Saturday, July 27, 2024

ජගුවර් සිස්ටම් ඉන්ජිනියර් කවිනි නිම්තරා ගේ ආකර්‍ෂණීයත්වයට ඇත්තම හේතු ඇනලයිස් කරමු




කවිනි නිම්තරා කියන්නේ මේ දවස් වල සෑහෙන්න ජනප්‍රිය, ඒ වගේම ගොඩක් ආකර්‍ෂණීය චරිතයක්. ඇයගේ තරැ ගුණයට අමතරව අවුරැදු විසි දෙකක් වැනි ඉතාම තරැණ කාලයේ ගෑණු ළමයින්ට අතගහන්න අමාරැයි කියන ක්‍ෂේත්‍රයක ඉතා හොඳින් ඉගනගෙන, හොඳ රස්සාවක් කරන් ඉහළ තැනක ඉන්න එක ඒකට ලොකු හේතුවක් බව පේනවා. මගේ බ්ලොග් එකේ මුළ ඉඳලම ලියපු  ලිපි වලින් මට ඕනෑ වෙච්ච empowered ගැහැණිය මම ඇය තුළින් දැක්කා. මේ වගේ කාන්තාවෝ ලන්කාවේ එදා සිටම හිටියත්, සමාජ මාධ්‍ය වල ඒ තරම් දකින්නට ලැබුනේ නැහැ, ඒකට හේතු ගොඩක් තියෙනවා. ඇතැම් ඉහළ පෙලේ කාන්තා වෘත්තිකයන් නොයෙක් හේතු වලට සමාජ මාධ්‍ය වලට එන්න අකමැති වීම,ඇතැම් ඉහළ පෙලේ කාන්තා වෘත්තිකයන් තමන්ගේ වෘත්තියට අති දක්‍ෂ උනත් තරැ ගුණයක් නැති නිසා පෙනුම, කතාබහ, හැසිරීම ආදිය සමාජ මාධ්‍ය වල මාකට් කරන්න බැරි බව දන්නා මාධ්‍ය ඔවුන්ට තැනක් නොදීම සහ එසේ ඉඩක් දුන්නත් ඔවුන්ගේ තරැ ගුණයක් නැතිකම නිසා ආකර්ශණය අවම වීම වගේ හේතු ඒ අතර තියෙනවා.

ජගුවර් සිස්ටම් ඉන්ජිනියර් කවිනි නිම්තරා ඒ අතින් බලනකොට හැම පැත්තකින්ම දක්‍ෂයි, ඒ වගේම වාසනාවන්තයි. ඇයට දීප්තිමත් අනාගතයකට සුබ පතන ගමන් ඇය ගැන ටිකක් කතා කරමු.

කවිනි නිම්තරා කියන්නේ එයාගේ දෙමව්පියන්ගේ නිවැරදි තීරණ වල ප්‍රොඩක්ට් එකක් ලෙසයි මම දකින්නේ. මගේ බ්ලොග් එකේ නිතරම කතා කරන මාතෘකාවක් මෙය. කවිනි ගේ දෙමව්පියෝ අරගත්ත සමහර තීරණ දිහා බලන්න;

1. කවිනිට පොඩිකාලේ ඉඳල ආත්ම ශක්තිය දීල, නිදහස දීල, අතහිත දීල තියෙනව තමන්ගේ හීන හඹාගෙන එයාගේ ගමන යන්නට. ඔයාට ඕව බෑ, අපෝ ඕව පිරිමි කරන වැඩ, අපෝ ඕව කරොත් ඔයාට කසාද බඳින්න කරදරයි, ඊට වඩා නරකද හොද්දක් බතක් උයන්න ඉගෙනගෙන ටීචර් කෙනෙක් වෙන එක ආදී ලන්කාවේ සාම්ප්‍රදායක දෙමව්පියන්ගේ ළමයින්ගේ හීන කඩා විනාස  කරන අනිසි බළපෑම්, මානසික පීඩා, කකුළෙන් ඇදිලි ආදිය නොතිබීම ඇයට මහත් ආශිර්වාදයක් උන බව පෙනෙනවා.

