Monday, October 27, 2025

දකුණු කොරියාවේ ළමයෙක් හදන්න රජයෙන් සල්ලි දෙනවාලු, ලංකාවෙ ත්‍රිපෝෂ පැකට් එකවත් හරියට දෙන්නෑලු

 4B ව්‍යාපාරය යනු දකුණු කොරියාවේ රැඩිකල් ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් වන අතර එය පීතෘමූලික සම්මතයන්ට අභියෝග කිරීම අරමුණු කරගනිමින් කාන්තාවන් විවාහයෙන්, දරු ප්‍රසූතියෙන්, පෙම් සබඳතාවලින් සහ පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතාවලින් වැළකී සිටීමට යෝජනා කරයි.

4B ව්‍යාපාරය පිළිබඳ දළ විශ්ලේෂණය

"Four Nos" ලෙසද හැඳින්වෙන 4B ව්‍යාපාරය 2017-2019 පමණ කාලය තුළ දකුණු කොරියාවේ ආරම්භ විය. "4B" යන පදය "නැහැ" යන අර්ථය ඇති "bi" (비) යන කොරියානු වචනයෙන් ව්‍යුත්පන්න වී ඇති අතර එය ප්‍රධාන මූලධර්ම හතරක් සාරාංශ කරයි:

Bihon: විවාහයක් නැත

Bichulsan: දරු ප්‍රසූතියක් නැත

Biyeonae: පෙම් සබඳතාවක් නැත

Bisekseu: පිරිමින් සමඟ ලිංගිකව හැසිරීමක් නැත.

මෙම ව්‍යාපාරය දකුණු කොරියාවේ කාන්තාවන්ට එරෙහි පැතිරුණු ස්ත්‍රී පුරුෂ අසමානතාවය, සමාජීය පීඩනයන් සහ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාරයක් ලෙස මතු විය. එය විවාහය සහ මාතෘත්වය සම්බන්ධයෙන් ආර්ථික අස්ථාවරත්වය, ඩිජිටල් ලිංගික ප්‍රචණ්ඩත්වය සහ සංස්කෘතික අපේක්ෂාවන්ට මුහුණ දෙන තරුණ කාන්තාවන් අතර වර්ධනය වන අතෘප්තිය පිළිබිඹු කරයි.


මෙන්න මේක කලාට පස්සෙ තමයි ඕව ලැබුනෙ. 

ලංකාවෙ ගෑණු වගේ ඕනෙම අපතයෙක් බැඳන් ඌව හදන්න තමන්ටවත් කන්න නැතිව ඉද්දි ළමයි වදල නෙමේ.

ඒ නිසා ත්‍රිපෝෂවත් ලැබෙනඑක ගැන සතුටු වෙයල්ල. 




Wednesday, October 22, 2025

"හිච්චි ටේට්ලා® සහ ඇල්පාමෝල්ලා® ගැන වචනයක්." ලියූ චමීර දේද්දූවගේට වචනයක්

තේ ඇඩ් එකේ විවාදයේදි දායක සභාවෙ පිරිමි ටික ටිපර් වෙච්ච නිසා චමීර දේද්දූවගේට හිතිල උන්ට පොඩි මෙව්ව එකක් දෙන්න. විසකුරු පුරුෂෝත්තමවාදය ගැන, ඒකෙ ඉතිහාසය, සමාජ පසුබිම ආදී මුකුත්ම නොසොයා හෙනම ගොං පෝස්ට් එකක් දාල තියෙන්නෙ ඒ නිසා වෙන්න ඕනේ. මේක මම නිතර දකින ට්‍රෙන් ඩ් එකක්. මුන්ට මූළික හර පද්ධතියක් නෑ. විව්ස් ගන්න එක දවසක් එකක් කියල ඊළඟ දවසෙ ඊට ප්‍රතිවිරැද්ධ එකක් කියල දායක සභා බැලන්ස් කරනව.

ඒනිසා මට හිතුනා විසකුරු පුරුෂෝත්තමවාදයේ සම්භවය ගැන කතා කරන්න.

විසකුරු පුරුෂෝත්තමවාදය හැදුනේ කොහොමද?

පුරුෂාදිපත්‍යය නිසා බටහිර කාන්තාවන්ට ඉගනීම, රස්සා කිරීම, මුදල් පරිහරණය, ඉඩම් අයිතිය ආදී සමාජයේ ධනය/බලය සම්බන්ධ දේවල් පරම්පරා ගණනාවක් තිස්සේ නීත්‍යානුකූළවම තහනම් වෙලා තිබුනා. (මීට සමගාමීව පෙරදිග කාන්තාවන්ට සමාජයේ ධනය/බලය සම්බන්ධ දේවල් නීතියෙන්/සමාජ සම්මතයෙන් සීමා පැනවී තිබුනා. ) උදාහරණයකට, 1963 දී තමා ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් ගෑණු කීපදෙනෙකු පමණක් විශ්ව විද්‍යාලයට ගන්න එකඟ උනේ. ඇමරිකන් ගෑණුන්ට පිරිමියෙකු නැතිව තනිවම බැංකු ගිණුමක් අරින්නට 1974 තෙක්ම හැකි උනේ නෑ. 1900දි විතර තමා කසාද බැඳපු ගෑණුන්ට තමන්ගෙ නමට දේපොළ තියාගන්න හැකි උනේ.

ඒ අනුව ඔබට තේරෙන්න ඕනේ ධනවත් පවුල්වල ගෑණුන්ට පවා මෑතක් වෙනකම් තමන්ගේ පාරම්පරික දේපළ සහ ධනය කසාද මිනිහට/පිරිමි භාරකරුවෙකුට පවරන්නට සිදුවුනා. ඊටපසු ඒ  පිරිමි මේ ගෑණුන්ට කොහොම සැළකුවත් ගෑණුන්ට කලහැකි කිසිවක් තිබුනෙ නැහැ.  පිරිමි මහදවල් ගෑණුන්ගේ දේපළ සහ ධනය පරම්පරා ගණනාවක් තිස්සේ කොල්ලකෑවෙ එහෙමයි.

ගෑණුන්ට රස්සා කිරීමට ඉඩ නොදීමත් ගෑණු පාලනය කිරීමට යොදාගත් එක උපක්‍රමයක්.

අද ගෑණුන්ට රස්සා කරන්නෙ නැහැයි කියල චෝදනා කරන පිරිමි, තමන්ට තනියම උපයන්නාගේ භූමිකාව කරන්නට බැහැයි කියන පිරිමි දැනගතයුතුයි සමාජයේ ධනය සහ බලය පිරිමි අතේ රඳවාගන්න පුරුෂමූළික සමාජයම තමයි ගෑණුන්ව බලෙන්ම ගෙදර තියල කිව්වෙ උඹල රස්සා කරන්න තහනම්, අපියි උඹලට රස්සා කරල කන්න අඳින්න දෙන්නෙ කියල. මේ අනුව ජීවත්වීම සඳහා ඒ කාලේ ගෑණුන්ට පිරිමි මත යැපීම අනිවාර්‍ය උනා. කිසිදු තෝරාගැනීමකට ඉඩ ලැබුනේ නැහැ.

