Monday, August 26, 2019

මපොගෝ සිoහ සන්ධානය (Mapogo lion coalition)



උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://i.pinimg.com/736x/39/0e/b6/390eb68c0e3a 762ba87f4ec62c687b1f--mapogo-lions-blood-brothers.jpg (8/24/2019)

ශ්‍රී ලoකා ජාතික ධජයේ පවා සිoහයෙක් ඉන්න නිසා කුඩා කාලයේ සිටම සිoහයන්ට මම හරිම කැමතියි. කැලේ රජා සිoහයා කියලයි අපිට කියල දීල තියෙන්නේ. මම කුඩා කාලයේ මෙන්ම මෑතක් වෙනකල්ම හිතාගෙන හිටියේ පිරිමි සිoහයා හරිම කම්මැලි, අලස ජීවිතයක් ගත කරනවා කියලා, මොකද බොහෝ වේලාවට දඩයම් කරන්නේ රැළේ (pride) ඉන්න ගැහැනු සතුන් නිසා. ඒ විතරක් නෙමෙයි පැටවුන්ව බලා කියා ගන්නෙත් ගැහැනු සතුන්. සිoහයාට අභියෝග කිරීමට කළේ සිටින අනිත් සත්තු බයයි.  ඉතින් මම හිතුවේ මේ ලෝකේ සැපටම ජීවත් වෙන සතා පිරිමි සිoහයා කියලා. වැඩිදුරටත් හොයල බලද්දී තමයි මට තේරැනේ පිරිමි සිoහයාගේ ජීවිතය සතුන් අතර ඇති ඉතාමත් කටුකම ජීවිතයක් කියලා. මේකට හේතුව පිරිමි සිoහයන් අතර භූමිය සහ සිoහ ධේනුවන් අයිති කර ගැනීමට ඉතා විශාල සහ බිහිසුණු තරඟයක් තිබීමයි. මේ තරඟය කොතරම් තීව්‍රදැයි කියනවානම් කුඩා පිරිමි සිoහයන් යන්තම් ගැටවර වියට පත්වෙනකොටම පියා/පියවරැන් විසින් රැළෙන් පන්නා දමන්නේ ඔවුන් තම නායකත්වයට තර්ජනයක් ලෙස සළකමින්. අනතුරැව මෙම ගැටවර පිරිමි සිoහයන් වැඩිහිටියන් බවට පත්වෙනතුරැ ඉතා දුකසේ තැන තැන යමින් ජීවත්වන (nomadic) ජීවිතයක් ගත කරනවා. ගැටවර පිරිමි සිoහයන් කුළු හරකුන් වැනි ලොකු සතුන් දඩයම් කිරීමට තරම් ශක්තිමත් මදි වගේම ඔවුන්ට දඩයම් උපක්‍රම සහ අත්දැකීම් අඩුයි. ඒ නිසා බොහෝ විට නරක් වූ මළකුණු මත යැපෙන්නට සහ ඇතැම් විට හාමතේ සිටින්නටත් ඔවුන්ට  සිදු වෙනවා. වඩාත්ම