Thursday, May 11, 2023

අළු/ගංගා ජයසිංහ පෝස්ටුව සහ මගේ සත දෙක

 ලකේ පන්කාවෙ ඉළව් බිහේවියර් එක ගැන කියල කට ගන්න කළින් ගoගා ජයසිoහ ඊට සමගාමීව හොඳ පෝස්ට් එකක් ලියල තියන නිසා ශෙයාර් කරන්න හිතුනා. ලකේ පන්කාවෙ විශාල රැල්ලක් යනව කාලෙක ඉඳල ලිවින් ටුගෙදර් ප්‍රමෝට් කරන, කොල්ලට හිතේ හැටියට අත පත ගාන්න නොදෙන කෙල්ලො වැරදියි උන්ව හලපල්ල කියල මතයක් හදන. 

මෙහෙමයි, ඕක විෂම චක්‍රයක් නිසා සම්පූර්ණ චක්‍රයම නොකඩා කෙල්ලො ලව්ව බෝයි ෆ්‍රෙන් එක්ක සෙස් කොරව ගන්න බෑ ඕයි. විෂම චක්‍රය පටන් ගන්නෙම සන්ස්කෘතිය සදාචාරෙ කිය කිය ගෑනු ළමයින්ව පොඩි කාලෙ ඉඳන් සෙස් වලට පරාණ බය කරල (කොච්චරද කියනවනම් උන් කසාද බැන්දහම වැජිනිස්මස් හැදිල, සීයට බර ගණනකට ඕගසම් නාමයක් නැති, දර කොට වගේ ඇඳ උඩ දපන මට්ටමටම), ඊළඟට රටේ අන්තිම වනචර උප සන්ස්කෘතියෙන් උන්ව මහමඟ වැඩපලේ පාසලේ බණ මඩුවෙ කඩේ පිළේ ලින්ගිකව අපයෝජනය කරල කරල, බොඩි ෂේමින් කරල කරල, අහවල් වයසට කළින් කසාද බැඳල අහවල් වයසට කළින් ළමයි හදන්න ටාගට් දීල, දෙන්න තියන උපරිමේටම ප්‍රෙෂර් කරල, කන්‍යා පටල හොය හොයා ඔළු කාල, කන්‍යා බාවෙ ඔප්පු කරල කසාද බැඳල ළමයි හදන්න දීපු ටාගට් කවර් කරපු ගමන්ම, හුස්මක් කටක් ගන්න නොදී, ඊට සම්පූර්ණ ප්‍රතිවිරැද්ද ටාගට් සෙට් එකක් දීල - ඔයාගෙ ඇඟ හදා ගන්න, ඔයා ළමයි බලා ගන්න (මෙළෝ සිහියක් නැතිව ගෑනි බඩ කරපු, ෆිගර් එක මේන්ටේන් කරන්න කිසිම සහයෝගයක් නොදෙන, ඒවට මුදල් වියදම් කරන්න අකමැති බේසිකයමයි කියන්නෙ ඈ), ඔයා ගෙදරට ආදායමක් ගේන්න ඔයා නිකන් ඉන්න එපා,(රස්සාවෙන් අස් වෙන්න, ඔච්චර ඉගන ගන්න එපා කියපු  බේසිකයමයි කියන්නෙ ඈ ),  ඔයා සෙස් වලදි ඇක්ටිව් වෙන්න (කන්‍යා බාවෙ ඔප්පු කරපු සෙස් මළදානයක් නොදැන හැදුන එකියක් හොයපු බේසිකයමයි කියන්නෙ ඈ මම අහන්නෙ, කන්‍යා බාවය ඔප්පු කරන්න රෙදි උස්සගෙන නටපු එකෙක්ටවත් ඊට පස්සෙ කන්‍යාබාවෙ රැකපු ගෑනි ගැන අගයක් ගරැත්වයක් තියෙනවද, පොඩ්ඩ බැරි උනාම ඒසි කියල කතා කරන්නෙ ඊට පස්සෙ. කන්‍යාබාවෙත් හරියට ඕලෙවල් වගේ, පාස් උනා කියල සත පහක වැඩකුත් නෑ ෆේල් උනොත් ජීවිතේම ඉවරයි) ඒ ගෑනු පණ පිටින්ම අපාගත කරනව. ඉතින් ඔය එක පැත්තකින් සන්ස්කෘතිය සදාචාරෙ කිය කිය ගෑනු ළමයින්ව සෙස් වලට බය කර කර, අනිත් පැත්තෙන් කසාදෙට පෙට්ටි නොකඩපු බඩු හොය හොය, තව පැත්තකින් ලව් කරන කාලෙ සෙස් නොකරන ගෑනු විවේචනය කර කර, තව පැත්තකින් ලව් කරන කාලෙ සෙස් කරන ලිවින් ටුගෙදර් කරන ගෑනුන්ට සිදු වෙන අපයෝජනයකදී (තබා කසාද ගෑනියකට සිදු වන හින්සනයකදී) කිසිම හරි හමන් නීතී නැතිව, ගෑනුන්ව නන්නත්තාර කරල තියෙන්නෙ. ඉතින් ලකේ පන්කාවෙ ගෑණු ඔය මික්ස් සිග්නල්ස් වලට මික්ස් රෙස්පොන්සස් දිදී පිස්සු කෙළ කෙළ හරි මොලේ බාගෙට කොළොප්පන් උනත් සම්පූර්ණයෙන්ම කොළොප්පන් නොවී,  ඔය නරා වලේ ඉන්න එක ගැන සතුටු වෙයල්ල.

