Thursday, April 24, 2025

ජලනන්දන පිරිත

 

ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය තුල ජලනන්දන පිරිත සියළු ආකාරයේ අණවින හදි හූනියම් හානිකර බලපෑම් විනාශ කර දමන බවට සැළකේ. මහායාන බෞද්ධ ග්‍රන්ථ වල එම මන්ත්‍රය ‘ශරප්‍රසන්නලෙසින් නම් කර ඇතත්, ශ්‍රී ලංකාවේ එය ‘ජලනන්දන ලෙස නම් කර ඇත. සාහිත්‍යයේ “ශරප්‍රසන්න (ආකර්ශනීය පොකුණ) සහ “ජලනන්දන” (ප්‍රසන්න ජලය) යන වචන දෙකම තරමක් සමාන අර්ථයක් ලබා දෙයි.  එහි “සර්වබන්ධන චේදනං", "යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා විනාසං බුද්ධානුභාවතෝ" ආදී වැකි වල සිංහල තේරැම “බුද්ධ බලයෙන් සියලු හානිකර යන්ත්‍රවල සහ මන්ත්‍රවල බලය විනාශ වේවා” යන්නයි. මේ සූත්‍රය පිටුපස ඇති කථාව අනුව, වරෙක ආනන්ද හාමුදුරැවන් මහ මග වඩින විටදී වතුර පිපාසයක් ඇති වී රොඩි තරුණියකගෙන් පැන් ටිකක් ඉල්ලූ අවස්තාවේ ඇය ආනන්ද හාමුදුරුවන්ගෙ රූප ස්වභාවයට වශී වී, මවට ඒ බව පවසා මන්ත්‍ර ගුරුකම් මගින් වශී කර ගත් බව දැක් වේ. අසරණව කඳුළු පිරුණු දෙනෙතින් යුතුව ආනන්ද හාමුදුරුවෝ බුදුරදුන් වැඩම කර තමන් වහන්සේව මේ මායාවෙන් මුදවා ගනිත්වායි ප්‍රාර්ථනා කළ කළ අතර, ආනන්ද හිමියන්ගේ දුක්ඛිත තත්ත්වය දුටු බුදුන් වහන්සේ තම චිත්ත ශක්තිය යොදා ඔහුව බේරා ගත්හ. ඉහත සඳහන් කළ කතාව මහායාන ග්‍රන්ථයක් වන දිව්‍යවදනහි සඳහන් වී ඇති නමුත් ථෙරවාදී සාහිත්‍යයේ දක්නට නොලැබේ. කෙසේ වෙතත්, මෙම කතාව ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය වන අතර එය සෑම බෞද්ධයෙකුම පාහේ දන්නා කරුණකි. පසුව මේ කතාවට සම්බන්ධ පිරිතක්ද රචනා වී ඇත. ජලනන්දන සූත්‍රය රචනා කර ඇත්තේ දූෂිත පාලි භාෂාවෙනි (පාළි, සංස්කෘත, සහ සිංහල ආදී භාෂා තුනේම වචන කළවමේ යොදා ගෙනය. මෙයට හේතුව, මුල් පිරිත නැවත නැවත පිටපත් කරන විට සිදු වූ දෝෂ විය හැක). මේ පිරිත සජ්ජායනා කරනා බොහෝ දෙනෙක් සතු පිටපත් සහ මුද්‍රිත පොත්වල ඇති පිටපත් අප විසින් පරීක්‍ෂා කර බලන විට, ඒවායේ වෙනස්කම් දක්නට ලැබේ. 

1. චතුවීසති බුද්ධෝති යො භවිස්සති උත්තමං

පාරමී බල යුත්තෙහි ජලනන්දන මුත්තමං

(ත්‍රිවිධ පරිපූර්ණත්වයේ බලයෙන් යුක්ත වූ, උතුම් වූ, බුදුරජාණන් වහන්සේලා විසිහතර දෙනෙක් එහි වැඩ සිටියහ. ඔවුන් සියල්ලෝම සතුට ඇති කරන ජලය මෙන් වූහ.)

