Saturday, April 26, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (ගෑණු තමන්ගේ ඇඳුම සහ ශරීරය ගැන තීරණ ගන්න එක පුරැෂමූළික පිරිමින්ට ඉවසන්න බැරි ඇයි) - 11

 

පුරැෂමූළික සමාජ වල පිරිමි තමා ගැහැනු ශරීර පිළිබඳ තීරණ ගන්නෙ. මේක කාලයක් තිස්සෙ වෙලා වෙලා බොහොම සාමාන්‍යකරණය වෙලා, රොමැන්ටික් හෝ වෙනත් මුහුණුවරකින් වහල අයිසිං කරල ගෑණුන්ට දෙන ළණුවක් නිසා දැනුම් තේරැම් අඩු ලද බොළඳ ගෑණු ළණුව කනව විතරක් නෙමේ අනිත් ගෑණුන්ටත් ගිල්ලවන්න මාර සටනක් දෙන්නේ.

සාමාන්‍යයෙන් පිරිමි ප්‍රිය කරන ආකාරයට පටහැනි ගෑණු ස්ටයිල් වන කොණ්ඩෙ කොටට කැපීම සහ පච්ච කෙටීම වගේ දේවල් කරන ගෑණුන්ට යම් සමාජ විරෝධයක් එන්නේ ඒ ගෑණු තමන්ගේ ශරීරයේ බාහිර පෙනුම ගැන තමන්ම තීරණ ගැනීම පිරිමින් නොරිස්සන නිසා.

එතකොට, ගෑණු තම ශරීරයේ අභ්‍යන්තර පැවැත්ම ගැන තමන්ම තීරණ ගැනීම්, සෙස්, ළමයි ලැබීම වගේ ඒවා, තදින්ම පාලනය වෙන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ගෑණු දැනගන්න ඕනේ මේ අසාධාරණයෙන් ගැළවෙන්න. ඒකට ඉගෙන ගෙන, පොතපත කියවල, බුද්ධිය සහ තමන්ගේ වටිනාකම ඉහළ නංවාගන්න ඕනේ. 




Thursday, April 24, 2025

ජලනන්දන පිරිත

 

ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුල ජලනන්දන පිරිත සියළු ආකාරයේ අණවින හදි හූනියම් හානිකර බලපෑම් විනාශ කර දමන බවට සැළකේ. මහායාන බෞද්ධ ග්‍රන්ථ වල එම මන්ත්‍රය ‘ශරප්‍රසන්නලෙසින් නම් කර ඇතත්, ශ්‍රී ලංකාවේ එය ‘ජලනන්දන ලෙස නම් කර ඇත. සාහිත්‍යයේ “ශරප්‍රසන්න (ආකර්ශනීය පොකුණ) සහ “ජලනන්දන” (ප්‍රසන්න ජලය) යන වචන දෙකම තරමක් සමාන අර්ථයක් ලබා දෙයි.  එහි “සර්වබන්ධන චේදනං", "යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා විනාසං බුද්ධානුභාවතෝ" ආදී වැකි වල සිංහල තේරැම “බුද්ධ බලයෙන් සියලු හානිකර යන්ත්‍රවල සහ මන්ත්‍රවල බලය විනාශ වේවා” යන්නයි. මේ සූත්‍රය පිටුපස ඇති කථාව අනුව, වරෙක ආනන්ද හාමුදුරැවන් මහ මග වඩින විටදී වතුර පිපාසයක් ඇති වී රොඩි තරුණියකගෙන් පැන් ටිකක් ඉල්ලූ අවස්තාවේ ඇය ආනන්ද හාමුදුරුවන්ගෙ රූප ස්වභාවයට වශී වී, මවට ඒ බව පවසා මන්ත්‍ර ගුරුකම් මගින් වශී කර ගත් බව දැක් වේ. අසරණව කඳුළු පිරුණු දෙනෙතින් යුතුව ආනන්ද හාමුදුරුවෝ බුදුරදුන් වැඩම කර තමන් වහන්සේව මේ මායාවෙන් මුදවා ගනිත්වායි ප්‍රාර්ථනා කළ කළ අතර, ආනන්ද හිමියන්ගේ දුක්ඛිත තත්ත්වය දුටු බුදුන් වහන්සේ තම චිත්ත ශක්තිය යොදා ඔහුව බේරා ගත්හ. ඉහත සඳහන් කළ කතාව මහායාන ග්‍රන්ථයක් වන දිව්‍යවදනහි සඳහන් වී ඇති නමුත් ථෙරවාදී සාහිත්‍යයේ දක්නට නොලැබේ. කෙසේ වෙතත්, මෙම කතාව ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය වන අතර එය සෑම බෞද්ධයෙකුම පාහේ දන්නා කරුණකි. පසුව මේ කතාවට සම්බන්ධ පිරිතක්ද රචනා වී ඇත. ජලනන්දන සූත්‍රය රචනා කර ඇත්තේ දූෂිත පාලි භාෂාවෙනි (පාළි, සංස්කෘත, සහ සිංහල ආදී භාෂා තුනේම වචන කළවමේ යොදා ගෙනය. මෙයට හේතුව, මුල් පිරිත නැවත නැවත පිටපත් කරන විට සිදු වූ දෝෂ විය හැක). මේ පිරිත සජ්ජායනා කරනා බොහෝ දෙනෙක් සතු පිටපත් සහ මුද්‍රිත පොත්වල ඇති පිටපත් අප විසින් පරීක්‍ෂා කර බලන විට, ඒවායේ වෙනස්කම් දක්නට ලැබේ. 

1. චතුවීසති බුද්ධෝති යො භවිස්සති උත්තමං

පාරමී බල යුත්තෙහි ජලනන්දන මුත්තමං

(ත්‍රිවිධ පරිපූර්ණත්වයේ බලයෙන් යුක්ත වූ, උතුම් වූ, බුදුරජාණන් වහන්සේලා විසිහතර දෙනෙක් එහි වැඩ සිටියහ. ඔවුන් සියල්ලෝම සතුට ඇති කරන ජලය මෙන් වූහ.)

2. අනොමානී ජලං තීරෙ උත්තමං පත්තචීවරෙ

පාරමී තෙ ජලං හොති සබ්බ බන්ධන ඡෙදනං

(ඔවුන් තම පූජනීය දාන පාත්‍ර සහ සිවුරු අනෝමා ගං ඉවුරේ දරා සිටියහ. පරිපූර්ණත්වයේ බලය යනු ඔබට බලපාන යන්ත්‍ර සහ මන්ත්‍ර වැනි සියලු නපුරු බලපෑම් ප්‍රතික්ෂේප කරන ප්‍රබල බලවේගයක් වැනිය.)

3. ආනන්දොති මහාථෙරං උත්තමං ධම්මභාණ්ඩකං

යෙන භික්ඛු මහාථෙරං සයනෙ බන්ධන විද්ධංසනං

ඉති ශ්‍රී ලොකබුද්ධෙහි යෙන ධම්මානු භාවතො,

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා විනාසං බුද්ධානු භාවතො

(ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්, යහනකට ඇද දමන උගුලකට හසු වූ විට, තුන්ලෝකයේම ගුරුවරයා වූ බුදුරජාණන් වහන්සේ, තම ධර්මයේ බලයෙන් යන්ත්‍ර මන්ත්‍ර වැනි සියලු නපුරු බලපෑම් විනාශ කළහ.)

