Saturday, November 23, 2019

ඔබ ශ්‍රී ලoකාවේ නොවේ ලෝකයේ පුරවැසියෙක් වන්න-2 (Be a global citizen-Part 2)

කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු රටක් බවට දිනෙන් දිනම ලoකාව පත් වේගෙන එන බව කණගාටුවෙන් වුවත් කිව යුතුයි. සමහර අය දැන් මෙතන වැළලෙන්න හදන්න එපා එහෙනම් ශරියා නීතිය තියන අරාබිය මීට හපන්නේ කියලා. එම තර්කයට අනුව ඕනෑම දෙයක් සාධාරණීකරනය කරන්න පුළුවන්, ඊට වඩා චාටර් දෙයකට සන්සන්දනය කරලා. උදාහරණයක් කිව්වොත් ලoකාවේ පාරවල් හයිටියට ස්වාසිලන්තෙට වඩා කොච්චර හොඳයිද?, ලoකාවේ දේශපාලකයෝ ඉඩි අමීන් හෝ හිට්ලර්ට වඩා කොච්චර හොඳද?, රැපියල අවප්‍රමාණ  වීම සිම්බාබ්වේ රටේ මුදල් (සිම්බාබ්වේ ඩොලර්) අවප්‍රමාණ වීමට වඩා මොනතරම් කුඩාද?,  ලoකාවේ  පරිසර දූෂණය චීනයට වඩා  කොච්චර අඩුද නේද? නියම විදිහට සන්සන්දනය කරනවානම් කල යුත්තේ ලoකාව කවදහරි වෙන්න ඉලක්ක කරගෙන ඉන්න තැනට කිට්ටු රටකට සන්සන්දනය කිරීමයි. ඒ රටවල් අතර එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, ඇමරිකාව, සිoගප්පූරැව ආදී රටවල් මිසක අරාබිය නෑනේ. එහෙනම් එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, ඇමරිකාව, සිoගප්පූරැව වගේ රටවල් වල ජීවන තත්වයට ලoකාවේ ජීවන තත්වය, විශේෂයෙන්ම ලoකාවේ කාන්තාවන්ගේ ජීවන තත්වය සන්සන්දනය කරන්න අරාබිය ගාව ගන්නෙ නැතුව. මෑත කාලයේ ලoකාවේ සිදු වූ රෝයල් පාක් තරැණිය අමානුෂික ලෙස මරා දැමූ ඝාතකයාට සමාව ලැබී නිදහස් වීමම හොඳ නිදසුනක් ලoකාවේ කාන්තාවන්ගේ ජීවන තත්වය ගැන. යමක් කමක් ඇති පවුලක කාන්තාවක වූ ඇයටත් අත්වුනේ මේ ඉරණම නම් දුප්පත් අසරණ කාන්තාවන් ගැන කවර කතාද ?

ලoකාවේ බොහෝ කාන්තාවන්ට තම ශක්තිය, කාලය, ශ්‍රමය, මුදල් වලින් සෑහෙන්න කොටසක් කැප කරන්නට වෙලා තියෙන්නේ පිරිමින් එල්ල කරන අනවශ්‍ය පීඩනයෙන් හැකි පමණ ගැලවීමට. පාරේ ඉන්න රස්තියාදුකාර පිරිමින්ගේ අතවර වලින් බේරීමට, ඇඳුම යන්තම් එහා මෙහා උනොත් හැදෙන පදයෙන් බේරීමට, යන්තම් කරැවල වැටෙන කොටම දුවව පන්ති ඇරී පරිස්සමෙන් ගෙදර ගෙන ඒමට, තනියම යන විට අනාරක්ශිත නිසා රoචු ගැහී පාරේ යාමට මිතුරියන් එනතුරැ කාලය කකා බලා සිටීමට, බීමත්ව ගෙදර එන සැමියා අදත් ගුටි බැට දුන්නොත් අල්ලපු ගෙදරට දිවීමට, මත් ද්‍රව්‍ය වලට සේසතම වැය කරන සැමියා සහ දරැවන් නඩත්තු කරන්න පනම් හතරක් සොයා ගැනීමට, කලින් සැමියා/කලින් පෙම්වතාගේ ග්‍රහනයෙන් බේරීමට ආදී දෙකයි පනහේ කාළකන්නි හේතු. ඉතාම ලස්සන රටක් වන ලoකාවේ ඉපදුනාට එම ලස්සන විඳින්නට හැකිද ලoකාවේ ගෑනුන්ට? සිoහල බ්ලොග් අතර ඉතාම ලස්සන සoචාරක බ්ලොග් ගණනාවක් තිබුනත් ඒවා එකක්වත් කාන්තාවක් ලියන්නේ නෑ, ඇත්තටම හිතේ හැටියට තමන් උපන් රටේ ලස්සන විඳින්නට ලoකාවේ ගෑනුන්ට බැහැ.