මේ "රස්සා කරල කන්න අඳින්න දෙන පිරිමි" මත යැපීම සුන්දර දෙයක් උනේ නෑ. පිරිමියාට මොනතරම් තිරිසන් හැසිරීම් තිබ්බත්, පෙනුම, වයස ආදී සාධක චාටර් උනත්, හොර ගෑණු හිටියත්, පහරදුන්නත්, ඉවසගෙන ඉන්න උනා. ගෙදර සියළු වැඩ, ගොවිපළේ වැඩ සහ ළමයි හැදීමට ජීවිතේ වැය වුනා. එය එක්තරා වහල් සේවයක්. ඒ අනුව මේ සමාජයේ පිරිමින්ට හුදෙක් "පිරිමියෙකු වීම" නිසාම ගෑණියක් ගන්නත්, ඇගේ දේපොළ කොල්ලකන්නටත්, ඇගේ ශ්‍රමය සහ ශරීරය ඇය ජීවත්වන තාක් නොමිළේ හූරාගෙන කෑමටත් ලයිසන් ලැබුනා.

බටහිර කාන්තාවන් මීට වසර හැට හැත්තෑවකට පමණ පෙර ඉගනීම, රස්සා කිරීම, මුදල් පරිහරණය, ඉඩම් අයිතිය ආදී සමාජයේ ධනය/බලය සම්බන්ධ මානව හිමිකම් එකින් එක දිනාගනිද්දී මේ තත්වය ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ගෑණු රස්සා කරල, හම්බ කරල, දේපොළ ගත්තා. මේ අනුව ජීවත්වීම සඳහා ගෑණුන්ට පිරිමි මත යැපීම අනිවාර්‍ය උනේ නෑ. ඒවගේම තමන් කැමති පිරිමියෙක්ව තෝරාගැනීමට ඉඩ ලැබුනා.

ලංකාවේත් ඔබට පරම්පරා තුනකට මෙහා හිටපු කිරිඅම්මා ගොඩක්වෙලාවට රස්සා නොකරපු, නූගත්, ළමයි දහය දොළහ හදපු, ඔළුව උස්සගන්න බැරි මට්ටමට වැඩ කොරාපු, ජීවිතේට ගමෙන් පිටට නොගිය ඩයල් එකක් නේද? මගේ කිරිඅම්මා ඒවගේ. ආච්චිත් ඒවගේ. අම්මා විධිමත් පාසැල් අධ්‍යාපනයක් ලැබූ, සාමාන්‍ය රස්සාවක් කල කෙනෙක්. මම විශ්වවිද්‍යාලෙට ගියපු, ඉහළ රස්සාවක් කරන කෙනෙක්. පරම්පරා තුනක් තුළ ගෑණු අත්පත් කරගත්ත හිතාගත නොහැකි සාර්ථකත්වයට (අකුරු බැරි සිට ඉහළම උපාධිය තෙක්) උදාහරණයක්. ගොඩක් පවුල්වල ගෑණුන්ගෙ තත්වය ඒවගේ.

මෙතනදී පුරුෂාධිපත්‍යයට මරු පහර තුනක් එල්ල උනා.

1. රැකියා වෙළඳපොලට කාන්තාවන් ඇතුළුවීම නිසා ඇතිවූ අධික තරඟකාරීත්වය

2. හුදෙක් "පිරිමියෙකු වීම" නිසා ගෑණු ගන්නට තවදුරටත් නොහැකි වීම. ගෑණු දැන් පිරිමියාගේ පෙනුම, රස්සාව, චරිතය, හැසිරීම ආදී අටමගල් බලන නිසා ඇතැම් "දුබල" පිරිමින්ට කවදාවත් ගෑනියක් සෙට් නොවන බව පෙනීගියා. පිරිමි තම චිත්තවේගීය, සමාජයීය, භෞතිකසහ ශාරීරික අවශ්‍යතා සපුරාගැනීමට ගෑණු මත තදින් යැපෙන නිසා මේ පිරිමි තනිකම (Male Loneliness) කියන ගැටළුව ඇතිඋනා.

3. ඇගේ දේපොළ කොල්ලකන්නටත්, ඇගේ ශ්‍රමය සහ ශරීරය නොමිළේ හූරාගෙන කෑමටත් තිබ්බ ලයිසන් එක අවලංගු උනා.

මම ඉහත "දුබල" පිරිමි කිව්වේ ඩාවින්ගේ පරිණාමවාදයේ අර්ථයෙන්. ස්වභාවධර්මයට අනුව බොහෝ සතුන්ගේ ගහණ වල මෙය සිදු වේ. මුව රංචුවක වැඩුණු ගෑණු සහ පිරිමි සතුන් පනහ බැගින් ඇතිනම්, ප්‍රජණන සමයේදී උන් ජෝඩු පනහක් හදන් හැමිණෙන්නේ නැත. ඒ වෙනුවට, ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා පසුපස සියළුම ගැහැණු සතුන් යයි. ඒ අතරින් ශක්තිමත්ම ගැහැණු සතුන් ගණනාවක් සමඟ ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා ප්‍රජනණයෙහි යෙදේ. ඉතිරි වෙන අබල දුබල  ගැහැණු සතුන් ඊළඟට හොඳ පිරිමි සතුන් කීපදෙනා සමඟ ප්‍රජනණයෙහි යෙදේ. රැළේ ලෝ රෑන්ක් දුබල පිරිමි සතුන් ගණනාවකට ගෑණු සතුන් ලැබෙන්නේ නැත. මෙය පරිණාමයේ ස්වභාවික වරණය ලෙස හැඳින්වේ. ස්වභාවධර්මයට දුබල ජාන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැති නිසා එසේ දුබල පිරිමින්ගේ ප්‍රජනනය වළකයි.