4. මුනින්දො හොති නමො බුද්ධා මාරසෙනා පවජ්ජති

දසකොටිසහස්සානි සර්ව බන්ධන ඡෙදනං

(බුදුරජාණන් වහන්සේ බිලියන සංඛ්‍යාත මාර බලවේග පරාජය කළ සේක. බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ගුණාංග වන්නේ උන්වහන්සේ ඉටු කළ පරිපූර්ණත්වයයි.)

6. පාරමිතා ගුණා හොති සො භවිස්සති උත්තමං

අනේකජාති සංසාරං සහස්සං ධම්මානුභාවතො

(උන්වහන්සේගේ බලයේ මූලාශ්‍රය වන පාරමිතා, උන්වහන්සේගේ විවිධ උපත් වලදී, උත්පත්ති චක්‍රයේ දී ප්‍රගුණ කළහ.)

7. සයානො වා සහස්සානි උත්තමං ගුණ පුග්ගලං

අසීතිං යෙන සබ්බේපි සබ්බසිද්ධි භවන්තු මෙ

(කාම සැප සම්පත් භුක්ති විඳීමට ලැබුණු දහස් ගණන් අවස්ථාවන් ප්‍රතික්ෂේප කරමින්, තම ගුණධර්ම වඩන ලද බුදුරජාණන් වහන්සේගේ බලය නිසා ඔබට සියලු යහපැවැත්ම ලැබේවා.)

ජලනන්දන වැනි පිරිත් මහායාන බුද්ධාගමට අයත් බවත්, ආනන්ද හාමුදුරැවන් වශියකට හසු වුන බව පිළිගැනීම අපහසු බවත් (මම දන්න තරමින් ථෙරවාද පොත් වල - ත්‍රිපිටකය/ජාතක කතා ආදී - එවැන්නක් නැති බවත්) කිව යුතුය.

Monday, April 21, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (හයේශිකාලා හන්සමාලිලා බිහි කරන ටොක්සික් පීතෘමූළික හෙජමොනිය) - 10

නැවත හමු වූ පාසලේ වැඩ්ඩා ලිපියේ සඳහන් කරපු නේහා වගේ ළමයි උගත් පෝසත් බලවත් වැදගත් සහ යහපත් දෙමව්පියන් සහිත පවුල් වල ඉපදිලා ඒ දෙමව්පියන්ගේ හොඳ මඟපෙන්වීමක් යටතේ යස ඉසුරැ මැද ඉගෙන ගෙන තැනකට එනවා. ඒ හා සමාන දක්‍ෂ ළමයි නූගත් දුප්පත් ගමේ චාටර් වෙච්ච පවුල් වල අජූත දෙමව්පියන්ගේ තාඩන පීඩන වධ හිංසා සහ සමාජයේ කොන් කිරීම් මැද ගේමක් ගහනවා. හරි කොළිෆිකේෂන් සහිතව පී එච් ඩී එකක් ලබා ගත්ත කාන්තාවක් ලෙස හයේශිකා ගැන මට දැනෙන්නේ ලොකු දුකක්. හයේශිකාගේ හැකියාවට අනුව කුඩා කාලයේදී ඇයට අවශ්‍ය මඟ පෙන්වීම සහ සම්පත් ලැබුනා නම් නිසැකයෙන්ම ඇයට හරි කොළිෆිකේෂන් සහිතව පී එච් ඩී එකක් ඉහළින්ම ලබා ගැනීමට හැකියාව තියෙනවා. අනිත් අතට,  ඇය හරි කොළිෆිකේෂන් සහිතව පී එච් ඩී එකක් ඉහළින්ම ලබා ගත්තා නම්, සමහරවිට මේ වෙනකොට කවුරැහරි පිරිමි බොසෙක්ගේ සපත්තුවට පෑගෙමින්, දිනපතා රැකියාවේදී සහ මඟතොටදී සෙක්‍ෂුවල් හැරස්මන්ට් වලට ලක් වෙමින්, ඔය මොකක්හරි රස්සාවක් කරන්නට තිබ්බා. දෙයියනේ කියල කෙල්ල දැන් වී අයි පී මට්ටමෙන් වී එයිට් එකෙන් බැහැල, හෙලිකොප්ටරයෙන් මල් වස්සගෙන, තමන්ගේ "දේවතා ප්‍රතිමා" හදන් ඒවාට වඳින දායක සභා මැද වැජඹෙනවා. ඒ මොක උනත්, මට හරි ආසයි හයේශිකාගේ පවුල් පසුබිම ගැන දැන ගැනීමට. ඒක දැනගත්තා නම් මේ මාතෘකාවට ගොඩක් වැදගත් කරැණු ටිකක් හොයා ගන්නට තිබුනා.



මීට බොහෝ කාලයකට පෙර මේගන් මාකල් හැරී කුමාරයාව බැන්ද කාලේ, ලන්කාවේ පිරිමි අතර ලොකු මතයක් ගොඩනැගුනා මේගන් රජ පවුළට සම්බන්ධ වෙන විවාහයේදී පවා චාම් මේකප් දාද්දී ලංකාවේ ගෑනු කසාද බඳිද්දී මේකප් තට්ටු උලන එක ගැන. මීට ටික කාලයකට පෙර මගේ ඥාති දියණියක් තමන්ගේ සුපිරි විවාහ උත්සවයේ හෙළි කොප්ටරයකින් මල් ඉසීමේ අංගය කපා දැමීම ගැන තාත්තා සමඟ තදින්ම උරණ වූවා (තාත්තා තමයි හැම දේටම වියදම් කලේ). 

මේ සිද්ධි දෙක හයේශිකාගේ උත්සවය සමඟම මට මතක් උනේ ඒවා එකිනෙකට සම්බන්ධ නිසා සහ ඒවා ඔක්කොටම මුල එක ගැටළුවක් හින්දා. මේගන් රජ පවුළට සම්බන්ධ වෙන විවාහයේදී චාම් මේකප් දාපු එක උත්කර්‍ෂයට නගන මීම් දැකල මල පැනපු, තමන්ගෙ විවාහයේදී මේකප් තට්ටු උලපු මගේ මිතුරියක් මෙහෙම කිව්වා. " ක්‍රිෂා, මට දෙමාපියන් එක්ක හිටපු පොඩි කාලේ සහ තරැණ කාලේ මගේ ජීවිතයේ පොඩි දේකටවත් කවදාවත්  ස්වාධීණව මම ආස තීරණ ගන්නට මගේ දෙමව්පියන් ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන්ම ෆැෂන් කිරීමේදී එය එසේම වූවා. මට මම ආස විදියට තීරණය කරන්නට ලැබුන පළමු දේ තමයි මගේ විවාහ උත්සවයේ මේකප් ඇතුළු සමහර දේවල්. ඉතින් මම ඒ ගෙවුන කාලයටම හරියන්න ලැබුන අවස්ථාවෙදී මේකප් සහ ෆැෂන් හැම දේම කලා. මේකප් තට්ටු තිබෙන්නට ඇති, නමුත් ඒ කාලාන්තරයක් තිස්සෙ බලෙන් යටපත් කරවපු මගේ ආසාව. අනිත් අතට, මට කවදාවත් මේකප් හෝ ෆැෂන් ගැන අත්දැකීම් ගන්නට ගෙදරින් ඉඩ දුන්නේ නැති නිසා මට ගැළපෙන මේකප් හෝ ෆැෂන් මොනවද කියලා මම දැනන් හිටියෙත් නැහැ. ඒකට මමද වැරදි?

