අද කාලයේ ඉහත සඳහන් කල චෝදනාව ගොඩක් සමාජ මාධ්‍ය තුළ මම දකිනවා. මේ චෝදනාව සමඟම ඊළඟට එල්ල වන චෝදනාව තමයි මෙහෙම ගියොත් අපේ ජාතිය වඳ වෙලා අහවල් ජාතිය වැඩි කල් යන්නට පෙර රට අල්ලයි කියන කාරණය.
මම ඉස්සෙල්ලම දෙවනි මතය ගැන කතා කරල ඉන්නම්, ගාසා තීරය උදාහරණයකට අරගෙන.
ගාසා වල ස්ටැටිස්ටික්ස් ටිකක් ගැන කතා කරන එක වැදගත් කියල මට හිතුනා. ගාසා තීරය භූමි ප්‍රමාණයෙන් ඉතාම පොඩියි. මේක තේරැම් ගන්න ලන්කාව එක්ක කම්පෙයා කලොත්, ලන්කාව දළ වශයෙන් වර්ග කිලෝ මීටර් 65 610.2 වෙද්දී ගාසා තීරය 365 ක් පමණයි. ඒ කියන්නෙ ලෝකයේ කුඩා රටක් වෙච්ච ලන්කාවෙන් 0.006ක ඉඩම් ප්‍රමාණයක් පමණයි, වෙන වචන වලින් කිව්වොත්, ලන්කාව කියන්නෙ ගාසා තීරය වගේ 180 ගුණයක් ඉඩම් සහිත රටක්. හැබැයි ජනගහණය ගත්තොත් (යුද්ධයට පෙර තිබූ statistics), ගාසා වල 2,375,259 සහ ලන්කාවේ 20,277,600. ඒ කියන්නෙ ලන්කාවෙ ජනගහණයෙන් දළ වශයෙන් අටෙන් පන්ගුවක් ගාසා වල ජීවත් වෙනවා. ගාසා වල තරැණ විරැකියාව පිරිමි 34% පමණ සහ ගැහැණු 69% පමණ වෙනවා. එහෙම තියෙද්දී එක පවුළක ඇවරේජ් ළමයි ගණන 4+ උනා. ගාසා වල බාගෙකට හරි හමන් ජීවනෝපායක් නැතිව, තදබද වීගෙන ළමයි හැදුවේ ඔය කියන දෙවනි මතයේ ආකාරයට හිටු කියල ළමයි හදල ජාතිය නගා සිටුවීමට තමයි. නමුත් අද මොකද වෙලා තියෙන්නෙ කියල හැමෝම දන්නව. අද වන විට ගාසා තීරය ඔවුන්ට අහිමි වෙන්නත් ඉඩ තියෙනව. හදපු ළමයි අන්ත දුකේ. ඒ නිසා, තනි තනිව හිටු කියළ ළමයි බෝ කලා කියල ජාතියක් නැගී හිටින්නෙ නැති බව ඔබට තේරෙන්න ඕනේ. සිංගප්පූරැව නැගී සිටියේ හිටු කියළ ළමයි බෝ කරලා නෙමේ, නිවැරදි දේශපාලන නායකත්වය, විනය, ආගම රාජ්‍ය පාළනයට නොගෑවීම, සහ ශක්තිමත් නීතියේ ආධිපත්‍යය ආදී කාරණා වලින්.
