Thursday, December 7, 2023

ටොක්සික් භාවය සාධාරණීකරනය කරමින් දායක සභා චූන් කිරීම

 සමාජ මාධ්‍ය වල යම් ජනප්‍රියත්වයක් ලබපු චරිත හරිම ආස දෙයක් තමා දායක සභා චූන් කරන එක.විද්‍යුත් දායක සභා නොතිබුනු එදා සිටම හාන්දුරැ සෙට් එක ගිහියන්ව අන්දවන්න හැම පව්කාරයවම "පින්වතුනි" යනුවෙන් ආමන්ත්‍රණය කරන එකත් දායක සභා චූන් කිරීමක්.  

මේ සඳහා තිත්ත ඇත්ත හිතා මතාම යටපත් කරල රසවත් නමුත් පට්ට කෙබර තමන්ගෙ මත ලෙස දායක සභා වලට අත හරිනව. අද රසික ජයකොඩි සහ  අනීශා ජයකොඩි යන ජයකොඩි ඩබලම තමන් නොදන්න මඟුලක් වන ටොක්සික්භාවය ගැන ට්‍රැක් පෝස්ට් දෙකක් දාල.  මුන් දෙන්නම විද්‍යාත්මකව මේ ගැන මෙලෝ අල බෝලයක් හොයල බලන්නැතුව කරපු මේ පජාත වැඩේ නිසා ක්‍රෙඩිබිලිටි එක නැති කර ගත්ත. මෙවැනි මාතෘකාවක් කතා කරන්න තමන්ට දැනුමක් නැත්නම් එක්කො ඉගෙනගෙන කතා කරපල්ල. වාසනාවකට දායක සභා ඒ තරම් ගොන් නැහැ. Narcistic personality disorder, Psycopathic disorder, Sociopathic disorder,  Morbid jealousy වගේ දේවල් ගැන මුන් දන්නෙම නැද්ද?










මේ වගේ කපටි, තමන්ගෙ මතය වැරදි බව ඒ ගැන බුද්ධිමත්ව කතා කරපු මිනිස්සුන් කිහිපදෙනා එක්ක ඉහත පරිදි පෞද්ගලික මට්ටමින් පිළිඇරන් තිබුනට පෝස්ට් එක සන්ශෝධනය නොකර එහෙමම තියා ගන්නව. මොන තරම් බලුද? මේව කියවල අඥේ ඇත්ත කිය කියා හුරේ දාන ගොන්නු තමා සීයට අනූනමයක් ඉන්නෙ ඉතින් මුන් කේටර් කරන්නෙ අර බුද්ධිමත් 1% ට නෙමේ ගොබ්බ 99%ට. 

මගේ කළින් පෝස්ට් එකක මම මෙහෙම කිව්ව;

මම බස් රථයක සිටියදී ඒ රථයට නැග මගේ කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස මා වැනිම ගොදුරක් සොයා තව බස් රථයකයකට නගිනා මිනිසෙක්, පහත් හැසිරීම් සහ ආකල්ප ඇති අයෙකු බව මම නීරෝගී මනසක් ඇති කෙනෙක් නම් මට වැටහිය යුතුය.ඒ අනුව ටොක්සික් මිනිසෙක් යන වචනය මම දන්නේ නැති විය හැකි උනත් ටොක්සික් මිනිසෙක් කියන්නේ මොකක්ද යන්න මම හඳුනයි. කවුරැහරි කාන්තාවක් ඒ සිද්ධියට මුහුන පෑ පසු සතුටක් ලබනවා නම් ඒකෙ තේරැම රථයට නැග කණට ලන් වී කුණුහරපයක් කියා ඒ රථයෙන් බැස තව බස් රථයකයකට නගිනා මිනිසා නෝමල් යන්න නොව එම කාන්තාව මානසිකව නිරෝගී නැත යන්නයි. 

අනීශා, ඔයාගෙ ගොබ්බ පෝස්ට් එකේ දෙවනි කෙල්ල මානසිකව නිරෝගී නැහැ, ඒ මිසක ඒ මිනිහ ටොක්සික් නැහැ නොවේ.


Toxic මිනිස්සු ..

“මගෙ  boyfriend හරිම toxic ,මම තනියම එළියට යනවට කැමති නැහැ ,හැම වෙලේම නූල් බෝලෙ වගේ මගෙ අස්සෙම එතිලා ,මෙයා එක්ක ඉද්දි මට කියල ජීවිතයක් ඇත්තෙම නෑ ,මේ වගේ toxic කොල්ලෙක්  නම් කිසිම කෙල්ලෙකුට හම්බෙන්න එපා ...”

දවසක් සෙෂන් එකකදී එක ගැහැණු ළමයෙක් තමන්ගෙ toxic relationship එක ගැන කිව්වෙ එහෙම,

දෙන්නගෙ නොගැලපීම ඒ දෙන්නම තේරුම් අරන් ඒ සම්බන්ධෙ ඉවර වුනා ,

අද තව ගැහැණු ළමයෙක් එයාගෙ පෙම්වතා ගැන කථාවක් කිව්වා ..

