Tuesday, February 13, 2024

ගීත පිළිබඳ රසවත් මතක

චන්ද්රකුමාර කඳනාරච්චි මහතා ගායනා කරන ඇගෙ සිනහව තහනම් (https://www.youtube.com/watch?v=BW2EOywh5Ys)  ගීතය රචනා කරල තියෙන්නෙ කේ ඩී කේ ධර්මවර්ධන මහතා විසින්, තනුව උපාලි කන්නන්ගර මහතාගේ. මේ ලස්සන ගීතයේ පද තියෙන්නේ මෙහෙම.  

ඇගේ සිනහව තහනම්

ගෙදරින් මට තහනම්

සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්

චර පුරුෂයෝ දැන්

මා වටලා

යන එන හැම තැන් මුර දාලා

යන එන හැම තැන් මුර දාලා


යාබද නිවසේ ඇය ඉන්නේ

එනමුදු ගව්වක දුර වැන්නේ

එනමුදු ගව්වක දුර වැන්නේ

යාබද නිවසේ ඇය ඉන්නේ


පෙළපත කුල ගොත වෙනස්වෙලා

නෑදෑ පිරිවර හරස් වෙලා

නෑදෑ පිරවර හරස් වෙලා

පෙළපත කුල ගොත වෙනස් වෙලා


මගේ රැඩිකල් නැන්ද ඒ ගීතයේ අවසාන කොටස මේ විදිහට වෙනස් කලා.

පෙළපත කුල ගොත වෙනස්වෙලා

නෑදෑ පිරිවර හරක් වෙලා

නෑදෑ පිරවර හරක් වෙලා

පෙළපත කුල ගොත වෙනස් වෙලා

පෙළපත කුල ගොත හොයන නෑදෑ පිරිවරට හරක් මිස වෙන මොනා කියන්නද? කේ ඩී කේ ධර්මවර්ධන මහතා උනත් එකඟ වේවි. නැන්දේ ඔබට මගේ උත්තමාචාරය!

මගේ පට්ට නර්ඩි යාළුව දවසක් හරි කණස්සල්ලෙන්. බැළින්නම් මර්වින් පෙරේරා සහ අමිතා වැදිසිoහ ගායනා කරන එක මොහොතක් ඔබ සෙවනේ හිඳින්නට තරම් ගීතයේ (https://www.youtube.com/watch?v=HBDc2hXhzVU) සයන්ටිෆික් එරර් එකක් අහු වෙලා. මේ ගීතය රචනා කලේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා, සන්ගීතය මර්වින් පෙරේරා මහතාගේ. 

ප්‍රේමකීර්ති ලියල තියෙන්නෙ,  

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම්

කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්... කියල.

කල්පයක් කියන්නෙ ලොකු කාලයක්, ඒ නිසා කල්පයකින් අසුරු සැණක්  කියන්නෙ පට්ට දිග කාලයක්. හරිනම් ඕක තත්පරයකින් අසුරු සැණක්  හෝ එවැනි කුඩා කාලයකින් අසුරු සැණක් වෙන්න එපෑ මගේ පට්ට නර්ඩි යාළුව විස්තර කලා. ඇත්ත නේන්නම් මට කියවුනා.  

සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වූ මුලදී තමයි මම සනත් නන්දසිරි මහතා ගැන "හිතන්නට" පටන් ගත්තේ. සමහර ගායක ගායිකාවෝ ඉන්නව අපි එයාලට කැමතිත් නෑ අකමැතිත් නෑ අපට ඔවුන් ගැන දැන ගන්නට උවමනාවකුත් නෑ මොකද සෙලබ්‍රිටි ක්‍රෂ් එකක් නැහැ. සනත් නන්දසිරි මහතාත් මට ඒ වගේ ඔහු අභාවප්‍රාප්ත වන තෙක්ම. නමුත් ඔහු අභාවප්‍රාප්ත වූ පසු මම ඒ පවුලේ හැම තොරතුරක්ම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ හෙව්වා, මට ඔහු ගැන ලොකු  සෙලබ්‍රිටි ක්‍රෂ් එකක් පහළ උනා. ඒකට හේතුව ඔහුගේ සමහර ගතිගුණ. උදාහරණයකට, ඔහුගේ බිරිඳ මල්කාන්තිට ඔහු දැක්වූ ආදරය සහ ගෞරවය හරිම සියුම් ලෙස බලනකොට මහත් විසාලෙට පෙනෙනවා. ඔහු යුග ගීත ගැයුවේ බිරිඳ මල්කාන්ති සමඟ පමණමයි. ඔහු හැම විටම විහිළුවෙන් මල්කාන්ති බයිට් කරන ආකාරය යටින් ඒ ආදරය මම දකිනවා, වරක් වැඩසටහනකදී මල්කාන්ති එල්විස්ට ගොඩක් කැමති නිසා කිරිගොට්ට එල්ලන තැන එල්විස්ගේ ඡායාරෑපයක් තියා ගෙන ඉන්න බව කිවවා, ඒ වැඩසටහන stand up comedy වැඩසටහනටත් වඩා හිනා යන එකක් (https://www.youtube.com/watch?v=RcDtGPnpxfI). ඔහු මුල් යුගය් ගායනා කල මා හද අසපුව ගීතය ලිව්වේ කරැණාරත්න අබේසේකරයන්. කරැණාරත්න අබේසේකර සනත් සහ මල්කාන්තිගේ ලව් හුටපටය දැන ගත් අළුත ඒ ගීතය ලියා තිබෙන්නේ. සනත් වැඩසටහනකදී කියූ පරිදි කරැණාරත්න අබේසේකර ඔහුගේ අනුමැතිය හා ආශීර්වාදය ඔවුන්ට දුන්න ආකාරය තමා ඒ ගීය. 

මා හද අසපුව කුසුමෙන් සැරසුණු

ඒ මල් බර දෑතයි..

ජීවන මහමඟ කැල්මෙන් හෙලිකල

ඒ නිල්මිණි දෑසයි

දකින තුරු - සිතදැඩි අවිවේකයි..

හොඳට බලන්න, ඒ මල් බර (මල්) දෑතයි.. ජීවන මහමඟ කැල්මෙන් (කාන්ති) හෙලිකල.. ඒ ගීතය මල්කාන්තිටම ලියැවුන එකක්.

සෙනෙහස පොදි බැඳ හිසින් දරා

සැනසිලි පිණි දිය රැගෙන පෙරා..//

සැතපෙන කුටියට ඇය ආ අන්දම

සුවඳ සිහිනයකි භවය පුරා...


මා හද අසපුව...


මුවින් අමොද බිදු, බිදු වෑහේ..

සිතුම් පැතුම් එකිනෙක පෑහේ..//

දායාදය ලෙස අබැටක් නොපතමි

ඇගෙ නොකැළැල් හද මට සෑහේ..


No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...