තේ ඇඩ් එකේ විවාදයේදි දායක සභාවෙ පිරිමි ටික ටිපර් වෙච්ච නිසා චමීර දේද්දූවගේට හිතිල උන්ට පොඩි මෙව්ව එකක් දෙන්න. විසකුරු පුරුෂෝත්තමවාදය ගැන, ඒකෙ ඉතිහාසය, සමාජ පසුබිම ආදී මුකුත්ම නොසොයා හෙනම ගොං පෝස්ට් එකක් දාල තියෙන්නෙ ඒ නිසා වෙන්න ඕනේ. මේක මම නිතර දකින ට්‍රෙන් ඩ් එකක්. මුන්ට මූළික හර පද්ධතියක් නෑ. විව්ස් ගන්න එක දවසක් එකක් කියල ඊළඟ දවසෙ ඊට ප්‍රතිවිරැද්ධ එකක් කියල දායක සභා බැලන්ස් කරනව.
ඒනිසා මට හිතුනා විසකුරු පුරුෂෝත්තමවාදයේ සම්භවය ගැන කතා කරන්න.
විසකුරු පුරුෂෝත්තමවාදය හැදුනේ කොහොමද?
පුරුෂාදිපත්‍යය නිසා බටහිර කාන්තාවන්ට ඉගනීම, රස්සා කිරීම, මුදල් පරිහරණය, ඉඩම් අයිතිය ආදී සමාජයේ ධනය/බලය සම්බන්ධ දේවල් පරම්පරා ගණනාවක් තිස්සේ නීත්‍යානුකූළවම තහනම් වෙලා තිබුනා. (මීට සමගාමීව පෙරදිග කාන්තාවන්ටද සමාජයේ ධනය/බලය සම්බන්ධ දේවල් නීතියෙන්/සමාජ සම්මතයෙන් සීමා පැනවී තිබුනා. ) උදාහරණයකට, 1963 දී තමා ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් ගෑණු කීපදෙනෙකු පමණක් විශ්ව විද්‍යාලයට ගන්න එකඟ උනේ. ඇමරිකන් ගෑණුන්ට පිරිමියෙකු නැතිව තනිවම බැංකු ගිණුමක් අරින්නට 1974 තෙක්ම හැකි උනේ නෑ. 1900දි විතර තමා කසාද බැඳපු ගෑණුන්ට තමන්ගෙ නමට දේපොළ තියාගන්න හැකි උනේ.
ඒ අනුව ඔබට තේරෙන්න ඕනේ ධනවත් පවුල්වල ගෑණුන්ට පවා මෑතක් වෙනකම් තමන්ගේ පාරම්පරික දේපළ සහ ධනය කසාද මිනිහට/පිරිමි භාරකරුවෙකුට පවරන්නට සිදුවුනා. ඊටපසු ඒ පිරිමි මේ ගෑණුන්ට කොහොම සැළකුවත් ගෑණුන්ට කලහැකි කිසිවක් තිබුනෙ නැහැ. පිරිමි මහදවල් ගෑණුන්ගේ දේපළ සහ ධනය පරම්පරා ගණනාවක් තිස්සේ කොල්ලකෑවෙ එහෙමයි.
ගෑණුන්ට රස්සා කිරීමට ඉඩ නොදීමත් ගෑණු පාලනය කිරීමට යොදාගත් එක උපක්‍රමයක්.
අද ගෑණුන්ට රස්සා කරන්නෙ නැහැයි කියල චෝදනා කරන පිරිමි, තමන්ට තනියම උපයන්නාගේ භූමිකාව කරන්නට බැහැයි කියන පිරිමි දැනගතයුතුයි සමාජයේ ධනය සහ බලය පිරිමි අතේ රඳවාගන්න පුරුෂමූළික සමාජයම තමයි ගෑණුන්ව බලෙන්ම ගෙදර තියල කිව්වෙ උඹල රස්සා කරන්න තහනම්, අපියි උඹලට රස්සා කරල කන්න අඳින්න දෙන්නෙ කියල. මේ අනුව ජීවත්වීම සඳහා ඒ කාලේ ගෑණුන්ට පිරිමි මත යැපීම අනිවාර්‍ය උනා. කිසිදු තෝරාගැනීමකට ඉඩ ලැබුනේ නැහැ.