මෙළනි මහාරච්චි කියන්නේ ලන්කාවේ කට්ටිය වැඩියෙ දන්නැති උනාට නාසා එකේ ඉහළ නිලයක් දරන අතිදක්‍ෂ කාන්තාවක්. ඇයට උසස්පෙළට ගණිත අන්ශය තෝර ගන්න ගෙදරින් ඉඩ දීල නැල්ලු පිරිමි තමයි ගණිතයට දක්‍ෂ ඕව පිරිමි කරන වැඩ කියල. ඉතින් එයා කසාද බැඳල ළමයි හදන් ඉද්දි කොහොමහරි පස්සෙ කාලෙක ග්‍රීන් කාඩ් ලොතරැයිය ඇදිල ඇමරිකාවට ඇවිත්, විෂයට තියන පැෂන් එක නිසා ආපහු පාසැල් ගොස් ඒරොස්පේස් ඉන්ජිනියරින් උපාධියක් හදාරල නාසා එකේ ඉතා හොඳින් වැඩ කරනව. මෙළනි ගේ කතාව කිව්වේ මේ වගේ කාන්තාවන් තව කී දෙනෙක් නිම්තරාගෙ අම්ම තාත්ත වගේ සපෝටිව් නැති නිසා හරි, මෙළනි වගේ ජීවිතයේ දෙවනි අවස්ථාවක් නොලැබූ නිසා හරි ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්දැද්දී, එයාලගේ අම්මල තාත්තල නෑයෝ මහත්වරැ ටී වී එකේ නිම්තරාව දැකල අනේ මාර දක්‍ෂ දුවෙක්නේ කියල කියනව නිහඬව අහගෙන ඉන්න බව හිතෙන නිසා.

2. කවිනිට අවශ්‍ය සම්පත් සැපයීම: කවිනිගේ දෙමව්පියෝ ඩුබායි වල රස්සා කරල මුදල් හම්බ කරපු නිසයි ඇයට එන්ගලන්තයේ සරසවියක අභ්‍යවකාශ තාක්‍ෂණය ගැන සම්බන්ධ ප්‍රථම උපාධියක් කරන්නට ලැබෙන්නේ, මොකද එම විශයයන් ලන්කාවේ සරසවි වල නැහැ. කවිනිගේ හීන ඒ තරම් විශාල ඒවා. කවිනිගේ දෙමව්පියෝ එදා තමන්ගේ කම්ෆර්ට් සෝන් එකට වෙලා ආනේ ලන්කාවෙන් යන්න බෑ කියල හිටිය නම්, තාත්ත බිබී වාත වෙවී එදාවේළ පිරිමහන් හිටිය නම්, කවිනිගේ හීන උපන්ගෙයිම මැරිලා අද කවිනි ගෙදෙට්ට වෙලා දැළි කුණු පෙරන් බත් තම්බ තම්බ අසතුටින් ඉන්න තවත් එක වයිෆ් කෙනෙක් අම්ම කෙනෙක් වෙන්න පවා ඉඩ තිබුනා. 

හැම දෙමාපියෙක්ටම රට ගිහින් සල්ලි හම්බ කරන්න බැරි බව ඇත්ත, නමුත් ලැබෙන සල්ලි දුරදිග බලල මැනේජ් කරගන්න එක වත් හරියකට නොකරන  දෙමාපියෝ ඕන තරම් මම දැකල තියෙනවා. 

