Sunday, September 3, 2023

වැම්පයර් ගෑනියෙක් බැඳපු චුල්ල පදුම, දිවි නසා ගැනීම වීරකමක් කරගත් සිරිසඟබෝ, මල්ලි පෙන්නල අයියව අඟේ ගැසීම නොහොත් කුස පබාවතී, ළමා හින්සක ගොබ්බ වෙස්සන්තර සහ තවත් ජාතකේ එපා කරවන ජාතක කතා

චුල්ල පදුම ජාතකේ කියන්නෙ misogynist පිරිමින්ගෙ හෝලි ග්‍රේල් එක, ඕලෙවල් බුද්දාගම ෆේල් එකත් දන්නව තිබහට උරේ පළල ලේ දීල ආදරේ කරපු රජාව අතහැරල අතපය නැති කොටෙක්ට ආදරේ කරපු ගැහැනිය ගැන. බීල ගෑනුන්ට ගහන බනින, ගෑනුන්ට බල්ලන්ටත් අන්ත ලෙස සළකන, වල් නාකින්ගෙ පරම්පරාව තරැණ කාලෙ නිතර අහපු ගොඩක් ජනප්‍රිය වුන ගීතයක් තමා එම් එස් ප්‍රනාන්දුගෙ ඔබේ අම්මද නැත්නම් ඔබගේ බිරිඳද ගීතය. ඒකෙ ලිරික්ස් වලත් ජාතක කතා දෙකක් තියෙනව, මනමේ සහ චුල්ල පදුම. 

෴෴෴ ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ෴෴෴

ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද

ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද
ගෑණු අපට සිය ගණන් සෙව්වැකි
හැබැයි අම්ම කිව්වොත් එක් කෙනයි බොරු නැති
අතමිට කාසි පනම් ඇති විට 
එතකොට ගෑණුත් ඇති වටපිට
එයාල අතමිට නැතිදා හැර යයි යන්නට
අම්ම එහෙම කරයිද තම පුතාට
සමහර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕන තරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

එදා චූල පදුම රජතුමාගෙ බිසවට
පිපාසෙ වුණ කාන්තාරෙ යනකොට
රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට
රජු එතරම් ආදරෙයිනෙ සිය බිසවට
ඈ ආස හිතිල අතපය නැති කොරෙකුට
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට
අම්ම එහෙම කරයිද තම පුතාට

එදා රජතුමා සහ බිසව කැලේ යන විට
වැදි කුමරෙක් කඩා පැන්න සටනට
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට
ආස හිතුන රජතුමාගෙ බිසවට
කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට
කඩු කොපුව රජුට කඩුව දුන්න වැද්දට
අන්න ඒක නිසා නහින්න වුණා රජාට
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට

ඔබෙ බිරිදව ඔබේ ලඟට කැන්දා
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා
ඔබ බිරිදට ආදරෙන් ඉන්න සැමදා
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා
සමහර තරුණො තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕන තරම් ලෝකෙ හරිම කරදරේ
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ

 ගෑනු ජරා ජාතියක් ය කියන එකට නිතරම උදාහරණයට ගන්නා මේ චුල්ල පදුම ජාතකේ ඒ කොටස දන්නව උනාට කීයෙන් කී දෙනාද සම්පූරණ චුල්ල පදුම ජාතකේ දන්නෙ? හෝල් ටෘත් නොදැන හෝ තමන්ගෙ වාසියට  කතාවෙ තමන්ට ඕන කෑල්ල අවුට් ඔෆ් කොන්ටෙක්ස් කියන එකත්, කිසි සොයා බැලීමක් නැතිව ඒකට රැවටෙන එකත් ජාතික ක්‍රීඩාව වෙච්ච රටකට සම්පූරණ චුල්ල පදුම ජාතකේ මෙසේ කියන වග නම්, 

