Tuesday, October 21, 2025

ගැහැණුන්ගේ දුර්වලකම් වීරකම් ලෙස ග්ලෝරිෆයි කරන සමාජ වල ඛේදවාචකය


අපේ සාම්ප්‍රදායික පුරෂමූළික සමාජවල ගැහැණුන්ගේ දුර්වලකම් වීරකම් ලෙස ග්ලෝරිෆයි කරන එක බරපතල සමාජ ඛේදවාචකයක්.

ගැහැණු අනුන් මත යැපීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
ගැහැණු තමන්ට පවුල ඇතුළේ වෙන ඕනෑම විපතක් විඳ දරා ගැනීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
එකම මිනිහ එක්ක බුදියගැනීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
කසාද බැඳීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
ළමයි හැදීම මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.
කන්යාපටලය මාර විදියට ග්ලෝරිෆයි කරල තියෙන්නෙ.

කසාද, ළමයි, කන්යාපටල දුර්වලකමක් නෙමේ, හැබැයි පුතෝ වැරදුනොත් ආයෙ ලේසියෙන් ගැළවීමක් නෑ
එකම මිනිහ එක්ක බුදියගැනීම හොඳයි, නමුත් ඒතරම් ග්ලෝරිෆයි කලයුතු නෑ.

මේ නිසා ගෑණු පත්වන ඛේදවාචකය සුළුපටු නැහැ. අන්තිමේදි මේ සමාජ වල බිහිවෙන්නෙ නූගත්, මෝඩ, මෙලෝ සමාජ දැනුමක් නැති, ස්කිල්ස් නැති, ආත්මගෞරවයක් නැති, හීනමානයෙන් පෙලෙන, ෆැන්ටසියක ඉන්න, ලදබොළඳ, පරපෝෂිත, පිරිමියෙක් වටේ තමන්ගෙ සියළුම පැවැත්ම රඳවගත්ත ඉතාම දුර්වල ගෑණු. උඩ පෝස්ට් එක ඒකට එක උදාහරණයක්. 


එවැනි ගෑණු කසාද බැන්දම ඉතාම නීච අම්මලා වෙලා දුවලට කෙළවනවා. පහත පෝස්ට් එක එක උදාහරණයක්. 

ඉතින් ඔය විෂම චක්‍රය පරම්පරාවෙන් පරම්පරාවට කැරකෙනවා. දුර්වල අම්මල දුවලව දුර්වල කරනවා, දුර්වල දුවල අම්මල වෙලා ඒක දිගට ගෙනියනව. මේ සියල්ලටම වගකිවයුතු පුරැෂමූළික පිරිමි ගෑණුමයි ගෑණුන්ට වළ කපන්නෙ කියනව. 


