෙ විදියට හරි තියෙන්නෙ....නාමල් පුතේ යෝෂිත පුතේ රෝහිත පුතේ තාත්තගෙන් පස්සෙ නුබලයි මේ රට බාර ගන්න ඉන්නෙ....එන්න අපේ රට බබලවන්න...අපිව බේර ගන්න...චිරන් ජයතු

6. හිත හොඳ ග්‍රාම නිලධාරී ඝාතනය ඉඩම් ප්‍රශ්නයක් නිසා ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුවක් ලිපියට කොමෙන්ටුව

රාජපක්ෂවරු නොහිටින්න කවදාවත් මෙ මිනිමරුවො අල්ලන්න අපට බෑ......ඔවුන් අප රට දෙවි දේවතාවන් සේ රකිනවා.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු

7. ඉතිහාසයේ මුල්වරට හස්බන්ඩ් වයිෆ් දෙන්නම DIG ලිපියට කොමෙන්ටුව
ඔය හැමදේම රාජපක්ෂවරු නිසා බව අමතක කරන්න එපා...ඔයාලත් නාමල් එක්ක ගමනක් යන්න ලැස්ස්ති වෙන්න.චිරන් ජයතු

8. නව මිල කිරිපිටි කිලෝව රු 1195 ගෑස් 500 කින් හෝ 1000 කින් ඉහළට ලිපියට කොමෙන්ටුව
රාජපක්ෂවරු තරම් මේ රටට සේවයක් කල රජයක් සිටියේ නැත..මිනිසුනෙ රජයට ගොඩක් අමාරුයි....රජය පැත්තෙනුත් හිතන්න.....පොඩ්ඩක් සහය වෙන්න.....2022 වෙද්දි රජයට අතමිට සරු කරන්න පුලුවන්...ජනතාව විදියට පොඩ්ඩක් සහය දෙන්න.....බුදු සරනයි ඔයාලට...! සුබ අනාගතයක් ...චිරන් ජයතු


ගෙවුණ වසර දෙකේ ‘මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති‘ ජනපති කියලා, GMOA පාදෙණිය ඇතුළු කණ්ඩායමට අධිකරණ නියෝග, තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට ඇවිත්, 2019 සිට ගෙන්වූ අධි සුඛෝපබෝගී වාහන 400 ක් කොළඹ හා හම්බන්තොට වරායවල සිරවෙලා වගේ වගේ නිවුස් වලට මුකුත් තාම ගැටගහගන්න බැරි වෙලා නිසා මම ඒ ස්ටයිල් එකට නොමිලේ ලියල ඌට සප් එකක් දෙන්න හිතුව, බලන්න හොඳද කියල; 

1. මගෙනුත් අඩුපාඩු වෙන්න ඇති‘ ජනපති කියලා ලිපියට මගේ කොමෙන්ටුව

අපේ ජනාධිපතිතුමා හා බැසිල් මහත්තයා කොච්චර නිහතමානීද. එයාලගෙන් වැරදි වුනා කියලා පිලි අරන්. සුළු වැරදි වගේද රාජපක්ෂවරු තරම් මේ රටට සේවයක් කල රජයක් සිටියේ නැත..ඔවුන් අප රට දෙවි දේවතාවන් සේ රකිනවා.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු

2. GMOA පාදෙණිය ඇතුළු කණ්ඩායමට අධිකරණ නියෝග  ලිපියට මගේ කොමෙන්ටුව

පල ඇති රැකටයි ගල් ගහන්නෙ, පාදෙනිය මහත්තය රාජපක්ෂවරු ගේ දෑත ශක්තිමත් කරපු මිහිපිට දෙයියෙක්.නුබලාගෙ අගය මේ පාපතර මිනිසුන්ට තෙරෙන් නෑ.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු

3. තිරුකුමාර් නඩේසන් අල්ලස් කොමිසමට ඇවිත් ලිපියට මගේ කොමෙන්ටුව

පල ඇති රැකටයි ගල් ගහන්නෙ, තිරුකුමාර් නඩේසන් මහත්තය රාජපක්ෂවරු ගේ දෑත ශක්තිමත් කරපු මිහිපිට දෙයියෙක්.නුබලාගෙ අගය මේ පාපතර මිනිසුන්ට තෙරෙන් නෑ.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු

4. 2019 සිට ගෙන්වූ අධි සුඛෝපබෝගී වාහන 400 ක් කොළඹ හා හම්බන්තොට වරායවල සිරවෙලා ලිපියට මගේ කොමෙන්ටුව

රාජපක්ෂවරු නොහිටින්න කවදාවත් මෙ අධි සුඛෝපබෝගී වාහන  අල්ලන්න අපට බෑ......ඔවුන් අප රට දෙවි දේවතාවන් සේ රකිනවා.....නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු

5. සියදිවි බේරාදුන් වනජීවි නිලධාරියාගේ පපුව මතදි අවසන් හුස්ම හෙළූ කඳුකර ගෝරිල්ලා ලිපියට මගේ කොමෙන්ටුව

ඔය හැමදේම රාජපක්ෂවරු නිසා බව අමතක කරන්න එපා...නාමල් පුතේ යෝෂොත පුතේ රෝහිත පුතේ මෙ නුබේ වාරයයි...එන්න අපව බාර ගන්න...අප නුබලා සමගයි..චිරන් ජයතු


සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...