Monday, March 23, 2020

කොරන්න බැරි දේ කොරවන්න ආපු කොරෝනා - උපුටා ගැනීමකි


Image may contain: text


සතුන් මැරීම කොරෝනා බොහෝසෙයින් වළකන ලදී

අන්සතු දේ තම අතින් ගැනීම කොරෝනා බොහෝසෙයින් වළකන ලදී

කාමයෙහි වරදවා හැසිරීම කොරෝනා බොහෝසෙයින් වළකන ලදී

සත්‍යය සඟවා මුසාබස් දෙඩීමට කොරෝනා විපතක්ම ගෙන දෙයි. තැන තැන කල්ලි ගැසී ඕපාදූප, කේළම් කීමටද කොරෝනා විපතක්ම ගෙන දෙයි.

මත්පැන් මත් ද්‍රව්‍ය දුම් පානය කරන්නන්ටද කොරෝනා විපතක්ම ගෙන දෙයි

ඒ විතරක්ද ?

මෙයින් ගැළවිය හැක්කේ දුප්පත් පෝසත් උස් මිටි භේද අතහැර හැමෝම එකට වැඩ කලොත් පමණි

කවදාවත් නොසිතූ ලෙස පාරිභෝගිකයන් අඩු වී ව්‍යාපාර  වලට පාරිභෝගිකයන්ගේ අගය දැනී ඇත (මතකද යුනයිටඩ් එයාර් ලයින්ස්  වෛද්‍යවරයෙක්ව බලහත්කාරයෙන් ගුවන් යානයෙන් ඇද දැමූ යුගය https://www.npr.org/sections/thetwo-way/2017/04/10/523275494/passenger-forcibly-removed-from-united-flight-prompting-outcry)

ධනපතියන්ට මුදල් ආහාරයට ගත නොහැකි බව තේරී ඇත

සෑම හෙම්බිරිස්සාවකටම සිංගප්පූරු දුවන්ඩ බැරි බවත්, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය අප වැනි දුප්පත් රටකට අත්‍යාවශ්‍යම ආයෝජන බවත්, කොම්පැණි ගැටවලට අහු නොවී අපේ ශරීරය පුළුවන් උපරිම සෞඛ්‍ය මට්ටමින් පවත්වාගෙන යෑම වැදගත් බවත්, රට කරවන ඇත්තන්ට සහා ඔවුන් බලයට පත් කරන මහජනතාවට "කොරෝනා" අවබෝධ කර දී ඇත

මිනිසුන්ට තම නිවසේ වටිනාකම තේරී ඇත

නොමැරෙන ලෙස ජීවත් වූවන්ට මරණ භය තේරී ඇත

මේ ලෝකය මෙපමණකල් පැවතී ඇත්තේ කොතරම් සියුම් බිඳෙනසුළු අස්ථාවර සමතුළිතතාවයකද යන්න කොරෝනා අපට පෙන්වාදී ඇත

බලමුකො ඒකෙත් හැටි!

Sunday, March 22, 2020

කොරෝනා පැතිරීම වැළකීමට අදහසක්

ගෙදර හාල් පරිප්පු ඉවරද? ආහ් මිරිස් කුඩු ඉවරයි! අම්මගෙ බෙහෙත් ටික ගන්න අමතක උනාද පෙරේද? දැන් ගාල කඩාගෙන දුවන්නද හිතං ඉන්නෙ හෙට?

මේ ලිපිය ඔබේ පවුලෙ ඉන්න තරුණම, ශක්තිමත්ම, නිරෝගිම පුද්ගලයට දෙන්න කියවන්න.

1. දැන් ඔයා තමා පවුලෙ ඉන්න තරුණම, ක්‍රියාශීලීම, ඉවසිලිවන්තම කෙනා! දැන් ඇත්තටම හෙට ගෙදරින් එලියට යන්න ඕනෙද? උත්තරේ ඔව්ද? එහෙනම් ඔයා විතරයි හෙට ගෙදරින් එළියට යන්නෙ. තේරුණාද? මුලින්ම ඔයා ගෙදර වෙනම තැනක් හොයා ගන්න ඕනෙ ඉන්න (වෙනම කාමරයක් තියෙනව නම් හොඳයි). හෙට මුළු පවුලම එළියට දුවල හරියන්නෙ නෑ. මුලින්ම පවුලෙ ඉන්න වයසකම අයව පොඩ්ඩක් ඔයාගෙන් ඈත් කරල තියන්න ඕනෙ (අම්ම, තාත්ත, ආච්චි, සීයා, නැන්දා, මාමා), තව පොඩිම බබලත්. ගෙදර වෙනම කාමර තියෙනව නම් ඒ ගොල්ලන්ව වෙන් කරල තියන්න. දැන් වගකීම ගැන හිතන්න. ඔයාගෙ පවුලෙ කවුරු හරි කොරෝනා නිසා මළොත් ඒ ඔයා නිසා! මේක විහිළුවක් නෙමෙයි!