මේගන් කියන්නෙ ඇටෙන් පොත්තෙන් එළියට ආපු දා ඉඳල ස්වාධීන තීරණ ගන්න ඉඩ ලැබුන කෙනෙක්. පොඩි කාලෙ මේගනුත් ආසාවට මේකප් තලි උලන්නට ඇති. ඒ නිසාම පසු කාලෙක එයාට ගැළපෙන මේකප් කරන්නයි මේකප් අඩුවෙන් කරන්නයි හිතෙන්නත් ඇති. මේකප් අඩුවට පේන නිසාම චාම් කියන්නටත් බැහැ. මේකප් බ්‍රෑන්ඩ් එකේ මිළ, ප්ලාස්ටික් සැත්කම්, මිළ අධික හෙයා එක්ස්ටෙන්ශන්ස්, සප්ලිමන්ට්, බොටොක්ස් අරව මේව ඔක්කොම ඒ චාම් පෙනුම තුළ සැඟවිලා තියෙනවා. 

නමුත් මේ එකක්වත් ලන්කාවේ පිරිමි බහුතරයකට තේරෙන්නෙත් නැහැ. තේරැම් කරවන්නත් බැහැ."

මම හිතනවා ඒ පැහැදිළි කිරීම සාධාරණයි කියල.

ඥාති දියණිය තමන්ගේ සුපිරි විවාහ උත්සවයේ හෙළි කොප්ටරයකින් මල් ඉසීමේ අංගය කපා දැමීම ගැන තාත්තා සමඟ තදින්ම උරණ වූ එක ගැන මට මුළදී කෝපයක් ඇති වුනත්, ඒ කෙල්ලගේ පැත්තෙන් බැලුවොත්, ඒ තාත්ත ළමයට ඉහළට ඉගෙන ගන්නවත්, රට යන්නවත්, රස්සාවකට යන්නවත් දුන්නෙ නැහැ. ඒ අනුව ළමයාව ආර්ථිකව බංකොළොත් කලේ තාත්තා. එසේනම් ළමයාගේ මූල්යමය ආසාවල් ඉටු කිරීමට ඒ තාත්තා බැඳී සිටිනවා. 

ගැහැණියෙක් හෝ පිරිමියෙක් වේවා හැමෝටම සමාජය ඇතුළේ සාධාරණ අවස්ථා ලැබෙන්නට ඕනේ, තමන්ගේ දක්‍ෂතා වලින් ඉදිරියට යෑමට, සමාජයේ පිළිගැනීමක් ලැබීමට, මුදල් ඉපැයීමට, තමන් කැමති දේවල් කිරීමට (මේක වල් බූරැ නිදහස නෙමේ), වැරදීම් සිදු වීමට සහ ඒවා වලින් ඉගැනගැනීමට, ආදී දේ සඳහා සාධාරණ සහ සමාන අවස්ථා තිබිය යුතුයි. නමුත් ලංකාවේ ඕව හැම දේම තියෙන්නේ බොහෝ විට පුරැෂ පාර්ශවයට. ගෙදර කෙල්ලෙකුයි කොල්ලෙකුයි ඉන්නවනම්, කොල්ල ඉගෙන ගන්න රට යවල කෙල්ලව සල්ලිකාරයෙක්ගෙ ඇඟේ ගැසීම තමයි මධ්‍යම පන්තියේ පිනැකල් එක. සමහර විට කොල්ලට වඩා දක්‍ෂ කෙල්ල. ඔන්න ඕකයි තත්වේ. 

මේ වගේ පසුබිම් වල ඉන්න අන්ඩර් රේටඩ් දක්‍ෂ ගෑණුන්ට බොහෝ විට උසස් අධ්‍යාපනය මඟහැරෙනවා මොකද දෙමව්පියන් ඊට වඩා කැමති කෙල්ලව සලලිකාරයෙක්ගෙ ඇඟේ ගැසීමට නිසා. ගොඩක් වෙලාවට එවැනි විවාහ බිඳ වැටෙනවා. ඊටත් පස්සෙ දෙමව්පියො කෙල්ලටම වරද පටවල, උදාහරණයකට, බලපන් අයිය නම් ඔස්ට්‍රේළියා ගිහින් අහවල් උපාධිය පාස් කරල, අච්චර සල්ලි තියෙන සුද්දියෙක් (හෝ කළු සුද්දියෙක්) බැන්දා උඹ වගේ කෙලෝ ගත්තෙ නෑ වගේ දෙයක් මන්තරේ වගේ කියවනව.මේ ජාතියෙ දෙමාපියො, සෙක්සි කෑල්ල කාලෙ ගමටම අල්ලපු සල්ලි තියෙන සුද්දි ලේලිගෙ පටලෙ හොය හොයා වද වෙන්නේවත්, පුතාට කෝස් ෆී ගෙවන්න විකුණපු පාරම්පරික ඉඩම් ගැන දුක් වෙන්නේ වත් නැහැ. හැබැයි තමන්ගෙ දුව පටලෙ කඩා ගනී කියල ගෙදරින් පිට රැයක් තියන්නටත් බයයි.

මේ වගේ පසුබිම් වල ඉන්න අන්ඩර් රේටඩ් දක්‍ෂ ගෑණුන්ට බොහෝ විට උසස් අධ්‍යාපනය ඇතුළු ජීවිතේ වටිනා අවස්ථා මඟහැරෙනවා කිව්වෙ ඒකයි. නමුත් මේ ගෑනු දක්‍ෂ නිසා කෙක්කෙන් බැරි නම් කොක්කෙන් හරි වැඩේ කර ගන්නවා. සමහරැ තමන්ව පාගපු  ටොක්සික් පීතෘමූළික හෙජමොනියේ ලූප් හෝල් වලින්ම රිංගල මේක කර ගන්නව. උදාහරණයකට හන්සමාලි ගමු. හන්සමාලි ලස්සන නිසා ඇටෙන් පොත්තෙන් එද්දිම පිරිමි සමඟ සම්බන්ධ වෙලා ළමයෙකුත් ලැබෙනව. ඇය අසරණ වෙනවා මොකද එවැනි ගෑනුන්ට දෙවනි අවස්ථා නැහැ ලන්කාවෙ. ඇය ඊට පසු ඉතා දක්‍ෂ ලෙස ලස්සන පාවිච්චි කරල හෙජමොනියේ ඉහළ අතු අල්ලලා සෑහෙන මුදල් සහ බලය ලබා ගන්නවා. ප්‍රියමාලි ඊට ටිකක් වෙනස්. ඇය කපටි ඥානය මඟින් හෙජමොනියේ ඉහළ අතු වල විශ්වාසය දිනාගෙන, උන්ගේ හංගපු සල්ලි ඇදලා සෑහෙන මුදල් සහ බලය ලබා ගන්නවා. එතකොට හයේශිකා ව්‍යාජ උපාධි සහතික මඟින් (හෙජමොනියේ බලපෑම මත උසස් අධ්‍යාපනය ඇතුළු ජීවිතේ වටිනා අවස්ථා මඟහැරැණු, ගෙවල් වල බත් තම්බ තම්බ, තමන්ගෙන් ගිළිහුණු වටිනා අවස්ථා තමන්ගෙ ළමයට දෙන්න දත කන, ඇසූ පිරෑ තැන් අඩු) අම්මලාගේ   සල්ලි ඇදලා සෑහෙන මුදල් සහ බලය ලබා ගන්නවා. 