"මගෙ පරණ යාළුවෙක් අද කතා කරා කතා කරපු වෙලාවේ ඉදන් මං ඉන්නෙ අතීතය මතක් වෙලා හරිම අවුලෙන් ..මගේ අතීතය නෙවෙයි ඒ ලමයගෙ අතීත..මගෙ පරණ යාළුවා ලස්සනයි ඇග එහෙම මාර හැඩයි ඉණ පලල් කොන්ඩේ දිගයි දණිස් ලගට ..ඉගෙන ගන්න මාරම දක්ශයි ඕනිම වැඩක් ඉක්මනින් අල්ලගන්නවා ඉංග්රීසි එහෙම ලියන්න කියන්න හොදට පුළුවන් උසස්පෙළ මට මතක විදියට ලියන්න උනේ නෑ එයා ඉන්නෙ ඔය කොළඹ අවට ..මං දැකපු සක්කිලිම තාත්තා හිටියේ ඒකිට..ඒකිගෙම තාත්තා ඒකිට අතවර කරන්න සෑහෙන්න ට්රයි කරා අම්මට කියලත් තාත්තා මෙහෙම කරදර කරන්න එනවා කියල අම්මා කිසිම පියවරක් ගත්තේ නෑ මල්ලි කෙනෙකුත් හිටියා ඒකිට ..ඒකි කියනවා නාන්න විදියක් නෑලු බාත් රූම් එකට ගිහින් තාත්තා පුටු තියාගෙන කවුළු වලින් බලන්න හදනවලු බැරිම තැන ඒකි කොල්ලෙක් එක්ක සෙට් වෙලා ඌව බැන්දා ඒකිගෙ කරුමේ කියන්නෙ ඌ කුඩ්ඩෙක් අන්තිමට පුතෙක් එක්ක අයින් වෙන්න උනා ..
ඒත් ගෙදර ගියේ නෑ ලමය නැන්දා කෙනෙක්ට දාල ගාමන්ට් ගිහින් ලමයගෙ වියදම් බැලුවා..මා එක්ක මේ රටට එන්න ට්රයි කරා කරුමේ කියන්නෙ ඒකිට සල්ලි හොයාගන්න බැරි උනා ඉඩම් උකස් කරල සල්ලි ඉල්ලුවට තාත්තා දුන්නෙ නෑ..දැන් ආයේ කසාදයක් කරන් තව ලමයෙක් ඉන්නව දැන් ප්රශ්ණය නැන්දම්මා මානසික ලෙඩෙක් මිනිහා එක්ක කාමරේට ගිහින් දොර වහගත්තම නැන්දම්මා කාමරේ දොර ලගට වෙලා අහන් ඉන්නවලු 🤧🤧🤧🤧පොඩි කාලේ තාත්තගෙ කරදරේ දැන් නැන්දම්මගෙ ..මිනිහ කැමතිත් නෑ වෙන ගේකට යන්න ප්රශ්ණයක් වෙච්ච ගමන් මිනිහ ගන්නෙ අම්මගෙ පැත්ත 🥹🥹🥹 ඒකිට දෙයක් උනාම දුවල පැනල බලන්න හිටියේ මල්ලි විතරයි මල්ලි ඇක්සිඩන්ට් එකකින් මේ ලගදි නැති වෙලා ..මට උදේ කතා කරා හරි අසරණයි කටහඩ "මට මැරෙනකල් සැනසීමක් නෑ නිශා"කිව්ව විදිය මතක් වෙද්දි තාමත් පපුව හිර වෙනවා වගේ
එදා ඒකිගෙ අම්මට තාත්තා මට කරදර කරන්න හදනවා කියල කරපු පලවෙනි පැමිනිල්ලෙන් ඒ අම්මා තීරණයක් ගත්තා නම් ..අරූ එක්කො හිරේ හරි යවලා හරි ළමයි දෙන්නා අරන් වෙනම ගියා නම් ගාමන්ට් එකක හරි ගිහින් අරකිට ඉගැනුව නම් ඒකි ආයේ ඉගෙනීමෙන් යන්න ඕනි ඉහලටම යන්න තිබ්බා ඒකි ඒ තරම් දක්ශ කෙල්ලෙක්..මං අදටත් කියන්නෙ උබලගෙ අම්මා දැක්කම මට ලැට් බාල්දියකින් ගහන්න හිතෙනවා ඔය ගෑණි තමා ඔක්කොටම වගකියන්න ඕනි කියලා..අදටත් ඒකිගෙ අම්මා පවුල් කනවා ඒ තාත්තා එක්ක..
සමහර ලමයින්ගේ ජීවිත වල විනාශයට වගකියන්න ඕනි අම්මා..මං සෑහෙන්න දැකල තියෙනවා දෙමපියෝ නිසා අසරණ වෙලා ඉන්න දරුවො ..ලංකාවෙ ගෑණු කසාද බැදල මිනිහා කුඩ්ඩෙක් සල්ලාලයෙක් කියල දැන දැන ළමයි හදනවා..ඒකට් හේතුව ගොඩක්ම ලංකාවෙ නාකි ගෑණු පරම්පරාවේ කතා
" දරුවෙක් හදන්න එතකොට ඔය මිනිහගෙ ඔය වැරදි ටික හදාගනී..ළමයින්ගෙ මූණ දැක්කම මිනිස්සු හැදෙනවා"
සමහර ගෑණු ලමයි හදන්නෙ ලමයෙක් ඕනි නිසා නෙවෙයි ..මිනිහ මට්ටු කරන්න මිනිහා හදාගන්න..මිනිහා යයි කියල බයට..🤧🤧🤧🤧
ඔයාට ඕනි උනාට සල්ලාලයෙක්ගෙ ආදරණීය බිරිදක් වෙන්න දරුවන්ට ඕනි නැ සල්ලාල තාත්තා කෙනෙක්..ඔයාට ඕනි කුඩ්ඩෙක් යහමගට ගන්න උනාට දරුවන්ට ඕනි නෑ කුඩු ගහන තාත්ත කෙනෙක් ..කසාද බදින්න කැමති කෙනෙක් හැබැයි දරුවො හදන්න කලින් බලන්න ඒ මිනිහ ලමයින්ට කැමතිද ඔයාගෙ පවුල් ජීවිතේ ඇතුලෙ ලමයට ආරක්ශාව සහ අනාගතයක් තියෙනවද කියලා..තමන්ගේ ආත්මාර්ථකාමී කමට ළමයි හැදුවට..කෙල්ලෙක් දීග දෙන්න ගියාම කොල්ලගෙ පැත්තෙන් අනිවාර්යයෙන් කෙල්ලගෙ දෙමපියන්ගෙ පැටිකිරිය හොයනවා.
විදවන ළමයි ලෝකෙට බිහි කරන්න එපා..ඔය හාමුදුරු වරුත් බණ කියන්න දෙමපියන්ට සලකන විදිය ගැන විතරක් නෙවෙයි දරුවන්ට දෙමපියෝ සලකන්න ඕනි විදියත් .."