ඉතාලි සබඳතා:

පළමු දිනය= ලිංගිකව හැසිරීම්

දෙවන දිනය= නැවතත් ලිංගිකව හැසිරීම.

ප්‍රංශ සබඳතා:

පළමු දිනය = චිත්‍රපට සහ පළමු හාදුව

2 වන දිනය = ලිංගිකව හැසිරීම

3 වන දිනය = නැවතත් ලිංගිකව හැසිරීම.. 

බ්‍රිතාන්‍යය සබඳතා:

පළමු දිනය = hangout සහ kiss

දෙවන දිනය = සිප වැළඳ ගැනීම

3 වන දිනය= සිපගැනීම, වැළඳ ගැනීම සහ සිපගැනීම

4 වන දිනය = ලිංගිකව හැසිරීම් සහ නැවතත් ලිංගිකව හැසිරීම 

ඇමරිකානු සබඳතාව:

1 වන දිනය = hangout

2nd day= වැළඳගන්න

3 වන දිනය= නැවතත් වැළඳ ගැනීම (උණුසුම් ලෙස)

4 වන දිනය= හාදුවක්

5 වන දිනය= දිගු හාදුවක්

6 වන දිනය= ලිංගිකව හැසිරීම 

ශ්‍රී ලංකානු සබඳතා:

පළමු දිනය= restaurant එකක් තුල 

2 වන දිනය= restaurant එකක් තුල

3 වන දිනය= නැවතත් restaurant එකක් තුල 

4 වන දිනය = කැමැත්ත ප්‍රකාශ කිරීම

5 වන දිනය = restaurant එකක් තුල

6 වන දිනය= restaurant එකක් තුල

7 වන දිනය= ඇයගේ කුසගින්නෙන් පෙළෙන මිතුර මිතුරියන් හෝ ඥාති සොහොයුරියන් තිදෙනෙකු සමඟ නැවත හමුවීම.

8 වන දිනය= hug කිරීමට උත්සහයක්..(අසාර්ථක)

9 වන දිනය= නැවතත් hug කිරීමට උත්සහයක්

10 වන දිනය = මුහුදු වෙරලක හෝ උද්‍යානයක hug කිරීමක්..

11 වන දිනය= සිප ගැනීමට උත්සාහයක් (අසාර්ථකයි) 

12 වන දිනය= සිපගැනීමක්

13 වන දිනය= දිගු සිපගැනීමක්

14 වන දිනය= චිත්‍රපටියක් නැරඹීමට යාම..

15 වන දිනය= නැවතත් චිත්‍රපටියක් නැරඹීමට යාම

16 වැනි දිනය= චිත්‍රපටයක් box එකක සිට නැරඹීමට යාම සහ ලින්ගිකත්වයට උත්සහයක්..(අසාර්ථකයි)

17 වන දිනය= ලිංගිකව හැසිරීමට උත්සාහ කළ නමුත් රණ්ඩු විය..

18 වෙනි දවස= එකිනෙකා එකිනෙකා සමග කතා කරන්නේ නැත...