එක අතකින් එවැනි ඇසූ පිරෑ තැන් අඩු අම්මල බිහි වෙන්නේ කාන්තාවන්ට තැනකට එන්න නොදෙන ටොක්සික් පීතෘමූළික හෙජමොනිය නිසා. අනිත් අතට සමාජයට සම්පතක් විය යුතුව තිබූ දක්‍ෂ ගෑණු සමාජයේ පිළිලයක් වූ යක්‍ෂ ගෑණු බවට පත් වන්නේද ටොක්සික් පීතෘමූළික හෙජමොනිය නිසා.

බොහෝ දෙනෙක් තර්ක කරල තිබ්බා හයේශිකා දක්‍ෂ ලෙස මාකටින් කරල සල්ලි හම්බ කරපු නිසා එයා හරි වගේ දෙයක්. නමුත් මට නම් අනුව නම් හන්සමාලි සහ ප්‍රියමාලිට වඩා දරැණු ඇයයි. මොකද හන්සමාලි සහ ප්‍රියමාලි ටාගට් කලේ පෝසත් දූෂිත මිනිස්සු. හයේශිකා ටාගට් කලේ සමාජයේ අසරණම මෝඩ රැළක් (හෙජමොනියේ බලපෑම මත උසස් අධ්‍යාපනය ඇතුළු ජීවිතේ වටිනා අවස්ථා මඟහැරැණු, ගෙවල් වල බත් තම්බ තම්බ, තමන්ගෙන් ගිළිහුණු වටිනා අවස්ථා තමන්ගෙ ළමයට දෙන්න දත කන, ඇසූ පිරෑ තැන් අඩු අම්මලා).  හයේශිකා නිසා ළමා කාලයේ සතුට නැති උනේ ළමයින්ට (උදාහරණයකට, කුකුළ්මසුයි සම්බෝලයි සමඟ බත් කන්න පුළුවන් ළමයෙක්ගෙ අම්මා හයේශිකාගේ මාකටින් වලට ඇන්දිලා  ළමයට සම්බෝල සමඟ බත්  දීල හයේශිකාගේ ක්ලාස් ෆී එක ගෙවන එක)  හයේශිකා හදන ට්‍රෙන් ඩ් එක නිසා එන්ඩේන්ජර් එකත් ළමයින්ට. වැලේ වැල් නැති ඇත්තම පී එච් ඩී කාරයෝ, අර කැනඩාවේ ටියුෂන් දෙන ටෙක්සාස් බයිසන් වගේ පී එච් ඩී කාරයෝ, ලන්කාවේ ශිෂ්‍යත්ව පංති කරන ට්‍රෙන්ඩ් එකක් ආවොත් ඒකත් මහ කැත ට්‍රෙන්ඩ් එකක්. දොස්තර උපාධිය කරපු ඩොකා ඇටෙන්ඩන්කම කරන්නෙවත්, ඉංජිනේරැ උපාධිය කරපු එකා මේසන් බාස්ට අත් උදව් දෙන්නෙවත් නැහැ වගේම පී එච් ඩී කාරයෝ පහ වසරට උගන්නන්නෙ නැහැ. මොකද රස්සා වල  වගකීම සහ පඩිය අධ්‍යාපන සුදුසුකම් අනුව ඉහළ යා යුතුයි. එහෙම නොවුනොත් කව්රැවත් දොස්තර ඉංජිනේරැ උපාධි කර කර කටු නොකා ඇටෙන්ඩන් කමක් හෝ මේසන් බාස්ගෙ ගෝලයෙක් වෙලා ඊට වඩා අඩු වගකීමක් සහ  ඊට වඩා පඩි අරගෙන ෂපාන් එකේ ඉන්නවනේ. 

කිසියම් සමාජයක පී එච් ඩී පොරක් පහ වසරට උගන්නනව නම් එක්කෝ එම පුද්ගලයාගේ පට්ට අවුළක් තියෙනවා, එක්කෝ එම සමාජයේ පට්ට අවුළක් තියෙනවා, එක්කෝ ඔය දෙකම අඩු වැඩි ලෙස පට්ට අවුළක්තියෙනවා. පී එච් ඩී කාරයො කරන්නෙ පහේ ළමයින්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති හදන එක, පහේ ළමයින්ගේ අධ්‍යාපනය වැඩි දියුණු කරන රිසර්ච් කරන එක වගේ පී එච් ඩී මට්ටමේ වැඩ. නැතුව ශිෂ්‍යත්වෙට ගණන් හදවන වැඩ නෙමේ. මීට කාලයකට පෙර වී අයි පී පොරක් ලෙස රඟල පෞද්ගලික ආරක්‍ෂකයො එක්ක මොකක්දෝ දේකට මාට්ටු උන පොඩි එවුන්ට ටියුෂන් දෙන ප්‍රකෝටිපති ගණිත ගුරෙක් මතක් වෙනවා. පොර තමන්ගෙ ක්ලාස් වල ළමයින්ගෙ අම්මලට ඉඩම් දෙනව කියල පස්සෙ ඉඩම් ඔප්පු ඉල්ලුවාම කුණුහරපෙන් බනින වීඩියෝ එහෙම තිබුන මතකයි. මේ අම්මල ඒ තරම් මෝඩයි. ඒ ගුරා හරි හයේශිකා හරි ඡන්දෙ ඉල්ලුව නම් ඒත් දෙනව.

ඒ නිසා මේ ප්‍රකෝටිපති ටියුෂන් සෙල්ලම/ජාවාරම තහනම් කරල රජයේ ගුරැ වෘත්තිය ගෑනුන්ට කසාදයට සුදුසුකමක් ලෙස නැතිව - ඒකත් පීතෘමූළික හෙජමොනියේ අවශ්‍යතාවය මත හැදුන ට්‍රෙන්ඩ් එකක්- ඉහළ පඩි සහිත, ඉහළ ස්ටෑන්ඩඩ් එකක් සහිත වෘත්තියක් කල යුතු බව මම හිතනවා.



Thursday, April 17, 2025

පීතෘමූලිකත්ව සමාජ වල කාන්තා විරෝධී ලක්‍ෂණ (ගෑනුන් ලව්වා සංස්කෘතිය රැක්කවීම) - 9

 භූතානය කියන්නෙ දකුණු ආසියාවේ ඇති, ලෝකයේ දැවැන්තයන් දෙදෙනෙකු වන ඉන්දියාව සහ චීනයට මැදි වූ ඉතාම කුඩා රටක්. එහි ජනගහනය ලක්‍ෂ අටකට මදක් අඩුයි. ලංකාවේ ජනගහනය මිලියන විසි දෙකක්. ඒ කියන්නෙ ලංකාවේ ජනගහනය භූතානයේ ජනගහනය මෙන් විසි අට ගුණයක් පමණ වෙනවා. භූමි ප්‍රමාණය අතින් ගත්තොත් භූතානයේ භූමිය වර්ග කිලෝමීටර 38 000 පමණ වෙන අතර ලන්කාවේ එය 65 610ක්. ඒ කියන්නේ භූතානය වගේ දෙගුණයකට වඩා මදක් අඩුයි ලන්කාවේ සයිස් එක. භූතානය හිමාලය කඳු වැටිය පාදමේ තියෙන රටක් නිසා මුහුදු මට්ටමට වඩා ගොඩක් උඩින් පිහිටි, ගිරි දුර්ග ආදිය ගහණ රටක්. මෙම දත්ත සමඟ මාතෘකාවට ප්‍රවේශයක් ගත්තේ භූතානය ගැන යම් අදහසක් ලබා දෙන්නයි. 

