තරුණකාලෙ එක්තරා යුගයක් තිබ්බා මොබයිල් එකට අඳුනන්නැති නොම්මරයකින් කෝල් එකක් එනකොට පපුව ගැහෙනව, මාර එක්සයිට්මන්ට් එකක්. නිකම් යටිහිතේ කොනක තියෙන බලාපොරොත්තුවක්-නොලැබුණු ආදරය, ආර්ථික ප්‍රශ්න, හෝ ගෙදර ප්‍රශ්න වලට උඩ ඉන්න දෙයියො එවපු ඒජන්තයෙක්ද කියල හිතෙනව වගේ. ඒකාලෙ වැඩිපුරම බලල තියෙන හින්දි කතා, කියවපු මල් පොත්, මල් පත්තර වල තියෙන අදහස් සහ ලිංගික හෝමෝනවල බළපෑම වෙන්න ඇති. නමුත් අද මම අඳුනන්නැති නොම්මරයකින් කෝල් එකක් එනකොට කිසිම වෙලාවක ආන්සර් කරන්නෙ නෑ. මොකද අද මම ඉන්නෙ මට ඕන හැමදේම ලැබුණ පරිසරයක. ඉතින් දෙයියො පිටින් දූතයො එවන්න ඕන නෑ. එදා තිබ්බ ඩෙස්පරේෂන් එක අද නැහැ.
පොඩ්ඩක් හිතන්න ඔය ස්කෑම් වලට උනත් අහුවෙන්නෙ උන්ගෙ කෝල්ස් ඊමේල්ස් බලන ආන්සර් කරන අයට.
දන්න කෙනෙක්නම් වොයිස් මැසේජ් එකක් හරි ටෙක්ස්ට් එකක් හරි දානවනේ.
ලංකාවෙ කසාද බැඳපු ගෑණු පිරිමි අහවල් රෙද්දටද රෑ මැදියමේ නොදන්න නොම්මර වලට ඇහැරගෙන උඩපැනගෙන කතා කරන්නෙ? බිස්නස් කරත් ජෙනුවින් කස්ටමර් කෝල් එක ඉස්සුවෙ නැත්තම් අවශ්‍යතාව කියල වොයිස්, ටෙක්ස්ට් හෝ වෙන මැසේජ් දායි.මේවගේ කතා ෆේස්බුක් එකේ වැහිවැහැල. වැරැද්ද කිසිම ෆිල්ටර් එකක් නැති ඔයාගෙ. අපිට රට හදනවට වඩා ලේසියි තමන්ගෙ බවුන්ඩරීස් හදන එක.
මේ යුගයේ නොදන්න එවුන් 99%ම එන්නෙ ගිනිගෙඩි දෙන්න. ඒනිසා තමන්ගෙ කවයෙන් පිට ගණුදෙනු අවම කරගන්න.
ගිය දවසක කෝල් එකක් ආවා. මන් දැන් ගොඩක් වෙලාවට කෝල් ආන්සර් කරන්නේ ස්පීකර් එක ඔන් කරලා.

..
දැන් මේ ඩයක් එක මට එරන්දී කියලා කතාකරනව. මන් ඇහුවා ඔයා කවුද කියලා.. ඔයා දන්න යාලුවෙක්ලූ.. ඔයාට කියන්න දෙයක් තියෙනව අහන්නදෙයක් තියේ කියලා කිවා..
පස්සේ මන් කවුද කියලා දිගින් දිගටම ඇහුවම කට් කලා...
එවෙලේ ඒ නම්බර් එක මන් වට්සැප් බැලුවත් එකෙ තිබ්බෙත් නෑ... .පස්සේ නෝමල් මැසේජ් එනවා එරන්දී මෙ අහන්නකො .
ඔයාට කොහොමද .. මන් මුකුත්ම ගනන් ගත්තෙත් නෑ..
බිස්නස්ස් එකට නම්බර් එක දැම්මම අපේ පිරිමි කමටත් ලැජ්ජ කරන සමහර අය කරන්නේ මේ වගේ දෙවල්
Asanka Manojඑහෙම දෙයක් උනාම අනිවාර්යයෙන් ෆේස්බුක් දාන්නම ඕනිද? එහෙම දාලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ

Author Siththari ArtsAsanka Manoj මන් දැම්මා .මොකො මේවා දැනුවත් වෙන්න ඕන . සමහර මිනිස්සු කෙල්ලෙල්ට එන මිස් කෝල් එකත් සැක කරන එකේ මෙහෙම දන්නවා වහේ කතාකලාම පවුලක් අවුල් වෙන එක ගැන අහන්න දෙයක් නෑ
Subodhani Nuwanthiohoma ekkenek wadayk weddi math husband wage msg kara ita passenm saddayk ne

Sandu Konara · Matt kalekata saryk mokekhri p dial ekk oy widihta call msg krnw business number ekt

Sujani Somathilakaපිස්සෝ ඉන්නෙ දැන්..මට පාන්දර කෝල් එනවා එනවා 2ට 4ට වගේ වෙලාවල්වලට.වට්සප් බලද්දි රැව්ල් ගහක් නැති ඇච්චො.හස්බන්ඩ් ආන්ස්වර් කලාම කට් කරනවා.තොට අපස්මාරෙද බල්ලො මල පාන්දර කෝල් අරන් කෙදිරි ගාන්නෙ කියලා මැසේජ් එකක් දාලා බ්ලොක් කලා..වට්සප් ස්ටේට්ස් වීව්ස් ගන්නලු අනේ මන්දා මොන විකාරද කියලා

Gagi Piyasenaඒ කොල්ලව පොඩ්ඩක් පබ්ලිශ් කරා නම් හරිනෙ මේකෙ photo එකක් දාලා

No comments:
Post a Comment