19 වෙනි දවස= එදිනද කාන්තාව අතිශය තරහයින් සිටීම..

20 වැනි දිනය= පුරුෂයාගෙන් ඇමතුමක් ලැබීම සහ කාන්තාව " මාව අමතක කරන්න.. මං එහෙම කෙල්ලෙක් නෙමෙයි ඔයා එහෙම ඒවට කැමති කෙල්ලෙක්ව හොයාගන්න.." ලෙස පිළිතුරු දීම සහ එක දිගට පුරුෂයා සමාව අයදීම..

21 වන දිනය= කාන්තාව විසින් පුරුශයාගේ සමාව අයදීම භාරගැනීම...

22 වන දිනය= වැළඳ ගැනීම..

23 වන දිනය= හාදුවක්..

24 වන දිනය= දිගු හාදුවක්

25th day= නැවතත් box එකක් තුල චිත්‍රපටයක් නැරඹීමට ගොස් යම් මට්ටමකින් ලිංගිකව හැසිරීම..

26th day= නැවතත් box එකක් තුල කරනු ලබන ප්‍රාථමික මට්ටමේ ලිංගික හැසිරීම්.. 

27th day= ලැගුම් හලකට එකකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම.. 

28 වන දිනය= නැවතත් ලැගුම් හලකට ගොස් රිසි සේ ලිංගිකව හැසිරීම

29 වන දිනය= පුරුෂයාගේ වෙනස් වීම.. 

30 වන දිනය = ඔහු සතුව පෙම්වතියන් එක්මිලියන හාරකෝටි තිස්තුන්දහසක් සිටින බවත් එම නිසා තමා අම්බානකට රැවටී ඇති බවත් එම කාන්තාව තේරුම්ගෙන facebook හි අතිශය දුක් සහිත වේදනාකාරී post share කිරීම

31 වන දිනය = මෙසේ මාස දෙකක් ගත කරන විට එම දුක කීමට තෝරාගනා පුරුෂයෙක් සමග නැවත සම්බන්දකමක් ආරම්භකර ඉහත දහවන දිනයෙන් ඔබ්බට සිදුවන දෑ ඒ පිලිවෙලින්ම නැවත සිදු කිරීම...

ගංගා ජයසිංහ

Monday, May 8, 2023

ලන්කාවෙ ළව් ගැටළු

 



ලකේ පන්කාවෙ ගෑනු මිනිස්සු ළව් කරනව කියල හිතාගෙන කරන අමුතු මෙව්ව එකේදි එන ප්‍රශ්න ඇත්තට හරිම  සරළයි, මොකද ඒව හැඟීම්, මානුශීය සම්බන්දතා මුකුත් නැති ගනුදෙනු නිසා. කොටින්ම මුදලට සෙක්ස් සේවය සැපයීම සහ ආදරයේදී හැමිණීම ලකේ පන්කාවෙ ගෑනු මිනිස්සුන්ට දෙකක් නෙමේ එකක්. මොකද හැඟීම් වලට කිසිම වටිනාකමක් නෑ. ඒ නිසා ආදරය සීයට සීයක් උපරිමේට දීල ආදරයෙන් පැරදුන කෙල්ලක් බඩුවක් වන අතර හැම එකාම ඒකි සමඟ නිදා ගන්නට හදති, බැරි උනාම ඇයි අපි කළුද, අරෑ එක්ක ගියා නම් අපි එක්ක යන්න බැරිද වගේ අමුම අමු ගොන් තර්ක කරති. 

