Tuesday, May 27, 2025

හොඳ ගැහැණුන්ට නරක පිරිමි ලැබෙන්නේ ඇයි?

 ටොක්සික් මිනිසුන් නිතරම දඩයම් කිරීම සඳහා ගොදුරැ සොයමින් සිටී. ඔවුන් ඔබට ළං වීමට පෙර සූක්‍ෂම ලෙස ඔබව නිරීක්ශනය කරයි. ඔබගේ ඇතැම් වීක් පොයින්ට් දැක ගැනීමට ලැබුන විට, ඔබ ඔවුන්ට අවශ්‍ය ගොදුර බවට හඳුනාගනී. අනතුරැව ඔවුන් ඔබ ඉදිරියෙහි රඟපා ඔබව ගොදුරැ කර ගනී. අනතුරැව ඔබේ හපය විසි කර වෙන ගොදුරක් කරා යයි.

හප වූ ඔබ අඬා වැළපෙමින්, ඩිප්‍රෙශන් බේත් බිබී, ආර්ථිකව සහ සමාජයීයව බංකොළොත් වී  ඔබේ වටිනා ජීවිතයේ තෙරපි මගින් වත් සුව නොවන මට්ටමේ කැළැල් හදා ගනී.

අවාසනාවකට, මේ වීක් පොයින්ට් තියෙන්නේ හොඳ කාන්තාවන් ලඟය. ඒ මොනවාද?

1. සහකම්පනය - සහකම්පනයක් සහිත කාන්තාවන්ට ගොදුරැ සොයන තිරිසනුන් ආකර්ශනය වන්නේ මැග්නට් එකකට මෙනි. මගේ කසාද ගෑනි මට සළකන්නෙ නෑ කියමින් සහකම්පනයක් සහිත කාන්තාවන් ගොදුරැ කර ගන්නා විවාහක පිරිමි හොඳ උදාහරණයකි. සහකම්පනයක් නැති කාන්තාව "ඉතින් මට පාන්ද භල්ලො" කියා ඉවත් වෙද්දී සහකම්පනයක් සහිත කාන්තාව පව් කියා හිත හැදීමට ගොස් කෙළවා ගනී.

2. ආගම හරියට ඇදහීම - තමන්ගෙ ආගම හරියට අදහන කාන්තාවන්ද ගොදුරැ සොයන තිරිසනුන්ට පේන්නේ  මැග්නට්  මෙනි. මෙවැනි කාන්තාවන් ආගමානුකූළ ඉගැන්වීම් අනුව ජීවත් වෙන්න හදයි. ගොදුරැ සොයන තිරිසනෙකු ගේ රතු කොඩි දැක්කද, බුද්ධාගමේ හැටියට මගේ සසර ගනුදෙනු පියවීමට කියා හෝ කතෝළික නම් දෙවියන්ට යාඥා කර මිරැකල් එකක් බලාපොරොත්තුවෙන් තිරිසනාව අත නොහැර සිටී. ආගම් වලද දික්කසාදය ආදිය ටැබූ ලෙස දකිනා බැවින් මෙය තිරිසනාට තවත් වාසි දායකය. ආගමක් නැති කෙල්ලක් සෙරෙප්පුවෙන් ගසා එළවන මිනිහෙකු ආගම අදහන කෙල්ලක් සසර ගනුදෙනු පියවීමට හෝ මිරැකල් එකක් බලාපොරොත්තුවෙන් තදින් අල්ලාගෙන සිටී.

3. දැඩි හර පද්ධතියක් (moral compass) තිබීම - දැඩි හර පද්ධතියක් ඇති කාන්තාවද ආගමික කාන්තාවට සමානය. තමන් විශ්වාස කරන හර පද්ධතිය රැකීමට තිරිසනෙකු අත නොහරී. උදාහරණයකට, ජීවිතේටම එකෙක් එක්ක සෙස් කරන බවට දැඩි හර පද්ධතිය තුළ ප්‍රතිපත්තියක් ඇති කාන්තාවට ඒ බව දැන දැන සෙට් වන නරැමයා ඇයට බල කර සෙස් කරයි. ඉන්පසුව ඇයට මොන බලුකම කලත් ඇය තමා හැර නොයන බව ඔහු දනී.