මේ "රස්සා කරල කන්න අඳින්න දෙන පිරිමි" මත යැපීම සුන්දර දෙයක් උනේ නෑ. පිරිමියාට මොනතරම් තිරිසන් හැසිරීම් තිබ්බත්, පෙනුම, වයස ආදී සාධක චාටර් උනත්, හොර ගෑණු හිටියත්, පහරදුන්නත්, ඉවසගෙන ඉන්න උනා. ගෙදර සියළු වැඩ, ගොවිපළේ වැඩ සහ ළමයි හැදීමට ජීවිතේ වැය වුනා. එය එක්තරා වහල් සේවයක්. ඒ අනුව මේ සමාජයේ පිරිමින්ට හුදෙක් "පිරිමියෙකු වීම" නිසාම ගෑණියක් ගන්නත්, ඇගේ දේපොළ කොල්ලකන්නටත්, ඇගේ ශ්‍රමය සහ ශරීරය ඇය ජීවත්වන තාක් නොමිළේ හූරාගෙන කෑමටත් ලයිසන් ලැබුනා.
බටහිර කාන්තාවන් මීට වසර හැට හැත්තෑවකට පමණ පෙර ඉගනීම, රස්සා කිරීම, මුදල් පරිහරණය, ඉඩම් අයිතිය ආදී සමාජයේ ධනය/බලය සම්බන්ධ මානව හිමිකම් එකින් එක දිනාගනිද්දී මේ තත්වය ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. ගෑණු රස්සා කරල, හම්බ කරල, දේපොළ ගත්තා. මේ අනුව ජීවත්වීම සඳහා ගෑණුන්ට පිරිමි මත යැපීම අනිවාර්‍ය උනේ නෑ. ඒවගේම තමන් කැමති පිරිමියෙක්ව තෝරාගැනීමට ඉඩ ලැබුනා.
ලංකාවේත් ඔබට පරම්පරා තුනකට මෙහා හිටපු කිරිඅම්මා ගොඩක්වෙලාවට රස්සා නොකරපු, නූගත්, ළමයි දහය දොළහ හදපු, ඔළුව උස්සගන්න බැරි මට්ටමට වැඩ කොරාපු, ජීවිතේට ගමෙන් පිටට නොගිය ඩයල් එකක් නේද? මගේ කිරිඅම්මා ඒවගේ. ආච්චිත් ඒවගේ. අම්මා විධිමත් පාසැල් අධ්‍යාපනයක් ලැබූ, සාමාන්‍ය රස්සාවක් කල කෙනෙක්. මම විශ්වවිද්‍යාලෙට ගියපු, ඉහළ රස්සාවක් කරන කෙනෙක්. පරම්පරා තුනක් තුළ ගෑණු අත්පත් කරගත්ත හිතාගත නොහැකි සාර්ථකත්වයට (අකුරු බැරි සිට ඉහළම උපාධිය තෙක්) උදාහරණයක්. ගොඩක් පවුල්වල ගෑණුන්ගෙ තත්වය ඒවගේ.
මෙතනදී පුරුෂාධිපත්‍යයට මරු පහර තුනක් එල්ල උනා.
1. රැකියා වෙළඳපොලට කාන්තාවන් ඇතුළුවීම නිසා ඇතිවූ අධික තරඟකාරීත්වය
2. හුදෙක් "පිරිමියෙකු වීම" නිසා ගෑණු ගන්නට තවදුරටත් නොහැකි වීම. ගෑණු දැන් පිරිමියාගේ පෙනුම, රස්සාව, චරිතය, හැසිරීම ආදී අටමගල් බලන නිසා ඇතැම් "දුබල" පිරිමින්ට කවදාවත් ගෑනියක් සෙට් නොවන බව පෙනීගියා. පිරිමි තම චිත්තවේගීය, සමාජයීය, භෞතිකසහ ශාරීරික අවශ්‍යතා සපුරාගැනීමට ගෑණු මත තදින් යැපෙන නිසා මේ පිරිමි තනිකම (Male Loneliness) කියන ගැටළුව ඇතිඋනා.
3. ඇගේ දේපොළ කොල්ලකන්නටත්, ඇගේ ශ්‍රමය සහ ශරීරය නොමිළේ හූරාගෙන කෑමටත් තිබ්බ ලයිසන් එක අවලංගු උනා.
