Thursday, October 31, 2019

වහලුන් සහ සනීපාරක්‍ෂක තුවා

ලoකාවේ බහුතරයකගේ අදහස ගත්තොත් ගැහැණුන්ගේ ඔසප් වීම ගැන ඇත්තේ කිල්ලක්/අපවිත්‍ර  වීමක් යන පසුගාමී අදහසයි. එයට පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. සනීපාරක්‍ෂක තුවා ගැන ඇති ආකල්පයද ඒවා හොරෙන් මිලදීගෙන හොරෙන් පාවිච්චි කර හොරෙන් බැහැරකල යුතුය යන්නයි. එයටද පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. ගැහැණුන්ගේ ඔසප් වීම බැරිවීමකින් ලීක් වී ඇඳුමේ ගෑවුනොත් ඊට නිර්දය ලෙස උසුළු විසුළු කල අපහාස උපහාස කල ගෑනු සහ පිරිමින්ටද පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. සනීපාරක්‍ෂක තුවා  
පාවිච්චියෙන් පසු නිසිලෙස අපද්‍රව්‍ය ලෙස බැහැර නොකල ගෑනුන්ටද කිසිම පාට පක්‍ෂ භේදයක් බලපෑවේ නැත. 

හැබැයි දැන් හදිසියේම සනීපාරක්‍ෂක තුවා රටේ වැදගත්ම මාතෘකාවක් වී ඇත, ඒ එක් පක්‍ෂයක ජනපති අපේක්‍ෂකයා (X) ගෑනුන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා දෙන බව පැවසූ පසුය. ඊට පෙර පාට පක්‍ෂ භේදයකින් තොරව ගැහැණුන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස දැක්ක ලාoකික සමාජය දෙකට බෙදීමට ගත වූයේ නිමේෂයකි. X ජනපති අපේක්‍ෂකයාගේ වහල්ලු හදිසියේම හිතාගන්න බැරි තරම් ප්‍රගතිශීලි වී ගැහැණුන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස දැකීම, ඊට නිර්දය ලෙස උසුළු විසුළු කිරීම වැරදි යැයිද සනීපාරක්‍ෂක තුවා ගැන හොරෙන් නැතුව එලිපිට කතා කර ඒවාවල මදිපාඩු තියෙන ගෑනුන්ට ඒවා සපයාදී උදව් කල යුතු යැයිද කියති.  ඊට සමාන්තරව අනිත් ජනපති අපේක්‍ෂකයාගේ (Y) වහල්ලු හදිසියේම හිතාගන්න බැරි තරම් ප්‍රගතිශීලි වී අපද්‍රව්‍ය බැහැර කිරීම, විශේෂයෙන්ම සනීපාරක්‍ෂක තුවා පාවිච්චියෙන් පසු නිසිලෙස බැහැර කිරීමේ වැදගත්කම  පිළිබඳ අපව නිරන්තරයෙන්ම දැනුවත් කරති. 

බැරිවෙලාවත් ඕක අනිත් අතට උනා නම්, එනම් Y ජනපති අපේක්‍ෂකයා ගෑනුන්ට නොමිලේ සනීපාරක්‍ෂක තුවා දෙන බව කිව්වානම් එකරැයින් Y ජනපති අපේක්‍ෂකයාගේ වහල්ලු ප්‍රගතිශීලි වී ගැහැණුන්ගේ ඔසප් වීම කිල්ලක් ලෙස දැකීම, ඊට නිර්දය ලෙස උසුළු විසුළු කිරීම වැරදි යැයිද සනීපාරක්‍ෂක තුවා ගැන හොරෙන් නැතුව එලිපිට කතා කර ඒවාවල මදිපාඩු තියෙන ගෑනුන්ට ඒවා සපයාදී උදව් කල යුතු යැයිද කියනු නිසැකය. ඊට සමාන්තරව X ජනපති අපේක්‍ෂකයාගේ වහල්ලු එකරැයින් ප්‍රගතිශීලි වී අපද්‍රව්‍ය බැහැර කිරීම, විශේෂයෙන්ම සනීපාරක්‍ෂක තුවා පාවිච්චියෙන් පසු නිසිලෙස බැහැර කිරීමේ වැදගත්කම පිළිබඳ අපව නිරන්තරයෙන්ම දැනුවත් කරනු නිසැකය. 

ඇත්තම කතාව නම් වහලුන්ට තමුන්ගේ මතයක් නැති බවයි, ඇත්තම කතාව නම් ඔය වහල්ලුන්ට ඔසප් වීම, සනීපාරක්‍ෂක තුවා හෝ අපද්‍රව්‍ය කළමනාකරණය ගැන මෙලෝ වගක් නැති බවයි. ඔසප් වීමට සහකම්පා වෙන බොහෝ වහල්ලු ගෑනුන් වීදි හින්සනයටත් පොදු ප්‍රවාහන සේවා වල අතවරයටත් ලක් කිරීමට දෙවරක් නොසිතති. අපද්‍රව්‍ය කළමනාකරණය ගැන බුකියේ ලොරි ටෝක් දෙන බොහෝ වහල්ලු දෙවරක් නොසිතා ටොපි කොලයේ සිට සියළුම කුණු පාරට විසි කරති. වහලුන් දන්නා එකම දෙය තම ස්වාමියාගේ මතය වෙනුවෙන් රෙදි නැතුව කඩේ යෑමය. දෙතුන් පැත්තේම වහල්ලු මෙසේ රණ්ඩු වෙවී යාළු වෙවී ටොම් සහ ජෙරී මෙන් love-hate relationship එකක් ගෙන යන අතර නිවහල්ව හිතන ටික දෙනා පොදු සතුරා ලෙස සළකා සාමූහිකව පහරදී වනසා දමති.

Tuesday, October 29, 2019

වෙනස් වෙන ලෝකයේ යල්පැනගිය විකෘතිවූ සoස්කෘතියක සිරවීම

මම සෑහෙන්න කාලයක් ලoකාවේත් ඇමරිකාවේත් ජීවත් වී තිබෙනවා. ඒ නිසා ලoකාවේ විතරක් ජීවත් වූ කෙනෙකුට නොපෙනෙන දේවල් මට පෙනෙනවා, ඒවගේම ඇමරිකාවේ විතරක් ජීවත් වූ කෙනෙකුට නොපෙනෙන දේවලුත් මට පෙනෙනවා. ලoකාවේත් ඇමරිකාවේත් බොහෝ හොඳ වගේම බොහෝ නරක මම අත්දැකලා තිබෙනවා. අද කතා කරන්නේ ඒ අත්දැකීම් එක්ක මට ඇතිවූ එක සිතුවිල්ලක්. 

සoස්කෘතිය කියන්නේ කාලානුරෑපීව විකාශනය විය යුතු දෙයක් මිස එකතැන පල් වෙමින් ඇතුලෙන් කුණුවී දුඟඳ හමන නමුත් සුදු පිරැවටයකින් වසා ඉදිරිපත් කරන කුණපයක් නොවිය යුතුයි නේද? ශ්‍රී ලාoකික අපට ඉතා උසස් සoස්කෘතියක් තිබුණු නමුත් යටත් විජිතයක් වූ පසුව එම සoස්කෘතිය විකෘති වූ බව මගේ හැඟීමයි. අද වන විට අපේ සoස්කෘතිය විකාරයක් බවට පත් වී ඇත. උදාහරණයකට විවාහයේදී කාන්තාවන්ගේ කන්‍යා භාවය සෙවීම සලකන්න. පැරණි ශ්‍රී ලoකාවේ ගෑනුන්ගේ කන්‍යා භාවය විවාහයකට බලපෑවේ නැති බවයි මගේ අදහස. මේ ගැන තව දුරටත් විමර්ශනය නොකර ස්ථිරවම කිව නොහැකි නමුත් රොබට් නොක්ස් පැරණි උඩරට රාජධානිය ගැන ලිවීමේදී පැරැන්නන්ගේ ලිoගිකත්වය ගැන සඳහන් කර ඇත්තේ මෙහෙමයි : 

“Both women and men do commonly wed four or five times before they can settle themselves.” Married women appeared free to have affairs with whoever took their fancy, so long as they were of an equal social rank, sometimes even leaving their husbands at home to look after the children. When important visitors called, husbands would offer them the services of their wives and daughters “to bear them company in their chamber”. Men were allowed to have affairs with lower-caste women, but not to sit or eat with them. Polyandry, in which a wife was shared between two or more brothers, or in which one man married two or more sisters, was also accepted, while incest was reputedly common among beggars. If nothing else, the kingdom’s sex drive was impressive. As Knox observed of the Kandyan women: “when their Husbands are dead, all their care is where to get others, which they cannot long be without.”
(මූලාශ්‍ර: https://www.roughguides.com/destinations/asia/sri-lanka/kandy-hill-country/kandy/robert-knox-seventeenth-century-kandy/ -10/29/2019)

මේ විස්තරයට අනුව විවාහ/දික්කසාද ලියාපදිචියක් නොතිබූ  පැරණි ලoකාවේ හරි හමන් ලෙස පවුල් කෑමට පෙර ගෑනු පිරිමි හතර පස් වතාවක් පමන අසාර්ථක පවුල් ජීවිත ගත කර ඇති බවයි, මෙය ඇමරිකාවේ living together සoකල්පයට බොහෝ සමාන වේ. එමෙන්ම එසේ පවුල් කන ගැහැනුන්ට (තම සමාජ තලයේම) වෙන පිරිමියෙකුට හිත ගියොත් සම්බන්ධකම් පැවැත්වීමටත් හැකිය. එසේ සම්බන්ධකම් පැවැත්වීමට යද්දී ඇතැම් විට සැමියා දරැවන් බලා කියාගෙන ගෙදර හිඳ ඇත. මෙය ඇමරිකාවේ open relationship සoකල්පයට බොහෝ සමාන වේ. වැදගත් අමුත්තන් නිවසට පැමිණි විට ගෙහිමියන් විසින් කරන ආගන්තුක සත්කාර වලින් එකක් වූයේ තම බිරිය/දියණිය අමුත්තාගේ ඇසුරට ලබා දීමය. මෙහෙම එකක් නම් මම දන්නා තරමින් ඇමරිකාවේවත් නැත.

මෙසේ ඉතා නිදහස් සහ ලිoගික අසහනය සහ කුහකත්වය අඩු තත්වයක තිබූ ලoකාව යටත්විජිතයක් වී නිදහස ලැබූ පසු අද පත්ව ඇති තත්වය ඉතාම කණගාටුදායක වේ. කන්‍යා පටලය නිසා ලoකාවේ මධ්‍යම පාන්තික කෙල්ලෙකුට විවාහ වෙන තුරැ මසට මරා දැමීමට කූඩුවක හිර කල බ්‍රොයිලර් කුකුළෙකු මෙන් ජීවත්වීමට බල කෙරේ. කන්‍යා පටලය නිසා ලoකාවේ මධ්‍යම පාන්තික කෙල්ලෙකුට සිදු වන අසාධාරණය ගැන මගේ ජීවන අත්දැකීම් කිහිපයක් බෙදා හදා ගන්නම්. මට කුඩා කාලයේ බයිසිකල් පැදීමට ලොකු ආසාවක් තිබුනත් ගෙදරින් අවසරයක් නොලැබුනේ ගෑනු ළමයින්ට බයිසිකල් පැදීමට හොඳ නෑ යයි තරවටුවක්ද සමඟිනි. එදා නොතේරැණත් අද මට එය වැටහේ. කන්‍යා පටලය බයිසිකල් පැදීමට හරහට සිට ඇත. පසුකලක ඇමරිකාවට ආ විට බයිසිකල් පැදීමේ නොහැකියාව ඉතා තදට බලපෑවේ ඇමරිකාව ඉතාම විශාල නිසාත් ඇතැම් ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවා නැති නිසාත් බඩගින්නට පාන් ගෙඩියක් ගැනීමටවත් වෙළඳ සැලට යාමට ක්‍රමයක් නැති වීම නිසායි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සිටි වාහනයක් නොතිබූ එකල ගෙවූ කටුක ජීවිතයට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ බයිසිකල් පැදීම වැනි මූලික life skills නොදැනීමයි. 