කන්‍යා පටලය සහිත ගෑනු පෙට්ටියේ පැකින් නොකැඩූ බඩු වී ඇත්තේද හැඟීම් මානුශීය සම්බන්දතා මුකුත් නැති බැවිනි. මිනිසුන් යනු භෞතික භාන්ඩ නොවන සම් මස් ඇට නහර සහිත ජීවීන් බව නොසළකන බැවිනි. ගෙයක් වාහනයක් සෙල්ලම් බඩුවක් අළුත් පිට ගන්න විට යම් වාසියක් තිබේ, මන්ද ඒවා භෞතික භාන්ඩ නිසා කාලය සමඟ ක්‍ෂය වෙන බැවින් කල් යද්දී රෙපෙයාර් කල යුතුය. ගැහැනියකගේ හෝ පිරිමියකුගේ අන්ගජාතය භෞතික භාන්ඩයක් නොවන සම් මස් ඇට නහර සහිත එකක් නිසා ඒක වැඩ කරන්නේ සම්පූර්ණ ප්‍රතිවිරැද්ධ අතටය, එනම් පරිණාමයේ මන්තරය වන යූස් ඉට් ඕර් ලූස් ඉට් (use it or loose it) ක්‍රමයටය. යූස් කරන තරමටම වඩා හොඳින් වැඩ කරයි. අනිත් අතට භෞතික භාන්ඩ මෙන් සම් මස් ඇට නහර සහිත මානවයන්ට කාලයක් යන විට රෙපෙයාර් අවශ්‍ය නැත. ඒ නිසා කලින් පාවිච්චි නොකල අන්ගජාතයක් සහිත ගෑනියෙක් සෙවීම විහිළුවකි. ඒකිට ඕනෙ මොන විදිහෙ සෙක්ස්ද කියා ඒකිවත් දන්නේ නැත, ඒකි ඒසෙක්‍ෂුවල්ද ලෙස්බියන්ද හයි ලිබිඩෝද බීඩීඑසෙම්ද කියා සක්කරයගෙ පුතා වයිමාවත් දන්නේ නැති උනාට පැකින් නොකැඩූ බඩුවකට ආස ගොබ්බ බේසික් පුතෙක්ට ඒක අවුළක් නැත. මොකද ඒ ජාතියෙ බේසික්ල කවදාවත් පාට්නර්ගෙ ලින්ගික තෘප්තිය ගැන නොහිතන එවුන් ය.

 කාලයක් යන විට මානවයන් පරිණාමණය වීම සිදු වේ. සෙක්ස් මැජික් නොවන බවත්, ආදරය යනු පරාර්ථකාමී හැඟීමක් බවත්, ඇන්නා පැන්නා හැසිරීමට වඩා දීර්ඝකාලීන සහකරැ/සහකාරිය සැනසීමක් බවත්, අත්හල යුතු විට අවබෝධයෙන් අත්හල යුතු බවත්, ආදරය පිළිබඳ අත්දැකීම් ඇති පරිණත සහකරැ/සහකාරිය වඩාත් හොඳ බවත්, සෙක්ස් පිළිබඳ අත්දැකීම් ඇති පරිණත සහකරැ/සහකාරිය තමන්ගේ සිරැර සහ තමන්ට ලින්ගික ජීවිතයේදී අවශ්‍ය දේ දන්නා බවත් වැටහේ. 

ඕව මොකවත් ලකේ පන්කාවෙ ලව් වලදි වැදගත් නැත. ගෑනුන්ට පිරිමින්ට ළව් ප්‍රොජෙක්ට් එකට සමාජයෙන්/ගෙදිරින්/පරිසරයෙන් දුන් ටාගට් තිබේ, ටෙම්ප්ලේට්ද තිබේ. 

ටිපිකල් මිඩ්ල් ක්ලාස් ටාගට් මේවාය; 

1. ටෙම්ප්ලේට් එකට මැච් වෙන කැච් එකක් දා ගැනීම 

2. දා ගත්ත කැච් එක බොරැ කර, චාටු කර, බය කර, බල කර, ගිල්ට් කර හෝ මොනම ආකාරයකින් හෝ කසාදය දක්වා ඇද ගැනීම

3. කසාදය නම් උත්සවය ණය වී හෝ ඉහළින් ගැනීම 

4. ළමයි දෙන්නෙක් උපරිමයට යටත්ව හදා ගැනීම 

5. ලොකු ගෙයක් හැදීම 

6. වාහනයක් ගැනීම 

7. ළමයි ලොකු ඉස්කෝල වලට යැවීම 

8. ළමයින්ව කොහොමහරි ඉහත අන්ක 1-7 දක්වා චක්‍රයේ යැවීම 

8. පන්සලේ හෝ ආගමික ස්තානයේ "පදින්චි වීම"

ටිපිකල් මිඩ්ල් ක්ලාස් ටෙම්ප්ලේට් මේවාය; 

පිරිමියා: 1. සල්ලි, සල්ලි, සල්ලි, මොන ක්‍රමයකට හරි හොයපු සල්ලි 2. බලය, බලය, බලය, මොකාට පු. දීල හරි ලබා ගත් බලය 3.හොඳ අධ්‍යාපන සුදුසුකම් 4. හොඳ රස්සාවක් 5. කාර් එකක් 6. ගෙයක් 7. කුළය, ගෙදර අය ආදී ගෝත්‍රික අවශ්‍යතා 