Copied.


" ඔය හාමුදුරු වරුත් බණ කියන්න දෙමපියන්ට සලකන විදිය ගැන විතරක් නෙවෙයි දරුවන්ට දෙමපියෝ සලකන්න ඕනි විදියත්"කිව්වට ඒක වෙන්නෙ නැහැ. ගණයො ඉතිහාසයේ සිටම කලේ වාසි පැත්තට ආවඩන එක. දෙමව්පියන්ට සල්ලියි බලයයි තියෙනව. ළමයින්ට මොනවද තියෙන්නෙ? දෙමව්පියන්ගෙ මූඩ් එක හොඳ වෙන "බණක්" කිව්වොත් ගණයට සැප ලැබෙනව. දෙමව්පියන්ගෙ මූඩ් එක අප්සෙට් යන "බණක්" කිව්වොත් ගණයට සොරිතමා. ඉතින් වයසක නාසිස්ටික් දෙමව්පිය සෙට් එක ඉන්නතැන බණට උන්ගෙ ළමයින්ට දෙමව්පියන් මොනවකලත් සළකපල්ල කියල කියනව. සරලයි.
අනිත් අතට ගණයන්ගෙ තර්කයත්  "තමන් මොන කුප්පකම කලත් තමන් චීවරය දරන නිසා" දායකයො තමන්ට සැළකියයුතු බවනෙ. ඒ rhetoric දෙක හරිම සමපාතයි.







No comments:

Post a Comment

ගැහැණුන්ගේ දුර්වලකම් වීරකම් ලෙස ග්ලෝරිෆයි කරන සමාජ වල ඛේදවාචකය

අපේ සාම්ප්‍රදායික පුරෂමූළික සමාජවල ගැහැණුන්ගේ දුර්වලකම් වීරකම් ලෙස ග්ලෝරිෆයි කරන එක බරපතල සමාජ ඛේදවාචකයක්. ගැහැණු අනුන් මත යැපීම මාර විදියට ...