ලෝක දැවැන්තයන් දෙදෙනකු අතරට මැදි වූ ලිළිපුට්ටෙකු වන භූතානයට තම සර්වයිවල් එක සඳහා ඉතාම තරයේ තම අයිඩෙන්ටිටිය මත රඳා සිටීමට අවශ්‍ය උනා. මොකද ඔවුන්ට තමන්ට අනන්‍ය සංස්කෘතියක් නැති උනොත්, චීනයේ හෝ ඉන්දියාවේ සංස්කෘතිය වැළඳ ගත්තොත්, ඒ දෙරට මත තදින් යැපෙන (භාණ්ඩ ප්‍රවාහනය ආදී) යුධ ශක්තියෙන් හෝ ආර්ථික ශක්තියෙන් ඒ රටවල බලයෙන් සීයට එකක්වත් නැති කුඩා රටක් ලෙස ඔවුන්ගේ පැවැත්ම අභියෝගයට ලක් වෙනවා. නමුත් මෙය පහසු දෙයක් නෙමේ, මොකද ලෝකයේ පැරණිම, ශක්තිමත්ම, සහ විචිත්‍රම සංස්කෘති තියෙන රටවල් දෙකක් ඉන්දියාව සහ චීනය කියන්නේ. 

ලංකාව මුහුදෙන් වෙන් වලත් ඉන්දීය සංස්කෘතිය ලංකාවේ මොන තරම් මුල් බැස ගත්තාද? උදාහරණ ලෙස ඉන්දියාවෙන් බුද්දාගම ආවා, විවිධ භාෂා සහ ජාතීන් ආවා, කුළ භේදය ආවා, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම් ආවා, කෑම බීම ආවා, සාරිය ඇතුළු ඇඳුම් ආවා,  ක්‍රීඩා සහ විනෝදාස්වාදය සපයන දේ ආවා කොටින්ම ලන්කාවේ අනන්‍යතාවට කෙළ වුනා. නමුත් ආපු හැම දේටම ලංකාවේදී යම් අනන්‍යතාවක් ලැබුනා. උදාහරණයකට ඉන්දියාවේ කෑම බීම මෙහෙට ආවට කුළුබඩු වල සංයුතිය මදක් වෙනස්, ඉන්දියාවෙන් ආපු ඇදුරන්ගෙන් පිල්ලි යවන්න ඉගෙන ගත්තට මෙහෙ අය පිල්ලි යවන ක්‍රමය මදක් වෙනස්. ඇත්තම කිව්වොත් ලංකාව 90%ක් විතර ඉන්දියාවේම දිගුවක් අද වෙන කොට. චීනෙට වඩා  ඉන්දියාව ඩිමොක්‍රැටික් වීම නිසාාත්, මුහුදෙන් වට වෙලා නිසා ඈඳා ගන්න එක කේස් වීම නිසාත් ලංකාව නමට හරි තාම ස්වාධීන රටක්. 

ලොකු බලවත් රටක ආසන්නයේ පොඩි රටක් වේ නම්, ඒ රට තමන්ට ඈඳා ගන්නට ලොකු රට කරන ප්‍රධාන තර්කය පොඩි රටේ සංස්කෘතිය තමන්ගේ සංස්කෘතියේම දිගුවක් නිසා එයට නියම අනන්‍යතාවක් නොමැති බව පෙන්වීමයි. යුක්‍රේනය ඈඳා ගැනීමට යද්දී රැසියාව මෙම තර්කය ඉදිරිපත් කලා. ලන්කාවේ බොහෝ දෙනෙක් එය අනුමත කලා. මම යුක්‍රේනයේ සංස්කෘතිය රැසියාවට වඩා මොන තරම් වෙනස්ද යන්න දන්නවාා මොකද අප යුක්‍රේන සිසුන්  සමඟ මේ ගැන කතා කලේ යුද්ධයටද බොහෝ කාලයකට පෙර පටන් නිසා. නමුත් ලන්කාවේ මිනිස්සු 99%කට යුක්‍රේනයේ සහ රැසියාවේ සංස්කෘතියේ වෙනසක් පේන්නේ නැහැ මොකද කවදාවත් ඒ ගැන හොයල බලල නැති නිසා. ඒ වගේම තමයි ඒ රටවල මිනිස්සු 99%කට ලන්කාවේ සහ ඉන්දියාවේ සංස්කෘතියේ වෙනසක් පේන්නේද නැහැ. යුක්‍රේනය ඈඳා ගැනීමට යද්දී රැසියාවට හුරේ දාපු ලන්කාවේ මිනිස්සු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උඩ බලාගෙන කෙළ ගසා ගන්නා බව ඔවුන්ගේ නූගත්කම නිසා ඔවුන්ට තේරෙන්නේ නැහැ.

තඩි වෝල්මාට් එකක් පොඩි නගරයක විවෘත වුනාම ඒ අහළ පහළ සිල්ලර බඩු විකුණන, ඇඳුම් මහන, සපත්තු හදන, වඩේ බදින, පළතුරැ බීම හදන ආදී කුඩා ව්‍යාපාර කරන ගම්මුන්ගේ කඩ ටික වැසී යන පරිදිම තමා ලොකු බලවත් රටක් අසළ කුඩා රටවල් වල සංස්කෘතික අංග පරිහාණියට පත් කරන්නේ. හැබැයි බඩු ගන්න පාරිභෝගිකයන් කිසියම් කුඩා ව්‍යාපාරයක අනන්‍යතාවයට මහත් ලෙස කැමතියි නම්, හරියට සිල්ලර බඩු විකුණන මුදලාලි පොතට බඩු දීම, ඇඳුම් මහන අක්කට විතරක් පුළුවන් ලස්සන මැහුම් මෝස්තර, සපත්තු හදන අයියා ඒවා කැඩුනාම නොමිලේ මසා දීම, වඩේ බදින හෝ පළතුරැ බීම හදන නැන්දගේ කෑම වල රස වගේ, තනිකරම ලාභය පමණක් සෙවීම ටාගට් එක වෙච්ච ලොකු වෙළඳසැළට ඒ හපන්කම කරන්නට බැහැ. සංස්කෘතිය මඟින් කරන්නේත්් එක අතකට එවැන්නක්. කිසියම් රටක ජන කොටසක් ඒ රටේ දේශීය කෑමබීම, ඇඳුම් පැළඳුම් හෝ වෙනත් සංස්කෘතික අංග වලට තදින් අනුගතව සිටින තාක් ලොකු රටට එම පොඩි රට ග්‍රහණයට ගන්නට බැහැ. නමුත් ඒක කරන්න නම් ඒ රටේ මිනිස්සු අවංකවම තමන්ගේ සංස්කෘතික අංග වලට කැමති වෙන්න ඕනේ. ඒ සංස්කෘතික අංග මිනිස්සුන්ගේ අවංක කැමැත්ත ගැනීමට හැකි ඒවා වන්නටත් ඕනේ. වෙනත් වචන වලින් කිව්වොත් කිසියම් සංස්කෘතියක මිනිස්සුන්ට ඒක රකින්නට කියල කටු ඔටුනු දා ගැනීමට කොතෙක් බල කලත් ඒක සිද්ද වෙන්නේ කැමැත්තෙන් නොවන නිසා එවැැනි  සංස්කෘති විනාශ වෙනවා.