මෙතැනදී පිරිමින්ට තෝරා ගැනීමට මාර්ග දෙකක් ඇතිවිය.
1. තමන්ගේ දුර්වලතා හදාගෙන තරඟයට මුහුණදීම- මෙය වඩාත් අසිරැ වැඩකි. පෙනුම හදාගන්න ව්‍යායාම කිරීම, මහන්සිවෙලා පාඩම් කොට කැම්පස් යාම, ගෑණුළමයෙකුට ආචාරශීලිව සැළකීමට ඉගෙනගැනීම, ගෙදරදොරේ වැඩ ඉගෙනගැනීම ආදිය ලෙහෙසි නැත. කැපවීම, විනය, සහ ego එක මැඩගැනීම ආදී අභියෝග රැසකි. 2. අනුන්ට දොස් පැවරීම, විනාශකාරී ලෙස හැසිරීම, ගෑණුන්ගේ මානව හිමිකම් කප්පාදු කර තෝරාගැනීමකට ඉඩ නොදීම මගින් ගෑණු සෙට් කර ගැනීමට යාම ආදී ලේසි සහ වඩාත් උද්වේගකර මාවත

මුව රංචුවක "දුබල" පිරිමි මුවන්ට සමාජ මාධ්‍යය භාවිතයක් නැතත් කාන්තා ආකර්ශනයක් නැති දුබල පිරිමි එසේ නිකම් හිටියේ නැත.
මේ දෙවන කුළකයෙන් ඇල්ෆ මෝල් ආදී විසකුරු පුරුෂෝත්තමවාදී අදහස් බිහිවුනා. සමාජයේ වැඩියෙන් ඉන්නෙ මහන්සිවෙලා අරමුණකට යන්නන් වන පළමු කුළකයේ උන් නොවන නිසා ගෑණු විරෝධී මත "දුබල" පිරිමි අතර ජනප්‍රිය උනා.

ඇත්තටම ඇල්ෆ මෝල් ආදී විසකුරු පුරුෂෝත්තමවාදීන් යනු රියල් ටයිම් අපි දකින ඩාවින්ගේ පරිණාමවාදයේ ස්වභාවික වරණයට කැපවූ දුබලයන්. දේද්දූවගේ කියන "ලංකාවෙ ප්‍රේම සබඳතා සම්බන්ධව පවතින විසකුරු සංස්කෘතිය, සබඳතා අවසන් කරන හැටි නූගැන්වීම" ගෑණුන්ටත්, යහපත් පිරිමින්ටත්, විසකුරු පුරුෂෝත්තමවාදීන් පොදුයි. ඊට තමන්ගේ ප්‍රතිචාරය පාලනය කරගැනීම තමන්ගෙ වගකීමක්. පිරිමි ළමයි පවුලක තාත්ත දිහා බලල, තාත්තගෙන් අහල දැනගෙන වගාදිගා කරගතයුතු දෙයක්. අවාසනාවකට ගොඩක් තාත්තලට පෞරැෂයක් නැහැ, ඉතින් මේක වෙන්නෙ නැහැ. ඒකට සමාජේ ගෑණු පළි නෑ. කලයුත්තේ ඉතා තදින් වගකීමකින් තොරව ළමයි හදන එක පාලනය (ළමයින්ට හානිකරන, වගකීම් ඉටු නොකරන දෙමව්පියන්ට දඩ/ දඬුවම් දීම), දෙමව්පියන්ට ළමයි හදන්න මනෝවිද්‍යාත්මක උපදෙස්/ පහසුකම් දීම, හරිහමන් තාත්තල නැති පිරිමි ළමයින්ට male figure /role model එකක ආශ්‍රය ලබාදෙන ක්‍රමවේදයක්, පිරිමි ළමයින්ට ටාගට් හදාගෙන ඒවට යන්න මගපෙන්වන උදව්වන සිස්ටම් එකක් හැදීම වගේ දේවල් කල යුතුයි.

දේද්දූවගේ කියනව "සබඳතාවක් බිඳ වැටුණම ස්ත්‍රියකට ලැබෙන සමාජ අනුකම්පාවෙන් එක දශමයක් පිරිමියකුට ලැබෙන්නෙ නෑ."ලු.

සබඳතාවක් බිඳ වැටුණම ස්ත්‍රියකට ලැබෙන සමාජ අනුකම්පාව? යකෝ ඊටපස්සෙ ඒකිගෙ චරිතෙ ඉවරකරන එකයි, රටේම උන් ඒකිට ගහන්න එන එකයි, අල්ලපුගෙදරයි ඔෆිසෙකෙයි උන් යෝජනාවකට චරිතෙ හොයන උන්ට "හොඳ චරිත සහතිකයක් දෙනඑක" තමයි සමාජ අනුකම්පාව. ගෑනිට ළමය වෙලේ අතෑරල යන තරමට පිස්සුවට්ටල, ඊටපහු ළමය වෙලේ අතෑරල ගිය එකට සාප කරන එක තමයි සමාජ අනුකම්පාව. නොදකින්.

දේද්දූවගේ කියන්නෙ සමාජ අනුකම්පාව නෙමේ සමාජමාධ්‍ය අනුකම්පාව නම්, තමන් පෝස්ට් දාන සමූහයේ ස්වභාවය මත ඒක වෙන්නෙ. ඇල්ෆමෝල් ගෘප් එකක දැම්මනම් සමාජමාධ්‍ය අනුකම්පාවක් නැහැ. ගොං තර්ක!

නිබන්දිකා වන්නිනායක කියල තිබ්බ තමන්ගෙ හිතවතා තමන්ව ඇරලවන්න ගෙන්නපු පික්මී එකේ හිටපු ඇල්ෆමෝල්  පික්මී කොල්ල  ගෙදර පහළ තට්ටුවෙ ජොඩ්ඩගේ ළමයි දැකල නිබන්දිකාට අවවාද කලාලු ළමයි ඉද්දි රෑ වෙනකල් අනියම එක්ක ඉඳල ගෙදර යනව වගේ එකක් ඌම හිතල. නිබන්දිකා ඌට බැණල.
තව කෙනෙක් කියල තිබ්බ තමන් පාඩුවෙ රැකියාව නිමවෙලා ෆෝන් එකට ආන්සර් කරමින් යනකොට පිටුපසින් ආව පිරිමි දෙන්නෙක් "ඒසියො ළමයි ගෙවල්වල දාල රස්සාවලට ගිහින් මල් කඩකඩ ගෙදර යනව" ආදී ලෙස පසුපසින් කුණුහරපෙන් බණිමින් ඇවිත්ලු. 
වැඩි දවසක් නොගිහින් මුන් අළුත් වටයකින් කාන්තා හින්සනයක් පටන් ගන්නව, ගෑණු රස්සා කරන එක, ෆෝන් ආන්සර් කරන එක, ළමයි ඉන්නවනම් එළියට යන එක, කිසිම පිරිමියෙක් එක්ක කතා කරන එක කාන්තා හින්සනයට සාධාරණ හේතු ලෙස දක්වමින්. අළුත් නිර්ණායක සහිතව. 