එක්තරා රටක රජෙකුට පුත්තු හත් දෙනෙක් හිටියා, ඒ අතරින් බෝධිසත්ව ඔටුන්න හිමි eldest කුමාරයා. කිසියම් හේතුවකට මේ රජාට ලොකු බියක් ආව තමන්ගෙ පුතෙක් තමන්ව මරල රජකම ගන්න හදයි කියල. ඒ නිසා රජා තීරණය කලා පුත්තු හත්දෙනා රටෙන් පිටුවහල් කරන්න. තමන් මළාට පස්සෙ තමා ඒ රටට එන්න ඔවුන්ට අවසර ලැබෙන්නේ. පුත්තු හත්දෙනා දුක සේ එම තීරණයට එකඟ උනා. ඔවුන් තම බිරින්දෑ වරැන් සමඟ (ළමයින් ගැන සඳහනක් නැත) පාරට බැස්සත් යන තැනක් දැන හිටියේ නෑ. අහම්බෙන් ඔවුන් කැළයකට ඇතුළු උනා. ඔහොම යද්දී ඔවුන්ට සා පිපාස ඇති උනා. ඔවුන් බාලම මල්ලිගෙ බිරිඳව මරල කෑලි දහ තුනකට කැපුව [(7*2)-1=13], එකාට එක මස් කෑල්ල ගානෙ. බෝධිසත්ව සහ බිරිඳ තමන්ගෙ කෑළි දෙකෙන් එකක් කාල අනික සේව් කලා. ඉදිරි දින පහේ මේක මෙහෙමම වෙලා බෝධිසත්ව බිරිඳ හැර අනිත් ගෑනු හය දෙනාටම මේ ආකාරයට ෂොට් එක හම්බ උනා. හත් වෙනි දවසෙ කට්ටිය බෝධිසත්ව බිරිඳ මරන්න සෙට් උනාම, හැමදාම එක ගානෙ ඉතිරි කරපු මස් කෑලි හය දීල එදා ෂේප් කර ගත්ත. ඒ රෑ මේ දෙන්න පළා ගියා. එසේ යද්දි ඇය විඩාපත් උනාම ඔහු ඇයව ඔසවාගෙන ගියා, ඇයට තිබහ හැදුනාම දනිහිස කඩුවෙන් කපල ලේ දුන්න. අන්තිමේ ගoගා ගඟ් ඉවුරට ඇවිත් එතන පැළක් හදන් පළවැල කකා ජීවත් උනා. එක දවසක්  අපරාධකාරයෙක් වීම නිසා ඊට දඬුවම ලෙස රාජ නියමයෙන් අත පය කන් නහය කපා මැස්සක ලා දියේ පා කර එවූ එකෙකුගේ වේදනාවෙන් කෑ ගැසීම ඇහිල චූල පදුම ඒකව බේරගෙන ගෙදර අරන් ඇවිත් ගෑනිගෙ විරැද්ධත්වය මැද බේත් කරල කන්න දීල බලා ගන්නවා. ඌ හොඳ වෙද්දි ගෑනි ඌට ලව් කරන්න ඇරන් ඌත් එක්ක හැමිණෙනවා. ඒ අතර ගෑනි චූල පදුමව රවටා හෙළක් මුදුනට ගෙන ගොස් එතනින් පහළට තල්ලු කරල මරන්න හදනවා. පහළට වැටෙන චූල පදුම ඒ හෙළේ පළතුරැ ගසක රැඳිල, කලක් එතන ඉඳල එම පළතුරැ කන්න එන සතෙක්ගෙ උදව්වෙන් එතනින් මිදිල ගමකට ගොස් පියාගේ මරණයෙන් පසු රජ වෙනවා. මේ අතර එක්ස් වයිෆ් කොටාව කර ගහන් කැළෙන් එළියට ඇවිත් හිඟා කකා කොටාව රක්‍ෂා කරනවා. චූල පදුම රජු එක දවසක් ඇතා පිට යද්දි මේ ඩබල දැකල අතීත කතාව මිනිසුන්ට කියල ගෑනිට දඬුවම් කරනවා. සාදු කියන්න පින්වතුනි!

ජාතක කතා කියන්නෙ බුද්ධ දර්ශනය නෙමේ ඒ නිසා බුද්ධ දර්ශනය විවේචනය කරන්න ඒව ගැන කතා කරන්න එපා කියන අය කතා නොකරන කාරනය තමයි ජන ජීවිතයට ජාතක කතා කොතරම් කා වැදිලද කියන එක. ජාතක කතා පන්සිය ගණනක් තිබ්බත් ටොප් හිට් වෙලා තියෙන්නෙ ඒවයේ අජූතම ජාතක කතා ටික. මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෙ හාන්දුරැ සෙට් එක. හැබැයි හාන්දුරැ සෙට් එක හිතුවෙ නෑ තාක්‍ෂනේ දියුණු වෙලා අපි වගේ කොමනර්ස්ලටත් මේ පොත් අවේලබල් වෙයි කියල. උඹල තාක්‍ෂණේට බැන්නට ඔන්න ඕව තාක්‍ෂනේ දියුණු වෙච්ච එකේ හොඳකම. නැත්නම් ඕකුන් මළාට චූල පදුම ජාතකේ මුල කියන්නෙ නෑ. 

