මොහොතක් සිතන්න.
ඔබ කවදා හෝ මේ අත්දැකීම විඳලා තියෙනවද? ඔබ හිතාගෙන ඉන්නවා "මම දැන් ශක්තිමත්. මම මගේ අතීතයේ වෙච්ච ඒ නරක සිදුවීම්, ඒ වේදනාවන් අමතක කරලා ඉවරයි" කියලා. ඔබ ඔබේ මනසට බොරු කියනවා "මම හොඳින්" කියලා.
නමුත්... හදිසියේම පොඩි දෙයක් සිද්ධ වෙනවා. කවුරුහරි වචනයක් කියනවා, පරණ සින්දුවක් ඇහෙනවා, නැත්නම් යම් සුවඳක් දැනෙනවා.
එකපාරටම මොකද වෙන්නේ?
ඔබේ පපුව හිර වෙනවා. අත් කකුල් සීතල වෙනවා. බඩේ අමුතු බයක් (Gut feeling) පටන් ගන්නවා. ඔබේ හුස්ම ගැනීම වේගවත් වෙනවා.
ඔබේ මනස කියනවා "බය වෙන්න එපා, මේක පොඩි දෙයක්නේ" කියලා. ඒත් වැඩක් නෑ! ඔබේ ශරීරය ඒ වන විටත් භීතියට පත් වෙලා ඉවරයි!
ඇයි මෙහෙම වෙන්නේ?
අපි නිතරම අපට මතක් කළ යුතු බලගතු සත්යයක් තියෙනවා. ඒ තමයි "Emotion is created by Motion." (හැඟීම් නිර්මාණය වන්නේ ශරීරයේ ක්රියාවන් හරහායි) කියන එක
ඔබ දන්නවාද? ඔබ මුහුණ දුන් යම් කම්පනකාරී සිදුවීමක් (Trauma) - එය කුඩා කාලයේ සිදුවූ දෙයක් වෙන්න පුළුවන්, බිඳුණු සම්බන්ධතාවයක් හෝ වෙනත් අනතුරක් වෙන්න පුළුවන් - එය නිකම්ම "නරක මතකයක්" විතරක් නෙවෙයි.
ඒ මොහොතේ ඔබට ඇතිවූ අධික බිය සහ පීඩනය ඔබේ ස්නායු පද්ධතියේ (Nervous System) සහ ඔබේ සෛල තුළ "සිරවූ ශක්තියක්" ලෙස තැන්පත් වෙනවා.
ඔබේ බුද්ධිමත් මොළයට (Logic Brain) ඒ සිද්ධිය අමතක කරන්න පුළුවන්. නමුත් ඔබේ ශරීරය එය "කෙටුම්පත්" (Blueprint) කරගෙන ඉවරයි.
ඔබ නොදැනුවත්වම කුදු වෙලා ඉන්නේ ඇයි? (ඒ ඔබේ ශරීරය ආරක්ෂා වෙන්න හදන හැටි).
ඔබේ බෙල්ල සහ උරහිස් නිතරම තද වී (Tension) කැක්කුම් දෙන්නේ ඇයි?
ඔබට ගැඹුරට හුස්ම ගන්න අමාරු ඇයි?
මේවා නිකම්ම ශාරීරික අමාරුකම් නෙවෙයි. මේ ඔබේ ශරීරය කෑගහලා කියනවා: "මම තාම බය වෙලයි ඉන්නේ! මම තාම ඒ අතීතයේ හිරවෙලයි ඉන්නේ! මාව නිදහස් කරන්න!"
එතකොට ඔබට සැබෑ වෙනසක් අවශ්ය නම්, නිකම්ම ඉඳලා හරියන්නේ නෑ. ඔබට තියෙන්නේ "ජීව විද්යාත්මක ප්රශ්නයක්" (Biological Problem). එය විසඳන්න නම් ඔබ ඔබේ ශරීරය (Physiology) වෙනස් කළ යුතුමයි!
ඔබ ඔබේ ශරීරය අතීතයේ සිරගෙයක් කරගන්නේ නැතුව, එය නිදහස් කරන්න සූදානම්ද?
ඔබේ අතීතය ඔබේ වර්තමානය පාලනය කිරීම නැවැත්වීමට අදම, මේ දැන්ම මේ පියවර ගන්න:
1. නවතින්න. දැනෙන්න දෙන්න. හඳුනාගන්න. (Stop. Feel. Locate.)