නරකම දේ තමයි වැඩිහිටි සිoහයෙක්/සිoහයන් කිහිප දෙනෙක්ගේ අඩවියකට (territory) ඇතුළු වුනොත් දරැණුලෙස පහර කෑමට සිදු වීම. මේ පහරකෑම් වලින් සිදුවන තුවාළ සමහරවිට මාරාන්තික නොවුනත් දුබල ශරීරයක් සහිතව සතුන් දඩයම් කිරීමට අමාරැ නිසා හාමතේ මිය යෑමට පවා පුළුවන්, නැතිනම් හයිනාවන් ඇතුළු සතුරන් අතින් මියයාමට හැකියි. සිoහ ධේනුවන්ගේ අයිතියත් අඩවිය රකින වැඩිහිටි සිoහයා/සිoහයන් කිහිප දෙනාටයි. මේ සියළුම අඩවි මගහරිමින් පිටුවහලුන් ලෙස වසර කීපයක් ජීවත් වීම පහසු කරැණක් නෙමේ. ඔහොම සෑහෙන කට්ටක් කන ගැටවර පිරිමි සිoහයන් අතරින් නොමැරී ඉතුරැ වුන අය පසුව වැඩිහිටියන් බවට පත්වෙනවා. අනතුරැව ඔවුන් කිසියම් අඩවියක් රකින වැඩිහිටි සිoහයා/සිoහයන් කිහිප දෙනාට සටනට අභියෝග කරනවා. මෙහිදී අඩවිය රකින වැඩිහිටි සිoහයා/සිoහයන් කිහිප දෙනාට එක්කෝ අභියෝගය භාරගන සටන් කිරීමට නැතිනම් අඩවිය අතහැර ජීවිතාරක්‍ෂාව පතා පළා යෑමට පුළුවන්. සටනින් අලුත් සිoහයා/සිoහයන් දිනුවොත් අඩවිය සිoහ ධේනුවන්ගේ අයිතියත් සමගම  ඔවුන්ට ලැබෙනවා. ජීවිතාරක්‍ෂාව පතා පළා ගියොත් ගැටවර කාලයේ ජීවත්වූ පරිදි පිටුවහලුන් ලෙස ඉතා දුකසේ තැන තැන යමින් මහළුවිය ගෙවා දැමීමට සිදු වෙනවා. ඉතාම කණගාටුදායක කරැණ නම් මෙම අවස්ථාවේ අලුත් සිoහයා/සිoහයන් අඩවිය අත්පත්කර ගතහොත් පරණ නායකයාට දාව ඉපදුනු සියළුම පැටවුන් අලුත් නායකයන් විසින් සමූළඝාතනය කිරීමයි. මෙම හැසිරීමට හේතු ලෙස තම සතුරාගේ ජාන ඉදිරි පරම්පරාවට යාම වැලැක්වීමත් පැටවුන් සිටින සිoහ ධේනුවන්ගේ හෝමෝනමය වෙනස්කම් නිසා ප්‍රජනනයට ඇති අකමැත්ත පැටවුන් මරා දැමීමෙන් පසු නැතිවීමත් දැක්විය හැකියි. ඉතින් එහෙම බලනකොට  පිරිමි සිoහයාගේ ජීවිතයේ මුල හා අග කාලය ඉතාම ඛේදජනකයි නේද?