2. අනොමානී ජලං තීරෙ උත්තමං පත්තචීවරෙ

පාරමී තෙ ජලං හොති සබ්බ බන්ධන ඡෙදනං

(ඔවුන් තම පූජනීය දාන පාත්‍ර සහ සිවුරු අනෝමා ගං ඉවුරේ දරා සිටියහ. පරිපූර්ණත්වයේ බලය යනු ඔබට බලපාන යන්ත්‍ර සහ මන්ත්‍ර වැනි සියලු නපුරු බලපෑම් ප්‍රතික්ෂේප කරන ප්‍රබල බලවේගයක් වැනිය.)

3. ආනන්දොති මහාථෙරං උත්තමං ධම්මභාණ්ඩකං

යෙන භික්ඛු මහාථෙරං සයනෙ බන්ධන විද්ධංසනං

ඉති ශ්‍රී ලොකබුද්ධෙහි යෙන ධම්මානු භාවතො,

යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා විනාසං බුද්ධානු භාවතො

(ධර්ම භාණ්ඩාගාරික ආනන්ද හිමියන්, යහනකට ඇද දමන උගුලකට හසු වූ විට, තුන්ලෝකයේම ගුරුවරයා වූ බුදුරජාණන් වහන්සේ, තම ධර්මයේ බලයෙන් යන්ත්‍ර මන්ත්‍ර වැනි සියලු නපුරු බලපෑම් විනාශ කළහ.)

4. මුනින්දො හොති නමො බුද්ධා මාරසෙනා පවජ්ජති

දසකොටිසහස්සානි සර්ව බන්ධන ඡෙදනං

(බුදුරජාණන් වහන්සේ බිලියන සංඛ්‍යාත මාර බලවේග පරාජය කළ සේක. බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ගුණාංග වන්නේ උන්වහන්සේ ඉටු කළ පරිපූර්ණත්වයයි.)

6. පාරමිතා ගුණා හොති සො භවිස්සති උත්තමං

අනේකජාති සංසාරං සහස්සං ධම්මානුභාවතො

(උන්වහන්සේගේ බලයේ මූලාශ්‍රය වන පාරමිතා, උන්වහන්සේගේ විවිධ උපත් වලදී, උත්පත්ති චක්‍රයේ දී ප්‍රගුණ කළහ.)

7. සයානො වා සහස්සානි උත්තමං ගුණ පුග්ගලං

අසීතිං යෙන සබ්බේපි සබ්බසිද්ධි භවන්තු මෙ

(කාම සැප සම්පත් භුක්ති විඳීමට ලැබුණු දහස් ගණන් අවස්ථාවන් ප්‍රතික්ෂේප කරමින්, තම ගුණධර්ම වඩන ලද බුදුරජාණන් වහන්සේගේ බලය නිසා ඔබට සියලු යහපැවැත්ම ලැබේවා.)

ජලනන්දන වැනි පිරිත් මහායාන බුද්ධාගමට අයත් බවත්, ආනන්ද හාමුදුරැවන් වශියකට හසු වුන බව පිළිගැනීම අපහසු බවත් (මම දන්න තරමින් ථෙරවාද පොත් වල - ත්‍රිපිටකය/ජාතක කතා ආදී - එවැන්නක් නැති බවත්) කිව යුතුය.

No comments:

Post a Comment

කැලේ මාරැ උනාට හිටිහාමිලාගේ පුල්ලි මාරැ නොවේ

 තෙලෙන් බැද්දත් කොබෙයියා කිරෙන් බැද්දත් කොබෙයියා යන පිරැළ මෙන්ම සිංහලෙන් වියළි කළාපේ ඕප හොයන එකාත්, ඉංග්‍රීසියෙන් පොෂ් ආකාරයට  ඕප හොයන එකාත්...