උසස් පෙලින් පසු විශ්ව විද්‍යාලයට යන තුරැ මම සේවය කල බැoකුවේ හරි අපූරැ බැoකු නිලධාරී මහතෙක් සිටියේය. එතරම් වත්පොහොසත් කමක් නොතිබූ ඔහුගේ මෝටර් රථයද අබලන් පැරණි ලඩරමකි. ඔහුට එකල සාමාන්‍ය පෙළ පන්ති වල දියණියන් දෙදෙනෙක් විය. එම දියණියන් දෙදෙනා (විවාහයට පෙර) කිසිම දිනක ඔහුගේ රථයේ නැතිව වෙනත් කිසිම රථයක නොයැවීම ඔහුගේ ජීවිතයේ වැදගත්ම අරමුණක් විය. ඔහුගේ වාහනය කැඩුනොත් එදාට ඉස්කෝලේ යාමක් නැත. වෙනකක් තබා ඔවුන් ගිය බාලිකා පාසැලේ විනෝද චාරිකා වලට මෙම දැරියන් සහභාගි වන්නේ පියා සමඟය. විනෝද චාරිකා බසයට පසුපසින් පියා පදවාගෙන යන කාරයේ නැගී ඔවුන් චාරිකාවට සහභාගී වේ. මේ අමුතු හැසිරීමේ අදහස කුමක් වන්නට ඇද්ද? මට අද හිතෙන්නේ විවාහයට පෙර තම දියණියන් පිරිමි හුස්මකින්වත් කිළිටි නොවීම සඳහා මේ පියා දැරෑ උත්සාහයේ එක අවස්ථාවක් ලෙස එය සැලකියහැකි බවයි

මගේ පාසල් මිතුරියක් විශ්ව විද්‍යාලයේ සිටියදී (මම සිටි විශ්ව විද්‍යාලයේ නොවන නිසා එකල අප අතර එතරම් ගනුදෙනුවක් නොතිබුනි) ඇයට පෙම්වතෙක් සිට ඇත. කලක් ගත වූ විට මෙම පෙම්වතාගේ අයහපත් කල්කිරියාව මත දෙදෙනා අතර රණ්ඩු සරැවල් ඇති වීමට පටන් ගෙන තිබේ. කරැණු මෙසේ හෙයින් වැඩිකල් යාමට පෙර ඇය තමාව අතහරින බව තේරැම් ගත් පෙම්වතා දිනක් ඇයගේ කිසිම අවසරයක් හෝ අනුදැනුමක් නැතිව ඇයගේ යෝනී මාර්ගයට ඇඟිල්ල දමා මෙසේ පවසා ඇත. තමුසෙට දැන් මාව අතහැරියත් වෙන මිනිහෙක් එක්ක යහතින් ඉන්න බෑ, මම තමුසෙගෙ කන්‍යා පටලය කැඩුවා. කරැමෙට එවෙලෙම වගේ ඇගේ ඔසප් වීමත් පටන් ගත් නිසා ඇයට මෙහි සත්‍යාසත්‍ය භාවය හිතාගත නොහැකි වී ඇත. ඉන් වසර කීපයකට පසු අපේ මිතුරැකම් නැවත අළුත් වන විට ඇය සහ මම විශ්ව විද්‍යාලවලින් පිටවී රැකියා කරමින් සිටියෙමු. ඇයගේ ගෙදරින් විවාහ යෝජනා ගෙන එන අතර මේ සිදුවීම නිසා ඇය කිසිම යෝජනාවකට කැමති වීමට බියවී සිටියාය. අන්තිමේ මේ පීඩනය තව දුරටත් දරාගත නොහැකිව ඇය මට පැවසූ අතර ඇයව අස්වැසීම හැර කළ යුත්තේ කුමක්දැයි මටද සිතාගත නොහැකි විය. අවසානයේ මේ කරැණ ගැන කාන්තා gynecologist කෙනෙක් මුණගැසී කතා කිරීමට ඇයව අමාරැවෙන් කැමති කරවා ගැනීමට මට හැකිවිය. අන්තිමේ එදා ගෙවල් වලට හොරෙන් මරන්න ගෙනයන හරකෙක් මෙන් ඇයව ඇදගෙනගොස් එම කාන්තා වෛද්‍ය විශේෂඥවරියට සිද්ධිය පැවසූ විට ඇයට ලුණු ඇඹුල් ඇතුව අහගැනීමට ලැබුනි, නමුත්  අන්තිමේ එම වෛද්‍ය විශේෂඥවරිය පැවසූයේ කන්‍යා පටලයට හානියක් වී තිබේ නම් (මගේ මිතුරියගේ වේතනයට සාපේක්‍ෂව) ඉතා සුළු මුදලකට   ඇයට එය සකසා දීමට හැකි බවයි! කෙසේ වුවත් වාසනාවකට ඇයගේ කන්‍යා පටලයට හානියක් වී තිබුණේ නැත. නමුත් ඇය වසර ගණනක් වින්ද මානසික පීඩනය කොතරම්ද? පසුකාලීනව මගේ මිතුරෙකුගෙන් මෙම කථාව ඇසුවෙමි. පිරිමි නර්ස් කෙනෙකු වන ඔහුගේ මිතුරෙක් එම රෝහලේම කාන්තා නර්ස් කෙනෙකු සමඟ සම්බන්ධයක් පැවැත්වූ අතර එය ලිoගික ඇසුරැ කිරීම් සහිත විය. කෙසේහෝ ඇයගේ විවාහය තීන්දු වූයේ හමුදා සෙබලෙකු සමඟය. අන්තිමේ විවාහයට කිට්ටුව නර්ස් පෙම්වතාම ඇයගේ  කන්‍යා පටලය පිළිසකර කර දුන් අතර විවාහය අවුලක් නැතුව කෙරැනි.

මේ හැම සිද්ධියක්ම සැළකීමට ගෙන අදහස් දැක්වීමට මට ඉඩ දෙන්න.

1. කන්‍යා පටලය සහ විවාහයෙන් පසු අනාචාරයේ නොහැසිරීමේ කිසිම සම්බන්ධයක් නැත. කන්‍යාවක් විවාහයෙන් පසු කොටු පැනීමට නොහැකිද? කන්‍යාවන් බඳින පිරිමි කොටු පනින්නේ නැත්ද? බෙහෙතකටවත් කන්‍යාවක් සොයා ගැනීමට අමාරැ ඇමරිකාවේ ඉතා ආදරයෙන් ජීවත් වන ජෝඩු කොතෙකුත් සිටිති. ඇත්තටම (ගැහැනියගේ) කන්‍යා භාවය සහ විවාහයක සාර්ථක භාවය අතර සහසම්බන්ධය මොකක්ද?

2. කන්‍යා පටලය නිසා රටට සිදුවන පාඩුව අතිමහත්ය. අර බැoකු නිලධාරී මහතා තරම්ම නොවුනත් බොහෝ දෙමාපියන් තම දියණියන් පස්සෙන් අනවශ්‍ය ලෙස වැටීගෙන අධික කාලයක්, ශ්‍රමයක්  සහ මුදලක් නිකරැණේ පුච්චා දමති. ඔවුන්ට රැකියාවේ වැඩ වලට වෙලාවක් නැත. කෑමට බීමට වෙලාවක් නැත. කොටින්ම ජීවිතය මහා දුකකි. බොහෝ කාන්තාවන්ට විශ්ව විද්‍යාලය අහිමි වීමට කන්‍යා පටලය බලපායි. අන්තිමේ තම දියණියන් කිසිම සමාජ දැනුමක් නැති ඒ අයම උජාරැවෙන් කියන පරිදි ගෙදරින් පිට රැයක්වත් ගත නොකල කිසිම life skill එකක් නැති (cycling, swimming, or any sport, dancing, driving, singing, musical instrument playing, painting, acting etc. some of these skills are not directly related to virginity protection, but parents want their daughters to be less visible in the society by discouraging their talents), මළාට exercise කරන්නැති අමුම අමු ගොබ්බ වාහේලා ලෙස හදා යෝජනාවකින් එන මිනිහෙකුගේ කරේ ගසති.  

3. කන්‍යා පටලය පිළිසකර කිරීම මගින් මුදල් ගරන අයවළුන් ඕනෑතරම් බිහිවී ඇත්තේ මේ පිස්සුවේ අතුරැ පලයක් ලෙසයි. විවාහයක් පටන් ගන්නේම අමු වoචාවකිනි. අනිත් අතට එසේ වoචා කිරීමට අකමැති සාධාරණ හේතුවකට කන්‍යා පටලය අහිමි වූ ඇත්ත කීමට කැමති කාන්තාවකට සමාජයෙන් සාධාරණයක් සිදු නොවන නිසා වෙන කල හැක්කක්ද නැත. 

4. දියණියන් පස්සෙන් වැටීගෙන කන්‍යා පටලය රැකීමට වළි කන බොහෝ දෙමවුපියන්ට ඇයගේ පෞරැෂය නගා සිටුවීමට කිසිම අදහසක් නැත. මට පිරිමි වැඩිපුර සිටින තැනක කතා කිරීමට තබා ගැවසීමද තහනම් විය.  එසේ ගෙයි මුල්ලේ දමා හැදූ මට පසුකාලීනව ඇමරිකාවේ පිරිමින් සමඟ උරනුර ගැටී වැඩ කිරීමට, presentations කිරීමට, research කිරීමට සිදු වූ විට එය මොනතරම් අමාරැ වූවාද යන්න දන්නේ මමම පමණි. සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඉන්න මේ පසුගාමී සස්කෘතියෙන් බැටකෑ බොහෝ දකුණු ආසියාතික කාන්තා වෘත්තිකයන් ප්‍රශ්නයක් ඇසීමට බය, තනියම කඩේට යන්න බය, අසාධාරණයකට පැමිණිලි කිරීමට බය, presentation skills අවම, කොටින්ම ඉතාම අඩු පෞරැෂයක් ඇති කාන්තාවන්ය (අඩු තරමේ ඇමරිකාවට ආපු මුල් කාලයේදී). පාසලේ විනෝද චාරිකාවකට අවසර නොදී කැමති චාරිකාවක් විවාහවූ පසු තම සැමියා සමඟ යන ලෙස පවසන දෙමාපියන් කොතෙකුත් ඇත. මෙවැනි බොහෝ මධ්‍යම පාන්තික දෙමව්පියන්ට දියණිය පසුපස යෑමට අවශ්‍ය සම්පත්ද (වාහනයක්, මෙහෙකරැවන්, පෞද්ගලික පන්ති යෑමට මුදල් ආදිය) නැත. අමාරැවෙන් රැකියාවක් කර අතට ලැබෙන මුදලෙන් වැඩි කොටස නිකරැණේ නාස්ති වේ. එසේ කූඩුකර හදන දියණියකගේ පියා හෙට මියගියොත් ඇය සමාජය සමඟ ගැටිය යුතු වන බව මේ දෙමාපියෝ නිකමටවත් නොසිතති.

5. මධ්‍යම පාන්තික කෙල්ලන් කන්‍යා පටලය නිසා මෙසේ දහදුක් විඳින අතරේ ලoකාවේ ඉහල පාන්තික කෙල්ලන් සහ ඉහල පoතිය සමඟ සම්බන්ධකම් ඇති (නිළියන් වැනි) කෙල්ලන් මොනම කරදරයක්වත් නැතුව රාත්‍රී සමාජ ශාලා, පෙම්වතුන්, විනෝද සවාරි ආදී සියලුම මධ්‍යම පාන්තික කෙල්ලන්ට හිතන්නටවත් තහනම් විනෝදාoශ කරන්නේ ඇටෙන් පොත්තෙන් ඒමටත් පෙර සිටය. අන්තිමේ මේ කන්‍යා පටල නැති බව රටම දන්නා කාන්තාවෝ අර මධ්‍යම පාන්තික කෙල්ලන්ගේ කන්‍යා පටල මත්තේ මැරෙන්න හදන මධ්‍යම පාන්තික පිරිමි චන්ද දායකයන්ගේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යති, අර මධ්‍යම පාන්තික කන්‍යාවන්ට කවදාවත් සෙට් නොවන ඉහල පන්තියේ පිරිමින්ව කසාදත් බඳිති. වසර ගණනක් අවoකව එක පිරිමියෙකුට ආදරය කර ඒ මිනිහාගේ බල කිරීමටම කන්‍යාභාවය අහිමි කරගත් දැන් තනිකඩ අල්ලපු ගෙදර  කෙල්ල පට්ට ගණිකාවක් ලෙස දකින මේ මධ්‍යම පාන්තික පිරිමි රටම දන්නා ගණිකාවන් පාර්ලිමේන්තුවට යවා මැඩම් යැයි අමතමින් දෙකට නැමී සැලියුට් දමති.