නමුත් ලෝකයේ කාන්තාවන් බොහෝ දුර ගිහින්. ලෝකයේ බොහෝ කාන්තාවන් තම ශක්තිය, කාලය, ශ්‍රමය, මුදල් කැප කරන්නේ තමන්ගේ සිහින සැබෑ කරගන්න, තමන්ගේ රටට ලෝකයට සේවය කරන්න, කොටින්ම එක එකාගේ සපත්තුවට පෑගෙන්නැතුව ආත්ම තෘප්තියෙන්, ආත්ම ගෞරවයෙන් සහ ආත්ම අභිමානයෙන් ජීවත් වීමට. එම රටවල් දියුණු වීමට මෙවැනි ආත්ම තෘප්තියෙන් සහ සහ ආත්ම අභිමානයෙන් යුක්ත කාන්තාවන්ගෙන් අති මහත් සේවයක් ඉටු වෙනවා. එපමණක් නොවේ ලෝකයටත් ඔවුන්ගෙන් අති මහත් සේවයක් ඉටු වෙනවා. දැන් බලන්න ඊබෝලා වැනි මාරාන්තික වසoගතයක් අප්‍රිකාවේ පැතිරෙනකොට ජීවිත අවදානම නොතකා එහි යන Doctors Without Borders වෛද්‍යවරැන් අතර මොන තරම් කාන්තා නියෝජනයක් තිබෙනවාද? කොටින්ම එහි කලින් සභාපති පුටුව හෙබවූවේද කාන්තාවක්, ඒ වෛද්‍ය Joanne Liu. ලoකාවේ නම් ගෑනු තියා පිරිමිවත් ඔව්වට යනවයැ. තව ඩිස්පැන්සරියක් අටවගෙන කීයක්හරි හොයා ගන්නව මිසක. දොස්තරල විතරක් නෙමේ අනිත් අයත් බහුතරය එහෙමයි. ලෝකෙට හෙන ගැහුවත් අපිට මොකද,  හැබැයි අපට මොනවහරි උනොත් ජාත්‍යන්තරය ඕනෑ හරිය? මෙතුමිය ලoකාවේ උනානම් නෑදෑ සනුහරෙයි මිනිහයි දරැවොයි පොළවෙ පස් කයි මෙහෙම රැකියාවක් කරනවට විරැද්දව. ඇයි ඉතින් බැරි වෙලාවත් මලොත් මොනතරම් නම් පාඩුවක්ද? ගෙදර ගෑනි සති ගණන් රෝන්දෙ ගියාම ගෙදර උයන්නෙ රෙදි හෝදන්නෙ ළමයි බලන්නෙ කවුද? ඒ මදිවට ගමේ කතන්දරත් හැදිලා රට්ටුන්ට මූණ දෙන්නේ කොහොමද?.

වෛද්‍ය Joanne Liu නයිජීරියාවේ දරැවෙක්ට ප්‍රතිකාර කරමින් (https://www.msf.org/dr-christos-christou-new-international-president-msf 11/23/2019) 