2. දැන් මාස්ක් එකක් හොයාගන්න. රෙදි මාස්ක් එකක් උනත් කමක් නෑ. එහෙමත් නැත්නම් හොඳ ලොකු ලේන්සුවක් හොයා ගන්න. ඒකෙ එක පැත්තක මැකෙන්නෙ නැති තීන්ත එකකින් ලකුණක් දාගන්න (නැත්නම් මැහුමක් දාගන්න). මීට පස්සෙ ඒ ලේන්සුව මුකවාඩමක් විදියට පාවිච්චි කරන්නෙ, ඒ ලකුණ දාපු පැත්ත එළියට. හරිද? ඔන්න මාරු කර කර දාන්නෙ නෑ.

3. තව අත හෝදන 70% ඇලිකොහොල් බෝතලයක් හරි, අර අත් පිරිසිදු කරන Hand Sanitizer එකක් තියෙනව නම් සාක්කුවෙ දාගන්න. එහෙම එකක් නැත්නම් කමක් නෑ. දැන් තමන් ගාව තියෙන රෙදි මල්ලත් අරගෙන පිටත් වෙන්න.

4. දැන් යන තැන් ටික හිතුවද? එහෙට මෙහෙට වාත වෙන්නෙ නැතුව කෙටිම පාරකින්, ඉක්මනට වැඩේ කරගන්න පුළුවන් විදියක් හිතන්න. බස් වල නොගිහිං පයින් යනදුරෙන් තියෙන කඩේකින් බඩු ටික ගන්න බලන්න.

5. ආහ් ATM එකට යන්න ඕනෙ? යන්නෙ බස් එකේද? හරි එහෙනම් මිනිස්සු අඩු එකකට නගින්න. පුළුවන් ඔක්කොම මිනිස්සු කතා වෙලා බස් එකේ එක පැත්තකට විතරක් හැරිල හිටගන්න. මුලින්ම යන්නෙ ATM එකටද? සල්ලි ගත්තට පස්සෙ ATM එක ළඟ තියෙන Hand Sanitizer එකෙන් අත් පිරිසිදු කර ගන්න.

5. දැන් බඩු ගන්න තැනට යන්න, ඔය මූණෙ බැඳන් ඉන්න මුකවාඩම ගලවන්න - ආපහු දාන්න ඔට්ටු නෑ! ආපහු ගෙදර එනකල් අල්ලන්නවත් හරිගස්සන්නවත් තහනම් හොඳද? හැඩ බලන්නත් බෑ. බඩු ගන්න පෝලිමේ ඉන්නකොට මිනිස්සු එක්ක කතා කරල බලන්න හැමෝම මීටරයක දුරක් තියල පෝලිමේ ඉන්න. ඉක්මනට බඩු ටික අරං ගෙදර එන්න.

6. හෝව්, එහෙම කඩාගෙන බිඳගෙන ගෙට එන්න බෑ. මුලින්ම සපත්තු දෙක ගලවන්න. ඊට පස්සෙ අත කකුල් හොඳට සබන්දාල හෝදන්න. දැන් මුකවාඩම ගලවල ඒකයි, ඔක්කොම ඇඳමුයි වෙනම හෝදන්න. බඩු ගෙනාපු හිස් රෙදි මල්ලත් හෝදල දාන්න. ඊට පස්සෙ නා ගන්න.

7. ඒ ගෙනාපු බඩුත් (හෝදන්න පුළුවන් ඒවා තියෙනව නම් ඒවත් හෝදලා) තියන්න. ඔයා ඉතිං අනිත් අය බොන කෝප්ප වලින් වතුර බොන්න, ඒ අයව බදාගන්න - ඉඹින්නෙ නැතුව ඉන්න බලන්න. ඔබට තරුණ බව - ශක්තිය ලැබීමත් එක්ක ලොකු වගකීමකුත් ලැබිල තියෙනවා! ඔයා මේ දේවල් කරන්නෙ තමන්ගෙ පවුල බේරගන්න.