6. මධ්‍යම පාන්තික කන්‍යාවන්ට ඇති ලොකුම ඛේදවාචකය නම් ආදර සම්බන්ධකමක් පටන් ගෙන ගෙදරට මාට්ටු වීමයි. ඇන්ටන් ජෝන්ස් ගයන මගෙ සුරතල් පොඩි දුව හොඳ ළමයෙක් වෙනවා සින්දුවේ ඒ හය හතර නොතේරෙන සිඟිති දියණියට තාත්තා දෙන අවවාදය නම් "චරිතෙ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න-දිවි රැකුණත් කිළුටෙන් පල නැතැයි සිතන්න" යන්නයි. සරළව කිව්වොත් කන්‍යාභාවය නැති වීමට වඩා නුඹ මිය යාම හොඳයි යන්නයි. ඉතින් මේ මානසිකත්වයේ ඉන්න මධ්‍යම පාන්තික දෙමව්පියෝ තම දියණිය ආදර සම්බන්ධකමක් පටන් ගැනීම දකින්නේ ලෝක විනාශය ලෙසය. කුඩා කල සිට මූණෙ කටේ තියාගෙන හදපු දියණිය ගෙදරින් එලවා දමන, කෲර ලෙස ශාරීරිකව හා මානසිකව වධයට පමුණුවන තත්වයටම දුර දිග යා හැකිය. ලoකාවේ එය එසේ සිදුවෙද්දී ඇමරිකාවේ ඉන්න මධ්‍යම පාන්තික දෙමව්පියෝ තම දියණියට කියන්නේ චරිතය හෝ මොනම මළඉලවුවකටවත් වඩා ඔවුන්ට වැදගත් වන්නේ තම දියණිය බවයි. ආදර සම්බන්ධකමක්  වැරදී ගිය විට, අනපේක්ශිතව ගැබ් ගත් විට, හෝ වෙන ඕනෑම අකරතැබ්බයකදී දියණියට ඇති ලොකුම අස්වැසුම සිය දෙමාපියන් වේ. සමහරැ හිතන්නේ best parenting තියෙන්නේ ලoකාවේ කියාය, දරැවෙක් ඉතා කුඩා කාලයේදී එය ඇතැම් විට සත්‍යයක් විය හැක, නමුත් දරැවන් නවයොවුන් කාලයේදී parenting අතින් ලoකාව ඉතාම දුර්වල බව නොකියාම බැරිය.  















Thursday, October 24, 2019

යාළුවාගේ පෙම්වතිය වෙනුවෙන් සටන් කර මියගිය පන්නිපිටියේ රසික

මේක අද උදේ දැක්ක ප්‍රවෘත්තියක්. මේක දැක්ක ගමන් සෑහෙන්න ආවේගයක් ඇතිවුනු නිසා මගේ හිත නිදහස් කර ගන්න අදහසක් ලියන්නම ඕන වුනා.  මගේ කලින් ලිපියක මෙන්න මෙහෙම ලියල තියෙනවා.

//කාන්තා හිoසනය සිදුවන සමාජයක පිරිමින්වත් පුරැෂ හිoසනය සිදුවන සමාජයක කාන්තාවන්වත් යහතින් ජීවත් නොවේ. එයට හේතුවන්නේ ලෝකයේ සෑම සමාජයකම කාන්තාවන් සහ පුරැෂයන් අන්තර්සම්බන්ධතා සහිතව ජීවත්වන නිසා වරෙක පීඩකයා තවත් වරෙක පීඩිතයා වීම නොවැළැක්වියහැකි නිසායි. //

ඔබ හිතනවා ඇති මේ කතාව සහ මියගිය රසික අතර සම්බන්ධය මොකක්ද කියලා. මෙන්න මේකයි. පාසල් වියේ කෙල්ලක් එක්ක කලින් යාළු වෙලා හිටපු කොල්ලා ඇයට හිරිහැර කිරීමට මිතුරන් සමඟ ඇයගේ ටියුෂන් පන්තියක් ඇරෙන වෙලාවට ආ විට  ඇයගේ දැන් යාළු වෙලා සිටින කොල්ලාගේ මිතුරා වන රසික (දැන් යාළු වෙලා සිටින කොල්ලාගේ) ඇමතුමකට පිහියක්ද රැගෙන මහ රෑ (ටියුෂන් පන්තිය ඇරී ඇත්තේ රෑ 11ටය) එතනට පැමින මෙම ගෝරියට මැදිවී මිය ගොස් ඇත. පාසල් යන කෙල්ලකට සම්බන්ධයක් නැවැත්වීමට නිදහසක් නොදෙන පිරිමින් ඉන්න සමාජයක කාන්තාවන් පමණක් නොව පිරිමින්ද දුකට පත්වන බව පෙන්වන අවස්ථාවකි මෙය. 

කෙල්ලක් බූට් එක තිබ්බ පලියට ඒ කෙල්ල පස්සෙන් පන්නමින් වද දීම ලoකාවේ සාමාන්‍යකරණය කරන ලද බරපතල අපරාධයකි. ඇමරිකාවේ නම් කෙල්ල උසාවියෙන්  restraining order එකක් ගත් පසු කොල්ලාට බඩු බනිස් වේ. ආදර සම්බන්ධයක් (හෝ විවාහය) කියන්නෙ ඇතුලට ගියොත් නැවත මොනම හේතුවකටවත් එලියට ඒමට බැරි trap එකක් නෙමේ. අනික බොහෝ ලoකාවේ පාසැල් වියේ  ආදර සම්බන්ධකම්  මිල අධික තෑගි, ලිoගිකත්වය, දරැවන්, දෙන්නම හදපු petsලා ආදී සoකීර්ණ කරැණු වලින් තොරයි. ඒනිසා මෙසේ පස්සෙන් පන්නමින් වද දීම නීති මගින් වැලැක්විය යුතුයි

නැවතත් කියන්නේ කෙල්ලක්ට/කොල්ලෙක්ට කොතරම් කාලයකට පසු වුනත් කොතරම් අසාධාරණ හේතු මත වුනත් බූට් එක තිබීමට අයිතියක් ඇත. සම්බන්ධයක් පටන් ගන්නවානම් ඒ අයිතියට ගරැ කිරීමටත් එම risk එක දරා ගැනීමටත් ශක්තියක් තිබිය යුතුය, නැත්නම් නීති මගින් ඒ අයිතිය තහවුරැ කල යුතුය.



කෙල්ල රෑ 11ට ඇරෙන පන්තියකට යෑම ගැන කීමට ඇත්තේ ලoකාවේ රෑ 11ට කෙල්ලෙක්ට ආරක්‍ෂිතව පාරේ යා නොහැකි වීම කෙල්ලගේ වරදක් නොවන බවයි. වැඩි දුරටත් කීමට ඇත්තේ රෑ 11ට කෙල්ලෙක්ට ආරක්‍ෂිතව පාරේ යා නොහැකි නම් කෙල්ලගේ තාත්තාට කෙල්ලව එක්ක යෑමට එන්න යුතුකමක් වගකීමක් තිබුනු බවයි. (මොකද එම තර්කයට අනුව කෙල්ලගේ අම්මා රෑ 11ට පාරට බැසීම අනාරක්‍ෂිත නිසා) ඒ අනුව තවත් පිරිමියෙක්(ජීවතුන් අතර නම්) තම යුතුකම වගකීම පැහැර හැරීම මේ විපතට තීරණාත්මකව බලපා ඇත.

කෙල්ල රෑ 11ට ඇරෙන පන්තියකට යැවීම ගැන කෙල්ලගේ දෙමව්පියන්ට කඩප්පුලි කතා කියන එකෙක්වත් රසිකට රෑ 11ට පිහියක්ද ගෙන එලියට යාමට ඉඩදුන් රසිකගේ දෙමව්පියන්ට වරදක් නොකියයි. මොකද රෑ පානේ ගමන් තහනම් කෙල්ලන්ටය. ඒවා අධ්‍යාපනය වැනි වැදගත් දේකටද යන්න අදාලම නැත. කොල්ලන්ට රෑ කීයට උනත් එලියට බහින්න තහනමක් නැත. ඒක ගුටි කෙළියක්ද පිහි ඇනුමක්ද යන්න අදාලම නැත.  අර කවුද සැබෑ ශ්‍රී ලාoකිකයෙක් තමුන් දන්නෙවත් නැති කෙල්ලට හොඳ චරිත සහතිකේකුත් දීල දැමූ කොමෙන්ටුවේ විදිහට "යකෝ කෙල්ලෝ ඉන්න දෙමාපියෝ තමන්ගේ දුවව මිනිහෙකුට බන්ඳලා දෙනකන් පස්සෙන් හිටපියව්" කොහොමද ඒක? 


Wednesday, October 23, 2019

රටක් දියුණු කිරීමට නම්

http://www.lankantv.net/uploads/thumbs/0c4b997b1-1.jpg (10/23/2019)

රටක් දියුණු කිරීමට නම් නම් ගම් සඟවමින් කැත වැඩ කිරීමට එම රටේ මිනිසුන්ට ඇති හැකියාව නැති කල යුතුය. ඔබට කූඹියෝ කතාවේ ජෙහාන් මතකද? ඔහු ජoගම දුරකතන කීයක් පාවිච්චි කලාද කියා මතකද? ගේම් කාරයන් (con artists) හැම විටම නිර්ණාමිකව තම අපරාධ හෝ සමාජ විරෝධී වැඩ කරති. කොටින්ම බ්ලොග් අඩවි වල කුණුහරැප ලියන්නෙත් "ඇනෝ"ලාය.

ඇමරිකාවේ ජoගම දුරකථන වල සිම් පිටින් දැමිය නොහැක. බොරැ කියා දුරකථන ලියාපදිoචි කල නොහැක. පොදු දුරකථන ඉතාම සීමිත සහ කැමරා සහිතය. මෙසේ නිර්ණාමික con artist දුරකථන ඇමතුම් සහමුලින්ම පාහේ වලකා ඇති නිසා ජෙහාන් වැනි con artistලට පහසු නැත. ඒකට ලoකාවේ .. වෙසක් එකට සිම් දන්සැල් දෙන දුරකථන සමාගම් ඇත.