4. ශක්තිමත් ස්වාධීන කාන්තාව - ගොදුරැ සොයන තිරිසනුන් මෙවැනි ගැහැණුන් ලඟ ඇති රිසෝසස් වලට වහ වැටෙන්නේ පිස්සු බල්ලන් මෙනි. ඇය තමන්ව ලස්සනට තබා ගනී, ආචාරශීලීයි, බුද්ධිමය සංවාදයක යෙදිය හැක, මුදල් උපයයි. ගෙදරට වී බත් තම්බන ලෝකය ගැන නොදත් නූගත් ඊරිසියාකාර මොට්ට ගෑණු ඉතා බෝරින් නිසා පමණක් නොව ගොදුරැ සොයන තිරිසනුන් මෙවැනි ගැහැණුන් සෙට් කරන් ඒ ගෑණු සිඳ බිඳ දැමීමෙන් ඉමහත් තෘප්තියක්ද ලබයි. කසාද බඳිනකම් සද්ද නැතුව ඉඳ ඊට පසු නීති දැමීම, පහර දීම ආදිය පටන් ගෙන ඒ ගෑණු සිඳ බිඳ දැමීමෙන් ඉමහත් තෘප්තියක් ලබයි. 

හොඳ ගැහැණුන්ට නරක පිරිමි ලැබෙන්නේ ඒ නිසාය. ඔබ හොඳ ගැහැණියක් නම් ඔබ ගොදුරැ සොයන තිරිසනුන් ගේ ටාගට් එකක් බව ඔබ දැන ගත යුතුය.

හොඳ කාන්තාවන් ඇඩප්ටබල් වීමටත් cost benefit analysis එකක් කිරීමටත් ඉගෙන ගත යුතුය. උදාහරණයකට ජීවිතේටම එකෙක් එක්ක සෙස් කරන බවට දැඩි ප්‍රතිපත්තියක් ඇති කාන්තාව, තමන් නරැමයෙක්ට රැවටී ඇති බව තේරැම් ගත් විට, අළුත් තත්වයට ඇඩප්ට් වී, නරැමයා අතහැර, මින් ඉදිරියට එකෙක් එක්ක සෙස් කරන බවට තම ප්‍රතිපත්තිය සංශෝධනය කර ගත යුතුය.

ඔබ හොඳ ගැහැණියක් නම් ඔබ අනිවාර්‍යයෙන්ම බවුන්ඩරීස් දැමීමටත් තමන්ගේ ස්ටෑන්ඩර්ඩ්ස් මොනම හේතුවකටවත් පහළ නොදැමීමටත්, සහකම්පනය නිසා පව් කියා නොඉවසීමටත් ඉගෙන ගත යුතුය. එමෙන්ම ඔබට හොඳකම නිසා කෙළවුනා නම් ඔබටම සමාව දී නැගී සිටින්න.
මගේ සර්කල් එකේ කාන්තාවන්ට මම නිතරම කියන දෙයක් ඇත. එනම්, "Keep your boundaries strong, your standards high and your tolerance low"

නරැමයන්ගේ මැග්නට් එකක් බවට පත් වී හප වෙච්ච ගෑණු ලෙස මාලනී ෆොන්සේකා, රැක්මණී දේවී, සහ නිල්මිණි තෙන්නකෝන් ආදීන් උදාහරණ වේ. බවුන්ඩරීස්, ස්ටෑන්ඩර්ඩ්ස් සහ ලෝ ටොලරන්ස් නිසා හොඳ ජීවිතයක් ලද්දවුන් ලෙස මධුරි ඩික්සිත්, අචලා අලස් ආදීන් උදාහරණ වේ.

තරැණ දියණියන් සිටින සියළුම දෙමව්පියන් තම දියණියන්ට සමාජයට යැවීමට පෙර මේ බව කියා දිය යුතුය. අන් කවරදාකටත් වඩා නරැම පිරිමින්ගේ වැඩි වීමක්ද, සමාජ මාධ්‍ය මෙබඳු නරැම පිරිමින්ගේ කෙළිබිමක් බවට පත් වීමද නිසා, මේවා තේරැම් කර නොදී සමාජයට යවන දියණියක් ආයුද නොදී යුද පිටියකට යවන සොල්දාදුවෙක් වැනිය.

හොඳ පිරිමින්ද තමන්ගෙ ජාතියට සපෝට් කිරීමට නරක පිරිමින් හොඳ කාන්තාවන්ව විනාශ කරන විට, ඔවුන්ව සුද්ද කිරීමේදී සිදු වන්නේ තමන්ට හොඳ ගැහැණියක් ලබා ගැනීමේ සම්භාවිතාව අවම කර ගන්නා බව තේරැම් ගැනීම වැදගත් වේ. 

No comments:

Post a Comment

ලාංකික මත තුනක් - දෙමාපිය නොසැළකිල්ල නිසා ළමයි මිය යාම, මහ ගෙදර, සහ ට්‍රැඩ් වයිෆ්

 මම පහුගිය දවසක දැක්ක රෝහල් අතපසුවීමක් නිසා දරැවෙක් මිය ගිය බවට සැක කරල ගමක මිනිස්සු සෙට් එකක් රෝහලට පහර දීමට ඇවිල්ල. ඒක නිතරම ලන්කාවෙ වෙන ද...