3. කවිනිව විශ්වාස කිරීම: කවිනි තෝරගත්ත විශේෂ වෘත්තීමය ගමන යන්නට ලොකු ආයෝජනයක් කරල, තනියම අඩු වයසින් (විසි දෙකෙන් රස්සාවට ගියා කියන්නෙ දහ අටෙන් හෝ ඊට පෙර උපාධිය කරන්න එපෑ) තමන්ගෙ ගෙදරින් පිට කරන්නට නම් මොනතරම් තමන්ගේ දරැවා ගැන විශ්වාසයක් තියෙන්න ඕනෙද? ගෑනු ළමයෙක් ගෙදරින් පිට රැයක්වත් තිබ්බෙ නෑ කියන එක ආඩම්බරයෙන් කියන දෙමව්පියන් ඉන්න රටක ලස්සන ගෑනු ළමයෙක්ට තමන්ගේ හීන හඹාගෙන යන්නට ඉඩ දීපු ඒ දෙමව්පියන් අද එහි සතුට විඳිනවා. 

හැබැයි ඕකෙ අනිත් අතට, ඒ කියන්නේ තමන්ගෙ ළමය ගැන අවබෝධයක් නැතිව, ළමයගේ වැරදි තීරණ වලට එකඟ වෙලා කෙළව ගැනීමත් හොඳ නෑ. මම දන්න පවුළක ළමයෙක්ටත් ඒරොස්පේස් ඉන්ජිනියරින් උපාධියක් කරන්න රට යන්න ඕනෙ උනා. හැබැයි ඒ ළමයට ඒ විශයයන්ට දක්‍ෂතාවයක් තිබුනෙ නැහැ. ළමයගෙ දක්‍ෂ අදක්‍ෂතා නොදැන හිටපු දෙමව්පියො ළමයගෙ පෙරැත්තයට ඉතිරි කරපු සියලුම මුදල් සහ ඉන්න ගේ පවා විකුණල කුළී ගේකට ගොස් අර ළමයව රට යැව්වා. දෙවනි වසර වෙද්දි ළමයට උපාධියෙ වැඩ අමාරැ වෙලා ඩිප්‍රෙෂන් හැදිල විභාග ෆේල් වෙලා නැවත ලන්කාවට එන්න සිදු උනේ බරපතළ මානසික රෝගියෙක් ලෙස. මේ කතාව කිව්වේ, දෙමාපියන් ලෙස දරැවන්ව අසාධාරණව අවිශ්වාස කිරීම සහ  අන්ධ ලෙස විශ්වාස කිරීම යන අන්ත දෙකම වැරදි බව කියන්නටයි, අපි අපේ දරැවන්ව හොඳට තේරැම් ගන්න ඕනේ. එහෙම හොඳට තේරැම් ගන්න නම් දරැවා එක්ක ශක්තිමත් නීරෝගී බැඳීමක් ගොඩනගා ගන්න ඕනේ. 

ලන්කාවේ දෙමාපියෝ සීයට අනූවකට කවිනිගෙ දෙමාපියෝ  වගේ මිළ මුදල් හෝ දියුණු ආකල්ප නැහැ, ඒක තමයි ඇත්ත. ඔබේ දෙමාපියෝ දුප්පත්, ඌණ පෞරැෂයක් තිබෙන, දියුණු ආකල්ප නැති, ඔබ ගැන හොයල නොබලන දෙමාපියෝ නම්, මට කියන්නට තියෙන්නේ ඔබ කවදාක හෝ කාඩ් සෙල්ලම් කරල තියෙනවනම් ඔබ දන්නවා සමහර වෙලාවට අපිට ලැබෙන කාඩ් අතේ හරිම දුර්වල කාඩ් විතරයි තියෙන්නේ. ඒ උනත් බුද්ධිමත්ව සෙල්ලම් කලොත් දිනපු අවස්ථා තියෙනවා. ජීවිතයත් ඒ වගේ. නිම්තරාට ලැබුන කාඩ් අතේ ආසියො වගේ හොඳ කාඩ් ගොඩක් එයාට ලැබුනේ එයාගෙ වාසනාවට. ඒ හොඳ කාඩ් වලින් බුද්ධිමත්ව සෙල්ලම් කරල එයා දින්නා. ඔයාගේ කාඩ් අතේ ඒ තරම් හොඳ කාඩ් නැති උනාට අධෛර්‍යමත් වෙන්න එපා, ගේම අතහරින්න එපා, තියෙන කාඩ් වලින් බුද්ධිමත්ව සෙල්ලම් කරල දිනන්න බලන්න. මමත් නරක කාඩ් අතක් ලැබුනත් ඒ කාඩ් වලින් බුද්ධිමත්ව සෙල්ලම් කරල දිනපු කෙනෙක්. 