ඇමරිකාවේ සියළුම මිනිසුන් පරිගනක ගත කර ඇත. ඔබ මත්පැන් පානය කර රිය පදවා හසු වූ විට, ඔබ ලිoගික අඩත්තේට්ටමක් කල විට, ඔබ දරැවාගේ නඩත්තු මුදල පැහැර හැරිය විට ආදී සියලු නීති විරෝධී වැඩ කල විට ඒවා සියලු දෙනාටම දැක ගත හැක. එය ඔබට ඉතා නරක ප්‍රතිපල ගෙනදේ. උදාහරණයකට ඔබ මත්පැන් පානය කර රිය පදවා හසු වූ විට රක්‍ෂණ සමාගම් ඔබේ වාහනයේ වාරිකය ඉහල දැමීමට ඉඩ ඇත. ඇමරිකාවේ homeless people ලෙස හඳුන්වන බොහෝ යාචකයන් එම තත්වයට පත් වීමට හේතුව ඔවුන් බරපතල අපරාධ කර ඇති නිසා රැකියා සොයා ගැනීමට බැරි කමයි. රැකියාවකට අයැදුම් කල විට අතීතය ගැන සෙවීම (background check) ඇමරිකාවේ අනිවාර්‍යයෙන්ම සිදු වෙන නිසා මෙසේ සිදුවේ. වෛද්‍යවරයෙක් වැනි වෘත්තිකයෙකුට අමතර ඩේටා බේස් ඇත. ඒවායේ  එවැනි වෘත්තිකයන් කල වෘත්තිමය වැරදි සඳහන් වේ. එම නිසා වෘත්තිකයන් වැඩ කරන්නේ ඉතා පරිස්සමිනි. ලoකාවේ මේ ක්‍රමය තිබේ නම් මනමාල මනමාලියන් සොයද්දී කපුවාට රැවටෙන්නේ නැතුව ඒ අයගේ සැබෑ පැටිකිරිය තමන්ටම බලා ගත හැකිව තිබුනි. හොර දොස්තරලා හෝ තමන්ගේ ලමයා කොහොමහරි දොස්තර කෙනෙක් කරන උණ බසිනු ඇත, ඇයි වතාවක් දෙකක් ලෙඩ්ඩුන්ට වැරදි බෙහෙත් දුන්නොත් දොස්තර ලයිසන් එක තහනම් වී ලෙඩා දැමූ වන්දි නඩුව නිසා බoකොළොත් වී ඇතැම් විට හිරේද යා හැකි නිසයි. දැන් ඔබට තේරෙනව නේද ඇයි ඇමරිකාවේ දෙමාපියන්ට තමන්ගේ ලමයා කොහොමහරි දොස්තර කෙනෙක් කරන උණ නැත්තේ කියලා.  

කූඹියෝ කතාවේ ජෙහාන් ඇමරිකාවේ සිටියා නම් බොහෝවිට පොරක් නොවී සිඟන්නෙකු ලෙස මිය යාමට තිබුණි.



Sunday, October 20, 2019

ජනප්‍රිය පැරණි සිoහල අනුකාරක ගීත වල මුල් හින්දි, උර්දු සහ ද්‍රවිඩ ගීත (දෙවන කොටස)

1. H. R. ජෝතිපාලගේ මම වින්ද වේදනාව ඔබේ ආදරේ නිසා https://www.youtube.com/watch?v=yOHvP8VhEVw

2. H. R. ජෝතිපාලගේ මහද නැමති වන බඹරා https://www.youtube.com/watch?v=dekQT5J3JqU

3. H. R. ජෝතිපාලගේ ලස්සනයි බලන්න ඔයාගෙ මල්හිනා මුල් ගීතය https://www.youtube.com/watch?v=nPgg6Y0lYr4

4. H. R. ජෝතිපාලගේ කවුද ඔබ කවුරැන්දෝ https://www.youtube.com/watch?v=0R2bapKdi9o

5. H. R. ජෝතිපාලගේ පතනා දේ සිදු වේ නම්
a.  (කිෂෝර් කුමාර්) https://www.youtube.com/watch?v=2KOQFpCZzhs
b.  (අශා බෝස්ලේ) https://www.youtube.com/watch?v=OEP0dWlIel4
c. සුශ්මිතා ඩේ කරපු ඉතාම ලස්සන mashup එකක්  https://www.youtube.com/watch?v=2Qk3Qgs7rmM

6. H. R. ජෝතිපාලගේ නින්ද නේන රාත්‍රියේ https://www.youtube.com/watch?v=FBvS1EQX1SQ
 ජොනීටා ගාන්ධිගේ විශිෂ්ඨ mashup (Suhani raat, Chaudhvin ka chand)     එක https://www.youtube.com/watch?v=emHwec2dSvk

7. H. R. ජෝතිපාලගේ ජීවිතේ තරැණ කාලේ -එකසේ නොරැඳේ https://www.youtube.com/watch?v=_sZg4EUB3IM

8. H. R. ජෝතිපාලගේ අපි දෙන්නා පොකුනයි පියුමයි විලසින් උන්නේ https://www.youtube.com/watch?v=zX1RABJehFY

9. H. R. ජෝතිපාලගේ පුන්චි දෝනි තරහා වෙලා https://www.youtube.com/watch?v=imzdYeySKk0

10. H. R. ජෝතිපාලගේ රන් තිලකා පොඩි සුමනා https://www.youtube.com/watch?v=rKD3XZWcpos

11. H. R. ජෝතිපාලගේ ඔයා හොරෙන් හොරෙන් https://www.youtube.com/watch?v=4EO6LnBWoRI

11. මිල්ටන් පෙරේරාගේ සුරැකීමට හෝ https://www.youtube.com/watch?v=twFA4ufK_So

12. H. R. ජෝතිපාලගේ මේ නොනිමෙන දිවි ගමනේ https://www.youtube.com/watch?v=Nkd3rEwkVL8

13. H. R. ජෝතිපාලගේ බබලන මාළිගා ගුවන් තලේ https://www.youtube.com/watch?v=9a6TkO97Hz4&list=TLPQMTcxMDIwMTlkHjCUecW93w&index=2

14. H. R. ජෝතිපාලගේ ආනන්ද සාගරේ https://www.youtube.com/watch?v=eOQe3JHi7rA

15. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ තරැණ නෙත් ජයමoගලේ https://www.youtube.com/watch?v=InenQMgxbwc

16. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ ආවා පෙම්වතා යන්නේ https://www.youtube.com/watch?v=S7-d-7EWMHU

17. 30.H. R. ජෝතිපාලගේ කොයි යන්නේ බඳ නළවාලා https://www.youtube.com/watch?v=C7AMB2ITG2c

18. H. R. ජෝතිපාල සහ ලතා වල්පොලගේ ආ මගලම් මේ සිරිලකට https://www.youtube.com/watch?v=nIkFW78x6UA

19. H. R. ජෝතිපාල සහ ලතා වල්පොලගේ මේ මෝසම් මද සුළඟ හමා https://www.youtube.com/watch?v=KppfZsP__t0

20. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ සඳ මෝදු වෙලා නැගෙනා https://www.youtube.com/watch?v=beqTRIpoos8

21. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ  පිපෙන පියුමන් පියකරැ මනරම් https://www.youtube.com/watch?v=lVJYXbjefCs

22. ලතා වල්පොලගේ  ගලනා සීත ජලේ  https://www.youtube.com/watch?v=pk-Z0Kp-6bo

23. H. R. ජෝතිපාල සහ ලතා වල්පොලගේ සොඳුරැ ගම්මානෙ මේ-තාම නැත රෑ වුනේ  https://www.youtube.com/watch?v=6jVdfGM6Kss

24. H. R. ජෝතිපාල සහ K. රානිගේ කොල කඩ කඩ බොරැවට දෙනවා https://www.youtube.com/watch?v=VePyuLWBXhw

25. ධර්මදාස වල්පොලගේ මoමුලා වෙලා අඳුරෙ මේ https://www.youtube.com/watch?v=YvK4JVLWCWk

 26. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ   ජීවන ගoගා ඉවුරේ අපී-ඇවිද යමු ප්‍රියේ https://www.youtube.com/watch?v=c60uJHdP1Tk

27. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ දෑතට දෑත තියාලා https://www.youtube.com/watch?v=BBUBPElquj4

28. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොල/රැක්මණී දේවීගේ වාසනාවන්ත කල ලබා https://www.youtube.com/watch?v=e4NztuhGLJQ

29.  M .S. ප්‍රනාන්දු සහ ඇන්ජලීන් ගුණතිලකගේ හ හා හැඩයි රෑපේ https://www.youtube.com/watch?v=73sspwoHK7k

28. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ මල් වැහි සීතල https://www.youtube.com/watch?v=r2NoxgAONXw

30. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ දෝතින් දෝතයි https://www.youtube.com/watch?v=ELMCrlcJJj4


Tuesday, October 15, 2019

ලස්සන සිoහල ගීත කිහිපයක් සහ ඔබටත් ගීතයකට බැඳුන රසවත් මතකයක් තිබේද?

මම ගොඩක් පොඩි කාලේ කොල ජාති කන්න හරිම හොරයි. අපේ නපුරැ නැන්දා කොල ජාති කන්න බල කරද්දි බත් කට ගිලින්නැතුව වත්ත පහලට ගිහින් ශේප් එකේ විසි කරල එනව. අම්ම ඒක දැක්කත් හිනා වෙලා සද්ද නැතුව හිටියෙ නපුරැ නැන්ද මේ වගක් දැනගත්තොත් මට මොනව කරයිද කියල අම්මටත් ෂුවර් නැති හින්දා. නැන්ද හිතන්නෙ මම ඒක කාල කියල. නැන්දටත් සතුටුයි මටත් සතුටුයි. අපේ අම්මගෙ ක්‍රමය ඊට වඩා මානුශීයයි. මම ඒ කාලෙ ගුවන් විදුලියේ ප්‍රචාරය වුනු නන්දා මාලිනීගේ "පෙම් ලොවදී දුටු ඔහුමද මේ- මොහුටද මා අන්ධ වුනේ" ගීතයට හරිම බයයි. ඒ ගීතයේ අධික ශෝකී තනුවත් කවුරැහරි අන්ධ වෙලා යැයි අවබෝධ වීමත් නිසා. ඉතින් මම අම්මගෙන් ඇහුවා "ඇයි අම්මෙ එයා අන්ධ වෙලා තියෙන්නේ" කියලා. අම්මා එකපාරටම කිව්වා "එයා කොල ජාති කන්නෙ නෑනෙ, ඒකයි අන්ධ වෙලා තියෙන්නේ" කියලා. ඒක ඇහුන තාත්ත මහ හයියෙන් හිනා වුනා. මට පුදුම හිතුන එච්චර විපතක් කාටහරි වෙලා තියෙන බව ඇහුනම ඇයි තාත්තට ඒ තරම් සතුටු හිතුනෙ කියලා. පස්සෙ කාලෙදි තමයි තේරැනේ ඇයි තාත්ත එදා මහ හයියෙන් හිනා වුනේ කියල. ඒ ගීතය අද අහද්දිත් මේ සිද්ධිය මතක් වෙලා මුවගට සිනහවක් එනවා, හැබැයි අනිත් අයට හරි පුදුමයි දුක්බර ගීයකට මම සිනාසීම ගැන. ගීත හා සබැඳි මේ වගේ අත්දැකීම් ඔබටත් තියෙනවනම් comment එකකින් අපත් සමඟ බෙදාගන්න ආරාධනා කරනවා.

බලන්න පහත සඳහන් පැරණි ගීත වලට ඔබ කැමතිද කියා.