ආයෙ දවසක එළියට යන්න උනොත්, ඒත් ඔයා තමයි යන්න ඕනෙ, වෙන අය යන්නෙ නෑ. ඒකටත් ඉතිං ඔයා නිරෝගීව ඉන්න ඕනෙ. තේරුණාද? පණ්ඩිතයෙක් වෙන්නත් එපා, මෝඩයෙක් වෙන්නත් එපා, වීරයෙක් වෙන්න දඟලන්නත් එපා! වගකීම විතරක් ඔළුවෙ තියාගන්න.

ඒ. ඒ. තසුන් අමරසිංහ සහ වෛද්‍ය දුලාජ් රණසිංහ

https://www.facebook.com/RADULAJ?__tn__=%2CdlCH-R-R&eid=ARChEZ_BFyy3azMqgr-pbKhqf5JKSb6XN-DgUw6BZFG3RyAO2OGG-BfoJ8R7Mbgn8b9FdIh1Yi0mMAVP&hc_ref=ARQ1J5yXLaz8u_qXVzPyox6caVeCP-U1SgiM2pSkzbgb4DhHRBwsJIa3_Nu2QT72B4c

Monday, March 16, 2020

කොරෝනා වෛරසය ජයගැනීමට මහජනතාව වන අප විසින් කල යුතු කාර්යභාරය

No photo description available.

පසුගිය සති කිහිපයේ ශ්‍රී ලoකාවේ සෞඛ්‍ය සහ ආරක්ශක අoශ වල සියලුම දෙනා කොරෝනා වෛරසය මර්ධනයට බොහෝ ප්‍රශoසනීය කාර්‍යභාරයක් ඉටු කල බව අප අවිවාදයෙන් පිළිගත යුතුය. වෙන මුකුත් සාක්ශි අවශ්‍ය නෑ බලන්න ඉහත ඡායාරෑපයේ ආරක්ශක අoශ වල තරැණයන් දෙස. මම යෝජනා කරනවා පිටරට ඉඳල ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානවල ඉඳල යද්දි ආරක්ශක අoශයට මේ පහසුකම් ඉදිරියටත් පවත්වා ගැනීමට රැපියල් දහදාහක්වත් දීල යන්න. ඕක කොච්චර කාලයක් නොමිලේ කරන්නද? අනික සල්ලි නැති මිනිස්සු නෙමේනෙ නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නෙ. විශේෂයෙන්ම කොරෝන නිසා රටේ ආර්ථිකයට දරැණු බලපෑම් විය හැකි අවස්ථාවකදී ඔපමණ ආත්මාර්ථකාමී වෙන්න එපා.

Image may contain: 1 person, closeup
බලන්න ඉහත ඡායාරෑපය දෙස, පැය ගණනාවක් personal protective equipment පැළඳගෙන රෝගීන් වෙනුවෙන් කැප වුනු චීන හෙදියකගේ මුහුණ දෙස. මට මහජනතාවගෙන් ඉල්ලා සිටීමට තියෙන්නෙ වෛද්‍යවරැ ඇතුළු රෝහල් කාර්‍ය මණ්ඩලය අනවශ්‍ය ලෙස වෙහෙසට පත් කරන්න එපා. අධික පීඩනය, නිදි මැරීම, අධිකව වැඩ කිරීමට සිදු වීම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිය හීන වී දරැණුවට කොරෝනා වැළඳිය හැකියි. ඇමරිකාවේ වෛද්‍යවරැ දෙදෙනෙක් දරැණුවට කොරෝනා වැළදී අසාධ්‍ය තත්වයේ ඉන්නේ (මේ වන විට ඇමරිකාවේ අසූ ගණනක් කොරෝනා වැළදී මිය ගිහින්). ඉතාලියේත් චීනයේත් වෛද්‍යවරැ  ගණනාවක් මිය ගියා. ඒ නිසා කරැණාකරල වගකීම් සහගතව හැසිරී කොරෝනා ආසාදිතයන් ගණන අවම කර ගැනීමට උත්සහ කරමු, නැතිනම් වෙන්නේ ප්‍රමාණවත් රෝහල් කාර්‍ය මණ්ඩලයක් නොමැතිව මිනිස්සුන්ව මැරෙන්නට හැර බලා සිටීමටයි.  දේශපාලකයන් කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියල, හිතාගෙන හිටියෙ තමන්ට කෙළ වුනාම සිoගප්පූරැ යන්නනෙ, දැන් කොහොමද?

