Monday, July 29, 2024

ගෙදර මැන්ගුස් ගහක් තියෙනවනම් යක්‍ෂණියක් උනත් බඳින ලන්කාවේ යක්ඛ පුත්තු

 

විහිළුවකට උනත් ඇතැම්විට සන්ස්කෘතික අනන්‍යතාවයක් තියෙනවා. මැන්ගුස් ලෝලියෙක් කියන ගෙදර මැන්ගුස් ගහක් තියෙනවනම් යක්‍ෂණියක් උනත් බඳින ඉහත මීම් එක විහිළු මීම් එකක් උනාට ලන්කාවේ යක්ඛ දූල පුත්තුන්ගේ ඔළු වැඩ කරන සාම්ප්‍රදායික ක්‍රමය ඇත්තටමත් මේ වගේ.

මේක දැකපු මොහොතෙ එකපාරටම මතක් උනේ පොළොන්නරැවෙ රෑප රැජින ට්‍රැක් පුෂ්පිකාගේ ඩිවෝස් මිනිහව.මේ දවස්වල සද්දෙ වහල හිටියට මේ ගෑනිගෙ කැරැට්ටුව මතක ඇතිනෙ.  මොකද පොර ට්‍රැක් පුෂ්පිකාට කර ගහන්න කිට්ටු කාලේ පත්තරයක ඉන්ටර්වීව් එකක් දීල තිබුන මට මතකයි. ඒකෙ ඉන්ටර්වීව් කරන එකා අහල තිබ්බ ට්‍රැක් පුෂ්පිකාට කැමති උනේ ඇයි කියල. මූ උත්තර දෙනවා මූ කවදහරි බඳින්නෙ රෑප රැජිනක්ව කියලලු එදා ඉඳන්ම හිතන් හිටියේ, ඒකලු ට්‍රැක් පුෂ්පිකාට කැමති උනේ. ගෙදර මැන්ගුස් ගහක් තියෙනවනම් යක්‍ෂණියක් උනත් බඳින එකයි, රෑප රැජිනක් නම් යක්‍ෂණියක් උනත් බඳින එකයි සන්කල්පීයව එකම කාරණයක්. අන්තිමේ රෑප රැජිනක් බඳින උණ හොඳ වෙලා ජන්මාන්තර වෛරක්කාරයො වෙලා ඩිවෝස් වෙද්දි හදපු ළමය පව්.

 මීට සන්කල්පීයව ගොඩක් සමාන තව මීම් එකක් පසුගිය කාලේ නිතරම දැක්කා. හොඳ බත් පිඟානක ෆොටෝ එකක් දාල දකුණෙ (හෝ තමන් කැමති පළාතේ) කෙල්ලෙක් බැන්දම කන්නේ මෙහෙමයි කියල හරි හොඳ බත් පිඟානක සහ නරක බත් පිඟානක ෆොටෝ දෙකක් දාල අහවල් පළාතෙ කෙල්ලක් බැන්දම කන්නේ මෙහෙමයි කියල තමන් කැමති පළාතට හොඳ බත් පිඟානත් තමන් අකැමති පළාතට නරක බත් පිඟානත් දාල විහිළුවට හදපු මීම්ස්. මේව දකුණු ආසියාවේ පිරිමින්ට අනන්‍ය  විහිළු මීම්ස්. පෞරැෂයක් තියෙන පිරිමි බහුතරයක් ඉන්න රටවල  මේ වගේ මීම්ස් හැදෙන්නෙ නෑ.

මැන්ගුස් කන්න ආස නම් තමන් මැන්ගුස් ගහක් වවාගන්න එක, රසට බත් කන්න ඕනෙ නම් තමන් කැමතිම ව්‍යංජන පහක් වත් උයන්න ඉගෙන ගන්න එක වගේ තමන්ට ඕනෙ දේ තමන්ම ලබා ගන්න එක තමා දියුණු සමාජ වල පෞරැෂයක් තියන පිරිමින්ගේ ඔළු වලට කාවද්දල තියෙන්නේ.

යක්ඛ පුත්තු පොත්ත රතු නම් යක්‍ෂණියක් උනත් බඳින්නැද්ද, යක්ඛ දූල තට්ටු දෙකේ ගෙයක් තියේනම්, කාර් එකක් තියේ නම් මළ යක්කු බැඳ ගන්නෙ නැද්ද? 

ගෙදර මැන්ගුස් ගහක් තියෙනවනම් යක්‍ෂණියක් උනත් බඳිනව කියන එක තව ටිකක් පුළුල්ව කිව්වොත්, තමන්ට ජීවිතේ ඇති වෙන සිල්ලර අවශ්‍යතා ඕනම කෙනෙක්ගෙන් ඉටු කර ගන්න කැමතියි කියන එකයි.

තමන්ට ජීවිතේ ඇති වෙන අවශ්‍යතා ඕනම කෙනෙක්ගෙන් ඉටු කර ගන්න තරම් පහත් මට්ටමට කවදාවත් වැටෙන්න එපා.
ඒක තමන් තමන්ටම කර ගන්න වරදක්.
තමන්ගෙ වටිනාකම බාල්දු කිරීමක් !

බැඳීමකදි ඇති කර ගනිද්දි,
තමන්ගෙ ප්‍රතිපත්ති වලට නොගැලපෙන ,
සීලයක් නැති, ගුණධර්ම නැති මිනිස්සු එක්ක සම්බන්ධ වෙනවා කියන්නෙම
 තමන්ගෙ ජීවිතේට ප්‍රශ්න කරදර ගෙන්න ගන්න වැඩක්.

එක එක වර්ගයේ මිනිස්සු අපේ ජීවිත වලට ලං වෙන්න උත්සාහ කරාවි .
හැබැයි ඒ සම්බන්ධකම තමන්ට අවශ්‍යද නැද්ද ,
ඒ පුද්ගලයා යහපත් කෙනෙක්ද,
ප්‍රතිපත්ති ගරුක කෙනෙක්ද
කියලා නොබලා ජීවිතේට ලං කර ගත්තොත්
අන්තිමට තමන්ට වෙන්නෙ ලොකු විපතක්.

ඒ නිසා සම්බන්ධකම් ඇති කර ගනිද්දි,
උදව් ගනිද්දි වගේම උදව් කරද්දී ,
මිත්‍රකම් ඇති කර ගනිද්දි
ගොඩක් පරිස්සම් වෙන්න.
 බැඳීම් වලට පුළුවන් ජීවිතේ අපායක් කරන්නත්, දිව්‍ය ලෝකයක් කරන්නත් !

පිලිගන්වන හැම සම්බධතාවයක්ම බාර ගන්න තරම් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න එපා...
තෝරා බේරාගෙන , නුවණින් මිනිස්සු ඇසුරු කරන කඩවසම් චරිතයක් වෙන්න ❤

~ වෛද්‍ය හසනි ලේල්වල
Get Outlook for iOS

No comments:

Post a Comment

මරණයට කැප වූ ඌරැ අම්මා ගැන ඇත්ත ඇති සැටියෙන් කතා කරමු

  ඉහත සඳහන් රෑපයේ දැක්වෙන මරණයට කැප වූ ඌරැ අම්මා ගැන අනුවේදනීය  කතාව ස්ටැටිස්ටික්ස් සමඟ රියැලිස්ටික් ලෙස කතා කරමු. වැඩුන ගෑනු ඌරෙක් මාස හතරක...