1. කිසි දිනක වෙනත් රටවල තනු කොපි කරමින් සෑදූ ගීත ගායනා නොකල ගායිකාවක් නන්දා මාලනිය. ඇයගේ ගීත හරිම අර්ථවත් සහ අලoකාරයි. ඇය ගායනා කරන "මගේ සිනා ඔබ අරගෙන" ගීතය ඔබ මීට පෙර අසා තියෙනවාද? (ගී පද රචකයා: ආරියසිoහ පෙරේරා, සoගීතය: නන්දා මාලනි)   https://www.youtube.com/watch?v=JYz5l1oT4io

2. ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නේ අපට සිටි ඉතාම ප්‍රතිභා පූර්ණ ගේය පද රචකයෙක්නේ. එතුමා ලිවූ ස්වර්ණලතා කවීශ්වර සහ වින්සන්ට් වර්ණකුළ ගායනා කල ස්ටැන්ලි එම් ප්‍රනාන්දු සoගීතවත් කල "ගහේ බහට කූඩු හැදූ" ගීතය ඔබ අසා තිබේද? https://www.youtube.com/watch?v=ZIXhm7Iriek

3. නිරoජලා සරෝජිනී කියන්නේ ඉතාමත්ම මිහිරි කටහඬක් ඇති ගායිකාවක්නේ. එඩ්වර්ඩ් ජයකොඩිගේ කටහඬත් ඉතාම පැහැදිලි සුමධුර කටහඬක්. මේ දෙදෙනාගේ යුග ගීතයක් ලඟදී අප අතරින් වියෝවූ ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස්ගේ පද රචනයෙනුත් රෝහණ වීරසිoහයන්ගේ සoගීතයෙනුත් බිහි වුනා, "සීතල පිණි මත" ගීතය ඔබ අසා තිබේද? https://www.youtube.com/watch?v=wPuZKNC58vw

4. නිරoජලා සරෝජිනීගේ මිහිරි කටහඬෙන් ගැයෙන "රන් කුරහන් හේන උඩින්" ගීතය ඔබ මීට පෙර අසා තියෙනවාද? (ගී පද රචකයා සහ සoගීතඥයා කවුදැයි නොදනිමි) https://www.youtube.com/watch?v=0ScLByBQUOI

5. ඒ එල් බී කන්දෙපොල සහ අමිතා වැදිසිoහ ගයන ධර්මසිරි ගමගේ රචනා කල සහ වික්ටර් දලුගම සoගීතවත් කල "ආදර චාරිකා"  ගීතය ඔබ මීට පෙර අසා තියෙනවාද? https://www.youtube.com/watch?v=xozY4NdlFJU

6. ඩබ්ලියු ඒ හෙන්රි සහ මායා දමයන්ති  ගයන අයි ඩී ජයතිස්ස සහ තිස්සසිරි පෙරේරා රචනය සහ සoගීතවත් කල "සිතුම් සඳැල්ලේ" ගීතය ඔබ මීට පෙර අසා තියෙනවාද? https://www.youtube.com/watch?v=jEzX9FpZVSw

7. අරිසෙන් අහුබුදු රචනා කල සී ටී ෆොන්සේකා සoගීතවත් කර ශර්මිලා ෆොන්සේකා සමග ගැයූ "සමන් වැලේ මල් ජයට පිපීලා" ගීතය ඔබ මීට පෙර අසා තියෙනවාද? https://www.youtube.com/watch?v=SxJRA_e0xKU

8. සුනන්ද මහේන්ඳ්‍ර  රචනා කල එඩ්මන්ඩ් වික්‍රමසේකර  සoගීතවත් කර ගැයූ "කුඩා දේවිකා" ගීතය ඔබ මීට පෙර අසා තියෙනවාද? https://www.youtube.com/watch?v=y68oaXFVMcM

9. සී ටී ෆොන්සේකා ගැයූ (ගී පද රචකයා සහ සoගීතඥයා කවුදැයි නොදනිමි) "මගේ පැලට ඔබ හරි වාසනාවයි" ගීතය ඔබ මීට පෙර අසා තියෙනවාද? https://www.youtube.com/watch?v=wJVTfESCnq0

10. පන්ඩිත් අමරදේවයන් ගායනා කල "නිම් හිම් සෙව්වා මා සසරේ" ගිතය (ගී පද රචකයා: ඔගස්ටස් විනයාගරත්නම් සහ සoගීතඥයා: නිමල් මෙන්ඩිස්) අති විශිෂ්ඨ cover එකක් අනුෂ්කා සෝමතිලක කලා. ඇයගේ මිහිරි කටහඬ මා පුදුමයට පත් කලා. https://www.youtube.com/watch?v=tsAgWHB6BCo







Saturday, October 12, 2019

ජනප්‍රිය සිoහල අනුකාරක ගීත වල මුල් ගීත (හින්දි/දෙමළ/උර්දු) 30ක්

1. හරෑන් ලන්ත්‍රාගේ "මගෙ නාමලී-බැඳි ආදරේ" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=l1d77hcxskY

2. සිසිර සේනාරත්න සහ ඉන්ඳ්‍රානි විජේබණ්ඩාරගේ "ගයා ගීතයන් ගමේ" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=vtX8KCqGp7Q

3. මල්ලිකා කහවිටගේ "හිනැහේවී බෝනික්කා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=QgFisKnWDtA

4. වික්ටර් රත්නායකගේ "පෙම්බර මධූ මගේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=ssoChbSjWGg

5. මිල්ටන් පෙරේරාගේ "දෙව්දුව පළා ගියාදෝ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=v-b1TwW_Txc

6. මිල්ටන් පෙරේරාගේ "ඔබ වේවා වේවා පහන මගේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=Hlp_bqxjAQY

7. මිල්ටන් පෙරේරාගේ "පෙම් අප්සරාවෝ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=u1wVRSqBm2s

8. මිල්ටන් පෙරේරා සහ සුජාතා අත්තනායකගේ "පෙර ආත්මයක එක රාත්‍රියක"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=P19QE9BuWts

9. සුජාතා අත්තනායකගේ "මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=DnRFsLXKWx4

10. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ චන්ඳ්‍රා මෙ රෑ පායා ආවා"හි මුල් ගීතය :https://www.youtube.com/watch?v=o2hndnspKeA

11. H. R. ජෝතිපාල සහ සුජාතා අත්තනායකගේ "නියරේ ලන්දේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=YGZxr4hR9h4

12. H. R. ජෝතිපාලගේ "මම ආදරේ කියන්නම්"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=l40H2fIDcYI

13. H. R. ජෝතිපාලගේ  "හෝ හෝ තුෂාරා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=6_UaZY1T0Gw

14. H. R. ජෝතිපාලගේ "මල් හී ගෙන එයි මල්සරා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=sgX_N1nMMmc

15. H. R. ජෝතිපාලගේ "නිල් අහසේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=aiq2rd3Gatc

16. H. R. ජෝතිපාලගේ "සීත සුනිල් දිය දහරා"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=rJiohcg-gKo

17. H. R. ජෝතිපාලගේ "මම ගන්නෙමී කරකාර බන්දාල"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=qXm3lopuhXs

18. H. R. ජෝතිපාලගේ "රත්තරන් සඳක් පායන්නයි"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=Jn9_6yINCy4

19. H. R. ජෝතිපාලගේ "අහසෙ ලියූවත්"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=iej5o-yxdXo

20. H. R.ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ "ආදරේ හිතෙනව දැක්කම"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=XDXB6W9JDeg

21. H. R. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලකගේ "හොඳ සිරියාවයි ආකාසේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=6iBu3y-Cy9k&t=7s

22. H. R. ජෝතිපාල සහ රැක්මණී දේවීගේ "මැවිලා පෙනේවි රෑපේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=pR0ulgutXH8

23. රැක්මණී දේවීගේ "ශාන්ත වේ ප්‍රේමේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=NQCtl8xZ4gY

24.ඇන්ජලීන් ගුණතිලකගේ "ජීවිතයේ කාන්තාරේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=FOXkYrP3D2g

25.  H. R. ජෝතිපාල සහ රැක්මණී දේවී ගේ "කෝකිලයා කෙවිලිය හා" හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=1f6o0duCOCc

26. H. R. ජෝතිපාල සහ රැක්මණී දේවීගේ "දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=csWryBt6ktc

27. ධර්මදාස වල්පොලගේ "කඳුකරයේ ශාන්ත සන්ධ්‍යාවේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=x1R7VPbFVNM

28. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "අහසේ සඳසේ"හි මුල් ගීතය:https://www.youtube.com/watch?v=ii4veh1u0cA&t=157s

29. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "ශ්‍රී ලoකාවේ ශාන්ත සෝභන"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=yOZVv71KT4U

30. ධර්මදාස වල්පොල සහ ලතා වල්පොලගේ "පිවිතුරැ මනහර ප්‍රේමේ ශාන්ත වේ"හි මුල් ගීතය: https://www.youtube.com/watch?v=rUV7ypQpmoE












Thursday, October 10, 2019

සීනි, ඉඟුරැ සහ කොපි කිරීමේ කලාව


මම කුඩා කාලයේ අධිකව සීනි සහිත කෑම කන්නට ආසා කලා. විශේෂයෙන්ම පෙරේරා ඇන්ඩ් සන්ස් බේකරියේ ඉතාම රසවත් කුඩා චොකලට් කේක් ගෙඩිය සහ චොකලට් රෝල් එකත් ග්‍රීන් කැබින් එකේ අන්නාසි චොකලට් ගැටෝ එකත් නිතරම වගේ කෑවා. දවසකට හොඳට සීනි දාපු තේ දෙක තුනක්වත් බිව්වා. මම ඇමරිකා එක්සත් ජනපදයට සoක්‍රමනය වුනු මුල් කාලයේ මෙහෙ කෑම බීම වල අඩු සීනි ගතියට හුරැ වෙන්න හරිම අමාරැ උනා. ඇත්තම කිව්වොත් ඇඞුනා. හැබැයි කාලයක් යද්දි තේරැණා අඩු සීනි පරිභෝජනය ශරීර සෞඛ්‍යයට ඉතා හිතකර බව. අද මම තේ, කෝපි ආදිය බොන්නේ සීනි රහිතව, ඒවගේම සෝඩා, ජූස් වර්ග ඇතුළු කෘතිම පාන සහ බේකරි ආහාර (කේක්, බිස්කට් ආදිය) වලින් වැළකී සිටින්නේ කාලයක් තිස්සේ අඩු සීනි/පැණිරසට දිව හුරැ කර ගත්තම පසුකාලීනව අධික සීනි/පැණිරස සහිත ආහාර එපා වෙන නිසා.

මේ ලඟදී සියෙරා ලියෝන් කියන අප්‍රිකානු රටෙන් ඇමරිකා එක්සත් ජනපදයට සoක්‍රමනය වුනු අපගේ මිතුරියකගේ රාත්‍රී භෝජන සoග්‍රහයකට සහභාගි උනා. ඔවුන්ගේ welcome drink එක අපගේ සිත් ගත්තා මොකද එය ඉතා රසවත්, පහසුවෙන් සාදාගත හැකි, ඒ වගේම ඔෞෂධීය ගුණයෙන් යුතු පානයක් නිසා. මෙන්න හදාගන්නා ආකාරය: ඉඟුරැ අල කැමති ප්‍රමාණයක් අත් වoගෙඩියක/blender එකක කොටාගෙන මස්ලින් රෙද්දක ආධාරයෙන් හෝ ඉතා කුඩා සිදුරැ සහිත පෙරණයකින් යුෂය පෙරා ගන්න. ඊට අවශ්‍ය ප්‍රමාණයට වතුර, ලෙමන් යුෂ ටිකක් සහ මී පැණි දමා ගන්න. ලේසියි නේද? මෙම පානයේ රස සහ ගුණ නිසා අපි හිතුවා තවත් ඊට සමාන අත්හදා බැලීම් කරන්නට. ඒ අනුව දොඩම් යුෂ සාදන විට දැන් මම සීනි වෙනුවට මී පැණි දමනවා, ඒවගේම ඉඟුරැ යුෂත් එකතු කරනවා. පැණි කොමඩු යුෂ හදනකොටත් ඉඟුරැ යුෂ ටිකක් එකතු කරනවා. අලිගැටපේර ශේක් හදනකොට සීනි වෙනුවට මී පැණි දමනවා. දැන් මගේ ගෙදර සීනි පාවිච්චි වෙන්නේ නැති තරම්. ඉඟුරැ වල ඔෞෂධීය ගුණය ඉතා ඉහල නිසා ඔබත් හැකිනම් ඔබේ ආහාරපාන වලට හැකිතාක් ඉඟුරැ එකතු කරන්න.

American Heart Association එකට අනුව දවසකට ගතහැකි උපරිම ආහාරයට පිටින් දමන සීනි ප්‍රමාණය (ආහාරවල ස්වභාවිකව ඇති සීනි මෙයට අඩoගු නොවේ) පුරැෂයෙකුටනම් ග්‍රෑම් 36 (තේ හැඳි 9ක්) සහ කාන්තාවකටනම් ග්‍රෑම් 24 (තේ හැඳි 6ක්) පමණයි. නව යොවුන් දරැවන්ට එම ප්‍රමාණය ග්‍රෑම් 20-32 (තේ හැඳි 5-8ක්) සහ කුඩා දරැවන්ට එම ප්‍රමාණය ග්‍රෑම් 12-16 (තේ හැඳි 3-4ක්) වෙනවා. ලoකාවෙදි නම් දවසකට බොන තේ වල සීනි ප්‍රමාණයම ඇතැම් විට මේ අගය ඉක්මවිය හැකියි. එසේ නැත්නම් එක සෝඩා කෑන් එකකින් මෙපමණ සීනි ප්‍රමාණයක් ශරීරයට ලැබෙනවා, මොකද මිලි ලීටර් 355හේ (අවුන්ස 12හේ) කොකා කෝලා කෑන් එකක සීනි ග්‍රෑම් 39ක් තියෙනවා. තරබාරැකම සහ තරබාරැකම සමඟ බැඳුනු දියවැඩියාව, හර්ද රෝග ආදියෙන් ආරක්ශා වීමට නම් ඔබේ සීනි පරිභෝජනය අවම කල යුතුයි.