මම ඉහත "දුබල" පිරිමි කිව්වේ ඩාවින්ගේ පරිණාමවාදයේ අර්ථයෙන්. ස්වභාවධර්මයට අනුව බොහෝ සතුන්ගේ ගහණ වල මෙය සිදු වේ. මුව රංචුවක වැඩුණු ගෑණු සහ පිරිමි සතුන් පනහ බැගින් ඇතිනම්, ප්‍රජණන සමයේදී උන් ජෝඩු පනහක් හදන් හැමිණෙන්නේ නැත. ඒ වෙනුවට, ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා පසුපස සියළුම ගැහැණු සතුන් යයි. ඒ අතරින් ශක්තිමත්ම ගැහැණු සතුන් ගණනාවක් සමඟ ශක්තිමත්ම පිරිමි සතුන් කීපදෙනා ප්‍රජනණයෙහි යෙදේ. ඉතිරි වෙන අබල දුබල ගැහැණු සතුන් ඊළඟට හොඳ පිරිමි සතුන් කීපදෙනා සමඟ ප්‍රජනණයෙහි යෙදේ. රැළේ ලෝ රෑන්ක් දුබල පිරිමි සතුන් ගණනාවකට ගෑණු සතුන් ලැබෙන්නේ නැත. මෙය පරිණාමයේ ස්වභාවික වරණය ලෙස හැඳින්වේ. ස්වභාවධර්මයට දුබල ජාන ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නැති නිසා එසේ දුබල පිරිමින්ගේ ප්‍රජනනය වළකයි.
මෙතැනදී පිරිමින්ට තෝරා ගැනීමට මාර්ග දෙකක් ඇතිවිය.
1. තමන්ගේ දුර්වලතා හදාගෙන තරඟයට මුහුණදීම- මෙය වඩාත් අසිරැ වැඩකි. පෙනුම හදාගන්න ව්‍යායාම කිරීම, මහන්සිවෙලා පාඩම් කොට කැම්පස් යාම, ගෑණුළමයෙකුට ආචාරශීලිව සැළකීමට ඉගෙනගැනීම, ගෙදරදොරේ වැඩ ඉගෙනගැනීම ආදිය ලෙහෙසි නැත. කැපවීම, විනය, සහ ego එක මැඩගැනීම ආදී අභියෝග රැසකි.
2. අනුන්ට දොස් පැවරීම, විනාශකාරී ලෙස හැසිරීම, ගෑණුන්ගේ මානව හිමිකම් කප්පාදු කර තෝරාගැනීමකට ඉඩ නොදීම මගින් ගෑණු සෙට් කර ගැනීමට යාම ආදී ලේසි සහ වඩාත් උද්වේගකර මාවත
මුව රංචුවක "දුබල" පිරිමි මුවන්ට සමාජ මාධ්‍යය භාවිතයක් නැතත් කාන්තා ආකර්ශනයක් නැති දුබල පිරිමි එසේ නිකම් හිටියේ නැත.
මේ දෙවන කුළකයෙන් ඇල්ෆ මෝල් ආදී විසකුරු පුරුෂෝත්තමවාදී අදහස් බිහිවුනා. සමාජයේ වැඩියෙන් ඉන්නෙ මහන්සිවෙලා අරමුණකට යන්නන් වන පළමු කුළකයේ උන් නොවන නිසා ගෑණු විරෝධී මත "දුබල" පිරිමි අතර ජනප්‍රිය උනා.