No photo description available.

ඊලඟ කාරණය තමයි මේ වෙලාවෙ පැත්තක ඉඳල ලකුණු දාගන්න හදන හොර වෙද්දුන්ව කරේ තියාගෙන ඇත්තටම සෑහෙන්න මහන්සි වෙන රෝහල් කාර්‍ය මණ්ඩල පොඩ්ඩ වැරදුනාම විවේචනය කරන්න එපා. ෆේස් බුක් එකේ බේත් වට්වෝරැ දමන යූ ටියුබ් එකේ පොර ටෝක් දෙන හොර වෙද්දුන්ට අහු වෙලා අමාරැවෙ වැටුනම රෝහල් වලට යන මිනිස්සු අපි. ඔය එක හොර වෙදෙක් අට පාස්ද උන්ගෙ ළමයි ගෑනු අසනීපෙකට උන්ගෙන් බේත් ගන්නවද, මම හොයල බැලුව දෙතුන් දෙනෙක් ගැන. උත්තරය තමයි නැත යන්න. තවත් එකක්, සිoහල බේත් කියල හොර වෙද්දු දෙන බැර ලෝහ වස විස ආදිය දැමූ කසාය ගුළි අරව මේව කොන්දෙ අමාරැවකට බිව්ව මගේ මාම කෙනෙක් අද දරැණු අක්මා රෝගියෙක්. කවදාවත් මත්පැන් නොගත් ඔහුට සිරෝසිස්. ඔය සිoහල බේත් බොන අනිත් අයත් වසරකට වරක් වත් ලේ ටෙස්ට් කරල liver function එක අවුල්ද කියල බලා ගන්න.

ලoකාවේ තත්වය (අඩු තරමින් දැනට) ඇමරිකාවට වඩා ඉදිරියෙන්. ඇමරිකාවේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රය තනිකරම ලාභ ලැබීමේ අරමුණින් ක්‍රියාත්මක වන නිසා ඇමරිකාවේ මිනිසුන්ට ලොකු අවදානමක් ඇති වෙලා. බලන්න පහත විස්තරය දෙස. ඔබ සතුටු වෙන්න ලoකාවේ සෞඛ්‍ය ක්ශේත්‍රය ගැන. ඒවගේම එය රැකගන්න. අපි කලින් සිදු වූ වැරදි හදාගෙන කොරෝනා අභියෝගය ජය ගනිමු.

Kayla Woodward said:

I called my primary this morning to talk to them about it; she asked me three basic questions, and my answers raised an alarm. Unfortunately, her office is not equipped for testing, as are MOST doctors offices. She strongly suggested I go to the ER to get tested.

We go to the ER, and I am greeted at the door by masked staff. They ask me similar questions; I answer, and they hand me a mask and send me to get checked in. Then we wait.

I’m seen fairly quickly for an ER trip, about half an hour. A nurse takes my blood pressure. A doctor sees me at the nurse’s station, asks me more questions:

Chest pains/labored breathing? Check. Fever? Check. Sore throat? Yup, check again. Have you come in direct contact with somebody that has been diagnosed with COVID-19? Uhhh, how would I know?

“We’ve been in and out of casinos to go to restaurants, and we went to the movies on Sunday. Also, my husband works in a busy bar and comes into contact with tons of people.”

“Well, since you haven’t knowingly come into contact with somebody with the virus, we consider you a low risk and will not test you. But you need to observe self-quarantine protocol.”

Instead, they take a nasal flu swab and encourage me to get a chest x-ray. I decline because, hey, excuse me, I don’t have health insurance. I wish I had declined the flu test, too.

We wait. I get called back to do my paperwork for my visit. I am being charged $1500 for my services. And that’s just the hospital bill; I will be receiving a separate bill from the doctor. The doctor who stood and asked me questions for less than 2 minutes and left.

I almost have no words. The only reason we came here is because the CDC claimed that COVID-19 testing would be free and available to ALL Americans, regardless of insurance status. But here’s the catch: if they refuse to test you, they can and will still charge you.

And you will leave with no answers.

Here’s what’s wrong: it’s possible that I have it, and it’s possible that I don’t. But I won’t ever know. How can we stop the spread of this virus if this is the quality of care that we’re being offered?

It is, quite literally, fucked.

