Friday, October 31, 2025

බුදුන්ටත් වඩා බෞද්ධ Melbourne බෞද්ධයෝ....

අවුරුදු 30ක් තිස්සෙ ගැහැණු දරුවන් 12කට අධික ප්‍රමාණයක් අපයෝජනය කරල ඒවයිං 6ක් ඔප්පු වෙලා Melbourne වල ප්‍රසිද්ධම පන්සලක ලොකු චීවරධාරියට සිර දඬුවම් නියම උනා...

මේ රටේ ඉන්න මිල අධිකම නීතිඥ සහය ගන්න $ ලක්ෂ ගනනින් වියදම් කරපු, පෙලපාලි ගියපු උපාසක උපාසිකාවො ඒ නඩු තීන්දුව දෙන වෙලාවෙ වැලපුනා කියල මෙහෙ ප්‍රවෘත්ති වාර්තා කරල තිබුන...මේ වගේ ලමා අපයෝජකයෙකුට බුදුහාමුදුරුවො වත් කිසිම සමාවක් නොදෙන බව අපි දන්නව...හැබැයි මෙහෙ ඉන්න සමහර එවුං බුදුන්ටත් වඩා බෞද්ධයි...

මේ අධිකරණ තීන්දුවෙන් ඇත්තටම වැරදිකාරයො සිය ගානක් ඉන්නව...තමංගෙ දරුවා අපයෝජනය වුන බව දැනගනම පන්සලේ පැත්ත ගත්ත අපූරු දෙමවුපියො සහ ලමා අපයෝජකයෙක් බව දැන දැනම ඔහු වෙනුවෙන් පෙනී ඉන්න දායක දායිකාවො...

2023/08/22 ලියපු මේ සම්බන්ද කලිං post එකත්  මෙතනම දානව...

සම්මා අපචාර...

Melbourne පන්සලක භික්ෂුවක් ලමා අපචාර චෝදනා වලට උසාවි කැඳවල..පොර දායක දායිකාවන් පිරිවරාගෙන ආඩම්බරයෙන් උසාවි එන හැටි දැක්ක...චෝදනා 13ක්, බාල වයස්කාර දැරියන් දූෂණය කිරීම් ඇතුළුව...නඩුව යන නිසා ඒ ගැන කතා කරල වැඩක් නෑ...හැබැයි කතා කරන්න ඕනෙ දේවල් තියනව

- මගේ ලඟම කෙනෙක්ට අපචාරයට ලක්වෙච්ච දැරිවියක් කතා කරල තිබුන..ඇය ඉතාම අඩු වයසකදි අපයෝජනය වෙලා තියන්නෙ..මේ සිද්ධිය වෙච්ච වෙලාවෙ ගෙදරට කිවුවම දෙමවුපියන් ඇයව නොසලකාහැරල  භික්ෂුවගෙ පැත්ත අරං..අර දැරිවිය දැං අවුරුදු විසි ගානක වැඩිහිටියෙක්...ගෙදරින් පිට ඉතාම අවාසනාවන්ත තත්වයක ඉන්න ගමං ඇය තනියම සාක්කි දෙනව..

- අපයෝජන සිය ගනනක් ඇතැයි මෙහෙ පරීක්ෂණ කරන අය කිවුවත් සාක්කි දෙන්නෙ බොහොම ටික දෙනයි., සාක්කි දෙන විදිහ ඉතාම ආරක්ෂිත සහ පෞද්ගලිකත්වය රැකෙන ක්‍රමවේදයක් උනත්...ගෙවල් ඇතුලෙ ඉන්න වැඩිහිටියො තමංගෙ දරුවට වඩා "ශාසනේට" ආදරේ පාටයි...ඒ වගේම බරපතල paedophilic එකෙක් නිදැල්ලේ ඉන්න එකට, අනික් දරුවනුත් අපයෝජනය කරන එකට මේ දෙමවුපියන්ගෙ අවුලක් නෑ...තමං දශක ගානක් වැඳපුදාගන ඉඳල තියන්නෙ ළමා අපයෝජකයෙක්ට කියන දරුණු ඇත්ත මගඅරින්න, තමං අනන්‍ය වෙච්ච දූෂකයා බේරන්න තමයි ට්‍රයි කරන්නෙ...

- තමංගෙ රටෙන් එද්දි කරගහං ආපු සංස්කෘතිය වෙන රටක වෙනම පරිසරයක හැදෙන දරුවන්ගෙ ඇඟේ බලහත්කාරයෙන් ගහන්න ගියාම එහෙටත් නැති මෙහෙටත් නැති සංස්කෘතිකව  අබ්බගාතයො ඉතුරු වෙන්නෙ...උංව ඒ රාමුව ඇතුලෙ තියාගන්න නං පන්සල් සපෝට් එක නැතුව බැරි වෙනව...ඊට පස්සෙ ඒක ඇතුලෙ සිද්ද වෙන ඕනෙම අශිෂ්ට නීති විරෝධී දෙයක් තමංගෙ රට ජාතිය ආගම වෙනුවෙන් කියල ඉවසනව...මේ වැඩේට භික්ෂුන්ගෙ දායකත්වයත් උපරිමයි...මොකද ලමයි පන්සල් එක්ක සෙට් නොවුනොත් මේ migrate කරපු දෙමවුපියො මලාම තමංටත් ඉදිරි පැවැත්මක් නෑ කියල දන්නව...

