Monday, February 26, 2024

අද හවසට මා හමු වනු මැනවී- රැඟුම් බලන්නට කලාගාරයේ - මැනිපියුලේටින් යනු කුමක්ද ? (ගීතයක් ඇසුරින්)

 "අද හවසට මා හමු වනු මැනවී- රැඟුම් බලන්නට කලාගාරයේ" 

කියන සුජාතා අත්තනායකගේ ගීතය (https://www.youtube.com/watch?v=H0JyTUzkxzI) අහම්බෙන් ඇහුව අද. මොන හේතුවකට මන්ද සුජාතා අත්තනායකගේ ගීත වලට මම කැමති නෑ, මේ ගීතයත් යන්තම් මුල් පද දෙකේ තාලය විතරක් මතක තිබ්බ එකක්, සෑහෙන කාලයකින් අහපු නැති නිසා ඇත්තටම පළවෙනි පාරට සුජාතා අත්තනායකගේ ගීතයක් රස වින්දේ කීප වරක්ම රිපීට් කරමින්. ඒ ගීතයේ විශේෂත්වය තමයි ඉතාම අනන්‍ය සිදුවීමක්/ඉල්ලීමක් ප්‍රස්තූතය වීම. එහි පද ලියවී ඇත්තේ මෙසේයි;

අද හවසට මා හමුවනු මැනවී

රැගුම් බලන්නට කලාගාරයේ

මගෙ මේ ඇරයුම ඉවත නොලා//

 

නර්තන රංගන සිතුවම් එනවා

ඔබ එහි රසවිදිනට මැලිවෙනවා

එක දවසක් හෝ ඔබ මා සමගින් 

රැගුම් බලන්නට යන්නට එනු මැන

 

කෙල්ලක සතු නිදහස සීමාවේ

සිතු සේ දිව ඇවිදින්නට බැරි වෙයි 

එහෙයින් ආවත් ඇරයුම පිළිගෙන

රැගුම් බලන්නට හවසට එනු මැන

 

අද හවසට මා.......


ගායනය - ආචාර්ය සුජාතා අත්තනායක 

පද රචනය - කේ. ඩී. කේ. ධර්මවර්ධන

තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්


ගීත ඕවර්තින්ක් කරන මම මේ ගීතයේ කාන්තාවගේ ඉල්ලීම ගැන හිතන්න යොමු උනේ නිරායාසයෙන්. ඇයගේ සහකරැවා රැඟුම් බලන්නට අකමැති ෆුට්බෝල් මැච් පිස්සෙක්නම්, ගේමර් කෙනෙක් නම්, නැත්නම් අයි ටී වගේ ෆීල්ඩ් වල ඉන්න ඇතැම් ටෙක් ජීනීයස්ල ඉන්නෙ ස්ටෙම් වලින් මෙහා ජීවිතයක් නැති, එහෙම එකෙක් නම්, ෆිෂින් ට්‍රිප් ගිහින් පැය ගණන් බකන්නිලාගෙන මාළු බාන එකෙක් නම්,  ඉතින් රැඟුම් බලන්නට අකමැත්තෙන් ඉද්දි බලහත්කාරයෙන් එන්න කියන්නෙ ඇයි? එතකොට ඒ කොළුව මේ කෙල්ලට ඔය විදිහට බල කරොත් අනේ අහවල් බේස්බෝල් මැච් එක බලන්න එන්න, අහවල් වීඩීයෝ ගේම් එක ප්ලේ කරන්න එන්න, අහවල් ටෙක් ස්පීච් එක අහන්න එන්න කියල, මේ කලාකාමී ගර්ල් අකමැති වෙයි නේද? ඉතින් මේ ගීයේ දෙවන කොටසේ ගර්ල් ඉල්ලීම ජස්ටිෆයි කරන්නෙ 1. ඔයා මම කළින්  කියපු රැඟුම් එකකටවත් එන්න මැළි වුනා ඒක නිසා මේකටවත් එන්න 2. ගෑනු ළමයෙකුට සමාජයේ කැමති ලෙස නිදහසේ ඉන්න අමාරැයි ඒක නිසා මාව රෙස්කියු කරන්න, යන කාරණා දෙක කියල. 

