Thursday, May 22, 2025

අනුදිගෙ තාත්ත ගැන කතා කරමු

 


අනුදි ගැන බොහෝ දෙනෙක් කතා කරන මේ වෙලාවෙ, අනුදි වගේ පෞරැෂයක් තියෙන කෙල්ලෙක් හදපු තාත්ත ගැන ටිකක් කතා කරන්න ඕන කියල හිතුවා.

ලංකාවේ තියෙන ටොක්සික් පුරැෂමූළික හෙජමොනිය ගැන හොඳටම දන්නෙ ලංකාවේ පිරිමි නිසා ලංකාවේ තාත්තල ගෑණු ළමයින්ව හදන්නේ දැඩි සීමා පනවල. පවතින තත්වයෙන් තමන්ගෙ දුවව බේරන එක පවතින තත්වය වෙනස් කිරීම වෙනුවට බොහෝ වේලාවට ඔවුන් තෝරා ගන්නවා.

ළංකාවෙ බියුටි පැජන්ට් කියන්නෙ ටොක්සික් පුරැෂමූළික හෙජමොනියෙ ඉහළ ඇවරියෙ ඉන්න බලවත් පෝසත් නාකි පිරිමින්ට (සහ උන්ගෙ සල්ළාල පුත්තුන්ට) ලස්සන ගෑනු සපයන ප්‍රොජෙක්ට් එකක් ලෙසයි අනාදිමත් කාලයක සිට පැවත එන්නෙ. ලස්සන ගෑනු  හොයා ගන්න  බියුටි පැජන්ට්ම අවශ්‍ය නැති උනාට, මේ පිරිමින්ට මෙවැනි ටයිටල් සහිත ෆ්‍රෙෂ් මීට් ට්‍රෝපි හන්ට් කරන එක වඩාත් විනෝදාත්මක උනා. ඒ නිසා තමන්ගෙ දුවට ලොකු බියුටි පැජන්ට් එකකට තබා ගමේ අවුරැදු කුමාරි තරඟෙට යන්නවත් නොදී, ගහල බැනල, කැම්පස් තේරැණ කෙල්ලට කැම්පස් යන්න නොදී, වැඩිම ලංසුව තිබ්බ බලවත් පෝසත් ඩයල් එකට බන්දන තාත්තල ඉන්න රටක, අනුදිට සපෝටිව් තාත්ත කෙනෙක් ඉන්න එක ඇයගේ ජයග්‍රහණයේ සෙවණැල්ලයි.

ලංකාවේ පිරිමි ළමයි හදන්න හරිම කැමතියි, මොකද සාම්ප්‍රදායික සමාජෙ පුරැෂමූළික පිරිමින්ගේ සරැ භාවය පිළිබඳ ඊගෝ එක සැටිස් වෙන්න නම් ළමයි ඉන්ට ඕනෙ. හැබැයි ළමයි හදන්න හරිම කැමති පිරිමි 90%ක් හදන ළමයින්ට හොඳ තාත්තල වෙන්ට කැමති නැහැ, සූදානම් නැහැ, නැත්නම් දන්නෙ නැහැ.

ලංකාවේ ලස්සන නිසා ඉහළ ගියපු නමුත් කාඩ් ඉරාගත්ත ගෑණුන්ගෙ තාත්තලව කවදාවත් දැකල තියෙනවද? අනර්කළී, දමිතා, හංසමාලි වගේ ගෑණුන්ගෙ අම්මල නිතර දැකල තිබුනත්, තාත්තලව කවදාවත් දැකල තියෙනවද? 

තමන්ගෙ හයියට පොඩිකාලේ ඉඳල ඉන්න, තමන්ගෙ අම්මව බලාගෙන පවුලේ ගෘහ මූළිකය විදිහට රකින, තමන්ව තේරැම් ගත්ත තාත්තෙක් ලැබෙන එක තරම් වාසනාවක්ද?