ඇල්ෆ මෝල්ලු සමාජමාධ්‍යවල කාන්තා වෛරය පැතිරීමෙන් නතර නොවී, සැබෑ ජීවිතේත් කාන්තා වෛරය ප්‍රැක්ටිස් කරන්නට යාම නිබන්දිකාගේ සිද්දියෙන් පේනව. පික්මී ආයතනයේ ආචාරධර්ම තබා ඕනෑම මුදල් ගෙවා ගන්නා සේවයකදි කස්ටමර් ගැන කතාවක් ඌම හදන් කස්ටමර්ට හිරිහැර කරන රටක් තියෙනවද? ඇල්ෆ මෝලට බැණීම තත්වය එස්කැලේට් වීමක්. ඇල්ෆ මෝල්ලු අතර ඉන්න බහුතරේ මානසික රෝගීන් නිසා, ගෙදරත් දැකපු නිසා, රෑකට ගෙට පැනල පිහියෙන් ඇනීමට පවා පුළුවන්. ඒනිසා මේ මානසික රෝගීන් සඳහා රජය මැදිහත් වෙලා නියාමනයක් හදන්න ඕනේ. ඇල්ෆ මෝල්ලු පාර්ලිමේන්තුවට ගියොත් උඹලගෙ මානව හිමිකම් ඉවරයි කෙල්ලනේ. ඇෆ්ගනිස්තානය දිහා බලන්න. වසර පනහකට පෙර මිනි ගවුම් ඇඳපු ගෑණුන්ගේ සියළුම මානව හිමිකම් වසර හතරකදි ඉවර කලා. අද ගෑනියෙක්ට ද්විතීක පාසැලේ ඉඳල ඉහලට ඉගනීම, රස්සා කිරීම, ගෝනිබිලි කිට් එක හැර වෙන ඇඳුම් තහනම්. මේ ලඟදි ගෑණු දෙන්නෙක්ට කතා කරන්නත් තහනම් කලා.

අපේ මුතුන් මින්තන් අමාරැවෙන් ලබාගත් මානව හිමිකම් අපේ දැරියන්ට රැකල දීම අපේ වගකීමක් බව මතක තබා ගන්න.   

Nibandhika Wanninayake
එක දවසක් මගේ බෝයි මාව අපේ ගෙදරට ළඟ හන්දියෙන් ටුක් එකකට නැග්ගුවා. ටුක් එකේ හිටියේ නිකං නසරානි පාට පොඩි ඇටයෙක්. මං ගේට්ටුව ගාවින් බහිනකොට අපේ පහළ තට්ටුවේ ඉන්න පොඩි පුතාලා දෙන්නා අපේ බැල්කනි එකේ. එයාලගේ පුරුද්දක් මං දැක්ක ගමන් "මොනවද ගෙනාවේ, ඇයි පරක්කූ... " වගේ ඒවා අහන එක.
මුන් දෙන්නා ඝෝෂා කරනකොට පික්මී එකේ කොල්ලා.
"මිස්ලා ගෙවල්වලට ඈතින් ත්රීවිල්වල නගිනවා. දරුවො ගෙදර එනකන් බලන් ඉන්නවා. ෆේස්බුක් එකේ ගෑනු ඔය ජීවිතේ විඳිනවා කියලා කියන ඒවා ඔළුවට ගත්තම වෙන වැඩ.."
මට ඇල්පාමෝල්ලු අඳුනා ගන්න පුලුවන්. හොඳවයින් ඇමතුවා.
ඇත්තටම ඉතින් ඒ ළමයි දෙන්නා මගෙම වෙලා මං කොටුවක් පැනලා ආවත් ඌට 🍑 ද?
"



