මවක් තුළ සිය සහකරුවාගෙන් ඉටු නොවූ බලවත් චිත්තවේගීය අවශ්‍යතා (Emotional needs) ගොඩගැසී ඇති විට, ඇය සමහර විට ඇයගේ වැඩුනු පුත්‍රයා කෙරේ දක්වන ඇගේ "මව" භූමිකාවත්, තම සහකරුවාට දැක්විය යුතු "ආදරවන්තිය"ගේ භූමිකාවත් අතර සීමාවන් බොඳ කරගනු දැක ගත හැකිය. මෙවිට මවක් නොදැනුවත්වම තම වැඩිහිටි පුතාට තම සහකරුවාට මෙන් සලකන සංකීර්ණ තත්වයක් ඇති වේ.
එය පිටත සිට බලන්නවුන්ට "දැඩි පුත්‍ර ස්නේහයක්" ලෙස සාධාරණීකරනය වේ. තම මවගේ මේ ක්‍රියාව පුත්‍රයාද වරදවා වටහා ගන්නේ "අධික මව් සෙනෙහසක්" තම මවට ඇති ලෙසයි. මෙම මව පුතාට ආදරය බව සැබෑ නමුත් තම සහකරුවාට දැක්විය යුතු "ආදරවන්තිය"ගේ භූමිකාව රඟපෑමට පුතාව "ව්‍යාජ සහකරුවා/Pseudo partner" ලෙස තෝරා ගැනීම පුතා සහ තමා අතර ඇති කර ගත් ටෞමා බොන්ඩ් එකකි. ඉන් මව පමණක් නොව පුතාද ලේලියද අගතියට පත් වේ.
මෙවැනි මව්වරැ පුතාගේ ජීවීතයට ඇතුළුවෙන කාන්තාවන් සමඟ දැඩි ලිංගික ඊර්ෂ්‍යාවකින් පෙලේ. එබැවින් එම කාන්තාවන් කෙරේ පුත්‍රයා බිඳවීමට කල හැකි ඕනෑම කුප්ප වැඩක් කරයි. එතැනදී එම මවට තමන් කරන දෙයින් පුත්‍රයාට වන හානිය ගැන හිතන්නේ නැත. (මොවුන්ට එසේ සිතීමට මෙන්ටල් කැපෑසිටියක් නැත). වරක් මගේ මිත්‍රයෙකු පැවසූයේ තමාගේ ගැටවර කාලයේ පාසැල් පෙම්වතිය ගැන උරණ වූ මව ඇයගේ "වල්" වැඩිහිටි මිතුරියක් වෙත කිසියම් අවශ්‍යතාවයකට තමාට යන්නට පැවසූ බවත්, එවිට එම වැඩිහිටි මිතුරිය ඔහුව ලිංගික ක්‍රියාවන්ට පොළඹවාගත් බවත් ය. අද දක්වාම ඔහුට එම ටෞමාව සහ අකලට ලිංගික ක්‍රියාවන්ට ඇබ්බැහි වීම නිසා ඇති වූ ගැටළු නිමක් නැත. මෙය මෙවැනි මවකගේ හැසිරීම පිළිබඳව එක සැබෑ උදාහරණයකි.
මෙවැනි මව්වරැ පුතාගේ ජීවීතයට ඇතුළුවෙන කාන්තාවට ජීවිතය එපා කරවන මට්ටමට පුතාව හිතාමතාම "නරක්" කරයි. මෙවැනි අම්මලාගේ පුත්තුන්ට තමන්ගේ පිඟාන කෝප්පය හෝදන්නට බැරිය. ඇතැම් විට පුළුවන් උනත් අම්මා ඔළුවට දමන්නේ ඒක පිරිමියෙක්ට තරම් නැති බවය. , ඒවා ගෑණිගේ ප්රවේණි දාසකම් බවය. මේ ආකාරයට ගෙදර මෙලෝ වැඩක් බැරි මෙවැනි පුත්තු ගෑණු ගන්නේ තනිකරම නොමිළේ වැඩකාරකම කරනා, හොරාට හොරාට හාම්පුතා සමඟ සෙස් කරනා වැඩකාරියක් ගන්නා මානසිකත්වයෙනි. ඒ පරිසරයට ගැළපෙන කොන්ද පණ නැති එළදෙනක් පුතාට සෙට් කිරීමට මව බොහෝවිට වග බලා ගනි.
මෙවැනි මව්වරැ සහිත පුත්තු තම මවගේ මෙම අසාමාන්‍ය චර්යාවෙන් මෝහනය වේ. උදාහරණයකට, තමන්ගේ මව තමන්ගේ අනියම් සම්බන්දයට උදව් කරයි නම් ඔවුන්ට එය ඇයගේ කොන්දේසි විරහිත ආදරය මෙන් පෙනී යනු ඇත. නමුත් ඇත්තටම සිදු වී ඇත්තේ ඇය පුතාගේ කසාද බිරිඳ සමඟ ඇති දැඩි ලිංගික ඊර්ෂ්‍යාව පිරිමහගැනීමකි. බැරි වෙලාවත් දෙවන කෙල්ලව කසාද බැන්දොත් එතැන් පටන් ඇයට පළමු බිරිඳ වඩා හොඳ වනු ඇත.
මවක් මේ මානසිකත්වයට පත් වන්නේ ඇයි?
1. තම සැමියා පීඩකයෙකු නම් ඇයගේ චිත්තවේගීය අවශ්‍යතා ඔහු ඉටු නොකරයි. දියුණු සමාජයක ගැහැණියකට මෙන් එවිට විවාහය කටුගා වෙන විවාහයට යාමට ඇයට රිසෝසස් නැතිනම්, ඇයට අනියම් සම්බන්දයක පැටලීමට නොහැකිනම් (මොරල් කොම්පාස් හේතු හෝ උවමනාවක් තිබුනත් ක්‍රමයක් නැති වීම), ඇයගේ අන්තිම සහ වඩාත් ආරක්ශාකාරී ක්‍රමය පුතාව ඒ ඉටු නොවූ බලවත් චිත්තවේගීය අවශ්‍යතා සඳහා යොදා ගැනීමයි.
2. සැමියා හමුදාවේ හෝ රට, එසේ නොමැතිනම් මියගිය හුදකලා මව්වරැ
ඔබ මමාස් බෝයි කෙනෙක්නම් එම ටොක්සික් ගණුදෙනුවෙන් එළියට ඒමට උත්සාහ කිරීම ඔබට වැදගත් වනු ඇත.
No comments:
Post a Comment