Saturday, June 21, 2025

අන්තර්ජාල ඔස්තාර්ලාගේ හෙළුව

 මුවන්පැළැස්ස වගේ නාට්‍යයක් ලන්කාවේ සංස්කෘතිය හෝ ඉතිහාසය නොදන්නා විදේශිකයෙක් සහ ලන්කාවේ සංස්කෘතිය හෝ ඉතිහාසය දන්නා ලාංකිකයෙක්ට රස විඳින්න පුළුවන් මට්ටම් දෙක වෙනස්. ලාංකිකයාට වැඩි ගැඹුරකින් ඒක රස විඳින්න පුළුවන්, සියුම් තැන් වැඩිපුර ස්පර්ශ කරන්නට පුළුවන්. 

ඒ කියන්නෙ, ලෝකයේ ඇතැම් දේවල් ගැඹුරින් තේරෙන්න නම් අදාළ කල්චර් එක ගැන අවබෝධයක් තියෙන්න ඕනෙ. අන්තර්ජාලයේ යමක් දැක්ක පමණින් සමහර  කල්චර් වල දේවල් අර්ථකතනය කරන්න යන එක වැරදියි.

මම දැක්ක එක බටහිර රටක ඉන්න මනුස්සයෙක් බටහිර රටවල මිනිස්සු පිටි කල කිරි බොන්නෙ නැතිය, බොන්නෙ දියර කිරිය කියල එක ගෘප් එකක දාල තියනකොට, සමහර මිනිස්සු අන්තර්ජාලයේ සර්ච් කරල වෝල්මාට් එකේ පිටි කිරි තියෙනව කියල හොයාගෙන, අර මනුස්සයට ඉතාම අපහාසාත්මකව කොමෙන්ට් දාල තිබ්බ.


බටහිර රටවල මිනිස්සු පිටි කල කිරි බොන්නෙ නැද්ද? නෑ, බොන්නෙ නෑ.

වෝල්මාට් එකේ පිටි කිරි තියෙනවද? ඔව්, තියෙනවා.


දැන් මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද?


ඇමරිිිකාවෙ වෝල්මාට් එකේ දියර කිරි සෙක් ෂන් එක ගොඩක් ලොකුයි. නොයෙක් වෙළඳ සන්නාම යටතේ, නොයෙක් වර්ග වල (සම්පූර්ණ යොදය, යොදය නැති, සීයට දෙකක් යොදය ඇති, ලැක්ටෝස් නැති, සියුම් ලෙස පෙරණ ලද, ඕගනික්, රස ගන්වන ලද ආදී) අටෝරාසියක් දියර කිරි තියෙනවා. එදිනෙදා ගෙවල් වල උදේට බොන්නේ, සීරියල් සහ ඕට්ස් හදන්න ගන්නේ, සහ වෙන හැම වැඩකටම පාහේ ගන්නේ දියර කිරි.


නමුත් බේකින් සෙක්‍ෂන් එකේ බේක් බඩු අතර පිටි කිරි තියෙනවා. සමහර කෑම වර්ග හදන්න දියර කිරි ගන්න බැහැ, මිශ්‍රණය දියාරැ වෙනවා. උදාහරණයකට, මෙහෙ ගොඩදෙනෙක් චොක්ලට් ගෙදර හදනව. මිල්ක් චොක්ලට් හදන කොට පිටි කිරි දාන්න ඕනේ, මොකද දියර කිරි දැම්මොත් චොක්ලට් මිශ්‍රණය දියාරැ වෙනවා, හයි වෙන්නෙ නැහැ. සමහර බේකරි කෑමත් එහෙමයි.

පිටි කිරි වල ලොකු සිලෙක්‍ෂන් එකක් නැහැ. වැඩිම උනොත් වර්ග දෙක තුනක් තියෙනව.


අන්තර්ජාලයෙන් තොරතුරක් ගත් පමණින් ඒවා වලට අර්ථකථන දෙන්න බැහැ අදාළ සංස්කෘතිය නොදැන. ඒ නිසා අන්තර්ජාල ඔස්තාර්ල ලෙස මං පොර ජාතකය රඟපාන්න යාම නුසුදුසුයි. 

No comments:

Post a Comment

අන්තර්ජාල ඔස්තාර්ලාගේ හෙළුව

 මුවන්පැළැස්ස වගේ නාට්‍යයක් ලන්කාවේ සංස්කෘතිය හෝ ඉතිහාසය නොදන්නා විදේශිකයෙක් සහ ලන්කාවේ සංස්කෘතිය හෝ ඉතිහාසය දන්නා ලාංකිකයෙක්ට රස විඳින්න පු...