පුරැශාධිපත්‍යයට ලංකාවෙ පිරිමි බහුතරය මාර සපෝට්නේ, උන් හිතාගෙන ඉන්නේ පුරැශාධිපත්‍යයෙන් කෙළවෙන්නෙ ගෑණුන්ට විතරයි කියල. නැහැ එහෙම එකක් නැහැ. පුරැශාධිපත්‍යය කියන්නෙ සරළවම සමාජයේ සුදුසුකමට වඩා ලිංගය බලල තැන දෙන, පිරිමි සුද්ද කරන සමාජ නිසා, එවැනි සමාජ වල පිරිමින්ට වගකීම් ගන්න උගන්නන්නෙ නෑ. පුරැශාධිපත්‍යයෙන් බිහිවෙන වගකීම් රහිත, නිවැරදි තීරණ ගන්න බැරි පිරිමි කෙළවන්නෙ ගෑණුන්ට විතරක් නෙමේ, තමුන්ටත් කෙළවල සමාජයේ මිනිස්සුන්ටත් ස්ත්‍රී පුරැෂ භේදයකින් තොරවම කෙළල අරිනව. පහුගිය කාලෙ සිද්ද උන අනතුරැ ඒගැන උදාහරණ.
මීට වසර කීපයකට කළින් මම බලපු ජනක කුඹුකගේ මහතා රත්නා ලාලනී මහත්මිය සමඟ කරපු වැඩසටහනක (අනිත් අයගෙ පවුල් දිහා බලනකොට අපිට එහෙම ඉන්න බැරිවුනානෙ කියල හිතෙනව., ~ 35 min onwards) එතුමියගේ වියෝ වූ සැමියා සම්පත් තෙන්නකෝන් මහතා ගැන කතා කරපු අවස්ථාවේ කියපු එක කතාවක් මේ ඇල්ලේ අනතුර ඇසූ විට මට එකපාරට මතක් උනා. ඒ කතාව කෙටියෙන්ම කිව්වොත්, සම්පත් තෙන්නකෝන් මහතා පිටරටවල රිය පැදවීමට ඉතා දක්‍ෂයිලු (සාමාන්‍යයෙන් ලංකාවේ කෙනෙක් පිටරටවල හයිවේ වල එකපාර රිය පැදවීමට බයයි, විශේෂයෙන්ම ලංකාවේ හයිවේ නොතිබුන යුගයේ, මොකද අත්දැකීම් නැහැනෙ). වතාවක් ජර්මනියෙ ගිහාම ඒ ටුවර් එකේ ඕගනයිසර් කෙනෙක් වෙච්ච ජර්මනියෙ හිටපු ලාංකිකයා ප්‍රදීප්, ඩෙන්මාක් වල ෂෝ එකකට කට්ටියම (මෙතන ලංකාවෙ කෘතහස්ත කලාකාරයො ගණනාවක් ඉන්නව) තමන්ගෙ වාහනේ එක්ක ගිහින්. ඩ්‍රයිව් කලේ සම්පත්ලු. සතියකට ඉන්නලු ගියේ. නමුත් ෂෝ එකට පස්සෙ ප්‍රදීප්ට ඔෆිස් එකෙන් කෝල් කරල කිව්වලු හෙට උදේ නමයට ජර්මනියෙ අදාළ රැකියාවට වාර්තා කරන්න කියල. උදේ නමයට ජර්මනියෙ අදාළ රැකියාවට වාර්තා නොකලොත් ප්‍රදීප්ට රස්සාව නැති වෙන හන්ද නිදිමරල හිටපු සම්පත් වීල් එක අරන් නැවත ඩ්‍රයිව් කලාලු ඒ රෑ. සම්පත්ට රිය පදවන්න තිබ්බ අපහසුවයි, කාලවේලාව එක්ක කරපු සටනයි ජනක කියනව හොඳට. සම්පත්ට නින්ද නොයන්න ජනක කුණුහරැප කිය කියලු ආවෙ. ඉතිරි සෙට් එක පිටිපස්සෙ හොඳටම නිදිලු.
