Friday, October 4, 2019

කුඩා කිරිකු සහ නපුරැ මන්තරකාරියගේ අන්දරය (Kirikou and the Souceress)

කිරිකු උපන් ගම (http://creativeroots.org/wp-content/uploads/2011/09/African-folktale-Kirikou-and-the-Sorceress-.png) (10.1.2019)

ඔන්න එකෝමත් එක කාලෙක ඈත ඈත අප්‍රිකාවේ කුඩා ගම්මානයක දුගී පැලක ජීවත්වුනු ගැබිනි කාන්තාවකට දවසක්දා කුළුඳුල් දරැ පැටියා ලැබෙන ලකුණු පහල වුනා. ඒත් ඇයට උදව්වටවත් කවුරැවත් ආවේ නෑ, අඩුම තරමේ ඇගේ සැමියාවත් ලඟ පාතක නෑ. මේ කාලය වෙද්දි කරබා කියන මන්තරකාරියගේ ශාපය වැදී ඒ කුඩා ගම්මානය ආලපාළු වී තිබුනේ. ගමට තිබුනු එකම ජල උල්පත සිඳිලා, ගැහැනුන්ට වතුර සොයාගෙන බොහෝ දුරක් යන්නට සිදු වුනා. මේක මන්තරකාරියගේ ශාපයක් නිසා සිද්දවුනු දෙයක්ළු. ඒ විතරක්ද, කිරිකුගේ පියා ඇතුළු ගමේ සියලුම පිරිමින් පාහේ  මන්තරකාරිය සමග සටනට ගොස් අතුරැදන් වෙලා. ආරoචියෙ හැටියට නම් මන්තරකාරි එයාලව මරාගෙන කාල. ගමේ පිරිමි ටික නැතිව වගා පාළු වෙලා, ආරක්ශාව නැති වෙලා, දරැවන්ට මොනවහරි කන්න දෙන්න අම්මලාට දහදුක් විඳින්නට වෙලා, කොටින්ම ගමම කඩා වැටෙන්නට ඔන්න මෙන්න වගේ. මුළු ගමම බයෙන් වේදනාවෙන් තැතිගෙන තිබූ නරකම කාලයකදී තමයි ඇයට දරැවා ලැබෙන්නට ආසන්න වෙන්නේ, ඉතින් ඒකයි ඇය ලඟ අද කාත්කවුරැවත් නැත්තේ. ගමේ ඉතිරිවුනු පිරිමි කීපදෙනා අතර සිටින ඇගේ බාලම සහෝදරයා අද යනවා මන්තරකාරි සමඟ සටනට. ඇයට හිතෙන්නෙම අනිත් පිරිමින්ට උනා වගේ ඔහුත් මන්තරකාරියගේ තවත් එක් කෑම වේලක් වේවි කියල. එහෙම හිතල දුක් වෙවී ඉන්න අතරවාරේ තමයි ඇයට විළිරැදා හැදෙන්නේ.

දරැ ප්‍රසූතියෙන් පස්සේ ඇය දකිනවා ඇගේ දරැවා සාමාන්‍ය දරැවෙකුට වඩා ප්‍රමානයෙන් ඉතා කුඩා බව. ඇයව පුදුමයට පත් කරමින් දරැවා ඉපදිච්ච ගමන්ම කතා කරන්නට පටන් ගන්නවා. දරැවා ඇයට කියනවා ඔහුගේ නම "කිරිකු" කියලා. දරැවා අහනවා තාත්තා කොහේද කියලා. ඉතින් අම්මට කරබා මන්තරකාරිය තාත්තව මරාගෙන කාපු බව කුඩා කිරිකුට කියන්නට සිදු වෙනවා. අම්මගෙ බාලම සහෝදරයා අද මන්තරකාරිය සමඟ සටනට යන බව අසා දැනගත් කිරිකු තම මාමා සමඟ කරබා මන්තරකාරිය බැහැ දැකීමට යන්න තීරණය කරනවා. ඉතින් මේ කුඩා සිරැර නිසා ගමේ හැමෝගෙම හිනාවට ලක් වන කිරිකුට පුළුවන්ද මන්තරකාරි මෙල්ල කරන්න?
කිරිකු සහ කරබා මන්තරකාරිය (http://blog.acis.com/wp-content/uploads/2016/06/kirikou-et-la-sorciere.jpg) (10.1.2019)

මා නැරඹූ මානවදයාවෙන් සහ යහපත් පරමාදර්ශයන්ගෙන් අනූන මේ කාටුන් චිත්‍රපටය ඉතාම රසවත් සහ ගුණාත්මක නිර්මාණයක්. Rotten Tomatoes නම් ලොව ප්‍රමුඛ පෙලේ දර්ශකය අනුව 96% ලකුණු ලැබූ මේ කතාව බටහිර අප්‍රිකානු ජනකතාවකට අනුව මයිකල් ඔසෙලොට් අධ්‍යක්‍ෂනය කර 1998 දී බිහිවුනු ප්‍රoශ නිර්මාණයක්. ඔබට YouTube මඟින් එය නැරඹීමට හැකියි. අවුරැදු විස්සකට වඩා පරණ වුවත් රසයෙන් කිසිම අඩුවක් නැති මේ කතාව ඩිස්නි කාටූන්/ඇනිමේශන් චිත්‍රපටි වලට වඩා මම හරිම ආසාවෙන් නැරඹූ කතාවක්.

මේ කාටුනයේ ඇති අප්‍රිකානු ගමේ මිනිසුන් සහ එහි ගහකොළ සතා සීපාවා පවා ඉතාම තාත්වික ලෙස නිර්මාණය කර තිබෙන අයුරැ ප්‍රශසනීයයි. ගහකොළ ඇත්තටම අප්‍රිකානු ඒවා හදාරා නිර්මාණය කිරීමේදී කුඩා details වලට පවා අවධානය දී ඇති බව පෙනෙනවා. එමෙන්ම ඉතාම සුන්දර අප්‍රිකානු ගැමි සoගීතය මෙම කතාවට යොදාගෙන තිබෙනවා. සමහර අප්‍රිකානු සමාජවල වගේ මේ කතාවේ කාන්තාවන්ගේ උඩුකය නිරැවත්, නමුත් බුද්ධිමත් ඔබ එය පටු චින්තනයෙන් එය වරදවා වටහාගෙන ඔබේ දරැවාට මෙවැනි අගනා ජාත්‍යන්තර නිර්මාණ රස විඳීමට බධාවක් කර නොගනී යැයි සිතනවා. කිරිකුගේ හපන්කම් සහිත තව ලස්සන චිත්‍රපට දෙකකුත් තිබෙනවා, ඒවා තමයි Kirikou and the men and women සහ  Kirikou and the wild beasts.





No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...