හිච්චි ටේට්ලා® සහ ඇල්පාමෝල්ලා® ගැන වචනයක්. - චමීර දේද්දූවගේ
පළමුවෙන් ම කියන්න ඕන, මේක විසකුරු පුරුෂෝත්තමවාදය (toxic masculinity) ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. ඇන්ඩෘ ටේට්, ජෝඩන් පීටර්සන් ආදී කක්කි බාල්දි හෝ ඔවුන්ගෙ ආකල්පමය අසූචි ගොඩවල් වල ඩිෆෙන්ඩ් කරන්න දෙයක් නෑ, ෆ්ලෂ් කරන්න මිසක්.
නමුත් ඇයි ලංකාවෙ කොල්ලො මේ දිහාට ඇදෙන්නෙ? විශේෂයෙන් ම සාමාන්යයෙන් අනෙක් පරම්පරාවන්ට සාපේක්ෂ ව ඉදිරිගාමීයි කියල පේන Gen-Z කොල්ලො ඇයි මුංගෙ දිරච්ච ලණු කන්නෙ?
මගෙ අදහසේ හැටියට මේක ලංකාවෙ හරියට අවධානය යොමු නොවුණු ක්ෂේත්රයක් සහ ගැඹුරෙන් අධ්යයනය කරන්න ඕන කාරණයක්. ඒකට ඉඩ තබමින්, මේක ගැන මම කරපු නිරීක්ෂණ කීපයක් කියන්නයි මේ සටහන ලියන්නෙ.
අංක එක, ලංකාවෙ ප්රේම සබඳතා සම්බන්ධ ව පවතින විසකුරු සංස්කෘතිය. දෙන්නා කැමතිවෙලා, කේන්දරත් ගැළපිලා, ගෙවල්වලින් හාත් කියලා, කසාදත් බඳින තැනට යන වාසනාවන්ත කීපදෙනා ඇරෙන්න, බොහෝ ආදර කතාවල තියෙන්නෙ බිඳවැටීම් සහ වේදනා. අද මේ අපි කතා කරන 2025 අවුරුද්දෙ පවා, "නොගැළපෙන සම්බන්ධයක්" කියන්නෙ මාපිය දූදරු සබඳතා පවා බිඳවැටෙන තැනක්. මේකට ප්රධාන හේතුව, තමන්ගෙ දරුවගෙ ආදර සහ ලිංගික ජීවිතය ගැන බොහෝ දෙමාපියන් ඒකාධිකාරී බලයක් තියාගන්න උත්සාහ කිරීම. පවුලෙ කැමැත්ත නොලැබෙන කෙනෙකු එක්ක මෙසේජ් කරලා අහුවීම පවා මේ ලංකාවෙ දරුවකුට මුළු දවසක් තිස්සෙ අමානුෂික ලෙස ගුටිකන්න හේතුවක් වෙන්න පුළුවනි. ගෙදරට පිටින් කසාදයක් කරගැනීම යනු සදහටම අම්ම තාත්තව අහිමි කරගැනීමක් වෙන්න පුළුවනි.
දෙක, සබඳතාවන් පටන්ගන්න හැටි ෆිල්ම්වලින්, ටෙලිනළුවලින් ඉගැන්නුවට, සබඳතා අවසන් කරන හැටි නූගැන්වීම. කොච්චර යකඩ පපුවක් තියෙන මනුස්සයෙකුට වුණත්, ආදරය කරපු කෙනා අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ ඉරිතලල යන තැනක්. අවාසනාවට ලංකාවෙ අපි තවමත් සමුදෙන්න හෝ සමුගන්න දන්නෙ නෑ. ඒ නිසා ම බොහෝ බිඳවැටුම් අවසන් වෙන්නෙ පළිගැනීම් වලින්. සිය පරණ පෙම්වතා හෝ පෙම්වතියට ශාරීරික හානි කිරීමේ පටන් සංවේදී සේයාරූ, විඩියෝ ලීක් කිරීම දක්වා මේක දිවයනව. (සමාජ මාධ්යවල මඩ ගහන එක අයිති වෙන්නෙත් මේකට.)
තුන, සබඳතාවක් බිඳ වැටුණම ස්ත්රියකට ලැබෙන සමාජ අනුකම්පාවෙන් එක දශමයක් පිරිමියකුට ලැබෙන්නෙ නෑ. කකුල් දෙක මැද්දෙ තියෙන්නෙ ශිෂ්ණයක් සහ වෘෂණ යුගලක් වීම නිසා ම, වේදනාව දරාගත යුතුයි, නොහැඬිය යුතුයි, ආවේග නොපෙන්විය යුතුයි ආදී ඉතා ම හානිකර අච්චුවක් අපේ සමාජයෙන් හදල දීල තියෙනව. කොටින් ම ලංකාවෙ පිරිමියකුට බ්රේකප් එකකට පස්සෙ රිකවර් වෙන්න සපෝට් සර්කල් එකක් නෑ. ඒ නිසා ම, බොහෝ අසාර්ථක ආදර කතාවන් ඉවර වෙන්නෙ අදාළ පිරිමි, සමාජ වෛරක්කාරයන් වීමෙන්, දිවිනසා ගැනීමකින්, බේබදුකමකින්, මහණවීමකින් හෝ අපරාධයකින්.
මෙන්න මේ අතරමං කරන ලද පිරිමියා අභිමුඛයට තමයි ඇන්ඩෘ ටේට් වගේ විසකුරු සත්තු හමුවෙන්නෙ. දුකෙන්, වේදනාවෙන් පරිපීඩිත හිත්වලට, වේදනාව වෙනුවට පුරවගන්න දෙයක් ඔවුන් දෙනව. ඒ තමයි අසංවේදීකම, නරුමකම සහ සමාජ වෛරය. දුක දරාගන්න බැරිව, මානසික අවපීඩනයෙ පතුළෙ ම හිර වෙලා, කන බොන එක පවා අමතක කරල දාල ඉන්න මනුස්සයෙකුට ටේට්ලගෙ බණ, පපුව ගැඹුරට ම තදින් ම වදිනව.
"ඇයි උඹ දුක් විඳින්නෙ? උඹ දුක් විඳින්නෙ උඹ ඉමෝෂනල් නිසා. සංවේදී නිසා. මනුස්සයෙක් නිසා. විසිකරපං ඔය ඉමෝෂනල් ගතිය. අසංවේදී වෙයං. නරුමයෙක් වෙයං. ඇයි උඹ දුක් විඳින්නෙ? දුක් විඳින කෙනෙක් වෙනුවට දුක් දෙන කෙනෙක් වෙයං. ඉල්ලන්නෙක් වෙනවා වෙනුවට ඉල්ලුමක් හදාගනිං. වෙන කෙනෙක් නැති වුණාම අඬන කෙනෙක් වෙන්න එපා. ඒ වෙනුවට, උඹ නිසා අනික් අය අඬන තැනට වැඩ කරපං. උඹව පාවිච්චි කළා වගේ උඹ අනෙක් අයව පාවිච්චි කරපං. අවස්ථාවාදී වෙයං. වංචා කරපං. කොටු පැනපං. අඬන්න එපා අඬවපං. ඇල්ෆා සත්තු තමන්ට ඕන දේ කොහොමහරි ගන්නවා. මිසක් අනුන්ගෙ හැඟීම් ගැන හිතන්නෙ නෑ. උඹත් ඇල්ෆා මේල් කෙනෙක් වෙයං."
ඕක තමයි ටේට් සහ ඒ ජාතියෙ අනෙක් විසකුරු ඉන්ෆ්ලුවන්සර්ලාගෙ ධර්මය, දේශනාව.
මම නං කියන්නෙ විසකුරු ඇල්ෆා චින්තනය වසංගතයක් වගේ පැතිරෙන එක අහන්න දෙයක් නෙමෙයි. දශක ගාණක් පුරා අපි අපේ සමාජයෙ පිරිමින්ගෙ සංවේදීබව කියන එක බොහොම වෙහෙස මහන්සි වෙලා මරාදාල තියෙනව. දුකකදි, වේදනාවකදි සංවේදී වීම යනු දුර්වලකමක්, නෝංජල්කමක් කියල අපි උගන්වල තියෙනව. නියම පිරිමියෙක් කියන්නෙ දරදඬු, අයෝමය, අනනුකම්පීය, නිර්දය මස්පිඬු ගොඩක් කියල අපි සම්මතයක් හදාගෙන තියෙනව. ඒකෙ ආනන්තරීය ප්රතිඵලය තමා මේ දැන් අපි දකින්නෙ.
තල වපුරලා උඳු අපේක්ෂා කරන්න බෑ. තල වැපිරුවොත් ලැබෙන්නෙ තල තමයි. අස්වැන්නට උඳු ඕන නම් මහන්සි වෙලා උඳු වපුරන්න ඕන. ඒ වගේ, අසංවේදී පිරිමි පුරුෂාර්ථ වපුරලා සංවේදී පිරිමි බලාපොරොත්තු වෙන්න බෑ. සංවේදී පිරිමි දකින්න ඕන නං, පිරිමින්ටත් සංවේදී වෙන්න අපේ සමාජය පුරුදු වෙන්න ඕන. 🙂

Tuesday, October 21, 2025

ගැහැණුන්ගේ දුර්වලකම් වීරකම් ලෙස ග්ලෝරිෆයි කරන සමාජ වල ඛේදවාචකය


අපේ සාම්ප්‍රදායික පුරෂමූළික සමාජවල ගැහැණුන්ගේ දුර්වලකම් වීරකම් ලෙස ග්ලෝරිෆයි කරන එක බරපතල සමාජ ඛේදවාචකයක්.

ගැහැණු අනුන් මත යැපීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
ගැහැණු තමන්ට පවුල ඇතුළේ වෙන ඕනෑම විපතක් විඳ දරා ගැනීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
එකම මිනිහ එක්ක බුදියගැනීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
කසාද බැඳීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
ළමයි හැදීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
කන්යාපටලය මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.

කසාද, ළමයි, කන්යාපටල දුර්වලකමක් නෙමේ, හැබැයි පුතෝ වැරදුනොත් ආයෙ ලේසියෙන් ගැළවීමක් නෑ
එකම මිනිහ එක්ක බුදියගැනීම හොඳයි, නමුත් ඒතරම් ග්ලෝරිෆයි කලයුතු නෑ.