වසර කීපෙකට පෙර මේ වැඩසටහන බලද්දි මේ කතාව ඇහුනම මට දැනුන අපුළ ගැන මට කියන්නට වචන නැහැ. ජනක මේක කියන්නෙ රසවත් කතාවක් ලෙස. මෙම කතාව ගැන මට ඇති උන අපුළට හේතු මෙන්න මේව.
1. යාළුකම සහ සේෆ්ටි කියන්නෙ දෙකක්. ප්‍රදීප්ල වගේ එවුන් රටේ නමගිය කලාකාරයො ගෙන්නනව නම් අදාළ සේෆ්ටි දෙන්න බැඳිල ඉන්නව. ඒ වගේම ඕගනයිසර් තමන්ගෙ ජීවිත අනතුරේ දානවනම් ඒකට විරැද්දව කතා කරන්න (රණ්ඩු කරන්න නෙමේ) පුළුවන් වෙන්න ඕනෙ. මගේ සැමියට වාහනයක් නොතිබ්බ කාලෙ යාළුවෙක් එයාගෙ වාහනේ දුර තිබ්බ පාටියකට එක්ක ගිහින් ඒ පාටියෙ බොන්න හදද්දි මගේ සැමියා ඔහුට කියල තිබ්බ මචන් උඹ බිව්වොත් මං උඹ එක්ක ආපහු යන්න එන්නෙ නෑ, මං වෙන වාහනයක් හොයා ගන්නම් කියල. ඒක අහපු යාළුව බීල නෑ. අදටත් හොඳම යාළුවො. ඒ වගේ තමන්ගෙ ප්‍රතිපත්ති මත පිහිටල ඉන්න කොන්දක් තියෙන්න ඕනේ. කවුරැහරි වාහනේ ලිෆ්ට් දුන්න පළියට, යාළුවො උන පළියට, ඉවෙන්ට් ඕගනයිස් කල පළියට, ගේ අස්සෙ දාන් කන්න බොන්න දීපු පළියට, වාහන අපරීක්‍ෂාකාරීව පදවන්ට වෙන තත්වයට හෝ එවැනි වාහන වල යන්න වෙන තත්වයට පත් වීම හෝ පත් කිරීම වැරදියි.ඒත් මේව ලංකාවෙ එවුන්ට මොන තරම් සාමාන්‍යකරණය වෙලාද කිව්වොත් ජනකල මේව මාධ්‍ය වල කියන්නෙ හෙන ආතල් එකේ.
2. ප්‍රදීප් දුර ඩ්‍රයිව් කරන්නෙ නෑලු, ආපහු තනියම කෝච්චියෙ යන්න කැමතිත් නෑලු. යකෝ එහෙම කියල ලන්කාවෙ හොඳම කලාකාරයො හය දෙනෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරනවද? මං අහන්නෙ එක්කො කලාකාරයන්ව හෝටලේක නවත්තල පලයංකො.
3. සතියකට ඉන්නලු ගියේ. නමුත් ෂෝ එකට පස්සෙ ප්‍රදීප්ට ඔෆිස් එකෙන් කෝල් කරල කිව්වලු හෙට උදේ නමයට ජර්මනියෙ අදාළ රැකියාවට වාර්තා කරන්න කියල. උදේ නමයට ජර්මනියෙ අදාළ රැකියාවට වාර්තා නොකලොත් ප්‍රදීප්ට රස්සාව නැති වෙනවලු. මේක මාර කතාවක්නේ? හරියට නිවාඩු දාපු එකෙක්ට කවදාවත් ඔහොම ගැටළු ඇති වෙන්නෙ නැහැ.
තමන්ගෙ රස්සාවට අවංක නැති, විනයක් නැති, චාරයක් නැති, ලන්කාවෙ හොඳම කලාකාරයො හය දෙනෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක ගැන කිසිම හැඟීමක් නැති අපත මරිමෝල් ආත්මාර්ථකාමී කාළකණ්නි විදිහට ජර්මනිය වගේ රටක (සේෆ්ටි ගැන හිතන, නිවාඩු ගන්න කිසි අවුළක් නැති, ප්‍රොෆෙෂනල් මිනිස්සු ඉන්න රටක) ඉඳලත් ප්‍රදීප්ල හැසිරෙන්නෙ ඇයි කියල හිතෙන්නෙ නැද්ද? පුරැශාධිපත්‍යයෙන් බිහිවෙන වගකීම් රහිත, නිවැරදි තීරණ ගන්න බැරි පිරිමි වැඩ කරන ආකාරය එහෙම තමා.