විවිධ සීනි/කාබෝහයිඩ්‍රේට් ප්‍රභව සඳහා ග්ලයිසිමික් අගය (Glycemic Index, GI) නම් දර්ශකයක් තිබෙනවා. ග්ලයිසිමික් අගයෙන් කියැවෙන්නේ කිසියම් සීනි/කාබෝහයිඩ්‍රේට් ආහාරයක් රැධිරගත ග්ලූකෝස් මට්ටමට බලපාන ආකාරයයි. අඩු GI අගයක් (මත දෙකක් ඇත, සමහරැන්ට අනුව 55ට අඩු හෝ සමහරැන්ට අනුව 45ට අඩු) සහිත ආහාර ජීර්ණය, අවසෝශනය සහ පරිවෘත්තිය සෙමින් සිදුවෙන ආහාර නිසා රැධිරගත ග්ලූකෝස් මට්ටම එකවර වැඩිවී එය පාලනය කිරීමට ඉන්සියුලින් ඝ්‍රාවය වැඩිපුර අවශ්‍ය වීම සිදු නොවේ. වෙනත් ආකාරයකට කියනවානම් අඩු GI අගයක් සහිත ආහාර ගැනීම දියවැඩියාව, හර්ද රෝග ආදිය සෑදීමේ අවදානම අඩු කරයි. ඒවගේම වැඩි අගයක් (70ට වඩා වැඩි) ඇති ආහාර ගැනීම දියවැඩියාව, හර්ද රෝග ආදිය සෑදීමේ අවදානම වැඩි කරයි. සීනි වල GI අගය 65-68ද රටඉඳි වල GI අගය 42-55ද හකුරැ වල GI අගය 35-50  අතරද මීපැණි වල GI අගය 45-64ද ඇති බව කියනවා. දැන් ඔබට පේනවා ඇති වඩාත්ම හොඳ GI අගයක් ඇත්තේ පිරිසිදු හකුරැ (සීනි දමා බාල කල ඒවා නොවේ) වල බව. ලoකාවේ ඉන්න ඔබට අපට වඩා පහසුවෙන් හකුරැ මිලදී ගන්නට පුළුවන්.  

GI අගය ගැන මම දැනගත්තේ අපේ අම්මා YouTube නාලිකාවේ මේ වීඩියෝවෙන් https://www.youtube.com/watch?v=R9_Z5a2iR6o&t=311s. ඒ දැනුවත් කිරීම  ගැන අපේ අම්මා නාලිකාවට ස්තූති කරනවා. අපේ අම්මා නාලිකාව ශ්‍රී ලාoකික ඉවුම් පිහුම් ගැන YouTube එකේ ඉතා ජනප්‍රිය නාලිකාවක්නේ. මීට අවුරැදු හත අටකට කලින් YouTube එකේ මෙවැනි ශ්‍රී ලාකික ඉවුම් පිහුම් නාලිකා තිබුනේ හරිම ටිකයි. ඒ අතරින් මට ගොඩක් පිහිට වුනු නාලිකාවක් තමයි TheCulinarycorner  (https://www.youtube.com/user/TheCulinarycorner). එම නාලිකාවටත් ගොඩක් ස්තූතියි. තව මම නරඹන  හොඳ නාලිකා ගණනාවක් දැන් තියෙනවා. ඒ අතර හෙළ බොජුන්, අනෝමාගේ මුළුතැන්ගෙය (Anoma's Kitchen), චම්මිගේ චැනල් එක, වරැණිගේ මුළුතැන්ගෙය (Waruni's Kitchen) ආදීය උදාහරණ කීපයක්. මගේ මවගේ කාලයේදී ඇයට නොදන්නා රෙසිපියක් අවශ්‍ය උනාම ඇය අසරණ වුනු අවස්ථා මම කුඩා දරැවෙක් ලෙස දැකල තියෙනවා. බොහෝවිට කෙනෙකුගෙන් රෙසිපියක් ඇසූ විට ගුරැ මුෂ්ටි තියාගෙන කියල දීමේ කුහක පුරැද්ද නිසා ඇයට බොහෝ කෑම වැරදී ගොස් තිබෙනවා. ඒ නිසා මේ සියළුම YouTube චැනල් වගේම මුහුණු පොතේ ඉන්න ජනනි ගුරැසිoහ වගේ රෙසිපි ඉදිරිපත් කරන සොයුරැ සොයුරියනුත් බ්ලොග් සහ නොයෙකුත් වෙනත් විද්‍යුත් මාධ්‍ය මගින් රෙසිපි ඉදිරිපත් කරන සොයුරැ සොයුරියනුත් (උදාහරණයකට මාලනීගේ මුළුතැන්ගෙය -Malini's Kitchen, Pekish Me, Island Smile ආදී) ඉතාම ආදර ගෞරවයෙන් මතක් කර ස්තූති කරනවා, මේවගේ අපට උදව් කිරීම ගැන.

GI අගය ගැන අපේ අම්මා විස්තර කරන ඉහත YouTube වීඩියෝවත් විශේෂ එකක්. එම වීඩියෝව නිකුත් වීමට පාදක වූ කතාව මගේ දැනීමේ හැටියට මෙන්න මේකයි. වරැණිගේ YouTube නාලිකාවේ වටලප්පන් වල හකුරැ වෙනුවට රටඉඳි ආදේශ කර රෙසිපියක් ඉදිරිපත් කර ටික දිනකින් අපේ අම්මා නාලිකාවෙන් ඊට බොහෝ සමාන රටඉඳි පුඩිමක රෙසිපියක් ඉදිරිපත් කර තිබෙනවා. වරැණි ඇතුළු ශ්‍රී ලාකික ඉවුම් පිහුම් ගැන චැනල් පවත්වාගෙන යන කිහිප දෙනෙක්ට ඔවුන් අළුත් රෙසිපියක් ඉදිරිපත් කර ටික දිනකින් අපේ අම්මා නාලිකාව ඊට බොහෝ සමාන රෙසිපි ඉදිරිපත් කරන බව හැඟී ගොස් තිබෙනවාලු. එම නිසා වරැණි  "අපේ අම්මා නාලිකාව මගේ රෙසිපි කොපි කරන්න එපා" යැයි ඉදිරිපත් කල වීඩියෝවට පිළිතුරක් ලෙසයි මෙම වීඩියෝව අපේ අම්මා නාලිකාවට එකතු කලේ. මේ සිද්ධිය ගැන මගේ පෞද්ගලික අදහස මෙතැන  ඉදිරිපත් කිරීමට වඩා ලාoකික කොපි කිරීමේ කලාව ගැන පොදුවේ මගේ මතය කියන්නට හිතුවා.  ලාoකික අපි බොහෝ දෙනෙක් තවත් සහෝදර ලාoකිකයන්ට අතහිත දීමට වඩා අමාරැවේ දැමීමට හරිම ආසයි. එකමුතුවී හැමෝම ගොඩයනවාට වඩා තනි තනිව හැමෝම වලට යන්න කැමතියි වගේම තමුන්ට වඩා දක්‍ෂයෙක්ව දැක සුබ පතනවාට සහ එතැනට යන්න අධිෂ්ඨාන කරගන්නවාට වඩා බිම දාන්නයි වලි කන්නේ. මේ නිසාම කිසියම් කුඩා හෝ ස්තූතියක් අගය කිරීමක් උදව්වක් අනිකෙකුට කලාතුරකින්වත් ලබා නොදීමට බොහෝ දෙනෙක් වග බලා ගන්නවා. තමන්ගේ සුළු දෙයක් හෝ වෙන කෙනෙක් අවසරයකින් තොරව ලබා ගත් විට කෑ මොර දෙන අපි කීදෙනෙක්ගේ පරිගනක වල තවෙකෙකුගේ දහඩිය මහන්සියෙන් ගොඩ නැගූ මෘදුකාoග කීයක් හොරට දමා ගෙන ඇත්ද,  වෙනකක් තබා අපි අසන බොහෝ ගීත පවා නොයෙකුත් රටවල සoගිතඥයන් ඉතා වෙහෙස මහන්සි වී සෑදූ තනු නිසි අවසරයකින් තොරව කොපි කල ඒවා නොවේද? අපි දැන්වත් අපේ රටේ මිනිසුන්ට වචනයකින් හරි යහපතක් කරන්න උත්සහ ගනිමු. අනුන්ගේ දේවල් උපුටා ගැනීමේදී ඔවුන්ට සුදුසු ඇගයීම ලබා දෙමු. මට ඕනැනම් GI අගය ගැන කියද්දී අපේ අම්මා නාලිකාව ගැන නොකිය ඉන්න තිබුනා. ඒත් ඇයි මම ඔවුන්ට කුඩා ආලෝකයක් මගේ ලිපියෙන් දෙන්නට ලෝබ වන්නේ, මගේ ලිපියේ ආලෝකය එයින් අඩු වුනේ නෑ නේද?

පහනින් පහන් සිය ගණනක් ඇවිලුවද
එපහන් සිළෙහි අලු අඩු නොව දිලෙන ලෙද
ලොව අන් සතුන් ගුණ පළ කරමින් නිබඳ
සුපසන් ගුණෙන් වැජඹෙති සුදනෝ පබඳ
(සුභාෂිතය)

ලිපියේ අවසානයට ඔබට විදේශික ගී කිහිපයක් ඉදිරිපත් කරන්නට හිතුවා. හින්දි, දෙමළ, මලයාලි ආදී ඉන්දියාවේ භාවිතා වන භාෂා වල ගීත තනු ලoකාවේ ගීත වලට යොදා ගන්නා බව ඔබ හොඳින්  දන්නවා  ඇති. බලන්න මේ ඉoග්‍රීසි, ඉතාලි සහ අනෙකුත් බටහිර රටවල ගීත සහ ඊට අනුකාරක සිoහල ගීත දෙස. ඇතැම් විට මේ සිoහල ගීත අනුකාරක බව ඔබ මීට පෙර නොදැන සිටින්නට ඇති.


1. ජිප්සීස්ලගෙ අතිශය ජනප්‍රිය වූ "පාවෙන පීරිසියක් උඩ නැගලා" හි original ගීතය: https://www.youtube.com/watch?v=kWbMikrZ91U

2. ජිප්සීස්ලගෙම අතිශය ජනප්‍රිය වූ "ඕයේ ඔජායේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=B-A7ABIfBdQ

3. ජිප්සීස්ලගෙම අතිශය ජනප්‍රිය වූ "ලුනු දෙහි" හි original ගීතය: https://www.youtube.com/watch?v=1nuihAonUwg

4. නීලා වික්‍රමසිoහගේ අතිශය ජනප්‍රිය වූ "දවසක්දා රෑ වසන්ත සැණකෙළියේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=28yfUwvXa6A

5. ක්‍රිස්ටෝෆර්  පෝල්ගේ අතිශය ජනප්‍රිය වූ "හා මල් පිපෙන්නේ" හි original  ගීතය: https://www.youtube.com/watch?v=jpKKfeQT7H8

6.  මොරිස් දහනායකගේ අතිශය ජනප්‍රිය වූ "දුකෙනි තනිවම ඉවත යන්නේ මගේ ගමරට හැරදමා"  හි original ගීතය: https://www.youtube.com/watch?v=KFFlWtlDRqk

7. ඩැල්රීන් සුබී ගේ අතිශය ජනප්‍රිය වූ "සුරoගී චූටී දෝනී සුරoගී" හි original ගීතය: https://www.youtube.com/watch?v=0i6PVGmUZ5I

8. චිත්‍රාල් සෝමපාල  ගේ අතිශය ජනප්‍රිය වූ "නදී ගoගා තරණයේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=SF3IktTk_pQ

9. ලතා සහ ධර්මදාස වල්පොලගේ අතිශය ජනප්‍රිය වූ "අහසේ සඳසේ සඳේ ලප ලෙසේ"  හි original ගීතය: https://www.youtube.com/watch?v=VIlrczByLJE

10. H. R. ජෝතිපාල සහ M. S. ප්‍රනාන්දුගේ "කොඩි ගහ යට මම උපන්නේ" හි original ගීතය: https://www.youtube.com/watch?v=_Paqe2-BCYM







Monday, October 7, 2019

ඔබත් රැකියාස්ථානයේ සිදු කරන අරියාදු කිරීමේ (Workplace Bullying) ගොදුරක්ද?