ඉස්සර අපේ අම්මල ළමයි දහයක් දොළහක් හැදුව, දැන් ගෑණුන්ට එක ළමයෙක් හදන්නත් බෑ කියන මතය ගැන කතා කළොත්, ඔය කියන ඉස්සර කාලේ තාත්තල කරපු කුඩා රස්සාවෙන් ගත්ත කුඩා වැටුප ළමයි හත අටකට කන්න අඳින්න දෙන්න සෑහුනා. අම්මල රස්සා කලේ නැහැ. නමුත් අද හොඳ ඉහළ රස්සා කරන තාත්තලයි, රස්සාවට යන අම්මලයි ගන්න වැටුප් දෙක එකතු කරත් ගෙදර වියදම් අතහැරියම ආර්ථිකව ළමයි දෙන්නෙකුට වඩා හදන්න අමාරැයි. ඒ කියන්නෙ, රටේ දේශපාළකයො එන්න එන්නම රට ආර්ථිකව වට්ටන නිසා රටවැසියන්ට තියන ජීවන යුද්ධය එන්න එන්නම වැඩි වලා තියෙනවා. නමුත් පවතින ආර්ථිකය කාලයත් සමඟ එන්න එන්න අගාධයට ගෙන යන දූෂිත දේශපාළනමය සහ සමාජයීය සාධක වලට එරෙහිව නැගී සිටීම වෙනුවට ගෑණුන්ට චෝදනා කරන එක පහසුයි.
ඒක එක පැත්තක්.
ළමයි හදන ආකාරය එදාට වඩා අද වෙනකොට විකෘතිතාවයට ලක් වීම එහි අනිත් පැත්ත. මිනිසා කියන්නේ සාමූහික සතෙක්. ඉස්සර ළමයි හැදීමේදී සාමූහික ස්වභාවයක් තිබුනා. ළමයි නිවාඩු දවස්වල උදේ ගමේ ළමයි එක්ක සෙල්ලමට ගියාම ආයෙ එන්නෙ හවස. දවල්ට ගමේ කාගෙ හරි අම්මෙක්ගෙ ගෙදරකින් ළමයි ඔක්කොමල කනව, නැත්නම් ගඩාගෙඩි කනව. ආයෙ ඇඩල්ට් සුපවිෂන් කියල දෙයක් තිබ්බෙ නෑ. මූළික අවශ්‍යතා සරළයි. මේ සාමූහිකව ළමයි හැදීම සහ සමාජයේ සරළ බව නිසා ළමයි හත අට හැදුව අම්මලට අඩු විඩාවකින් වැඩ කර ගන්න ලැබුණ. ඒ වගේම ගමේ අනිත් මිනිස්සු එක්ක සෝෂලයිස් වෙන්න පුළුවන් වෙච්ච නිිසා මානසික ආතතිය අඩු උනා.
දැන් ඒ සාමූහිකත්වය නැහැ. ඒ වගේම සමාජය දරැණු වෙලා. ඒ නිසා තනි තනි ළමයව 24/7 බලාගන්න තනි තනි අම්මලට සිදු වලා, ඒ ගමන්ම වැඩට යන්නත් වෙලා, ඒ ගමන්ම සමාජය සංකීර්ණ වලා නිසා හැම කුඩා දෙයක්ම සංකීර්ණ වලා. උදාහරණයකට, ඔය කියන ඉස්සර අම්මල බොඩි මේන්ටේන් කියල ශේව් කරල, ඇහි බැමි හදල, ක්‍රීම් ගාල, නියපොතු ලස්සනට තියන්, කොණ්ඩෙ ස්ට්‍රේට් කරන්, ලස්සනට පිළිවෙළට ඇඳළ කරල හිටියෙ නැහැ. ඒ කාලෙ පිරිමින්ට ඒක ගැටළුවක් උනේ නැහැ. ඒ කියන්නෙ බාහිර පෙනුම සරළ තැන ඉඳල සංකීර්ණ තැනකට ඇවිත්. උගත්කමත් එහෙමයි, ටෙලිග්‍රෑම් එකක් කියවන මට්ටමට අකුරැ දැනගත්තාම ඇති කියල තිබුන සරළ තැන ඉඳල උපාධි වගේ සංකීර්ණ තැනකට ඇවිත්. වත්තෙ හිටවපු කොස් දෙල් අල බතල වගේ සරළ තැන ඉඳල නොයෙක් රසවත් සංකීර්ණ කෑම කන තැනට ඇවිත්.
ඒ වගේම කසාදය කියන්නෙ ගෑණුන්ට පට්ට අවාසිදායක තැනකට ඇවිත්.