ආහාර අහේනියෙන් පෙළෙන මහළු සිoහයෙක් (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-https://i.dailymail.co.uk/i/newpix/2018/05/23/10/4C8C48F700000578-5761375-Photographer_Larry_Anthony_Pannell_said_he_was_deeply_moved_by_s-a-15_1527067143829.jpg (8.25.2019)

සිoහයාගේ ජීවිතය ගැන ඉහත කෙටි හැඳින්වීම කලේ එය මගේ ලිපියේ අරමුණ වන මපොගෝ සිoහ සන්ධානය ගැන තේරැම් ගැනීමට අත්‍යාවශ්‍ය නිසායි. කුඩා පිරිමි සිoහයන් රැළෙන් පන්නා දැමූූ පසු ඇතැම් විට ඉතිරි ජීවිත කාලය පුරාම එක කන්ඩායමක් ලෙස කටයුතු කරනවා. තනිව ජීවත් වෙනවාට වඩා එය ඉතා වාසිදායකයි. බොහෝ විට මෙවැනි කන්ඩායමක සිoහයන් සහෝදරයන්/අර්ධ සහෝදරයන්. මේ විදියට කන්ඩායමක් ලෙස කටයුතු කල සිoහ සහෝදරයන් හය දෙනෙකුගේ එකතුවකිනුයි මපොගෝ සිoහ සන්ධානය බිහි වෙන්නේ. මපොගෝ යනු Zulu ජාතිකයන්ගේ භාෂාවෙන් බිහිසුනු (rogue) යන තේරැම ඇති වචනයක් (වෙනත් වඩා සoකීර්ණ අර්ථදැක්වීම්ද ඇත). සිoහයා යනු ස්වභාවයෙන්ම බිහිසුනු සත්වයකු වුවත් මෑතකාලයේ ජීවත් වූ බිහිසුනුම සිoහයන් ලෙස සැළකෙන්නේ මපොගෝ සොහොයුරන්. කණ්ඩායමේ නායකයා මෙන්ම වැඩිමල්ම සොහොයුරා මකුලු (Makulu/Makhulu). ඉතිරි පස්දෙනාගේ නම් තමයි Rasta, Dreadlocks, Pretty Boy, Kinky Tail (KT) සහ Mr.T. මොවුන්ට වෙනත් නම්ද ඇති නමුත් මෙම නම් වඩාත් ප්‍රකටයි සහ පහසුයි, ඒ නිසා මෙම නම් මමත් පාවිච්චි කරන්නම්. මොවුන් ජීවත් වුනේ දකුණු අප්‍රිකාවේ කෲගර් ජාතික උද්‍යානයට (Kruger National Park) අයත් Sabi Sand කළාපයේ. 2006 වසරේදී උතුරැ Sabi Sand කළාපයේ බලය අල්ලාගෙන සිටි සිoහයන් හතර දෙනෙකුට එරෙහිව යුධ ප්‍රකාශ කරන මපොගෝ සොහොයුරන් එම සටනේදී එයින් එක සිoහයෙකු මරා දමන අතර ඉතිරි සිoහයන් තිදෙනා පලා යනවා. මෙය ඔවුන්ගේ පළමු ජයග්‍රහනයයි. අනතුරැව දිගින් දිගටම වෙනත් අඩවි ආක්‍රමනය කළ මපොගෝ සොහොයුරන් අවසානයේ මුළු Sabi Sand කලාපයම දික්විජය කරනවා. අක්කර 170 000ක් විශාල මපොගෝ සොහොයුරන්ගේ බල ප්‍රදේශය වෙනත් සාමාන්‍ය සිoහයන්ගේ බල ප්‍රදේශ වලට වඩා ඉතා විශාලයි. සටන් වලින් සියයකට අධික සිoහයන් ප්‍රමානයක් ඔවුන් විසින් මරා දැමූ බවත් කෲගර් ජාතික උද්‍යානයේ සිoහ ගහනය 40% පමන අඩු වූ බවත් කියැවෙනවා. මේ සටන් වලදී ඉදිරියෙන්ම සිටි Mr.T සොහොයුරන් අතරින් වඩාත්ම නිර්භීත මෙන්ම සාහසිකම ඝාතකයා බව බොහෝ දෙනාගේ මතයයි.
Mr.T (උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-https://i.pinimg.com/originals/cc/2f/11/cc2f111ebcc56179bf5ac16bc9737d58.jpg (8.26.2019))

සිoහයන් පමනක් නොව  කෲගර් ජාතික උද්‍යානයේ සිටින අනිකුත් දුර්ලභ සහ වෙනත් සිoහයන් මරා දැමිමට මැලි වන විශාල සතුන් (ජිරාෆ්, රයිනෝසිරස්, හිපපොටේමස් ආදී) මපොගෝ සොයුරන් විසින් නිතර මරා දමා තිබෙනවා. මේ නිසා කෲගර් ජාතික උද්‍යානයේ පාලකයන් මපොගෝ සොයුරන්ගැන එතරම් පැහැදීමකින් නොවෙයි ඉඳලා තියෙන්නේ.