රැකියාස්ථානයේ සිදු කරන අරියාදු කිරීම (Workplace Bullying) අර්ථ නිරෑපනය කරන්නේ රැකියාස්ථානයේ යම් අයවළුන් පිරිසක් විසින් ක්‍රමානුකූළව සිදුකරන විනාශකාරී අන්තර් පුද්ගල ක්‍රියාවලියක් (Destructive Interpersonal Campaign) වශයෙන්. එය ඔබේ සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපාන අතරම ඔබ කලක් ඉතා ආසාවෙන් කල රැකියාව ඔබට එපා කරවයි. අරියාදු කිරීම ශාරීරික වධ හිoසා කිරීමේ ක්‍රියාවලියක් නොවන අතර මානසිකව වධයට පැමිණවීම සහ ඔබේ රාජකාරියට බාධා කිරීම මඟින් ඔබව මර්ධනය කිරීමක් ලෙස හැඳින්විය හැකියි. එය මිනීමැරැමක් සිදු කිරීමක් නොවුනත් වධයට ලක් වන පුද්ගලයාව මානසිකව සහ ශාරීරිකව රෝගී කොට සියදිවි නසා ගැනීමට වුවත් පෙළඹවීමට හැකියි. 

කවුරැන්ද මෙවැනි රැකියාස්ථානයේ වධකයන්ගේ ගොදුරක් වීමට වැඩි නැඹුරැවක් ඇති අය?

අධ්‍යයන මගින් තහවුරැ කරගෙන ඇති පරිදි බොහෝවිට අරියාදුකරැවන්ගේ ගොදුරැ බවට පත් වන්නේ රැකියාස්ථානයේ කිසිම කල්ලියකට අයත් නැති, ස්වාධීනව කටයුතු කරන, සාධාරණ, හොඳ සුදුසුකම් සහ දක්ශතාවයක් මෙන්ම කැපවීමක් ඇති අයයි. අරියාදුකරැවන් මෙවැනි අයව තමන්ට/තම කල්ලියට නතු කර ගැනීමට අරියාදු කිරීම උපයෝගී කර ගනී. එවිට ඊට ගොදුරැ වන පුද්ගලයා තම ආත්ම ගෞරවය රැක ගැනීමට උත්සහ කරයි, ඒවගේම තමන්ට ලැබිය යුතු ගෞරවයෙන් සහ අභිමානයෙන් රැකියාව කිරීමේ අයිතිය ගිලිහී යාමට නොදී රැක ගැනීමට උත්සහ කරයි. හැබැයි එහෙම උත්සහ කරන්න කරන්න අරියාදුකරැවන් තම අරියාදු කිරීම වඩ වඩා තීව්‍ර කරති. කලින් පැවසූ පරිදි අරියාදුකරැවන්ට ගොදුරැ වන අය බොහෝවිට රැකියාස්ථානයේ හොඳ දක්ශතාවයක් සහ කැපවීමක් ඇති අයයි. මොකද මෙවැනි අයව වැඩ නොකරන අදක්‍ෂ සේවකයන් සහ කළමනාකරැවන් ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් ලෙස සලකන නිසා. එවැනි ඉරිසියාවෙන් සහ හීනමානයෙන් පෙලෙන අදක්‍ෂ සේවකයන් සහ කළමනාකරැවන් අරියාදු කිරීම මගින් දක්ශයාට කාර්‍යක්‍ෂමව වැඩ කිරීමේ අවස්ථාව අහුරා දැමීමට, අසාර්ථක කිරීමට හෝ ආයතනයෙන් පන්නා දැමීමට උත්සහ කරනවා. අරියාදුකරැවන්ගේ ගොදුරැ වන අය බොහෝවිට අoවක, ප්‍රතිපත්ති ගරැක, සදාචාර සම්පන්න අයයි. මෙවැනි අය සිටින තැනක වoචාකාරී,කේලම් කිය කිය ලකුණු දාගන්න, කුහක, ප්‍රතිපත්තියක් නැති, වැරදි කිරීමට ලැජ්ජා බය නැති, වැඩ නොකරන සේවකයන් සහ කළමනාකරැවන් ඉන්නේ හරිම අපහසුතාවයකින්. අර වින්දිත පුද්ගලයා මොවුන් සමඟ කිසිම ගැටීමකට නොගියත් මෙවැනි නරක මිනිසුන් ඉන්නේ හරිම නොසතුටකින්, මොකද මොවුන්ගේ පහත් හැසිරීම ගැන මොවුන්ටම නිතැතින්ම සිහි වෙනවා වින්දිතයාගේ උදාර හැසිරීම නිසා.  

කවුරැන්ද මෙවැනි රැකියාස්ථානයේ වධකයන්ගේ අනුග්‍රාහකයන්?

මතක තබා ගන්න, කිසියම් ආයතනයක අරියාදු කිරීමක් සිදු වීමට කළමනාකාරීත්වයේ උදව් ලැබිය යුතුමයි. බොහෝ අවස්ථා වලදී අරියාදු කරැවන්ට නිසි දඬුවමක් කළමනාකාරීත්වය විසින් ලබා නොදෙන බව හෙළිවී තිබෙනවා. කළමනාකාරීත්වයේ උදව් අරියාදුකරැවන්ට ලැබෙන පළමුවෙනි ක්‍රමය නම් "අයියෝ ඔයා පොඩ්ඩක් ඇත්නම් අප්සෙට් වෙනවනෙ. මේ ආයතනයේ වැඩ කරනකොට ඕවට පුරැදු වෙන්න ඕන (This is the way we work here)" යන පිළිතුර කළමනාකාරීත්වය විසින් වින්දිතයාට පැවසීම මගින් වින්දිතයා දුර්මුඛ කර අරියාදු කරැවන් දිරිමත් කිරීම. බොහෝවිට මෙවැනි අවස්ථා වලදී අරියාදු කරැ/කරැවන් කළමනාකාරීත්වයේ සමීපතමයන් බව පෙනෙනවා. තවත් අවස්ථා වල කළමණාකරැවාත් අරියාදු කරැවන්ට බයේ කටයුතු කරන නිසා අරියාදු කරැවන්ට දඬුවම් නොලැබී රිසිසේ තම පහත් වැඩ කරගෙන යාමට හැකියාව ලැබෙනවා.   තවත් අවස්ථා වලදී කළමනාකාරීත්වය විසින් ලාභය වැඩි කරගැනීමට හෝ වෙනත් හේතු වලට හිතාමතා සේවකයන් අතර අධික තරඟයක් ඇති කිරීමට ක්‍රියා කරනවා. එවිට තම පැවැත්ම සඳහා අනිකාව බිම දැමීමට පසුබට නොවන රැකියාස්ථානයේ  අරියාදු කිරීමේ පරිසරයක් බිහි වෙනවා (Bully culture in the work place).

ඔබත් රැකියාස්ථානයේ  සිදු කරන අරියාදු කිරීමේ (Workplace Bullying) ගොදුරක්ද?

බලන්න පහත සඳහන් දේවල් වලට ඔබත් මුහුණ දෙනවද කියා.

1. ඔබේ අරියාදු කරැවන් වැඩ කරන්නේ ආයතනයේ නීති රීති, මූලධර්ම හෝ legitimate business interest එකට අනුකූළව නොව තමන්ගේ personal agenda එකකටයි.

2. අනිත් අයට ඔබ සමඟ වැඩ කිරීම, කතා කිරීම හෝ සමාගමයක් පැවැත්වීම නවතන ලෙස අරියාදු කරැවන් විසින් බලපෑම් කරනු ලබයි. මේ තත්වය යටතේ බොහෝ විට අනිත් අය අරියාදු කරැවන්ට ඇති බිය නිසා නැතිනම් අරියාදු කරැවන් ඔබ ගැන පතුරවන බොරැ කේළම් විශ්වාස කර ඔබ සමඟ ගනුදෙනු අතහරිති. අධ්‍යයන මඟින් පැහැදිලි වී ඇති කරැණක් නම් ආයතනය තුළ වින්දිතයා බොහෝ විට තනිවන බවයි.

3. ඔබ මොනතරම් මහන්සි වී හොඳින් වැඩ කලත් කිසිම හොඳක් ඇසීමට නොහැකි අතර සුළු අතපසු වීම් පවා බරපතල අපරාධ ලෙස සැලකේ.

4. ඔබව (අරියාදු කරැවන් ගේ බොරැ කේළම් අසන) ප්‍රධානියා විසින් වැඩකට නැති හදිසි හමුවීම් වලට කැඳවා දොස් පවරනු ලබයි.

5. ඔබ හැමවිටම රැකියා ස්ථානයේ ඔබට ලොකු ප්‍රශ්නයක් ඇති වේ යැයි කැළඹීමකින් සහ බියෙන් පසු වේ (experiencing a sense of doom).

6. සියළුම දෙනා- සෙසු සේවක‍යන්, කළමනාකරැවන්, HR ආදීන්- ඔබ සමඟ පෞද්ගලිකව වාචිකව ඔබේ අරියාදු කරැවන් හෙළා දකී, නමුත් කිසිවක් නොකරයි, අන්තිමේ ඔබ අරියාදු කරැවන්ට එරෙහිව උදවු ඉල්ලූවිට අරියාදු කරැවන් හෙළා දැක්ක බව වත් පිළි නොගනී.

7. ඔබේ අරියාදු කරැවන් ඔවුන්ට රිසි සේ ඔබට ගස්සයි, පුප්පයි, බැණ වදී නමුත් ඔබට පෙරලා කිසිවක් කළ නොහැක, මන්ද ඔබ එසේ හැසිරැනොත් ඔබට දඬුවම් ලැබේ.

8. ඔබේ පෞද්ගලික ජීවිතයේ ගැටළු පැන නගී. ඔබේ විනෝදකාමී හැසිරීම වෙනස් වී කළහකාරි වේ, විනෝදාoශ අතහැරේ, නිවාඩු දින වලත් රැකියාවට යයි, උදේ නැගිට්ට විට වැඩට යායුතු බව මතක් වෙද්දී සසර කළකිරේ. ඔබේ ශාරීරික සහ මානසික සෞඛ්‍යය වේගයෙන් පිරිහෙන බව ඔබට වැටහේ.

ඔබ වින්දිතයෙක් නම් කළයුත්තේ කුමක්ද?

අවoකවම කිව්වොත් ඔබ ඉන්නේ අවාසනාවන්ත තත්වයක. බොහෝ වින්දිතයන් (අධ්‍යයන මගින්  සොයාගෙන ඇති පරිදි 66%) කාලයත් සමඟ රැකියාස්ථානයෙන් ඉවත් වෙනවා. අරියාදු කරැවන් සමඟ සටනේදී කිසිම අවස්ථාවක ඔවුන් හැසිරෙන පහත් තත්වයට වැටෙන්නට එපා. මේ දේවල් උත්සහ කරල බලන්න.