ඔබට ඊළඟ වතාවේ අර අනවශ්ය බිය, තරහ හෝ වේදනාව දැනෙන විට, ඒක මනසින් යටපත් කරන්න එපා. කතාවක් හදාගන්න එපා ("අනේ මට හැමදාම මෙහෙමයි" කියලා).
* ඔබ ඒ මොහොතේම නවතින්න. ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ සම්පූර්ණ අවධානය මනසින් ඉවතට ගෙන ශරීරයට යොමු කරන්න.
ඔබෙන්ම අසන්න: "මේ වේදනාව/බිය මගේ ශරීරයේ තියෙන්නේ කොතනද? පපුවේද? බඩේද? උගුරේද? බෙල්ලේද?"
ඒ හැඟීම ශරීරය තුළ භෞතිකව හඳුනාගත් වහාම, එය ඔබේ පාලනයට නතු වෙන්න පටන් ගන්නවා.
2. රටාව කඩන්න - ශරීරය සොලවා දමන්න! (Shake It Off & Move!)
ස්වභාවධර්මයේ සතෙක් අනතුරකට මුහුණ දුන්නම, ඌ ඊළඟට කරන්නේ මොකක්ද? ඌ වෙව්ලනවා (Shake). මුළු ඇඟම වේගයෙන් ගසලා දාලා අර "Stress Energy" එක එළියට දානවා. ඊට පස්සේ සාමාන්ය විදියට ජීවත් වෙනවා.
නමුත් මිනිස්සු වන අපි කරන්නේ මොකක්ද? අපි ඒක ඇඟ ඇතුලේ හිර කරගෙන (Freeze) ගල් ගැහිලා ඉන්නවා.
* ඔබට පීඩනයක් දැනුනු ගමන් එක තැන ඉන්න එපා. නැගිටින්න. ඔබේ අත් පා වේගයෙන් ගසලා දමන්න (Shake your body vigorously). පනින්න. දුවන්න. සිංදුවක් දාලා පිස්සුවෙන් වගේ නටන්න.
ඔබේ ශරීර ඉරියව්ව වෙනස් කරන කොටම, මනසට පණිවිඩයක් යනවා "අපි දැන් ආරක්ෂිතයි, බය වෙන්න දෙයක් නෑ" කියලා.
3. ප්රබල ශ්වසනය (Power Breathing - The Reset Button)
ඔබේ ශරීරයේ "Fight or Flight" (බිය) පද්ධතිය පාලනය කරන දුර්ස්ථ පාලකය තමයි ඔබේ "හුස්ම". ඔබ නොගැඹුරු විදියට පපුවෙන් හුස්ම ගන්න තාක් කල්, ශරීරය ඉන්නේ බයෙන්.
* ඒක නිසා මේ ක්රියාකාරමක පුරුදු කරන්න.
කොන්ද කෙලින් තියාගන්න.
තත්පර 4ක් නහයෙන් ගැඹුරට හුස්ම ගන්න (බඩ පිපෙන්න ඕනේ).
තත්පර 4ක් ඒ හුස්ම අල්ලගෙන ඉන්න.
තත්පර 6ක් කටින් සෙමින් හුස්ම "හා....." කියා ශබ්දයක් එන ලෙස පිට කරන්න.
මෙය පස් වතාවක් කරන්න. ඔබේ ස්නායු පද්ධතිය ක්ෂණිකව Reset වෙනවා ඔබට දැනේවි.
මතක තියාගන්න:
ඔබේ අතීතය ඔබේ සෛල (Cells) තුළ හිරවෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔබේ අනාගතය තීරණය කරන්නේ අද ඔබ ගන්නා ක්රියාමාර්ගයි.
සිත සිතා සිටීම නවත්තලා, ශරීරය වෙනස් කරන්න. ඔබේ සැබෑ පරිවර්තනීය වෙනස පටන් ගන්නේ එතනිනුයි! 
අන්තර්ජාතික සුදුසුකම්ලත් පුද්ගල හැකියා සංවර්ධන පුහුණු උපදේශක
පුබුදු එරත්න
Asia's #1 NLP & Hypnotherapy Trainer,
NLP Master Coach & Master Hypnotherapist
No comments:
Post a Comment