මේ නිසා ගෑණු පත්වන ඛේදවාචකය සුළුපටු නැහැ. අන්තිමේදි මේ සමාජ වල බිහිවෙන්නෙ නූගත්, මෝඩ, මෙලෝ සමාජ දැනුමක් නැති, ස්කිල්ස් නැති, ආත්මගෞරවයක් නැති, හීනමානයෙන් පෙලෙන, ෆැන්ටසියක ඉන්න, ලදබොළඳ, පරපෝෂිත, පිරිමියෙක් වටේ තමන්ගෙ සියළුම පැවැත්ම රඳවගත්ත ඉතාම දුර්වල ගෑණු. උඩ පෝස්ට් එක ඒකට එක උදාහරණයක්. 


එවැනි ගෑණු කසාද බැන්දම ඉතාම නීච අම්මලා වෙලා දුවලට කෙළවනවා. පහත පෝස්ට් එක එක උදාහරණයක්. 

ඉතින් ඔය විෂම චක්‍රය පරම්පරාවෙන් පරම්පරාවට කැරකෙනවා. දුර්වල අම්මල දුවලව දුර්වල කරනවා, දුර්වල දුවල අම්මල වෙලා ඒක දිගට ගෙනියනව. මේ සියල්ලටම වගකිවයුතු පුරැෂමූළික පිරිමි ගෑණුමයි ගෑණුන්ට වළ කපන්නෙ කියනව. 


"මගෙ පරණ යාළුවෙක් අද කතා කරා කතා කරපු වෙලාවේ ඉදන් මං ඉන්නෙ අතීතය මතක් වෙලා හරිම අවුලෙන් ..මගේ අතීතය නෙවෙයි ඒ ලමයගෙ අතීත..මගෙ පරණ යාළුවා ලස්සනයි ඇග එහෙම මාර හැඩයි ඉණ පලල් කොන්ඩේ දිගයි දණිස් ලගට ..ඉගෙන ගන්න මාරම දක්ශයි ඕනිම වැඩක් ඉක්මනින් අල්ලගන්නවා ඉංග්රීසි එහෙම ලියන්න කියන්න හොදට පුළුවන් උසස්පෙළ මට මතක විදියට ලියන්න උනේ නෑ එයා ඉන්නෙ ඔය කොළඹ අවට ..මං දැකපු සක්කිලිම තාත්තා හිටියේ ඒකිට..ඒකිගෙම තාත්තා ඒකිට අතවර කරන්න සෑහෙන්න ට්රයි කරා අම්මට කියලත් තාත්තා මෙහෙම කරදර කරන්න එනවා කියල අම්මා කිසිම පියවරක් ගත්තේ නෑ මල්ලි කෙනෙකුත් හිටියා ඒකිට ..ඒකි කියනවා නාන්න විදියක් නෑලු බාත් රූම් එකට ගිහින් තාත්තා පුටු තියාගෙන කවුළු වලින් බලන්න හදනවලු බැරිම තැන ඒකි කොල්ලෙක් එක්ක සෙට් වෙලා ඌව බැන්දා ඒකිගෙ කරුමේ කියන්නෙ ඌ කුඩ්ඩෙක් අන්තිමට පුතෙක් එක්ක අයින් වෙන්න උනා ..
ඒත් ගෙදර ගියේ නෑ ලමය නැන්දා කෙනෙක්ට දාල ගාමන්ට් ගිහින් ලමයගෙ වියදම් බැලුවා..මා එක්ක මේ රටට එන්න ට්රයි කරා කරුමේ කියන්නෙ ඒකිට සල්ලි හොයාගන්න බැරි උනා ඉඩම් උකස් කරල සල්ලි ඉල්ලුවට තාත්තා දුන්නෙ නෑ..දැන් ආයේ කසාදයක් කරන් තව ලමයෙක් ඉන්නව දැන් ප්රශ්ණය නැන්දම්මා මානසික ලෙඩෙක් මිනිහා එක්ක කාමරේට ගිහින් දොර වහගත්තම නැන්දම්මා කාමරේ දොර ලගට වෙලා අහන් ඉන්නවලු 🤧🤧🤧🤧පොඩි කාලේ තාත්තගෙ කරදරේ දැන් නැන්දම්මගෙ ..මිනිහ කැමතිත් නෑ වෙන ගේකට යන්න ප්රශ්ණයක් වෙච්ච ගමන් මිනිහ ගන්නෙ අම්මගෙ පැත්ත 🥹🥹🥹 ඒකිට දෙයක් උනාම දුවල පැනල බලන්න හිටියේ මල්ලි විතරයි මල්ලි ඇක්සිඩන්ට් එකකින් මේ ලගදි නැති වෙලා ..මට උදේ කතා කරා හරි අසරණයි කටහඩ "මට මැරෙනකල් සැනසීමක් නෑ නිශා"කිව්ව විදිය මතක් වෙද්දි තාමත් පපුව හිර වෙනවා වගේ
එදා ඒකිගෙ අම්මට තාත්තා මට කරදර කරන්න හදනවා කියල කරපු පලවෙනි පැමිනිල්ලෙන් ඒ අම්මා තීරණයක් ගත්තා නම් ..අරූ එක්කො හිරේ හරි යවලා හරි ළමයි දෙන්නා අරන් වෙනම ගියා නම් ගාමන්ට් එකක හරි ගිහින් අරකිට ඉගැනුව නම් ඒකි ආයේ ඉගෙනීමෙන් යන්න ඕනි ඉහලටම යන්න තිබ්බා ඒකි ඒ තරම් දක්ශ කෙල්ලෙක්..මං අදටත් කියන්නෙ උබලගෙ අම්මා දැක්කම මට ලැට් බාල්දියකින් ගහන්න හිතෙනවා ඔය ගෑණි තමා ඔක්කොටම වගකියන්න ඕනි කියලා..අදටත් ඒකිගෙ අම්මා පවුල් කනවා ඒ තාත්තා එක්ක..
සමහර ලමයින්ගේ ජීවිත වල විනාශයට වගකියන්න ඕනි අම්මා..මං සෑහෙන්න දැකල තියෙනවා දෙමපියෝ නිසා අසරණ වෙලා ඉන්න දරුවො ..ලංකාවෙ ගෑණු කසාද බැදල මිනිහා කුඩ්ඩෙක් සල්ලාලයෙක් කියල දැන දැන ළමයි හදනවා..ඒකට් හේතුව ගොඩක්ම ලංකාවෙ නාකි ගෑණු පරම්පරාවේ කතා
" දරුවෙක් හදන්න එතකොට ඔය මිනිහගෙ ඔය වැරදි ටික හදාගනී..ළමයින්ගෙ මූණ දැක්කම මිනිස්සු හැදෙනවා"
සමහර ගෑණු ලමයි හදන්නෙ ලමයෙක් ඕනි නිසා නෙවෙයි ..මිනිහ මට්ටු කරන්න මිනිහා හදාගන්න..මිනිහා යයි කියල බයට..🤧🤧🤧🤧
ඔයාට ඕනි උනාට සල්ලාලයෙක්ගෙ ආදරණීය බිරිදක් වෙන්න දරුවන්ට ඕනි නැ සල්ලාල තාත්තා කෙනෙක්..ඔයාට ඕනි කුඩ්ඩෙක් යහමගට ගන්න උනාට දරුවන්ට ඕනි නෑ කුඩු ගහන තාත්ත කෙනෙක් ..කසාද බදින්න කැමති කෙනෙක් හැබැයි දරුවො හදන්න කලින් බලන්න ඒ මිනිහ ලමයින්ට කැමතිද ඔයාගෙ පවුල් ජීවිතේ ඇතුලෙ ලමයට ආරක්ශාව සහ අනාගතයක් තියෙනවද කියලා..තමන්ගේ ආත්මාර්ථකාමී කමට ළමයි හැදුවට..කෙල්ලෙක් දීග දෙන්න ගියාම කොල්ලගෙ පැත්තෙන් අනිවාර්යයෙන් කෙල්ලගෙ දෙමපියන්ගෙ පැටිකිරිය හොයනවා.
විදවන ළමයි ලෝකෙට බිහි කරන්න එපා..ඔය හාමුදුරු වරුත් බණ කියන්න දෙමපියන්ට සලකන විදිය ගැන විතරක් නෙවෙයි දරුවන්ට දෙමපියෝ සලකන්න ඕනි විදියත් .."

