ඉහත ඡායාරෑප බලන්න. පුරැෂමූළික සමාජයක ඉපදී, පොඩි කාලයේ සිටම පිරිමින්ට කැඹිරීමට ප්‍රෝගෑම් කරන ලද දකුණු ආසියාතික ගෑණුන්ගේ ජීවිතයේ ලොකුම ඇචීව්මන්ට් එක තමයි ඉහත ඡායාරෑප වල පේන්නෙ. ඔය ජීවිතය ලබා ගන්න එක තමා දකුණු ආසියාතික ගෑණුන්ගේ පරම සතුට. ඔය ජීවිතය ලබා ගන්න මෙන්න මේ සුදුසුකමුත් බලනවා.
1. ලස්සන වීම
2. කන්‍යාවක් වීම
3. කේන්දර ගැළපීම
4. කුළය ගැළපීම
5. පවුල් තත්වය ගැළපීම
6. ගේ දොර වැඩ දන්නාකම
7. චාරයක් වගකීමක් නැතිව ළමයි හැදීමට කැමැත්ත
8. ගෘහස්ත හින්සන දරා ගැනීමේ හැකියාව
9. තමන්ගේ හීන අතහැරීමේ හැකියාව
10. දෑවැද්ද/රස්සාව
12. වැටුප් නොලබන ජීවිත කාලයටම කරන මෙහෙකාර සේවය
13. ඉහත 1-12 සඳහා කිසිම හොඳක් නොඇසීම
14. ඉහත 1-12 සඳහා සුළු අඩුපාඩුවකට පවා කුණු බැණුම් ඇසීමේ හැකියාව
15. ලිංගික තෘප්තියක් රහිත සෙස්
16. හුස්ම ගැනීමට සහ ටොයිලට් යාමට හැර අනිත්වා හැම එකකටම අවසර ගත යුතුය
ඒ තරම් පස්මහ බැලුම් බලල, කොළිෆිකේෂන් පෙන්නල ගියපු ගමනෙ කොළිටිය තමා ඉහත පේන්නෙ. මාරයිනේ?
පහත ඡායාරෑප බලන්න. පුරැෂමූළික සමාජයක ඉපදී, පොඩි කාලයේ සිටම පිරිමින්ට කැඹිරීමට ප්‍රෝගෑම් කරන ලද දකුණු ආසියාතික ගෑණුන්ගේ ජීවිතයේ ලොකුම බය තමයි පහත ඡායාරෑපයේ පේන්නෙ. තනියම ජීවත් වීම. මොන පවක්ද? අම්මෝ ඊට වඩා අහුවෙන මිනිහෙක් එක්ක යන එක සැපයි. ඔය ජීවිතය ලැබෙයි කියන එක තමා දකුණු ආසියාතික ගෑණුන්ගේ ලොකුම බය. මොකද ඒ ජීවිතේ පහත අපා දුක් තියෙනවා.
1. ආතති සහිත සම්බන්දකම්, ළමයි වැදීම ආදිය නැති නිසා ලස්සනට සැපට ඉන්න හැකි වීම
2. කන්‍යාවක්ද හොයන්න රෙදි නැන්දා නොඒම
3. කේන්දර ගැළපීමක්, කුළය ගැළපීමක්, පවුල් තත්වය ගැළපීමක් අවශ්‍ය නැත
4. ගේ දොර වැඩ නොදන්නාකම අවුළක් නැත, තමන්ට ඕනෑනම් ඕනෑ කාලයට ඉගන ගත හැක
7. චාරයක් වගකීමක් නැතිව ළමයි හැදීමට අවශ්‍ය නැත, ළමයි අවශ්‍යනම් බාදාවක්ද නැත
8. ගෘහස්ත හින්සන නැත
9. තමන්ගේ හීන අතහැරීමක් නැත
10. දෑවැද්ද අවශ්‍ය නැත, රස්සාව තමන් වෙනුවෙනි
12. වැටුප් නොලබන ජීවිත කාලයටම කරන මෙහෙකාර සේවයක් නැත.
13. ඇති වෙනකම් නිදා ගත හැක
14. කුණු බැණුම් නැත
15. ටොක්සික් ඉන් ලෝ කරදර නැත
16. ලිංගික තෘප්තිය සහිත සෙස් පමණි
17. එක එකා ලඟ අවසර ඉල්ලමින් වැඳ වැටීමක් නැත
කියවලා හැදෙන්න. නැත්නම් නැහෙන්න..!
කාගේහරි දිරච්ච මැෂිමක කිරි කිරි ගාන මුරිච්චියක් වෙලා
කාගේහරි අබලන් ජීවිත කතාවක හොටුපෙරාගෙන අඩන දුක්බර චරිතයක් වෙලා..
කාගේහරි තදවෙච්ච ආශා දැහැනකට යටවෙච්ච කඩමාල්ලක් වෙලා..
කාගේහරි කුණු ලොරියක ගාබේජ් බෑග් එකක් වෙලා…
කාගේහරි වැල් බයිලාවක ගොර ගොර ගාන පදයක් වෙලා..
කාගේහරි ලෙඩ වාට්ටුවක කැහි ලෙඩෙක් වෙලා
ජීවත්වෙනවාට වඩා,
(මේ කියන්නේ මොකක් ගැනද කියලා ටිකක් හිතන්න…)
ලස්සනට දෙයක් ඉගෙනගෙන
ලස්සනට දෙයක් හදාරලා
ලස්සනට ප්ලෑන් එකක් ගහලා
ලස්සනට දෙයක් පටන් අරගෙන
ලස්සන කතාවක් ලියන්න අරන්
දවසක මලක් වගේ පිපෙන්න..!
ජීවිතේ කියන්නේ, හරි ලස්සන දෙයක්.
ඔයා ඔය විහින් කැතකරගත්තට ඒකේ හරි ලස්සන පැත්තක් තියෙනවා.
අනුන්ගේ තිර රචනාවලට රඟපාන එක නවත්වලා
ජීවිතය ගැන බරපතල තීරණ අරන්
පිපෙන්න.
ඉගෙනගන්න
කෝපි හදන්න හරි කමක් නෑ ඉගෙන ගන්න ලස්සනට
මාළු පාන් හදන්න හරි කමක් නෑ ඉගෙන ගන්න.
පාපිසි හදන්න හරි කමක් නෑ ඒක ලස්සනට කරන්න ඉගෙනගන්න.
ඡායාරෑප ගන්න වුනත් කමක් නෑ ඒක ඉගෙනගන්න.
ඉගෙනගෙන ඔයාගේම තිර රචනාවක් ලියන්න.
නැවත නැවත මේ කියන්නේ
මේ ඔයා රඟපාන චරිතය ඔයාට ගැළපෙන්නේ නෑම කියලා
දන්න නිසා..!
Sri Sri Madhara
Copied___
Sandu Nil Nut
No comments:
Post a Comment