තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා යන පිරැළ මෙන්ම සිංහලෙන් වියළි කළාපේ ඕප හොයන එකාත්, ඉංග්‍රීසියෙන් පොෂ් ආකාරයට ඕප හොයන එකාත් පජාත එවුන්මය. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ෆේක් අයිඩෙන්ටිටි සහිතව, පිළිගතහැකි සාක්‍ෂි රහිතව, තමන්ගේ පැත්තෙන් පමණක් ඒකපාර්ශවිකව කියන කතා වලට අවධානය දීමට පෙර සෙළිබ්‍රිටි කෙනෙකුගේ පැත්තෙන් මේ ෆෑන්ස්ලා ගේ ගැටළු දිහා මම බැළුවේ පාසලේ හතේ ඉද්දීය. අපේ පන්තියේ එක කෙල්ලක් එවකට ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පිස්සු වැටී සිටියාය. සමාජ මාධ්‍ය හෝ අන්තර්ජාල පහසුකම් නොතිබූ එකළ එම ක්‍රීඩකයා ගැන සියළුම පත්තර වල ඇති විස්තර කපා සෑදූ තඩි පොතක්ද තිබූ ඇය ඔහු ගැන සියළුම සොයා ගත හැකි පෞද්ගළික තොරතුරැද සොයා ගත්තාය. ඔහු ප්‍රැක්ටිස් කරන ග්‍රවුඬ් වලද ඉස්කෝලේ කට් කරගෙන ඇය කරක් ගැසුවාය. එකවරම ඇයගේ මෙම දැඩි ක්‍රෂ් එක නැතිවී ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාව නයාට අඳු කොළ මෙන් පේන්නට බැරි වී ගියේය. මෙම මිතුරිය සහ ක්‍රීඩකයා ගැන ඇයට තිබූ දැඩි ක්‍රෂ් එක මුළු සෙක්‍ෂන් එකම දන්නා නිසා ඇයට ක්‍රීඩකයාව නයාට අඳු කොළ මෙන් පේන්නට බැරි වී යෑම ගැනද සෙක්‍ෂන් එක පුරා කතා බහට ලක් විය. හැමෝම පැවසුවේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා කිසියම් "නරක දෙයක්" ඇයට කර ඇති බවයි. අන්තිමේ ඇයගෙන්ම මේ ගැන ඇසීමට මට අවස්ථාව පැමිණි අතර සිදු වී ඇත්තේ මෙයයි. ඇය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයාගේ දුරකථන අංකය කෙසේ හෝ සොයාගෙන රැයක් දවාලක් නැතිව ඇමතුම් රාශියක් දී ඇත. එක අවස්ථාවක ඔහු එක ඇමතුමකට ආන්සර් කර ඇත. එහිදී ඉතා සැර පරැෂව කතා කර ඇති ඔහු කිසියම් දෙපිට කැපෙන කතාවක් පවසා ඇත (ඇය කියන පරිදි කාන්තාවන් ගේ ඔසප් වීම සම්බන්ධයෙන්). ඉතා සභ්‍ය, සංවර, සංස්කෘතික කුළවමියක් වූ ඇයට එවිට තද වී ෆෝන් එක කට් කර ඔහු සමඟ තරහ වී ඇත.
එවකට හතේ හිටපු මම කල්පනා කලේ යකෝ මේකි අරෑගෙ පස්සෙ ගිය ලැජ්ජ නැති විදිහට කොහොමද උගේ එක වචනයක් එහා මෙහා උන ගමන් සභ්‍ය, සංවර, සංස්කෘතික කුළවමිය චරිතය රඟපාන්න හිතුනේ කියලාය. උගේ ෆෝන් නම්බර් හොයා ගත්තෙත් මේකිමය. මහ රෑ ඌට කෝල් ගත්තෙත් මේකිමය. ඌ යන යන තැන ස්ටෝක් කලෙත් මේකිමය. දැන් වික්ටිමුත් මේකිමය. වෙනත් වචන වළින් කිව්වොත්, තමන්ව අරෑගෙ දෙපතුළ ලඟ ෆුට් බෝලයක් බවට පත් කරන් ඌ ෆුට් බෝලයට පයින් ගැසූ විට ඌව වහ කදුරැ වේ. මේ සිද්ධිය වෙද්දී මගේ මිතුරියට වයස අවුරැදු දාහතරක් පමණ වන්නට ඇත. ඒ වයස්දී කෙල්ලන් කොල්ලන් මෙලෙස සෙලිබ්‍රිටීස්ලාට වහ වැටීමේ වරදක් නැත. නමුත් වයසට ගොස් වැඩිහිටි සහ පරිණත තත්වයට පත් වූ පසු එවැනි අත්දැකීම් දෙස ආපසු හැරී බැලීමේදී ඇති විය යුත්තේ "මමත් මෙහෙම පිස්සු කෙළපු යුගයක් තිබුණා නේද" යන විනෝදජනක හැඟීම, මම දැන් එදාට