ගැහැණිය: 1. ලස්සන (හම සුදු වීම අනිවාර්‍ය වේ) 2. පෙට්ටිය නොකැඩූ බඩුවක් වීම 3. දෙන දෙයක් කා වෙන දෙය කරබාගෙන බාර ගන්නා පෞරැෂයක් නොමැති නිසා තර්ජනයක් නොමැති එළදෙනක වීම 4. දෑවැද්ද, කුළය, ගෙදර අය ආදී ගෝත්‍රික අවශ්‍යතා

තමන්ගෙ ටෙම්ප්ලේට් එකට ගැළපෙන එකා/එකී එක්ක සෙට් වෙන්නේ හුදෙක් තමන්ගේ ටාගට් වලට යෑමට මිසක ආදරය නිසා නොවේ, ආදරයේදී සිදු වන එකිනෙකාගේ සිහින හඳුනාගෙන ඒවාට උදව් කිරීම දුර්වලතා හඳුනාගෙන ඒවා ඉවසාගෙන ඒවායින් ගොඩ ඒමට අත දීම, බාහිර වේදනා වලින් රිදුන හිත සුවපත් කිරීම, තේරැම් ගැනීම, ලින්ගික ජීවිතයේ අනිකා තෘප්තිමත් කිරීම ආදී දේ කිසිවක් නැති අනිකාව යූස් කරන පරපෝෂිත ගණුදෙනුවකි. එහිදී අනිකාගේ හීන විනාස කරයි දුර්වලතා නොඉවසයි හිත රිදවයි තේරැම් නොගනී ලින්ගික ජීවිතයේ තමන් පමණක් තෘප්තිමත් වේ.


ඉතින් ලකේ පන්කාවෙ ගෑනු මිනිස්සු ළව් කරනව කියල හිතාගෙන කරන අමුතු මෙව්ව එකේදි ඇත්තටම වෙන්නෙ ඕව අතර ඇති වෙන ගැටුම් ටික මිසක වෙන ලබ්බක් නොවේ. ටිපිකල් ළව් ගැටළු වලට උදාහරණ මේවාය;

1. කොල්ලා/කෙල්ල ටාගට් කවර් කරන්න හදිස්සියට ටෙම්ප්ලේට් එකට 60% මැච් වෙන කැච් එකකට සෙට් වෙලා ටික කාලෙකින් ඊට වඩා (70% කියමු) හොඳ එකක් පාත් එක ක්‍රොස් කල විට 60% මැච් වෙන කැච් එක එපා වීම- එයාට මාව දැනෙන්නැහැලු, එයා දැන් වෙනස්, එයා මඟහරිනවා -මේවායේ ගණුදෙනුමය මුහුණුවර නිසා ගිය එකා හෝ ඉතිරි වෙච්ච එකා හරි වත් වැරදිවත් නැහැ. දෙන්නගෙන් ඉස්සෙල්ල වඩාත් ගැළපෙන ටෙම්ප්ලේට් එක සෙට් උන එකා යනව ඉතින්. 

මේ කාරණය නිසා මොවුන් සෙට් වූ දා සිටම අනිකා තමන්ට වඩා හොඳ ටෙම්ප්ලේට් එකක් හොයා ගැනීම වැලැක්වීමට ගෑනුන් රස්සා වලින් අයින් කරවයි, උසස් අධ්‍යාපනයට වළ කපයි, මොන අතකින් වත් ඉහළ යන එක වළකයි, ලස්සනට අඳින්න නොදේ, ඔත්තු බලයි. පිරිමින්ට කසාදෙට බල කරයි, බලෙන් ඇටෙන්‍ෂන් ඉල්ලා මරා ගනී, වෙන කෙල්ලන් එක්ක ගනුදෙනු තහනම් කරයි, සෝෂල් මීඩියා පාස්වර්ඩ් ඉල්ලා චෙක් කරයි ආදී දේ කරති. 