මේ වගේම ලස්සන දක්ශ සමහර දුවලගෙ තාත්තල බේබද්දො නිසා මේ මගේ තාත්ත කියල ආඩම්බරයෙන් රටට පෙන්නන්න බැහැ, සමහර තාත්තල පවුළෙන් ඈත් වෙලා දුවල ඉන්නවද මළාද බලන්නෙ නැහැ, සමහර තාත්තල රට වටේම වංච් කර කර යනව ඒවට අහු උන මිනිස්සු දුවලට පාර තොටේදි පවා බැණ වදිනව, සමහර තාත්තල  දුවලට ඊර්ශ්‍යයි කප්පම් ඉල්ලනව. තමන්ගෙ චරිතවත් දුවගෙ චරිතෙ නරක නිසා පරිස්සම් වෙන්න කියල ගමේ කොල්ලන්ට කියපු තාත්තෙක්ගෙ දුවෙකුත් මට හමු වෙලා තියෙනව (ඉතාම බිඳුණු ළමයෙක් ලෙස ඇමරිකාවට ආව ඒ දුව, මම ඇතුළු කීප දෙනෙක් රෑ දවල් නොබල ගොඩ දාපු නිසා දැන් හුඟක් හීල් වෙච්ච හොඳ තැනක ඉන්න කෙනෙක්).

ඉතින් මම මේ වෙලාවේ නැවත නැවත මතක් කරන්නේ, ළමයින්ට හොඳ තාත්තල වෙන්න කැමති පිරිමින්ව විවාහයට තෝර ගන්න. මොකද, අර උඩ කියපු  දුවගෙ චරිතෙ නරක නිසා පරිස්සම් වෙන්න කියල ගමේ කොල්ලන්ට කිය කිය ගිය තාත්ත තමන්ගෙ බිරිඳව අඩු වයසින් මරා ගත්තත් තවමත් ජීවත් වෙනව. වෙන වචන වලින් කිව්වොත් ඔබ නරක පිරිමියෙක් බැඳල වද විඳල විඳල අඩු වයසින් මළාට පස්සෙ ඒ පිරිමියා ඔබේ දරැවන්ව තමයි බයිට් එකට ගන්නෙ. ඒක නිසා හොඳට හිතල මතල වැඩ කරන්න.

අම්මල තාත්තලගෙ වැරදි නිසා අනුදිට ලැබුණු මඟපෙන්වීම, ශක්තිය, සම්පත් නොලැබුන දුවලට  අනුදිගෙන් ආදර්ශ ගන්න කියල හෑළි ලියන්න එපා. ඒ ළමයි අද දවසේ දි.වි නහ නොගෙන ජීවත් වන එකම ලොකු දෙයක්.


Normal Human Beings-

Hasani Lelwala 
Follow

12h 
තව නොබෝ වේලාවකින් ඇය අපේ රට වෙනුවෙන් තරග බිමට පිවිසෙනු ඇත...💪
රුව, ගුණ සහ නැණ නුවණ සපිරි ඇයගේ ජයග්රහණය වෙනුවෙන්, ශ්රී ලාංකිකයන් ලෙස අපි හැමෝම ආශිර්වාද එක් කරමු 🙏🙏🙏
උතුම් බුද්ධානුභාවයෙන්
ශ්රී සද්ධර්මයේ සත්යානුභාවයෙන්
මහා රහතන් වහන්සේලාගේ තේජසින්
ඇයට කිරුල හිමි කර ගන්නට සියළු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 💕😇🙏
මේ උතුම් මව්බිම දිනේවා 😍😍😍
ඇයට තෙරුවන් සරණයි 💕
සියළු දෙවි රැකවරණයි 🙏🙏🙏

Meanwhile Alpha Male Sri Lanka-






No comments:

Post a Comment

ලාංකික මත තුනක් - දෙමාපිය නොසැළකිල්ල නිසා ළමයි මිය යාම, මහ ගෙදර, සහ ට්‍රැඩ් වයිෆ්

 මම පහුගිය දවසක දැක්ක රෝහල් අතපසුවීමක් නිසා දරැවෙක් මිය ගිය බවට සැක කරල ගමක මිනිස්සු සෙට් එකක් රෝහලට පහර දීමට ඇවිල්ල. ඒක නිතරම ලන්කාවෙ වෙන ද...