“මගෙ boy friend පුදුම මනුස්සයෙක් ,ඒ තරම් කෙයාරින් දන්න පිරිමියෙක් මට මගෙ ජීවිතේට මුණ ගැහිලා නැහැ ,මම තනියම එලියට යනවටවත් එයා කැමති නෑ ,මන් එක්කමයි ඉන්නේ ..මගෙ ජීවිතේ පිරිමියෙක් ගැන තිබ්බ එකම හීනෙ වෙලා තිබ්බ එහෙම නූල් බෝලෙ වගේ ඉන්න පිරිමියෙක් ,ඒ අතින් මන් හරිම වාසනාවන්තයි ..”

ඇත්තම කිව්වොත් මේ දෙන්නම ඒ දෙන්නට අනුව නිවැරදියි ….

ආදරේ ගැන විතරක් ලිව්වට toxic කියන  වචනෙ පාවිච්චි වෙන අනිත් තැන් වලදිත් අන්තර්ගතය මේකම තමයි ..

“Toxic මිනිස්සු” කියන්නෙ මෙහෙම මිනිස්සුන්ට කියල නිර්ණායක දෙන එක හැමවිටම නිවැරදි නැහැ ,මොකද කෙනෙක්ට toxic විදිහට දැනෙන දෙයක් තව කෙනෙක්ට එහෙම නොවෙන්න පුළුවන් ..

"යම් කිසි කෙනෙක්ගෙ හැසිරීමක් නිසා තමාට අපහසුවක් දැනෙනවා නම් හෝ කෙනෙක්ගෙ  හැසිරීම ඔබේ ජීවිතයට නිෂේධාත්මක බවක් සහ කැළඹීමක් එක් කරයි නම් අන්න ඒ කෙනා තමාට සහ තමාගෙජීවිතයට toxic විදිහට බලපාන කෙනෙක් .."

හැබැයි ඒකෙ තේරුම එතනින් එහාට අන්න අරයා " toxic මිනිහෙක්" කියල ඒ මනුස්සයට බෝඩ් එකක් ගහන්න පුලුවන් කියන එක නෙමෙයි .

අපි හැමෝම ළඟ අඩු වැඩි වශයෙන් toxic ගති ගුණ තියනවා ,ඒවා එක එක අය ලඟදි එක එක ප්‍රමාණයන්ගෙන් එළියට එනවා ,සමහරු ඒවා දරාගන්නවා ,තවත් සමහරු ඒවා දිහා බලා ඉන්නවා ,තවත් සමහරු ඒවා ප්‍රතික්ෂේප කරනවා ....

තවත් සරළව කිව්වොත් මේ ලෝකෙ toxic මිනිස්සු කියල වෙනම ජාතියක් නැහැ ,

අපි එකිනෙකාගෙ රුචි අරුචි කම් අනුව අපිටමිනිස්සුන්ගෙ  toxic කම් අපිට දැනෙනවා ..

අපිවත් නොදන්නවා උනාට අපි හැමෝම කාට හරි,කොහෙදි හරි  toxic මිනිස්සු වෙලා තියනවා ,  ඒක තමයි ඇත්ත  💜

අනිශා ජයකොඩි ✍️

4 comments:

  1. මෙතැන මට තේරේන විදිහට ප්‍රධාන වශයෙන්ම උලුප්පා ගන්න හදන්නේ ටොක්සික් ගතිගුණ වල ස්කේල් එක නේද, නැතිනම් සාපේක්ශ බව නේද?,මට මතකයි මීට කලින් පෝස්ට් එකකදි ඔබ තුමියම මේ ඇතැම් ගතිගුණ ඒ ඒ පුද්ගලයා අනුව ටොක්සික් වෙන හැටි ගැන ස්කේල් ඩයග්රම් එකක් ඇසුරින් පැහැදිලි කරන්න උත්සහ ගත් බව. -Mayya

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නෙ හැම දේම පටලවල ටොක්සික් භාවය තනිකරම සාපේක්‍ෂයි කියල. අනීශා කියන්නෙ මනෝ උපදේශිකාවක්ලු හැබැයි වෘත්තිකයෙක් විදිහට මනෝවිද්‍යාත්මකව සම්පූර්ණ වැරදි අදහස් කියන්නෙ.

      Delete
    2. නිරපේක්‍ෂ සහ සාපේක්‍ෂ කියල ටොක්සික් දෙකක් තියෙන බවයි මම ලිපියෙ කිව්වේ

      Delete
    3. අනිත් කාරණේ තමයි තමන් කිසියම් මතවාදයක් වෙනුවෙන් පෙනී ඉන්නව නම් ඒකට 100% පටහැණි තර්කයක් තර්කානුකූළව බිඳ දමන්නැතුව හරි පිළිඇරන් පෝස්ට් එක එඩිට් නොකර ඔව් නේද ඒකත් හරි වගේ නේද ගගා ශේප් කරන්නෙ නෑ.

      Delete

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...