ඔය වගේ තැනකදි කාන්තාවො මාර අසරණයි. ඔතන රත්නා ලාලනී සහ ඉන්දිකා උපමාලි හිටිය. සේෆ්ටි නැතත්, ඒ තත්ව යටතේ යන්න අකමැති උනත්, ගෑණුන්ට පිරිමි කියන ආකාරයට ඉන්න වෙනව මේ සමාජ ඇතුලෙ, මැරෙන්න හරි. මේවට කතා කරොත් කුණුහරැප අහගන්න වෙන්නෙ. මට මතක ආකාරයට පූර්ණිමා බණ්ඩාරද කොහේද පෝස්ටුවක් දාල තිබ්බ උබර් රියැදුරාට වාහනය අපරීක්‍ෂාකාරීව පදවනකොට ඒ ගැන කතාකරපු මිතුරියන්ට උබර් රියැදුරා කැතට බැණ වැදී ඊටත් හයියෙන් ගියපු කතාවක්. ඔන්න ඕකයි තත්වෙ. හැබැයි ඔය උබර් රියැදුරා පිරිමින්ටත් ඕකම කරන්ට ගොඩක් ඉඩ තියෙනව. මොකද පුරැශාධිපත්‍යයෙන් මොන්ස්ටර් කෙනෙක් නිර්මාණය කලාම ඌ ගොදුරෙ ලිංගය බලල ගෘහස්ථ හිංසන වගේ එව්ව කලාට ලිංගය නොබල ගොදුර ඩැහැගන්න අවස්ථා තියෙනව, රථවාහන අනතුරැ වගේ.
ඒ එක්කම ගයන්ත ගුනේඳ්‍ර අනතුර ගැන කතා කරන්න හිතුනේ "සේෆ්ටි නැතත්, ඒ තත්ව යටතේ යන්න අකමැති උනත්, ගෑණුන්ට පිරිමි කියන ආකාරයට ඉන්න වෙනව මේ සමාජ ඇතුලෙ, මැරෙන්න හරි" කියන වාක්‍යයට හරියටම ගැලපෙන අනතුරක් නිසා.
ලන්කාවේ මිනිස්සු දැන් කාලයක ඉඳල ජීවිතයේ ගුණාත්මක භාවය මැනීමේ මිණුම් දණ්ඩ ලෙස ට්‍රිප් යාම සළකනවා. මේක බටහිර ආභාෂයෙන් ආව අදහසක්. බටහිර මිනිස්සු ලෝකයේ සන්චාරය කිරීමට එදා සිටම රැසියෝ. ඒ නිසා ජීවිතය විඳීම = සන්චාරය කිරීම යන අදහස අපේ අයටත් තදින්ම වැදිල තියෙනව. හැබැයි බටහිර මිනිස්සු සංචාරයකට වෙන සූදානමෙන් සීයට එකක්වත් අපේ අය සූදානම් වෙන්නේ නැහැ. බටහිර මිනිස්සු සංචාරයක් අතරතුර පෙන්වන ප්‍රවේශමෙන් සීයට දහයක්වත් අපේ අය සංචාරයක් අතරතුර ප්‍රවේශම් වෙන්නෙත් නැහැ. අනුන්ගේ දේවල් කොපි කිරීමේදී ඒවා අපේ විදිහට වෙනස් කර ගැනීම සුදුසු වෙන්නේ විද්‍යාත්මක පදනමකින් යුතුව ඒක කලොත් පමණයි. මට මතකයි නළින් ලොක්ක බටහිර පළු යන්න විවේචනය කරද්දි නිතරම කියපු කතාවක්. ඒ තමා අපි බටහිර "හොඳ" දේවල් අරගෙන ඒව "අපේ" කරගෙන පාවිච්චි කළ යුතු බව. එයා උදාහරණයකට ගත්තෙ පාන්. පාන් බටහිර හොඳ දෙයක් ලෙසත් ඒක බටහිර උදවිය වගේ බටර් මස් ආදිය නැතිව පරිප්පු එක්ක කෑම "අපේ" කරගෙන පාවිච්චි කිරීම ලෙසත් කිව්ව. ඒක හරි අපූරැ උදාහරණයක් බව ඇත්ත උනාට එසේ අවිද්‍යාත්මකව අනුන්ගේ සංස්කෘතික අංග වල කෑළි අපේ කර ගැනීම ඉතා අහිතකරයි. පාන් (පෙත්තක්) බටර් සහ මස් සමඟ ඉතා සමබර ආහාරයක් උනාට පාන් (බාගයක්) සහ පරිප්පු ටිකක් යනු හුදෙක් කාබ් සමඟ කාබ් පමණයි. ප්‍රතිපළය උනේ දියවැඩියාව හෙම්බිරිස්සාව මට්ටමටම කොමන් වීමයි.ට්‍රිප් යාමත් අපේ කරගත්තෙ ඒකෙ සේෆ්ටි පැත්ත සත පහකට මායිම් නොකර. අර උඩ තියෙන ජනකගෙ කතාවෙ වගේ කවුරැහරි අපත පාහර ඕගනයිසරයෙක්ගෙ අතේ සේෆ්ටි තියෙන්නෙ.
කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත ඔහුගේ බිරිය සතීෂා නිලන්ති සහ සතිෂාගේ මළනුවන් රවිඳු තීක්ෂණ මියගිය අධිවේගී අනතුර - යාපනේ කෙටි සංචාරයකට සතිෂාගේ සොහොයුරාත්, සතීෂාගේ මවත්, නිවෙසේ උදවුවට සිටින තරුණියකත්, දරු පැටවුන් තුන් දෙනාත් (නිවුන්නු, අවුරැද්ක විතර) සමඟ ගුණේන්ද්‍ර යුවළ සහ රියදුරු එක්ව තිබූ අතර සංඛ්‍යාව සැලකීමේදී 9 ක් ගමන් කර තිබුණි.
කුඩා දරැවන් (තිදෙනෙක්, නිවුන්නු, අවුරැද්ක විතර) සමඟ (දින දෙක තුනක් වැනි) කෙටි සංචාර යද්දි එය කුඩා දරැවන්ටත් ඔවුන් රැකබලාගන්න අයට (හෙල්පර්, මව) ඉතා පීඩාකාරීයි. ට්‍රිප් යා යුත්තේ ඔළුව නිදහසේ මිසක්ක ඔළුව ගිනි අරන් නෙමේ. මේ ට්‍රිප් එකේ ස්වභාවය බැලුවම පේනව මොනතරම් කැත විදියට පිරිමින්ට ආතල් දීමට සහ ගෑණුන්ට කටු කන්න ඕගනයිස් කරපු ට්‍රිප් එකක්ද කියල. මෙතන ළදරැවො තුන් දෙනෙක් අරන් දවස් දෙක තුනකට ට්‍රිප් එකක් යන්න තීරණය කිරීමත්, තනිකරම සුක්කානම රියැදුරාට දීල ඒ මිනිහට නිදිමතද අමාරැද නොබලා හිටපු එකත් ගෘහ මූළිකයගෙ වගකීම බරපතළ ලෙස පැහැර හැරීමක්. තමන්ගෙ පවුලෙ ආරක්‍ෂාව ගැන නොහිතා එසේ අපරිණත හා වැරදි තීන්දු තීරණ ගන්නේ පුරැශාධිපත්‍යයෙන් බිහිවෙන ආත්මාර්ථකාමී, වගකීම් රහිත, නිවැරදි තීරණ ගන්න බැරි පිරිමි.
ඉහත අනතුරැ සහ නියර් මිසස් වලට වගකියන්ට ඕන පිරිමි උගත් පෝසත් වැදගත් පිරිමි නිසා ඇල්ල අනතුරේ රියැදුරාට වගේ දෝෂාරෝපණ නැහැ. නමුත් කරැමෙට දකුණු ආසියාවෙ ඉපදුන ගෑණුන්ට මං කියන්නෙ, ආත්මාර්ථකාමී, වගකීම් රහිත, නිවැරදි තීරණ ගන්න බැරි පිරිමින්ගෙන් ප්‍රවේශම් වෙන්න.
No comments:
Post a Comment