මට බඩුවක් ගහන්න හිත හදාගන්න බැරි, මට ගණිකාවක් සමඟ නිදි වැදිමේ පුරුද්ද නැතිකම සහ මට ඒක සාමාන්යයකරණය නොවීම කියන මූලික සාධකය තියෙනව. මානසිකව සංයුක්ත වෙන්නේ නෑ. එතැනදි මට බාහිර සංස්කෘතික සහ සමාජීය සාධකයක් විදියට පෙම්වතියක් ඉන්නවාය කියන එක බලපානව. මොකද වෙනත් සම්බන්ධයක් තිබීම, අනියම් විදියට බැඳෙන්න හොඳ නෑ කියන සංස්කෘතික සහ සමාජ ධාරාවකින් වෙලලා තියෙනව. ඒක පොදු අදහසක්.. මම ඒ පොදු අදහසට ළැදියි.
ගෑණියක් බඩුවක් වෙන්න හිත හදාගන්නේ, ඒකිට මිනිස්සු එක්ක නිදි වැදීම සම්බන්ධව සාමාන්යයකරණය කරගත් පුරුද්දක් තියෙනව. මානසිකව සංයුක්ත වෙලා ඉවරයි.
ඒ මානසික සංයුක්තය, ආර්ථික ලාබයකින් පවතිනකොට ඒ දෙයට යොමු වීමේ ඉඩකඩ වැඩියි.
ඔය ආර්ථික ලාභයෙන් තොරවත්, බඩු වෙච්ච එවුන් මට ඕන තරම් උඹට පෙන්වන්න පුළුවනි.
ඒ වගේම තුන්සිය හැටපස් දවසේම බඩු ගහන්න දවසින් දවසට ගෑණු ඉඳලත් තමන් ආදරේ කරපු කෙල්ල හැරගිය මතකය ඔළුවේ තියාගෙන අර මම කියපු මානසික සංයුක්තයෙන් තොරව ජීවත් වෙන පිරිමිත් ඉන්නව.
මට උඹට උන්වත් බුරුතු ගණන් පෙන්වන්න පුළුවනි.
මිනිස්සු මූලිකවම අවලමේ යන්නේ තමන්ගේ මනස ඇතුළේ තියෙන ජරා ජීර්ණත්වය නිසා මචං. එහෙම නැත්නම් කන්න බඩේ බත් ඇටයක් නැතුව කුසගින්නේ මැරිලා යන ගෑණු ඉන්නව. හැබැයි කෝටියක් දෙනවා කිව්වත් උන් කකුල් දෙක පළල් නොකර මරණය තොරා ගන්නව.
No comments:
Post a Comment