Copied.


" ඔය හාමුදුරු වරුත් බණ කියන්න දෙමපියන්ට සලකන විදිය ගැන විතරක් නෙවෙයි දරුවන්ට දෙමපියෝ සලකන්න ඕනි විදියත්"කිව්වට ඒක වෙන්නෙ නැහැ. ගණයො ඉතිහාසයේ සිටම කලේ වාසි පැත්තට ආවඩන එක. දෙමව්පියන්ට සල්ලියි බලයයි තියෙනව. ළමයින්ට මොනවද තියෙන්නෙ? දෙමව්පියන්ගෙ මූඩ් එක හොඳ වෙන "බණක්" කිව්වොත් ගණයට සැප ලැබෙනව. දෙමව්පියන්ගෙ මූඩ් එක අප්සෙට් යන "බණක්" කිව්වොත් ගණයට සොරිතමා. ඉතින් වයසක නාසිස්ටික් දෙමව්පිය සෙට් එක ඉන්නතැන බණට උන්ගෙ ළමයින්ට දෙමව්පියන් මොනවකලත් සළකපල්ල කියල කියනව. සරලයි.
අනිත් අතට ගණයන්ගෙ තර්කයත්  "තමන් මොන කුප්පකම කලත් තමන් චීවරය දරන නිසා" දායකයො තමන්ට සැළකියයුතු බවනෙ. ඒ rhetoric දෙක හරිම සමපාතයි.







Monday, October 20, 2025

බාහිර සම්බන්ධකම් අවම කරගෙන ජිවත්වෙන්න

 තරුණකාලෙ එක්තරා යුගයක් තිබ්බා මොබයිල් එකට අඳුනන්නැති නොම්මරයකින් කෝල් එකක් එනකොට පපුව ගැහෙනව, මාර එක්සයිට්මන්ට් එකක්. නිකම් යටිහිතේ කොනක තියෙන බලාපොරොත්තුවක්-නොලැබුණු ආදරය, ආර්ථික ප්‍රශ්න, හෝ ගෙදර ප්‍රශ්න වලට උඩ ඉන්න දෙයියො එවපු ඒජන්තයෙක්ද කියල හිතෙනව වගේ. ඒකාලෙ වැඩිපුරම බලල තියෙන හින්දි කතා, කියවපු මල් පොත්, මල් පත්තර වල තියෙන අදහස් සහ ලිංගික හෝමෝනවල බළපෑම වෙන්න ඇති. නමුත් අද මම  අඳුනන්නැති නොම්මරයකින් කෝල් එකක් එනකොට කිසිම වෙලාවක ආන්සර් කරන්නෙ නෑ. මොකද අද මම ඉන්නෙ මට ඕන හැමදේම ලැබුණ පරිසරයක. ඉතින් දෙයියො පිටින් දූතයො එවන්න ඕන නෑ. එදා තිබ්බ ඩෙස්පරේෂන් එක අද නැහැ.

පොඩ්ඩක් හිතන්න ඔය ස්කෑම් වලට උනත් අහුවෙන්නෙ උන්ගෙ කෝල්ස් ඊමේල්ස් බලන ආන්සර් කරන අයට. 

දන්න කෙනෙක්නම් වොයිස් මැසේජ් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දානවනේ. 

ලංකාවෙ කසාද බැඳපු ගෑණු පිරිමි අහවල් රෙද්දටද රෑ මැදියමේ නොදන්න නොම්මර වලට ඇහැරගෙන උඩපැනගෙන කතා කරන්නෙ? බිස්නස් කරත් ජෙනුවින් කස්ටමර් කෝල් එක ඉස්සුවෙ නැත්තම් අවශ්‍යතාව කියල වොයිස්, ටෙක්ස්ට් හෝ වෙන මැසේජ් දායි.මේවගේ කතා ෆේස්බුක් එකේ වැහිවැහැල. වැරැද්ද කිසිම ෆිල්ටර් එකක් නැති ඔයාගෙ. අපිට රට හදනවට වඩා ලේසියි තමන්ගෙ බවුන්ඩරීස් හදන එක.

මේ යුගයේ නොදන්න එවුන් 99%ම එන්නෙ ගිනිගෙඩි දෙන්න. ඒනිසා තමන්ගෙ කවයෙන් පිට ගණුදෙනු අවම කරගන්න.