ඉහත පෙනෙන්නේ භූතානයේ ජාතික ඇඳුම්. මේ සැහැල්ලු ඇඳුම් එදිනෙදා භාවිතයට හරි පහසුයි. භූතාන ජාතිකයන්ට පිටට යද්දි තම ජාතික ඇඳුම් ඇඳිය යුතු බවට රජය නියම කරල තියෙනවා. ඒකට කාගෙන්වත් විරැද්ධත්වයක් නැහැ, මේ හේතු නිසා.
1. මේ නියමයට ස්ත්‍රී පුරැෂ, වත් පෝසත් කම් හෝ වයස ආදී භේද නෑ හැමෝටම අදාළයි.
2. ඇඳුම සැහැල්ලු, මිළ අඩු, සේෆ්, එදිනෙදා පාවිච්චියට ගැළපෙන, දේශගුණයට ගැළපෙන, සංවර එකක් නිසා හැමෝටම එකඟ විය හැකියි.
3. භූතාන සංස්කෘතියේ ඇඳුමේ සමානාත්මතාවය සහ ෆලෝ කිරීමේ පහසුවත්, රජය විසින් එය නියාමනයත් නිසා මිනිස්සු ඊට කැමැත්තෙන් ගෞරව කිරීම 

මේ රටේ තවත් ඒ රටටම පමණක්  ආවේණික ලක්‍ෂණ කීපයක්ම තියෙනවා.

1. මේ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් සීයට හැටක්වත් කැළෑ ලෙසම පැවතිය යුතු බවට (මොනම ආකාරයටවත් එළි කරල "සංවර්ධනය" නොකල යුතු බවට රජය නීතිගත කරල තියෙනවා). ඒ නිසාම, ලෝකයේ එකම කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ඝෘණ අගයක් ගන්නා රට මෙයයි. දුප්පත් රටක් උනත් මේ රටේ මිනිස්සු එසේ පරිසරය සුරැකීමට කැප වී සිටිනවා.

2. මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉතා තදින් නියාමනය කරනවා. මේ රටට ඇතුළු වන සංචාරකයන් දවසකට ඩොළර් සියයක සස්ටේනබල් ඩිවෙලොප්මන්ට් ෆී එකක් ගෙවිය යුතුයි. එමෙන්ම, සංචාරකයන් රටට ඇතුළු වීම හා රට ඇතුළේ සංචාරය කිරීම ඒ රටේ බලයලත් මඟපෙන්වන්නෙකුගේ අධීක්‍ෂණය හරහා පමණක් සිදු වේ. මේ මඟින් සංචාරකයන් තමන්ගේ සංස්කෘතිය විනාශ කිරීම, වෙනත් අපරාධ/වැරදි කිරීම වළකන අතර සංචාරකයන්ට ආරක්ශිතව උපරිම ෆන් එකක් ගැනීමටද අවස්ථාව ලැබේ. මෙම බලයලත් මඟපෙන්වන්නන් ඉතාම ආචාරශීලී වන අතර  සහ සංචාරකයන් රවටා ගසාකනනන් නොවේ. කොච්චර මුදල් අඟ හිඟකම් තිබ්බත් සංචාරකයන් වටකරගෙන එක එක දේවල් විකුණන්න පොර කන මිනිස්සු මෙහි නැහැ. ඔවුන් පාඩුවේ තමන්ගෙ වැඩ කරනවා. එසේ ලෝකයේ සංචාරකයන් ගෙන් ලැබෙන මුදළට කෑදරකමට වඩා රටට ඇති ආදරයට ප්‍රමුඛත්වය දී සංචාරක ව්‍යාපාරය නියාමනය කරන එකම රට මෙයයි.

3. ලෝකයේ ට්‍රැෆික් ලයිට් නැති එකම රට මෙයයි. සංවර්ධනය මැනීමට මුදල් වත්පොහොසත්කම් සහ භෞතික දියුණුව වෙනුවට මිනිස්සු කොතරම් ස්වයංපෝෂිතද කොතරම් සරළද කොතරම් අධ්‍යාත්මිකද කොතරම් එකිනෙකා ගැන සොයා බලා උදව් උපකාර කරනවාද කොතරම් සතුටින්ද ආදී මිනුම් භාවිතා කරයි. ලෝකයේ බහුජාතික ෆාස්ට් ෆුඩ් ජාලා හෝ හෝටල් නැති එකම රට මෙයයි. එමෙන්ම මෙහි දුම්පානයද සිදු නොවේ.  මිනිස්සු පෝෂ්‍යදායක කෑම උයාපිහාගෙන කෑමට හුරැ වී ඇති අතර කුඩා පවුල් ව්‍යාපාර අවන්හල් පමණක් ඇත.  

5. මේ රටේ නීති සම්මත කිරීමේදී බලන පළමු සාධකය එම නීති වලින් රටේ මිනිස්සුන්ට සස්ටේනබල් දියුණුවක් ලැබේද යන්නයි. (Gross National Happiness (GNH, the well-being and happiness of its people over purely economic measures like Gross Domestic Product (GDP)

ඉතින් භූතානය එහෙමයි යෝධයන් දෙදෙනෙක්ට මැදි වෙලාත් ඔළුව කෙළින් තබාගෙන ඉන්නේ.

ඇඳුම උදාහරණයකට ගත්තොත් ලන්කාවේ වෙලා තියෙන්නේ මොකක්ද? ගෑනුන්ගේ සංස්කෘතික ඇඳුම සාරිය වීම ලන්කාවේ ජාතික ආහාරය පීසා වීම වැනි විකෘතියක්. අදින් වසර පනහකට සීයකට පසු අනාගතයේ දවසකට යන්නට ලැබුනොත් ඒ වන විට ලන්කාවේ ජාතික ආහාරය පීසා බවත්, පීසා නොකා (බත් සහ අල බතල කන) අය ජාති ද්‍රෝහීන් ලෙසත් සළකන බවත්, තුන් වේලට පීසා කාල තරබාරැව දියවැඩියාව ආදී රෝග හෙම්බිරිස්සාව මෙන් කොමන් වී ඇති බවත් ඔබට පෙනුනොත් ඇති වන හැඟීම කබඳුද? ඒ හැඟීමමයි සාරි ඇඳීම ගැන ඔබට ඇති විය යුත්තේ. සාරිය මෑතකදී ලංකාවට ආව ඉන්දියානු ඇඳුමක්. ලංකාවේ ආදී යුගයේ දේශීය ගෑණු ඇන්දේ යටි කයට රෙද්දක් හෝ රෙද්දක් සහ සැහැල්ලු හැට්ටයක් වැනි ඇඳුම්, බොහෝ දුරට ඒක අදට ගැළපෙන්න මොඩ් කරා නම් භුතාන ඇදුමට කිට්ටු වේවි. භුතාන ඇඳුමේ වාසි ටික නිසා ගෑණුත් ආසාවෙන් අඳීවි, සංස්කෘතියත් රැකේවි. නමුත් දැන් වෙලා තියෙන්නෙ මිළ අධික, ඇඟට අපහසු, සේෆ් නැති, අඩ නිරැවත ප්‍රමෝට් කරන, හෝදන මදින අඳින වැඩේට කාලයක් යන විදේශීය ඇඳුමක් බලෙන් ගෑණුන්ගෙ පිටේ පටවල සංස්කෘතිය රක්කවන, දේශීය ඇඳුම් ඉවතලා විදේශීය ඇඳුම් ලා ගත් පිරිමි බිහි වෙලා. 

