Friday, April 9, 2021

විවාහක රෑ රැජින අලකලoචිය



පුෂ්පිකාගේ ඔටුන්න ජූරී ගලවනවිට රෙද්ද උස්සාගෙන එන, ඒ ඇවිත් ගෑනු අනිත් ගෑනුන්ට වළ කැපීම නරකය කියන උදවිය රෝසි ඇමරිකාවට කේලම් කියන විට හුරේ දමති. හිටපු ලෝක රෑ රැජිනක් වන රෝසි ඊයෙ පෙරේදා ලෝක රෑ රැජින දින්න ජූරී ගේ ඔටුන්න ගැලවීම තරම් බලු කමක් මටනම් තවත් නැත. පුෂ්පිකාගේ තරඟ සහභාගීත්වය ගැටලු ගණනාවක් සහිත එකකි. ඒ අතර මිනිහාගෙන් වෙන් වී තමන්ට වාසි වෙලාවට දික්කසාදයැයි හෝ තාම කසාදබැඳලා යැයි පෙනී සිටීම, දේශපාලනික අරමුණු, දේශපාලනික හයිරම් පෙන්නීම ආදිය වේ. මෙවැනි තරඟයක ගැටළුවක් රට ඇතුලේම විසඳාගෙන සිටියානම් රටේ ගෞරවයට හොඳය. ජූරී ගේ වැරැද්දට රෝසි දුන්න දඬුවම ඉතාම ඊර්‍ෂ්‍යා පරවශ සහ අසික්කිතය. 

ඊලඟට තව සෙට් එකක් දික්කසාද ගෑනුන්ට මේ තරඟය තහනම් වීම ගැන අකම්පාල වෙති. ඒකට  ජූරී පළි නැත. හැමෝටම හැම දෙයක්ම කරන්නට බැරි වීම ලෝක ස්වභාවයයි. ශාරීරික ආබාධ ඇති ගෑනු, උපතින් හෝ ජානමය හමේ රෝග ඇති ගෑනු, මානසික ආබාධ ඇති ගෑනු, ආදී මෙකී නොකී ගෑනුන්ටද මේ තරඟය නිල හෝ නොනිල ලෙස  තහනම් ය.  අනිත් දේවල් වලදීද එසේය. ඒක නිසා නිල්මිණි තෙන්නකෝන් නෝනා වැනි අය ට්‍රිගර් වීම අනවශ්‍යය. කොටින්ම රෑප සුන්දරී තේරීමේ තරඟද ප්‍රශ්නකාරීය, මන්ද රෑපය යනු මහන්සියෙන් උපයාගත් දෙයකට වඩා ජෙනටික් ජැක්පොට් එක හිට් කරපු නිසා ලැබුනු දෙයක් වීමත් රෑපය නැති මහන්සියෙන් උපයාගත් හැකියාවන් ඇති ගෑනුන්ට එය අපහාසයක් නිසාත් රෑපය යනු සාපේක්‍ෂ දෙයක් නිසාත් ආදී මෙකී නොකී හේතු නිසා.

නිල්මිණි තෙන්නකෝන් නෝනා යූටියුබ් වීඩියෝවක ජූරීට නගන තව චෝදනා කිහිපයකි. එකක් නම් එයාට උදව් කල මම පෙජන්ට් එක දින්නම ගත්ත කෝල් ආන්සර් කලේ නැතිය කියාය. අනික ජූරී පෙජන්ට් එක දිනල  ලන්කාවට එනකොට එයාර් පෝට් එකට ආහම ජූරී ඇහුව එකම දේ "ආ ඔයත් ආවද" කියල වීම. මේ නිල්මිණි තෙන්නකෝන් ගේ victim මානසිකත්වය ලන්කාවේ හුඟක් අයට තිබෙන, මම ලන්කාවේ ඉද්දී මටත් තිබුණ මානසිකත්වයක්. මනුස්සයෙක්ගෙ කටින් වැරදි වචනයක් පිට වෙච්ච ගමන් ඒක අල්ලගෙන නැටීම මම දැන් නවත්තල හුඟක් කල් මොකද ඒ පුරැද්ද තියෙන අයට කාත් එක්කවත් වැඩි කලක් හොඳින්  ඉන්න නම් බෑ.  නිල්මිණි ජුරීට කතා කලේ අන්තිම බිසී වෙලාවේ, එයාර් පෝට් එකේදිත් "ආ ඔයත් ආවද" කියල ඇහුවෙ අපහාසයටමද දන්නෙත් නෑ. හොඳම දේ ඕව හිතේ පැහැව  පැහැව තියා නොගෙන කතා කරල විසඳගන්න එක මිසක් ඒ මුකුත් නො කර වෙලාව ආහම මීඩියා වල අතහරින එක නොවේ. 


ජූරිගේ හැසිරීම ගැනද යමක් කිව යුත්තේ අපට වටිනා පාඩමක් එහි ඉගෙන ගැනීමට ඇති නිසාය. මොනතරම් අසාධාරණයක් තමුන්ට සිද්ධ වුනත් එහිදී වැදගත් ලෙස හැසිරෙන පිළිවෙළක් ඇත. තම බුද්ධිය මෙහෙයවා හැඟීම් පාලනය කරගෙන තැනට සුදුසු නුවණ මෙහෙයවා වැඩ කිරීමට තරම් සoයමයක් අපට තිබිය යුතුය. ජූරි කලයුතුව තිබුනේ එකට තම විරෝධය නිල වශයෙන් පළ කර තරඟය අවසාන වූ පසු පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තම මතය පැවසීමත් අවශ්‍යනම් නීතිමය ලෙස කටයුතු කිරීමත් ය.  මෙතන තිබෙන ලොකුම ප්‍රශ්නය තරඟයේ නීති රීති වල පවතින හිඩැස් ය. අද පුෂ්පිකා එයින් වාසිය ගත් ලෙසම හෙට තවෙකෙක් එයින් වාසිය ගනු ඇත. ජූරිගේ අනුවණ හැසිරීමෙන් සිදු වූයේ මහජන විරෝධයට ලක් විය යුතු පුෂ්පිකා වීරයා වී මහජන ගෞරවයට  ලක් විය යුතු  ජූරි දුෂ්ථයා, නිකම්ම දුෂ්ථයා නොව අන්තර්ජාතික වශයෙන් දුෂ්ථයා වී මහජන වෛරයට  ලක් වීමය. කෙනී රොජර්ස්ගෙ ප්‍රකට ගීයක (the gambler) මෙහෙම කියනවා;

You've got to know when to hold 'em
Know when to fold 'em
Know when to walk away
Know when to run...

Jurie should have walked away at that moment. Alas, now Pushpika won this gambling with her with flying colors.












ලන්කාවේ මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ පූටින්

 87.34% ක් ලබා ගනිමින් ව්ලැඩිමීර් පුටින් පස්වනවරටත් රුසියානු ජනපති පුටුව ගන්න සූදානමින්  මැයින් පසුගියදා ගොසිප් ලන්කාහි පළ වූ පුවතට දැනට ලැබ...