ඇත්තටම ඇල්ෆ මෝල් ආදී විසකුරු පුරුෂෝත්තමවාදීන් යනු රියල් ටයිම් අපි දකින ඩාවින්ගේ පරිණාමවාදයේ ස්වභාවික වරණයට කැපවූ දුබලයන්. දේද්දූවගේ කියන "ලංකාවෙ ප්රේම සබඳතා සම්බන්ධව පවතින විසකුරු සංස්කෘතිය, සබඳතා අවසන් කරන හැටි නූගැන්වීම" ගෑණුන්ටත්, යහපත් පිරිමින්ටත්, විසකුරු පුරුෂෝත්තමවාදීන් පොදුයි. ඊට තමන්ගේ ප්‍රතිචාරය පාලනය කරගැනීම තමන්ගෙ වගකීමක්. පිරිමි ළමයි පවුලක තාත්ත දිහා බලල, තාත්තගෙන් අහල දැනගෙන වගාදිගා කරගතයුතු දෙයක්. අවාසනාවකට ගොඩක් තාත්තලට පෞරැෂයක් නැහැ, ඉතින් මේක වෙන්නෙ නැහැ. ඒකට සමාජේ ගෑණු පළි නෑ. කලයුත්තේ ඉතා තදින් වගකීමකින් තොරව ළමයි හදන එක පාලනය (ළමයින්ට හානිකරන, වගකීම් ඉටු නොකරන දෙමව්පියන්ට දඩ/ දඬුවම් දීම), දෙමව්පියන්ට ළමයි හදන්න මනෝවිද්‍යාත්මක උපදෙස්/ පහසුකම් දීම, හරිහමන් තාත්තල නැති පිරිමි ළමයින්ට male figure /role model එකක ආශ්‍රය ලබාදෙන ක්‍රමවේදයක්, පිරිමි ළමයින්ට ටාගට් හදාගෙන ඒවට යන්න මගපෙන්වන උදව්වන සිස්ටම් එකක් හැදීම වගේ දේවල් කල යුතුයි.
දේද්දූවගේ කියනව "සබඳතාවක් බිඳ වැටුණම ස්ත්රියකට ලැබෙන සමාජ අනුකම්පාවෙන් එක දශමයක් පිරිමියකුට ලැබෙන්නෙ නෑ."ලු.
සබඳතාවක් බිඳ වැටුණම ස්ත්රියකට ලැබෙන සමාජ අනුකම්පාව? යකෝ ඊටපස්සෙ ඒකිගෙ චරිතෙ ඉවරකරන එකයි, රටේම උන් ඒකිට ගහන්න එන එකයි, අල්ලපුගෙදරයි ඔෆිසෙකෙයි උන් යෝජනාවකට චරිතෙ හොයන උන්ට "හොඳ චරිත සහතිකයක් දෙනඑක" තමයි සමාජ අනුකම්පාව. ගෑනිට ළමය වෙලේ අතෑරල යන තරමට පිස්සුවට්ටල, ඊටපහු ළමය වෙලේ අතෑරල ගිය එකට සාප කරන එක තමයි සමාජ අනුකම්පාව. නොදකින්.
දේද්දූවගේ කියන්නෙ සමාජ අනුකම්පාව නෙමේ සමාජමාධ්‍ය අනුකම්පාව නම්, තමන් පෝස්ට් දාන සමූහයේ ස්වභාවය මත ඒක වෙන්නෙ. ඇල්ෆමෝල් ගෘප් එකක දැම්මනම් සමාජමාධ්‍ය අනුකම්පාවක් නැහැ. ගොං තර්ක!
නිබන්දිකා වන්නිනායක කියල තිබ්බ තමන්ගෙ හිතවතා තමන්ව ඇරලවන්න ගෙන්නපු පික්මී එකේ හිටපු ඇල්ෆමෝල් පික්මී කොල්ල ගෙදර පහළ තට්ටුවෙ ජොඩ්ඩගේ ළමයි දැකල නිබන්දිකාට අවවාද කලාලු ළමයි ඉද්දි රෑ වෙනකල් අනියම එක්ක ඉඳල ගෙදර යනව වගේ එකක් ඌම හිතල. නිබන්දිකා ඌට බැණල.
තව කෙනෙක් කියල තිබ්බ තමන් පාඩුවෙ රැකියාව නිමවෙලා ෆෝන් එකට ආන්සර් කරමින් යනකොට පිටුපසින් ආව පිරිමි දෙන්නෙක් "ඒසියො ළමයි ගෙවල්වල දාල රස්සාවලට ගිහින් මල් කඩකඩ ගෙදර යනව" ආදී ලෙස පසුපසින් කුණුහරපෙන් බණිමින් ඇවිත්ලු.
වැඩි දවසක් නොගිහින් මුන් අළුත් වටයකින් කාන්තා හින්සනයක් පටන් ගන්නව, ගෑණු රස්සා කරන එක, ෆෝන් ආන්සර් කරන එක, ළමයි ඉන්නවනම් එළියට යන එක, කිසිම පිරිමියෙක් එක්ක කතා කරන එක කාන්තා හින්සනයට සාධාරණ හේතු ලෙස දක්වමින්. අළුත් නිර්ණායක සහිතව.
