Wednesday, May 7, 2025

ලෝකය පිළිබඳ නිවැරදි චිත්‍රය දකින්නේ කුමන මිනිසාද?

 


ලංකාවේ වගේම ලෝකයේ ගොඩක් රටවල අද වන විට ඇති වෙලා තියන මූළිකම ගැටළුවක් තමයි කිසියම් දෙයක සමස්ත චිත්‍රය නොපෙනීම මත ගන්නා පටු තීරණ, විශේෂයෙන්ම දේශපාළනික තීරණ, සමාජ සහ රටවල් ඉතාම නරක තැනකට තල්ලු කිරීම.
ඉහත චිත්‍රය අතිවිශිශ්ඨ නිර්මාණයක් වන්නේ එයින් ඉතා හොඳට මේ බව පෙන්වන නිසා.
මෙතන මුළින්ම ඉන්න සල්ලි කන්දක නැගපු මිනිසාගෙන් නියෝජනය වෙන්නේ ලෝකයේ සුපිරි ධනපතියන්. ඔවුන්ගේ ඇස් මට්ටමට හසු වෙලා තියෙන්නේ බිත්තිය මිසක ජනේලයෙන් එහා ඇති සමස්ත ලෝකය නොවීමෙන් පෙන්නුම් කරන්නෙ ඔවුන් ගේ ජීවිත ගොඩක් වෙලාවට පවතින්නේ යථාර්තවාදී දෘෂ්ඨිකෝණයක නොවන බවයි. උදාහරණයක් ලෙස, බිලියනපතියෙකුට කරන්න ආතල් හොඳ වැඩ මේ ලෝකෙ මොනතරම් තිබුණත් සාමාන්‍යයෙන් ඔවුන් නැඹුරැ වන්නේ ලෝකය තව ටිකක් විනාස කරල හෝ තමන්ගේ ධනය සහ බලය තව ටිකක් වැඩි කර ගන්නට. 
එතකොට දෙවනුවට ඉන්න, පොතපත පරිහරණය මිසක ධනෝපාදනයට උනන්දු නොවන මිනිස්සු දකින්නේ  ජනේලයෙන් එහා ඇති සමස්ත ලෝකයෙන් කුඩා වපසරියක් පමණයි. 
පොතපත පරිහරණය  සහ ධනෝපාදනය සමබරව කරන පුද්ගලයෙක්  සමස්ත ලෝකය දකිනවා.
පොතපත පරිහරණය නොකරන  සහ ධනෝපාදනය නොකරන පුද්ගලයෙක් දකින්නේද බිත්තිය මිසක ජනේලයෙන් එහා ඇති සමස්ත ලෝකය නොවීමෙන් පෙන්නුම් කරන්නෙ ඔවුන් ගේ ජීවිත ගොඩක් වෙලාවට පවතින්නේද යථාර්තවාදී දෘෂ්ඨිකෝණයක නොවන බවයි.
පොතපත කියවීමේ නොහොත් පරිණත උගත්කමේ වැදගත්කම අපේ සමාජයේ නිතර අවධාරණය කරන නිසා මෙතන නැවත කියන්නට යන්නේ නැහැ.
ධනෝත්පාදනය පුද්ගල සංවර්ධනයට වැදගත් වන්නේ ඉහළ මට්ටමේ දැනුම සහ අත්දැකීම් ලබා ගැනීමට ධනය අත්‍යාවශ්‍ය වන නිසා. 


No comments:

Post a Comment

ලාංකික මත තුනක් - දෙමාපිය නොසැළකිල්ල නිසා ළමයි මිය යාම, මහ ගෙදර, සහ ට්‍රැඩ් වයිෆ්

 මම පහුගිය දවසක දැක්ක රෝහල් අතපසුවීමක් නිසා දරැවෙක් මිය ගිය බවට සැක කරල ගමක මිනිස්සු සෙට් එකක් රෝහලට පහර දීමට ඇවිල්ල. ඒක නිතරම ලන්කාවෙ වෙන ද...