චූල පදුමගෙ චරිතයේ විශාල ගැටළු තියෙනවා. පිටුවහල් කලේ මේ පිරිමි හත්දෙනා පමණයි, උන්ගෙ ගෑනු ආතල් එකේ මාළිගාවෙ නොඉඳ ඕන දුකක් විඳින්න බලන් උන් එක්ක ආව එක ලොකු කැප කිරීමක්. එහෙම කරපු බාළ නෑනලව මරන් කාපු එක ඉතාම නින්දිතම වැඩක්. බෝධිසත්ව ඒක අනුමත කරල තමන්ගෙ මස් කෑල්ල ක්ලේම් කලා. ඒ කරල තමන්ගෙ වාරෙ මග හැරිය. ඒකත් හරි අවස්ථාවාදීයි. ඕක හරියට ලියනව නම් ලියන්න ඕනෙ පළමු දා බාලම නෑන මරද්දි බෝධිසත්ව ඒකට විරැද්ද වෙලා ගෑනි එක්ක පලා ගියා කියල. මේව ලියපු යුගයේ මිනිස් ශිෂ්ඨාචාරය ගෑනු සහ ළමයි සතුන්ට මදක් ඉහළ තැනක තබපු කාලයක්. ඒ නිසා ළමයි වැඩකාරකමට දීම, ඊයෙ හැමිනුන ගෑනිව අද බඩගින්නට මරන් කෑම වගේ කාරණා එදා ඒ තරම්  අවුළක් නෑ. ඒව හරියට හරකෙක් වැඩකාරකමට දීම, එළුවෙක් බඩගින්නට මරන් කෑම වගේ සිද්දි. 

චූල පදුම පෙන්නල තියෙන්නෙ හෙන ෆිසිකලි ෆිට් පොරක් වගේ. ඒ වගේම ගෑනිට ලේ බොන්න දෙන්න දණිහ කැපුවෙ කඩුවෙන්. ඒ කියන්නෙ ආයුධත් තිබ්බ. දාහතරක් කැලේ වැදුනම ඉන් හතක් ෆිට් ආයුධ සන්නද්ධ පිරිමි වෙලා සතෙක් එළා ගන්න බැරිද? ගෑනු හයක් දවස් හයකදි කෑවෙ බඩගිනි උහුළන්නට බැරිව නොවේ. බඩගිනි උහුළන්නට බැරි මට්ටමට එන්නෙ දවස් ගණනක් බඩගින්නෙ හිටියොත්. පළමුදා කාකස් එක දහතුනට කැපුව, හයවෙනිද අටට කැපුවෙ, ඒ කියන්නෙ මස් කෑල්ල එන්න එන්න ලොකු උනාට මුන්ට දවසකට එකක් මරන්නම ඕන උන එකත් ලියපු එකාගෙ අදක්‍ෂකම.

දවස් ගනන් මස් එසේ කුණු නොවී තියා ගන්න බෑ හයවෙනිද වෙනකම්, එතනත් කතාව අන්තිම දුර්වලයි. ඒ කෑල්ල ඕනෙම නෑ කතාවට.

තිබහට මුහුදෙ ලුණු වතුර බොන්න බෑ වගේම ඊටත් වඩා අධික ළවණ සාඳ්‍රණයක් ඇති ලේ බොන්නත් බෑ. ලියපු එකාගෙ නූගත්කම.

එම් එස් ප්‍රනාන්දුගෙ ගීතයේ පලවෙනි කොටසේ කියනව වගේ සල්ලි ස්ටේටස් පෙනුම ආදී දේ වලට සෙට් වෙන ගෑනු කරන දේට සපුරා ප්‍රතිවිරැද්ධ දේ ඇය කලේ - anti-gold digger behavior. ඇය වල් ගෑනියක් නම් කැලේදි කොටාට ලේසියෙන් ෂොට් එක දීල ගමට ඇවිත් තව පිරිමි ඇසුරැ කරන්නට තිබ්බා, නමුත් ඇය තමන් තෝරගත්ත ආදරය වෙනුවෙන් කැප උනා, ඇය තමන්ගෙ වාසියට බෝධිසත්ව සයඩ් එකේ තියා ගත්තෙ නෑ, මරා දමන්න තීරණය කලා. ඒ අතින් ඒකි අවන්කයි. නැතිව ඇය කොටාව තෝර ගත් බව චූල පදුමට කියන්නද? ඒක අමු මිනීමරැවක්. මේ ගෘප් එක ඇවිල්ල එකට හිටපු ආදරවන්තියන් මරන මිනි මස් කන ලේ බොන ට්‍රයිබලිස්ටික් සෙට් එකක් ඉතින් මේව නෝමල්. 

මේ ගෑනි බීඩි එස් එම් වලට කැමති එකියක් බව පේනව. ඒ කාලෙ ගෑණුන්ට තමන් කැමති දේ කරන්නට බෑ. තාත්තට, නෑයන්ට, රජාට, තව පිරිමින්ට ඕන විදියට කසාද තීන්දු උනේ. නමුත් කැලේදි එයාට තමන් කවුද තමන්ට ඕනෙ මොනවද කියල අවබෝධයක් ආව බවක් පේන්නෙ.