ඇල්ෆ මෝල්ලු සමාජමාධ්‍යවල කාන්තා වෛරය පැතිරීමෙන් නතර නොවී, සැබෑ ජීවිතේත් කාන්තා වෛරය ප්‍රැක්ටිස් කරන්නට යාම නිබන්දිකාගේ සිද්දියෙන් පේනව. පික්මී ආයතනයේ ආචාරධර්ම තබා ඕනෑම මුදල් ගෙවා ගන්නා සේවයකදි කස්ටමර් ගැන කතාවක් ඌම හදන් කස්ටමර්ට හිරිහැර කරන රටක් තියෙනවද? ඇල්ෆ මෝලට බැණීම තත්වය එස්කැලේට් වීමක්. ඇල්ෆ මෝල්ලු අතර ඉන්න බහුතරේ මානසික රෝගීන් නිසා, ගෙදරත් දැකපු නිසා, රෑකට ගෙට පැනල පිහියෙන් ඇනීමට පවා පුළුවන්. ඒනිසා මේ මානසික රෝගීන් සඳහා රජය මැදිහත් වෙලා නියාමනයක් හදන්න ඕනේ. ඇල්ෆ මෝල්ලු පාර්ලිමේන්තුවට ගියොත් උඹලගෙ මානව හිමිකම් ඉවරයි කෙල්ලනේ. ඇෆ්ගනිස්තානය දිහා බලන්න. වසර පනහකට පෙර මිනි ගවුම් ඇඳපු ගෑණුන්ගේ සියළුම මානව හිමිකම් වසර හතරකදි ඉවර කලා. අද ගෑනියෙක්ට ද්විතීක පාසැලේ ඉඳල ඉහලට ඉගනීම, රස්සා කිරීම, ගෝනිබිලි කිට් එක හැර වෙන ඇඳුම් තහනම්. මේ ලඟදි ගෑණු දෙන්නෙක්ට කතා කරන්නත් තහනම් කලා.
අපේ මුතුන් මින්තන් අමාරැවෙන් ලබාගත් මානව හිමිකම් අපේ දැරියන්ට රැකල දීම අපේ වගකීමක් බව මතක තබා ගන්න.
Nibandhika Wanninayake
එක දවසක් මගේ බෝයි මාව අපේ ගෙදරට ළඟ හන්දියෙන් ටුක් එකකට නැග්ගුවා. ටුක් එකේ හිටියේ නිකං නසරානි පාට පොඩි ඇටයෙක්. මං ගේට්ටුව ගාවින් බහිනකොට අපේ පහළ තට්ටුවේ ඉන්න පොඩි පුතාලා දෙන්නා අපේ බැල්කනි එකේ. එයාලගේ පුරුද්දක් මං දැක්ක ගමන් "මොනවද ගෙනාවේ, ඇයි පරක්කූ... " වගේ ඒවා අහන එක.
මුන් දෙන්නා ඝෝෂා කරනකොට පික්මී එකේ කොල්ලා.
"මිස්ලා ගෙවල්වලට ඈතින් ත්රීවිල්වල නගිනවා. දරුවො ගෙදර එනකන් බලන් ඉන්නවා. ෆේස්බුක් එකේ ගෑනු ඔය ජීවිතේ විඳිනවා කියලා කියන ඒවා ඔළුවට ගත්තම වෙන වැඩ.."
මට ඇල්පාමෝල්ලු අඳුනා ගන්න පුලුවන්. හොඳවයින් ඇමතුවා.
ඇත්තටම ඉතින් ඒ ළමයි දෙන්නා මගෙම වෙලා මං කොටුවක් පැනලා ආවත් ඌට
ද?

"
හිච්චි ටේට්ලා® සහ ඇල්පාමෝල්ලා® ගැන වචනයක්. - චමීර දේද්දූවගේ
පළමුවෙන් ම කියන්න ඕන, මේක විසකුරු පුරුෂෝත්තමවාදය (toxic masculinity) ඩිෆෙන්ඩ් කිරීමක් නෙමෙයි. ඇන්ඩෘ ටේට්, ජෝඩන් පීටර්සන් ආදී කක්කි බාල්දි හෝ ඔවුන්ගෙ ආකල්පමය අසූචි ගොඩවල් වල ඩිෆෙන්ඩ් කරන්න දෙයක් නෑ, ෆ්ලෂ් කරන්න මිසක්.