But I will, of course, abide. I will be holed up at home, trying to get better, knowing no more than I did this morning.

Stay safe, everybody.

**UPDATE** 03/16/20

I have been diagnosed with respiratory syncytial virus (RSV) by an ER doctor. The symptoms mimic that of COVID-19: fever, sore throat, shortness of breath, chest pain/pain in lungs when breathing, etc. It is common in babies and small children (weird!), and, in adults, is essentially cured with self-care, NSAIDs, and rest. I should feel better within the next week, week and a half.

After pressing the doc, I have been assured that COVID-19 is unlikely to exist alongside another viral infection. Assured, and urged to stay home and rest and get well.






Saturday, March 14, 2020

නිරෝධායනයට විරැද්ධවූ කාළකන්ණින්ට වචනයක්

No photo description available.

වෙන රටවල නීති රීති වලට ඔළුව නමාගෙන ඉඳල ලoකාවට ආපු ගමන් නිලධාරීන්ට පුප්පමින් නීති රීති කඩකරන මොළේ නැති අන්තිම ආත්මාර්ථකාමී කාළකන්ණින් විශාල දඩයකට යටත්ව බරපතල වැඩ සහිතව මාස දෙකක්වත් හිරේ දමන නීති සැකසිය යුතුයි. රැපියල් 7500 කියන සුළු මුදල ගෙවන්න බැහැ නොමිළේ quarantine එකේ ඉන්න ඕනලු. නොමිළේ දෙන හැමදේටම අන්තිමේ වියදම් වෙන්නෙ ලoකාවෙ අමාරැවෙන් එදා වේල කන දුප්පත් මහජනයගෙ සල්ලි. එහෙම කරලත් සැප මදි වෙලා. ලoකාවටත් කොරෝන බෝ කරනකම් නින්ද ගියේ නෑනෙ. ඔබට සතුටුයිද දැන් ? 

Image may contain: ‎possible text that says '‎ඉතාලියේ, කොරියාවේ ඉඳලා ආපු මිතුරනි, අපි පිටරට යන්න කලින්, ලංකාවේ බත් කාලා, පාරේ බස් එකේ ගිහිල්ලා, අමාරුවෙන් ජීවත් වෙලා, එකට හිටපු එවුන්. අවුරුදු දෙක තුනක් පිටරට ඉඳලා ඇවිත්, ලොකු සීන් Oii එපා!! ההאהצומות මේක දුප්පත් රටක්, අපිත් බේරිලා, රටත් බේරගන්න තරම් මානුෂික වෙයල්ලා!!! අඩුපාඩුවක් උනත් ඉවසලා, අවධානම ඇත්තේ තමුන් ලඟයි කියන දේ විතරක් අමතක නොකර කටයුතු කරපල්ලා. 100‎'‎

Friday, March 13, 2020

A Prayer for Pandemic

May we who are merely inconvenienced remember those whose lives are at stake.
May we who have no risk factors remember those who are most vulnerable.
May we who have the luxury of working from home, remember those who have to choose between preserving their health and making their rent.
May we who have the flexibility to care for our children when their schools close, remember those who have no options.May we who have to cancel our trips, remember those who have no safe place to go.May we who are losing our margin money in the tumult of the economic market, remember those who have no margin at all.May we who settle in for a quarantine at home, remember those who have no home.As fear grips our country, let us choose love.During this time when we cannot physically wrap our arms around each other, let us yet find ways to be the loving embrace of God to our neighbor.AMEN!


-Red Letter Christians UK

Also, lets take care of our friends, neighbors, and family who face drastic economic impact as a result of this pandemic.

Thursday, March 12, 2020

සුනාමියේදී සිදුවූ ඛේදවාචකය කොරෝනා වසoගතයේදී නොවනු පිණිස..

Image may contain: text that says 'වෙන රටවලට ප්‍රශ්නයක් ආවම ඒක විතරයි විසඳන්න තියෙන්නෙ. ලංකාවට ප්‍රශ්නයක් අවම ප්‍රධාන එකට විසඳුම දෙන්න හදන කොට මෝඩයෝ එකතු වෙලා අතුරු ප්‍රශ්න 1000 විතර හදනවා. පැනියා'