පිරිමියා ගත්තොත් කසාද බඳින්න කළින් කර කර හිටපු රස්සාවටම කසාද බැන්දට පස්සෙත් යනවා, කසාද බඳින්න කළින් හිටපු ගෙදරම කසාද බැන්දට පස්සෙත් ඉන්නවා, කසාද බඳින්න කළින් අම්ම අතට පයට කරපු ගෙදර වැඩ කසාද බැන්දට පස්සෙ බිරිඳ කරල දෙනවා, කසාද බඳින්න කළින් හිටපු යාළුවො සහ තිබ්බ හොබීස් කසාද බැන්දට පස්සෙත් කරනවා (ඒකට පහසුකමුත් සමඟ, බොන එකාට කඩේ බයිට් වෙනුවට ගෙදර බයිට් ලැබෙනව වගේ), ඊට අමතරව ලිංගික තෘප්තිය, දෑවැදි හෝ විවාහක බිරිඳගේ වැටුප වගේ අමතර ආදායමකුයි, තමන්ගෙ වයසක අම්ම තාත්තගෙ වැඩට නොමිලේ නර්ස් කෙනෙකුයි, තමන්ගෙ මේස් එකේ අනිත් කකුළ සොයල දීමේ ඉඳල දොස්තර එපොයින්ට්මන්ට් එක මතක් කිරීම දක්වා වැඩ කරල දෙන ෞද්ගළික ලේකම් කෙනෙකුයි ආදී ලෙස බහුකාර්‍ය සේවිකාවක් ලැබෙනවා. කැමතිනම් අතේ පයේ හිරි ඇර ගන්නත් ඇයව පාවිච්චි කළ හැකියි.
ගෑණුන්ට, කසාද බඳින්න කළින් කර කර හිටපු රස්සාව කසාද බැන්දට පස්සෙ නැති වෙනවා, කසාද බඳින්න කළින් හිටපු යාළුවො සහ තිබ්බ හොබීස් කසාද බැන්දට පස්සෙ ඉවරයි, කසාද බඳින්න කළින් හිටපු ගෙදර සහ පරිසරය, කෑමබීම වගේ සියළුම කොම්ෆට්ස් රහිත අළුත් තැනකට යන්න ෙනවා, කසාද බඳින්න කළින් කරපු ගෙදර වැඩ කසාද බැන්දට පස්සෙ ඩබල් ට්‍රිපල් වෙනවා, බහුතරයකට ලිංගික තෘප්තිය රහිත සෙස්, සැමියාගේ පවුලේ අයගේ වැඩ - වයසක අම්ම තාත්තගෙ වැඩ වගේ ඒවා කරන්නට උනත් බොහෝ විට හොඳක් අහන්නේ නැහැ, තමන්ගෙ මේස් එකේ අනිත් කකුළ සොයල දීමේ ඉඳල දොස්තර එපොයින්ට්මන්ට් එක මතක් කිරීම දක්වා වැඩ කරල දිය යුතු මට්ටමට වෙපනයිස්ඩ් ඉන්කම්පිටන්ස් එකක් සහිත මනුස්සයෙකුයි බොහෝ කාන්තාවන්ට ලැබෙන්නේ. ඒ ඔක්කොටම වඩා, තමන්ගෙ ජීවිතය පරදුවට තියල ළමයෙක්ව බිහි කරල, නිදි නොලැබ දුක් විඳල ලොකු කරල, පොඩ්ඩ එහෙ මෙහෙ උනාම "ගහේ කටු උල් කරන්න ඕනෙද", "මව හොඳ නම් දුව බ්ලා බ්ලා" අහ ගන්න වෙනව. ඒ කරල තව ගෘහස්ථ හින්සන, සැමියා වටේ යෑම වැනි මරාළ වලටද කර ගසයි.
රිසර්ච් වලට අනුව වඩාත්ම සතුටින් ඉන්නෙ අවිවාහක සහ දික්කසාද ගෑණු බවත්, විවාහක ගෑණු තදබල මානසික ආතතියකින් ඉන්න බවත් සොයාගෙන තියෙනවා.