නමුත් ඇයි ලංකාවෙ කොල්ලො මේ දිහාට ඇදෙන්නෙ? විශේෂයෙන් ම සාමාන්යයෙන් අනෙක් පරම්පරාවන්ට සාපේක්ෂ ව ඉදිරිගාමීයි කියල පේන Gen-Z කොල්ලො ඇයි මුංගෙ දිරච්ච ලණු කන්නෙ?
මගෙ අදහසේ හැටියට මේක ලංකාවෙ හරියට අවධානය යොමු නොවුණු ක්ෂේත්රයක් සහ ගැඹුරෙන් අධ්යයනය කරන්න ඕන කාරණයක්. ඒකට ඉඩ තබමින්, මේක ගැන මම කරපු නිරීක්ෂණ කීපයක් කියන්නයි මේ සටහන ලියන්නෙ.
අංක එක, ලංකාවෙ ප්රේම සබඳතා සම්බන්ධ ව පවතින විසකුරු සංස්කෘතිය. දෙන්නා කැමතිවෙලා, කේන්දරත් ගැළපිලා, ගෙවල්වලින් හාත් කියලා, කසාදත් බඳින තැනට යන වාසනාවන්ත කීපදෙනා ඇරෙන්න, බොහෝ ආදර කතාවල තියෙන්නෙ බිඳවැටීම් සහ වේදනා. අද මේ අපි කතා කරන 2025 අවුරුද්දෙ පවා, "නොගැළපෙන සම්බන්ධයක්" කියන්නෙ මාපිය දූදරු සබඳතා පවා බිඳවැටෙන තැනක්. මේකට ප්රධාන හේතුව, තමන්ගෙ දරුවගෙ ආදර සහ ලිංගික ජීවිතය ගැන බොහෝ දෙමාපියන් ඒකාධිකාරී බලයක් තියාගන්න උත්සාහ කිරීම. පවුලෙ කැමැත්ත නොලැබෙන කෙනෙකු එක්ක මෙසේජ් කරලා අහුවීම පවා මේ ලංකාවෙ දරුවකුට මුළු දවසක් තිස්සෙ අමානුෂික ලෙස ගුටිකන්න හේතුවක් වෙන්න පුළුවනි. ගෙදරට පිටින් කසාදයක් කරගැනීම යනු සදහටම අම්ම තාත්තව අහිමි කරගැනීමක් වෙන්න පුළුවනි.
දෙක, සබඳතාවන් පටන්ගන්න හැටි ෆිල්ම්වලින්, ටෙලිනළුවලින් ඉගැන්නුවට, සබඳතා අවසන් කරන හැටි නූගැන්වීම. කොච්චර යකඩ පපුවක් තියෙන මනුස්සයෙකුට වුණත්, ආදරය කරපු කෙනා අහිමි වෙනවා කියන්නෙ ජීවිතේ ඉරිතලල යන තැනක්. අවාසනාවට ලංකාවෙ අපි තවමත් සමුදෙන්න හෝ සමුගන්න දන්නෙ නෑ. ඒ නිසා ම බොහෝ බිඳවැටුම් අවසන් වෙන්නෙ පළිගැනීම් වලින්. සිය පරණ පෙම්වතා හෝ පෙම්වතියට ශාරීරික හානි කිරීමේ පටන් සංවේදී සේයාරූ, විඩියෝ ලීක් කිරීම දක්වා මේක දිවයනව. (සමාජ මාධ්යවල මඩ ගහන එක අයිති වෙන්නෙත් මේකට.)
තුන, සබඳතාවක් බිඳ වැටුණම ස්ත්රියකට ලැබෙන සමාජ අනුකම්පාවෙන් එක දශමයක් පිරිමියකුට ලැබෙන්නෙ නෑ. කකුල් දෙක මැද්දෙ තියෙන්නෙ ශිෂ්ණයක් සහ වෘෂණ යුගලක් වීම නිසා ම, වේදනාව දරාගත යුතුයි, නොහැඬිය යුතුයි, ආවේග නොපෙන්විය යුතුයි ආදී ඉතා ම හානිකර අච්චුවක් අපේ සමාජයෙන් හදල දීල තියෙනව. කොටින් ම ලංකාවෙ පිරිමියකුට බ්රේකප් එකකට පස්සෙ රිකවර් වෙන්න සපෝට් සර්කල් එකක් නෑ. ඒ නිසා ම, බොහෝ අසාර්ථක ආදර කතාවන් ඉවර වෙන්නෙ අදාළ පිරිමි, සමාජ වෛරක්කාරයන් වීමෙන්, දිවිනසා ගැනීමකින්, බේබදුකමකින්, මහණවීමකින් හෝ අපරාධයකින්.