ඊටත් බාල නෑනල මරන් කෑමේ දිට්ඨ ධම්ම වේදනීය පව ගෙවන්නත් එපෑ. ගෑනි චූල පදුමට චපල උනාට කොටාට අවන්කව ලව් කරපු එකම මදෑ. පහසුවෙන් දාල යන්න හැකි උනත් ඇය එසේ කලේ නෑ. අනික ඇය තෝරගත්තෙ මුදල් නැති අතපය නැති විරෑපි කෙනාව අනාගත රජාව අතෑරල, පැහැදිළිවම ඇය ගෝල්ඩ් ඩිගර් කෙනෙක් නොවේ. තමන්ගෙ බාල නෑනල මරන්් කාපු අමු ට්‍රයිබල් කැනබලිස්ට්ටික් එකාට වඩා කොටාගෙ කොළිටිය වැඩියි තමා එක අතකට. 

ඉහත ගීතයේ ගෑනුන්ට අපහාස කරල අම්මව උඩ දැමීම හරියට සමාජ මාධ්‍ය වල ෆේක් ප්‍රොෆයිල් හදන් අසාධාරණව ඊරිසියාවට දොස්තරලට පස් පඩන්ගුවෙ බනින නමුත් තමන්ගෙ පවුලේ දොස්තර ලඟ නඟුට කකුල් දෙකේ ගහගෙන පවුලේ දොස්තර උඩ දැමීම වගේ තමන්ගෙ වාසියට නඩත්තු කරන තර්ක. කවදාවත් ප්‍රධාන කුළකයට බණින ගමන් ඒකෙ උපකුළක රකින්න බෑ. මේ වගේ ගොබ්බ අදහස් දිගින් දිගටම සමාජගත උන එකෙන් උනේ තමන්ගෙ අම්මට වැඳල පාරට බහින පුත්තු අනුන්ගෙ අම්මලව කිසි අවුළක් නැතිව වැනසීමයි. 

එහෙම නැතුව ගෑනුන්ට අවම ගෞරවය දීමටවත් පිරිමින්ව හුරැ කලා නම් හැමෝගෙම අම්මලව රැකෙනවා. අවාසනාවට එවැනි දේවල් ජාතක කතා වලින්ම උළුප්පල ජන ගත කරන්නටත් ඒ මගින් බෞද්ධ සමාජය විනාශ කරන්නටත් ලොකු දායකත්වයක් ආගමික පූජකයොන්ගෙන් ලැබුනා.

මේ කතාවෙන් ගන්න පුළුවන් ආදර්ශ තමා ;

1. ගෑනියෙක්ව මානුශීය වශයෙන් තේරැම් නොගෙන පෙනුම ස්ටේටස් ආදියට කසාද බඳින්න එපා

2. අනුන් වැරදි කරද්දි තමන්ගෙ වාසියට ෂේප් වෙන්න එපා 

3. මිනී මරපු/මිනී මැරීමට අනුබල දීපු/මිනී මස් කාපු (බුදුන් මස් වර්ග කීපයක් කෑම තහනම් කලා මිනී මස් ඉන් එකකි) කෙනෙක් බුදු උනා නම් ඊට මෙහා පව් කරපු හැමෝටම බුදු විය හැක.

 -to be continued

      

    

3 comments:

  1. බුදුන් උපන්නේ ඉන්දියාවේ හෝ නේපාලයේ නේ.
    ඒත් ජාතක කතා ලියන්නේ ලංකාවේ අය , මේ ගැන මගේ විචිකිච්චාවක් තියනවා , මේවා නිකන් සුරඟන කතා කියල, ඔබ ඒ ගැන මොකද හිතන්නේ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සමාජ විද්‍යාව සහ ලන්කාවේ ඒ පිළිබඳ ඉතිහාසය ගැන ප්‍රාමාණික විද්වතෙක් පර්‍යේෂණ කළ යුතුයි. හරිනම් ආට් ෆැකල්ටි වල කාර්‍යභාරයක් ඒක. ඒත් ආට් ෆැකල්ටි වල වාමාශික දේශපාළනය මුල් බැස ගත්තට පස්සෙ ඒව වල පර්‍යේෂණ යට ගිහින් නමට විතරක් පවත්වගෙන යනව. බුද්ධ දර්ශනය අකාලික ඒ කියන්නෙ ඕනෑම කාලයකට ගැළපෙන දර්මයක් නමුත් මෙවැනි ජාතක කතා හෙන අවුට් ඩේටඩ් නිසා ඒව බුද්ධ භාෂිත නෙමේ කියල මම හිතන්නෙ.

      Delete
    2. https://blogs.dickinson.edu/buddhistethics/files/2010/04/Obeyesekere.pdf

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...