Siththari Arts's Post


ගිය දවසක කෝල් එකක් ආවා. මන් දැන් ගොඩක් වෙලාවට කෝල් ආන්සර් කරන්නේ ස්පීකර් එක ඔන් කරලා.😂 ..
දැන් මේ ඩයක් එක මට එරන්දී කියලා කතාකරනව. මන් ඇහුවා ඔයා කවුද කියලා.. ඔයා දන්න යාලුවෙක්ලූ.. ඔයාට කියන්න දෙයක් තියෙනව අහන්නදෙයක් තියේ කියලා කිවා..
පස්සේ මන් කවුද කියලා දිගින් දිගටම ඇහුවම කට් කලා...
එවෙලේ ඒ නම්බර් එක මන් වට්සැප් බැලුවත් එකෙ තිබ්බෙත් නෑ... .පස්සේ නෝමල් මැසේජ් එනවා එරන්දී මෙ අහන්නකො .
ඔයාට කොහොමද .. මන් මුකුත්ම ගනන් ගත්තෙත් නෑ..
ඊයේ මැසේජ් එකක් දාලා කියනවා ඔයාට දෙයක් කියන්න තියේලූ.. මන් බැරිම තැන ආයම ඇහුවා ඔය කවුද කියලා.. මන් දන්න කෙනෙක්ලූ ශාන්ලූ නම.. දැන් මන් දන්න ශාන්ලා තුන් දෙනා නෙවෙ මේ වෙනම ඩයල් එකක් එතකොට මන් දන්නෙනා. මන් දන්නවන්ම් නම්බර් එකක් සේව් කරලා තියෙන්නත් ඕනි මන් .. මන් ආය කිවා.ඔයා කවුද අනේ ඔයා ඔහොම මැසේජ් කරන එක මට වදයක් හස්බන්ඩ වුණත් දැන් බලන් ඉන්නේ කියල.. මේ ඩයල් එක කියාපි කියන්න්කො හස්බන්ඩ ඉන්න නිසාද මාව දන්නෙ නා කිව්වෙ කියලා 😂😂😂😂.. මන් දැන් ඇත්තටම දන්නෙ නැ. ඒ කරලා මන් ඊයේ වට්සැප් බලද්දි ඒ නම්බර් එක පෙන්නන්නවා වට්සැප් . වෙන නම්බර් එක්කින් මන් චැට් කලා කසුන් වගේ... 😂 දන් මන් ඇහුව ඔයා කවුද ඇයි බන් මෙහෙම කතාකරන්නේ වයිෆ්ට එහෙමයි කියලා.. ඩයල් එක කියනවා ඒ මචන් ගනන් ගන්න එපා බන් කියලා 😂😂. එක එහෙම්ම නවත්තලා මන් දැන් නෝමල් බ්ලොක් කලා.. පස්සේ ආය මගේ වට්සැප් එකට ඩයල් එක මැසේජ් කරනවා ආට් එකක් ඕනි කියලා 😂😂 .මන් බැන්නා ඔයා ඇයි මෙහෙම කරන්නෙ ඔයා කවුද කියලා ඩයල් එක කියනව ඔයගේ හස්බන්ඩ මැසේජ් කලා මටකියල. මාත් කිව්වා බොරුවට ඔව් දැන් මහෙත් පවුල් අවුල් වෙලා තියෙන්නෙ කියලා.. ඩයල් එක කියනව ඉන්න මන් හස්බන්ඩ ව ශේප් කරන්නම්ලූ.. 😂😂මන් හොඳ පදෙන් අමතා බ්ලොක් කලා.. මන් දැන් ට්ක්කට කලින් කස්ටම කෙනෙක්ගෙ චැට් එකක් බලන්න පහළට යද්දී දැක්කා ඒ නම්බර් එක ප්රොෆයිල් පික් එකක් දාලා.. මන් හිතන්නේ ඉන්නේ ඒ ඩයල් එක තමා ..පොඩි කොල්ලෙක් .😂😂😂.. මන් දැකලවත් නෑ
අපේ මිනිස්සූ ගන්නේ මේ ලෝකේ ආතල් නෙවෙ. කසුන් අපි මේවා ආතක් එකට ගන්න නිසා හොඳයි . ඇත්තටම ෆුල් සිරා ඩයල් එකක් උනානම් ඇත්තටම පවුල් අවුල් තමා 😑😑😑😑😑😑😑😑😑......
බිස්නස්ස් එකට නම්බර් එක දැම්මම අපේ පිරිමි කමටත් ලැජ්ජ කරන සමහර අය කරන්නේ මේ වගේ දෙවල්
Asanka Manoj
එහෙම දෙයක් උනාම අනිවාර්යයෙන් ෆේස්බුක් දාන්නම ඕනිද? එහෙම දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ🤭
Author
Siththari Arts
Asanka Manoj මන් දැම්මා .මොකො මේවා දැනුවත් වෙන්න ඕන . සමහර මිනිස්සු කෙල්ලෙල්ට එන මිස් කෝල් එකත් සැක කරන එකේ මෙහෙම දන්නවා වහේ කතාකලාම පවුලක් අවුල් වෙන එක ගැන අහන්න දෙයක් නෑ
Author
Siththari Arts
Asanka Manoj අනික් බලාපොරොත්තුව මට $ ඒනව ඔයා ඕම ක්ම්න්ට් එකක් දැම්මත්
Vinu W Thilakarathna
K ඉතින් ඕවා සීරියස් ගන් නැති නිසා හොදයි😊
  • Reply
  • Edited
Subodhani Nuwanthi
ohoma ekkenek wadayk weddi math husband wage msg kara ita passenm saddayk ne🫣
Ishan Madushanka
Manasika ledek wenn berida.
Neo Chamara II
 
එ මම 👍
Kelum Bandara Wijewardena
X , Y ලා නොදන්නා අංක වලින්ද පැමිනිය හැකිය 😃
රන්දික මදුශන්ක
සොරි ඒ මම ශාන් කිව්වෙ බොරුවට මම ශන්ක 🥺
Sandu Konara 
Matt kalekata saryk mokekhri p dial ekk oy widihta call msg krnw business number ekt 🥹
Rick Sanchez
Ai mewa fb damme
Sujani Somathilaka
පිස්සෝ ඉන්නෙ දැන්..මට පාන්දර කෝල් එනවා එනවා 2ට 4ට වගේ වෙලාවල්වලට.වට්සප් බලද්දි රැව්ල් ගහක් නැති ඇච්චො.හස්බන්ඩ් ආන්ස්වර් කලාම කට් කරනවා.තොට අපස්මාරෙද බල්ලො මල පාන්දර කෝල් අරන් කෙදිරි ගාන්නෙ කියලා මැසේජ් එකක් දාලා බ්ලොක් කලා..වට්සප් ස්ටේට්ස් වීව්ස් ගන්නලු අනේ මන්දා මොන විකාරද කියලා😁
Gagi Piyasena
ඒ කොල්ලව පොඩ්ඩක් පබ්ලිශ් කරා නම් හරිනෙ මේකෙ photo එකක් දාලා 😁
Di Li Ni Hapuarachchi
හැමේකාගෙම කතාව එකයිද කොහෙද😂😂
Irusha Patuwathavithane
නොම්බරේ එවන්න කො..ඉන්ටර්පෝල් එකෙන් කතා කරන්නෙ කිව්වම මුත්රා පහවෙයි කැඩි පොරියට... 😀😀😀





දකුණු කොරියාවේ ළමයෙක් හදන්න රජයෙන් සල්ලි දෙනවාලු, ලංකාවෙ ත්‍රිපෝෂ පැකට් එකවත් හරියට දෙන්නෑලු

 4B ව්‍යාපාරය යනු දකුණු කොරියාවේ රැඩිකල් ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් වන අතර එය පීතෘමූලික සම්මතයන්ට අභියෝග කිරීම අරමුණු කරගනිමින් කාන්තාවන් විවාහ...