මපොගෝ සොයුරන්ට අවාසනාවන්ත යුගය උදා වුනේ 2010 වසරේදී. මේ වනවිට ඔවුන් තම අඩවිය දෙකට බෙදාගෙන පාලනය කල බව කියැවෙනවා. (ඊට හේතුව ලෙස බොහෝ තැන්වල සඳහන් වන්නේ නායක මකුලු සහ දාමරිකයා වන Mr.T අතර නායකත්වය සඳහා ඇති වූ බල අරගලයක් බවයි). අඩවියේ එක කොටසක් මකුලු, Rasta, Pretty Boy සහ Dreadlocks විසිනුත් අනිත් කොටස KT සහ Mr.T විසිනුත් පාලනය කල මේ කාලයේ මැජින්ගිලේන්ස් (Watchmen යන තේරැම ඇති නමක්) යන නමින් හැඳින්වූ පස් දෙනෙකුගෙන් සමන්විත සිoහයන් කණ්ඩායමක් Mr.T සහ KTට අභියෝග කරනවා. හරියටම 2010 ජූනි 6 වෙනිදා මැජින්ගිලේන්ස්  සිoහයන්ගන් එකෙකු මරා දැමීමට දෙසොහොයුරන්ට හැකි වුනත් එදිනම රාත්‍රියේ ඉතිරි මැජින්ගිලේන්ස් සිoහයන් සිවුදෙනා KTව අතිබිහිසුනු ලෙස මරා දමනවා. KT සහ Mr.T හැමවිටම එකටම සිටි නිසාත් Mr.T සටන් වලදී හැමවිටම පෙරමුණ ගන්නා නිසාත් එදා සටනේදී KTව තනි කිරීම පුදුමයක් බව බොහෝ දෙනාගේ මතයයි. එක කට්ටියක් කියන්නේ එම අවස්ථාවේ Mr.Tට උද්‍යානයේ පාලකයන් විසින් කිසියම් හේතුවකට නින්දයාමට බෙහෙත් විඳ තිබූ නිසා Mr.Tට එවෙලේ හරි සිහිකල්පනාවක් නොතිබූ බවයි. කොහොමවුනත් එම සිදුවීමෙන් පසු Mr.T අනිත් හතරදෙනාට එකතු වෙනවා. ඊලඟ ඛේදවාචකයට ඔවුන් මුහුණපාන්නේ 2010 ජූලි 9 වෙනිදා මැජින්ගිලේන්ස් සිoහයන් මරා දැමීමට පිටත්වූ Rasta නැවත නොපැමිනීම නිසායි. ඔහු අතුරැදහන්වූ අතර මැජින්ගිලේන්ස් සිoහයන් විසින් Rastaව මරාදමන්නට ඇතැයි විශ්වාස කරනවා. 2010 දෙසැම්බර් මාසයේදී Dreadlocks අතුරැදහන් වෙනවා. ඔහුව මිනිසුන් විසින් මරාදමන්නට ඇතැයි විශ්වාස කරනවා. සෙලටි (Selati) සිoහයන් හතරදෙනෙකු විසින්  Mr.Tව බිහිසුනු ආකාරයට මරා දමන්නේ 2012 මාර්තු 16 වැනිදා.මකුලු සහ Pretty Boyමෙන්  අඩවිය අතහැර ජීවිතාරක්‍ෂාව පතා පළා යෑමට පුළුවන්කම තිබුනත් අවසානය දක්වා නිර්භිතව නිර්භිතව සටන්කොට මියයාම Mr.T තෝරාගන්නවා. මකුලු සහ Pretty Boy පිටුවහලුන් ලෙස දුකසේ තැන තැන යමින් තවත් ටික කාලයක් ජීවත් වෙනවා. මකුලුගේ මරණය 2013 වසරේ සිදු වෙනවා. Pretty Boy මියගිය වසර සඳහනක් නැහැ. මෙම පුරාවත සදා සිහිවීම පිණිස අහසේ තරැ හයක් ඔවුන් නමින් නම්කර තිබෙනවා. රජුන් අතර රජුන් ලෙස කිරැළු පැළඳි මපොගෝ සිoහ රජුනි, ඔබේ පුරාවත සදා අමරනීයයි.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්- https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEir3AIzjC-eyRKGcEZcSOmmc8tZF3rnStLVNQyKr6QirJmKsHrtBSj6mGyEGo8T_9F09iwxjTJtvlIWlM2gMlMsLFQz7MFfTs2HbJQmvXBQ-7laWEMR8piQSKujG_YnS6TDDms56-qQkGrs/s1600/14102329_1578282929139849_955700553801775980_n.jpg (8.26.2019)

පහතින් දක්වා ඇත්තේ මපොගෝ සිoහයන්ගේ වීඩියෝ කිහිපයක ලින්ක්.
1. Most savage pack of lion brothers: https://www.youtube.com/watch?v=5yKacMaBxUg
3. Mapogo: The end of the mighty male lions: https://www.youtube.com/watch?v=6oRihvtj29U





No comments:

Post a Comment

සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා

පසුගිය ලිපියේ choose your battles  කියල කටගන්නටත් පෙර, පහුගිය දවස් වල වෛරල් ගියපු  විදේශ සන්චාරකයා සහ වීදි කොත්තු වෙළෙන්දා ගේ වීඩියෝව දැකපු ...