පසුගිය දිනෙක ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි වලට මැදිවී පිළිස්සුම් තුවාල සහිතව වේදනාවෙන් හඬමින් එහාට මෙහාට දුවමින් සිටි කෝලා වලසෙක් බේරා ගැනීමට තමා හැඳ සිටි උඩ ඇඳුම ගලවා එයින් (සහ පොරවණයකින්) එකී කෝලා වලසාව ආවරණය කර ඌව සත්ව රෝහලකට ගෙන ගිය ඔස්ට්‍රේලියානු කාන්තාවගේ වීඩියෝව මේ දිනවල බොහෝ සමාජ මාධ්‍යවල සැරිසරණවා. ඇයගේ ක්‍රියාවට නන් දෙසින් පැසසුම් ගලා එන අතර ඇය වීර කාන්තාවක් බව පිළිගන්නවා. එයට හේතු කිහිපයක්ම තිබෙනවා. ලoකාවේ ඔබ අත්දැක නැති දෙයක් තමයි මෙවැනි විශාල ලැව්ගිනි. ඒවා ඉතාම වේගයෙන් පැතිරෙනවා. ඒ නිසා ලැව්ගින්නක් අතරතුර අසරණ සතෙකු වෙනුවෙන් විනාඩියක් වැය කිරීම පවා ඉතාම අනතුරැදායකයි. ගිනි පුපුරැ විසිරෙද්දී උඩුකය නිරාවරණය කිරීම අනතුරැදායකයි. වන සතෙක්ව, විශේෂයෙන් ඌ කලබල වී ඇති වෙලාවක, අතපත ගෑම අනතුරැදායකයි. තම විළිබිය පසක තබා සතෙකුගේ ජීවිතය බේරාගැනීමට උඩුකය නිරාවරණය කිරීමට එම කාන්තාවට විශාල පෞරැෂයක් තිබුනා. ඇය කුඩා කල සිටම හැදී වැඩුනු සමාජයයි ඇයට එම පෞරැෂය ලබා දුන්නේ. ලoකාවේ වගේ වීදි හින්සනය කර වද දුන්නා නම් මෙවැනි කාන්තාවක් බිහි වෙන්නේ නෑ. මේ කාන්තාවගේ සැමියාත් එතන සිටියා, ඇය උඩු ඈඳුම ගලවා පවුලේ දැළි ගෑවා යැයි කෝපයෙන් නොවේ, ඇයට ධෛර්‍යයක් වෙමින් එතැන සිටි නිහඬ වීරයා ඔහු. ඇයට කැත උසුළු විසුළු කරන්නට තරම් ලිoගික අසහනයෙන් ඔස්ට්‍රේලියානුවන් නොපෙලීම ඇගේ වාසනාව. මේ ඔස්ට්‍රේලියානු කත ලොවට පෙන්වූයේ ඇය තුල තම රට වෙනුවෙන් පැවති ආදරයයි, තම රටට ආවේණික සතුන් ගස්වැල් ඇළදොලට ඇති ආදරයයි. මේ සමගම පසුගිය කාලයේ වසදී රoචු පිටින් අලි මරා දැමූ, හක්ක පටස් නම් අතිශය තිරශ්චීන ක්‍රමයෙන් දස වද දී වටිනා අලි සම්පත වනසන ලoකාවේ අපි ගැන දැඩි සoවේගයකි මට ඇති වූවේ.


ඉතා කුඩා දැරියන් පවා ලෝකය වඩාත් යහපත් කිරීමට පෙරට එනවා. ජ්‍යෝෆ්‍රී බේකන්ගේ ලිපියක පාට කූරැ ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් වෙහෙසෙන සත් වියැති ජෙසී ගේ කතාව ඉන් එකක් (https://lalithkrunaratna.wordpress.com/2019/11/23). ඒවගේම පසුගිය කාලයේ ඉමහත් කතාබහට ලක්වූ පරිසරවේදිනිය ග්‍රේටා  දාසය වියැති දැරියක්.(https://www.youtube.com/watch?v=KAJsdgTPJpU) ඊටත්වඩා යහපත් සිහින අරමුණු සහ දැක්මවල් ඇති අප රටේ දැරියන්ට ඒවා පසක තබා රෑ බෝ වීමට පෙර අතවරයන්ගෙන් බේරී ගෙදර ඒමටත් ගෙදරදී අතවරයන්ට ලක් වීමටත් සිදු වෙලා. බේබදු තාත්තලා, කුඩු ගහන අයියලා, අවස්ථාවක් ලද සැනින් අතවරයට ලක් කිරීමට බලා සිටින පිරිමි, ගෑනු වෙලා ඉපදුනේ කරැමෙට යැයි අර පිරිමින්ගේ නොසන්ඩාලකම් සාධාරණීකරනය කරන ආගමික පිරිස් මැද මේ දැරියන් උස් මහත් වෙන්නේ ආත්ම තෘප්තියෙන්, ආත්ම ගෞරවයෙන් සහ ආත්ම අභිමානයෙන් ඉතාම අඩු මානසික සමතුලිතතාවක් නැති වැඩිහිටියන් ලෙස. ග්‍රේටාට ජෙසීට ලැබුණු  අවස්ථා වලින් දහයෙන් පoගුවක් ලැබුණානම් රටට පමණක් නොවේ ලෝකයටම ආලෝකයක් වීමට ඉඩ තිබූ මේ දැරියන් මානසිකව ශාරීරිකව දිනපතා වධයට පමුණුවා පලදායීතාව අවම, බියසුළු, මෝඩ, උද්දච්ච, කුළෑටි, කුහක, ඊරිසියාකාර, රට ගැන ලෝකය ගැන හිතනවාට වඩා මූනේ කුඩා ලපයක් ගැන, සාරියේ රැල්ලක් ගැන පමණට වඩා වදවෙන  ගැහැණුන් බවට පත් කරනවා. ඊටපස්සෙ දිට්ටධම්මවේදනීය කර්මානුරෑපව එම ගැහැනියක් කසාද බැඳගෙන නොවිඳිනා දුක් විඳ විඳ ඉන්නවා.