- මෑත දශක වලදි මේ රටට ආව සෑහෙන්න පිරිසක් ඉන්නව අනන්‍යතා අවුලක විඳවන...ලංකාවෙ පොඩි pockets ඇතුලෙ ලංකාවෙ වගේම micro culture එකක් හදාගන තමංගෙම අනෙකාට ලොකුකම් පෙන්නගෙන ජීවත් වෙන...ලංකාවෙ සංස්කෘතිය එහෙමම කරගන යන්න පුළුවං වෙයි කියන දවල් හීනෙක ඉන්න..තමංගෙ දරුවොයි දරුවන්ගෙත් දරුවොයි ලංකාවෙ විදිහටම සදාකාලිකව ඉඳියි කියල හීන දකින...ඒ වෙනුවෙං දාන අසීමිත දහිරියෙං අයුතු ප්‍රයෝජන ගන්නෙ මේ භික්ෂුන්...සමහරු මහදවල් අපචාර කරද්දි තව සෙට් එකකට මුදල් අවභාවිතා චෝදනා තියනව...හැබැයි දායක සභා කොන්දේසි විරහිතව සිවුරු දාගත්ත ඕන එකෙක්ට වඳින අවිඤ්ඤාණික තැනක ඉන්නෙ...

- මෙහෙ ඉන්න සල්ලි සහ බලය වැඩිපුර තියන කන්ඩායම් මේ  භික්ෂුන්ට උපරිමයෙන් සහය දෙනව...භික්ෂුවගෙ ප්‍රතිරූපය විනාස උනොත් ඒක පාවිච්චි කරල ගොඩනැගිල ඉන්න තමංටත් බඩු කියල උං දන්නව...ලමා අපචාර කතා වලට වඩා මේ අග්‍ර දායකයො සේරටම වටින්නෙ අමාරුවෙං පුම්බගත්ත තමංගෙ ප්‍රතිරූප...ඒ වෙනුවෙං ඕනෙම දෙයක් කරනව...ආතල්ම වැඩේ මේ චරිතම තමයි ලංකාවෙ system change කරන්න ඕනෙ කිය කිය මාධ්‍ය වල වැලලෙන්නෙත්...

- මෙහෙ ප්‍රධාන දේශපාලන පක්ෂ පන්සල් වලට හිතාගන්න බැරි මුදල් ආධාර දෙනව...ලංකාවෙ එවුංගෙ චන්ද කුට්ටි පිටින් ගන්න පන්සල් සපෝට් විතරයි ඕනෙ කියල උං දන්නව...ඉන්දියානුවො, මැදපෙරදිග එවුං වගේ visa conditions, රැකියා වරප්‍රසාද, ඉඩම් අයිතීන්, ව්‍යාපාර වගේ ලොකු ඩීල් දාන්න තරං ලංකාවෙ එවුංට ඕනෙ නෑ...එහෙම එකමුතුවකුත් නෑ...බොහොම ලාබ චන්ද ලක්ෂයක් විතර ටොයිස් ඩීල් වලින් යනව...එතකොට අර පක්ෂ දෙකම කැමතිත් නෑ මේ භික්ෂුන්ට කෙලවෙනවට...

- නඩු තීන්දුව එන්න කලිං මෙහෙම ලියන්නෙ වෙච්ච දේ first hand information වලින් 100%ක් දන්න නිසා..නඩුවෙ තීන්දුව මොනව වෙයිද දන්නෙ නෑ...මේ රටෙත් දේශපාලන බලය සහ සල්ලි වලට හුඟක් දේවල් කරන්න පුළුවං...එලිපිට හෙළුවැල්ලෙං නොකරන එක විතරයි ලංකාවට වඩා වෙනස...

මෙතන මං දකින බරපතලම අවුල මේ භික්ෂුව නෙවෙයි...තමංගෙ දරුවන්ගෙ ජීවිත අනතුරේ දාල  paedophilic භික්ෂුවක් ආරක්ෂා කරපු අවම සදාචාරයක්වත් නැති දෙමව්පියො සෙට් එක...දරුවො වැඩිහිටියො වෙලා තමංම නඩු කියනකං අහක බලං හිටපු අපූරුව...පලවෙනි දැරිවියට මේ දේ වෙද්දි ඒ දෙමවුපියො ක්‍රියාත්මක උනානං ඉතුරු ලමයි සේරම බේරගන්න තිබුන නේද...?

අන්තිමටම කියන්න තියන්නෙ අපයෝජනයට ලක්වෙච්ච දැරියන්ට තමංගෙ ගෙවල් ඇතුලෙ තියන සංස්කෘතික හිරගෙවල් වලින් මිදිල paedophilic නරුමයෙක්ට එරෙහිව හඬක් නගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල...

ප.ලි. - මෙහෙ තියන "හොඳ පන්සල් " ගැනයි "හොඳ හාමුදුරුවො" ගැනයි මං දන්නෙම නැද්ද කියල චෝදනා කරන්න එපා...එහෙම ඒව වගේම "හොඳ උපාසක උපාසිකාවො"ත් ඇති...ඒව කැමති කෙනෙක් ලියන්න...මං ලියන්නෙ අපේ කකුල් දෙක ලඟ පත්තු වෙන බෝම්බෙ ගැන...


No comments:

Post a Comment

බුදුන්ටත් වඩා බෞද්ධ Melbourne බෞද්ධයෝ....

අවුරුදු 30ක් තිස්සෙ ගැහැණු දරුවන් 12කට අධික ප්‍රමාණයක් අපයෝජනය කරල ඒවයිං 6ක් ඔප්පු වෙලා Melbourne වල ප්‍රසිද්ධම පන්සලක ලොකු චීවරධාරියට සිර ද...