කොතරම් හොඳ කාඩ් ලැබුනත් මෝඩ විදිහට සෙල්ලම් කරල උඩින්ම පැරදුන අයත් ඕනෙතරම් අප අතර ඉන්නවා. ටීනේජ් කාලෙම රටේ ආන්දෝළනයක් ඇති කරමින්්  මිනී මරපු ජූඩ් ජයමහ, ෆෙබ්‍රියෝ ද සොයිසා වගේ අයට කවිනිට වඩා මිළමුදල් සහ පිරිමි නිසා කවිනිට වඩා නිදහස වගේ වරප්‍රසාද ලැබුණත් අද ඉන්න තැන දිහා බලන්න.  

කවිනි වගේ දුවෙක් පතන අම්මල තාත්තල ගොඩදෙනෙක්ට නොතේරෙන කටුක ඇත්ත තමයි කවිනි  තමන් ගේ දුව උනා නම් තමන් එයාට එයාගෙ ගමන යන්න නොදී හිර කරල එයාව කාළකන්ණි කරන බව, කවිනි වගේ කෙල්ලෙක් පතන පිරිමි ගොඩදෙනෙක්ට නොතේරෙන කටුක ඇත්ත තමයි කවිනි  තමන් ගේ කෙල්ල/වයිෆ් උනා නම් තමන් එයාගේ ඔළුව කාල, එයාට එයාව නැති කරල, ඇවිදින මළමිනියක් කරන බව, කවිනි වගේ අම්මෙක් හිටිය නම් හොඳයි කියල හිතන ගොඩක් ළමයින්ට නොතේරෙන කටුක ඇත්ත තමයි කවිනි  තමන් ගේ අම්ම උනා නම් ගෙදර බුදුන් කටු ඔටුන්න දාල අම්මගෙ කේක් කෑල්ලටත් විදල මෙළහකට කියන එක. 

කවිනිගෙ පැත්තෙන් ගත්තොත්,  අද ඉන්න තත්වයට යන්න එයාගේ පහත සඳහන් පෞරැෂීය ලක්‍ෂණ බලපෑවා කියල හිතෙනවා. අපේ ජීවිත තුළ අපිට ඉහළට යන්න අවශ්‍ය නම් බාහිර සාධක පාලනය කරනවාට වඩා මේ නීති ඉගෙනගෙන මේ විදියට ඔයාව වෙනස් කරගන්න..

 1️⃣තමන්ව හඳුනාගන්න ( Self Awareness ) 

ඔයාගේ දක්ෂතා, හැකියාවන්, දුර්වලතා, ආදී සියලු දේ  හඳුනාගන්න.

2️⃣ විනය ( Discipline ) 

ඔයා තුළ විනයක් පවත්වාගන්න. ඔයාගේ ඉලක්ක වෙනුවෙන් ඒ විනය එක දිගට පවත්වා ගන්නට ඔයාව පුහුණු කරන්න. ඔයා ඔයාව පාලනය කරගන්න වගේම ඔයාගේ හැඟීම් සහ අවශ්‍යතා පාලනය කරගන්නත් ඉගෙන ගන්න.

3️⃣ස්තූතිවන්ත වීම ( Gratitude )

ජීවිතය තුළ ස්තූතිවන්ත වීම ප්‍රගුණ කරන්න. 

4️⃣නොනවත්වා ඉගෙන ගැනීම ( Continuous Learning ) 

මොනම හේතුවකටවත් නවත්වන්න එපා ඉගෙනගන්න එක. තමන් තුළ  හැකියාවන් දියුණු කරගන්න, අලුත් විෂයයන් හදාරන්න, තාක්ෂණය ගැන තව තවත් ඉගෙන ගන්න, ඔයාගේ වටිනාකම ඉගෙන ගන්න එක තුළින් තව තවත් වැඩි වෙනවා.