ඔයා මම කළින්  කියපු රැඟුම් එකකටවත් එන්න මැළි වුනා ඒක නිසා මේකටවත් එන්න කියන එකෙන්ම පේනව ඒකා රැඟුම් බලන්නට පොඩ්ඩක්වත් ආස නැතිම එකෙක් කියල, ඒක තේරැම්ගන්නව වෙනුවට මේකි  ගිල්ට් ට්‍රිප් කරන්න හදනව ගෑනු ළමයෙකුට සමාජයේ කැමති ලෙස නිදහසේ ඉන්න අමාරැයි ඒක නිසා මාව රෙස්කියු කරන්න රැඟුම් බලන්නට එන්න කියල. ඉතාම ආත්මාර්ථකාමී ලෙස අනිකාට බල කරන එක සහ ඒ සඳහා ගිල්ට් එම්පති ෆියර් ඇන්ගර් වගේ ඉමෝෂන්ස් යූස් කරන එක එතරම් හොඳ නෑ.

Manipulation is the exercise of harmful influence over others. People who manipulate others attack their mental and emotional sides to get what they want. The person doing the manipulating, called the manipulator, seeks to create an imbalance of power. They take advantage of you to get power, control, benefits, and/or privileges. 

මම හිතන්නෙ මේ සම්බන්දෙ හෙල්ති වෙන්න නම් මේ ගෑනු ළමය සහ එයාගෙ බෝයි හොයාගන්න ඕනෙ දෙන්නටම විනෝද වෙන්න පුළුවන් විනෝදාශයක්, ඒ අතරම ගර්ල් තනියම/යාළුවන් එක්ක එයා ආස කරන රැඟුම් බලන්නට යන්න පෞරැෂයක් හදා ගන්න ඕනෙ අර මනුස්සයගෙ ඔළුව නොකා, බෝයි ඒකට ඉඩ දෙන්න ඕනෙ, ගර්ල් තමන්ගෙ නිදහස අවභාවිතා නොකරන විනයක් පරිණතකමක් තියෙන්න ඕනෙ. 

හැබැයි මේක ලියල තියෙන්නෙ කෙල්ලෙක් නෙමේ කොල්ලෙක්, ඒකෙත් හැටි.

රැඟුම්  කිව්වම එක එක ජාතියෙ එව්ව තියෙනවනේ, පවරොටිගේ ෂෝ එකකයි ("Nessun dorma"   https://www.youtube.com/watch?v=cWc7vYjgnTs), ෆ්ලැමෙන්කෝ ඩාන්ස් එකක්ද (https://www.youtube.com/watch?v=VtSjPxKn3vs), whirling dervish ඩාන්ස් එකක්ද (https://www.youtube.com/watch?v=kVykC5En59g), Zaouli ඩාන්ස් එකක්ද (https://www.youtube.com/watch?v=5fSQAQ-GOzw), රෂියන් ඩාන්ස් එකක්ද (https://www.youtube.com/watch?v=gwbcTYQ84dU),  ටහිටි ඩාන්ස් එකක්ද  (https://www.youtube.com/watch?v=hL4A4iKIXqk) ආදී ලෙස. මේ හැම ඩාන්ස් එකක්ම රස විඳින්නට තරම් ඉහළ රසඥතාවයක් ඇති කර ගැනීම වැදගත්. කුඩා කාලයේ දිව ආස එකම රස පැණි රස උනත් අත්දැකීම් සමඟ ඉතා සකීර්ණ රසවල් විඳින්නට අපි ඉගන ගන්නේ නොයෙක් කෑම රස බලා රසඥතාවය ඉහළ දමා ගැනීමෙන් වගේ. 


No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...