1. ඔබ වෙනත් රැකියා වලට අයදුම් කළ යුතුමයි. එය ඔබේ සෞඛ්‍යයට සහ පෞද්ගලික ජීවිතයට හිතකරයි. එය පැරදීමක් නොවේ, ඔබ වගේ හොඳ සේවකයෙක් නැති වීම එම ආයතනයේ පරාජයක්.

2. ඔබේ අරියාදු කරැවන්ට අවශ්‍ය කුමක්ද යන්න සිතා බලන්න. ඔවුන් එසේ හැසිරෙන්නේ ඔබව ඔවුන්ට තර්ජනයක් ලෙස පෙනෙන නිසා. හැකිනම් ඔවුන්ට තර්ජනයක් ලෙස නොපෙනෙන පරිදි හැසිරෙන්න. නමුත් බොහෝවිට එය කළ නොහැකියි, ඔබ ඔවුන්ට වඩා රෑමත් නම් විරෑපී වෙන්න බැහැ වගේම දක්‍ෂ නම් මෝඩයෙක් වගේ රඟපෑමට බැහැ. අරියාදු කරැවන්ට පෑහීමට ඔබේ ගුණාoග අත්හැරීම නොවේ මෙහි අදහස. ඔබට පුළුවන් අරියාදු කරැවාගේ අසාර්ථක රාජකාරි වැඩක් විවේචනයෙන් වළකින්න, ඒවගේම එය සාර්ථක කරගැනීමට උදව් කරන්න. සමහර අරියාදු කරැවන් මෙසේ මෛත්‍රියෙන් කටයුතු කර පාලනය කළ හැකියි. 

3. සියළුම සාක්‍ෂි එකතු කර ගන්න. සිදුවීම් දින වකවානු සහිතව පොතක සටහන් කරන්න. නීත්‍යානුකූල නම්  ඊමේල්, ඡායාරෑප, වීඩියෝ, සහ සoවාද පටිගත කර ගන්න.

4. වැඩිපුර වැඩ කිරිම නවත්වන්න, ප්‍රශoසා බලාපොරොත්තු වෙන්නත් එපා, අරියාදු කරැවන්ගේ ක්‍රියාවන්  වලට ඔබේ හිත රිදවිය නොහැකි පරිදි හිත දැඩි කර ගන්න. තම පවුලේ අය පිටින් කේන්තිය පිට නොකරන්න. හැකිනම් පවුලේ අයට ඔබ ඉන්න තත්වය පවසා ඔවුන්ගේ emotional සහයෝගය ලබාගෙන ඔබේ පීඩනය අඩු කරගන්න.

5. ප්‍රමාණවත් සාක්‍ෂි එකතු කරගත් පසු අරියාදු කරැවන්ව කළමනාකාරීත්වයට නිරාවරණය කරන්න හැකියි. මෙහිදී සoවේදී වී අඬා දොඩාගෙන කලමනාකාරීත්වය හමුවට යන්න එපා, ඊට වඩා professional විදියට හැසිරිය යුතුයි. මෙතනදී අරියාදු කරැවන් නිසා ඔබට ඇති කරදර නෙමෙයි කළමනාකාරීත්වයට කිව යුත්තේ, මොකද එය ඔවුන්ට වැදගත් නැහැ. අරියාදු කරැවන් නිසා ආයතනයට සිදු වන අපකීර්තිය සහ පාඩුව ගැන පමණක් කලමනාකාරීත්වයට අවධාරණය කරන්න. හැබැ‍යි ඉතින් ඒ තරම් බලාපොරොත්තු තියාගන්න එපා, මොකද කළින් කිව්ව වගේ කලමනාකාරීත්වයේ උදව් නැතුව අරියාදු කරැවන් පවතින්නේ නැති නිසා.

ඔබ රැකියා ස්ථානයේ අරියාදු කරැවෙක්ද?

"කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියනවනෙ. ඒක තමා මේ ලෝකයේ ධර්මතාවය, ඔබේ ආගම හෝ විශ්වාසය කුමක් උනත්. මගේ මපොගෝ සිoහයන්ගේ ලිපියේ කියැවුනු Mr.T දරැණු ලෙස අනිත් සිහයන්ව මරා දැමූ සිoහ රජෙක්, ඒත් වෙලාව ආවම සෙලටි සිoහයන්ගෙන් මැරැම් කෑවෙත් අතිශය දරැණු විදියට, සෙලටි සිoහයො Mr.Tව එකපාර මැරැවෙ නෑ, පසුපස paralyze කරලා Mr.Tව immobilize කරල පණපිටින් වද දීල පැය ගණනක් දුක් විඳල මැරෙන්න ඇරියෙ. ඒක තමා ලෝක ස්වභාවය. එදා මාව bully කරපු අය අද ඉන්න තත්වය දැක්කම දුක හිතෙනවා. ඔබ අන් අය විපතේ හෙලා සතුටුවන කෙනෙක් නම් එය අසාමාන්‍ය මානසිකත්වයක් බව තේරැම් ගත්තොත් සහ එයට පිළියම් ලබා ගත්තොත් ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසනයන් වලකා ගැනීමට ඔබට හැකි වේවි.

මෙම ලිපිය ලිවීමට පාදක කරගත්තේ Workplace Bullying Institute ආයතනයේ වෙබ් අඩවියයි. ඔබට මේ ගැන වැඩි විස්තර එම වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. https://www.workplacebullying.org/individuals/problem/being-bullied/

ඡායාරෑපය අන්තර්ජාලයෙන්- https://d2aijf0p2rhda8.cloudfront.net/5a858e59-3a68-4581-a653-58665695be85.jpg (10/8/2019)










Friday, October 4, 2019

කුඩා කිරිකු සහ නපුරැ මන්තරකාරියගේ අන්දරය (Kirikou and the Souceress)

කිරිකු උපන් ගම (http://creativeroots.org/wp-content/uploads/2011/09/African-folktale-Kirikou-and-the-Sorceress-.png) (10.1.2019)

ඔන්න එකෝමත් එක කාලෙක ඈත ඈත අප්‍රිකාවේ කුඩා ගම්මානයක දුගී පැලක ජීවත්වුනු ගැබිනි කාන්තාවකට දවසක්දා කුළුඳුල් දරැ පැටියා ලැබෙන ලකුණු පහල වුනා. ඒත් ඇයට උදව්වටවත් කවුරැවත් ආවේ නෑ, අඩුම තරමේ ඇගේ සැමියාවත් ලඟ පාතක නෑ. මේ කාලය වෙද්දි කරබා කියන මන්තරකාරියගේ ශාපය වැදී ඒ කුඩා ගම්මානය ආලපාළු වී තිබුනේ. ගමට තිබුනු එකම ජල උල්පත සිඳිලා, ගැහැනුන්ට වතුර සොයාගෙන බොහෝ දුරක් යන්නට සිදු වුනා. මේක මන්තරකාරියගේ ශාපයක් නිසා සිද්දවුනු දෙයක්ළු. ඒ විතරක්ද, කිරිකුගේ පියා ඇතුළු ගමේ සියලුම පිරිමින් පාහේ  මන්තරකාරිය සමග සටනට ගොස් අතුරැදන් වෙලා. ආරoචියෙ හැටියට නම් මන්තරකාරි එයාලව මරාගෙන කාල. ගමේ පිරිමි ටික නැතිව වගා පාළු වෙලා, ආරක්ශාව නැති වෙලා, දරැවන්ට මොනවහරි කන්න දෙන්න අම්මලාට දහදුක් විඳින්නට වෙලා, කොටින්ම ගමම කඩා වැටෙන්නට ඔන්න මෙන්න වගේ. මුළු ගමම බයෙන් වේදනාවෙන් තැතිගෙන තිබූ නරකම කාලයකදී තමයි ඇයට දරැවා ලැබෙන්නට ආසන්න වෙන්නේ, ඉතින් ඒකයි ඇය ලඟ අද කාත්කවුරැවත් නැත්තේ. ගමේ ඉතිරිවුනු පිරිමි කීපදෙනා අතර සිටින ඇගේ බාලම සහෝදරයා අද යනවා මන්තරකාරි සමඟ සටනට. ඇයට හිතෙන්නෙම අනිත් පිරිමින්ට උනා වගේ ඔහුත් මන්තරකාරියගේ තවත් එක් කෑම වේලක් වේවි කියල. එහෙම හිතල දුක් වෙවී ඉන්න අතරවාරේ තමයි ඇයට විළිරැදා හැදෙන්නේ.

දරැ ප්‍රසූතියෙන් පස්සේ ඇය දකිනවා ඇගේ දරැවා සාමාන්‍ය දරැවෙකුට වඩා ප්‍රමානයෙන් ඉතා කුඩා බව. ඇයව පුදුමයට පත් කරමින් දරැවා ඉපදිච්ච ගමන්ම කතා කරන්නට පටන් ගන්නවා. දරැවා ඇයට කියනවා ඔහුගේ නම "කිරිකු" කියලා. දරැවා අහනවා තාත්තා කොහේද කියලා. ඉතින් අම්මට කරබා මන්තරකාරිය තාත්තව මරාගෙන කාපු බව කුඩා කිරිකුට කියන්නට සිදු වෙනවා. අම්මගෙ බාලම සහෝදරයා අද මන්තරකාරිය සමඟ සටනට යන බව අසා දැනගත් කිරිකු තම මාමා සමඟ කරබා මන්තරකාරිය බැහැ දැකීමට යන්න තීරණය කරනවා. ඉතින් මේ කුඩා සිරැර නිසා ගමේ හැමෝගෙම හිනාවට ලක් වන කිරිකුට පුළුවන්ද මන්තරකාරි මෙල්ල කරන්න?
කිරිකු සහ කරබා මන්තරකාරිය (http://blog.acis.com/wp-content/uploads/2016/06/kirikou-et-la-sorciere.jpg) (10.1.2019)

මා නැරඹූ මානවදයාවෙන් සහ යහපත් පරමාදර්ශයන්ගෙන් අනූන මේ කාටුන් චිත්‍රපටය ඉතාම රසවත් සහ ගුණාත්මක නිර්මාණයක්. Rotten Tomatoes නම් ලොව ප්‍රමුඛ පෙලේ දර්ශකය අනුව 96% ලකුණු ලැබූ මේ කතාව බටහිර අප්‍රිකානු ජනකතාවකට අනුව මයිකල් ඔසෙලොට් අධ්‍යක්‍ෂනය කර 1998 දී බිහිවුනු ප්‍රoශ නිර්මාණයක්. ඔබට YouTube මඟින් එය නැරඹීමට හැකියි. අවුරැදු විස්සකට වඩා පරණ වුවත් රසයෙන් කිසිම අඩුවක් නැති මේ කතාව ඩිස්නි කාටූන්/ඇනිමේශන් චිත්‍රපටි වලට වඩා මම හරිම ආසාවෙන් නැරඹූ කතාවක්.

මේ කාටුනයේ ඇති අප්‍රිකානු ගමේ මිනිසුන් සහ එහි ගහකොළ සතා සීපාවා පවා ඉතාම තාත්වික ලෙස නිර්මාණය කර තිබෙන අයුරැ ප්‍රශසනීයයි. ගහකොළ ඇත්තටම අප්‍රිකානු ඒවා හදාරා නිර්මාණය කිරීමේදී කුඩා details වලට පවා අවධානය දී ඇති බව පෙනෙනවා. එමෙන්ම ඉතාම සුන්දර අප්‍රිකානු ගැමි සoගීතය මෙම කතාවට යොදාගෙන තිබෙනවා. සමහර අප්‍රිකානු සමාජවල වගේ මේ කතාවේ කාන්තාවන්ගේ උඩුකය නිරැවත්, නමුත් බුද්ධිමත් ඔබ එය පටු චින්තනයෙන් එය වරදවා වටහාගෙන ඔබේ දරැවාට මෙවැනි අගනා ජාත්‍යන්තර නිර්මාණ රස විඳීමට බධාවක් කර නොගනී යැයි සිතනවා. කිරිකුගේ හපන්කම් සහිත තව ලස්සන චිත්‍රපට දෙකකුත් තිබෙනවා, ඒවා තමයි Kirikou and the men and women සහ  Kirikou and the wild beasts.





ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...