ඉතින් වෛද්‍ය ජොඇනා, කෝලා වලසා බේරා ගත් ටෝනි, ජෙසී හෝ ග්‍රේටා දුටු විට වාව් ගගා ලoකාවේ ගෑනු මෙහෙම quality නෑනෙ කියන්න එපා, ලoකාවේ ගෑනුන්ව ඔබේ සපත්තුවෙන් පාගාගෙන. වෛද්‍ය ජොඇනා, කෝලා වලසා බේරා ගත් ටෝනි, ජෙසී හෝ ග්‍රේටා යනු ඔවුන් ඉපදී හැදී වැඩුනු සමාජයේ විශිෂ්ඨත්වය පෙන්වන කැඩපත්. මම ඉතාම ආදරයෙන් ඔබෙන් ඉල්ලන්නේ රටට ආදරෙයි නම්, ලoකාවත් එන්ගලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, කැනඩාව, ඇමරිකාව, සිoගප්පූරැව ආදී රටවල් වගේ දියුණු කිරීමට නම්, ලoකාවේ කාන්තාවන්ගේ පෞරැෂය විනාශ කිරීමට දායක වන්න එපා.






5 comments:

  1. වැළලෙන්න හදන්න එපා.වැළලෙන්නද? වැළපෙන්නද?නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔය වචන දෙකෙන් කෝක උනත් කමක් නෑ මට.

      Delete
  2. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ අඩු අධ්‍යාපනය හෙවත් නූගත් කමයි. රට කරවන පාර්ලිමේන්තුව දක්වාම මේ තත්වය පොදුයි. කාන්තාවන් දූෂණය කර ඒවා සමරන අයද මේ සමාජය තුල ඕනෑ තරම් සිටී.

    ReplyDelete
    Replies
    1. නූගත් කම වගේම මෙතන තියෙන්නෙ තව පිරිමියෙක්ට ගෑනියක් වෙනුවෙන් එරෙහි වීමට පිරිමින්ගේ ඇති අකමැත්ත.උදාහරණයක් ලෙස නූගත් රස්තියාදුකාරයෙක් පාරෙ යන ගෑනියෙක්ට කුණුහරැප කියනවා, ඔතන ලoකාවේ සුපිරි පාසලක දැනඋගත් උසස්පෙල පිරිමි ළමයි හිටියත්, වෙනත් උගත් පිරිමි හිටියත්, අර නූගත් රස්තියාදුකාරයා වලක්වන්න බැරිනම් නිහඬව එම ක්‍රියාව තමන් අනුමත නොකරන ලෙස නොසිට ඒකෙන් ෆන් එකක් ගනී. සමහර පූජ්‍ය පක්‍ෂයත් අර ගෑනිගෙම ඇදක් හොයාගෙන වරද ඇයටම පටවනවා. ඇඳුම වැරදියි, සපත්තු වැරදියි, ඇවිදින හැටි වැරදියි අඟපසඟ වැරදියි ආදී ලෙස.

      Delete
  3. කියවන්න අපහසුයි, ඔබ කැමති නම් පමණක් පිටුවේ වර්ණය වෙනස් කරන්න..

    ReplyDelete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...