 කාටහරි සංස්කෘතිය රකින්න ඕනෑ නම් අනුන් ලව්වා ඒක රක්කනවා වෙනුවට තමන් ඒක රකිින්න. නැෂනල් එක ඇඳන් පිටතට යන්න. දේශීය පොතපත කියවන්න. එළු බාශාව ඉගෙනගෙන ගමේ පන්සලේ පුස්කොළපොත් ටික විනාශ වෙන්න පෙර පිටපත් කර ගන්න. පැරණි පොතපත කියවල ලන්කාවේ සැබෑ සංස්කෘතිය හදාරන්න. ඔය පිරිමින්ට කරන්න පුළුවන් දේ කිහිපයක්. 

ඇමරිකාවෙ මම දකිනව දකුණු ආසියාතික පවුල් වල වයසක ගෑණු පුරැද්දට මෙහෙ සාරි අඳින හැටි, සාරි කැතට පටළවගෙන, සාරි ජැකට් හරිම කැත විසාල ඒවා, තව ටෙනිස් ෂූස් දාන්, සීත කාලේ ජැකට් තොප්පි දාන්, ඇත්තම කිව්වොත් බල්ලො බත් කන්නෙෙ නෑ ඒ තරම් බලන්න අජූතයි.

ඇමරිකාවට ආවත් හරි මම සාරි ඇඳිල්ල දෙයියනේ කියල අතෑරිය. මම අඳින ඇඳුම් වල ෆැබ්‍රික් එක ඩ්‍රයර් එකෙන් එළියට එද්දි අයන් වෙලාම එන නිසා ඇමරිකාවට ආවත් හරි මම රෙදි මදින්නෙත් නැහැ. ගෙදර හෝදන්න බැරි ඒව ක්ලීනින් එකට දෙනව. හොඳට ඇඳුම් අඳින්න පැය ගණන් නැහෙන්න ඕන නෑ. ජීවිතය හරි කෙටියි. ඒ ඉතිරි වෙන කාලෙ මම ආස වැඩ වලට යොදවනවා.

යමක් කමක් තියෙන උදවිය තමන්ගෙ ළමයි මහණ නොකර, යමක් කමක් නැති උදවියගෙ ළමයින්ව ඒ මිනිස්සුන්ගෙ අසරණකම අවභාවිතා කරල මහණ කරවල උන් ලව්ව ආගම රක්කවගන්න හදනව.

එහෙම අනුන්ගෙ පානෙන් එළිය බලන්න බැහැ සංස්කෘතිය සම්බන්ධ කාරණා වලදී. මොකද සංස්කෘතිය ජන ජීවිතයට බද්ධ වෙන්න නම් උගුරට හොරා බේත් බොන්න බැහැ. සංස්කෘතියේ තියෙන අවුල් විසඳගන්න ඕනෙ. මොන අතින් බැළුවත් සාරිය පට්ට චාටර් ඇඳුමක්. ඒක සංස්කෘතියේ සංකේතය නම් සිංහළ අළුත් අවුරැද්දට අඳින්නැත්තේ ඇයි? ඇයි සිංහළ අළුත් අවුරැද්දට රෙදි හැට්ට අඳින්නේ? ඇයි භූතාන ඇඳුම වගේ එකක් ජාතික ඇඳුම නොකරන්නේ? ඇයි තමන්ගේ ළමයි මහණ නොකර අනුන්ගේ ළමයි මහණ කර කර නිවන් යන්න හදන්නේ? ඇයි තමන්ගේ ළමයි බය සැක නැතිව මහණ කරන්න පුළුවන් මට්ටමට ශාසනය වෙනස් නොකරන්නේ? විකෘති කටු ඔටුණු සංස්කෘතියක් හදාගෙන, මෙවැනි ලව් හේට් රිලේශන්‍ෂිප් එකක් එම සංස්කෘතිය ගැන තබාගෙන, බළලුන් ලවා කොස් ඇට බාවන්නාක් මෙන් අනුන් ලවා ඒක රක්කවන්නට යාමේ කිසිදු පලක් නැත. ලංකාවේ වගේ ෆේක් සංස්කෘතියක් ගෑණුන් ලවා බලෙන් රැක්කවීමට (බටහිර කලිසම් ගහගෙන භූතාන පිරිමි ටික) හැදුවා නම්, භූතානය ලෝක සිතියමෙන් මැකිලා බොහෝ කල් වන්නට තිබුනා.






Monday, April 14, 2025

මගේ පිට්ස්බර්ග් ගමනේදී හමු වූ පාසැලේ වැඩ්ඩා

පසුගිය කාලයේ මම පිට්ස්බර්ග් නගරයේ තිබ්බ සමුළුවකට සහභාගී වෙලා ඉඳල ඊයෙ තමා ගෙදර ආවේ. මේ සමුළුවේදී රසවත් සිද්ධි ගණනාවක් සිදු උනා. නමුත් ඒ අතරින් මම හිතින් හුඟක් ඈත කාලයට අරගෙන ගියපු සහ ආපහු හැරී බලන විට ජීවිතය ගැන පුදුම හිතෙන සිදුවීම උනේ "නේහා"ව දශක ගණනකට පස්සෙ නැවත හමු වීමයි. 

මම හය වසරට ශිෂ්‍යත්වෙන් පාස් වෙලා ගියපු ලොකු ඉස්කෝළෙ ලංකාවේ ප්‍රසිද්ධම, ධනවත්ම, බලවත්ම, උගත්ම දෙමව්පියන්ගේ ළමයි හිටියා. දේශපාළකයො, ප්‍රකට වෛද්‍ය සහ වෙනත් වෘත්තිකයෝ, ලොකු ව්‍යාපාරිකයෝ සහ රටම දන්න කළාකරැවන්ගේ ළමයි අපේ පන්ති වල ඕනෑ තරම් හිටිය. ඉන් බහුතරයක් දෙනා හරිම හොඳයි, එක්කෝ හැමෝම එක්ක හොඳින් හිටිය නැත්නම් පාඩුවේ හිටිය. මේ අතර කීප දෙනෙක් පට්ට චාටර් හැසිරීමක් පෙන්නුවා. නේහා කියන්නෙ ඒ අතර හිටපු ගොඩක් ප්‍රබල පවුල් පසුබිමක් තිබුන, අති දක්‍ෂ, හුරැබුහුටි පොඩි ගෑණු ළමයෙක්.  නේහගේ දෙමව්පියො විශ්ව විද්‍යාල මහාචාර්‍යවරැ. එයා ඉපදිලා තිබුනෙ විදේශයක. ඉංග්‍රීසි මව් භාෂාව වගේ හසුරවපු නේහා පන්තියේ වැඩ වලට අති දක්‍ෂයි.  එයාගේ  උගත් දෙමව්පියො දැනන් හිටිය නේහගෙ මීටරේ කොහොමද තවත් ශාප් කරන්නෙ කියන එක. රටේ නමගිය මහාචාර්‍යවරයෙක්ට කෝල් කරල "අන්කල්, මට මේක එක්ස්ප්ලේන් කරන්නකෝ" කියල අහන්න පුළළුන්කම තිබ්බ නේහගේ  උගත් දෙමව්පියොන්ගේ නෙට්වර්ක් එක නිසා. ඉතින් කෙටියෙන්ම කිව්වොත්, නේහාට තිබ්බේ හරිම පර්ෆෙක්ට්, අර කතාවට කියන්නෙ පෙර පිනට ලැබුන ජීවිතයක් කියල, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එහෙම ජීවිතයක්.