වඩා මොනතරම් පරිණතද යන ආඩම්බරය මුසු තෘප්තිය වැනි ධනාත්මක හැඟීම් මිසක "අරෑ ඔහොම හිටියට මට මෙහෙම කලා" වැනි වෛරයක් නොවේ. මන්ද සෙළබ්‍රිටි ක්‍රෂ් සහ ලව් හුටපට වලදී රසිකයාගේ පැත්තෙන් සෙළබ්‍රිටිව පෙළඹවීම යන සාධකය ඉතාම ප්‍රබල බැවින් කරන දේක වගකීම (සෙළබ්‍රිටි නීත්‍යානුකූළ වැරදි වන රේප්, අන්ඩර් ඒජ් සෙස් ආදී දේ නොකරයි නම්) රසිකයාද සමෝසමේ භාර ගත යුතු බැවිනි. වතාවක් මගේ සැමියා සහභාගී වූ ඇමරිකන් මංගල උත්සවයක මනාළිය කිසියම් ලෝකල් සෙළබ්‍රිටි කෙනෙකුගේ එක්ස් වූ අතර මංගල උත්සවයේ පසෙක ඇය එම එක්ස් සමඟ සිටින ඡායාරෑපද ඉතා ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කර තිබුණ බව ඔහු පැවසුවේය. එම මනාළිය ඇගේ තරැණ කාලයේ සෙළබ්‍රිටි ලව් එක ගැන සිහි කරන්නේ චමත්කාරජනක මතකයක් ලෙස මිසක ඌ මාව රැවැට්ටුවා, ටයිම් පාස් කරන්නට මාව යූස් කලා වැනි වෛරයකින් නොවේ. එම මනාලයා ඇගේ තරැණ කාලයේ සෙළබ්‍රිටි ලව් එක ගැන සිහි කරන්නේ චමත්කාරජනක මතකයක් ලෙස මිසක ඌ මේකිව මට කළින් යූස් කලා හෝ පෙට්ටිය කැඩුවා වැනි ලිංගික ඊර්ශ්‍යාවකින් ඔඩු දිවූ මනසකින් නොවේ.
අද මේ සිද්ධිය දෙස බලද්දී මම දකින්නේ ඇයට ඇති වූ සෙලිබ්‍රිටි වෛරයට මූළික හේතුව වූයේ ඔහු ඇයට රොමෑන්ටික් නොවී සැරපරැෂ ලෙස ප්‍රතිචාර දැක්වීම යැයි සිතේ. එවකට වයස විසි ගණනක තරැණයෙකු වූ මෙම ක්‍රීඩකයා ක්‍රීඩාව නිසාම අධ්‍යාපනයද අතරමඟ කඩාකප්පල් කර ගත්, වෙනත් පෞරැෂ වර්ධනයක් ඇති වන වැඩකටයුතු සඳහාද වෙලාවක් නැති එතරම් ලාබාල වියේදීම අසීමිත ධනයක් බලයක් සහ ප්‍රසිද්ධියක් ලැබූ අයෙකි. එවැන්නෙකුගෙන් ඉතා පරිණත ශිෂ්ඨ සම්පන්න හැසිරීමක් බලාපොරොත්තු විය නොහැක. ඔහුට වහවැටී කොතරම් තරැණියන් නොයෙක් ලෙස පස්සෙන් එන්නට ඇත්ද? එවැනි තත්වයක් තුළ සෙළබ්‍රිටි කෙනෙකුට ඇතී පීඩනය ඉතා විශාල බව අප තේරැම් ගත යුතුය. සෙළබ්‍රිටි කෙනෙක් නොවන විශ්වවිද්‍යාලයේ උගන්නන මගේ සැමියාට හුදෙක් විභාග පාස් වීම සඳහාම ඇතැම් කෙල්ලන් දාන මායම් පිළිබඳව ඔහු පවසා ඇත. පපුවේ අයි ලව් යූ වැනි දේ ලියාගෙන ඉස්සරහ පේළියේ ඇඟ නිරාවරනය වන ලෙස වාඩි වී ඇස් අඩවන් කර ගෙන, සෙක්සි ලෙස පපුවේ වස්තරය පහත් කොට පෙන්වන ඇතැම් කෙල්ලන් සිටී. ඒ අනුව සෙළබ්‍රිටිලා පොළඹවා ගැනීමට කෙල්ලන් කොල්ලන් දාන මායම් හිතා ගත හැකිය. සෙළබ්‍රිටි කෙනෙක් නීත්‍යානුකූළ වරදක් කිරීම හෙළා දැකිය යුතු බව සැබෑ නමුත් ෆ්ලර්ට් කිරීම වැනි දේවල් ඉතාම සුළු සංසිද්ධි වන්නේ එබැවිනි.
රසිකයන් තිරයේ දකින අහිංසක යුවතියට පණ පොවන නිළිය සැබෑ ජීවිතයේදී යකින්නක් විය හැක,රසිකයන් තිරයේ දකින අවංක පෙම්වතාට පණ පොවන නළුවා සැබෑ ජීවිතයේදී අමු වළත්තයෙක් විය හැක. අති දක්‍ෂ ක්‍රීඩකයන් සැබෑ ජීවිතයේදී අමනුස්සයන් විය හැක, අපි අපේ දරැවන්ට ඒ බව කියා දිය යුතුය.
ප්‍රකට චරිතවල ප්‍රකට ගතිලක්ෂණවලින් වශී වී අප්‍රකට ගතිලක්ෂණවලින් කම්පනය වූ අය කොතෙකුත් ඉන්නවා.
ReplyDelete