සුනාමි ඛේදවාචකයට ලoකාව මුහුණ දීමට පෙර දවසකට වතාවක්වත් මුහුණු පොතේ සහ අතන මෙතන අහපු දැකපු කතාවක් නම් අපගේ අති රමණීය blessed රට ගිනි කඳු, භූමි කම්පා ආදී කිසිම ස්වභාවික විපතකට ලක් නොවේ, ඒ පින් මහිමයෙන්, දේව බැල්මෙන්, සුවිශේෂී පිහිටීම, බුදුන් වැඩිය නිසා අරක නිසා මේක නිසා etc., අනේ අපි මොනතරම් වාසනාවන්තද මේ වාසනාවන්ත රටේ ඉපදෙන්නට කියායි. විශේෂයෙන්ම වෙනත් රටක් ස්වභාවික ආපදාවකට පත් වූ විට මෙවැනි පෝස්ටු මහා පරිමාණයෙන් share කර ගනිමින් සහ ඕකුන්ට හොඳ වැඩේ යැයි යටි හිතින් සිතමින් කුහක කාළකන්නි සතුටක්ද ලැබූහ. අහෝ ඛේදයකි, කිසිම රටක පිහිටීම ideal නැති බව පසක් කොට දෙමින් ස්වභාවධර්මයා ඇති කල සුනාමියෙන් වාර්තාගත විනාශයක් ලoකාවට සිදු විය. එවිට අනිත් රටවල මිනිස්සු ලoකාවේ නොඉපදී ඒ රටවල ඉපදිච්ච එක මොනතරම් හොඳද කියමින් පෝස්ටු දැමුවේ නැත, පුළුවන් හැටියට ආධාරද කලේය (අපේ අයියලා ඒ ආධාර යටිමඩි ගසා ගත් එක වෙනම කතාවකි). ඉන් පසු එවැනි පෝස්ටු හුවමාරැ වීම වාර්තාගත ලෙස පහල ගියේය. මෙම කරැණ සඳහන් කලේ ideal සහ real තත්ව දෙක ලාoකිකයන් විසින් පවලවාගත් සහ එසේ පටලවාගෙන විශාල විපතකට කිසිම පෙර සූදානමක් නැතිව මුහුණදුන් ආකාරය සඳහන් කිරීමටය.
Ideal: ලoකාවේ කිසියම් සුවිශේෂ මෙව්වා එකක් නිසා කිසිම ස්වභාවික විපතකට ලක් නොවේ.
Real: භූගෝලීය වෙනස්කම්, දේශගුණික විපර්‍යාස ආදිය නිසා ඕනෑම රටක් ඕනෑම මොහොතක ස්වභාවික විපතකට ලක් විය හැක.
Remarks: ලoකාවට අමුතු මෙව්වා එකක් නිසා මුකුත් නොවේ යන ෆැන්ටසියෙන් මිදී දැන් ලඟ පාත භූ කම්පනයක් සිද්ද උන ගමන් සුනාමි අවදානම සොයා බලති. ඕක එදත් කලා නම් විපතේ ප්‍රමාණය සෑහෙන්න දුරට අඩු කර ගත හැකිව තිබුනි. කමක් නෑ වැරදීම් වලින් ඉගෙන ගැනීමත් හොඳ ඉගෙන ගැනීමේ ක්‍රම වේදයක්.

 හැබැයි ඒ පාඩම ඉගන ගත්ත පාටක් නැහැ වගේ. දැන් කොරෝනා වසoගතය ලෝකය පුරා පැතිර යමින් පවතී. මේ ලෝකෙන් උතුම් රට මෝඩ  ආතල් එක නැවතත් දරැණුවට හිස ඔසවා ඇත.  දියුණු රටකට වඩා ලoකාවට කොරෝනා වසගතයෙන් අති විශාල විපතක් විය හැකියි. ඒ ඇයි?

1) Infra structure එක චාටර් වීම: දොස්තරලටත් PPE නෑ කියන එකෙන්ම ඒක තේරෙනවනෙ. කොරෝන හැදුනම හොඳ කරන්න critical ලෙඩාව බොහෝ විට ICU දාන්න වෙනවා. බලන්න අද නිල දත්ත දිහා. ලෝකයේ රෝගීන් 132 995 දෙනෙකු අතරින් 4946 මිය ගිහින් 68691 සනීප වෙලා. ඉතිරි රෝගීන් 59 158න් 53 319ක් ජීවිත අවදානම අඩු තත්වයේ නමුත් 5839ක් critical තත්වයේ. Critical තත්වයේ රෝගීන් බේර ගන්න සෑහෙන පහසුකම් ඕනෙ. ලoකාවේ රෝහල්වල එතරම්  විශාල රෝගී මිනිස්සු ප්‍රමාණයකට එතරම් පහසුකම් තියෙනවද?