නේහා කිසිම වෙහෙසකින් තොරව පන්තියේ පළමුවැනියා හෝ දෙවැනියා උනා. සාමාන්‍ය පෙළ අයිලන් ඩ් රෑන්ක් එකක් සමඟ සමත් වෙලා උසස්පෙළට ආවා. එතෙක් නේහා සහ මම අතර ලොකු ගණුදෙනුවක් තිබුනෙ නෑ. නේහා හිටපු ඇතැම් පන්ති වල මමත් හිටියා. නේහා ආශ්‍රය කලේ දක්ශම පොෂ්ම ළමයින්ව පමණයි. මම දක්ශම පොෂ්ම ළමයි අතර හිටියේ නැහැ. උසස්පෙළදී එක්තරා සංගමයක සභාපති ලෙස නේහාත් ලේකම් ලෙස මමත් ඡන්දයකින් පත් වූ පසු නේහා සහ මගේ පාත් පළමුවරට ක්‍රොස් වෙනවා. නේහා පැහැදිළිවම අසතුටෙන් හිටියේ මගේ පත් වීමට. දක්ශම පොෂ්ම ළමයින්ව පමණක් ඇසුරැ කරපු ඇයට මේක ලොකු අවුළක් උනා. නේහා ඒ සංගමයේ ලේකම් කෙනෙක් නැති ලෙස සළකා වැඩ කරන්නට ගත්තා. මාව ඇයට ඉන්විසිබල් උනා. මම රණ්ඩු කලේ නැහැ, පැත්තකට උනා, මොකද මම දැන සිටියා සියළුම ගුරැවරැ පවා නේහගේ දක්‍ෂකමට සහ පවර් එකට පදිරි බව. ඒ අස්සේ නේහ තමා උසස්පෙළින් අයිලඬ් ෆස්ට් වෙයි කියල හිතුවෙත් හැමෝම. 

ඒ හිතුව වගේම නේහා එකපාරින්ම ඉහළින්ම උසස්පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාළයට යනවා. මට විශාළ කරදර, අධික මානසික පීඩනයක් සහ ආර්ථික ගැටළු සමඟ දෙවන වරටත් උත්සාහ කිරීමට සිදු වෙනවා. ඒ සඳහා තෝරා ගත්ත එක ටියුෂන් ගුරෙක්ගේ පන්තියක් පළමු වර රිසල්ට් ආව දා පැවැත්වුනා. එහිදී ඒ  ටියුෂන් ගුරා අපහාසයෙන් මගේ දිහා බළමින් පන්තියේදී නේහාව ඉතාම ඉහළින් වර්ණනා කලා. බලනකොට මේ ගුරාත් නේහා කෝල් කරල අන්කල්, මට මේක එක්ස්ප්ලේන් කරන්නකෝ කියල අහන, පාස්ට් පේපර්ස් කරල  අන්කල්, මේව බලල ළකුණු දීල මට එවන්න කියල එවන ඒ පවුළේ හිතවතෙක්. ඒක මට ගැටළුවක් නෑ. නමුත් ඒ ගුරා මට අනවශ්‍ය ලෙස අපහාස කලා ඒ පන්තියේදී නේහා සමඟ සසඳමින්.

කාලය වේගයෙන් ගත වෙලා දශක කීපයක් ඉස්සරහට ගියා. ගිය සතියේ මම පිට්ස්බර්ග් නගරයට ගොස් සම්මන්ත්‍රණය පැවැත්වෙන තැන මගේ ප්‍රසන්ටේෂන් එක තියෙන ශාලාවට කල් වේලා ඇතිව ඇතුළු උනා. මම එහි අසුන් ගෙන,  කෝපි විවේකයට මදකට කතා නැවතූ පසු, මගේ නෝට්ස් වගයක් බල බලා ඉන්න අතර, පිටුපසින් "මේ ක්‍රිෂා නේද" යන වචන ඇසී හැරී බැලූ විට එහි සිටියේ නේහා. ඇය ලස්සනට මා සමඟ සිනාසුනා. මට දැනුනේ අපහසුතාවයක්. එකළ මම ඇය ඉදිරිපිට හිටගෙන හිටියත් මාව ඉන්විසිබල් වූ ඇයට මෙකළ අති විශාල සෙනඟක් මැද පවා මාව විසිබල් වුනේ කොහොමද? එකළ ඇය ගේ සිනහව මා දුටු විට නැවතුන නමුත් අද මාව දැකීම ඇයට මහත් සතුටක් වී ඇත. මමද ඇය සමඟ සිනාසී සුහදව කතා බස් කල අතර ඇය දැන් යුරෝපීය රටක මහාචාර්‍යවරියක් බවත් වෙනත් ශාලාවක ඇයගේ කතාවද සිදු කිරීමට නියමිත බවත් මට දැන ගැනීමට ලැබුනා. කතා බහ අවසානයේ ඇය මගේ දුරකථන අංකය ඉල්ලා සිටියේ සමුළුව අතර නැවත මා මුණ ගැසීමේ අපේක්‍ෂාවෙන්. මම ඇයට දුරකථන අංකය දුන් පසු ඇයගේ අංකයද දුන් ඇය නැවත හමු විය යුතු බව අවධාරණය කර පිටව ගියේ කාලයකින් හමු වූ හොඳම යෙහෙළියක සේය.මගේ කතාවට පසු එදා රෑ  නවාතැන් ගත් හෝටලයට පැමිණ ටික වේලාවකින් නේහා මට කෝල් කලත් මම ඒ කෝල් ආන්සර් කලේ නැහැ. මොකද මට ඇය සමඟ මිතුරැ වීමේ අවශ්‍යතාවයක් දැනුනේ නැහැ. මගේ මිත්‍රත්වය දැන් ඉතා මිළ අධිකයි. 

කාළයකදී තමන්ට වඩා ගොඩක් පහළින් ඉන්න අය පසු කලෙක තමන් අභිභවා යෑමට පවා ඉඩ තියෙනවා. ඒ නිසා හැමෝටම තරාතිරම නොබලා හොඳින් සළකන්න.






ලාංකික මත තුනක් - දෙමාපිය නොසැළකිල්ල නිසා ළමයි මිය යාම, මහ ගෙදර, සහ ට්‍රැඩ් වයිෆ්

 මම පහුගිය දවසක දැක්ක රෝහල් අතපසුවීමක් නිසා දරැවෙක් මිය ගිය බවට සැක කරල ගමක මිනිස්සු සෙට් එකක් රෝහලට පහර දීමට ඇවිල්ල. ඒක නිතරම ලන්කාවෙ වෙන ද...