5️⃣ඉවසීම ( Patience ) 

ඔයාගේ දියුණුව වෙනුවෙන් ඉවසන්න පුරුදු වෙන්න. කාලයට ඉඩ දීලා ඔයාගේ ජීවිතේට හොඳම දේවල් හොඳම වෙලාවට පැමිණෙනවා කියන විශ්වාසයෙන් දිගටම උත්සාහයන් වල නිරත වෙන්න. ඉවසීම සහ උත්සාහයන් අත්නොහැර එක දිගට පවත්වා ගැනීම කියලා කියන්නේ ඔයා තුළ තිබිය යුතු විශේෂ ස්කිල් එකක්.

6️⃣ඔරොත්තු දීමේ හැකියාව ( Resilience )

ජීවිතයට ලැබෙන ජයග්‍රහණ මෙන්ම පරාජයන් දරා ගැනීමේ හැකියාව මෙන්ම, දරුණු කඩා වැටීමකට පසුවත් නැවත ශක්තිමත්ව නැගී සිටින්නට තරම් ඔබ තුළ හැකියාවක් තිබිය යුතුයි. අමතක කරන්න එපා, ගසක් කප්පාදු කරන්න කරන්න ඒ ගස නිරෝගීව වැඩෙනවා කියලා. ඒ වගේම අමතක කරන්න එපා සොල්දාදුවෙක් සටන් රැසකට මුහුණ දුන්නාට පසුව ඔහු  කාටවත් පරද්දවන්න බැරි දක්ෂතම සොල්දාදුවෙක් බවට පත්වන බව.

7️⃣ අවධානය / ඉලක්ක ගත වීම ( Focus ) 

ඔයාගේ මූලික දේවල් පිළිබඳව අවධානය. කිසිම හේතුවක් නිසා තමන්ගේ අරමුණු සඳහා ඇති අවධානය ගිලිහෙන්න දෙන්න එපා. අරමුණු විතරක් නෙමෙයි තමන්ගේ ප්‍රධානතම විශේෂ කාරණා වෙනුවෙන් අවධානය දෙන්න. 

8️⃣සෞඛ්‍ය ( Health )

ශරීර සෞඛ්‍ය පිළිබඳ අවධානය දෙන්න. ඒ සඳහා හොඳ රූටීන් එකක් ඔයා වෙනුවෙන් හදා ගන්න. ඒ වගේම ඔයා ඔයා වෙනුවෙන් අභියෝගත් දෙන්න. උදාහරණයක් විදිහට ඔයාට පුළුවන් දවස් තිහක් ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන් ඔයාම හදාගත්ත නීතිමාලාවකට යටත්ව ඒ දවස් තිහ ගත කරන්න.

9️⃣අන්තර් පුද්ගල සම්බන්ධතා ( Networking ) 

ධනාත්මක අන්තර් පුද්ගල සබඳතා ගොඩනඟා ගන්න. ඒ කියන්නේ ඔයාට ආදර්ශයක් දෙන්න පුළුවන් සහ ඔයාට හරි මඟ පෙන්නන්න පුළුවන්, ඔයාට ධනාත්මක දේ පමණක් දෙන මිනිසුන් ආශ්‍රයට ලං කර ගන්න. ඒ කියන්නේ සත්පුරුෂ ඇසුර පවත්වා ගන්න.

1️⃣0️⃣නිර්මාණශීලීත්වය ( Creativity )

නිර්මාණශීලීත්වය යනු ඕනෑම ක්ෂේත්‍රයක දී ඔයාට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඔයාගේ හැකියාවක්. ඉතින් ඒ නිර්මාණශීලීත්වය වෙනුවෙන් පුංචි අවධානයක් ලබා දෙන්න. නිර්මාණශීලීව හිතන්න හැමතිස්සෙම කටයුතු කරන්න.