2) Immune compromised people: කොරෝන දරැණුවටම හැදෙන්නෙ ප්‍රතිශක්තිය දුර්වල අයට සහ ඇතැම් නිදන්ගත රෝග (දියවැඩියාව, ප්‍රෙෂර්, හාට් ආදී) ඇති අයට. ප්‍රතිශක්තිය දුර්වල වීමට සමබල ආහාර නොලැබීම, වස විස ආහාර (කෘමි නාශක, ආහාර බාල කරන නොයෙකුත් දේ) ආදිය බලපානව.ඇයි මත්පැන් මත් ද්‍රව්‍ය සහ දුම් පානය ප්‍රතිශක්තිය දුර්වල කරනව. ඉතින් ලoකාවෙ මිනිස්සුන්ට අවදානම වැඩියි.

3) Social distancing not possible:  රටේ බහුතරයක් ගමන් බිමන් යන්නෙ පොදු ප්‍රවාහන සේවා වල, දියුණු රටවල වගේ අධ්‍යාපන ආයතන පන්ති කාමරවල උගන්නන එක නවත්වල online උගන්නන්න පහසුකම් නෑ, අධික ජනගහන ඝනත්වය, පොදු දුරකථන ආදිය බහුලව පාවිච්චි කරන නිසා වෛරසය පැතිරීමේ අවධානම වැඩී.

4)  කිසි දෙයක් නිශ්පාදනය කරන්නැති චීනයෙන් ඉන්දියාවෙන් ගෙන්නන නිසා බෙහෙත් සහ අත්‍යවශ්‍ය  ද්‍රව්‍ය ලබා ගැනීම අභියෝගයක්. දැන් දුවගෙන ගිහින් කඩ හිස් කරන්න එපා මොකද ඔබේ අසල්වැසියා රෝගී උනොත් ඔබටත් හැදීමේ සම්භාවිතාව වැඩී.

ලoකාවේ මිනිස්සු සෑහෙන පිරිසක් පට්ට දුෂ්ඨයි පට්ට මෝඩයි, අම්මප සාක්‍ෂරතාවය ඉහළයි කිව්වට මට විශ්වාස කරන්න බෑ. දකුණු කොරියාවෙන් ඉතාලියෙන් ලoකාවට ඇවිත් නිරෝධායනයට සහයෝගය නොදී ගේම ඉල්ලනව මෝඩ වාහෙල ටිකක්, දුන්න මාස්ක් ගලවගෙන වොයිස් කට් දිදී. තව මෝඩ වාහෙල ටිකක් උද්ගෝෂණ කරනව අපේ ගමට නිරෝධායන මධ්‍යස්ථාන එපා කියල, තව මෝඩ වාහෙල ටිකක් සුද්දොන්ව (I mean Chinese) හොඳ කලයි කියල උත්සව තියනව, තව මෝඩ වාහෙල ටිකක් කොරෝන සහිත රටවලින් එන විදේශිකයන්ව කෙළින්ම ඇතුළට ගන්නව, තව මෝඩ වාහෙල ටිකක් අපේ රටේ මැජික් බලෙන් කොරෝන හොඳ වෙනව කියල කිය කිය ආතල් ගන්නව.