මෙන්න මේ අතරමං කරන ලද පිරිමියා අභිමුඛයට තමයි ඇන්ඩෘ ටේට් වගේ විසකුරු සත්තු හමුවෙන්නෙ. දුකෙන්, වේදනාවෙන් පරිපීඩිත හිත්වලට, වේදනාව වෙනුවට පුරවගන්න දෙයක් ඔවුන් දෙනව. ඒ තමයි අසංවේදීකම, නරුමකම සහ සමාජ වෛරය. දුක දරාගන්න බැරිව, මානසික අවපීඩනයෙ පතුළෙ ම හිර වෙලා, කන බොන එක පවා අමතක කරල දාල ඉන්න මනුස්සයෙකුට ටේට්ලගෙ බණ, පපුව ගැඹුරට ම තදින් ම වදිනව.
"ඇයි උඹ දුක් විඳින්නෙ? උඹ දුක් විඳින්නෙ උඹ ඉමෝෂනල් නිසා. සංවේදී නිසා. මනුස්සයෙක් නිසා. විසිකරපං ඔය ඉමෝෂනල් ගතිය. අසංවේදී වෙයං. නරුමයෙක් වෙයං. ඇයි උඹ දුක් විඳින්නෙ? දුක් විඳින කෙනෙක් වෙනුවට දුක් දෙන කෙනෙක් වෙයං. ඉල්ලන්නෙක් වෙනවා වෙනුවට ඉල්ලුමක් හදාගනිං. වෙන කෙනෙක් නැති වුණාම අඬන කෙනෙක් වෙන්න එපා. ඒ වෙනුවට, උඹ නිසා අනික් අය අඬන තැනට වැඩ කරපං. උඹව පාවිච්චි කළා වගේ උඹ අනෙක් අයව පාවිච්චි කරපං. අවස්ථාවාදී වෙයං. වංචා කරපං. කොටු පැනපං. අඬන්න එපා අඬවපං. ඇල්ෆා සත්තු තමන්ට ඕන දේ කොහොමහරි ගන්නවා. මිසක් අනුන්ගෙ හැඟීම් ගැන හිතන්නෙ නෑ. උඹත් ඇල්ෆා මේල් කෙනෙක් වෙයං."
ඕක තමයි ටේට් සහ ඒ ජාතියෙ අනෙක් විසකුරු ඉන්ෆ්ලුවන්සර්ලාගෙ ධර්මය, දේශනාව.
මම නං කියන්නෙ විසකුරු ඇල්ෆා චින්තනය වසංගතයක් වගේ පැතිරෙන එක අහන්න දෙයක් නෙමෙයි. දශක ගාණක් පුරා අපි අපේ සමාජයෙ පිරිමින්ගෙ සංවේදීබව කියන එක බොහොම වෙහෙස මහන්සි වෙලා මරාදාල තියෙනව. දුකකදි, වේදනාවකදි සංවේදී වීම යනු දුර්වලකමක්, නෝංජල්කමක් කියල අපි උගන්වල තියෙනව. නියම පිරිමියෙක් කියන්නෙ දරදඬු, අයෝමය, අනනුකම්පීය, නිර්දය මස්පිඬු ගොඩක් කියල අපි සම්මතයක් හදාගෙන තියෙනව. ඒකෙ ආනන්තරීය ප්රතිඵලය තමා මේ දැන් අපි දකින්නෙ.
තල වපුරලා උඳු අපේක්ෂා කරන්න බෑ. තල වැපිරුවොත් ලැබෙන්නෙ තල තමයි. අස්වැන්නට උඳු ඕන නම් මහන්සි වෙලා උඳු වපුරන්න ඕන. ඒ වගේ, අසංවේදී පිරිමි පුරුෂාර්ථ වපුරලා සංවේදී පිරිමි බලාපොරොත්තු වෙන්න බෑ. සංවේදී පිරිමි දකින්න ඕන නං, පිරිමින්ටත් සංවේදී වෙන්න අපේ සමාජය පුරුදු වෙන්න ඕන. 

No comments:
Post a Comment