1️⃣1️⃣ අනුවර්තනය වීමේ හැකියාව ( Adaptability )

ජීවිතයේදී මුහුණ දෙන්නට සිදුවන සියලු තත්ත්වයන්ට අනුවර්තනය වෙන්නට පුරුදු වෙන්න. ඒ කියන්නේ තමන් තමන්ව වෙනස් කරගන්න කියන එක නෙමෙයි, ඒ ඒ පරිසරයන්ට ගැලපෙන විදියට අනුවර්තනය වීම.

උදාහරණයක් විදිහට : 

අපි හිතමු ඔයාට දුෂ්කර පරිසරයකට මාරුවක් ලැබුණා. ඉතින් ඒ පරිසරයට පුංචි කාලයක් අරන් හුරු වෙලා ඒ අභියෝගය දිනන්න උත්සහ කරන්න. එහෙම නැතුව හැමෝටම බැන බැන හිටියොත් ඔයා එතනදි සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. 

1️⃣2️⃣සතිමත්භාවය ( Mindfulness ) 

වර්තමානයේ ජීවත් වෙන්න. මේ මොහොතේ සිහිය පිහිටුවන්න. වෙනස් කළ නොහැකි අතීතයක් ගැන හෝ තාමත් එළඹිලා නැති අනාගතයක් ගැන දුක් නොවී ඉඳ මේ මොහොතට එන්න.

1️⃣3️⃣ත්‍යාගශීලීත්වය ( Generosity )

තවත් කෙනෙක්ට දෙන්න, ඒ කියන්නෙ දානය, දීම ප්‍රගුණ කරන්න. තමන්ට ලැබෙන ආදායමෙන් කොටසක් තවත් කෙනෙක්ට යහපතක් වෙන අයුරින් දානයක් විදියට දෙන්න අමතක කරන්න එපා.

1️⃣4️⃣ තමන් තමන්ව විශ්වාස කිරීම ( Confidence )

තමන්ගේ හැකියාවන් සහ ශක්තීන් තදින් විශ්වාස කරන්න. ඔයා ඔයාව විශ්වාස කරන කොට  අනිත් හැමදේම ඔයාට ගැලපෙන විදියට ඉබේම හැදෙනවා.

1️⃣5️⃣ අවංකත්වය සහ අඛණ්ඩතාවය ( Integrity & Consistency )

තමන්ගේම අවංක ප්‍රතිපත්ති දිගටම පවත්වා ගැනීම. අවංක ජීවිතයක් ගත කිරීම. මොනම හේතුවකටවත් තමන්ගේ ජීවිතය තුළ  අවංකත්වය අත් නොහැර ගැනීම. ඒවගේම අඛණ්ඩව තමන්ගේ කටයුතු කරගෙන යාම. කරන වැඩක් එක දිගට කරගෙන යන්නට හැම මොහොතකම තමන්ව පුරුදු කරන්න.

1️⃣6️⃣ඉලක්ක ගොඩනගා ගැනීම ( Goal Setting )

ඔයාට ඇත්තටම අවශ්‍ය මොනවද කියලා හරියටම හඳුනාගෙන ඉලක්ක හඳුනාගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න සහ සැලසුම් කරන්න පටන් ගන්න.

නිතරම මං ඔයාව වෙනස් කරගන්න කියල කියන්නෙ, සහ ඔයාව දියුණු කරගන්න කියලා කියන්නේ, අපිව වෙනස් කරගත්තොත් අපේ ජීවිත තුළට ලැබෙන්න තියෙන සාර්ථකත්වය අනිවාර්යෙන්ම ලැබෙන නිසා.



No comments:

Post a Comment

මරණයට කැප වූ ඌරැ අම්මා ගැන ඇත්ත ඇති සැටියෙන් කතා කරමු

  ඉහත සඳහන් රෑපයේ දැක්වෙන මරණයට කැප වූ ඌරැ අම්මා ගැන අනුවේදනීය  කතාව ස්ටැටිස්ටික්ස් සමඟ රියැලිස්ටික් ලෙස කතා කරමු. වැඩුන ගෑනු ඌරෙක් මාස හතරක...