ඒ වගේම විවාහක පිරිමි අවිවාහක පිරිමින්ට වඩා සතුටින් ඉන්න බවත්, අවිවාහක පිරිමින්ට වඩා දිග කාලයක් ජීවත් වෙන බවත් සොයාගෙන තියෙනවා.
ඉතින් මේ තත්වෙ යටතෙ අතින් කාල හරක් බලන බව තේරිලා ගෑණු විවාහ නොවී ඉන්න ප්‍රවණතාවයත් වැඩි වෙලා තියෙනව. විවාහ උනත් ඒ කපල් ළමයි නොහැදීමේ ප්‍රවණතාවයත් වැඩි වෙලා තියෙනව.
ඉතින් මේ ළමයි ළමයි නොහැදීමේ ප්‍රවණතාවය අවුළක් උනේ කාටද? මෙහෙම හිතන්න. බැටළු රැළකින් දඩයම් කරමින් ජීවත් වෙන වෘක රැළක් ඉන්නවා. බැටළු රැළ වැඩි වෙන තරමට වෘක රැළට හොඳයි. මේ බැටළු රැළ ඔබ සහ මම වන අතර වෘක රැළ ආගමික පූජකයන්, වෙළෙන්දන්, සහ දේශපාළකයන් ය. ආගමික පූජකයන්ට ඔබේ දරැවා දායකයෙකු ලෙසද, වෙළෙන්දන්ට ඔබේ දරැවා පාරිභෝගිකයෙකු ලෙසද, , සහ දේශපාළකයන්ට ඔබේ දරැවා ඡන්ද දායකයෙකු ලෙසද අවශ්‍ය වේ. එපමණක් නොව ඔබේ දරැවා නූගතෙකු වන තරමට ඔවුන් කැමතිය. මේ තුන් ගොල්ල රටේ ආර්ථිකය විනාස කල අය බවද මතක් කල යුතුය. ඉතින් බැටළුවො පැටව් ගහන එක අඩු කරපු ගමන් වෘකයො ටික ටිපර් වෙලා රෙදි කරේ තියාගෙන එනව.
එබැවින්, මෙම ලිපිය කියවන කාන්තාවන්, සමාජයේ romanticized කරල තියෙන ළමයි හැදීම ගැන යථාර්ථවාදීව හිතා බලා පමණක් ළමයි හැදිය යුතුය. ශිෂ්ඨාචාරයේ දෙවන පෙළ පුරවැසියන් වන ඔබ නොව එය රැකිය යුත්තේ එහි පළමුපෙළ පුරවැසියන් වන පිරිමිය. ඔවුන් එය ඔබේ කර මත පටවා ආතල් එකේ අඩියක් පුඩියක් ගහන් ඉඳී. එම නිසා ශිෂ්ඨාචාර රැකීම නොව ඔබේ වගකීම ඔබව රැකීමයි. ජනගහණය අඩු වන විට දේශපාළකයන්ට ඔබේ ආර්ථිකය සමඟ නටන්නට ලැබෙන්නේ නැත. ඔබ දුෂ්කර ආර්ථිකයක් තිබියදීත් නොකා නොබී ළමයි හදන තරමට දේශපාළකයා ඔබේ ආර්ථිකය තව තවත් බිඳ ඳමයි.
මෙම ලිපිය කියවන පිරිමින් ගැහැණුන්ට චෝදනා කිරීම වෙනුවට පවතින දේශපාළනික, ආර්ථික, සහ සමාජමය තත්වයන් ඉහළ නැංවීම සඳහා වැඩ කල යුතු බව මම සිතමි. මන්ද පාර්ලිමේන්තුවේ, ආගමික ස්ථාන සහ ආයතන වල ඉහළ පුටු සමඟ බලය අල්ලාගෙන ඉන්නේ පිරිමින් මිස ගැහැණුන් නොවන බැවිනි.