2. කොල්ලා/කෙල්ල ටාගට් කවර් කරන්න හදිස්සියට ටෙම්ප්ලේට් එකට 40% මැච් වෙන කැච් එකකට සෙට් වෙලා රෙඩ් ෆ්ලෑග් ෆ්ලෑෂ් වෙද්දි කසාදත් බැඳල භෞතික ටාගට් කවර් කලත් මානසිකව අපායක ඉඳීම, මානසික ඇරියස් කවර් කරන්න අනියම් කැච් සෙවීම, අනියම් කැච් ඇරියස් කවර් කරන්න දාන ප්‍රශ්න නිසා තවත් අමාරැවෙ වැටීම

3. කොල්ලා/කෙල්ල ටාගට් කවර් කරන්න හදිස්සියට ටෙම්ප්ලේට් එකට 40% මැච් වෙන කැච් එකකට සෙට් වෙලා රෙඩ් ෆ්ලෑග් ෆ්ලෑෂ් වෙද්දි "අනිකාව හදන්නට හිතාගෙන" කසාදත් බැඳල (භෞතික ටාගට් කවර් කලත්) අමාරැවෙ වැටීම

4. කොල්ලා/කෙල්ල ටාගට් කවර් කරන්න හදිස්සියට ටෙම්ප්ලේට් එකට 40% මැච් වෙන කැච් එකකට සෙට් වෙලා රෙඩ් ෆ්ලෑග් ෆ්ලෑෂ් වෙද්දි කසාදත් බැඳල ඩිවෝස් වෙන්න යාමේදී/ ඩිවෝස් වූ පසු සමාජයෙන් ටාගට් කවර් නොකිරීම නිසා එන අධික පීඩනය නිසා අපායක ඉඳීම

5. කොල්ලා/කෙල්ල ටෙම්ප්ලේට් එක හොඳටම මැච් වෙලා (ආදරය නොවේ)   සෙට් වෙලා කසාදත් බැඳල ටාගට් කවර් කර ගන්න බැරි වීමෙන් (ළමයි නැති වීම) අපායක ඉඳීම

6. බස් එකේදී මඟ තොටේදී හෝ වෙනත් ආකාරයකට අහම්බෙන් දැක ආකර්‍ෂණය වී අන්ක හුවමාරැ කර ගත් එකාව එකීව (ටාගට් කවර් කරන්න හදිස්සියට) සන්සාරයෙන් පතාගෙන ආව පරම ළව් එක ලෙස ප්‍රමෝට් කර කසාද බැඳගන්නට යාමේදී ඒකා/ඒකිගේ කුප්ප ගති එළියට ඇවිත් ආකර්‍ෂණය නැති වී අමාරැවෙ වැටීම

7. කොල්ලා/කෙල්ල ටෙම්ප්ලේට් එක හොඳටම මැච් වෙලා (ආදරය නොවේ)   සෙට් වෙලා කසාදත් බැඳල  අර කියපු ටාගට් කවර් කරල ආපස්සට බලන විට ජීවිතේ මෙලෝ රහක් නැති බව පෙනීම. ටාගට් කවර් කර සෝෂල් ස්ටේටස් තියා ගත්තද ජීවිතේ විඳ නැත. රසට කාල ලස්සනට ඇඳල ආස දේවල් කරල සැප විඳල සතුටු වෙලා නැත. සමහරැන්ට හරි හමන් ආදරයක් ලින්ගික ජීවිතයක් සහකරැගෙන් ලැබී නැත, ළමයි හදන්න අකමැති, රටවල ඇවිදින්න හීන තිබුන එකාට තමන් ළමයි දෙක තුනක් හදන් ගෙදරටම සීමා වී ඉඳ ඇති බව පෙනේ. ගුරැවරියක් වී ලස්සනට ඇඳගෙන කුඩා ළමයින්ට උගන්වන්න හීන තිබුන එකීට තමන් දැළි කුණු පෙරාගෙන කුස්සියටම සීමා වී ඉඳ ඇති බව පෙනේ. සම ලින්ගික නැමියාවක් ඇති ගැහැනු පිරිමි ඒබව දැන ගන්නටත් පෙර විෂම ලින්ගික කසාද වල හිර වී ලෝකාපවාදයට බයේ දුක් විඳ ඇති බව පෙනේ.. කොටින්ම ජීවිතයේ නටපු නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත. 

 මේ ඔක්කොම ලියන්න හිතුනේ ආදර සබඳතා බිඳ වැටීම් සමූහයක පෝස්ට් කියවූ පසුය.  


සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...