පවතින කොරෝනා (හෝ වෙනත් ඕනෑම) වසංගතයක් මැඩ පැවැත්වීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පමණක් වගකීමක් නොවන අතර ඒ හා සමානම වගකීමක් පුරවැසියන් ලෙස ඔබ සැම සතුව පවතී. ඔබේ පෞද්ගලික වගකීම් පැහැර හරින්නේ නම්, ජාතික මට්ටමින් වසංගතය මැඩලීමට අමාත්‍යාංශය ගන්නා පියවර වලින් විශාල ලෙස වැඩක් සිදු  වන්නේ නැත.
ඔබේ පෞද්ගලික මට්ටමේ වගකීම් මොනවාද?
1. සාවද්‍ය තොරතුරු (fake news/ unconfirmed news) පිලිගැනීමෙන් හා බෙදා හැරීමෙන් කරුණාකර වලකින්න. Only one thing travel faster than a virus, that's fear (Dan Brown). අනවශ්‍ය කලබල වීම් වලින් සිදුවන හානිය මිනිය නොහැකි තරම්‍ ය. නිතරම ඔබට ලැබෙන සියලු තොරතුරු විශ්වාස නොකර, වගකිව යුතු ආයතන (eg. Health Promotion Bureau, Epidemiology Unit) මඟින් ප්‍රකාශ කරන තොරතුරු සොයා බලන්න පුරුදු වන්න.
2. අතවශ්‍ය නොවන කාරණයකට හැර, සෙනග ගැවසෙන ස්ථාන වලට නොයන්න. පයින් ගමන් කල හැකි දුරක් නම්, පොදු ප්‍රවාහන භාවිතා නොකරන්න. (ත්‍රිරෝද රථය ද පොදු ප්‍රවාහන ක්‍රමයකි).
3. අතවශ්‍ය කාරණයකට සෙනඟ ගැවසෙන තැන් වලට යාමට සිදු වේ නම්, එකිනෙකා අතර මීටරයක පරතරයක් තබා ගන්න උත්සාහ කරන්න. අතට අත දීමෙන් හෝ වෙනත් ස්පර්ශ ක්‍රම වලින් වලකින්න. Even if you meet prince Charles, he will greet you saying  now
4. හැකි හැමවිටම, විශේෂයෙන්ම පොදු ප්‍රවාහන භාවිතා කිරීමෙන් පසු හා සෙනඟ ගැවසෙන තැන් වලට යෑමෙන් පසු හොඳින් සබන් යොදා අත් සෝදන්න. නිවැරැදිව අත් සෝදන සැටි පිළිබඳ video පට ඕනෑ තරම් youtube හෝ අන්තර්ජාලයේ සොයා ගත හැකිය. පුරුද්දක් ලෙස වැඩට ගිහින් නැවත ගෙදර පැමිනි පසු වෙනත් කෙනෙක් හෝ දෙයක් ස්පර්ශ කිරීමට පෙර අත් නිවැරදිව සෝදන්න.
5. ඔබට ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ (කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හොටු දියර ගැලීම, උගුර රිදීම, උණ ආදී) තිබේනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවන්න. ඒ හැර අනවශ්‍ය ගමන් බිමන් වල නොයෙදෙන්න. එවැනි අය මුඛ ආවරණයක් පලදින්න. කඩෙන් මිලදී ගන්නා මුඛ ආවරණ ඉවර නම් රෙදි වලින් මුඛ ආවරණයක් තාවකාලිකව සාදා ගන්න.
6. ඔබේ නෑදෑයන් හෝ යහලුවන් නිරෝධනයට ලක් කරන රටක සිට පැමිනෙන්නේ නම්, ඔවුන්ට නිරෝධනයට භාජනය වීමේ වැදගත් කම කියා දී ඒ සඳහා යොමු කරන්න.
7. ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍යවරයා ට (MOH) සහ මහජන සෞඛ්‍ය නිලධාරීන්ට (PHI) ක්ෂේත්‍රයේ සිදු කරන ආවරණ කටයුතු (home visits etc) සඳහා ඔබේ උපරිම සහයෝගය ලබා දෙන්න. යම් රෝගියෙකු ඔබේ ප්‍රදේශයෙන් වාර්තා වූ පමණින් අසල්වාසීන් සියල්ලටම රෝගය බෝ වන්නේ නැත. එබැවින් කලබල නොවී ලබා දෙන සෞඛ්‍ය උපදෙස් පිලිපදින්න.
8. ඔබේ රැකියා ස්ථානය මිනිසුන් ගැවසෙන තැනක් නම්, කාර්‍යාලයට එන අය සඳහා ඇතුලු වන තැන අත් පිරිසිදු කර ගැනීමට ක්‍රම වේදයක් සලසන්න. මේ සඳහා ගලා යන ජලය සහ සබන් (sink with a tap and soap) හෝ විෂබීජ නාශක දියරයක් (hand sanitizer) තැබිය හැකියි. එසේම ඇතුලට එන පුද්ගලයන්ට එය භාවිතා කරන ලෙස පවසන දැන්වීම් පුවරු තබන්න. නැතිනම් ඔබේ ආරක්ශ නිලධාරීන් මගින් ඒ  බව එන පුද්ගලයන් හට දැනුම් දෙන්න. එසේම ඔබේ පාරිභෝගිකයන් සමගත් අතට අත දීම නොකරන්න. ආයුබෝවන් කියා ඔවුන්ව පිලිගන්න.
ස්තුතිය!
වෛද්‍ය සුමුදු හේවගේ
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය




ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...